V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Tuesday, April 30, 2013

රෝහලක මුල්ම පාසල බොරැල්ලේ


රෝහලක මුල්ම පාසල බොරැල්ලේ
ළමා රෝහල් අධ්‍යක්ෂ අදහසට ඇමැති අත
2013 අපේ‍්‍රල් මස 30 18:45:36 | රොමේෂ් ධනුෂ්ක සිල්වා
කොළඹ බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දීර්ඝ කාලීනව නේවාසික ප්‍රතිකාර ලබන දූ දරුවන්ගේ අධ්‍යාපනය දිරි ගැන්වීමේ අරමුණින් ප්‍රාථමික පුහුණු ගුරුවරු කිහිප දෙනකු අද(24) එම රෝහලට අනුයුක්ත කරනු ලැබූහ.
රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතාගේ අදහසක් අනුව සෞඛ්‍ය අමාත්‍යංශයත්, අධ්‍යාපන අමාත්‍යංශයත් එක්ව මෙම ගුරුවරුන්ගේ සේවය ලබාගෙන ඇත.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වරකට රෝගී දරුවන් 900-1000 පමණ රෝහලේ ප්‍රතිකාර ලබයි.
ඇතැම් සිසුන් මාස දෙක තුන රෝහලේ ගත කරන නිසා ඔවුන්ගේ පසු බෑමක් ඇති නොවීම සඳහා මේ පියවර ගන්නා බව දොස්තර හේවගේ පැවසීය.
අධ්‍යාපන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, ළමා මනෝ රෝග පිළිබඳ විශේෂඥ මහාචාර්ය හේමමාලි පෙරේරා මහත්මිය ද ඇතුළු රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු ද රෝහල් කාර්ය මණ්ඩලයද මේ යෝජනාවට සහාය දැක්වූහ.

උසස් පෙළ කිසිදු විෂයක් ඉවත් කර නැහැ


bandula gunawardena mpඅධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විෂයක් ඉවත් කිරීමේ කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ නව විෂය ධාරාවක් සහිත තාක්ෂණ විෂය ධාරාවක් හඳුන්වා දී තිබෙන බවයි.


දැනට උසස් පෙළ විභාගයට අනුමත කර විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන උසස් පෙළ විභාගයේ කිසිදු විෂයක් අඩුකිරීමට හෝ ඉවත් කිරීමට ප්‍රතිපත්ති තීරණයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගෙන නොමැති බව අමාත්‍යතුමා අවධාරණය කර සිටී.

විෂය ඉවත් කරනවා වෙනුවට අධ්‍යාපන ප්‍රතිපත්තිය වන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයට ගැළපෙන ආකාරයට නව විෂය හඳුන්වාදීම බව අමාත්‍යතුමා පෙන්වා දෙන අතර ඒ අනුව උසස් පෙළට හඳුන්වා දී තිබෙන නව තාක්ෂණික විෂය ධාරාව යටතේ ඉංජිනේරු තාක්ෂණය හා තාක්ෂණය සඳහා විද්‍යාව යන නව විෂයන් හඳුන්වා දී තිබෙන බවද සඳහන් කළේය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන කොමිසම සහ ජාතික අධ්‍යාපන ආයතනය ඒකාබද්ධව නව තාක්ෂණික විෂය ධාරාව හඳුන්වා දී තිබෙන බව අමාත්‍යතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

SMB 
© රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු හිමිකම් ඇවිරිණි.
රජයේ නිල පුවත් වෙබ් අඩවියේ පළ කරන පුවත් හෝ විශේෂාංග ලිපි හෝ අන්තර්ගත කරුණු එහි අන්තර්ගතය වෙනස් කිරීමකින් තොර ව භාවිත කිරීමට අවසර ඇත. අපගේ බුද්ධිමය දේපොළ අයිතියට ගරු කරමින් එම පුවත් නැවත පළකරන හෝ විකාශය කරන සියලු මාධ්‍යවල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් එම පුවත ලබාගත් බව සඳහන් කළ යුතු ය.

ආදරයේ උල්පත වූ අම්මා

ආදරයේ  උල්පත වූ අම්මා

රක්‌ත වර්ණ රුධිර දහරාවෝ ශ්වේත වර්ණ ක්‌ෂීර දහරාවක්‌ බවට පත් වුණේ අප කෙරෙහි උනුන්ගේ හදවත් තුළ ඇති වුණා වූ සෙනෙහස හේතු කොට ගෙනමය. මේ මුළු විශ්වයම නිර්මාණය වී ඇත්තේද ඇගේ කිරිවල බල මහිමයෙන්මය. ඒ කිරි රසවත්ය. ඒ කිරි නැවුම්ය. එමතුද නොව ඒ කිරිවලින් වහනය වන්නේ ද නැවුම් වූ සුවඳක්‌මය. ඉදින්, කවර හෝ තැනැත්තෙකු ඒ කිරි සුවඳට පරිභව කිරීමට සැරසෙන්නේ නම්.........? නිසැකවම පැවසිය හැක. කුමක්‌ද ඒ ..........? ඒ අනෙකක්‌ නොව ඒ කිරි සුවඳට පරිභව කළ පුතු නිරයේමය උපදින්නෙ........ " යන්නයි.


"වෙහෙරක්‌ වගේ පින් දුන් කෙනෙක්‌
දෙවොලක්‌ වගේ දුක්‌ ඇසූ කෙනෙක්‌
කුඹුරක්‌ වගේ බත් දුන් කෙනෙක්‌
වේ නම් ලොවේ........
නුඹයි අපෙ අම්මේ............."

