V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Monday, November 30, 2015

මහ පුදුම සතෙක් හමුවෙයි

ලොව සිටි වඩාත් අරුම පුදුම සත්ත්වයාගේ රුව අවසානයේ සම්පූර්ණ කිරීමට විද්‍යාඥයන්ට හැකියාව ලැබී ඇතැයි විද්‍යාඥයෝ කියති. හළුසිගේනියා නමින් හැඳින්වූ මේ ඉතා කුඩා මුහුදු ජීවියා අදින් අවුරුදු කෝටි 50ට පමණ පෙර පෘථිවිය මත ජීවත් වූ බව ද ඔවුහු කියති.
කලින් හමුවූ ෆොසිල සියල්ල හමුවී තිබුණේ සත්ත්වයාගේ හිස නොමැතිවය. එසේ වුව ද පසුගිය දිනක කැනඩාවේ බර්ගේස් හි ගල්පොතු අතර තිබී හමුවූ ෆොසිලයක හිස කොටසත් තිබිණි. එය අමුතුම ආකාරයේ හිසකි.
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය මාර්ටින් ස්මිත් පවසන්නේ හළුසිගේනියාගේ හිස විකාරරූපී බවයි. මේ සතා පිටසක්වල සිටිතැයි කියන මනංකල්පිත ජීවියකු සේ පෙනේ යැයි ද ආචාර්යවරයා කියයි.
මේ සත්ත්වයා ගැන විස්තර ජාත්‍යන්තර නේචර් සඟරාවේ විස්තර කැර ඇත. එම වාර්තාව අනුව මේ සත්ත්වයාගේ අදින් වසර 100ට පමණ පෙරදී ය.
විද්‍යාඥයන් පවසන්නේ දිගින් සෙන්ටිමීටරයකටත් වඩා අඩු මේ ප්‍රාණියා හිසකෙස් ගසකටත් වඩා තුනී බවයි. සිරුර එක් පැත්තකින් සිහින්ය. සිලින්ඩරාකාර සිරුර ගාම්භීර ශක්තිමත් කශේරුකා යුගල දෙකකින් ආවරණය වී තිබෙන අතර ඉතා තුනීය. නියපොතුවලින් යුතු උපාංග මගින් අනෙක් පසින් එල්ලා වැටෙයි.
ආචර්ය මාර්ටින් පවසන්නේ මේ සත්ත්වයා පිළිබඳ පළමුවරට කරණ ලද විස්තරය වැරදි බවයි.
කෙසේ වෙතත් කැනඩාවෙන් හමුවූ නව ෆොසිලය සියුම්ව ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂයෙන් පරීක්ෂා කිරීමේ දී කුඩා ඇස් යුගලක් හා ඊට යටින් අර්ධ කවාකාර කොටසක් හමුවූ බව ද පර්යේෂකයෝ කියති.
මේ ජීවියාගේ මුඛයේ වළල්ලක් ආකාරයේ දත් සහ උගුරේ සිට උදරය දක්වා දිවෙන තවත් දත් පෙළක් ඇති බව පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත. අමුතු මුඛ පිළිවෙල මගින් හළුසිජේනියා ආහාර උරාබී පසුව මේ ආහාර තම උදරයට යවා ඇතැයි විද්‍යාඥයෝ කියති.
Face of 1 Face of 2

ඩිප්ප්‍රෙෂන්

  

නොමළ ගෙයකින් අබ මිටක් සොයා යනවාට වඩා නිරෝගී අයකු සොයා යෑම වර්තමානයේ සැබෑම අභියෝගයකි.
සූතිකාගාරයේ සිට ආදාහනාගාරය දක්වා ගෙවා දමනා කාල පරාසයේදී අප කොපමණ නම් රෝගවලට ගොදුරු වී ඇද්ද?

5
කෙසේ නමුත් අපි සැවෝම කායිකව රෝගී වෙනවාට වඩා වැඩි වාර ගණනක් මානසිකව රෝගී වී ඇති බව සැබෑවකි. කායිකව රෝගී වූ කල වෛද්‍යවරුන් සොයා ගියත්, මනසින් රෝගීවන අපි ඒ වෙනුවෙන් කුමක් කළ යුතු ද යන්න නොදනිමු.

බොහෝ දෙනකු මානසික ව්‍යාකූලතාවන්ට ගොදුරු වීමට හේතු වී තිබෙන්නේ සමාජිය සහ ආර්ථික කරුණු ගණනාවක් මුල්කොට ගෙනය.

මවුපියවරුන් නීතියෙන් වෙන්වීම, මවුවරුන් විදේශගත වීම, විභාග අසමත් වීම, තරගවලින් පරාජය ලැබීම, මත්පැන්, මත්ද්‍රව්‍ය ආදී ඇබ්බැහිවීම්වලට ගොදුරු වීම, ළඟම ඥාති හිතවතුන්ගෙන් දරාගත නොහැකි ආකාරයේ අඩංතේට්ටං, බැණ වැදීම්වලට, පහරදීමට ලක් වීම, ආදර සබඳතා බිඳ වැටීම, ප‍්‍රියයන්ගෙන් වෙන්වීම, අප‍්‍රියයන් හා වාසය කිරීමට සිදු වීම, දිළිඳු බව, බෝනොවන රෝගයන්ගෙන් දිගු කලක් පීඩා විඳීම, විවාහය, රැකියාව බලාපොරොත්තු වන ආකාරයෙන් නොලැබීම ආදී කරුණු එකක් හෝ කිහිපයක් බලපායි.

වර්තමානය වන විට නව යොවුන් වියේ සහ යොවුන් වියේ පසුවන්නන්ගෙන් කාන්සාව, භීතිකාව, ශ‍්‍රස්ථිය සහ මානසික ආතතිය වැනි සුළු මානසික රෝග බහුල ලෙස වාර්තා වීමට පටන්ගෙන තිබේ. 

මැදිවයසේ පසුවන්නන් අතර බහුලව දක්නට ලැබෙන උග‍්‍ර මානසික රෝග ලෙසට හීනෝන්මාදය, විෂාධය, ඩිප්ප්‍රෙෂන් දැකිය හැකිය.
වයසට යෑම, රෝග පීඩාදියට ගොදුරු වීම, දරුවන් නොබැලීම හා හුදකලා වීම, ආදී කරුණු මෙවැනි රෝගී තත්ත්වයන්ට ගොදුරු වන්නට සෘජුලෙස බලපායි.
SLTK_08.qxd
වයසට යාමේදී සෑදෙන රෝගී තත්ත්වයන් තරමක් වෙනස්ය. විශේෂයෙන්ම වයසට යාමේදී ස්වභාවිකවම සිදුවන මොළේ මියයාමේ රෝගයට ගොදුරු වන්නන්ට බහුලව මානසික රෝග ඇති විය හැකිය. ඩිමෙන්ෂියාව එලෙස ඇතිවන ප‍්‍රධාන මානසික රෝගී තත්ත්වයකි. වයස අවුරුදු 60 ඉක්මවූවන්ගෙන් වැඩිපුර දක්නට ලැබෙන මෙම රෝගයේදී පුද්ගලයාගේ හැසිරීම් රටාව වෙනස් වීම මූලික වශයෙන් සිදුවේ.

