V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Monday, May 13, 2013

ජීවිතේ හමුවුන හොදම ගුරුතුමිය

මෙය වසර ගණනාවකට පෙර පාසලක පහළ පන්තියක ගුරුවරියක් මුහුන දුන් සිද්ධියකි. 

teacher-degree
ඇය 5 වසර පන්ති භාර ගුරුතුමිය වූ අතර නව වසරේ ඇගේ නව පන්තිය ඉදරියට පැමිනි ඇය ගුරුවරුන් පොදුවේ පවසන බොරුවක් ළමුන් හා පැවසූවාය.එනම් ඇය පන්තියේ ළමුන් සියලු දෙනාටම එක හා සමානව ආදරය කරන බවත් ඔවුන් සියලු දෙනා ඇයට එක හා සමාන බවත්ය...

ඇගේ මෙම වැකිය බොරුවක් වීමට ආසන්නතම හේතුව වූයේ පන්තියේ ඉදිරිපස පේලියේ වාඩි වී සිටි ටෙඩී නම් කුඩා පිරිමි දරුවාය.. සෑම දිනකම තම සිරුරට වඩා විශාල වූ අපිරිසිදු ඇදුම් හැද පාසලට පැමිනෙන ඔහු අසලින් සැර දහඩිය ගදක් පිටවූයේ ඔහු දිනපතා ස්නානය නොකරන නිසා විය යුතුය.. ඔහුට මිතුරන් සිටියේ නැත. විවේක කාලයේ අනෙක් දරුවන් ක්‍රීඩා කරන විට ටෙඩී සිටියේ හුදකලාව බලා ගත් වන බලාගෙනය..ගුරුතුමියගේ සිතේ මුලින් ඔහු පිලිබද මද නොරිස්සුමක් පමනක් තිබුන නමුත් කල් යාමේදී එය වර්ධනය වූ අතර අවසානයේ ටෙඩී පිලිබද සියුම් වෛරයක් දක්වා එය වැඩි දියුණු විය. ඔහුගේ විභාග ප්‍රශ්ණ පත්‍ර පරීක්‍ෂා කිරීම ඇය මහත් උනන් දුවෙන් සිදු කල අතර රතු පෑනකින් ඔහුගේ වැරදි උත්තර විශාල කතිරයකින් කපා ප්‍රශ්ණ පත්‍රයට ඉහලින් විශාල" "F" අකුරක් දැමීමෙන් ඇයට සියුම් සතුටක් දැනුනි.

පන්තියේ සෑම සිසුවෙකුගේම අතීත වාර්තා පරීක්‍ෂා කිරීම පාසලේ නීතියක් වූවත් ගුරුතුමිය සිතා මතාම ටෙඩීගේ වාර්තාව වාර්තා ගොන්නේ පහලටම දැම්මේ ඔහු සමග පැවති වෛරය නිසාමයි. නමුත් අවසානයේ ඇය ටෙඩීගේ වාර්තා පරීක්‍ෂා කල විට ඇය විශ්මයට පත් විය.

ටෙඩීගේ පලමු වසරේ ගුරුවරිය ඔහු පිලිබදව තබා තිබුනේ මේ ආකාරයේ සටහනක්

"නිතරම සිනාමුසුව ඉන්න ටෙඩී අති දක්‍ෂ සිසුවෙක්. තමන්ට පැවරෙන වැඩ කොටස හොදින් පිරිසිදුව නිම කරන ඔහු ඉතාම යහපත් ගතිගුණ සහිත ළමයෙක්,ඔහු වැනි සිසුවෙක් පන්තියේ සිටීම සතුටට කරුණක්"

දෙවන වසරේ ගුරුතුමියගේ සටහන මේ ආකාරයි

"ටෙඩී විශිෂ්ඨ සිසුවෙකි.පන්තියේ අනෙක් ළමුන් අතර ඔහු කැපී පෙනෙයි,අනෙක් සිසුන් ටෙඩීට බෙහෙවින් ප්‍රිය නමුත් වසරේ අවසාන භාගයේදී මවගේ රෝගී තත්වය නිසා ඔහු බෙහෙවින් කම්පාවට පත් වී ඇති බව පෙනී යයි"

තෙවන වසරේ ගුරුතුමියගේ සටහන මෙසේයි

"ඔහුගේ මවගේ මරණය ඔහුට විශාල බලපෑමක් එල්ල කර ඇති අතර සාමාන්‍ය තත්වයට පැමිනීමට ඔහු විශල ලෙස උත්සාහ කලත් ඔහුගේ පියාගෙන් ඊට සහායක් නොමති බව පෙනී යයි. මෙම තත්වයට ඉක්මන් පිලියමක් නොයෙදුවහොත් ඔහුගේ අධ්‍යාපනය කඩාකප්පල් විය හැකි බව මගේ හැගීමයි.

හතර වසරේ ගුරුතුමියගේ සටහන මේ ආකාරයි

"පාසල් කටයුතු පිලිබදව ඔහුගේ උනන්දුව අවම අතර බොහෝ විට පන්ති කාමරයේදී නිදා ගනී.බොහෝ විට හුදකලාව සිටින අතර යහලුවන් නොමැත"

ටෙඩීගේ අතීත වාර්තා කියැවූ ගුරුතුමියට ඔහුගේ තත්වය වැටහුනු අතර ඇයට ඇය පිලිබදව දැනුනේ විශාල ලැජ්ජාවකි.ඒ මුල් පාසල් වාරයේ අවසන් දිනය අතර ඔහුගේ අතීත වාර්තා කියැවීමට මෙතරම් පමා වීම පිලිබදව ඇය පසු තැවුනි.

පාසලේ සම්ප්‍රදායට අනූව මුල් පාසල් වාරයේ අවසන් දිණයේ සෑම සිසුවෙකුම පන්ති භාර ගුරුතුමියට කුඩා ත්‍යාගයක් පරිත්‍යාග කල යුතු අතර ටෙඩී ඇයට පර්ත්‍යාග කල ත්‍යාගය දුටු ඇගේ සිතේ ඔහු පිලිබදව හට ගත් ශෝකය තවත් වැඩි විය..අනෙක් සෑම සිසුවෙක්ම ඉතා ලක්‍ෂණ දවටන කොල වලින් ත්‍යාග ඔතා විසිතුරු ලෙස ඒවා සකසා තිබූ නමුත් ටෙඩීගේ ත්‍යාගය අවලක්‍ෂණ ලෙස ඔතා තිබුනේ රළු බ්‍රවුන් පේපර් කවරයකිනි.

අනෙක් සිසුන් ඉදිරියේ ඇය ටෙඩීගේ පාර්සලය විවෘත කල අතර එහි වූ පරණ තාලයේ ඇට මාලය සහ අඩක් හිස් වූ සුවද විලවුන් බෝතලය දුටු සමහර සිසුන් සිනා සුනේ ටෙඩීට සරදම් කිරීමටයි.ගුරුතුමිය සිසුන් ගේ සිනහව වැලැක්වූයේ ඇට මාලය ඉතා ලස්සන බව පවසා එය පැලදීමෙනි.සුවද විලවුන් ස්වල්පයක් ගල්වා ගැනීමටත් ඇය අමතක කලේ නැත. එය ඇය ජීවිතයේ ලද හොදම ත්‍යාගය බව ඇය පන්තිය ඉදිරියේ පැවසීය.

පාසල අවසානයේ අනෙක් සිසුන් පිට වූ පසු ගුරුතුමිය ලගට පැමිනි ටෙඩී සිහින් ස්වරයෙන් මෙසේ පැවසීය.

"අද මිස් ලග අපේ අම්මාගේ සුවද එන්නේ..."

ඔහු පරිත්‍යාග කර තිබුනේ ඔහුගේ මව පාවිච්චි කරමින් සිටි සුවද විලවුන් කුප්පියක් බව ඇයට වැටහුනේ ඒ මොහොතේයි.

එදින පටන් ගුරුතුමිය ටෙඩීට විශේෂ අවධානයක් යොමු කල අතර මදින් මද ඔහුගේ සුපුරුදු දක්‍ෂතා මතු වන ආකාරයක් පෙනුනි.ඇය ඔහුව වඩ වඩා ධෛර්යමත් කරන විට ඔහුගේ හැකියාවන් වඩ වඩා ඔප මට්ටම් වූ අතර වසර අවසානය වන විට පන්තියේ සිටි දක්‍ෂතම සිසුන් ගෙන් අයෙක් වීමට ටෙඩී සමත් වුනා.

වසර අවසානයේ ඔවුන් වෙන් වූ නමුත් තවත් වසරක් අවසානයේ ඇයට ටෙඩීගෙන් ලැබුනු ලිපියක සටහන්ව තිබුනේ ඔහුගේ ජීවිතයේ ඔහුට හමු වූ හොදම ගුරුතුමිය ඇය බවයි.

තවත් වසර කීපයකින් ඔහු එවා තිබූ තවත් ලිපියකින් ඔහු පවසා තිබුනේ පාසල් අධ්‍යාපනය අවසන් බවයි.ජීවිතයේ ඔහුට හමු වූ හොදම ගුරුතුමිය ඇය බව සටහන් කිරීමටත් ඔහු අමතක කර තිබුනේ නෑ.

කාලය වේගයෙන් ගෙවී ගිය අතර තවත් වසර කීපයකින් ඇයට ඔහුගෙන් තවත් ලිපියක් ලැබුනා,ඔහු දැන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන බව එහි සටහන් කර තිබූ අතර සුපුරුදු ලෙස තවමත් ජීවිතයේ ඔහුට හමු වූ හොදම ගුරුවරිය ඇය බව සදහන් කිරීමටත් ඔහු අමතක කර තිබුනේ නෑ.

තවත් වසර කීපයකින් ඔහුගෙන් තවත් ලිපියක් ලැබුනා.මේ වන විට ඔහු විද්‍යාවේදී උපාධිය අවසන් කර තිබූ අතර තව දුරටත් අධ්‍යාපනය සිදු කරන බව ඔහු දන්වා තිබුනා.
"මගේ ජීවිතේ මට හමුවුන හොදම ගුරුතුමිය ඔබයි" කියා සටහන් කරන්නටත් ඔහු අමතක කලේ නෑ.

තවත් වසර ගණනාවකින් ලැබුනු ලිපියකින් ඔහු දන්වා තිබුනේ ඔහුට හමු වූ ජීවන සහකාරිය පිලිබදවයි,
"මම ඊළග මාසේ ඇයව විවාහ කර ගන්නවා. මගේ තාත්තා ගිය අවුරුද්දේ මිය ගියා. ඔහු මිය යන්න කලින් මගෙන් ඉල්ලා සිටියා විවාහ දිනයේ මගේ දෙමව්පියන් වෙනුවට ඔබව සහභාගි කර ගන්නා ලෙස. මිස් එනවා නේද? මට ජීවිතේ හමු වුන හොද්ම ගුරුතුමිය ඔබයි"
මේ වන විට ඔහු ආචාර්ය ටෙඩී.

ගුරුතුමිය විවාහයට සහභාගි වූ අතර පස් වන වසරේදී ටෙඩී ඇයට තෑගි කල ඉතා පරණ ඇට මාලය පැලදීමටත් ඒ සුවද විලවුන් ගැල්වීමටත් ඇය අමතක කලේ නෑ.ඔහුට වැටහුනේ තම මව පැමින සිටින බවක්,ඇයව වැලද ගත් ඔහු ඇගේ කනට කර මෙසේ මිමිනුවා,

"පස් වෙනි පන්තියේදී මගේ ජීවිතය වෙනස් කලාට ඔබට ගොඩක් ස්තූතියි මිස්...එදා මම අම්මගේ පරණ ඇට මාලෙයි පාවිච්චි කරපු සුවද විලවුන් බෝතලෙයි තෑගි දීපු වෙලාවේ ඒවා පන්තිය ඉස්සරහ අගය කරලා මම වැදගත් පුද්ගලයෙක් බව මට වටහල දුන්නට ඔබට ස්තූතියි, එදා තමා මගේ ජීවිතයේ වැදගත්ම දවස...
ඔබයි මගේ ජීවිතේ මට හමුවුන හොදම ගුරුතුමිය""


Source - Facebook

Sunday, May 12, 2013

“එකෝමත් එක රටක පුංචි කැලෑවක හා පවුලක් ජීවත් වුණා."


සමාජයෙන් සමාජයට මවුවරු වෙනස් වුවත් ඒ දයාව කරුණාව එකමයි


“එකෝමත් එක රටක පුංචි කැලෑවක හා පවුලක් ජීවත් වුණා. ඒ හා පවුලේ හිටියා පුංචි හා පැටියෙක්. හා අම්මා මේ පැංචට හැමදාම කියනවා අම්මට නොකියා ගෙදරින් පිට කොහේවත් යන්න එපා කියලා. හා අම්මයි හා තාත්තයි එහෙම කියලා පුංචි පැංචව ගෙදර තියලා කෑම සොයන්න යනවා. ඒත් එක දවසක් හා පැංචට හිතුණ මේ ලෝකේ ලස්සනම තැන හොයාගෙන යන්න ඕන කියලා. එහෙම හිතලා හා පැංචා ගෙදරින් පිටත් වුණා. හා පැංචා රෑ වෙනතුරුම ලස්සන තැන සොයමින් ඇවිද්දා. ඒත් හොයා ගන්න බැරි වුණා. හා පැංචට බඩගිනියි. ඒ වගේ ම නිදිමතයි. දැන් කළුවරත් වැටිලා. පැංචා ළඟම තිබුණ උදුපියලිය ගොල්ලේ හාන්සි වුණා. පැංචට හොඳටම නින්ද ගියා.
උදේ ම ඉර පායගෙන ආවා. හා පැංචට ඇහැරුණා. පැංචා වටපිට බැලුවා. හැම තැනම ලස්සනට මල් පිපිලා. සමනල්ලු පැණි බොනවා. පරිසරය හරිම ලස්සනයි. පැංචා සතුටින් කෑගැහුවා. මං ලෝකේ ලස්සනම තැන හොයා ගත්තා කියලා.
“හා අම්මා පැංචා ළඟට ඇවිත් කිව්වා ඔව් පුතේ ලෝකේ තියෙන සුන්දරම ලස්සන තැන තමයි තමන්ගේ ගෙදර කියලා.”
මේ කතාව මට කියලා දුන්නේ මගේ අම්මා. ඒ මීට අවුරුදු තිහකට තිස් පහකට විතර පෙර. කාලය වේගයෙන් ගෙවිලා ගිහිල්ලා. ඒත් ලෝකේ තියෙන සුන්දරම තැන තමන්ගේ ගෙදර නම් ඒ ගෙදර වඩාත් සුන්දර වෙන්නේ එහි වෙසෙන්නන් නිසා. විශේෂයෙන් ම ගෙදරක සොඳුරු බව, හැඩකාර බව එහි පැතිරී ගිය ආදරය දයාව වඩ වඩාත් දැනෙන්නේ අම්මා කියන චරිතය නිසා. ගෙදරක සිරියාව ඇයයි. ගෙදරක ආදරය, දයාව, කරුණාව බෙදන්නිය ඇයයි.
අතීත ජනකවියා අම්මා යන චරිතය දුටුවේ හරි අපූරු විදිහට. ඒ වගේ ම අම්මාගේ ආදරය අහිමි වූ කළ දරුවන් අසරණ වන බව ඔහු කිව්වේ මේ විදිහට.
“ඉර පායා ඉර මුදුනට එන්න එපා
සඳ පායා සඳ මුදුනට එන්න එපා
පෑදි දියට බොරදිය එක්වෙන්න එපා
අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා”
අද අම්මලා නැති දරුවෝ කොතරම් නම් මේ සමාජයේ අසරණ වී ඇත් ද? එමෙන් ම දරුවන්ගේ නොසලකා හැරීම් නිසා කොපමණ නම් අම්මලා මහ මඟ වැඩිහිටි නිවාසවල සුසුම් හෙළන්නේ ද? සීමා මායිම් නැති මවු සෙනෙහසක අපූරු ව දන්නේ එය අත්විඳි ඇත්තෝ පමණි. අම්මා කොයි දරුවාත් තම දරුවා සේම දකින්නී ය.
සමාජයෙන් සමාජයට අම්මලා වෙනස් වුව ද ඔවුන් සිත තුළ ඇති සෙනෙහස ද දයාව - කරුණාව එකසේ ය.
ඈත හද්දා පිටිසර හේන් යායකදී අම්මාගේ සෙනෙහස නැසී ගිය ගීත රචක නීතිඥ රණ්බණ්ඩා සෙනෙවිරත්නයන් දුටුවේ මෙලෙසිනි.
දවසක් පැල නැති හේනේ
අකාල මහ වැසි වැටුණා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුණා අම්මේ
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ
(ගායනය - ගුණදාස කපුගේ)
අද ලෝක මවුවරුන්ගේ දිනයයි. ඔබේත් මගේත් අම්මා පිළිබඳව අගය කරන්න සිහිපත් කරන්න එක දිනයක් ඇයි. ගෙවී යන සෑම දිනක් ම අයිති අම්මාටය. නිවෙසකට දවස කැන්දන්නී ඇයය.
ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩනා
එහි හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
ඒ මල් සුවදේ අද ලොවුතුරු සුව විඳිනා
කලාවැවේ නිල් දියවර අපෙ අම්මා
පද රචනය - සුනිල් දයානන්ද කෝනාර
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
මුළු ලොවක් අප තනිකර යද්දී අප වෙනුවෙන් ළඟ රැදෙන්නී ඇයය. ඇගේ සෙනෙහස මුළු ලෝකයමයි. අපගේ සියලු දුක්ඛ දෝමනස්සයන්වලට සුසුම් හෙළන්නී සතුටු වන්නී ඇයය. කුසගින්න නිවන්නට තිබෙන එකම බත් අහුර හෝ අපට දී ඇය කුසගින්නේ හිඳින්නී ය. අම්මා; නිවෙසට දවස උදාකරන ඇය දවස නිමාවේ විඩා හරින්නේ සියල්ලෝ නින්දට යවා ය. ඇතැම් විට අපි ඇගේ සිතේ ඇති හැඟීම් නොදන්නේ ය. ඒ ඇය කිසිදු විටෙක තම බැරි අමාරුකම් ගැන නොව දරුවන් ගැනම පමණක් කතා බහ කරන බැවිනි.
අම්මා මහ පුදුම චරිතයකි. අම්මා හරි අපූරු චරිතයකි. අම්මා බාහිර පාට පාට මෝස්තර, ආලේපන නැතිවාට ඇය සුන්දර ය. හැදූ මවටයි මහ පොළවටයි නිවනක් නැතුවා සේ ම ඇය මෙලොව හැර ගිය ද දරුවන්ගේ දුක් කඳුළු පිසින්නට ඈත ලොව සිට හෝ එන්නීය. නැසීගිය ගීත රචක ධර්මසිරි ගමගේත් අම්මා දකින්නේ එලෙස ය. අද මගේ අම්මා මා ළඟ නැත. එහෙත් ඔබේ අම්මා ඔබ ළඟ ඇත. දරුවන් වෙනුවෙන් සිය ජීවිතය කැප කරන, කැපකරු සියලු අම්මාවරුන්ටයි මේ උපහාරය.
“අම්මාවරුනේ අම්මාවරුනේ
සම්මා සම්බුදු
අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුරලොව සිට අතපා
ඒ කඳුළැලි පිසිනා”
ගායනය - නන්දා මාලනී