කරුණාරත්න දිවුල්ගනේ නම්වන හෘද සංවේදී කලාකරුවාණන් විසින් අපූර්ව ලෙස ගයනු ලබන ඒ ගීයේ මිහිරියාව ඔබ මඳකට මුත් අත් විඳ තිබෙනවා ඇතැයි සිතමි. සැබැවින්ම, ඒ ගීය කොතරම් නම් හෘද සංවේදී වූ එකක්‌ද......? ඒ ගීතයේ ඇත්තාවූ මධුර මනෝහර හඬට ඔබ මොහොතකට මුත් සවන් යොමු කර බලන්න. සත්තකින්ම, ඒ ගීතය අප සවනත වැකෙද්දී අපේ අම්මලා පිළිබඳව අපූර්ව වූ සිත්තම් පෙළක්‌ අප දෙනෙත් ඉදිරිපිට මැවී මැවී පෙනෙනවා නොවේද? ඉදින් එසේනම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ඒ ගීතය වනාහී මවු ගුණයේ අසිරිය අපූර්ව ලෙස චිත්‍රණය කළ එකක්‌මැයි කීම කෙලෙසක නම් අතිශයෝක්‌තියක්‌ වේවිද......?

අම්මා යනු කවුරුන්ද...? සැබැවින්ම අම්මා යනු ආදරයේ උල්පතම නොවේද? ආදරයේ උල්පත වූ අම්මා යෑයි සඳහන් කරමින් ගීපද රචකයෝ ගීත ලියා ඇත්තේ යම් අර්ථයක්‌ සහ අරමුණක්‌ද පෙරදැරි කරගෙනමය. දසමසක්‌ අපිව කුස තුළ හොවාගෙන අම්මාවරු මොනතරම් නම් දුක්‌ වේදනා කන්දරාවක්‌ උසුලන්නට ඇත්ද? අම්මාවරු ඒ සා විසල් දුක්‌ වේදනා කන්දරාවක්‌ ඉසිලුවේ අපි වෙනුවෙන්මය. කොපමණ වේදනාකාරී වුවද කොපමණ කටුක වුවද ඒ සියලු වේදනාකාරී සහ කටුක අත්දැකීම් ගැන ඇබින්දකුදු මුවින් නොබැන ඉවසා වදාරාගෙන සිටියේද අපි වෙනුවෙන් නොවේද. අප ඇගේ කුස තුළ වැඩෙද්දී තරහා සහගත සිතුවිල්ලක්‌ සිතට පැන නැගුණහොත් එය ඉතා ආයාසයෙන් යට පත් කර ගැනීමට ඕ කටයුතු කළාය. ඇත්තෙන්ම ඇය එම වකවානුව තුළදී පය උස්‌සා හයියෙන් අඩියක්‌වත් නොතැබුවාය. එමතුද නොව දළදා මාලිගාවට ගොස්‌ මල් පහන් පූජාකොට ඉනුත් නොනැවතී පන්සලේ බෝ මැඬටද ගොස්‌ පිහිටාශිර්වාදය ලබා ගන්නට ඇත්තේ හෙට දින මෙලොව එළිය දකින්නට පෙරුම් පුරන්නාවු අපි ගැන සුබ සිහින දකිමින්ම විය නොහැකිද?

"ගමට කලින් හිරු මුලුතැන් ගෙට වඩිනා
ඒ හිරු එළියෙන් නැණමල් පොඩි පිපුණා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා......."

ගමට හිරු උදාවන්නේ බොහෝ වේලාවක්‌ ගතවීමෙන් ඉනික්‌බිතිය. එහෙත් ඒ හිරු මඬලට පෙරාතුව අම්මා නමැති හිරු මඬල අවදි වී මුළු නිවහනම ආලෝකවත් කරන්නීය. කුස්‌සියේ කටයුතුවලින්ම සිය දෛනික රාජකාරී අරඹන ඕ ස්‌වාමියා හා දරුවන් නිදියහන මතට වී සොඳුරු සිහින දකිමින් සිටියදීම ඔවුන් වෙනුවෙන් අහර පිසින්නට සැරසෙන්නීය. නිවසේ ආර්ථික කටයුතුවලට උරදෙමින් "කඩයප්පන්" තනන්නට සැරසෙන්නීය. කඩයප්පන් තනා ලැබෙන සොච්චම් මුදල වුවමනා කළමනාකරණය කොට නිවසේ අඩු ලුහුඬුකම් පිරිමසාලන්නට ඕ සමත් වන්නීය. ඉනුත් නොනවතින ඕ දූවාදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහාද අරමුදල් යොදවන්නීය. අම්මාගේ දැතේ සවියෙන් නැණ මල් පොඩි පිපෙන්නේ එලෙසිනි. ඉදින් එහෙව් අම්මාවරුන්ගේ දෙපා අපි උදේ හවස නමැද වැන්දද එහි ඇති වරදක්‌ නැතැයි කවුරු කවුරුත් එක හඬින්ම පවසනු නොඅනුමානය.

අතීතයේදී අම්මලා අපි වෙනුවෙන් දුක්‌ වේදනා ඉසිලුවේ යම් සේද වර්තමානය තුළදීද දරුවන් වෙනුවෙන් අම්මලා විඳින්නාවූ දුක්‌වේදනා කන්දරාව මෙතෙකැයි කියා කෙලෙසක නම් පමණ කරන්නද? කර බෙල්ල දිගු වන විට ඇතැම් දරුවෝ අම්මලා කියන දේවල් තඹ සතයකට මායිම් නොකර කටයුතු කළද අපේ අම්මලා නම් කවරදාකවත් දරුවන් කෙරෙහි අහිතකින් කටයුතු කරන්නේ නැත. ඔවුන් සෑම මොහොතකදීම දරුවන්ට යහපත පතති. ඔවුනගේ මතු දියුණුව පතති. දරුවෝ වෙනුවෙන්ම නැහුණු ආදරණීය අම්මාවරුන්ට ඉනික්‌බිති සිදුවන්නේ දරුවන්ගේ දරුවන් වෙනුවෙන්ද නහින්නටය. එහෙත් ඒවා කරදරයෑයි කියා බැහැරලන්නට අම්මාවරු සුදානම්ද, කොහෙත්ම නැත. සියල්ල උපේක්‍ෂාවෙන් විඳ දරා ගන්නා ඔවුහු තම මුණුපුරු මිණිපිරියන්ද රැක බලා ගනිමින් පිනක්‌ දහමක්‌ කිරීම සඳහා මිඩංගු කිරීමට ඇති ජීවිතයේ සැÄ සමයද දරුවන් වෙනුවෙන්ම කැප කරනු ලබන්නේය.