රෝගී ලක්ෂණ දෙස බැලීමේදී මොවුනට කෙටි කාලීන මතකය ගිලිහී යන අතර අතීත මතකයන් හොඳින් රැඳී තිබීම සාමාන්‍ය පරිදි දැක ගන්නට පුළුවන්. උදාහරණයක් ලෙසට උදෑසන ආහාරයට ගත්තේ කුමක්ද යන්න මතකයේ නැතත්, අතීතයේ රට පාලනය කළ දේශපාලනඥයන් ආගිය තැන් ආදී මතකයන් ඔවුන් සතුය. මොළේ මිය යෑම ටිකෙන් ටික සිදුවීමේ ප‍්‍රතිඵලයක් ලෙසට ඇන්සයිමර් රෝගයට ගොදුරුවෙන අතර දිගු කාලීනව පවතින දියවැඩියාව පාලනය නොකිරීම ද මොළේ මිය යෑම ඇති වීමට බලපෑ හැකි කරුණක් බව මේ වනවිට හඳුනාගෙන ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුව සෑම වැඩිහිටියන් හතර දෙනකුගෙන් එක් අයකු කුමන හෝ මානසික ව්‍යාකූලතාවෙන් පෙළෙන බව හඳුනාගෙන තිබේ.

ලොව පුරා මිලියන 450 පමණ මිනිසුන් මානසික ව්‍යාකූලතාවන්ට ගොදුරුවන බව හඳුනාගෙන ඇති අතර අප රටේ සෑම පුද්ගලයන් අට දෙනකුගෙන් එක් අයකු මානසික ව්‍යාකූලතාවකින් පසුවේ.

කායික රෝග වාර්තා වීම් අභිභවා මානසික රෝගවලට ගොදුරු වන රෝගීන් වැඩිවන මෙවන් යුගයක, අපි ඔවුන්ගේ සැබෑ තතු සොයා ගියෙමු. 

අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය පුෂ්පා රණසිංහ මහත්මිය ඒ වෙනුවෙන් අපට මග පෙන්නුවාය.

වසර එකසිය අසූවක් පැරණි රෝහල් භූමියේ කුමන හෝ මානසික යහ පැවැත්මට හානියක් සිදුවීම සම්බන්ධයෙන් රෝගී වූ අපේම මිනිසුන්ගේ හදවත් කම්පා කරවන විටෙක පුදුම සහගත තොරතුරු සොයා අපි රෝහලේ සැරිසැරුවෙමු.

වෙලාව දහවල් දොළහට ආසන්නය. සාමාන්‍ය රෝහල් ගේට්ටු අසල තම රෝගී ඥාතීන් දැක බලා ගැනීමට රැුස් කන ඥාති හිතවතුන් මෙම රෝහල් ගේට්ටුවේ රැස් කන බවක් දක්නට ලැබෙන්නේ නැත.

එක් කෙනකු දෙදෙනෙකු හැරෙන්නට රෝගීන් බලන වේලාවේදී රෝහලට පැමිණෙන්නෙක් නැති තරම්ය.

වෙනත් රෝගයකට මෙන් ඉක්මනින් ප‍්‍රතිකාර ගෙන නිවසට යන්නට මෙහි රෝගීන්ට පුළුවන් කමක් නැත.

ඥාති හිතවතුන්ට ද රෝහල් ගත කරනා රෝගියා නැවත නිවසට ගෙන යෑමට වූවමනාවක් නැතිසේය.

වෙනත් රෝහලකට රෝගී ලක්ෂණ පහළ වූ පසුව රෝගියා රැුගෙන ගියත් මෙම රෝහලට රෝගීන් යොමුවන්නේ කිසියම් හෝ කෙනකුගේ මගපෙන්වීම යටතේ වීම විශේෂත්වයකි.


අපි වෛද්‍යතුමියක් සමග කතා කළෙමු.


”නිරෝගී පුද්ගලයකු යහපත් මානසික මට්ටමෙන් පසුවන බව අප හඳුනාගනු ලබන්නේ පුද්ගලයාගේ ශාරීරික යහපැවැත්ම මානසික යහපැවැත්ම, සමාජීය සහ අධ්‍යාත්මික යන අංශ හතරින්ම උසස් තත්ත්වයක සිටීමෙනි.

සාර්ථකව ගැටලූ විසඳීමේ හැකියාව, තීරණ ගැනීමේ හැකියාව, ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව, ඇති පුද්ගලයකු උසස් මානසික යහපැවැත්මෙන් සිටින්නෙකු ලෙසට හඳුනා ගන්න පුළුවන්.

වෛද්‍ය විද්‍යාත්මකව මානසික රෝගියකු යනු මානසික යහපැවැත්මට හානියක් සිදු වූ අයෙකි. එනම් සාමාන්‍ය ආකාරයෙන් සිතීමේ හැකියාව, යමක් තේරුම් ගැනීමේ හැකියාව, හෝ යම් ආකාරයකට හැසිරීමේ වෙනසක් හෝ ඇති අයකු ලෙසට මොවුන් පෙන්වා දිය හැකිය.

විශේෂයෙන්ම යම් කිසි පුද්ගලයකුට සන්නිවේදනයේ ප‍්‍රශ්නයක් ඇත්නම්, හිතිීමේ හැකියාවේ බාධාවන් ඇත්නම්, තමන්ට අන් අයට නොදැනෙන ආකාරයේ සිතුවිලි ඇති වන්නේ නම් සාමාන්‍ය පුද්ගලයකුට වඩා වෙනස් හැසිරීමේ රටාවක් ඇති මොවුන් ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි.

මානසික රෝගයකට ගොදුරු වීමට බලපෑ හැකි කරුණු
ජානමය හේතූන්, සාමාජීය, ආර්ථික, දේශපාලනික, ආගමික ප‍්‍රශ්න ඊට සෘජු හෝ වක‍්‍රාකාරයෙන් හෝ බලපෑ හැකි වෙයි.

ලොව පුරා මිලියන 450 පමණ මිනිසුන් මානසික ව්‍යාකූලතාවන්ට ගොදුරුවන බව හඳුනාගෙන ඇති අතර අප රටේ සෑම පුද්ගලයන් අට දෙනකුගෙන් එක් අයකු මානසික ව්‍යාකූලතාවයකින් පෙළෙනා බව හඳුනාගෙන ඇත.

මානසික රෝග දෙස බැලීමේදී එහි ස්වභාවය අනුව උග‍්‍ර මානසික රෝග, සුළු මානසික රෝග වශයෙන් වර්ග කෙරේ.

හීනෝන්මාදය, විශාදය, මැනික් ඩිප්ප්‍රෙෂන් සයිපෝසියාව උග‍්‍ර මානසික රෝග තත්ත්වයන් යටතට ගැනේ. සුළු මානසික රෝගයන්ට කාන්සාව, භීතිකාව, ග‍්‍රස්තිය, මානසික ආතතිය ගැනෙන අතර මෙම රෝග බහුලව වර්තමානයේ දක්නට ලැබේ.

චිත්ත වික්ෂෝපය විවිධ හේතු නිසා බලපා හැකිය
මොළේ මිය යෑම (ඇන්සයිමර් රෝගය) රුධිර නාල අවහිර වීමෙන් ඒ තත්ත්වය ඇති විය හැක.

ආගාධ රෝග තත්ත්වය
දිගුකාලීනව පවතින දියවැඩියාව පාලනය නොකිරීම
මොළේ මිය යෑම නිසා ද උග‍්‍ර මානසික තත්ත්වයන්ට ගොදුරු විය හැක.

වයසට යාමේදී ඇති වන රෝග ලක්ෂණ තරුණ කාලයට වඩා වෙනස් අතර අමතක වීමෙන් මොළේ උසස් ක‍්‍රියාකාරීත්වය ගිලිහී යාම ද මෙම නිසා සිදුවේ.
උග‍්‍ර මානසික රෝග අතර බහුලව දක්නට ලැබෙන්නේ විෂාදය රෝගයයි. අප රටේ ජනගහණයෙන් සියයට 3ක් පමණ විෂාදය රෝගයෙන් පෙළෙන බව හඳුනාගෙන ඇති අතර හින්නෝන්මාදයෙන් පෙළෙන්නන් සිටින්නේ සියයට 1 පමණි.