අද කතාබහ
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අංශයේ කථිකාචාර්ය
කුසුමලතා ලංකාමුල්ල

කිරි අම්මාවරුන්ගේ දානය


කිරි අම්මාවරුන්ගේ දානය

අවුරුද්දට අස්වනු නෙළා ගෙට ගත් පසු අපේ ගෙදර ඒවා පළමුව දෙන්නේ කිරි අම්මාවරුන්ටයි. විශේෂයෙන් මෙම දානය දෙන්නේ බදාදා හා සෙනසුරාදා (කෙම්මුර) දවස් වලටයි. අම්මා දානයට පෙර දින සවස කැවුම්, පිසින්නීය. කැවුම් පිස අවසාන වූ පසු කිරිඅම්මලාට ආරාධනා කිරීමට යයි. එසේ ආරාධනා කරන්නේ බුලත් කොළය බැගින් කිරි අම්මලාට දීමෙනි.
පසුවදා කපුටන් කෑගැසීමට පෙර කිරි අම්මාවරු හත්දෙනා සුදුවතින් සැරසී නිවෙසට පැමිණෙති.
පිරිසුදුවට පිරිවට ඇඳ පේ වෙන්නේ - දානෙට සත්දෙන එන බව දන්නේ
පත්තිනි දෙවියොත් සමඟ වඩින්නේ - කඩුල්ල ගාවට ඇවිත් සිටින්නේ

මේ ආදී කවි ගායනයෙන් අනතුරුව කණ්ඩායමේ නායිකාව සමඟ කිරි අම්මාවරු හත් දෙනා නිවෙසට පැමිණෙන අතර, නිවෙස ඉදිරිපිට තබා ඇති දිය පිරි බඳුන තුළට දෙහි කැබැල්ලක් ද දමා ඇත. කිරි අම්මාවරු දෙහි කැබැල්ල ගෙන හිසෙහි අතුල්ලා පය ද සෝදා නිවෙසට පැමිණ එළා ඇති පිරුවටවල වාඩි වෙති.
ඉන් පසු සියලු දෙනාම පන්සිල් රැගෙන මිහිරි ගී ගායනා කරති. මේ ගී සියල්ල පත්තිනි දේවිය මුල් කරගෙන කරන ඒවායි.
ඉන්පසු කෙසෙල් කොළ හතක් කිරි අම්මාවරුන් ඉදිරියේ එළයි. ඉන්පසු ඒවාට කැවුම්, කෙසෙල්, කිරිබත් හත බැගින් ලබාදේ. මේවා බෙදන්නේ තුන් වතාවක දී ය. කිරි අම්මාවරු මේවා ඉඳුල් කර තේ පානය කරති. ගෙහිමියා ගේ මැද කිරි මුට්ටියක් උතුරවයි. ඉන්පසු කිරි අම්මාවරු සියලු දෙනා ගෙදර සියලු දෙනාටම ආශිර්වාද ලබා දෙයි. කිරි අම්මාවරු බුලත් කොළය දෙකට නවා, දැල්වෙන පහන් තිරයක් මැදි කොට තබා, දැල්වෙන පහනින් තෙල් ගෙන ගෙදර අයගේ හිසෙහි ගා ආශිර්වාද කරති.
කිරි අම්මාවරුන්ගේ දානය මුළුමනින් ම මිහිරි කවි ගායනයෙන් පිරුණු පූජා කර්මයකි. මෙම කවි මුඛ පරම්පරාගත කවි වීම විශේෂත්වයකි. හිමිදිරි පාන්දර කපුටන් කෑ ගැසීමට පෙර මිහිරි කවියෙන් කෙරෙන වෙනත් පූජා කර්ම අප අතර නැත. මෙම පූජා කර්මයෙහි අරමුණු වන්නේ, බෝවන රෝග වළක්වා ගැනීමට, අපල උපද්‍රව වලින් වැළකීමට, ගැබිණි මවුවරුන්ට සහ දරුවන්ට ආරක්ෂාව සැලසීම, සශ්‍රීකත්වය ලබා ගැනීම වැනි දේ ය.
සිංහල ජන සමාජය තුළ කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙන යනු ලබන පූජා විධියක් ලෙස මෙය සැලකේ.
එම්.ටී. හිරුදිනී කුමාරි විජේතිලක,
8 ශ්‍රේණිය,
ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය,
තෝලංගමුව, වරකාපොල.

වැස්ස හරිම ලස්සනයි


වැස්ස හරිම ලස්සනයි

ගොරවන හඬ හැම පැත්තෙන් අපට ඇහෙනවා
විදුලි එළිය හැම පැත්තෙන් අපට පෙනෙනවා
සුළං හමා ගස් පෙරළී බිමට වැටෙනවා
බිංදු බිංදු මහ පොළොවට වතුර වැටෙනවා

පුංචි ළමයි හනි හනිකට ඔරු සාදනවා
වතුර බිංදු බිංදු එක්ව ගඟක් හැදෙනවා
පුංචි ළමයි ඒ දිහාම බලා සිටිනවා
මැඩියන්ගේ බක බක හඬ ඈත ඇහෙනවා

බොර පාටට වළවල්වල වතුර පිරෙනවා
චිරිස් චිරිස් චිරිස් හඬින් මඩ පෑගෙනවා
ගහකොළ මත වතුර වැටී සුදට දිලෙනවා
වරින් වරේ සුළං හමා සිසිල දැනෙනවා
පාරමී අනුත්තරා දසනායක
6 ශ්‍රේණිය,
කොස්වත්ත ගාමිණී මහා විදුහල,
හල්මිල්ලවැව

දිවි දෙවැනි කොට අප ආරක්ෂා කරන්නී අම්මා ය


දිවි දෙවැනි කොට අප ආරක්ෂා කරන්නී අම්මා ය

මහාචාර්ය
විජිතපුරේ විමලරතන හිමි

‘මාතා පිතූ උපට්ඨානං’
මවුපියන් පිදීම උතුම් මංගල කරුණ කැ’යි මහා මංගල සූත්‍රයේ දී අප තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළහ. බුදු දහමේ පමණක් නොව ලොව පවත්නා සෑම ආගමකින් ම ‘අම්මා’ යන නාමයට ඉහළ වැදගත්කමක් දී තිබේ. ශිෂ්ට සමාජවල මෙන් ම පසුගාමී සමාජවල ද, සතුන් අතරෙහි ද ‘අම්මා’ පොදු පිළිගැනීමක්, ආදරය, ගෞරවය එක්වුණු ඉහළ සැලකිල්ලක් ලබන්නී ය. එලෙසින් ඇය උත්තරීතර වන්නී, දරුවන් වෙනුවෙන් ඇය කෙරෙහි වූ අපමණ ගුණ කඳ නිසා ය.
අම්මාවරුන් වෙනුවෙන් දිනයක් වෙන් කරමින් මුළු ලෝකයම ඒ දිනය සමරන්නේ ද ඒ නිසා ම ය. වත්මන් හි ඇය වෙනුවෙන් විශේෂිත දිනයක් වෙන් වුව ද අපේ පැරණි ලාංකික සමාජයේ හැමදාමත් ප්‍රමුඛත්වය ලැබුවේ අම්මා ය. අතීතයේ, විශේෂයෙන් සිංහල පවුල විස්තෘත එකකි. අම්මා තාත්තා දූ දරුවන් පමණක් නොව කිරි අම්මා, කිරි අත්තා ද එහි සාමාජිකයන් අතර විය. අධ්‍යාපනය, රැකියා, ආවාහ විවාහ ආදී නොයෙකුත් හේතු මත අද ඒ විස්තෘත පවුල විසිරී ගොස් තිබේ. පවුලේ අනෙකුත් සාමාජිකයන් මෙන් ම අම්මා ද බොහෝ විට දරුවන්ගෙන් දුරස්ථ ය. ගතින් දුරස්ව ගිය ද අපේ සමාජයේ දරුවන් තවමත් සිතින් අම්මා ළඟ ය. මවුපියන් අමතක කරන කිහිප දෙනකු හැර බොහෝ දරුවන්ට ඒ ගෞරවය හිමිය.
ශිෂ්ට සමාජයක මවකගෙන් ඉටු වන ප්‍රධාන කටයුතු පස් ආකාරය. එනම් මහා සම්පත් පහක් ඇය සතු ය. එහි මුල් තැන ලබන්නේ ආදරයයි. ජීවිතයේ විවිධ අවස්ථාවන්හි විවිධ අයගෙන් අපි ආදරය ලබමු. එහෙත් අප වෙනුවෙන් නොවෙනස් වූ, නොසංසිඳෙන ආදරයක් උපදින්නේ මවක ගේ ලයෙහිම පමණි. සිය කුසින් බිහි කළ දරුවා හොඳක් කළත්, නරකක් කළත්, සමාජයේ ඉහළ ම තැනක සිටියත් පහළම තැනක සිටියත්, ධනය ඇතත්, ධනය නැතත්, ඇය ගේ ආදරය නොවෙනස් ය. මුළු මහත් සමාජයක් ම ප්‍රතික්ෂේප කරන්නේ වුව ද ඇය තම දරුවා ආදරයෙන් තුරුළට ගන්නීය. සනසන්නී ය.
දෙවැනි මහා සම්පත ආරක්ෂාව ය. සමාජයීය ජීවිතයේ දී අපි බොහෝ දෙනාගෙන් ආරක්ෂාව රැකවරණය බලාපොරොත්තු වෙමු. එහෙත් විපතක දී පිහිට වන්නේ ඒ අතරින් ඉතාමත් සුළු පිරිසකි. ඒ ද තමන්ට කරදරයක් බලපෑමක් නොවන්නේ නම් පමණි. එහෙත් දිවි දෙවැනි කොට අප ආරක්ෂා කරන්නී අම්මා ය. ඒ ආරක්ෂාවට සම කළ හැකි ආරක්ෂාවක් වෙනත් පුද්ගලයකු වෙතින් නොලැබෙන්නේ ය.
කුස හොත් දා පටන් අප පෝෂණය කරන්නී ද අම්මා ය. මෙලොව බිහි වූ මොහොතේ සිට ම රතු ලේ කිරට හරවා පොවා අප කුස පුරවන්නී ද අම්මා ය. කිරි වැරූ දා පටන් මුළුතැන්ගෙයි පිසෙන හොඳම ආහාර වෙන් කරන්නේද ඇය සිය දරුවන් වෙනුවෙනි. විශේෂයෙන් දරුවන් රකින්නට දවස පුරා ම ගත වෙහෙස වන, දරදිය අදින ගම්බද දිළිඳු අම්මාවරුන් ගේ ආහාරය දංකුඩයට පමණක් සීමා වන අවස්ථා බොහෝ ය. ඒ, තමන් කුසගින්නේ සිටියත් දරුවන් ගේ කුස හිස් කරන්නට ඇයට කිසිවිටෙකත් නොහැකි නිසා ය. අම්මා අපේ ජීවිතයෙන් කවර කලෙකත් වෙන් කළ නොහැකි චරිතයක් වන්නේ එහෙයිනි. ඇය පිසූ රසවත් ආහාර, මෙන් ම තමන් පෝෂණය කරන්නට දැරූ වෙර වීරිය කලගුණ දන්නා දරුවකුට කිසි කලෙකත් අමතක කළ නොහැකි ය.
මවකගෙන් හිමිවන සිව්වැනි මහා සම්පත අධ්‍යාපනය ය. මේ ලෝකය දකින්නට අපට මුලින් ම ගුරු හරුකම් දෙන්නේ අම්මා ය.
බුදු දහමේදී, මවුපියන් දරුවන්ගේ පූර්වාචාර්යවරුන් ලෙස ගෞරවයට පාත්‍ර වේ. බහ තෝරන දා පටන්, ජීවිතය පිළිබඳ හොඳ නරක, ආහාර පාන ගන්නා සැටි අඳින පලඳින සැටි, බෙදා හදා ගන්නා සැටි, අන්‍යයන් සමඟ සාමකාමීව ජීවත් වන සැටි ආදී අනේක විධ වූ දෑ අපි ඉගෙන ගන්නේ අම්මා කේන්ද්‍ර කරගනිමිනි. සරලව පැහැදිලි කරනවා නම් අධ්‍යාපනයේ ආරම්භය ඇයයි. ජීවිතයේ විවිධ ස්ථරවල දී, අප විවිධ මට්ටම්වලට පිවිසෙන්නේ (දොස්තරවරුන්, ගුරුවරුන්, ඉංජිනේරුවන්, ඈ ආදී) ඒ මූලික අධ්‍යාපනය පදනම් කරගෙනයි.
විශේෂයෙන් අප මවකගෙන් ලබන අවිධිමත් අධ්‍යාපනය නව ඉලක්කයන් කරා යාමට ප්‍රබල මඟ පෙන්වීමකි. විධිමත් අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් වූ ඇයගේ කැපවීම ද අමතක කළ නො හැකි ය. කුඩා කල අප අතින් අල්ලාගෙන පාසලට ඇරලවන ඇය පාසල නිම වී නිවෙසට පැමිණෙන තුරුත් මඟ බලා සිටින්නී ය. අප අධ්‍යාපන කටයුතුවල නිරත වෙද්දී ඇඳුම් සෝදා පිරිසිදු කර දෙමින් ජීවිතයේ කුදු මහත් කටයුතුවලට ශක්තියක් වන්නීය.
ජීවිතයේ වැදගත් අවස්ථාවන් හි දී මෙන් ම අනේකවිධ වූ දුක් කරදර, කම් කටොළුවල දී නොපෙනෙන බලවේගයන් ගේ ආශිර්වාදය පතා අපි බොහෝ පුද පූජා පවත්වමු. එහෙත් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බඹ විහරණ ගුණ ඇති මවකගෙන් ලබන ආශිර්වාදයට ඒ සියලු බලවේගයන් පරදින්නේ ය. අම්මා ගේ ආශිර්වාදය අපගේ මනසට, ජීවිතයට මහා ශක්තියකි. වාචිකව ප්‍රකාශ නොවුණ ද දරුවන් වෙනුවෙන් ඇය ආශිර්වාද කරන හඬ අපට ඇසේ. එය අම්මාගෙන් අප ලබන පස්වැනි මහා සම්පතයි.
ආදරය, ආරක්ෂාව, ආහාර, අධ්‍යාපනය, ආශිර්වාදය ආදී මේ මහා සම්පතින් ප්‍රකාශ වන්නේ ‘අ’ යන්න මුල් කරගෙන ය. මේ නිසා ම ‘අම්මා’ යන නාමයට මෙන් ම ‘අ’ යන්නට ද හෙළ සංස්කෘතියේ මුල් තැනක් හිමි වේ.
අපි හෝඩිය අරඹන්නේ ‘අ’ යන්නෙහි. බුද්ධ චරිතයේ බෝසත් උපත සිහිපත් කරන්න. සිදුහත් කුමාරෝත්පත්තිය සිදුවූ මොහොතේ සිදුහත් කුමරු.
‘අග්ගෝ හමස්මි ලෝකස්ස’ යනුවෙන් අභීත සීහනාද කළ අවස්ථාවේ මුල් වූයේ ‘අ’ යන්න ය. තථාගත බුදුපියාණන් වහන්සේ ගේ ‘අනේක ජාති සංසාරං’ යන ප්‍රථම බුද්ධ වචනයට ආරම්භය දුන්නේ ද ‘අ’ යන්නයි.
‘අප්පමාදෙන සම්පාදේත’ දුකින් පෙළෙන මේ ලෝක යේ පුහුදුන් මිනිසුන්ට අප්‍රමාදීව කුසල් රැස් කරන ලෙස දුන් වටිනා පණිවුඩය අන්තර්ගත බුද්ධ වචනයට මුල් වූයේ ද ‘අ’ යන්නයි. අප මෑණියන්ට ‘අම්මා’ යන නාමය හිමි වූයේද ඈ කෙරෙහි අප්‍රමාණ ගුණ සමුදාය නිසයි.
මේ නිසා සෑම දරුවකුම ඇයට නමස්කාර කරන්නට ඇය ආදරයෙන් සෙනෙහසින් රැක බලාගන්නට, වචනයකින් හෝ අම්මා නොරිදවන්ට ඒකායන අරමුණක් ඇති කරගත යුතු ය. බොහෝ විට ගතින් ළඟ නැතත් සිතින් ඇය නිරන්තරයෙන් ම අප ළඟ ය. ඇය ගේ අනුපමේය ආදරය, සෙනෙහස, ආශිර්වාදය ජීවත්වන තුරා අප ළඟය. දොසක් නොකියා කැත කුණු අත ගා හැදූ වැඩූ සිරුරක් අපට තිබේ.
ඒ උතුම් ගුණ ඇති මෑණිවරුන්ට ආදරණීය දරුවන් වන්නට අපට හැකි නම්, ඒ උතුම් ගුණ ඇති මවක් වන්නට සෑම කාන්තාවකටම ශක්තිය හා ධෛර්ය, ඕනෑකම තිබේ නම් අපි ජීවත්වන සමාජය වඩාත් යහපත් වනු නොඅනුමානය. එවිට වසරකට දිනක් නොව වසරේ තුන්සිය හැටපස් දාම අම්මාවරුන් ගේ ගුණ දරුවන් ගේ හදවත් හි රැව් පිළිරැව් දෙනු ඇත.