මඳකට සිතා බලනු මැන එවන් අම්මාවරු වනාහී ගෙදර බුදුන් යන වදනට සැබෑම අර්ථයක්‌ එක්‌ කරන්නෝ නොවේද? ඔව් එය නම් එසේමය. ඉදින් එසේ නම් ඒ අම්මාවරුන්ට කළ ගුණ සැලකීමට අපේ දරුවෝ පෙළ ගැසිය යුත්තේ කවරාකාරයෙන්ද? සාම කුමාරයාගේ කතාව කවුරු කවුරුත් දන්නවා ඇතැයි මම සිතමි. කුමක්‌ද සාම කුමරාගේ කතාව. එකල්හී දඹදිව සාම නම් කුමාරයෙක්‌ විසුවේය. මේ සාම කුමරාගේ දෙමවුපියන් අන්ධ අයවලුන්ය. මේ සාම කුමරා වූ කලී සතුන්ට කරුණාව දැක්‌වූ කුමාරයෙකි. කුමාරයාගේ යහළුවෝ වූයේද අන් කවුරුන් හෝ නොව වන සිවුපාවුන්මය. දිනක්‌ එනුවර රජු දඩයමේ යන අතරතුරේදී මුව පොව්වෙකුට හී පහරක්‌ එල්ල කළේය. එහෙත් එය සාම කුමාරයාට වැදුණු අතර එකෙණෙහිම ඔහු සිහි මුර්ජා විය. අනේ මගේ දෙමවුපියෝ ඔහුට කියවුණේ එපමණකි. රජු වහ වහා දිවැවිත් කරුණු විචාලීමට කටයුතු කළේය. එවිට සාම කුමරා දුන් පිළිතුරට අනුව ඔහුගේ දෙමාපියන් අන්ධ අයවලුන් බව සහ ඒ අන්ධ දෙමාපියන්ට සැලකීමට සිටින එකම කෙනා සාම කුමාරයා පමණක්‌ම බවත් තේරුම්ගත් රජු ඊතලය ඉවත්කොට ඔහු සුවපත් කිරීම සඳහා කටයුතු සම්පාදනය කළේය. සත්‍ය වශයෙන්ම, මවුපියන්ට සැලකීම වනාහී උතුම් ගුණාංගයක්‌ම බැව් කියන්නට ගෙන හැර පෑ හැකි හොඳම උදාහරණයකි ඉහතින් සඳහන් කළාවු සාම කුමරාගේ කථා වස්‌තුව.

හැරී බලමු මඳකට අපි වර්තමානය දෙසට. සැබැවින්ම බුදුන් ළඟට අපගේ දුක දන්නාවූ අපේ අම්මාවරු කෙරෙහි අපරිමිත දයාබරත්වයක්‌ තම හද තුළ දරාගෙන උනුන්ට උවටැන් කිරීමට පෙළ ගැසෙන්නට සාම කුමාරවරුද අද දවසේ නොසිටිතියි අපි කියන්නේ කෙලෙසකද? මම හො¹කාරයෙන්ම දන්නා එක්‌ කතාවක්‌ මෙහිලා සඳහම් කරමි.

(අදාළ මුලාශ්‍රවලින් නොවිමසා සැබෑ නම් ගම් සඳහන් කිරීම සදාචාරාත්මක නැතැයි හැඟෙන හෙයින් එසේ සිදු නොකරමි.) මේ අම්මා සහ පුතු අතර තිබුණේද පුදුමාකාර බැඳීමකි. ඒ පුතු පවුලේ බාලම පුතුය. වැඩිහිටි දරුවෝ සියලු දෙනාම ආවාහ විවාහ වී නිවසින් පිටමං වූවායින් අනතුරුව වයෝවෘද්ධ අම්මා සහ බාල පුතු පමණක්‌ නිවසේ තනිවිය. මේ පුතුටද පවුල් පන්සල් වී සෙස්‌සන් මෙන් තමන්ගේ පාඩුවේ වැඩක්‌ බලාගෙන සිටීමේ හැකියාව කොතෙක්‌ නම් තිබුණද?

ඔහු ඊට වඩා වෙනස්‌ මගක්‌ අනුගමනය කළේය. හෙතෙම තම මුල් දිවියම මෑණියන් උදෙසා කැප කළේය. කළ රැකියාවට පවා සමු දී නිවෙස වෙත පැමිණෙන්නට ඔහු අදහස්‌ කළේ අන් යමක්‌ නිසා නොව අම්මාව රැක බලා ගැනීම අන් සියල්ලටම වඩා වැදගත් බැව් ඒ පුතු තරයේම ඇදහු හෙයින්ම විය හැකිය.

ඔහු හැකි උපරිමයෙන්ම තම මවට සැලකුවේය. කිසිදු දෙයකින් අඩුවක්‌ පාඩුවක්‌ සිදුවන්නට ඉඩ නොතැබුවේය. සියල්ල අවසන මීට වසර එක හමාරකට පමණ ඉහතදී ඒ අම්මා මිය පරලොව ගියේය. දැන් අර පුතු තම නිවහනට වී හුදෙකලාවේ කාලය ගත කරයි. සැබැවින්ම ඔහුගේ ජීවිතයේ හොඳම කාලය මේ වන විට ගෙවී ගොස්‌ හමාරය. ඒ අනෙකක්‌ නිසා නොව අම්මාට සැලකීමේ අරමුණින්ම අන් සියලු දේ දෙවැනි තැන්හිලා සැලකීමට ඔහු කටයුතු කළ හෙයිනි. එහෙත්, ඒ පුතුට අහිමි වූ දේවල් ගැන තඹ සතයක තරම් හෝ දුකක්‌ නැත. මවට සැලකීමට ලැබුණු ඉඩහසරම දිවියේ සොඳුරුතම කාල පරිච්ඡේදයකැයි සිතා සතුටු සිතින් කාලය ගත කරන්නේය.