කාංසාව, භීතිකාව වැනි රෝග තත්ත්වයෙන් පෙළෙන්නන් බහුලව වාර්තා වෙන අතර, එය ප‍්‍රමාණාත්මකව ගත් කල සියයට 20-30 ප‍්‍රතිශතයක්.


හිනෝන්මාදය


මෙම උග‍්‍ර මානසික රෝගී තත්ත්වය ප‍්‍රවේණිගතව ඇති විය හැකිය. පරිසරය අනුව ද සියයට 50 පමණ හින්නෝන්මාදය ඇති වීමට බලපානු ලැබේ. රෝගය ඇති වීමට ජානමය හේතු බලපෑව ද හොඳ පරිසරයක ජීවත් වීමෙන් රෝගය මතුවීම අවම කර ගත හැක.

හඳුනාගෙන ඇති පරිදි වයස අවුරුදු 15-16 අතර පසුවන පිරිමි දරුවන්ටත්, වයස අවුරුදු 25 පසු තරුණ දියණිවරුන්ටත් සමාජිය, අර්ථික ප‍්‍රශ්න මත හින්නෝන්මාදයට, ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් තිබේ. විශේෂයෙන්ම එදිනෙදා කටයුතුවලට බාධාවල් ඇති වීම අධ්‍යාපනය කඩාකප්පල් වීම වැනි දේ ඇති වේ.

මෙම රෝගයට ගොදුරු වන්නන්ගෙන් ප‍්‍රධාන වශයෙන්ම දක්නට ලැබෙන රෝගී ලක්ෂණ වන්නේ අස්වාභාවික ලෙස බාහිර පාර්ශවයන් සැක කිරීමට පටන් ගැනීමය.

මිථ්‍යා විශ්වාස කෙරෙහි වැඩි විශ්වාසයක් තබා ගන්නා ඔවුහු, බාහිර පාර්ශ්වය තමන්ට විරුද්ධව කටයුතු කරන බව සිතති. තමාට වසදී මරාදමති යැයි සිතනා ඔවුහු තනියෙන් කතා කරති. සිනාසෙති.

භ‍්‍රස්තිය තත්ත්වයේදී තවත් කෙනකු තමා සමග නිතර කතා කරන බව ඇසේ. අනෙක් අයට නොඇසෙන ශබ්ද හා කටහඬවල් අසන්නට ලැබේ.

තමන්ට විරුද්ධව කතා කරන බව හැෙඟන අතර පුද්ගලයකු සිටියත් නැතත් කටහඬවල් ඇසෙන්නට පටන් ගැනේ.

මානසික රෝගවලට ගොදුරුවන බොහෝ දෙනකු රෝහල් ගත කෙරෙන්නේ බොහෝ කලක් ගොසිනි. මානසික රෝගයක් ලෙස රෝගය නිශ්චය කර ගැනීමට නොහැකි බොහෝ දෙනකු විසින් කරනු ලබන්නේ තමාට හෝ තම හිතවතාට හෝ භූත දෝෂයක්, යක්ෂ දෝෂයක් ඇතැයි සිතා රුපියල් ලක්ෂ ගණන් වියදම් කර බලි තොවිල් කිරීමයි. එතනින් ද නොනවතින රෝගියාගේ රෝග ලක්ෂණ පහළ වන විට මළගිය ඥාතිවරු ආරූඪ වී ඇතැයි, නැවත නූල් දැමීම, දෙහි කැපීම, ආදී දේවලට නැඹුරු වීමේ ප‍්‍රවණතාවක් තිබේ. සමහරුන් බලිතොවිල් කරන්න ගිහින් මිය ගිය අවස්ථා පවා වාර්තා වූ අවස්ථා අප මතකයේ ඇත. මේ දේවල් එදා වගේම තාක්ෂණයෙන් දියුණු යැයි කියනා මෙවන් යුගයක අඩුවක් නැතුව අද වන විට ඇතැම් කපුමහත්වරුන් තමා ළඟට එන ආතුරයන්ගේ රෝගී තත්ත්වයන් හඳුනාගෙන මානසික රෝහලට යොමු කරන අවස්ථාත් තිබේ.

රෝහලේ ප‍්‍රතිකාර ලබන එක් හැඩි දැඩි තරුණයකුගේ නිධාන කතාව අපි හාරා ඇවිස්සෙමු.

ඔහු නමින් රාජුය. ආර්ථික අපහසුතාවලින් මිරිකෙන ජීවිතයේ ඔහුගේ ජීවන වෘත්තිය වූයේ කැලණි ගෙඟ් වැලි ගොඩදැමීමය. දෛනික වෘත්තියෙහි යෙදෙන්නට පෙර හෙරොයින් භාවිතා කිරීම පුරුද්දක් කර ගත් රාජු, වැලි කූඩයක් දිය යටට ගොස් රැුගෙන එන වාරයක් පාසා හෙරොයින් බීම පුරුද්දක් විය. කාලයක් මෙසේ ගතවන විට ඔහුගේ මොළයට දැඩි හානි සිදු වී තිබුණේ අධික මත්කුඩුවලට ඇබ්බැහි වීමේ ප‍්‍රතිඵලයක් ලෙසටය. රාජු මත්පැන් මත්ද්‍රව්‍ය පානය කිරීමට පුරුදු වී සිිටියේ වයස අවුරුදු 16 සිටය. හුස්ම තද කරගෙන ගෙඟ් වතුර යටට යන ඔහු වැලි කුඩය පුරාව ගන්නා තෙක්ම හුස්ම තද කරගෙන සිටිති.

මෙහි අවසාන ප‍්‍රතිඵලය වූවේ රාජුගේ මොළයට දැඩි හානි සිදු වී තිබීමය. මෙහි අවසාන ප‍්‍රතිඵලය වී තිබුණේ සිහි විකල් වූ පුද්ගලයකු බවට පත් වීමය.
රෝගය හඳුනා ගැනීමට හෝ ප‍්‍රතිකාර කිරීමක් නොකර සිටීමෙන් කෙටි කාලීන මතකය ගිලිහී ගොස් අරමුණක් නොමැතිව ඉබාගාතේ ඇවිදින්නට විය. අධික ලෙස මත්පැන් පානය කිරීමත්, හුස්ම තද කිරීමත් හේතුවෙන් රාජුගේ මොළයට දැඩි හානි සිදු වී තිබූ අතර, එයින් මොළයේ සදාචාරාත්මකතාව වැඩෙනා අංශවලට සම්පූර්ණයෙන් හානි වී තිබුණි. මෙලෙස මොළයේ කොටස් විනාශ වී යාමේ තත්ත්වයට මුහුණ දෙන්නන්ට තමන්ගේ දරුවන් පවා හඳුනාගත නොහැකි අතර බොහෝ අපචාර, දූෂණ සිද්ධීන් මොවුන් අතින් ඉටුවන්නේ ඔවුන් නොදැනුවත්මය. රාජු මානසික විද්‍යා ආයතනයේ ප‍්‍රතිකාර ලබනා රෝගියකු බවට පත් වන්නේ ඉබාගාතයේ යමින් මහ මග මුත‍්‍රා කරමින් මළ පිටකරමින්, මහ මග ගමන් ගන්නන්ට කුණුහරුපයෙන් බැණ වදිමින් යන අතරතුරය. මෙලෙස ඉබාගාතේ ඇවිදින රාජුව ගම්වාසීන්ගේ මැදිහත් වීමෙන් රෝහල් ගත කෙරී ඇත. රාජුගේ මානසික සෞඛ්‍ය අද වන විට කෙබඳුද? අපි වෛද්‍යවරියගෙන් ඇසුවෙමු. රෝහල් ගත කළ මෙම අය හැඩි දැඩි වයස අවුරුදු 45 පමණ කෙනෙක්. නමුත් සීටී ස්කෑන් එකකට භාජනය කළ ඔහුගේ මොළයට දැඩි හානි සිදුව ැඅති බව පෙනීගියා. අද ඔහු රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගන්නෙක්
එලෙස වෛද්‍යවරිය පැහැදිලි කරමින් කියා සිටියාය.