PABLO PICASSO


PABLO PICASSO

Picasso was a Spanish painter, draughtsman, and sculptor. He is one of the most recognized figures in 20th-century art. He is best known for co-founding the Cubist movement and for the wide variety of styles embodied in his work. Among most famous Pablo Picasso paintings are the proto-Cubist Les Demoiselles d'Avignon (1907) and Guernica (1937), his portrayal of the German bombing of Guernica during the Spanish Civil War.
Picasso demonstrated uncanny artistic talent in his early years, painting in a realistic manner through his childhood and adolescence; during the first decade of the twentieth century his style changed as he experimented with different theories, techniques, and ideas. Picasso creativity manifested itself in numerous mediums, including oil paintings, sculpture, drawing, and architecture. His revolutionary artistic accomplishments brought him universal renown and immense fortunes throughout his life, making him the best-known figure in twentieth century art.
To say that Pablo Picasso dominated Western art in the 20th century is, by now, the merest commonplace. Before his 50th birthday, the little Spaniard from Malaga had become the very prototype of the modern artist as public figure. No painter before him had had a mass audience in his own lifetime. The total public for Titian in the 16th century or Velazquez in the 17th was probably no more than a few thousand people - though that included most of the crowned heads, nobility and intelligentsia of Europe.
Picasso's audience - meaning people who had heard of him and seen his work, at least in reproduction - was in the tens, possibly hundreds, of millions. He and his work were the subjects of unending analysis, gossip, dislike, adoration and rumour.
He was a superstitious, sarcastic man, sometimes rotten to his children, often beastly to his women. He had contempt for women artists.
His famous remark about women being "goddesses or doormats" has rendered him odious to feminists, but women tended to walk into both roles open-eyed and eagerly, for his charm was legendary. Whole cultural industries derived from his much mythologized virility. He was the Minotaur in a canvas-and-paper labyrinth of his own construction.

-Internet


The Tail of a Rat


The Tail of a Rat


This is a tale about a little rat who disliked his tail. It all started when he put his head out of his den for the first time and looked at the world outside. On a nearby tree was an animal that looked a lot like him. “Hello!” said the little rat.
“You look a lot like me. Are we related?” The animal laughed making a sound like a bell. “No, we are not related. I am a squirrel,” he said. Then he showed his tail to the little rat. “See my bushy tail? This is different to a rat’s tail!” The squirrel was right. It didn’t look anything like a rat’s tail. Just then another animal hopped past him. “Who are you?” asked the little rat. “I am a rabbit!” said the animal and hopped away with his ‘powder-puff’ like tail. “Both of them have such nice tails!” thought the little rat, feeling kind of unhappy about his own tail.
Then he observed all the other animals’ tails he could see. Most of them were very bushy soft tails. They were not thin and hair-less like his. He took his tail into his hands and examined it. “It looks more like a ‘worm’ than a tail,” he thought sadly. He felt shy so he tried to hide it behind him.
The little Rat’s mother saw him trying to hide something. “What is that you’re hiding behind you?” she asked. “It’s my tail!” the little rat answered sadly. “What’s wrong with it?” “It’s not nice like the other tails. It’s thin and hair-less; the rabbit, squirrel and even the monkeys have nicer ones than mine!” “Son, their tails are different because they are different animals. You are a ‘rat’ and you can’t have the tail of some other animal. Look at what a fine tail you’ve got!”
But this didn’t convince the little rat or make him feel any better. “So, where did you see all these other tails?” his mother asked him. “When I peeped out of our den, today!” answered the little rat. “Well, be careful! There is an animal called the fox. He is dangerous and if he sees you, he will bite and swallow you!” his mother warned him. “What does his tail look like?” he asked his mother. “It doesn’t matter what his tail looks like. I think it’s time you stopped worrying about others’ tails!” his mother said sternly.
The little rat pictured himself with the tails of the other animals and wished his tail looked like theirs. “I don’t like my tail,” he thought. “I would look better if I didn’t have such an ugly tail. But how do I get rid of it?” He suddenly remembered what his mother said about the fox biting and swallowing him. “If I can get my tail bitten off by the fox, I’d get rid of it for good!” he thought. “But how do I get the fox to bite-off only my tail? I know! I’ll put my tail out of the den. When he sees it, he’ll bite it and it will snap off. That way I’ll be able to get rid of it!” he though forgetting about his mother’s warning.
So the next day the little rat waited till his mother went out in search of food and put his tail out of the den. He waited and waited for a very long time. But the fox didn’t come that way. Finally he fell asleep with his tail sticking out of the den.
Suddenly he felt a terrible pain in his tail. It was unbearable. He screamed and jumped out of the burrow in pain, hoping to see the fox with a broken rat tail in his mouth. But no, his tail was not broken. It was still attached to him! And there was huge animal looking very shocked and upset.
“Who are you?” the little rat asked through tears. “I am a baby elephant and I am so sorry for stepping on your tail! I didn’t see it till I stepped on it,” he apologised. “What on earth were you doing with your tail sticking out of the den?” “I kept it out for the fox to bite it off!” sniffed the little rat, who was still in pain. “What a silly little rat! Why would you do something so dangerous?” “Because my tail is ugly,” wailed the little rat. “It’s not bushy like the other animals’ tails.”
“Well, look at mine!” said the baby elephant and showed his tail. “Mine is also not bushy. But I am happy with it because it’s my tail and it’s an elephant’s tail!” The elephant pointed at a frog with his trunk. “Look at him! He doesn’t even have a tail but do you see him complain? Everyone can’t have the same tail. We should all look different. That’s what makes the world beautiful. You should be very happy with your tail. It’s a very good tail for a little rat!”
The little rat looked at the frog and then at the baby elephant’s tail and felt very silly about how he behaved. He was glad the fox didn’t come his way because now he could see how dangerous it would have been. If being stepped on it hurt this much, he didn’t even want to think about getting rid of it. He looked at his tail and for the first time he was glad to see it still there. He was glad he had a tail to call his own. After all he was a rat, he had a rat’s tail and that’s all that mattered.
By Manoshi de Silva

මවුපියන්ගේ අභිප්‍රායන් දරුවන් ලවා ඉටුකරවා ගන්න එපා

මවුපියන්ගේ අභිප්‍රායන් දරුවන් ලවා ඉටුකරවා ගන්න එපා
ශිෂ්‍යත්ව විභාගය තරගකාරී විභාගයක් අඩු පහසුකම් සහිත පාසල්වල දරුවන්ට වැඩි පහසුකම් සහිත පාසල්වලට ඇතුළත්වීම සඳහා ශිෂ්‍යත්ව විභාගය යොදා ගනු ලබනවා. මේ වනවිට එම භාවිතය ඉක්මවා යමින් වාණිජ වටිනාකමක් ආරෝපණය කළ තරගකාරී විභාගයක් බවට මෙම විභාගය පත්කර තිබෙනවා.


මෙම තරගකාරීත්වය හේතුවෙන් මවුපියන් වගේම ගුරුවරුන්ද තමන්ගේ දරුවන් ශිෂ්‍යත්ව විභාගය නමැති තරගයට බලහත්කාරයෙන් ඇතුළත් කරන්න උත්සාහ දැරීම බහුල වශයෙන් හඳුනාගත හැකියි.


යම් නිපුණතාවක්, හැකියාවක් සහිත දරුවෙක් නිර්මාණ කිරීම අධ්‍යාපනයේ අරමුණක් වුවත්, අධ්‍යාපනයේ මූලික අරමුණ වන්නේ යහපත් පුරවැසියෙක් සමාජයට බිහි කිරීමයි. ශිෂ්‍යත්ව විභාගයේ ඇති තරගකාරීත්වය තුළ අධ්‍යාපනයේ සැබෑ අරමුණ ඉටුවේද යන්න පිළිබඳ ගැටලුවක් පවතිනවා.


දැඩි වෙහෙසක් දරමින් තම දරුවන් ශිෂ්‍යත්ව විභාගයට සූදානම් කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගන්නට මවුපියන් උත්සාහ දරනවා. දරුවා දැඩි ලෙස පීඩාවට පත් කරමින් ශිෂ්‍යත්ව විභාගයට අනුගත කිරීම නිසා දරුවාගේ පෞරුෂයට යම් යම් හානිකර තත්ත්වයත් ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. වෙනත් විභාගයන් හා සාපේක්‍ෂව බැලීමේදී ශිෂ්‍යත්ව විභාගයේදී සිදුවන්නේ වෙනත් පුද්ගලයන්ගේ මැදිහත්වීම මත දරුවා විභාගයට සූදානම් වීමක්. එම නිසා දරුවාගේ කැපවීමට වඩා මවුපියන්ගේ කැපවීම මෙහිදී කැපී පෙනෙනවා. මවුපියන් තමන්ගේ අභිලාෂ දරුවන් ලවා ඉටු කරගැනීම සඳහා අනවශ්‍ය බරක් දරුවා මත පැටවීම ඉතාම අහිතකර තත්ත්වයක්.


මවුපියන්ගේ පෙලැඹවීම මත ඇතැම් දරුවන් ශිෂ්‍යත්ව සමත්විය හැකිය. ඇතැම් දරුවන් ශිෂ්‍යත්ව විභාගයෙන් අසමත් විය හැකිය. ශිෂ්‍යත්වය සමත් වූ දරුවෙක් වුව වෙනත් කඩඉම් විභාග අසමත් වීමේ ඉඩකඩ තිබෙනවා. ඒ වගේම ශිෂ්‍යත්ව විභාගය අසමත් වූ දරුවන් වෙනත් කඩඉම් විභාගවලින් ජය ගැනීමේ අවස්ථා හඳුනාගත හැකිය. මේ තත්ත්වය මනාව තේරුම් ගැනීම මවුපියන්ගේ වගකීමක්.


ළමයකුගේ දරා ගැනීමේ හැකියාව වටහා ගනිමින් ඔවුන්ගේ ජීවන රටාවට සුදුසු ලෙස අදාළ ක්‍රියාකාරකම්හි දරුවා නිරත කිරීම වැදගත් තරගකාරී විභාග ජය ගැනීමේ අධ්‍යාපනයට දරුවා කොටු නොකර විෂය බාහිර ක්‍රියාකාරකම්හි දරුවා නිරත කිරීමත් මානසික නිදහස, සම වයස් දරුවන් හා එක් වීමේ අවස්ථාව සලසා දීම මෙන්ම යම් යම් දේ පිළිබඳ ස්වයං අවබෝධය ලබාගනු පිණිස දරුවා යොමු කිරීම සාර්ථක දරුවෙක් නිර්මාණය කිරීමේදී වඩාත් සුදුසයි.


දරුවකුගේ ජීවිතයේ එකම අවස්ථාව ශිෂ්‍යත්ව විභාගය බවට පත් නොකර රටටත් සමාජයටත් වැඩදායී යහපත් මානසික තත්ත්වයෙන් පරිපූර්ණ දරුවකු නිර්මාණය කිරීමට මවුපියන් කැපවිය යුතුය.


තිළිණි කෞශල්‍යා විජේසිංහ
විජයානන්ද රූපසිංහ
ජේ‍යෂ්ඨ කථිකාචාර්ය
කැලණිය විශ්වවිද්‍යාලය
ජනසන්නිවේදන අධ්‍යයන අංශය

යොවුන් ආදරය ලිංගිකත්වය සහ සියදිවි නසාගැනීම

යොවුන් ආදරය ලිංගිකත්වය සහ සියදිවි නසාගැනීම
ඕනෑම කෙනෙක්‌ගෙ ජීවිතය ළදරු තරුණ වැඩිහිටි සහ මහලු යනුවෙන් කොටස්‌ කිහිපයකින් යුක්‌තයි. අපේ මනස කියල වෙනම ඉන්ද්‍රියයක්‌ නැහැ. මොළය තුළ ඇතිවන වර්ධන තත්ත්වයන් සමඟ මනස එක්‌ එක්‌ අවධි තුළ වෙනස්‌ වෙමින් පැවත එනවා. අපේ සිත කොටස්‌ කිහිපයකින් යුක්‌තයි. සිතේ ආදරය. ආසාව රාගය ආදිය පවතින කොටස ඉට්‌ සංස්‌කාරයයි. හොඳ නරක සදාචාරය, ගුණධර්ම ආදිය පවතින සිතේ කොටස සුපර් ඊගෝ ලෙස හඳුන්වනවා. සමහරු හෘද සාක්‍ෂිය ලෙස හඳුන්වන්නේ සුපර් ඊගෝ ලෙස සැලකෙන කොටසමයි. ඕනෑම කෙනෙකුගේ මනස තුළ පවතින දේවත්වය මේ සුපර් ඊගෝ කොටසයි. මනස තුළ සිටින යක්‍ෂයා ලෙස හඳුන්වන්නේ ඉට්‌ කොටසයි. දෙවියා ලෙස හඳුන්වන්නේ සුපර් ඊගෝ කොටසයි. මනසේ ජීවත්වෙන මේ යක්‍ෂයා සහ දෙවියා යාකරන කොටස හඳුන්වන්නේ ඊගෝ නමින්. යක්‍ෂයා හා දෙවියා ජීවත්වන මනසේ මනුෂ්‍යයා ලෙස පෙනී සිටින කොටසයි ඊගෝ ලෙසින් හඳුන්වන්නේ. සෑම මනුෂ්‍යයකුගේම මනසේ මේ අංශ තුන පවතින බව සිග්මන් ප්‍රොයිඩ් නම් ශ්‍රේෂ්ඨ මනෝ විද්‍යාඥයා පවසා තිබෙනවා.

ළදරුවකු තරුණයකු දක්‌වා වර්ධනය වීමේ දී මනසේ මේ අංශ තුනත් ක්‍රමයෙන් වර්ධනය වෙනවා. කෙනෙක්‌ තුළ විවිධ ආශාවන්, විවිධ අවශ්‍යතා ඔහුගේ මනසට ඇතුල්වෙන්නේ මේ වර්ධනයත් සමඟයි. කුඩා අවධියේ යමෙක්‌ තුළ ඇතිවන ආශාවන් හා අවශ්‍යතා කෙමෙන් ඔහු වැඩෙන විට වෙනස්‌ වන්නේ මේ නිසයි. ළදරුවා දරුවකු බවට පත් වී ඔහු යොවුන් වියට පියනඟන විට ආශාවන් හා අවශ්‍යතාවල ශීඝ්‍ර වෙනස්‌වීම් දැකිය හැකියි. ඔහු කෙමෙන් අධ්‍යාපනයට, ක්‍රීඩාවන්ට, ආදරයට, ප්‍රේමයට සහ ලිංගික අවශ්‍යතා වෙත ක්‍රමයෙන් ගමන් කරනවා.

අවුරුදු 14 - 15 වයසේ දරුවන් විරුද්ධ ලිංගිකයන් වෙත වැඩි සැලකිල්ලක්‌ දක්‌වන්නේ මනසේ ඇතිවන වර්ධනයේ සහ සිරුරේ ඇතිවන හෝමෝනවල බලපෑම නිසයි. මෙය ඉතාමත් ස්‌වාභාවික ක්‍රියාවලියක්‌. දරුවෙකු යොවුන් වියට එළඹෙන විට රසායනික විපර්යාස සමූහයක්‌ ඔහුගේ සිරුර තුළ සිදුවෙනවා. නව යොවුන් විය ඇරඹෙන්නේ රසායනික විපර්යාසයන්, මොළයේ ඇතිවන වෙනස්‌කම් සහ සිරුරේ ග්‍රන්ථිවල ඇතිවන වෙනස්‌කම්ද පදනම් කරගෙනයි.

එතෙක්‌ ගත කළ ළමා කාලය අවසන් කර දරුවා තරුණ වියට පාතබන්නේ මෙවිටයි. මේ වන විට දරුවා තුළ පවතින්නේ යොවුන් මනසක්‌. ආදරය, ප්‍රේමය. රාගය, ආසාව වගේම අභියෝගවලට මුහුණ දීමේ ශක්‌තියත් තරුණයකුට ලබාදෙන්නේ යොවුන් මනසයි. මේ වන විට ඔහු අභියෝග රැසකට මුහුණදෙමින් සිටින කෙනෙක්‌. අධ්‍යාපනය, විභාග, ආදරය සහ ලිංගිකත්වය ඔහු තුළ අභියෝගාත්මක ලෙස පවතින කරුණු කිහිපයක්‌. කෙනෙකුගේ ජීවිතයේ මෙම අවධිය අත්හදාබැලීම්වලට පෙළඹෙන සමයක්‌. කෙනෙකුගේ ජීවිතයේ තීරණාත්මක අවධිය ලෙස හඳුන්වන්නේත් මේ සමයයි.

ජීවිතයේ අභියෝගවලට සාර්ථකව මුහුණදීමට හැකි මනසක්‌ අධ්‍යාපනය තුළින් සකස්‌ නොවුණොත් තරුණ දරුවන් නොමඟ යැම ඇරඹෙන්නේ මේ සමයේදියි.

අද අපේ අධ්‍යාපනය ප්‍රධාන වශයෙන් සකස්‌ වී ඇත්තේ විභාග ජයගැනීම පදනම් කරගත් අභියෝග ජයගැනීමට සිසුන් ශක්‌තිමත් කිරීමට මිස මේ වයසේ දී ඔහුගේ ජීවිතය හමුවට එන ආදරය, ආසාව, ලිංගිකත්වය වැනි අභියෝග ජය ගැනීමට නොවෙයි. අද අධ්‍යාපනය තුළින් දරුවකුට ජීවිතය ගැන උගන්වන්නේ නෑ. මනස ගැන උගන්වන්නේ නෑ. තම අවශ්‍යතා සදාචාරයට ගැලපෙන ලෙස හසුරුවා ගන්නේ කෙසේදැයි උගන්වන්නේ නෑ. සෑම දරුවෙක්‌ම සකස්‌ වෙන පරිසර දෙකක්‌ තිබෙනවා. තම නිවසේ පරිසරය සහ පාසල් පරිසරයයි ඒ. නිවසේ පරිසරය හඳුන්වන්නේ ප්‍රාථමික සමාජානුයෝජනය ලෙසයි. පාසලේ පරිසරය ද්විතීයික සමාජානුයෝජනයයි. යම් දරුවකුගේ නිවසේ පරිසරය යහපත් නොවුණත් පාසලේ පරිසරය තුළින් ඔහුට යහපත් දරුවකු විය හැකියි. නමුත් නිවසේ පරිසරයත්, පාසලේ පරිසරයත් අයහපත් වූවොත් ඒ දරුවා විනාශකාරී මගකට යොමුවන්න පුළුවන්.

යහපත් දරුවෙක්‌ බිහිවෙන්නේ කායික, මානසික සහ අධ්‍යාපනික වර්ධනය තුළිනුයි. දරුවකුගේ ජීවිත සංවර්ධනය ලෙස අර්ථ දැක්‌වෙන්නේ එයයි. සමාජ ගැටලු හා පුද්ගල ගැටලු අවම කර ගැනීමේ මාර්ගය ඇරඹෙන්නේත් දරුවා තුළ ඇතිවන මේ ජීවිත සංවර්ධනය තුළිනුයි. අද අපේ සමාජයේ දරුවන් හා තරුණයන් වැඩිදෙනා හැඟීම් හා පෙළඹවීම් මත ක්‍රියාත්මක වන පිරිසක්‌ බවට පත්වී තිබෙන්නේ ඔවුන්ගේ ජීවිත සංවර්ධනය නිසියාකාරව සිදු නොවීම නිසයි.