සැබෑ සෙනෙහසකින් යුක්‌තව අම්මාවරු රකින්නා වූ දරුවන් පිළිබඳ කතා එපරිදිය. එහෙත්, එවන් කතා අතර මෙහෙව් කුරිරු දරුවන් ගැනද අසන්නට සිදුව ඇත්තේ කවර අභාග්‍යයක්‌ නිසාදැයි යන්න සැබැවින්ම අපට නම් නොතේරේ. අප පවසන මේ මව නමින් පතිරණලාගේ මේරි මැටිල්ඩාය. ඕ පනස්‌ දෙහැවිරිදි (52) ය. ඕ අන්ධය. ඇයට 2011 වර්ෂයේ නොවැම්බර් මස එක්‌තරා සති අන්තයකදී යක්‌කල තිත්තලපිටිගොඩ ප්‍රදේශයේදී අතරමං වීමට සිදුවූවාය. අහෝ.....ෘ ඒ කවරක්‌ හේතු කොට ගෙනද?..... වත්තල එෙŒරමුල්ලේ සිට අප ඉහතින් සඳහන් කළ ප්‍රදේශයට පැමිණ අතරමංවූ ඇයට ප්‍රදේශවාසීහු කිහිප දෙනෙක්‌ එක්‌ව ආහාර පානාදියෙන්ද සංග්‍රහකොට තිබුණු අතර, ඇයට එබඳු ඉරණමකට මුහුණ පෑමට සිදු වූයේ ඇයි දැයි අපි නැවතත් විමසමූ. ඇයට ඒ ඉරණම අත් කර දුන්නේ අන් කවරෙකු හෝ නොව ඇගේම දියණියයි. පදිංචියට ගෙයක්‌ සොයාගෙන යන බවට මුසාවක්‌ පවසා තම අම්මාව රැගෙන ගොස්‌ මහ මග අතරමං කර පලාගිය එවන් දියණිවරුන්ට සැබැවින්ම අප ඉහතින් සඳහන් කළා වු සාම කුමාරවරු හමුවේ උරුම වන්නේ කවර නම් ස්‌ථානයක්‌ද..... එය ගැඹුරින් විමසා බැලිය යුතු පැනයකි.

ඇත්තෙන්ම, එවැන්නක්‌ කිරීමට තරම් ඒ දියණිය සැහැසි වන්නට ඇත්තේ කිම......? ඒ මව තමන් වෙනුවෙන් හරි හැටි යුතුකම් ඉටු නොකළ නිසාදැයි යන්න අපි නොදනිමු. නොඑසේ නම් ඒ අම්මාගේ අන්ධභාවය දියණියට නොරිස්‌සූ නිසාද යන්නද අපි නොදනිමු. ඒ කවරක්‌ වුවද ඇය සිදු කොට ඇත්තේ මිනිසත්කමට නම් කිසිසේත්ම තරම් නොවැන්නකැයි අපි එක හෙළාම කියමු. අනේ ඇත්තටම ඒ අම්මා මහ මග තනිකර දමා අර කුරිරු දියණිය පසු නොබලාම යන්නට ගිය සැටි. මේ කියෑවෙන්නේ අනෙකක්‌ නොව හෘද සාක්‍ෂියක්‌ නැති මිනිසුන්ගෙන් පිරි සමාජයක ෙ€දවාචකයම නොවේද? හෘද සාක්‌ෂියක්‌ කියා දෙයක්‌ මඳකට හෝ තිබුණා නම් අඩුම තරමින් තමන් කළ වරද ගැන පසුතැවිලි වන්නට හෝ ඕ කටයුතු කරනු නොඅනුමාන බැව් අපේ නම් විශ්වාසයයි.

අප දැන් කියන්නට යන කතාවද 2011 වර්ෂයේ නොවැම්බර් මස එක්‌තරා සති අන්තයකදී සිදු වූවකි. මහනුවර මීගම්මනවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි බිසෝ මැණිකේ (72) නමැති කාන්තාවකට සිය පියවුරක තුවාලයක්‌ද සහිතව මහනුවර මහරෝහලට ඇතුළත් වීමට සිදු වුණි. ඒ ඇයි........? හේතුව අනෙකක්‌ නොව ඇගේම පුතු පදමට සූර්වී පැමිණ ඇගේ ගෙලෙන් අල්ලා මල් කපන පිහියකින් එක්‌ පියයුරක්‌ කපා බරපතළ ලෙස තුවාල සිදු කිරීම හේතු කොට ගෙනය. එලෙස තුවාල කිරීමට හේතුව වී ඇත්තේ අනෙකක්‌ නොව මව හා පුතු අතර කලක පටන් පැවැති ඉඩම් ආරවුලකි.

බිම් අඟලට, වැට මායිමට අඬදබර කර නොගන්නා මෙන් පුංචි සන්දියේ පටන්ම තම පුතුට ඉගැන්වූ ඒ මවට සියල්ල කෙළවර පුතු අතින්ම ඉඩම් ආරවුලක්‌ හේතු කොට ගෙන මෙබඳු ඉරණමකට මුහුණ පෑමට සිදුවීම කවර නම් අභාග්‍යයක්‌ ද........? සැබැවින්ම, එය කවර ෙ€දයක්‌ද යන්න පැවසීම මට නම් උගහටය. කෙසේ වතුදු අපි විමසන්නේ මෙපමණකි. අම්මා කෙනකු යනු නිකන්ම නිකන් ඇට, මස්‌, ලේ, නහර ගොඩක්‌ නොව මිල කළ නොහැකි මහා ගුණ සමුදායකින් හෙබි මානව දයාවේ අපූර්වතම ප්‍රතිමූර්තියකි. ඉදින්, එහෙව් අම්මා කෙනකුගෙන් පළිගනු තබා පළි ගැනීමට සිතීමත් මොනතරම් නම් පාපයක්‌ ද.....? දසමසක්‌ අපිව කුස තුළ හෙවාගෙන ඉසිලු වූ දුක්‌ වේදනා කන්දරාව වෙනුවෙන් හෝ අම්මාවරු අරභයා අපි ඉවසිය යුතුව තිබෙනවා නොවේද?