පිස්සෙක්, පිස්සු වැඩ, පිස්සන් කොටුව ආදී වශයෙන් එදිනෙදා ජීවිතයේදී අපි මානසික රෝගයක් ගැන සැහැල්ලූවෙන් සිතුවත්, මානසික ව්‍යාකූලතාවට ගොදුරු වීම සුළු පටු නොවන බව රෝහලට පා තැබූ මොහොතේදීම අපට පසක් විය. එහෙයින් අද ඔවුන් මුහුණ දෙන ගැටලූවට හෙට අප ද පත්වන්නට පුළුවන් බව මතකයේ තබා ගත යුතුය.
m
http://www.lankadeepa.lk/index.php/articles/363818

ජපුර ආදි විද්‍යාර්ථයින්ගේ හමුව දෙසැ.12

japura-campasa-logo

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ උපාධිය ලැබූ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ හමුවක් දෙසැම්බර් 12 වැනි දා පෙරවරු 10ට කොළඹ ටොරින්ටන් පෙදෙසේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වීමට යයි.
මේ සරසවිය 1959-72 දක්වා ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්ව විද්‍යාලයය යනුවෙන් ද, 72-78 දක්වා විද්‍යෝදය මණ්ඩපය යනුවෙන් ද, 78 සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයය යනුවෙන් ද හැඳින්වෙයි.
ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ වාර්ෂික මහා සභාව ද එදින පැවැත්වෙන බව ලේකම් මහාචාර්ය අබේරත්න බණ්ඩාර (දුරකතන 0777 224 399) සහ ජාතික සංවිධායක රංජිත් ඉද්දමල්ගොඩ (0777 26 93 21) කියති.
විද්‍යුත් ලිපිනය - japura.alumni@gmail.com

Friday, November 20, 2015

‘රන්හාමි’

ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර
1960 සිය ප්‍රථම කාව්‍ය ග්‍රන්ථය වූ ‘රන්හාමි’ සමාජ විද්‍යාත්මක කවි කථාව පාඨක ලොවට ඉදිරිපත් කළ ඔහු එදා සිට මෙදා දක්වා ලියා පළ කළ ග්‍රන්ථ ප්‍රමාණය 53කි. සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ග්‍රන්ථ කරණයේ යෙදෙන ආචාර්ය ඔබේසේකර ‘ධනු සහ සුමන’, ‘තිදෙනකුගේ පෙම් කතාව‘ ලියා පළ කළ පසු නවකතා ලිවීමට වඩා පර්යේෂණ ග්‍රන්ථවලින් වත්මන් සමාජයට ප්‍රයෝජනවත් සේවයක් සිදුවන බැව් අවබෝධ කරගත් අතර විවිධ ක්‍ෂේත්‍රයන් පිළිබඳ පර්යේෂණ කරමින් පර්යේෂණ ග්‍රන්ථ ලිවීම ආරම්භ කළේ ය. ඔහුට මේ පර්යේෂණ සඳහා ලන්ඩන් නුවර ග්‍රෙහැම් පර්යේෂණ ආයතනය පූර්ණ සහාය ලබා දී ඇත.
කන්ද උඩරට ඓතිහාසික සමාජ තොරතුරු පිළිබඳ දීර්ඝ ලෙස පර්යේෂණය කළ ඔහු කන්ද උඩරට සමාජ සංවිධානය ලියා පළ කළේ 1994 දීය. සිංහල කවීන් පිළිබඳ සියුම් ලෙස පර්යේෂණ කළ මේ විද්වතා සිංහල කවි නාමාවලියක් ප්‍රථම වරට කළඑළි දැක්වූ අතර රුවන් යාත්‍රා සහ නව කාව්‍ය විචාරය පළ කළේය.
ශ්‍රී ලංකාවේ කුල භේදය දේශපාලනයට බලපාන අයුරු පිළිබඳ පර්යේෂණ කළ ඔහු ඉන් අනතුරු ව ශ්‍රී ලංකාවේ කුල අරගල ග්‍රන්ථය ලියා පළ කළේය. ඔහුගේ පොත් මිලදී ගන්න පාඨක සමාජයක් දැනට ගොඩනැඟී ඇති අතර එහි සාමාජිකයින් 5000ක් සිටීම සැලකිය යුතු සිද්ධියකි.
ශ්‍රී ලංකාවේ ජාතික වීර නාමාවලියක් ලියා පළ කිරීම ආචාර්ය ඔබේසේකර ගේ තවත් දස්කමකි. එම පොත් පිංච පිටරටවල පවා ඇගයුමට පත් වී ඇත.
ඓතිහාසික සීගිරිය බළකොටුව සීගිරි කාශ්‍යපගේ නිර්මාණයක් නොවන බවත් එහි වාස්තු විද්‍යාඥයා ‘මය දානව‘ නමැති අසුර ගෝත්‍රිකයා බවත්, එය නිර්මාණය කළේ රාවණ රජුගේ පියාණන් වූ විශ්‍රවස්මුනිගේ ඉල්ලීමට බවත් පසු කලෙක ඔහු පුත් කුවේර ද, ඊට පසු රාවණ නිරිඳුන් ද ඓතිහාසික සීගිරියේ විසූ ආදී පුරුෂයින් බැව් “ද කල්චරල් හෙරිටේ ඔෆ් කිං රාවණ” ග්‍රන්ථයෙන් නොබියව ප්‍රකාශ කළ එම ලේඛකයා ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ය.
ඉතිහාසය ලිවීමේදී එම ඉතිහාස ගත කරුණු සඳහා සාධක වශයෙන් පුරා විද්‍යාව උපයෝගී කරගන්නා ආචාර්ය ඔබේසේකර සමාජ විද්‍යාත්මක කරුණුවලින් සිය මනස වැඩිදුරටත් තහවුරු කරමින් සිය පර්යේෂණ වාර්තා සැකසීම ගැන එක්සත් ජනපදයේ පර්යේෂකයන් අතර සාකච්ඡාවටත්, ප්‍රසංසාවටත් ලක් වූ විද්වතෙකි. ඉතිහාසය, පුරාවිද්‍යාව හා සමාජ විද්‍යාව ආදී විෂය ධාරා තුන ම එක ම මඟකට ගෙන යමින්, ආචාර්ය ඔබේසේකර කරනු ලබන විද්‍යාත්මක පර්යේෂණ සාර්ථක වීම පුදුමයට කරුණක් නොවන බවත්, එම විෂය ධාරා තුන ම එක් මඟකට යොමු කළ හැක්කේ ඒ විෂයන් තුන ම පිළිබඳ ව යථාවබෝධයක් ඇති කෙනෙකුට බවත්, ප්‍රවීණ සමාජ විද්‍යාඥයකු වූ මැක්ස් ගිල්ඩර් පවසා ඇත.
කතරගම දෙවියන් ලෙස අපේ වන්දනාවට පාත්‍ර වී සිටින්නේ ද රාවණ රජතුමා බැව් ආචාර්ය ඔබේසේකරගේ තවත් මතයකි. දඹුල්ලේ ඉබ්බන්කටුවේ ආදි වාසී සුසාන භූමියේ හිමිකරුවන් ද, යක්ෂ, ගෝත්‍රික සිංහලයන් බැව් ආචාර්ය ඔබේසේකරගේ තවත් මතයකි. අප රටේ විවිධ පර්යේෂණ රැසක් සම්පූර්ණ කර ඇති ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර දැනට ග්‍රන්ථ 53ක් පමණ මුද්‍රණය කළ ගත් කතුවරයෙකි. කවීන් පිළිබඳ දීර්ඝ පර්යේෂණයක් කළ ඔහු කවි නාමාවලිය ග්‍රන්ථය 1994 වර්ෂයේ පළ කළ අතර වර්ෂ 100කට වඩා පැරණි වලව් පිළිබඳ දීප ව්‍යාප්ත පර්යේෂණයක් ද කරමින් ඔහු ශ්‍රී ලංකාවේ වලව් නාමාවලිය 1999 දී මුද්‍රණය කළේ ය.
ක්‍රි.ව. 1960 මැයි 31 වැනි දින රන්හාමි පද්‍ය ග්‍රන්ථය ලියා පළ කිරීමෙන් ඇරඹි ඔබේසේකරගේ සංස්කෘතික සේවය දැන් මල් ඵල හටගැනී ඇත. දැනට වර්ෂ 3කට පෙර ලේඛක ලේඛිකාවන් සහ කවීන් 500ක් පුහුණු කිරීමේ ව්‍යාපෘති ඇරඹූ අතර, පසුගිය වර්ෂයේ ඒ තරුණ පිරිස පුහුණුව අවසන් කළහ. මේ කර්තව්‍ය සඳහා ඔහු කිසිවකුගෙන් සතයක්වත් අය නොකළ අතර, විදේශීය ආධාර හෝ දේශීය ආධාර කිසිවක් ලැබුවේ නැත. නමුත් ඒ සඳහා ඔහු විශාල මුදලක් වැය කළ බව අපි දනිමු. ප්‍රාග් ඓතිහාසික උරුමය සහ පෘතුගීසි ආක්‍රමණයෙන් සිදු වූ සමාජ පෙරළිය ඔහුගේ අලුත් ම ග්‍රන්ථ දෙකකි.
එංගලන්තයේ ක්‍රොයිඩන් විචාරක පර්ශදයෙන් ජාත්‍යන්තර ‘රිදී පෑන’ සම්මානය ද ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර සාමජවාදී ජනරජයෙන් ජාතික සම්මානය ද ලබා ඇති ආචාර්ය ඔබේසේකර සබරගමුව ඥාති සංවිධානයෙන් ‘ස්වර්ණ සූය්‍ය¡ විභූෂණ’ සම්මානය ලබා ඇත. තවත් සම්මාන රැසක් ම ඔහු ප්‍රතික්ෂේප කළ බව ද විශේෂයෙන් සඳහන් කරමු.