තරුණ තරුණියන් තුළ ප්‍රේම සම්බන්ධතා ඇතිවන්නේ විරුද්ධ ලිංගිකයන් වෙත ඔවුන් දක්‌වන ආකර්ෂණය නිසයි. මෙය විශ්වය තුළ පවතින ජෛව ආකාර්ෂණයක්‌. ස්‌වාභාවික ක්‍රියාවලියේම කොටසක්‌. වැඩිහිටියන් මෙය අවබෝධ කරගත යුතුයි.

යොවුන් වියේ ඇතිවන ප්‍රේම සබඳතා, තරුණ වියේ ඇතිවන අනිසි සබඳතා පිළිබඳ මා සිදු කළ අධ්‍යයනයකදියි සම ලිංගික සබඳතා ඇති කර ගන්නා තරුණයන් ඔවුන්ගේ ළමා වියේදී බොහෝ විට පියාගේ ආදරය අහිමි වූ පිරිසක්‌ බව හෙළිදරව් වුණේ. එබඳු සබඳතා ඇතිකරගත් තරුණියන් බොහෝ දෙනෙක්‌ තම මවගේ ආදරය නිසි පරිදි නොලැබූ පිරිසක්‌ බවත් හඳුනා ගත්තා. දරුවෙකුට මවගේ සහ පියාගේ ආදරය ඔහුගේ හෝ ඇයගේ ජීවිතයට කෙබඳු බලපෑමක්‌ සිදුකරනවාද යන්න මෙයින් පැහැදිලි වෙනවා.

තරුණ වියට එළඹෙන දරුවන්ට විශේෂයෙන් දෙමවුපියන්ගේ ආදරය අවශ්‍යයි. දෙමවුපියන් තම දරුවන්ට ආදරය කිරීම පමණක්‌ සෑහෙන්නේ නෑ. එය දරුවන්ට ප්‍රකාශ විය යුතුයි. දරුවා දෙමවුපියන් තුළින් එය හඳුනා ගත යුතුයි. දෙමවුපියන් දරුවන්ට සමීප වුණ තරමට ඔවුන් අයාලේ යැම නවතිනවා. දරුවන් තම ජීවිත විනාශකර ගැනීම වැළකෙනවා.

තරුණ තරුණියන්ට අද ආදරය පිළිබඳ නිසි අවබෝධයක්‌ නැහැ. එය ලබා ගැනීම සඳහා ඔවුන්ට මඟකුත් නෑ. ලිංගිකත්වය පිළිබඳ අවබෝධයක්‌ ලබා ගැනීමට මඟකුත් නෑ. ඒ පිළිබඳ ලියවුණු පොතපතත් අඩුයි. මේ අධ්‍යාපනයෙන් ඒ පිළිබඳ ලැබෙන දැනීමකුත් නෑ. හොඳින් සාමාන්‍ය පෙළ, උසස්‌ පෙළ සමත් වී විශ්වවිද්‍යාලයට යන දරුවන් අද ආදරය සහ ලිංගිකත්වය නිසා තම ජීවිත විනාශ කර ගන්නේ ඒ නිසයි. අද අපේ රටේ තරුණ තරුණියන් සියදිවි නසා ගැනීමට ප්‍රධාන හේතුවක්‌ වන්නේ ආදරය හා සම්බන්ධ ප්‍රශ්නවලදී එයට මුහුණදෙන ආකාරය පිළිබඳ ඔවුන්ට අවබෝධයක්‌ දැනීමක්‌ නැති නිසයි.

අද බොහෝ තරුණ පිරිස්‌ ආදරය විලාසිතාවක්‌ කරගෙන. තවකෙනෙක්‌ කරන නිසයි ඔවුන් ආදරය කරන්නෙ. ආදරය ඊට වඩා ගෞරවාන්විත දෙයක්‌. හැඟීම් හා අවශ්‍යතා නිසා ඇතිවන පෙළඹවීම මත ආදරයෙන් බැඳෙන බොහෝ දෙනකුට අද ආදරය තුළ ඇති සුන්දරත්වය වටහා ගැනීමට හැකියාවක්‌ නෑ. රාගය, ප්‍රේමය හා සුන්දරත්වය එකිනෙකින් වෙන්කොට හඳුනාගත නොහැකි තත්ත්වයක්‌ අද ඇතැම් තරුණ තරුණියන් අතර තිබෙනවා. තරුණ මනස හඳුනා ගැනීමට අද සමාජය තුළ ඉඩක්‌ හෝ මඟක්‌ නැතිවීමත් මෙයට එක හේතුවක්‌.

ආදරය ප්‍රේමය හා ලිංගිකත්වය පිළිබඳ සිසු සිසුවියන්ට වැටහීමක්‌ ලබාගත හැකි ආකාරයට වර්තමාන අධ්‍යාපන ක්‍රියාවලිය වෙනස්‌ විය යුතුයි. අධ්‍යාපනය, රැකියාව හා විවාහය වටා ඇති අභියෝග නිසි ලෙස ජයගැනීමට තරුණ තරුණියන්ට ශක්‌තිය ලැබෙන්නේ එවිටයි.

අද තරුණ තරුණියෝ තුළ විශාදය නමැති මානසික රෝගය බහුලයි. එය තරුණ වියේ අභියෝග නිසි ලෙස ජයගැනීමට අවශ්‍ය ශක්‌තිය නොමැති නිසා ඇතිවූ තත්ත්වයක්‌. විශාදය තුළින් තමා තමාටත් අනුන්ටත් වෛර කරන තත්ත්වයකට පත්විය හැකියි. අද සමාජයේ දකින්නට ඇති බොහෝ සියදිවි නසා ගැනීම්වලට සහ ඝාතනවලට මෙය ප්‍රධාන හේතුවක්‌. තරුණ මනස හා එහි ස්‌වභාවයත් අභියෝග ජය ගැනීමට තරුණ මනස හැඩගැස්‌විය යුත්තේ කෙසේද යන්න පිළිබඳවත් පුළුල් සංවාදයක්‌ සමාජය තුළ ඇතිනොකොට මේ තත්ත්වය වැළැක්‌වීම අපහසුයි.

තව කොටසක්‌ ලබන සතියේ

මානසික සෞඛ්‍ය පදනමේ සභාපති, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දර්ශනය සහ මනෝවිද්‍යාව පිළිබඳ
මහාචාර්ය ඥනදාස පෙරේරා
සාකච්ඡාවකින් සකස්‌ කළේ -
පාලිත සේනානායක


http://www.divaina.com/2013/05/12/feature19.html

නිදහස්‌ අධ්‍යාපනය නොතිබුණා නම් අද මම විශ්‍රාමික ගොවියෙක්‌ !

නිදහස්‌ අධ්‍යාපනය නොතිබුණා නම් අද මම විශ්‍රාමික ගොවියෙක්‌ !ආචාර්ය ආරියපාල ඒකනායක

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්‌ත්‍ර පීඨයේ ආර්ථික විද්‍යා අංශයේ දිගු කලක්‌ සේවය කළ කීර්තිමත් ගුරුවරයෙකි. පර්යේෂකයෙකි. විද්වතෙකි. ලේඛකයෙකි. නිදහස්‌ අධ්‍යාපනය ඔස්‌සේ එහි මහරු ඵල ප්‍රයෝජන නෙලා ගනිමින් ප්‍රාමාණික උගතෙකු වූ ඔහු
මෙරට ආර්ථික විද්‍යා ක්‌ෂේත්‍රය බබළවන වත්මන් විද්වතුන් සිය ගණනකගේ කීර්තිමත් ගුරුවරයකු ලෙස ප්‍රකටය. ඔහු සිය ජීවිත ගමන අළලා ලියූ චරිතාපදානය ඇසුරින් පවත්වන ලද
සම්මුඛ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය

ජීවිතයේ විවිධ අත්දැකීම්වලට මුහුණ දෙමින් විවිධ තනතුරු උසුලමින් ජීවිතයේ සැÄ භාගයේ පසුවන ඔබට මෙසේ ඔබේ අතීත ජීවිත ගමන දෙස ආපසු බලන්නට හිතුණේ ඇයි?

පිළිතුර
හුදකලාවේ, තනි පංගලමේ මේ ගේ සාගරයේ ජීවත්වන මට, මගේ හිතට ගලාඑන සිතිවිලි ධාරාවන්වල කෙළවරක්‌ නැහැ. මේවායේ අවසානයක්‌ තිබෙන්න ඕනෙ. මේවා ක්‍රමවත්ව, පිළිවෙළකට ලියා තැබිය යුතු යෑයි මං අදහස්‌ කළා. මම ගැන මං හරියාකාරව දන්නවා යෑයි මට කියන්න බැහැ. මගේ ගෝල බාලයින්, නැදැ හිතමිතුරන් කෙසේ වෙතත් මගේ දූ දරු මුනුපුරු, මිනිපිරියන්වත් මං ගැන දන්නේ නැහැ. මං මෙහි තැබූ සටහන් නිසයි ඉහත සඳහන් සියලු දෙනාම මං කවුද යනු හරියටම දැන ගත්තේ. මුළු ලෝකයම පිහිටා ඇත්තේ බඹයක්‌ පමණ වූ මේ ශරීරය තුළයි. ඒa අනුව බලන විටත් තමා ගැන දන්නා ටික වැඩි කර ගැනීමට මෙවැනි අභ්‍යාසයක්‌ උපකාර වෙනවා. තවත් විශේෂ කාරණාවක්‌ තිබෙනවා. කොළඹ සිට සැතපුම් 100 ක්‌ පමණ මධ්‍යම කඳුකරය දෙසට ඈතින් ඇති, කඳු බෑවුමක පිහිටා ඇති අපේ ගම් ප්‍රදේශය ගැන කිසිවෙක්‌, කොතැනකවත් ලියා ඇති බවක්‌ මං දන්නේ නැහැ. ලංකාව යටත් විජිතයක්‌ව පැවති දෙවන ලෝක යුද්ධ සමය ගැන පොත් පත් බොහොමයක්‌ ලියවී ඇතත් අපේ ගම් ප්‍රදේශය ගැන කිසිවක්‌ ලියවී නැහැ. යුද්ධය නිසා ගම් ප්‍රදේශයට වූ හානිය, ඇතිවූ වෙනස ගැන දන්නේ දුප්පත් ගම්වැසියන් පමණයි. නිරන්තරයෙන්ම මගේ හිතට ඇතුළුවෙන සිතුවිලි ධාරා නිසා අතීතය මං වෙළා ගන්නා බව මට දැනෙනවා. මේ හැමටම පිළිතුරු ලෙස මං හිතුවේ හිත තුළ තෙරපෙන සියලුම දේ ක්‍රමවත්ව සටහන් කර තැබීමයි.

ප්‍රශ්නය
ඔබ ගමෙන් පැමිණ නගරය ජයගත් කෙනෙක්‌. ගම කොතෙක්‌ දුරට ඔබගේ ජීවිතය හැඩගස්‌වා ගැනීමට උපකාර වුණාද?

පිළිතුර
ඔබ කියන දේ හරියට ඇත්ත. මං ගමෙන් ඈත්වී බොහෝ කල් ගතවී ඇතත් මං ගමෙන් ලද ආභාසය දැනටමත් මා කෙරෙහි දැඩි බලපෑම් ඇති කරනවා. උදාහරණයක්‌ වශයෙන් ගත්තොත් මාගේ දෙමාපියන්ගේ, වැඩිහිටියන්ගේ ආගමික ජීවිතය මා කෙරෙහි ඇති කරන ලද බලපෑම් තවමත් මා හසුරුවන බව දැනෙනවා. නූතන පරම්පරාව කේන්දර, නක්‌ෂත්‍ර රාහු කාලය වැනි දේ එතරම් ගනන් නොගන්නා බව මට තේරෙනවා. එහෙත් මට ඒවා කෙරෙහි ඇත්තේ විශ්වාසයක්‌. ගමට රෝග බිය උපද්‍රවයක්‌ ඇති වන විට ගමේ පිරිස්‌ පන්සලට ගොස්‌ ලොකු හාමුදුරුවෝ හමුවී සති පිරිත් පටන් ගන්නවා. තරුණ පිරිස්‌ ගම දෙකට බෙදා ගම්මඩු , පොරපොල් තරග හා අං ඇදීම් වැනි පාරම්පරික ක්‍රීඩාවල යෙදෙනවා. රාත්‍රී කාලයේ ගම හරහා පන්දම් පත්තු කරගෙන දෙවියන්ට කන්නලව් කරමින් පේළි යනවා. මුලු ගමේම පිරිත් පැන් ඉහිනවා. මේ හැමදෙයක්‌ම කුඩා කල මගේ සිත තුළ තැන්පත් වුණා. ඒ හැමදෙයක්‌ම මගේ ජීවිතය හැඩගස්‌වා ගැනීමට උපකාර වුණා. ගමේ මුලාදැනියා හැමදේකටම ප්‍රමුඛත්වය දුන්නා.

ප්‍රශ්නය
ගම පිළිබඳව දීර්ඝ විස්‌තරයක්‌ ඔබගේ පොතේ සඳහන් වෙනවා. බැලූ බැල්මට එම විස්‌තරය පොතෙහි අනෙකුත් පරිච්ඡේද සමග නොගැළපේ යෑයි කෙනෙකුට සිතෙන්නට පුළුවන්. මේ පිළිබඳව ඔබගේ අදහස කුමක්‌ද?

පිළිතුර
ඔය කියන කතාවට මම එකඟ වන්නේ නැහැ. මං ගම ගැන නොලියන්නේ නම් මගේ මතය හැටියට මම අහසින් වැටුණ කෙනෙක්‌ ලෙසට ඔබ සිතන්නට පුළුවන්. ගම ගැන ලියන්නට මට තවත් බොහෝ දේ තිබුණා. අවශ්‍යම ප්‍රධානම දේ තමයි ලියා තිබෙන්නේ. මගේ උරුමය එතනයි.

ප්‍රශ්නය
මාර්ටින් වික්‍රමසිංහ "අපේ ගම" වැනි කෘතීන් ලියන විට එය ගමටම පමණක්‌ සීමා නොවී දකුණු පළාතම ආවරණය වන අන්දමට ලිවීම කළා. මධ්‍යම පළාත සම්බන්ධව එවැනි කෘතීන් එළාදැක්‌වී නැති නිසා අනාගතයේදීවත් එවැනි කෘතියක්‌ එළි දැක්‌වීමට අදහසක්‌ නැද්ද?

පිළිතුර
ඔය සම්බන්ධව මම දැනගෙන හිටියේ මීට වර්ෂ ගණනාවකට ඉස්‌සෙල්ලයි. ඇත්තෙන්ම මෙවැනි කෘතීන් බිහි කිරීමට හැකියාවක්‌ තිබූ එකම පුද්ගලයා නැසී ගිය ටී. බී. ඉලංගරත්න මැතිතුමායි. නමුත් එතුමා ඔහුගේ මුළු කාලයම වැය කළේ නව කතා සහ කෙටිකතා ලිවීම සඳහායි. මෙය මං කියන කතාවක්‌ නොවෙයි. මාර්ටින් වික්‍රමසිංහ මහතා ජීවතුන් අතර සිටියදී කියපු කතාවක්‌. අනික එවැනි ගාම්භීර සාහිත්‍ය කෘතීන් ලියන්න තරම් ලේඛකයෙක්‌ නෙවෙයි මං.

ප්‍රශ්නය
ඔබගේ ග්‍රන්ථයේ රචනා ශෛලිය සහ "ඔබ" යොදා ගැනීමේදී "උත්තර පුවත්" භාෂාවක්‌ යොදාගෙන නැහැ. සිද්ධි සහ කරුණු ඇති සැටියෙන් වාර්තා කිරීම ඔබගේ අභිලාෂය බව පෙනෙනවා. මේ පිළිබඳව ඔබගේ අදහස්‌ දැන ගැනීමට කැමතියි.

පිළිතුර
ඔබ අහන දේ ඇත්ත. මට අවශ්‍යව තිබුණේ සාහිත්‍යධරයන් හෝ පඬිරුවන් සඳහා පොතක්‌ ලිවීම නොවෙයි. කුමන තරාතිරමේ අයෙකුට වුවත් කියවා තේරුම් ගැනීමට පුළුවන් කෘතියක්‌ බිහිකිරීමයි. මම භාෂා විශාරදයෙක්‌ නොවන නිසා මට පහසු ශෛලියක්‌ යොදා ගත්තා. එය නිවැරැදි යයි මම හිතනවා.

ප්‍රශ්නය
ඔබගේ රාජකාරි ජීවිතය, රජයේ සේවය සහ විශ්වවිද්‍යාල සේවය යනුවෙන් ප්‍රධාන කොටස්‌ දෙකකට බෙදිය හැකිය. මෙම අංග දෙකෙහි අතීතය සහ වර්තමානය ගැන යමක්‌ කිව හැකිද?

පිළිතුර
මම මගේ රජයේ වෘත්තිය ආරම්භ කළේ 1951 නොවැම්බර් මස මැද භාගයේ දීයි. එතැන් සිට වසර 14 කට ආසන්න කාලයක්‌ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විවිධ ප්‍රදේශවල සේවය කළා. එකල රජයේ සේවයේ නියුතු අයෙකුට ලොකු ගරුත්වයක්‌ මෙන්ම පිළිගැනීමක්‌ තිබුණා. ඒ කාලය තුළ සමාන්තර ශ්‍රේණිවල නිලධාරීන් ආශ්‍රය කිරීමට අවස්‌ථාව ලැබුණා. මින්නේරිය වගේ දුර බැහැර ප්‍රදේශවල රජයේ සේවයේ නියුතු අයට රජයේ නේවාසික බංගලා පවා ලැබෙනවා. එමෙන්ම විශාල වශයෙන් කම්කරු ශ්‍රේණිවල පුද්ගලයින් සමග ගනුදෙනු කිරීමට අවස්‌ථාව ලැබුණා. තමන්ට ඉහළ නිලධාරීන්ට ගරු කිරීමට තම වෘත්තියට නිගරු වන සේ කටයුතු නොකිරීමට ඔවුන් පුරුදු පුහුණු වී සිටියා.
විශ්වවිද්‍යාලයේ දී මට මුණ ගැසුණේ ඊට හාත්පසින්ම වෙනස්‌ පිරිසක්‌. දිවයිනේ නා නා දෙසින් පැමිණි උගත් බුද්ධිමතුන් පිරිසක්‌. ඒ අය තුළ විවිධ මත තිබුණත් කලක්‌ යන විට ඒවා සියල්ලම සම වෙනවා. ඒ අයට මං නිතරම සැලකුවේ මගේ දරු පිරිසක්‌ ලෙසටයි. මේ අය විවිධ බාහිර බලපෑම් නිසා දඩම්බර වුවත් ඒ අයට නිසි මග පෙන්වා දීම ආචාර්යවරයෙකුගේ යුතුකමක්‌. වසර 28 ක දිගු සේවා කාලයක්‌ තුළ දහස්‌ ගණන් සිසු සිසුවියන්ට සිප් සතර උගන්වා ඇත. ඒ අය අතරෙන් අද සමාජයේ විවිධ තරාතිරම්වල වැජඹෙන පුද්ගලයන් සිටිනවා. මා ඔවුන් ගැන ආඩම්බර වෙනවා. ඔවුන් අතරෙන් ආරාධනා ලැබ හෝ නොලැබ අතළොස්‌සක්‌ දෙනා මගේ කෘතිය දොරට වැඩීමේ දිනයට පැමිණීම ගැන මං ආඩම්බර වෙනවා.