රක්‌ත වර්ණ රුධිර දහරාවෝ ශ්වේත වර්ණ ක්‌ෂීර දහරාවක්‌ බවට පත් වුණේ අප කෙරෙහි උනුන්ගේ හදවත් තුළ ඇති වුණා වූ සෙනෙහස හේතු කොට ගෙනමය. මේ මුළු විශ්වයම නිර්මාණය වී ඇත්තේද ඇගේ කිරිවල බල මහිමයෙන්මය. ඒ කිරි රසවත්ය. ඒ කිරි නැවුම්ය. එමතුද නොව ඒ කිරිවලින් වහනය වන්නේ ද නැවුම් වූ සුවඳක්‌මය. ඉදින්, කවර හෝ තැනැත්තෙකු ඒ කිරි සුවඳට පරිභව කිරීමට සැරසෙන්නේ නම්.........? නිසැකවම පැවසිය හැක. කුමක්‌ද ඒ ..........? ඒ අනෙකක්‌ නොව ඒ කිරි සුවඳට පරිභව කළ පුතු නිරයේමය උපදින්නෙ........ " යන්නයි.
අමිල දොළපිහිල්ල

http://www.divaina.com/2013/04/30/feature02.html

Monday, April 29, 2013

ලොකු වැඩ කරන පුංචි සිත්තරා


මුතුඅහුර - 2 ළමා පුවත්පත හෙට එළිදකී


ලේක්හවුස් තවත් ප්‍රකාශනයක්

මුතුඅහුර - 2 ළමා පුවත්පත  හෙට එළිදකී

සිමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම දෙක වසර සිසුන් සඳහා විෂය නිර්දේශයට සමගාමීව ඉදිරිපත් කරන මුතු අහුර - 2 ළමා පුවත්පත හෙට (30) උදේ 10.00ට නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විදුහලේදී එළිදැක්වේ.
මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව දැනුම කේන්ද්‍රීය දරු පරපුරක් බිහි කරලීම උදෙසා ලේක්හවුස් ආයතනය සිදුකරන තවත් එක් සමාජ සත්කාරයක් ලෙසත් මුතු අහුර පුවත්පත සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ගුරුභවතුන් දෙමාපියන් මෙන්ම දරුවන්ගෙන් ලැබුණ මහත් ප්‍රතිචාර හේතුවෙන් මෙම පුවත්පත තිළිණ කරන බව අලෙවි හා ශාඛා ප්‍රධානී සුනිල් සෙන්දනායක මහතා ප්‍රකාශ කළේය.
පෙර පාසල් සිසුන්ට අතුරු මිතුරු, පළමු වසර සිසුන්ට මුතු අහුර - 1, පහ වසර ශිෂ්‍යත්ව සිසුන් සඳහා විදුනැණ, සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සිත්මිණත් ලේක්හවුස් ආයතනය මඟින් නිකුත් කෙරේ.
.

ශා. පීතර අපරාජිත වාර්තාව බිඳිමින් ත්‍රිත්ව ලකුණු සටහනේ පෙරමුණට



සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය
රාජකීය-ධර්මරාජ-විද්‍යා ජය වාර්තා කරති

16-2සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය යටතේ මතෛක් අපරාජිතව සිටි බම්බලපිටිය ශා. පීතර සහ කොළඹ වෙස්ලි විදුහල් පරාජයට පත් කිරීමට මහනුවර ත්‍රිත්ව සහ කොළඹ රාජකීය සමත් වූහ. 
ශා. පීතර සහ වෙස්ලිට අත්වුණ මෙම අමිහිරි පරාජයත් සමග ඔවුන් දෙපළ ප්‍රසාද ලකුණු සටහනේ මතෛක් රැඳී සිටි 
පළමු හා දෙවන ස්ථාන අහිමි වී තිබේ. 
එහි තෙවැනි තැන රැඳී සිටි ත්‍රිත්වයින් පෙරේදා ලද ජයග්‍රහණයෙන් පසු ලකුණු සටහනේ පළමු තැන ගැනීමට සමත් වී තිබිම කැපී පෙනෙන සිද්ධියක් විය. 
ශා. පීතර - ත්‍රිත්ව 
බම්බලපිටිය ශා. පීතර විදුහල් පිටියේ 27 දින පැවැත්වුණ ශා. පීතර - ත්‍රිත්ව තරගය ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ඉසිලූ අතර, තරගයේ පස්වන විනාඩිය එළැඹී මොහොතේ 
නරේෂ් පෙරේරා උත්සාහක දිනුමකින් ත්‍රිත්ව වෙනුවෙන් ලකුණු ලැබිම ආරම්භ කළේය. ශා. පීතර වෙනුවෙන් පළමු ලකුණ නිලන්ත පෙරේරා උත්සාහක දිනුමක් මගින් වාර්තා කිරීමට සමත් වූ හෙයින් තරගයේ පළමු අර්ධය අවසන් වන විට ත්‍රිත්ව 28-17ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය. 
ශා. පීතරට එරෙහිව සුපුරුදු ආක්‍රමණකාරී තරග රටාව දෙවන අදියර තුළදීත් දියත් කළ ත්‍රිත්වයින් තරගය නිමාවන විට ලකුණු සටහනට ගෝල් 2ක්, උත්සාහක දිනුම් 3ක් හා දඬුවම් පහර 2ක් තුළින් ලකුණු 35ක් ලබාගන්නා විට ප්‍රතිවාදී ශා. පීතර ගෝල් 2ක්, උත්සාහක දිනුම් 1ක් හා දඬුවම් පහර 2ක් මගින් ලකුණු 25ක් ලබා සිටියේය. 
වෙස්ලි - රාජකීය 
තරගයේදී පළමු අර්ධය නිමාවන විට වෙස්ලි ලකුණු 12-07ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය. එහෙත් දෙවන අර්ධය තුළදී රාජකීයයන් කණ්ඩායමක් ලෙස සටන් වදිමින් ප්‍රතිවාදී වෙස්ලි විදුහලට එරෙහිව සාර්ථක ගමනක් යමින් තරග නිමාවන විට ගෝල් 4ක් හා දඬුවම් ප්‍රහාරයක් මගින් ලකුණු 31ක් ලබා ගැනීමට සමත් වූයේ වෙස්ලි විදුහලට දෙවන අර්ධයේදී කිසිදු ලකුණක් එක්කර ගැනීමට ඉඩ නොදෙමිනි. 
ධර්මරාජ - කිංග්ස්වුඩ් 
මහනුවර බෝගම්බරපිටියේ පැවැති ධර්මරාජ - කිංග්ස්වුඩ් තරගය පළමු අර්ධය ලකුණු 21-12ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූ ධර්මරාජ තරගය නිමා වන විට ලකුණු 33-24ක් ලෙස සටහන් කරගෙන සිය අපරාජිත තත්ත්වය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට සමත් විය. මෙම ලකුණු සටහන්කර ගැනීමට ධර්මරාජ ගෝල් 3ක්, දඬුවම් පහර 4ක්, උපයෝගී කර ගත් අතර, පරාජිත කිංග්ස්වුඩ් ගෝල් 2ක්, උත්සාහක දිනුම් 2ක් භාවිතා කර තිබිණි. 
විද්‍යා - ඉසිපතන 
විද්‍යා විදුහල සහ ඉසිපතන විදුහල අතර පැවැති තරගයෙන් ඉසිපතන විදුහලට පිට පිට සිව්වන පරාජයත් අත්වීය. මෙම තරගයේ පළමු අර්ධය ලකුණු 14-03ක් ලෙස පෙරමුණ ගැනීමට ඉසිපතන සමත් වුවත්, තරගය නිමාවන විට විද්‍යා විදුහල ලකුණු 27-16ක් ලෙස සටහන් කරගෙන තරගයේ ජය හිමිකර ගැනීමට සමත් විය.
විද්‍යා විදුහල මෙම තරගයේදී ගෝල් 2ක්, උත්සාහක දිනුම් 2ක් හා දඬුවම් ප්‍රහාරයක් මගින් ලකුණු සටහන සකසා ගෙන තිබූ අතර, පරාජිත ඉසිපතන ගෝලයකින් සහ දඬුවම් ප්‍රහාර 3කින් ලකුණු ලැබිය.
ජගත් අශෝක 