Wednesday, November 11, 2015

ගිලුණු නැඩික්ඩික් දූපත යළි වර්ධනය වෙයි....!!!!

Image result for nadikdik Atoll


විනාශකාරී සුළි කුණාටුවක් හේතුවෙන් 1905 දී අතුරුදන්වූ නැඩික්ඩික් දූපත යළි වර්ධනය වෙමින් තිබෙන ආකාරය ලෝකය පුරා බොහෝ දෙනකුගේ අවධානයට ලක්ව ඇත.
පැසිෆික් සාගරයේ පැපුවා නිව්ගිනියාවට ඊසාන දිගින් මේ දූපත පිහිටා තිබිණි. 1905 දී ඇතිවූ විනාශකාරී සුළි කුණාටුවකින් දූපත මුළුමනින්ම විනාශ වී මුහුදු ජලයේ නොපෙනී ගියේය. මාධ්‍ය වාර්තා පවසන්නේ මේ දූපතේ සිටි පිරිස අතරින් දිවි ගලවාගත්තේ දෙදෙනකු පමණක් බවයි.
නැඩික්ඩික් දූපත කොරල් පරවලින් වටවී මැද ජලාශයක් සහිතව මුද්දක් සේ දිස්වන දූපතකි. එවැනි ආකාරයෙන් සෑදුණු දූපත් ඉංග්‍රීසි බසින් ඇටොල් Atoll යනුවෙන් හුන්වයි.
නොගැඹුරු මුහුදේ කොරල්මත වැලි තැන්පත් විමෙන් මේ දූපත් සෑදෙන බව භූ විද්‍යාඥයෝ කියති. 1905 දී දූපත විනාශ වී නොපෙනී යාමෙන් අනතුරුව යලි කොරල් වැවි ඒ මත වැලි නිධි තැන්පත් වී දැන් ශාක පවා වැවී ඇති ආකාරය දක්නට ලැබෙයි.
නවසීලන්ත පර්යේෂකයන් පවසන්නේ මේ දූපත නැවත ප්‍ර‍තිනිර්මාණය වෙමින් පවතින බවයි.  නවසීලන්තයේ ආචාර්ය මරේ ෆෝර්ඩ් සහ මහාචාර්ය පෝල් කෙන්ච්ගේ අධයයනයන්ගෙන් තහවුරු වී ඇත්තේ සුළි කුණාටුවෙන් විනාශ වූ කොරල් සමූහයේ ඉතිරිවූ කොටස්වලින් මෙය නැවත සෑදෙමින් තිබෙන බවයි.
1945 වර්ෂයේ සිට 2010 දක්වා මේ දූපතේ ගුවන් ඡායාරූප වලින් මේ බව ඉතා පැහැදිලිව දක්නට ලැබෙයි. වසර 60ක කාලයක් එහි විවිධ ශාක සාරවත්ව වැඩෙමින් පවතී. පර්යේෂකයන් පවසන්නේ දූපත විනාශවීමට පෙර මුඩුබිම් ලෙස පැවති භූමියෙන් ද සියයට 25ක පමණ ප්‍රමාණයක ගහකොළ පවා වැවී ඇති බවයි.
‘‘ මේ දූපත වටා ඇති මුහුදේ සාරවත් බව මෙහි තුරු ලතා ඉක්මණින් වැඩීමට හේතුවක් වන්නට ඇති. අවට රොන්මඩ හා කොරල් විශාල වශයෙන් දක්නට ලැබෙනවා. මෙයින් පෙනීයන කරුණක් වන්නේ විශාල විනාශයකින් දූපතක් සම්පූර්ණයෙන් ම විනාශ වුවත් ඒ විනාශයත් සදාකාලික නැති බවයි. එය නැවත පුදුම සහගත ලෙස වර්ධනය වනවා.“
මිහිතලයේ උණුසුම ඉහළ නැගීම නිසා සිදුවන මුහුදු මට්ටමේ ඉහළ යාම හේතුවෙන් බොහෝ දූපත් යටවී යනු ඇතැයි විද්‍යාඥයන් අනතුරු ඇවුව ද මේ දූපත යළි වර්ධනය වීමෙන් පෙනී යන්නේ ඒ මහතය ද අභියෝගයට ලක්විය හැකි බවයි.
1393403679-r9s shutterstock_158056682_news_featured - Copy Typhoon19052

පොත් නැවේ දවසක්

ලෝගෝස් හෝප් ලොව පුරා සංචාරය කරන පොත් නැව මේ දිනවල ලංකාවට පැමිණ ඇත. නොවැම්බර් 12 වැනිදා දක්වා එය කොළඹ වරායේ නැංගුරම් ලා ඇත.