ප්‍රශ්නය
ස්‌වයං ලිත චරිතාපදානයකදී මම ඉදිරියටම ඒම වළක්‌වන්න බැහැ. එහෙත් ඒ කාර්යයේදී ඔබ ඇල්මරා ඒ කාරණා ඉදිරිපත් කරන බව මෙහි පෙරවදනින් කියවෙනවා. ඔබ එයින් අදහස්‌ කළ දේ කිව හැකිද?

පිළිතුර
ස්‌වයං ලිත චරිතාපදානයක්‌ කියන්නේ මම ගැන කියන කථාවක්‌ තමයි. ඒ වුවත් දැඩි මමත්වයක්‌ නැතිව එය ලිවීමට ප්‍රයන්ත දැරීම ලේඛකයෙකුගේ වගකීමයි. මා විසින් "ඇල්මරා" ඇත්තේ ලැනරෝල් පඬිවරයාගේ වචනවලින් කියවෙන හපන්කම් සහ "පුරසාරම්ය".

ප්‍රශ්නය
ඔබගේ ආදරණීය භාර්යාව "හැර නොයන සෙවණැල්ලක්‌" ලෙස ඔබගේ ජීවිතයට බලපා ඇති බව පෙනෙනවා. ඒ පිළිබඳව මතක සටහනක්‌ කිව හැකිද?

පිළිතුර
මට මේ සම්බන්ධව කථා කිරීම ඉතාම අපහසු දෙයක්‌. දැනට මා සමග නැති නිසා එය තවත් අපහසුයි. එහෙත් ඔබ අසන නිසා මේ සම්බන්ධව යමක්‌ පැවසිය යුතුයි. අප දෙදෙනා එක්‌ව ගතකළ අවුරුදු 51 ක ජීවිතය, කෙසේවත් අමතක කළ නොහැකියි. බොහෝ විට අප සිරිත යම් කෙනෙක්‌ ජීවත්ව සිටියදී ඇය හෝ ඔහු කරන කියන දේ අගය කිරීම වේ. නමුත් මම මගේ ජීවිතයේ යම් දුරකට ගියා නම් ඒ මගේ භාර්යාවගේ නිහඬ දායකත්වය නිසා බව පැවසිය යුතුයි. අපට දූවරුන් දෙදෙනෙක්‌ සහ පුතුන් දෙදෙනෙක්‌ ඉන්නවා. මේ අය උස්‌, මහත් කර යහමගට යොමුකර උසස්‌ අධ්‍යාපනය ලබාදීමට ඇය ගත් උත්සාහය සම්පූර්ණයෙන්ම සාර්ථක වුණා. එහි ප්‍රතිඵල දැන් අපි භුක්‌ති විදිනවා.

ප්‍රශ්නය
කන්නන්ගර ශ්‍රීමතානන්ගේ නිදහස්‌ අධ්‍යාපන සංකල්පය නිසා ඔබ ජීවිතය ජයගත් කෙනෙක්‌. ඔබගේ ග්‍රන්ථයේ අවසන් පරිච්ඡේදවලද ඒ බව සඳහන් වෙනවා. ඒ ගැන යමක්‌ කිව හැකිද?

පිළිතුර
ඉතාමත් කෙටියෙන් කියනව නම් සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාගේ නිදහස්‌ අධ්‍යාපන වැඩපිළිවෙල නොතිබෙන්නට අද මම අපේ ගමේ විශ්‍රාමික ගොවියෙක්‌ වෙන්නට බොහෝ සෙයින් ඉඩකඩ තිබුණා. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබා රජයේ රැකියාවල නිරත වී, උසස්‌ අධ්‍යාපනය ලබා, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු ලෙස කටයුතු කර විශ්‍රාම ගැනීමට ලැබුණේ එතුමාගේ ඒ වැඩපිළිවෙළ නිසයි. එය මම පමණක්‌ නොවෙයි මුළු ලංකාව පුරාම විසිරී සිටින දුගී දුප්පත් දූ පුතුන් ලැබූ ජයග්‍රහණයක්‌ ලෙස සලකනවා.

සාකච්ඡා කළේ
ලයනල් ගන්ගේ


http://www.divaina.com/2013/05/12/nimna04.html

Tuesday, May 7, 2013

දරුවන්ගේ මුල්ම ගණිත ගුරුවරයා අම්මා

දරුවන්ගේ මුල්ම ගණිත ගුරුවරයා අම්මා




පූර්ව ක්‍රියාකාරී චින්තන අවධියේ පසුවන පෙර පාසල් දරුවා තර්කානුකූලව සිතීමට අවශ්‍ය ප්‍රජනන, බුද්ධිමය දක්‍ෂතා එකින් එක ගෙන ඒ සඳහා මවුපියන්ට හෝ පෙර පාසල් ගුරුවරියට කළ හැකි විවිධ ක්‍රියාකාරකම් කිහිපයක් මෙහිදී කතා බහ කරමු.

නිරීක්‍ෂණ දක්‍ෂතාව
මේ සඳහා මවුපියන් වන ඔබට විවිධ හැඩතල ඇති උපකරණ කිහිපයක් ගෙන ඒවායේ වෙනස්කම් මොනවාදැයි සාකච්ඡා කළ හැකිය. උදාහරණයක් ලෙස රවුම් හැඩයේ එක සමාන නොවන උපකරණ කිහිපයක් ගන්න. ඒවා එකට තබා එහි ඇති සමානතා, නොගැළපීම් පිළිබඳ කතා කරන්න. රවුම් හැඩය හා සමාන එළවළු, පලතුරු වර්ග, පිඟන්, පීරිසි, වළං මුට්ටි, කාඩ්බෝඩ් වලින් හදාගත් රවුම් හැඩතල කිහිපයක් ගෙන ඒවායේ පරස්පරතා කතා බහ කළ හැකිය. ස්වාභාවික පරිසරයේ තිබෙන ඉර, හඳ පවා මෙහිදී නිදසුන් ලෙස ගන්න. එමෙන්ම ත්‍රිකෝණ ආකාරයේ හැඩ ඇති දේවල් හොයන්න දෙන්න. පසුව එක සමාන හැඩ තල කිහිපයක් පාට කිරීමට යොමු කරන්න. මැටිවලින් හෝ ක්ලේවලින් හැඩතල නිර්මාණ කර පෙන්වන්න. නිර්මාණය කර ගත් හැඩතල විවිධ පැතිවලට හරවා ඒවා නිරීක්‍ෂණය කිරීමට දරුවා යොමු කළ හැකිය.
වර්ගීකරණ දක්‍ෂතාව (තෝරා ගැනීම)

යම් ද්‍රව්‍යයක ලක්‍ෂණය අනුව තෝරා ගැනීම එනම් විශාලත්වය, හැඩය, එය ඉටුකරන කාර්යභාරය අනුව වෙන් කිරීම, ගඳ සුවඳ අනුව වෙන් කිරීම, ශබ්දය, හඬ, මිහිරි, අමිහිරි භාවය අනුව වෙන් කිරීම, "රස" අනුව තිත්ත, ඇඹුල් ආදී පැණිරස අනුව වෙන්කිරීම හා ඒ ගැන වැඩිහිටියන් වන ඔබ විස්තර කළ යුතුය. සාමාන්‍ය, අසාමාන්‍ය දේවල් පරීක්‍ෂා කර බලා ඒවා දරුවාට විස්තර කිරීමට අවස්ථාව සලසා දෙන්න.

මෙහිදී "එක හා සමාන සහ එකිනෙකට වෙනස්" යන යෙදුම් තේරුම් ගැනීමට නම් දරුවා තෝරා ගැනීම, සමකිරීම පිළිබඳ විවිධ අත්දැකීම් ලබාගත යුතුය. පවුලේ සහෝදර සහෝදරියන්, තාත්තා, අම්මා, නැන්දා, ආච්චි, බාප්පා ආදී වශයෙන් සම්බන්ධතා තේරුම් ගැනීමට ඉඩ සැලසිය හැකිය. ඒ පිළිබඳ කතා කිරීම, සෙල්ලම් කරන විට නිරායාසයෙන් තේරුම් ගනී. ඉහළ පහළ, උඩ යට, පසුපස, ඉදිරිපස වදන් මාලාවන් ඉගෙන ගැනීමට ක්‍රීඩාව ඇසුරින් යොමු කළ හැකිය.
දරුවා පරිසරයේ ඇති ගහක් යටට කැඳවා ගෙන යන්න. ගහ උඩ තියෙන්නේ මොනවද? කියලා දරුවගෙන් අහන්න. දරුවා කොළ, මල්, ගෙඩි ආදී වශයෙන් පිළිතුරු දෙයි. ගහ යට තියෙන්නේ මොනවද? දරුවා වැලි, ගල්, ඉදුණු, වියළි කොළ ආදී වශයෙන් පිළිතුරු දෙයි. අපි ඉන්නේ කොහේද? දරුවා "ගස යට" වශයෙන් පිළිතුරු දෙයි. ගහට අෑතින් ඇති දෙයක නම් කියන්න.

(ස්ථානය අනුව දරුවා පිළිතුරු දෙයි) ගහට උඩින් තියෙන්නේ මොනවද? දරුවා පිළිතුරු දෙයි.
දරුවා නිවෙස ඇතුළට එක්කරගෙන යන්න. කාමරයේ පොත් මේසය ළඟට ගොස් දරුවාගෙන් මේ ආකාරයට ප්‍රශ්න අහන්න.
• පොත් තියෙන්නේ කොහේද? මේසය උඩ.
• මල්පෝච්චිය තියෙන්නේ කොහේද? මේසය උඩ.
• සපත්තු දෙක තියෙන්නේ කොහේද? මේසය යට.
• කබඩ් එක තියෙන්නේ කොහේද? මේසය ළඟ.
• කාමරයේ ‍ෙදාර තියෙන්නේ කොහේද? මේසයට අෑතින්. පසුව ඔබ පින්තූර 03ක් ගන්න.
• කොකා යන්නේ පේළියේ කොතැනද? ඉදිරියෙන්.
• අලියා යන්නේ පේළියේ කොතැනින්ද? මැදින්.
• හාවා යන්නේ පේළියේ කොතැනින්ද? පිටුපසින්.
• කොකයි හාවයි මැද යන්නේ කවුද? අලියා.
• කොකාටයි අලියාටයි පිටිපස්සෙන් යන්නේ කවුද? හාවා. වෙනත් කාර්යයන්වල නිතර වුවහොත් මෙම ක්‍රියාකාරකම් දරුවාට තනියම සිදුකිරීමට අපහසුය. අප තවත් නිදසුනක් ගනිමු.

• ප්‍රමාණ කිහිපයකින් යුත් මල් 4ක් හෝ 5ක් සොයා ගන්න.
• මලේ ප්‍රමාණය අනුව ලොකු මලේ සිට කුඩා මල දක්වාත් කුඩා මලේ සිට ලොකු මල දක්වාත් තැබීමට සලස්වන්න.
• කුඩා මලේ සිට ලොකු මල දක්වා මල් මාලයක් අමුණා පෙන්විය හැකිය.
• පින්තූර ආකාරයට පාට කිරීමට පුළුවන්.
• විවිධ ප්‍රමාණයේ බෝතල් හෝ වීදුරු ගෙන ලොකු බෝතලයේ සිට පොඩි බෝතලයටත් වතුර පිරවීමට දෙන්න. වතුර ප්‍රමාණය පිළිබඳ අසමින් සතුටින් ක්‍රීඩාවක් ලෙස මෙය සිදුකිරීමට ඉඩ දෙන්න.

මෙහිදී කිවයුතු දෙයක් ඇත. දරුවා තමන්ගේ අදහස් ප්‍රකාශ කරන විට ප්‍රශංසා කරන්න. ඉදිරිපත් නොවන්නේ නම් උනන්දුව ඇති කරන ආකාරයට කතා බහ කරමින් දරුවා එම ක්‍රියාකාරකම් තුළ රඳවා ගන්න. සමහර දරුවන් පෙර පාසල් වියේදී මෙම කුසලතා සියයට සියයක්ම අත්පත් කර නොගනී. විවිධ ක්‍රියාකාරකම් නිවෙස තුළ කිරීමෙන් කාලයත් සමඟ මෙම හැකියා දරුවන් තුළ ඇති වන බව කිව යුතුයි.

සංඛ්‍යාමය දක්‍ෂතා
පෙර ලිපියේ මා සඳහන් කළ පරිදි වැඩිහිටියන් මවුපියන් හිතන ආකාරයේ සංඛ්‍යා අවබෝධය දරුවාට නැත. සංඛ්‍යා පිළිබඳ "සංකල්පය" වර්ධනය කර ගැනීමට ළමයින් දිරිගැන්වීම ඔබට කළ හැකිය. ළමයා නිතරම ගණන් කිරීමේදී වැඩිහිටියාත් අනුගමනය කරයි. ඔබට කළ හැකි වන්නේ නිවැරැදිව ගණන් කර පෙන්වීමයි. මෙය ක්‍රම ක්‍රමයෙන් දියුණු කළ යුත්තකි. ඔබ පොළට ගොස්
එළවළු රැගෙන ආ වෙලාවට එළවළු වෙන් වෙන්ව අතුරා ඒවා එකින් එක ගණන් කරන්න. මෙය දරුවාට ඇසෙන්නට හා දකින්නට සලස්වන්න. මෙය කීප දවසක් සිදුකරන විට දරුවා නිරායාසයෙන්ම ගණන් කිරීමට උගනී. පබළු ඇට, ටොෆි, රථවාහන වැනි දරුවා ආසා කරන දෙයකින් ආරම්භ කළ හැකිය. මෙය ඔබට ගීතයකින් ඉගැන්විය හැකිය. දරුවා නාවනවිට කෝප්පයෙන් ඔළුවට වතුර දමද්දී 1, 2, 3, 4, 5 ආදී වශයෙන් ගණන් කළ හැකිය.

එකයි දෙකයි තුනයි කියලා
වතුරට පැන්නා
එකයි දෙකයි තුනයි කියලා
ගොඩටම ආවා
හා පැටවුන් දෙන්නයි.
පූසු පැටව් තුන්දෙනයි.
එකයි දෙකයි තුනයි කියලා
ගොඩටම ආවා.
හා පැන්චලා එකයි දෙකයි
පූසු පැටව් එකයි, දෙකයි, තුනයි
අපි සේරම එකතු වෙලා පහටම ගැන්නා.
ආදී වශයෙන් ඔබට විවිධ ප්‍රශ්න ගොඩනඟා ගෙන ප්‍රශ්න කළ හැකිය. මෙය නැතිනම් ගීතයකින් කියා දිය හැකිය.

අඹ ගෙඩියක් උඩ අත්තේ
අඹ ගෙඩියක් බිම අත්තේ
අෑතින් එන බට්ටිච්චෙක්
පේර කන්න ගහට එතේ
ටිං ටිං ටිං පොඩි ලේනා
පේර ගෙඩිය කන ලීලා
ළඟ ඉඳගෙන තව ලේනෙක්
පේර ගහට දිව යන්නා
පන්ති කාමරයේදී නම් මෙය පින්තූරයකින් හෝ පෙන්වා දරුවාගෙන් ප්‍රශ්න ඇසීමට පුළුවන.

විශාරද
නයනා ගුණවර්ධන
ව්‍යාපෘති නිලධාරි
ජාතික අධ්‍යාපන ආයතනය

පාඩම් කරන හැටි....

ඕනෑම විභාගයක් සඳහා සූදානම් වෙන ඕනෑම කෙනෙකුට  මතක තියාගන්න ක්‍රමයක්. විභාගෙකට විතරක් නොවෙයි යමක් මතක තියාගන්න ඕනෙ ඕනෙම අවස්ථාවක මේ ක්‍රමය අත් හදා බලන්න.




මේක ඇත්තටම විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න අය දන්නවා. නොදන්න අයට පැහැදිලි කිරීමක් කරන්නම්කෝ. GPA, ඒ කියන්නේ Grade Point Average (සමහරු තරහට Global පිටිපස්ස_පැත්තෙ අමාරුව කියලත් අර්ථකථනය කරනව.). මේක ශිෂ්‍යයෙක් සිය සරසවි දිවිය තුළ සියලුම විෂයයන් වලට ලබා ගන්නා ලකුණු වල සාමාන්‍ය අගය දක්වන මිනුමක් ලෙසට දක්වන්න හැකියි. මෙහි උපරිමය 4.0 හෝ 4.5 දක්වා ගන්නවා. උපාධියේ පන්ති සාමාර්ථය (Class) (උපාධිය හැදෑරීමේදී ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව දැක්වූ කුසලතාව පිළිබඳ දර්ශකයක්) ඒ කියන්නේ පළමු පෙළ (1st Class) ද , දෙවන පෙළ ඉහළ (2nd Upper) , දෙවන පෙළ පහළ (2nd Lower)  හෝ සාමාන්‍ය සාමාර්ථයක් (General Pass) ද යන්න තීරණය වන්නේ මෙන්න මේ කියන GPA අගය මත. ගොඩක් වෙලාවට ඉහළ පෙළේ රැකියාවක් හෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්න අය (ඒ සඳහා සලකා බැලෙන්නේ පළමු පෙළ හෝ දෙවන පෙළ ඉහළ පන්ති සාමාර්ථලාභීන්) හැම විටම මෙහි අගය 4.0 ආසන්නව, අඩු ගණනේ  3.5 ට ඉහළව තබා ගන්න උත්සාහ කරනවා. මේ නිසා සරසවිව තියෙන්නේ (උසස් පෙළ වගේ) තරඟකාරී විභාග නොවුනත් (තරඟකාරී විභාගයක ලක්ෂණය තමයි සමත් වුනත් සාපේක්ෂව ඉහළම ළකුණු නොගත්තොත් අසමත් වුනා හා සමාන සැලකීම්වලට බඳුන් වීම.), කණ්ඩායමේ කීපදෙනෙක් අතරේ සීතල යුද්ධයක් දකින්න පුළුවන්. අවාසනාවකට මේ අය ගොඩක් වෙලාවට උත්සහ කරන්නේ කෙසේ හෝ ඒ අරමුණට ළඟා වීම මිසක් විශය කරුණු මනාව වටහාගෙන අවබෝධයකින් කටයුතු කිරීම නොවෙයි. මේකට කියන්නේ කටපාඩම් කිරීම හෝ වනපොත් කිරීම බව කවුරුත් දන්නවා. සරසවි ප්‍රජාව මේකට කියන්නේ 'ගිරවා දැමීම' කියලා.