Sunday, April 28, 2013

ජාතික පුස්තකාල සංවත්සරය වෙනුවෙන් අධ්‍යාපන වැඩසටහන්


national library sri lanka

ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයට වසර 23ක් සපිරීම නිමිත්තෙන් පාසල් ළමුන්. විශ්වවිද්‍යාල සිසුන්, පර්යේෂකයින්. පුස්තකාලාධිපතිවරු ඇතුළු පොදු පාඨක ප්‍රජාව ඉලක්ක කර ගනිමින් අධ්‍යාපනික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය කටයුතු යොදා ඇත.
මැයි දෙවැනි සතිය තුළ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය තුළින් ජාතික පුස්තකාලයේ සේවාවන් පිළිබඳ ව ජනතාව අතර අවබෝධය පුළුල් කිරීමත්, පොත් කියවීම හා තොරතුරු ගවේෂණය පිළිබඳ අවබෝධය වර්ධනය කිරීමත් අරමුණු කෙරේ.
DB

රජයේ නිල පුවත් වෙබ් අඩවියේ පළ කරන පුවත් හෝ විශේෂාංග ලිපි හෝ අන්තර්ගත කරුණු එහි අන්තර්ගතය වෙනස් කිරීමකින් තොර ව භාවිත කිරීමට අවසර ඇත. අපගේ බුද්ධිමය දේපොළ අයිතියට ගරු කරමින් එම පුවත් නැවත පළකරන හෝ විකාශය කරන සියලු මාධ්‍යවල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් එම පුවත ලබාගත් බව සඳහන් කළ යුතු ය.

ළමා ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය දැනුවත් කෙරේ


ළමා ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය දැනුවත් කෙරේ

safe childළමා ආරක්ෂාව පිළිබඳ ව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ එක් දින වැඩමුළුවක් ලබන 30 වැනි දා පෙරවරු 8.30 සිට කොළඹ, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.

මෙම එක්දින වැඩමුළුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සංවිධානය කරනු ලබන අතර රට තුළ සිදුවන ළමා අපයෝජන අවම කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

© රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු හිමිකම් ඇවිරිණි.
රජයේ නිල පුවත් වෙබ් අඩවියේ පළ කරන පුවත් හෝ විශේෂාංග ලිපි හෝ අන්තර්ගත කරුණු එහි අන්තර්ගතය වෙනස් කිරීමකින් තොර ව භාවිත කිරීමට අවසර ඇත. අපගේ බුද්ධිමය දේපොළ අයිතියට ගරු කරමින් එම පුවත් නැවත පළකරන හෝ විකාශය කරන සියලු මාධ්‍යවල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් එම පුවත ලබාගත් බව සඳහන් කළ යුතු ය.

ප‍්‍රාථමික සහ ද්විතීයක පාසැල් හය දහසේ සංවර්ධන කටයුතු මැයි 05 නිමවේ



CHILDREN SCHOOL
දැනුම කේන්ද්‍රීය කරගත් සංවර්ධනයක් රට තුළ ඇති කිරීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් ආරම්භ කරනු ලැබූ ප‍්‍රාථමික පාසල් 5000ක් සහ ද්විතීයක පාසල් 1000ක් ප‍්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහනේ අවසන් අදියර යටතේ තෝරාගනු ලැබූ පාසල් 6,000ක ඉදිකිරීම් කටයුතු මේ වන විට සාර්ථක ව සිදු වෙමින් පවතින අතර එය මැයි 05වැනිදා නිමාවට පත්වේ.
 
 මෙම වැඩසටහන අධ්‍යාපන අමාත්‍යංශය, පළාත්  අධ්‍යාපාන අමාත්‍යංශ, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතනවල දායකත්වයෙන් සිදු කෙරේ. 
 
අති දුෂ්කරතාවලින් සපිරුණු පාසල්වලට මෙම වැඩසටහන යටතේ එම පාසල්වල පවතින අඩුපාඩුකම් සපුරා ගැනීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ප‍්‍රතිපාදන යටතේ එක් පාසලකට රුපියල් ලක්ෂ පහක මුදලක් ලබාදී ඇති අතර ප‍්‍රදේශයේ ජනතාවගේ ශ‍්‍රම දායකත්වයෙන් ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනු ලැබේ. මෙම ව්‍යාපෘතියෙහි පළමු අදියර යටතේ පසුගිය වසර තුළ පාසල් 1,678ක් සංවර්ධනය කෙරුණු අතර මෙම වසරේ අපේ‍්‍රල් මස 05 වන දින ආරම්භ කරනු ලැබූ දෙවන අදියර යටතේ තවත් පාසල් 3,322ක සංවර්ධන කටයුතු මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව ඇරඹිණි.
 