බොදු ජන දිවිය ඔපවත් කළ උපමා කවි




සිංහල සාහිත්‍යයේ උපමා කථා රැසක්‌ම ඇත. එසේම සංස්‌කෘත සාහිත්‍යයට අයත් උපමා කථා ලියෑවුණ ග්‍රන්ථ කිහිපයක්‌ම ඇත. හිතෝපදේශය පංචතන්ත්‍රය ඉන් ප්‍රධාන තැනක්‌ ගනියි. එම ග්‍රන්ථ අනුසාරයෙන් කියවූ උපමා කවි සිංහල ජනතාව අතර බොහෝ සෙයින් ව්‍යවහාර විය. දහම් පොත් අතර 'ධම්මපදය' ට අයත් හැම ගාථාවකම වගේ උපමා දැකිය හැකියි. ධර්මයෙහි අර්ථ වඩාත් පැහැදිළි කරනු වස්‌ එසේ උපමා අන්තර්ගත කොට ඇති බව පෙනෙයි. බුදු හිමියන් සාමාන්‍ය ගැමියන් අතර නිතර දක්‌නට ලැබෙන සිදුවීම් උපමාවට ගෙන දහම් දෙසා ඇති බව පැහැදිළිය. ඒ නිසාම ඒවා ජනතාවට වඩාත් සමීප විය. පැරැණි ලේඛකයන් අතර සද්ධර්මරතනාවලිය කර්තෘ ධර්මසේන හිමියන් තරම් උපමා යෙදීමෙහි දක්‌ෂයකු සිටියේ නැත. උන් වහන්සේගේ උපමා සරලය. ජන දිවියට බෙහෙවින් සමීප විය. තත්කාලීන

සමාජයේ තතු ඉතා මැනවින් නිරූපණය වෙයි. උපමා කවි වනාහි සිංහල ගැමියන් අතර නිරතුරුවම භාවිත වුණි. මෙම කවි වරක්‌ ශ්‍රවණය කළහොත් මතක හිටින තරමට සරලය. සුගම ය. අකුරු ශාස්‌ත්‍රය නොදත් අයකුට වුවද ශ්‍රවණය කිරීම මගින් ග්‍රහණය කර ගත හැකිය.

අපේ ජන කවි සිංහල සංස්‌කෘතිය පිළිබඳ තතු නිරූපණය කරන කැඩපතක්‌ බඳුය. ඓතිහාසික සංස්‌කෘතික සමාජ ගත තොරතුරු දැන ගැනීමට තිබෙන ප්‍රබල මූලාශයක්‌ වශයෙන් ද සැලකීමට පිළිවන් වෙයි. අතීත හෙළ ජන දිවිය ගොඩනැගුනේ ගමෙහි විහාරස්‌ථානය මූලික කර ගත් සමාජයක්‌ වශයෙනි. ඒ අනුව පුරාණ හෙළ ගැමියාගේ සියලු කටයුතු සිදු වුණේ ආගම දහම මුල් කර ගෙනය. ඔවුන්ගේ සිතුම් පැතුම් සදහම් සංකල්ප මතම ගොඩ නැගුණි. ඒ නිසා ඔවුන්ගේ ජීවන රටාව පිළිබඳ නිවැරැදි අවබෝධයක්‌ ලබා ගැනීම සඳහා සමාජ ගතව තිබූ විවිධ ජන කවි බෙහෙවින් ඉවහල් වෙයි.

ජන කවි අතර විවිධ කවි රැසක්‌ ඇත. පැල්කවි, කරත්ත කවි, නෙළුම් කවි, ගොයම් කවි, පතල් කවි, ඔන්චිලි කවි නොහොත් වාරම් කවි, තහංචි කවි ආදී කවි වෙනත් කිසිදු ජන සමාජයක දක්‌නට නැති තරම් සිංහල ජන වහරෙයි පැවතිණ. මෙම කවි ඒ ඒ අවස්‌ථාවන්හි ගායනා කිරීමත් ඒවා අසාගෙන සිටීමත් හෙළ ගැමියාගේ විනෝදාශ්වාදය සඳහා හේතු සාධක විය. මේවා මගින් හුදු විනෝදාශ්වාදය පමණක්‌ නොව, සමාජ යහපතට හේතු වන සදහම් පණිවුඩ රැසක්‌ ද ලබා දීමට යත්න දැරූහ. සැබවින්ම මේවා

සමාජයේ යහපත පිණිස හේතු වූ බව අතීත සමාජ තතු විමසීමේ දී පෙනෙයි.

එදා සමාජයේ උපදේශ කවි වශයෙන් කවි විශේෂයක්‌ ද තිබුණි. මෙම උපදෙස්‌ කවි ලිත සාහිත්‍යයක්‌ වශයෙන් නොතිබුණි. මෙම කවි අවස්‌ථාවට උචිත අයුරින් ගායනා කිරීමට අතීත හෙළ ගැමියාට අපූරු හැකියාවක්‌ තිබුණි. මෙම උපදෙස්‌ කවි යොදමින් යමක්‌ පැහැදිලි කිරීමට හැකියවාවක්‌ ඇති පුද්ගලයන් එදා සමාජයේ යම් මට්‌ටමක උගතුන් වශයෙන් සැළකීම ඔවුන්ට ගරු කිරීම එදා

සමාජයෙහි අනුගතව තිබූ කරුණකි. බොහෝ උපදේශ කවිවල මතු පිටින් බලන විට හරවත් දෙයක්‌ නැති බව පෙනුනත් ගැඹුරින් හිතා බලන විටත් එම කරුණු තමන් අත්දුටු අවස්‌ථාවත් සමඟ සස¹ බලන විටත් මේ උපදේශ කවිවල ඇතුළත් කරුණු ඉතා විශිෂ්ඨ ඒවා බව වටහා ගත හැකිය.

කළදේ යමෙක්‌ තතු පින් පව් දැන හොඳට

පළදේ විපාකය කවදා මුත් ඔහු ට

මුහුදේ පැන්නාලු එහි කොණ බලන්න ට

බැරිදේ පුළුවන්ද දත් මිටි කෑවා ට

තමන් යම් කිසි දෙයක්‌ කරන්නේ නම් පින් පව් පිළිබඳ සලකා කළ යුතු බව මෙයින් ප්‍රකාශ වෙයි. එසේ පින් පව් නොසළකා කටයුතු කරන පුද්ගලයන් මෙලොව ජීවිතය මෙන්ම පරලොව ජීවිතයද අඳුරට පත් කර ගනිති. මෙම උපදේශය ප්‍රකාශ කරන ගමන් සමාජයට සඳහම්

පණිවුඩයක්‌ ද ලබා දෙයි. එය නම් බුදු දහමෙහි පෙන්වා දෙන කර්මවාදයයි. තමන්ට කළ නොහැකි කාර්යයන් කොතෙක්‌ උත්සාහ කළත් කරන්නට අපහසු බවද මෙමගින් පෙන්වා දී ඇත. ඇඟිල්ලේ තරමට ඉදිමුව ගත යුතුය යන ආප්තෝපදේශයද මෙය කවිය මගින් දක්‌වා ඇත

කලකට කට මව් දෙතනේ කිරි බී මා

කලකට කට රට පලවැල වැළඳී හා

කලකට කට වෙලකට බැඳි වැට සේ මා

කලකට කට පට මල්ලේ කට සේ මා

ඉතා දීර්ඝව විස්‌තර කළ යුතු දහම් කරුණු රැසක්‌ කැටි කොට ඇති මෙම කවිය මගින් ඉදිරිපත් කරන දහම් පණිවුඩය උගතුන්ට මෙන්ම නූගත් ගැමි ජනයාට