මේ 'ගිරවා දැමීම' අඩු වැඩි වශයෙන් ජීවිතයේ කඩඉම් තරණය කිරීමේදී හැමෝටම අකමැත්තෙන් වුනත් කරන්න වෙන දෙයක්. පෞද්ගලිකව මම නම් ඒකට අංශු මාත්‍රයක්වක් කැමති නැහැ. අපි හැකි සෑම විටම උත්සාහ කළ යුත්තේ අදාල කරුණ හොඳින් තේරුම් අරගෙන හිතට දාගන්න එකයි. තමන්ට තේරෙන්නෙ නැත්නම් තේරෙන කෙනෙක්ගෙන් අහගන්න පුළුවන් (කුප්පියක් දා ගන්න.). 

කොහොම වුනත් සමහර විශය වල කරුණු මතක තියාගන්නම වෙනවනේ. ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි මතක හිටින්නෙ නැති එක. මෙන්න ඒකට අත්දුටු ප්‍රත්‍යක්ෂ විසඳුමක් (ක්‍රමයක්).
'අය්යෝ ක්‍රම නම් ඔය ඕන කෙනෙකුට කියන්න පුළුවන්....ඒත් කොහොමද ඒව හරි කියල අපි විස්වාස කරන්නෙ...?' කියල ඔබට හිතෙන්න පුළුවන්. ඒක හරි. කෙනෙක් ක්‍රමයක් කියල දෙනවනම් එයා ඒකෙන් සාර්ථක ප්‍රතිඵල නෙලාගෙන තියෙන්න ඕනෙනෙ. ඒක තර්කාණුකූලයි. හරි. මේක ලියන මම රටේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙක්. මම මෙතනට ආවෙ මෙ කියන ක්‍රමයෙ සාර්ථකත්වය මත තමයි. දැන් හරිද..?

ආ...හ්. අමතක වුනා. කෙනෙක් කියයි මෙහෙම..."සර්ට නම් ඉතින් ඕක නැතුව වුනත් ඔහොම වෙන්න පුළුවන්...ගොඩ දාන එකා කොහොමත් ගොඩ දානවා...මීටරේ හොඳ නම් ඔය කොයි එකත් එකයි....". ඒ කතාව හරිද වැරදිද කියල මෙන්න මේ කතාව කියවල ඔබම තීරණය කරන්න.


ඉස්සෙල්ලාම සම්ප්‍රදායික විදියට කෙටි සටහනක් හදා ගන්න. හැබැයි කරුණු වාක්‍ය විදියට තවමත් තියෙන්න බෑ. (තාමත් එහෙම නම් ඔබ හදල තියෙන්නෙ ෂෝර්ට් නෝට් එකක් නොවොයි, ලෝන්ග් නෝට් එකක්.) තියෙන්න ඕනෙ කරුණු ලැයිස්තුවක් විදියට.

උදා. 
ප්‍රධාන මාතෘකාව.
  හැඳින්වීම
වැදගත් කරුණු.
  1. පළමු කරුණ.
  2. දෙවන කරුණ.
  3. තෙවන කරුණ.
  4. සිවුවන කරුණ.
උප මාතෘකාව 1
  1. පළමු උප කරුණ.
  2. දෙවන උප කරුණ.
  3. තෙවන උප කරුණ.
  4. සිවුවන උප කරුණ.
  5. පස්වන උප කරුණ.

මේ ආකාරයට ඇත්තම කෙටි සටහනක් හැදීගෙන යනවනම් මීලඟට සපයා ගන්න තියෙන්නෙ බිත්ති පුවරුවක්. එක්කෝ කළු ලෑල්ලක්, වියදම දරා ගන්න පුළුවන්නම් වයිට් බෝර්ඩ් එකක්. (රට හුණු හෝ ලියන වයිට් බෝඩ් මාකර් පෑන් ඕන වෙන බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.)

දැන්, ඉස්සෙල්ල ගන්න මුල් පිටපත. (කෙටි සටහන නොවෙයි.) කියවන්න එක පිටුවක් හෝ එක කුඩා පරිච්චේදයක්. දැන් ඒ පොත පැත්තකින් තියන්න. තියල සුව පහසු විදියට හිඳගෙන හරි හෙමින් ඇවිදින ගමන් හරි (හාන්සි වෙන්න යන්න එපා නින්ද යයි!) කියෙව්වෙ මොනවද කියල දල වශයෙන් අදහසක් තියෙනවද කියල (අඩු ගානෙ මොකක් ගැනද මේ පාඩම කියලවත්) හිතින් විමසල බලන්න.
දැන් ගන්න කෙටි සටහනේ අදාල කොටස. කලින්ට වඩා හොඳ අවාධානෙන් හෙමීට කියවන්න. තමන්ට මේ කරුණ ඉතා පැහැදිලියයි හැඟෙන තරමට කියවන්න. (මේ වෙලාවෙදි මතක තියාගන්න උත්සාහ දරන්න එපා.) පිටුවකට (මුළදි පිටු බාගෙක කරුණු වුනත් කමක් නෑ.) වඩා කියවන්න යන්න එපා වැඩේ හුරු වෙනකම්.

අන්තිම වතාවටත් කියවපු කොටසට බැල්මක් දාන්න. ඒ දාන ගමන් එක් එක් කොටසෙ කරුණු / උප කරුණු කීයක් තියෙනවද කියල විතරක් මතක තියාගන්න. උදාහරණයක් විදියට ප්‍රධාන කරුණු 4යි.
දැන් කෙටි සටහනත් සම්පූර්ණයෙන්ම වහන්න. වහල පැත්තකින් තියන්න. අතට ගන්න එපා. හිස් අතින් යන්න බෝර්ඩ් එකට*. හිතින් මතක් කරමින් අදාල කරුණු 4 ලියන්න උත්සාහ කරන්න. පිළිවෙල වැදගත් නෑ. මතක් වෙන විදියට ලියන්න. (පස්සෙ පුළුවන්නම් පොත නොබලා ආපහු පිළිවෙලට ලියන්න.) කොහොමහරි හරි පොත නොබලා අමාරුවෙන් මතක් කරගෙන ලියන්න උත්සාහ කරන්න.
බැරිම වුනොත් ලියපු දේවල් සම්පූර්ණයෙන්ම මකලා ආපහු සටහන අරගෙන කරුණු 4ම බලන්න. නැවත පොත වහල බෝර්ඩ් එකට ගිහින් (හිටගෙන.) කරුණු 4ම එකපාර ලියන්න උත්සාහ කරන්න. මේ විදියට සියළුම කරුණු එකපාර පොත නොබලා ලියන්න පුළුවන්නම් වැඩේ ගොඩ. 

උප කරුණු 5ටත් මේ විදියටම කරන්න. මතක තියාගන්න පොත වහල බෝර්ඩ් එකට යන්නෙ ඉතාම සැහැල්ලුවෙන්. ඔලුවෙ වැඩ කරන්නෙ මතක තියාගත්ත සංකීර්ණ කරුණු වෙනුවට 5 කියන සරල ඉලක්කම විතරයි.!

රූප සටහන් මතක තියාගන්නෙත් මීට සමාන ක්‍රමේකට. 



මේ රූපය බලන්න. ඒකෙ කොටස් නම් කරල තියෙන හැටි බලන්න. බෝර්ඩ එකට යනකොට ඔලුවෙ වැඩ කරන්න ඕනෙ 'වම් පැත්තෙ 7යි, දකුණෙ 6යි. නැතිනම් ඔක්කොම 13 යි.' කියන එක. එක පාරටම 13ම මතකෙන් නම් කරන්න බැරිවෙන එක ඉතාම සාමාන්‍යයි. මානසිකව වැටෙන්න එපා. ඕනම කෙනෙකුට එහෙමයි. නැවත නැවතත් උත්සාහ කරන්න. හැබැයි සියල්ලම නම් කරන්න හැකි වන තුරු.

මේක සෑහෙන වෙලාව ගතවෙන වැඩක් කියල මම දන්නව. ඒක නිසා අන්තිම මොහොතෙ පාඩම් කරන්න ගොඩ ගහගන්න අයට මේකෙ ප්‍රයෝජනයක් නෑ. අනිත් එක වැඩේ හුරු වෙනකම් ටිකක් අමාරුයි. හිත එකඟ කරගන්න එක අමාරුයි තමයි. හැබැයි ඒක නිකම් ඉඳලා නොවෙයි, පුහුණුවෙන් ප්‍රගුණ කරගන්න පුළුවන් එකක්. අත්දැකීමෙන් කියන්නෙ.

සිහිකල්පනාව සහ මතක ශක්තිය මේ පුහුණුවත් එක්ක පහළවෙන ඒවා. මේ පුහුණුව කොතරම වැදගත්ද කියනවනම් විශ්වවිද්‍යාලෙදි ගොඩක් විශයයන් ඉතාම ඉහලින් සමත් වෙන්න දේශනයට සහභාගී වෙලා හොඳ අවධානයෙන් සිටීම පමණක්ම ප්‍රමාණවත් වුනා. ඒ කියන්නෙ සමහර විෂයයන් වලට මම අධ්‍යයන නිවාඩුවෙ පාඩම් කළෙත් නැහැ. පාඩම් කරන්න සටහන් තිබුණෙත් නැහැ. තිබුණත් තිබුණෙ පිටු 2-3ක් විතරයි. ඒ කාලෙ කලේ පරිගණක ක්‍රීඩා සෙල්ලම් කිරීම. නමුත් ප්‍රතිඵලවල කිසිම අඩුවක් නැහැ. මේක අදටත් ගොඩක් අය විශ්වාස නොකළත්, ඇත්ත තත්වය. මේක කරන්න බැරි දෙයක් කියලයි එයාලගෙ අදහස. මම කියන්නෙ පුළුවන්, හැබැයි ගිරවා දැමීමෙන් නොවෙයි, දෙයක් තේරුම් ගැනීමෙන් පමණයි ඒ දේ කරන්න පුළුවන්. 

ඔබ සරසවි ශිෂ්‍යයෙක්නම් අනිවාර්යයෙන්ම හැමදාම දේශන වලට යන්න. එය ඉතා වැදගත්. මොකද දේශනය ඔබට තේරෙන්නෙ නැතිනම් දේශකයා කියන හෝ ලියන දේ ඒ ආකාරයෙන්ම සටහන් කරගෙන පස්සෙ තේරුම් ගන්න උත්සාහ කරන්න පුළුවන්නේ.(තනිවම හරි තව කෙනෙක්ගෙ උපකාරය ඇතුව හරි.) (මම දන්නවා ඇවිත් බෝර්ඩ් එකට උගන්නලා යන යන මහාචාර්යවරු ඉන්නවා. අපිටත් ඔය අත්දැකීම තියෙනවා. අපි කරන්නෙ ඉතින් පෑන ලියවෙනවද බලන්න බෝර්ඩ් එකේ ඉරක් ඇන්දත් ඒකත් ඒ විදියටම සටහන් කරගන්න එකයි. පස්සෙ සටහන තේරුම් ගන්නකොට තමයි අපිටම හිනා යන්නෙ..!!)  තේරෙන්නෙ නෑ කියන එක දේශන මගහරින්න සාධාරණ හේතුවක් නොවන බව මතක තබා ගන්න. එතකොට වෙන්නෙ (දවසක් හෝ කිහිපයක් මගහැර යළි දේශන වලට සහභාගී වෙන දවසට ) කොහෙත්ම තෙරෙන්නෙ නැතුව යන එකයි. මොකද අළුත් පාඩමට කළින් දේශන වල සම්බන්ධයක් තියෙන්න පුළුවන්. 

එක එක ගුරුවරු උගන්නන විදියත්, එක එක ශිෂ්‍යයාගේ මතක ධාරිතාවත් වෙනස් කියලා මම දන්නවා. හැබැයි ඔය කියපු දෙවෙනි කරුණ ඕනම කෙනෙකුට උත්සාහයෙන් වැඩිදියුණු කරගන්න පුළුවන් කියලා කියන්නෙ අත්දැකීමෙන්. ඒකට මේ කියල තියෙන මතක තබා ගැනීමේ ක්‍රමය පිටුවලක් වේවා කියන එකයි මගෙ පැතුම.

*බෝර්ඩ් එකේ ලියන ක්‍රමය  ජනක අබේවර්ධනයන්ගෙ සොයාගැනීමක්.

http://www.profasl.blogspot.com/2012/11/blog-post.html

ටියුෂන් රැල්ලේ පැද්දෙන තාලේ


ටියුෂන් රැල්ලේ පැද්දෙන තාලේ


වර්තමානයේ දී ටියුෂන් ව්‍යාපාරය අධ්‍යාපන ක්‍ෂේත්‍රය වසාගෙන වර්ධනය වී ඇති දැවැන්ත පිළිකාවක්‌ බවට පත් වී තිබේ. එය කොයිතරම් නම් බරපතළ තත්ත්වයක්‌ බවට පත් වී තිබේ ද කියනවා නම් ටියුෂන් වසංගතය තුරන් කළ හැකි දෙයක්‌ ලෙස සිතන කිසිවකු හෝ අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ සිටී දැයි කියා සිතීම පවා උගහට ය.

අද ලංකාවේ සිටින ඉහළම ධන කුවේරයන් අතර ටියුෂන් පංති ගුරුවරුන් විශාල පිරිසක්‌ සිටින බව රහසක්‌ නොවේ. සාමාන්‍ය පාසල් ගුරුවරයකුගේ මාසික වැටුප සහ මෙම ටියුෂන් ගුරුවරුන්ගේ මාසික ආදායම අතර ආලෝක වර්ෂ ගණනක පරතරයක්‌ තිබේ.

ටියුෂන් ක්‍ෂේත්‍රයේ ආදායම් ජනනය තේරුම් ගැනීමට පහත සඳහන් තොරතුරු කීපය ප්‍රයෝජනවත් වේ. අගනුවරට ආසන්න 'කණ්‌ඩායම් පංතියක්‌' (Group Class) ලෙස නම් කරනු ලැබ ඇති ආර්ථික විද්‍යා ටියුෂන් පංතියක ආදායම් තත්ත්වය පිළිබඳ දළ තක්‌සේරුවක්‌ මෙසේ ය. මෙහි මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 400 ක්‌ පමණ වේ. මාසිකව පැය 8 ක්‌ පංති පැවැත්වෙන අතර මාසික ගාස්‌තුව රු. 1500 කි. ඒ අනුව පැයක ආදායම (400x1500= 600,000+8= 75,000) රු. 75,000 කි. දැනගන්නට ඇති ආකාරයට මෙම ආදායමෙන් 75% ක්‌ හෝ 80% ක්‌ ගුරුවරයාට හිමි වේ. ඉතිරි 25% හෝ 20% පංති පැවැත්වෙන ආයතනයටයි. ඒ අනුව ගුරුවරයාගේ කොටස 80% ක්‌ ලෙස සලකා බැලුවහොත් මෙම පංතියෙන් පමණක්‌ අදාළ ටියුෂන් ගුරුවරයා පමණක්‌ මාසිකව උපයන ආදායම රු. 480,000 කි. මෙය අදාළ ගුරුවරයා මාසයකට පැය 8 ක්‌ පමණක්‌ වැයකරන එක්‌ පංතියක ආදායම පමණක්‌ ලෙස සැලකූ කල්හී ඔහුගේ මාසික ආදායමේ ප්‍රමාණය ගැන අවබෝධයක්‌ අපට ලබාගත හැක.

අගනුවරින් බැහැර තවත් එක්‌ සමූහ ටියුෂන් පංතියක සිසුන් 3000-4000 අතර ප්‍රමාණයක්‌ සිටින අතර මාසික ගාස්‌තුව රු. 800 කි. සිසුන් ප්‍රමාණය 3500 ලෙස ගණන් බැලුවහොත් අදාළ ගුරුවරයාට එයින් ලැබෙන ආදායම මෙසේය( 3500x800=2,800,000-560,000=2,240,000+8=280,000 මේ අනුව මෙම ටියුෂන් ගුරුවරයා එක්‌ පංතියකින් පමණක්‌, එනම් පැය 8 කදී රු. මිලියන 2.24 ක මුදලක්‌ උපයයි. ඔහුගේ පැයක ආදායම රු. 280,000 කි.

ටියුෂන් ගුරුවරයකුගේ මෙම ආදායම අපට රජයේ පාසල් ගුරුවරයෙකුගේ මාසික වැටුප සමඟ සංසන්දනය කර බැලීමට පුළුවන. ශ්‍රී ලංකා ගුරු සේවයේ ආරම්භක තලය වන 3.2 ශ්‍රේණියේ ගුරුවරයකුගේ ආරම්භක වැටුප රු. 19,320 කි. (13,120 - 10x145 - 05x180 = 15,470 + 6,200), උපාධිය සහිත ආරම්භක ශ්‍රේණිය වන 3.1 ශ්‍රේණියේ ගුරුවරයකුගේ ආරම්භක වැටුප රු. 20,335 කි. (14,135 - 09x180 - 05x240 = 16,835 + 6,200).

රජයේ පාසල් ගුරුවරයකුට සිය වෘත්තිය තුළ ළඟා විය හැකි ඉහළම තලය වන්නේ ගුරු සේවයේ පළමුවන පංතියයි. මෙම පංතියේ උපරිම වැටුප් වර්ධක ප්‍රමාණය ලබාගත් කල්හි එවැනි ගුරුවරයකුගේ වැටුප රු. 40,745 (21,645 - 20 x 645 = 34,545 + 6200) මෙම උපරිම වැටුප් තලයට ළඟා වීම සඳහා ගුරුවරයෙක්‌ ගුරු සේවයේ වසර 40 ක්‌ ගත කළ යුතුය. ඩිප්ලෝමාධාරියකුට හෝ උපාධිධාරීයකුට ඒ ප්‍රමාණයෙන් වසරක්‌ අඩුකර ගත හැක.