මෙම වැඩසටහන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් සිදුවන අතර පාසල්වල පවතින ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම, සෙල්ලම් මිදුල සැකසීම, ආරක්ෂිත වැට, තාප්ප, ගේට්ටු ආදිය සැකසීම, පිවිසුම් මාර්ග සැකසීම, නාම පුවරුව සැකසීම, තීන්ත ආලේප කිරීම, වහළ සැකසීම, පන්ති කාමර පිළිසකර කිරීම ආදී වූ එක් එක් පාසල්වල පවතින අඩුපාඩුවලට ප‍්‍රමුඛත්වය ලබාදෙමින් ප‍්‍රතිසංස්කරණ කටයුතු මෙම වැඩසටහන යටතේ ක‍්‍රියාත්මක කෙරේ.
 
ජනප‍්‍රිය පාසල් වෙත ළමුන් ඇදීයාම හේතුවෙන් එක් අතකින් ගම්බඳ පාසල් වැසීයාමේ තර්ජනයකට ලක්ව ඇති අතර අනෙක් පැත්තෙන් නගරාසන්න පාසල්වල ඉඩකඩ සීමාවීම මෙන් ම නගරය තුළ ඇති වන තදබදය වැඩිවීම වත්මනේ දක්නට ලැබෙන සුලභ කරුණකි. අඩු පහසුකම් සහිත පාසල්, ළමුන්ට වඩාත් හිතකර පරිදි සැකසීම තුළින් මෙම ප‍්‍රශ්නය විසදා ගැනීමට හැකියාව තිබෙන නිසා මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟින් මෙම වැඩසටහන දිවයින පුරා ක‍්‍රියාත්මක කරනු ලැබේ.
 
ප‍්‍රාථමික පාසැල් 5,000ක් ළමා මිතුරු පාසැල් බවට පත්කිරීමේ වැඩපිළිවෙළ යටතේ දිවයින පුරා පිහිටි දිස්ති‍්‍රක්ක 25ක් නියෝජනය වන පරිදි තෝරාගත් පාසැල් 3,322ක් අවසාන අදියර යටතේ සංවර්ධනය කළ අතර ඒ සඳහා වෙන් කළ මුදල් රුපියල් දස ලක්ෂ 1,661කි. මෙම ව්‍යාපෘතියේ ප‍්‍රථම අදියර යටතේ පාසැල් 1678ක් සංවර්ධනය කළ අතර ඒ සඳහා වැයකළ මුදල රුපියල් දස ලක්ෂ 839කි. ව්‍යාපෘතිය නිමවන විට සංවර්ධනය කර ඇති මුළු වටිනාකම දෙමාපියන්ගේ ශ‍්‍රම දායකත්වය සමඟ වෙන්කළ මුදල මෙන් දෙගුණයකටත් අධිකය.
 
DB
© රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු හිමිකම් ඇවිරිණි.
රජයේ නිල පුවත් වෙබ් අඩවියේ පළ කරන පුවත් හෝ විශේෂාංග ලිපි හෝ අන්තර්ගත කරුණු එහි අන්තර්ගතය වෙනස් කිරීමකින් තොර ව භාවිත කිරීමට අවසර ඇත. අපගේ බුද්ධිමය දේපොළ අයිතියට ගරු කරමින් එම පුවත් නැවත පළකරන හෝ විකාශය කරන සියලු මාධ්‍යවල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් එම පුවත ලබාගත් බව සඳහන් කළ යුතු ය.

ලොව සතුට සපිරි දරුවෝ ඕලන්දයේ


ලොව සතුට සපිරි දරුවෝ ඕලන්දයේ
2013 අපේ‍්‍රල් මස 28 19:24:09 | . , රත්නපාල ගමගේ

ලෝකයේ වඩාත්ම සතුටින්  ජීවත්වන ළමයින් ඕලන්දයේ  සිටින බව  එක්සත් ජාතින්ගේ ළමා අරමුදල 2013 වාර්තාව පවසයි.
සතුටින් ජිවත්වන ළමයින් සිටිනා දෙවැනි රට ස්වීඩනය වන අතර තුන්වැනි රට පින්ලන්තයයි.
සතුටින් ජීවත්වන ළමයින් සිටින රට ඕලන්දය විය. දෙමාපිය රැකවරණය , සෙනෙහස, සෞඛ්‍ය පහසුකම් , අධ්‍යාපනය ක්‍රීඩා, නිවාස හා පරිසර යන අංශ මෙම සමීක්ෂණයට පාදක කරගත්  බවත් ඕලන්දයේ  දිවි ගෙවන ළමයින්ගෙන්  සියයට අනුපහක්ම  වඩාත් සතුටින් ළමා කාළය ගත කරනා බවත් යුනිසෙප්  වාර්තා පවසයි.
 මෙම වාර්තාවේ  වර්ගීකරණයට අනුව එංගලන්තයේ 20 වැනි ස්ථානයටත් ඇමෙරිකා  එක්සත් ජනපද 21 වැනි ස්ථානයටත් පත්ව සිටියි.