පහසුවෙන් වටහා ගත හැකිය. බුදු දහමෙහි උගන්වන අනිත්‍යය පිළිබඳ පැහැදිලි කරන මෙම කවිය මගින් රූපයෙහි තිබෙන නිසරු බව පෙන්වා දෙන්නේ ගැමියන්ට පහසුවෙන් තේරුම් ගත හැකි සුලබ උපමා උපයෝගි කර ගෙනය. මිනිස්‌ දිවියෙහි සියලු අවස්‌ථාවන් මෙම කවි පද හතර මගින් අපූරුවට පැහැදිළි කර දෙයි

ඇස නැතිදා පොත ගත්තේ කියන්නට ද

දත නැතිදා උක්‌ දඬු ගිනි තපින්නට ද

වෙර නැතිදා ගහ ගත්තේ දිනන්ට ද

යුද ඇතිදා නැති කග කොස්‌ කොටන්ට ද

අද කළ යුතු දෙය අද කළ යුතුය. පසුවට කල් දැමුව හොත් තමන්ට පසු තැවිලි වීමට සිදු වෙයි. 'අඡ්ජෙව කිච්චං ආතප්පෝ - කොජඤaෙCදා මරණෙ සුවෙ' අද කළ යුතු කාර්යය අද කළ යුතුය. මරණය හෙට වුවද විශ්වාශ නැත යන බුදු දහම ඇතුළත් කොට තිබෙන මෙම උපදේශ කවිය මගින් ලබා දෙන පණිවුඩය එදා සමාජයේ දියුණුව සඳහා කොතෙක්‌ උපකාරී වන්නට ඇත්ද? සැබවින්ම මම කවි ඇසු නූගත් ගැමියා වෙර වීරිය රැගෙන කටයුතු කර ලෞකික ජීවිතය මෙන්ම ලෝකෝත්තර දියුණුව සඳහා ද අවශ්‍ය කටයුතු නොපමාව සිදු කිරීමට පෙළඹී ඇති බව සිතිය හැකිය.

ඉක්‌මන් කෝපයෙන් කිසිවෙක්‌ නැත බේරී

දැක්‌මෙන් සිත පිනයි හොඳ යහපත් බාරි

රැක්‌මෙන් ඉවසුමෙන් යහපත එයි බේරී

ඉක්‌මන් වුණොත් කොරහෙන් අත දානු බැරි

ඉක්‌මන් කෝපය නැතහොත් ක්‍ෂණික කෝපය නිසා ඇතැම් දෙනා බරපතළ අපරාධ කරති. එහි බරපතළ බව වැටහෙන්නේ සියල්ල සිදුවී හමාර වුවාට පසුවය. ස්‌වල්ප මොහොතක්‌ හෝ ඉවසුවේ නම් එවැනි විපත් වළකා ගත හැකිය. ඉවසීමෙහි වැදගත්කම බුදු දහමෙහි මැනවින් පෙන්වා ඇත. එය බෝසත්වරවැන් විසින් පුරණු ලබන පාරමිතාවක්‌ වශයෙන් ද සඳහන් වෙයි. මෙම උපමා කවිය මගින් ඉවසීමෙහි වැදගත්කම මෙන්ම අනවශ්‍ය කලබලකාරි තත්ත්වයෙන් කටයුතු කිරීම සුදුසු නොවන බව ද පෙන්වා දෙයි. ඉක්‌මන් වුණොත් කොරහට වුවද අත දැමිය නොහැක. කොරහ යනු කුස්‌සියේ භාවිතා කරන විශාල කටක්‌ සහිත භාජනයකි.

සිටියට ඉනිකුණෙන් කඩනෙද හැඳි රෙද් ද

කිව්වට දොසක්‌ උතුමන් කෝපය වෙද් ද

කෙරුවට අපහාස ඇති ගුණ නැති වෙද් ද

බිරාවට සුනකයෙක්‌ කන්දක්‌ මිටි වෙද් ද

උතුම් පුද්ගලයන්ට නින්දා අපහාස කිරීම සමාජයේ කොතෙකුත් සිදු වෙයි. බුදු හිමියන් වැනි ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ නමකට ද සමාජයෙන් ලැබුණ නින්දා අපහාස කොතෙක්‌ද? එහෙත් උන් වහන්සේ කිසි විටෙකත් කම්පාවට පත් නොවුණ සේක. මෙම උපමා කවියෙන් ද පැවසෙන්නේ එම අකම්පිත ගුණයෙහි තිබෙන වැදගත් කමයි. උතුමන්ට නින්දා අපහාස කරන විට ඉවසන අතර ඉවසන නිසාම ශ්‍රේෂ්ඨත්වය වර්ධනය වෙයි. මෙම උපමා කවියෙහි සාමාන්‍ය අර්ථය එය වෙයි.

පෙනුමට රටට සබයට උගතෙක්‌ විල සේ

රට තොට පසිඳු මුත් ඉන්නට නැත නිව සේ

කෙරුමට බැරි නොයෙක්‌ වැඩ නෙක ලෙස සැළසේ

ගෙදරට මරගාතෙ ලෝකෙට පරකා සේ

ඇතැම් පුද්ගලයන් ලෝකය හදන්නට බණ කියති. එසේ බණ කියන බවට රටෙහි ප්‍රසිද්ධියක්‌ උසුලති. එහෙත් තමන් තුළ කිසිදු ගුණ ධර්මයක්‌ නැත. තමන් දේශනා කරන බණ අනුව පිලිපැදීමක්‌ නැත. එවැනි අය දේශනා කරන බණ බැදි බණ වශයෙන් ලෝකෝපකාර කතුවරයා සඳහන් කර ඇත. වඩුවාගේ ගෙදර පුටුව නැතිවා වගෙයි යනුවෙන් ප්‍රස්‌ථා පිරුළක්‌ හැදී ඇත්තේ ද එවැනි අය වෙනුවෙනි.

පීල්ලේ දියට කළයක්‌ නැමූව ත්

නොපිරෙයි කළය සැට පැයකින් බැලුව ත්

පින් මදි එකා බණ දහමින් වෙලූව ත්

උගේ ගතිය ඌ නාරි මැරූව ත්

වතුර ගලා හැලෙන පිහිල්ලකට කළයක්‌ ඇල්ලූ විට එය සම්පූර්ණයෙන් පුරවා ගැනීම අපහසු වෙයි. මෙය උදාහරණයකට ගෙන කවියා සමාජයේ පවතින දුර්වලතාවක්‌ පෙන්වා දුනි. ඇතැමුන්ට කොපමණ අවවාද කළත් ඔවුන්ගේ වැරදි නිවැරදි කර ගන්නේ නැත. ඔහු බණ දහම්වලින් වෙලුවත් ඔහුගේ උපන් ගතිය අත්හැර දැමීමට පුළුවන් කමක්‌ නැත. එවැනි පුද්ගලයන් ඉලක්‌ක කර ගෙන මෙම කවිය කියවී ඇත. මෙයටම සමානව තවත් උපමා කවියක්‌ ඇත. එනම්.

වැහැරන මුල් කෙසරු සිය ගති නොහරි ය

ඇති කළත් සුනකු තම ගති නොහරී ය

කිරේ ලුවත් අගුරු කලු පැහැ නොහරී ය

කොහේ ගියත් වලා වල් කමි නොහරී ය

සිංහයා වියපත් වුණත් සිංහ ගතිය අත් නොහරියි. ඇති දැඩි කරන සුනකයා සුනක ගති අත් නොහරියි. කිරිවල දමා තිබුණත් අඟුරු සුදු පැහැ ගන්නේ නැත. ඒ අයුරෙන් වල්කම් කරන පුද්ගලයා කොහේ ගියත් තමන්ට සුපුරුදු වල් කම් කරයි.