මෙම එකම සේවාව සපයන දෙපිරිස අතර මෙතරම් විශාල ආදායම් පරතරයක්‌ ඇති වී තිබෙන්නේ ටියුෂන් ගුරුවරු පාසල් ගුරුවරුන්ට වඩා දක්‌ෂ වීම නොව, ටියුෂන් ගුරුවරුන් සිදුකරන්නේ හුදෙක්‌ ඉගැන්වීමක්‌ පමණක්‌ නොව අධ්‍යාපනය හුවමාරු භාණ්‌ඩයක්‌ ලෙස අලෙවි කිරීමත් වන නිසා ය. තරගකාරී විභාග ක්‍රමය හා එම තරගකාරී විභාග ක්‍රමය තුළ තම දරුවන් ඉහළ සාමාර්ථය වෙත ළඟා කරවීමට දෙමාපියන් තුළ ඇති නොතිත් ආශාව නිසා මේ ආකාරයට ටියුෂන් ස්‌වරූපයෙන් අධ්‍යාපනය හුවමාරු භාණ්‌ඩයක්‌ බවට පත්කිරිමට හැකියාව ලැබී ඇත.

අප ටියුෂන් ව්‍යාපාරය පිළිකාවක්‌ එහෙමත් නැත්නම් වසංගතයක්‌ ලෙස හඳුන්වන්නේ ඇයි? ඒ හේතු කීපයක්‌ නිසා ය. පළමුවෙනුව ටියුෂන් ව්‍යාපාරය සමස්‌ත අධ්‍යාපන ක්‍රමයේ මූලික අර්ථය ම මුළුමනින්ම ඛාදනය කර දමන නිසාවෙනි. දෙවනුව එය දෙමව්පියන් මත දැවැන්ත ආර්ථික බරක්‌ නිර්මාණය කර ඇති නිසාවෙනි.

පළමුවෙනිව සඳහන් කළ කාරණයට අදාළව පවසතොත් ටියුෂන් ව්‍යාපාරයේ වර්ධනය නිසා මූලික විෂයමාලාව ඉගැන්වීම සහ විභාග සමත්වීමේ පැත්තෙන් ගත් කල්aහී පාසල් යනු අනවශ්‍ය ආයතන පද්ධතියක්‌ බවට පත්වී ඇත. ටියුෂන් පංතිවල මූලික ඉගැන්වීමේ ආකෘතිය වන්නේ Rජු ලෙස ඉලක්‌ක කරන ලද විභාග සඳහා සිසුන් පුහුණු කරවීමයි. ටියුෂන් පංතිවල ඉගැන්වීමේ ආකෘතිය මගින් සිසුන් තුළ කිසිදු ආකාරයක අධ්‍යාපනික වර්ධනයක්‌ ඇතිවන්නේ නැත. සිදුවන්නේ විභාගවලට පිළිතුරු දීම සඳහා ගුණාත්මක වශයෙන් ඉතාම පටු දැනුමක්‌ ලැබීම පමණි.

ටියුෂන් පංතිවලින් ලැබෙන මෙම බෙහෙවින් පටු පුහුණුව මත විභාග සමත් වී විශ්වවිද්‍යාලවලට පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කිසිසේත් ම විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය සඳහා අවශ්‍ය වන ඉතාම වැදගත් නිපුණතා ලැබෙන්නේ නැත. මේ නිසා දැන් උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශය 'මෘදු කුසලතා' නැංවීම යන අලංකාර වචනය පෙරට දමා විශාල මුදල් නාස්‌තියක්‌ සිදු කරමින් සිටී. ඇත්ත වශයෙන්ම මෙම ඊනියා මෘදු කුසලතා ක්‍රමවත් පාසල් අධ්‍යාපනයක්‌ හරහා ලබාදිය යුතු ඒවා ය.

ටියුෂන් වසංගතය නිසා පහළ මධ්‍යම පංතික පවුල් මත දැවැන්ත ආර්ථික බරක්‌ පැටවී ඇත. අ.පො.ස. (සා.පෙ.) සඳහා සූදානම් වන මට්‌ටමේ දරුවන් දෙදෙනෙක්‌ සිටින පවුලකට අවම විෂයන් ප්‍රමාණයක්‌ සඳහා වුව ද මසකට රු. 2,500 ක්‌ පමණ ටියුෂන් සඳහා වියදම් කිරීමට සිදුවේ. අ.පො.ස. (උ.පෙ.) සම්බන්ධ තත්ත්වය මීට වඩා බරපතළ වේ. එහිදී විෂය ධාරාව සහ සහභාගි වන ටියුෂන් පංතිවල ස්‌වභාවය (කණ්‌ඩායම් පංති ද සමූහ පංති ද යන කරුණ මත) සිසුවෙකුට සාමාන්‍යයෙන් මසකට රු. 6000-10,000 අතර මුදලක්‌ ටියුෂන් සඳහා වැයකිරීමට සිදු වේ.

මෙය දෙමව්පියන්ගේ දෘෂ්ටිකෝණයෙන් ගත් කල මුළුමනින්ම නිෂ්ඵල මුදල් නාස්‌aතියක්‌ ලෙස හැඳින්විය හැකි ය. ඒ සඳහා මුළුමනින් ම වගකිව යුත්තේ පවත්නා අවිධිමත් අධ්‍යාපන ක්‍රමයයි. විශේෂයෙන් ම බෙහෙවින්ම යල්පැන ගොස්‌ ඇති විභාග ක්‍රමයයි. අධ්‍යාපන බලධාරීන් සහ ටියුෂන් කර්මාන්තය අතර ඇති කිට්‌ටු සම්බන්ධය නිසා ටියුෂන් ව්‍යාපාරයට හානිකර වන්නාවූ පියවර මෙම අධ්‍යාපනය බලධාරීන් විසින් ගනීවි යෑයි සිතිය නො හැකි ය.

(විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් එළිදක්‌aවනු ලැබ ඇති "අධ්‍යාපනය විකිණීමට තිබේ" ග්‍රන්ථයෙනි.)


රැකගමු නිදහස්‌ අධ්‍යාපනය - ඉත්තෑපාන ධම්මාලංකාර අනුනාහිමි


රැකගමු නිදහස්‌ අධ්‍යාපනය

පොල් සම්බෝල සමග බත් ආහාරයට ගෙන පන්පැදුරේ නිදාගෙන නීතිඥයකු, දේශපාලනඥයකු හා ජාතික නිදහස්‌ සටනේ සාමාජිකයකු වු ආචාර්ය ක්‍රිස්‌ටෝපර් විලියම් විජෙකොන් කන්නන්ගර මැතිතුමාණෝ ශ්‍රී ලංකාවේ නිදහස්‌ අධ්‍යාපනයේ පියාණෝය.

ඉංගී්‍රසි අධ්‍යාපනය තුළින් තම අධ්‍යාපනය සම්පූර්ණ කළ එතුමා 1907 ක්‍රේම්බ්‍රි- ජ්‍යෙෂ්ඨ විභාගයෙන් අංක ගණිතය හා උසස්‌ ගණිතය යන විෂයන් දෙකෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ සියලු අපේක්‌ෂකයන් අභිබවා මුල් තැන දිනාගත් අතරම වසරේ දක්‌ෂතම ශිෂ්‍යයා ද විය.

දුප්පතකු වශයෙන් ඉපිද රටට, ජාතියට, නිදහස්‌ අධ්‍යාපනය තුළින් ආලෝකය ලබා දුන් ඒ විශිෂ්ටම උගතා තම ජීවිතයේ අවසාන කාලය ගතකළේ රජය විසින් ලබාදුන් සහනාධාරයෙනි. නිදහස්‌ අධ්‍යාපනයේ පියා දුප්පතකු වශයෙන්ම මිය යාමෙන් රටේ වත්මන් දේශපාලන පන්තියට ආදර්ශය සපයා ඇත්තේ දේශපාලනය තමාට හෝ තම පවුලේ අනාගතය වෙනුවෙන් හරිහම්බ කර ගන්නා ව්‍යාපාරයක්‌ නොවන බව තමන් විසින් ම ක්‍රියාවෙන්ම ඔප්පුකරලමිනි.

ලෝකයේ පිළිගත් උගතකු වු එතුමාණෝ සැබැවින්ම රටට, දැයට ආදරය කළ අතර පොදු ජනතාවගේ දේපළ වලට හෝ පොදු සම්පත් වලට මෙන්ම මිල මුදල් වලට අනිසි ලෙස ආදරය නොකළ අතර සැබැවින්ම රටේ අනාගත පරපුරට මහත්සේ ආදරය කළහ.

"මා දන්නා තරම් දුප්පත්කමේ පීඩාව හදුනන එකදු පුද්ගලයකු හෝ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නොමැති බවත්, එම නිසාම රට පුරා ජීවත් වන ගමේ කොලුවන්ට යහපත් අධ්‍යාපනික අනාගතයක්‌ වෙනුවෙන් තමන් කැප වන බව එතුමාණෝ නිතරම ප්‍රකාශ කළහ". නිදහස්‌ අධ්‍යාපනය පිළිබඳව එතුමා විසින් දරන අදහස්‌ පිළිබඳව එකල මාධ්‍ය මගින් නොඑක්‌වර එතුමාට සමච්චල් කර ඇත. ක්‍රිකට්‌ ක්‍රීඩාව පිළිබඳව එතුමා කරන ලද ප්‍රකාශයක්‌ අල්ලා ගත් කාටුන් ශිල්පියෙක්‌ තම කාටුනයේ සටහන් කර තිබුණේ අපි හිතුවේ ඔලුවේ තුවාලයක්‌ කියලා යෑයි රූප ඇඳ තිබිණි. නමුත් එතුමාණෝ ශ්‍රී ලාංකික අභිමානවත් ජාතියට ස්‌වභාෂාවෙන් ඉගෙන ගෙන පෘථිවිගෝලයේ ඉහළම තැනට යාමට අවශ්‍ය අධ්‍යාපනය ලබාගැනීම සඳහා රටට නිදහස්‌ අධ්‍යාපනය දායද කර දෙන ලදී. ජනතාවගේ අධ්‍යාපනයෙහිලා එතුමන්ගෙන් ඉටුවුණු සේවාවේ වැදගත්කම වටහා ගැනිම පිණිස නිදහස්‌ අධ්‍යාපනයේ පසුබිම පරික්‌ෂා කර බැලීම වටනේය. දළ වශයෙන් එකල පාසල් දෙවර්ගයක්‌ විය. එක්‌ වර්ගයක්‌ වුයේ ඉංගි්‍රසි පාසල්ය. අනෙක පිරිවෙන් ඇතුළු ස්‌වභාෂා පාසල්ය. ඉංගී්‍රසි පාසල් මගින් පාලක පක්‌ෂය සඳහා ලිපිකරු ප්‍රජාවක්‌ බිහිකළහ. ඉංගි්‍රසි අධ්‍යාපනය හදුන්වාදීමත් සමඟම කුලය, ධනය කෙරෙහි අවධානයක්‌ යොමුකළ වැඩවසම් සමාජයේ යල් පිනු අදහස්‌ හා ආකල්ප වෙනුවට නිදහස, පාර්ලිමේන්තු ආණ්‌ඩුක්‍රමය වැනි නව්‍ය සංකල්ප බිහිවනු ඇතැයි ඉතා දැඩිව අපේක්‌ෂා කරන ලදී.

උක්‌ත ඉංගී්‍රසි පාසල්වල අධ්‍යාපනය ලැබු නාගරික ධනවත් ලාංකික සුළු සංඛ්‍යාව ගැන සලකා බැලිමේදී ඉහත කී නව්‍ය සංකල්ප ඔවුන්ගේ සමාජ, දේශපාලන චින්තනය කෙරෙහි බලපා ඇති බව පැහැදිලි වනුයේ රටේ නිදහස්‌ සටනේ ප්‍රබල නායකයන් බහුතරය ඔවුන් අතරින් බිහි වී ඇති හෙයිනි. එකල රට තුළ පැවැති ඉංගී්‍රසි පාසල් බහුතරය පවත්වා නඩත්තු කරන ලද්දේ ආගමික සංවිධාන මගිනි.

"1799 ජනවාරි 15 දින ගාලු සම්මේලනයේදී ෙµඩ්රික්‌ නෝර්ත් ආණ්‌ඩුකාරවරයා විසින් පැවැත්වු දේශනයේ එක්‌ අදහසක්‌ වූයේ ලංදේසීන් විසින් පටන්ගන්නා ලද අධ්‍යාපනික වැඩපිළිවෙල නිහඬව නොකඩවා අනුගමනය කිරීමට හැකි වූවා නම් මුළු සිංහල ජාතියම යථා කාලයේදී අපේ ආගමට හරවා ගත හැකි යෑයි විශ්වාස කිරීමට කරුණු යෙදී තිබුණු බවයි. 1901, 1911, 1921 යන වර්ෂවල ජන සංගණනයන්හිදී කියවීමේ හා ලිවිමේ හැකියාව පිළිsබඳ ප්‍රතිශතය ආගම් අනුව පහත සටහනින් දැක්‌වේ

අගමික සමිති මගින් පවත්වා නඩත්තු කරන ලද බොහෝ ඉංගී්‍රසි පාසල්වල තවත් ඉලක්‌කයක්‌ වූයේ භාෂාව ඉගැන්වීම හරහා ඔවුන්ගේ ආගමද ප්‍රචලිත කර ගැනීමය.

ක්‍රිස්‌තියානි පාසල්වල ප්‍රධානාචාර්යධුර දැරීම පිණිස එංගලන්තයේ විශ්වවිද්‍යාලවලින් සුදුසුකම් උපයාගත් විද්වතුන් ගෙන්වාගෙන ඇත. ඔවුහු ලංකාවේ පාසල් එංගලන්තයේ ක්‍රමයටම ක්‍රියාත්මක කළහ. විභාග ක්‍රමය කේ්‍රම්බ්‍රි- ජ්‍යෙෂ්ඨ විභාගය කේන්ද්‍රකොටගෙන කෙටුම්පත් කර ක්‍රියත්මක කර ඇත්තේ අධ්‍යාපන පටිපාටියට සමාන්තරවම ක්‍රීඩා, චරිත, විනය සංවර්ධනය පිළිබඳව වඩාත් කැපවිමෙනි. සැබැවින්ම ඉංගී්‍රසි අධ්‍යාපනයේ මහඟු ප්‍රතිඵල නෙලාගත් ලාංකිකයන් ඉතාම විශිෂ්ට අයුරින් නීතී හා වෛද්‍ය ක්‍ෂෙත්‍රයේ ක්‍රියාත්මක වූ අතර සිවිල් සේවාවේ සහ පොදු රාජකාරි සේවාවේ නියුතු වුවන්ගේ ප්‍රමිතියද ඉතාමත්ම ඉහළ මට්‌ටමක තිබිණ.

ලංකාවට නිදහස ලැබෙනවිට වෙළඳපොළ කළමනාකරණය, වැවිලි ආර්ථික භෝග ඇතුළු ආනයන අපනයන ක්‍රියාවලිය, මානව සංවර්ධනය යටිතල ව්‍යqහය සංවර්ධනය පිළිබඳව ඉහළ පරිචයක්‌ හා පුහුණුවක්‌ ඇති නිලධාරින් අප සතුවීම රටේ අනාගත දියුණුවට මහත් ප්‍රයෝජනවත් විය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය හා අනෙකුත් යටත් විජිතයන්ගෙන් නිදහස ලබාගත් රටවල සමාජ සංවර්ධනයට වඩා ලංකාවේ සමාජ සංවර්ධනය ඉහළ ප්‍රමිතියක්‌ තිබීමට ප්‍රධාන හේතුව උක්‌ත සිවිල් සේවාවේ හා පොදු රාජකාරි ක්‍රමයේ පැවති උසස්‌ ප්‍ර්‍රමිතියයි. මෙකී තත්ත්වය පිළිබඳව හොඳම නිදර්ශනය වනුයේ අප්‍රිකානු මහද්වීපයයි. වර්තමානයේද අප්‍රිකානු මහාද්වීපයේ රාජ්‍ය තාන්ත්‍රික දේශපාලකයන් දක්‌නට නැති අතර ජනප්‍රිය නුගත් දේශපාලකයෝ රට පුරාම සිටිති. එමෙන් ම සිsවිල් හා පොදු රාජකාරි සේවාව සඳහා දක්‌ෂ විශිෂ්ට පුද්ගලයන් නොමැති වීම අප්‍රිකානු මහාද්වීපයේ සංවර්ධනයට මහත් අභියෝගයක්‌ වී ඇති බව විද්වතුන්ගේ අදහසයි.

පුද්ගල නිදහස ප්‍රජාතන්ත්‍රවාදය, මානව හා මූලිsක අයිතිවාසිකම් නීතියේ ආධිපත්‍ය සහ යහපාලනය පිළිබඳව ගැඹුරු දැනුමක්‌ නොමැති ජනප්‍රිය දේශපාලකයන් සහ අකාර්යක්‌ෂම රාජ්‍ය සේවාව නිසා අප්‍රිකානු ජනතාව තවදුරටත් දුක්‌විඳිමින් සිටිනු දක්‌නට ඇත්තේ විශාල ස්‌වභාවික සම්පත් ප්‍රමාණයක්‌ හා ශක්‌තිමත් මානව සම්පතක්‌ තමන් සතුව තිබියදීය. එය තවදුරටත් කටෝර වි ඇත්තේ ලෝක මට්‌ටමේ සුදුසුකම් සපුරාගත් අවංක දේශපාලනඥයින් තාමත් අප්‍රිකානු මහාද්වීපයේ පහළ වී නොමැති හෙයිනි. ඒ අනුව බලන විට නිදහසින් පසුව ශ්‍රී ලංකාව එවැනි අභියෝගයකට මුහුණ නොදී ම අපේ වාසනාවකි. නමුත් එංගලන්තයේ ක්‍රියාත්මක වූ ඉංගී්‍රසි අධ්‍යාපන ක්‍රමය ලංකාවේදී ක්‍රියාත්මක කිරීමේදී නොයෙකුත් අඩුපාඩුකම් නොයෙක්‌ වර ඉස්‌මතු වී ඇත. මෙම අඩුපාඩුකම් පිළිබඳ නොයෙකුත් අදහස්‌ උදහස්‌ සමාජයේ ඇති වී ඇති අතර 1871 ප්‍රසිද්ධ ඉගැන්වීම් අධ්‍යක්‌ෂක වූ වොල්ටර් යෙන්දල් ඉංගි්‍රසි අධ්‍යාපනය මගින් ලංකාවේ තරුණ පරපුර ස්‌වදේශිය ජනතාවගේ එසේ නැතහොත් ග්‍රාමීය බහුතර ජනතාවගේ සාම්ප්‍රදායික සංස්‌කෘතිය අවඥාවෙන් සැළකීමටත් රැකියා අපේක්‌ෂාවන් වෙනුවෙන් කාර්යාල වල දොරටු අසල රැඳී සිටීමටත් පුහුණු කළ බව කියමින් මේ විවේචනය දිගින් දිගටම පෙන්වා දුන්හ.