බලැත් රජු හටත් කල කම් ල දෙවතී

ජගත් ගිනි සුළං කෝපය ලොව පවතී

මහත් දන පතින් නිගමනයට පත් වෙතී

පහත් වුණ හෙනේ කෛdතනට මුක්‌ විදිතී

ඇතැම්දෙනා බලයෙන් ධනයෙන් මත්ව, උඩඟු බවට පත් වී කටයුතු කරති. එයින් නොයෙකක්‌ නොපනකත් කම් කරති. එහෙත් ඔවුන් කළ අපරාධ දූෂණවලට ප්‍රතිවිපාක කෙදිනක හෝ ලැබෙනු ඇත. ඔවුහු ධනය නොමැති දිළින්දන් වී අසරණ බවට පත් වෙති. කවියෙන් උපදෙස්‌ දීම බුදු දහමෙහි එන ප්‍රධාන ලක්‍ෂණයකි. ධම්මපදය වැනි ත්‍රිපිටක අන්තර්ගතයන් විමසීමේ දී ඒ බැව් මැනවින් පසක්‌ වෙයි. පුරාතණ ගැමියන් බුදු බණ කාටත් තේරුම් ගත හැකි පරිදි දේශනා කරනු වස්‌ ඉදිරිපත් කළ බොහෝ උපදෙස්‌ කවි ඇත.

සූරිය උදා වන තුරු පිණි බෑවිල් ල

පාරුව පදින තුරු සයුරේ සෙලවිල් ල

මාරුව බල බලා සිත යට සැරසිල් ල

කාරිය කරන තුරු කාගෙත් රැවටිල් ල

තමන්ට යම් කිසි කාර්යයක්‌ කර ගන්නා තුරු ඇතැම් දෙනා නොයෙක්‌ ඉච්චා බස්‌ කියති. පොරොන්දු රාශියක්‌ දෙති. තම කාරිය කර ගත් පසු දුන් පොරොන්දු කිසිවක්‌ ඉටු නොකර ඉවත බලා ගනිති. ඒ සියල්ල අමතක කර දමති. දේශපාලනය පිළිබඳ විමසීමේදී මෙය නිතර මහ ජනයා අතර කථා බහට ලක්‌ වන කරුණකි. එදා සමාජයේත් එවැනි රැවටිලිකරුවන් සිටින්නට ඇත. එවන් රැවටිලි කරුවන් ගෙන් බේරී කටයුතු කිරීමට කවුරුවත් සිත්වලට ගත යුතුය.

'ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය', 'පැන යන මුවන් දැක නොදමනු නෙලු පලා', 'සුනක නගුට බැරි ඇද ඇරලා ගන්ට', 'ලූලා නැතිවලට කනයා පණ්‌ඩිතයා', 'සෙවනැල්ලත් ඇදලු අත් ඇරෙනා දීගේ', 'තණ්‌හාපතියන්ට විලි බිය දෙකම නැති', 'කුමට ලීයගේ කැත වුණි නම් කිරියාව', 'අම්මට ආලෙ නැති දරු රටට වැඩ නැති', 'කහල ගොඩේ තිබුණත් මැණික මැණිකමය', 'මළදා ඉතින් පණුවන් මිස කාත් නැති', 'පනින රිලවුන්ට ඉනිමං කමකන් නැත', 'වදුරා නාකි වුණ මුත් උඩමයි ගමන' මෙවැනි කරුණු ඇතුළත් උපමා කවිවලින් එදා සමාජයේ ගුණ දම් පෝෂණය සඳහා ලැබුණ පිටු බලය අති විශ්ෂ්ඨ ය. යහපත් සමාජයක්‌ ගොඩ නගනු වස්‌ මෙම උපදෙස්‌ කවි කොතෙක්‌ දුරට ඉවහල් වී ඇත්ද යනු විමසා බලන විට පසක්‌ වෙයි.



බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති
නාලන්දේ විමලවංශ හිමි

http://www.divaina.com/2015/11/11/news21.html

සෝභිත නාහිමිට ගෞරව දැක්‌වීමට පාසල් දරුවන් සහභාගි කරවන්න

Image result for maduluwawe sobitha children

අපවත් වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ශ්‍රී දේහයට ගෞරව පුදකිරීම සඳහා පාසල් දරුවන් සහභාගි කරවන ලෙස බස්‌නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ විමල් ගුණරත්න මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් වෙත උපදෙස්‌ දී ඇත.

ආදාහන පූජෝත්සවය දින (12 වැනිදා) ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා එම අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් බස්‌නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට අද (11 වැනිදා) කැඳවනු ලැබ තිබේ.

බස්‌නාහිර පළාතේ පාසල්වල සාමාන්‍ය පෙළ දරුවන්ගේ වාර විභාග ආරම්භ කර ඇති හෙයින් ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල්වලට නිවාඩු ලබාදීමේ හැකියාවක්‌ නැතැයි ද එහෙයින් සාමාන්‍ය පෙළ දරුවන්ගේ වාර විභාග සැලසුම් කර ඇති පරිදි පවත්වන ලෙස සෙසු ශ්‍රේණිවල දරුවන්ට නාහිමියන්ගේ ශ්‍රී දේහයට ගෞරව පුදකිරීම සඳහා අවස්‌ථාව සලසන ලෙස ද විදුහල්පතිවරුන්ට උපදෙස්‌ දී ඇතැයි පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.


නිලන්ත මදුරාවල

කක්කුට්ටෝ


පැත්තට පැත්තට
යන­කොට එන­කොට
ඇස් උඩ දාගෙන
බලන් ඉඳියි
හයි­යෙන් හයි­යෙන්
යන­කොට එන­කොට
ගුල් අස්සට යන
අමුතු සතුන්
උන් බල­න්නට
මා දුව යන­කොට
බයේ හැංගෙනා
පුංචි පැටවු
රැල්ලේ නැඟිලා
රැල්ලේ පාවෙලා
වෙර­ළට ගොඩ­වෙන
කකුළු පැටවු

සුරන් සුදා­රක ජය­බාහු
5 ශ්‍රේණිය ‘ඊ’,
සා. සෙබ­ස්ති­යන් විදු­හල,
මොර­ටුව

Monday, November 2, 2015

වන වැනුම්........

වන වැනුම්

ගසින් ගසට පනිනා මේ රිළ­වුන්
පෙන්වන්නේ වනයේ ලස්සන තැන්
ගෙන එන්නේ සිත හට සතු­ට­ක්
නො­බලා ඉන්නේ කිමද ඉතින්

කඳු­මත සිටිනා ලස්සන මොන­රුන්
නටන්නේ විදහා පිල් සතො­සින්
නටනා විට ඒ ලස්සන මොන­රුන්
ගෙන එන්නේ වනයේ අසි­රිය දැන්

වැද්දන් දැකලා බියවී දුවනා
සුදු තිත් ඇති ලස්සන මුවන්
විල්වල තිබෙනා දියාරු සෙව­ලින්
ඇඟ තවරා ගන්නේ මී හර­කුන්

මොන­රුන් නටන්නේ පිල් විදහා
ලෙළ දෙන සුළ­ඟින් එය වටහා
ලබන්ට හැකි අප­හට සතුට
වන­යට ගියො­තින් නිසැක මෙදා

එම්.එච්. පියුම් ටෙරාෂා පිය­සේන
9 ශ්‍රේණිය ‘බී’,
පොතු­පි­ටිය ම.වි.,
වාද්දුව