1911 දී ලංකාවේ ද්විතීsය අධ්‍යාපනය පිළිබඳ වාර්තා කිරීමට ලංකාවට ආරධනා කළ රජයේ පාසල් පරික්‌ෂක වන ෙ-. ෙ-. ආර්. බ්‍රි-ගේ අදහස වූයේ අධ්‍යාපන ක්‍රියාවලිය හා අධ්‍යාපන පටිපාටිය ලාංකික දරුවාගේ අධ්‍යාපනික අවශ්‍යතාවයන්ට අනුකූල වන පරිදි සකස්‌ කිරීම අතිශය වැදගත් අවශ්‍යතාවයක්‌ බවය. විශිෂ්ට ප්‍රංශ අධ්‍යාපනඥයකු වු කොළඹ රාජගුරු ප්‍රසාදි වු ක්‍රිස්‌ටෝපල් අනර්ස්‌ට්‌ බොන්ර්යන්ගේ විවේචනය වූයේ සිංහල දෙමළ මුස්‌ලිම් දරුවන්ට ඉංගී්‍රසි භාෂාවෙන් ඉගැන්වීම තරුණ පරපුරේ බුද්ධිය හීන කරන්නක්‌ බවය. කෙසේ නමුත් ඉංගි්‍රසි අධ්‍යාපනය පිළිබඳ නොයෙක්‌ මතිමතාන්තර තිබියෙමුත් රටපුරා බොහෝ නගරවල ඉංගී්‍රසි පාසල් පිහිටුවනු ලැබිය. උක්‌ත ඉංගී්‍රසි පාසල් වෙතින් නාගරික ධනවත් ප්‍රජාවගේ දරුවන් අධ්‍යාපනය ලබාගත් අතර අධ්‍යාපනය ජීවිතයට වටිනාතම ආභරණයක්‌ විය. රාජ්‍ය සේවාවෙහි හෝ සිsවිල් වෛද්‍ය අධිකරණ සේවාවන්හි වේවා සමාජ, ආර්ථික දියුණුව ලබාගත හැකි වූ එකම මාර්ගය වූයේ ඉංගී්‍රසි අධ්‍යාපන ක්‍රමයයි. එම නිසා සැබැවින්ම එකල ඉංගී්‍රසි අධ්‍යාපනය යනු නාගරික ධනවතුන්ගේ පවුල්වල දරුවන් සඳහා වූ මිල අධිකතම ආභරණයක්‌ විය. මෙකී තත්ත්වය පිළිබඳ මහත් පළල් අවබෝධයකින් සිටි කන්නන්ගර මැතිඳුන් 1947 මැයි මස 27 වන දින නිදහස්‌ අධ්‍යාපන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිsරිමේදී පැය තුනක්‌ පුරා කළ කථාවෙන් ඉතා දීර්ඝ විස්‌තරයක්‌ කර ඇත.

පාර්ලිමේන්තුවේ මහජන ගැලරියේ සිටි ඉන්දියානු රාජ්‍යය නිලධාරියකු වන එච්. එම්. අන්නේ මහතා එතුමාගේ කථාවෙන් පසු පාර්ලිමේන්තු ලොබියේදී එතුමා හමුවී පවසා ඇත්තේ ඉන්දියාවේ පාර්ලිමේන්තුවට ඔබ මේ පනත ඉදිරිපත් කළේ නම් ඉන්දියානුවන් ඔබ ජාතික වීරවරයකු වශයෙන් මෙන්ම දෙවියකු වශයෙන් ද සළකනු ලබන බවය. නමුත් ඒ වන විටත් රටපුරා කිS්‍රයාත්මක වු ස්‌වභාෂා පාසල් ජාලයේ මූලීක පරමාර්ථය වී තිබුණේ මහා සමාජයේ පොදු වු දරුවන්ට මව් බස පිළිsබඳ දැනුමක්‌ ලබාදීමය.

අධ්‍යයන පහසුකම් මෙන්ම වෙනත් මූලික අවශ්‍යතා අවම වශයෙන් තිබු මෙම ස්‌වභාෂා පාසල්වල පොදු ලක්‌ෂණය වූයේ දිගු විශාල ශාලාවල තදබදයෙන් සිටි දරුවන්ය. ඉංගී්‍රසි අධ්‍යාපන ක්‍රමය මඟින් ඉදිකරනු ලැබු දැවැන්ත පාසල් ජාලය සතුව තිබු අධ්‍යාපන ක්‍රියා පටිපාටි, පුස්‌තකාල, විද්‍යාගාර හා ක්‍රීඩා පහසුකම් මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පීන් නිමවූ ගොඩනැගිලි ආදීය ස්‌වභාෂා පාසල් වලට සිහිනයක්‌ වූ අතර ඒවා අතිශය විස්‌මය ජනකද විය. සැබැවින්ම ස්‌වභාෂා පාසල් වල අධ්‍යාපනය පොතටම සීමා විය. එමෙන්ම වෙනස්‌ වන සමාජ ආර්ථික අව්‍යතා සඳහා අවශ්‍ය දැනීමද අවම විය.

ස්‌වභාෂා පාසල්වල අධ්‍යාපනය හැදැරූවූ දරුවන්ට උසස්‌ අධ්‍යාපනය සඳහා ඉංගී්‍රසි පාසල් ජාලය වෙත යොමු වීමටද රටේ පොදු ජනතාවට විශේෂයෙන්ම බෞද්ධ බහුතරයට හැකියාවක්‌ තිබුණේම නැත. එම නිසා ස්‌වභාෂාවෙන් ඉගෙනිම ලැබු දරුවකුට ඵලදායි රැකියාවක්‌ පිළිබඳ එකම බලාපොරොත්තුව වූයේ පාසල් ගුරුවරයකු වීමය. එතකුදු වූවත් සියලු අඩුපාඩුකම් මැදවුවත් ස්‌වභාෂා පාසල් ජාලය රටට ජාතියට වාසියක්‌ම විය. ප්‍රධානතම වාසිය වූයේ ස්‌වදේශිය ජනතාවගේ මව් භාෂාව නොහොත් ජාතියේ භාෂාව වන සිංහල භාෂාව ප්‍රගුණ කිරීමට රටපුරා දරුවන් ට හැකිවීමය. අද්‍යතනව මව් භාෂාව වූ කලී දරුවකුට ඉගැන් වීමට ඇති හොඳම සන්නිවේදන මාධ්‍ය බව අධ්‍යාපනඥයෝ පිළිගනිති. තවදුරටත් සඳහන් කළ යුතුවන්නේ උක්‌ත ස්‌වභාෂා පාසල්වල ජාතියේ රටේ ස්‌ංස්‌කෘතික ආගමික උරුමයේ ජීවය හා සාරය ගැබ්වූ නොයෙකුත් කරුණු ඉගැන්වූ බවය. ඒ අතරින් සිංහල හා දෙමළ භාෂා සාහිත්‍යයත්, ඉතා ලැදියාවක්‌ තිබු විෂයයන් විය.

නිදහස්‌ අධ්‍යාපනය ස්‌ථාපිත වීමෙන් කන්නන්ගර මැතිඳුන් රට පුරා බිහි කළ මධ්‍ය මහා විද්‍යාලයන් යුරෝපිය ගෘහ නිර්මාණය හා සමාන අයුරින් ඉදි කළ අතර ක්‍රීඩා පිට්‌ටනිද, පුස්‌තකාලාදි පොදු අවශ්‍යතාද ඊට සපයා දෙන ලදී. එයින් නොනැවතුන එතුමාණෝ මධ්‍ය මහා විද්‍යාල වෙනුවෙන් වෙනම නිලධාරියකු ද පත් කළහ.

මීට පෙර සඳහන් කළ පරිදි බොහෝ සෙයින් පිළිකුල් කරන ලද ස්‌වභාෂා පාසල් ජාලය අධ්‍යයන හා සංස්‌කෘතික මෙන් ම ආගමික වශයෙන් සැබෑම ජාතික පාසල් බවටම පත් විය. සැබැවින්ම සාර්ථක ජාතික අධ්‍යාපනයක්‌ විය යුත්තේ එය ජාතියේ ජීව ධර්මය පදනම්කොට විය යුතුය යනුවෙන් ඇමරිකානු සුප්‍රසිද්ධ අධ්‍යාපනඥයකු වන අයි. එල්. කැන්ඩල් (1881-1965) තම Comparative Education  යන ග්‍රන්ථයේ දක්‌වා ඇත.

ඉහත සඳහන් කරන ලද ස්‌වභාෂා පාසල්වලට පින් සිදු වන්නට ලංකාවේ අකුරු දත් මහා සමාජයේ සාමාජිකයන් ප්‍රමාණය සැළකිය යුතු තරම් ඉහළ යන ලදී. ඒ කෙතරම් ද යත් ආසියාතික රටවලින් දෙවන තැනට ලංකාව පත් වී ඇත. ඉංගී්‍රසි හා ස්‌වභාෂා පාසල් පද්ධතීන් දෙක අතර සැබෑ වෙනස්‌කම් තිබිණි. එපමණක්‌ නොව ඉංගී්‍රසි අධ්‍යාපනය හේතුවෙන් අපේ සාම්ප්‍රදායික පොදු මහා සමාජය පන්ති දෙකකට බෙදිණී. මේ පන්ති බෙදීම පිළිබඳ ආචාර්ය කන්නන්ගර මැතිඳුන් පාර්ලිමේන්තුවේදී කරන ලද කතාවක කොටසක්‌ මෙසේය. "අපේ රටේ ජනයා කොටස්‌ දෙකකට බෙදා ඇත. එක්‌ කොටසක්‌ උසස්‌ය අනෙක්‌ කොටස පහත් ය. එක කොටසක්‌ දිඟ කලිසම් අඳින අතර අනෙක්‌ කොටස අඳිනුයේ රෙද්දය. ඉංගි්‍රසි අධ්‍යාපනය හේතුවෙන් අපේ රටේ සමාජය පන්ති දෙකකට බෙදී ඇත. ඉසුරුමත් වුත්, ධනවත් වූත්, බලසම්පන්න වූත්, ගෙවීමට හැකියාව ඇත්තාවූත් අය විදෙAශීය භාෂාවකින් උසස්‌ අධ්‍යාපනය දෙන පාසලකට යති. ඔවුන් ඒ සඳහා මුදල් ගෙවිය යුතුය. එසේ මුදල් ගෙවීම ප්‍රයෝජනවත් ය. කවර හෙයින්ද යත් මේ රටේ රාජ්‍ය භාෂාව ඉංගී්‍රසි වන හෙයිනි. එසේම ඉංගී්‍රsසි නොදන්නා කිසිවෙකුට කිසිදු උසස්‌ නිලයකට පත් විය නොහැකි හෙයිනි යනුවෙනි. (1944 හැන්සාඩ් වාර්තාව). මීට තවත් උදාහරණයක්‌ වනුයේ 1931 දී තිබුණ 4023ක්‌ වූ මුළු පාඨශාලා ප්‍රමාණයෙන් 7% ඉංගී්‍රසි පාඨශාලා වු අතර පාසල් ගිය මුලු සංඛ්‍යාව 553701 වූ අතර ඉහත ඉංගී්‍රසි පාඨශාලා වල අධ්‍යාපනය ලැබු ශිෂ්‍ය ප්‍රමාණය 62706 කි. එහෙත් අධ්‍යාපනය සඳහා යටත් විජිත රජය වියදම් කළ මුදලින් 37% ක්‌ම වියදම් කොට ඇත්තේ එම 7% වු සුලු පිරිසට වන අතර ඉතිරි 93% සඳහාම වියදම් කර ඇත්තේ මුළු මුදලින් 63% කී. මේ තත්ත්වය හොඳින්ම තේරුම් ගැනීමට නම් උගත් ලාංකික ඡන්ද බලය වෙනුවට සර්වජන ඡන්ද බලය ක්‍රියාත්මක කළ අවස්‌ථාවේ ඒකීය ජාතියක්‌ හෝ පොදු මහා සමාජයක්‌ ගොඩනැගීමට ජනතාවගේ ආධාර නොලැබීම පිළිබඳ අධ්‍යයනය කළ යුතුය.

මේ පිළිබඳව ඉතා ගැඹුරු අවධානයක්‌ යොමු කර ඇති කන්නන්ගර මැතිඳුන් ඊට නිසි ප්‍රතිචාර දැක්‌වීමට ක්‍රියා කළේ ඔහු ඉංගී්‍රසි අධ්‍යාපනය හදාරා තිබූ බැවින් වෙනස හොඳීන්ම වටහාගෙන තිබුණා පමණක්‌ම නොව අත්දැකීම් ද තිබණු හෙයිනි. නිදහස්‌ අධ්‍යාපනයේ පියා වශයෙන් එතුමා සිංහලයන් ප්‍රමුඛ ලාංකිකයන් වෙත ලබා දුන් අගනා දායාදය, එසේ නැතහොත් නිදහස්‌ අධ්‍යාපනය රැක ගැනීම, වත්මන් පරපුර විසින් අනාගත පරපුර වෙනුවෙන් කළ යුතු අති දැවැන්තම යුතුකමයි.

රටේ මහා සමාජයේ සියලු රට වැසියන්ගේ දූ දරුවන් එසේ නැතහොත් පොදුවේ රටේ ජාතියේ අනාගත පරපුර වෙනුවෙන් නිදහස්‌ අධ්‍යාපනය රැක ගැනීම වත්මන් පරපුරේ උරුමයකි වගකීමකි. නිදහසින් පසු බිහිවූ සියලු විශිෂ්ටයන් හා විද්වතුන් ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිතුමාගේ දැක්‌මේ, දහදියේ ප්‍රතිඵල නෙළා ගත් උස්‌ මිනිසුන්ය. රට ජාතිය පවතින තාක්‌කල් එතුමාණෝ අපේ රටේ නිදහස්‌ අධ්‍යාපනයේ පියාණෝය.

මාද ආචාර්ය උපාධිය දක්‌වා උගත්තේ එතුමාගේ සිතුවිලි ගංඟාවේ පිහිනා එතුමාගේ දහදිය සුවඳින් ඔපවත් වූ නිදහස්‌ අධ්‍යාපනයේ අනුහසිනි. අපේ ජාතියේ සමස්‌ත ලාංකිකයන්ගේ සැබෑ යුතුකම වනුයේ එතුමන්ගේ මහා පාරමිතාවේ ප්‍රතිඵල අනාගත පරපුර වෙත කාන්දු කර සිංහල ජාතිය ප්‍රමුඛ ලංකිකයන් ගෝලීය මහා පඬිවරුන් බවට පත්කරලීමය.

මේ මහා පුරුෂයාගේ අවංක දුර දක්‌නා දැක්‌ම දිගේ නිදහස්‌ අධ්‍යාපනය නමැති මහානර්ඝ දායාදය අපේ රටට හිමි වී ජාතිය, රට ඒ මතින් නෙළාගත් ප්‍රතිඵලය අමිලය. නමුත් අද්‍යතනව එම මහානර්ඝ දායාදය වූ නිදහස්‌ අධ්‍යාපනය මුහුණ දී තිබෙනුයේ අතිශය ෙ€ද ජනක තත්ත්වයකටය. නිදහස්‌ අධ්‍යාපනයේ මහා සම්පත් පොදු ජනතාවගේ දූ දරුවන්ට සාර්ථකව නෙලා ගැනීමට නම් ඒ සඳහා අවශ්‍ය සේවා සහ පහසුකම් සඳහා අවශ්‍ය තරම් ප්‍රාග්ධන ආයෝජනය කළ යුතුය. නමුත් අද්‍යතනව නිදහස්‌ අධ්‍යාපනයට යොදවන ප්‍රාග්ධනය ජාතික ආදායමෙන් සියයට 2 කටත් අල්ප වීම මහත්වූ කනගාටුවට කරුණක්‌ වනුයේ සැබෑවටම අනාගත පරපුරට ආදරය කරන අවංක පුද්ගලයන්ටය. අනාගත පරපුරේ දියුණුවේ අත්තිවාරම නිදහස්‌ අධ්‍යාපනයයි. එය රැක ගැනීම සියලු රට වැසියන්ගේ යුගයේ තීරණාත්මක උරුමයයි, වගකීමයි, යුතුකමයි.

නිදහස්‌ අධ්‍යාපනයේ පියාණන් වූ අචාර්ය ක්‍රිස්‌ටෝපර් විලිsයම් විඡේකෝන් කන්නන්ගර මැතිදුන්ගේ හා එතුමාගේ පියාණන් වූ ජෝන් ඩැනියෙල් විෙ-කෝන් කන්නන්ගර මැතිතුමාගේ, එතුමාගේ ආදරණීය මෑණියන් වු එම්ලි විෙ-සිංහ මැතිනියගේත් භෂ්මාවශේෂ තැන්පත් කර ඇත්තේ එතුමාන්ලාගේ උපන් ගම වන කළුතර දිස්‌ත්‍රික්‌කයේ ඉත්තෑපාන ලුල්බද්දූව ග්‍රාමයේය. එම ඓතිහාසික ස්‌ථානයේ මේ මහා පුරුෂයාගේ පිළිරුවක්‌ ඉදිකිරීමට ආචාර්යය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර ගුණානුස්‌මරණ පදනම සියලු කටයුතු ගොනුකර ඇත. නිදහස්‌ අධ්‍යාපනය නමැති මහා ගංඟාවේ පිහිනු සියලු ලක්‌ වැසියන්ද එම මහා ගංගාවේ පිහිනා කරණම් ගසා විශිෂ්ටයන් වූ ජාතියේ දූ දරුවන්ද තවදුරටත් එම මහා ගංගාවේ කිමිදෙමින් තම අනාගතය සොයන අනාගත පරපුරේ අවධානය මේ පිළිබඳ යොමු වේවායි මම ප්‍රාර්ථනා කරමි.

ආචාර්ය ඉත්තෑපාන
ධම්මාලංකාර අනුනාහිමි