අකීකරු පුංචි හා පැංචි


අකීකරු පුංචි හා පැංචි

ඔන්න එකමත් එක කැලයක හිටියා හා අම්මෙකුයි හා තාත්තෙකුයි හා පැංචියෙකුයි. මේ හා පැංචි හරිම දඟකාරයි. කියන කිසිම දෙයක් අහන්නේ නෑ හරිම අකීකරුයි. ඉතිං මේ හා පැංචිගේ අකීකරුකම නිසා අම්මටයි, තාත්තටයි හරියට දුක හිතුණා. එක දවසක් මේ හා පැංචිට උඳුපියලිය ගේන්න හා අම්මයි තාත්තයි කැලයට ගියා. හා පැංචිට මං මේ ගුහාවෙන් එළියට බැහැලා කැලයේ ඇවිදින්න ඕනේ කියලා හිතුණා. හා පැංචි කවදාවත් ගුහාවෙන් එළියට ගිහින් නැහැ.
හා පැංචිට අම්මයි, තාත්තයි කළ අවවාදයක් මතක් වුණා. “මාගේ පුංචි හා පැංචියේ අපි දෙන්නා නැති වෙලාවට මේ ගුහාවෙන් එළියටවත් යන්න එපා. මේ කැලෑවේ භයානක මිනිසුන්, සතුන් ඉන්නවා” එදා දුන්නු ඒ අවවාදය හා පැංචිට අමතක වුණා. ඉතින් මේ හා පැංචි කැලෑවට ගිහින් හොඳට විනෝද වුණා. පැංචි දන්නෙම නැතුව කළුවර වුණා.
අන්ධකාරයෙන් කැලෑවම පිරුණා. ඉතින් මේ හා පැංචිට ගුහාවට යන පාර අමතක වුණා. අම්මයි, තාත්තයි ගෙදර ආවා. එන කොට පැංචි ගුහාවෙ හිටියේ නෑ. හා අම්මාට හරියට දුක හිතුණා. ඉතින් එදා ඒ රාත්‍රිය නිහඬව ගෙවිලා ගියා.
පහුවදා හිරු නැගී ආවා. හා පැංචි තවමත් අතරමං වෙලා. මේ වේලාවේ හා පැංචි දඩයක්කාරයෙක් ව දැක්කා. හා පැංචිගේ හිතට තවත් බය වැඩි වුණා. දැන් දඩයක්කාරයා මා අල්ලගෙන කූඩුවක සිර කරලා, ඊට පස්සේ මා මරාගෙන කයි.” පැංචිට එදා අම්මයි, තාත්තයි දුන්නු අවවාදය මතක් වුණා. දැන් ඒ ගැන හිතලා පසු තැවිලා වැඩක් නැහැ. මේ අතරේ මේ ළඟින් ගිය මුව දෙනක් හා පැංචිට කතා කළා.
“මොකද පැංචියේ ඔයා බය වෙලා වගේ.”
”නෑ මං කැලේ අතරමං වෙලා ඉන්නේ.”
“ඔයා කොහොමද අතරමං වුණේ.”
ඊයේ මට කන්න උඳුපියලිය ගේන්න අම්මයි, තාත්තයි කැලයට ගියා. මං කැළේ පොඩ්ඩක් ඇවිදින්න ආවා. ඊට පස්සෙ මං අතරමං වුණා.”
“අනේ! පව් මං කැමතියි ඔයාට උදව් කරන්න.”
“ඔයාට මං කොහොම ස්තුති කරන්නද?”
“ඒක සුළු වැඩක් යාළුවේ. මං ඔයාව ඔයාගේ ගුහාවටම ඇරලවන්නම්. එන්න මං පස්සෙන්.
“අනේ මගේ පුංචි හා පැංචි කොහෙද දන්නේ නෑ. ඔය ළමයාගේ අකීකරුකමයි, දඟකාරකමයි තමයි ඔක්කොටම හේතුව. ඔය ළමයාට කැලෑව ගැන කිසිම තේරුමක් නෑ” හා අම්මා ළතැවුණා.
හාමිනේ, දැන් ඒ ගැන පසුතැවිලි වෙලා වැඩක් නෑ. ආ... අර එන්නේ කවුද? මුව දෙනක් නේද, ආ අර අපේ පුංචි හා පැංචි නේද” හා තාත්තා කිව්වා.
“අම්මේ... තාත්තේ... මං ගෙදර ආවා. මේ මුව හාමිනේ තමයි මං අතරමං වී ඉන්න වෙලාවේ උදව් කළේ.
“අනේ... කොහොම ස්තුති කරන්නද මේ කරපු උපකාරයට.”
“ඕක සුළු වැඩක් නේ. මං එහෙනම් යන්නම්.
“එහෙම යන්න බෑ රෑට කාලම යන්න ඕනේ. මම ඔය හැමදෙනාටම බොන්න උඳුපියලිය සුප් එකක් හදන්නම්.”
ෂා... හරිම රසයි. හා හාමිනේ” මුවදෙන සංග්‍රහය පිළිගනිමින් කිව්වා.
“බොහොම ස්තුතියි මුවහාමිනේ”
හා අම්මා කිව්වා.
මම එහෙනම් යන්නම්. මේ කරපු සංග්‍රහයට ඔයාලට බොහොම ස්තුතියි.
“ඒක සුළු වැඩක් ඔයා අපිට කරපු මේ උදව්ව කවදාවත් අමතක වෙන්නෙ නෑ.” හා අම්මයි තාත්තයි මුව නැන්දාට නොසෑහෙන්න ස්තුති කළා.
“අම්මයි, තාත්තයි කියන දේ අහපු නැති මේ පුංචි හා පැංචි එදා ඉඳලා, අකීකරු නොවී, අම්මයි, තාත්තයි දුන්න අවවාද අසා හොඳ කීකරු හා පැංචියක් බවට පත් වුණා.”
බුද්ධිනී සෙව්වන්දිකා
9 ශ්‍රේණිය ‘බී’
ගම් /සංඝමිත්තා බාලිකා විද්‍යාලය.

මේ “පිස්සු පූසා” ‘සුජාත’ කෙළේ ඉසිපතනයයි


මේ “පිස්සු පූසා” ‘සුජාත’ කෙළේ ඉසිපතනයයි

අද කොළඹ ඉසිපතනෙ
රූපවාහිනී හඬ කැවීම් අංශයේ ප්‍රධානී අතුල රන්සිරිලාල්
එදා රජයේ චිත්‍රපට අංශයෙන් ඉවතට වීසිකළ දළසේයාපට එකිනෙක පුරුද්දා අමුතුම උපහාසාත්මක නිර්මාණ හැදු ‘ටයි’ මහත්මයා පසු කාලෙක ලංකාවේ ප්‍රවීණ සිනමා කරුවෙක් විය. අසූව දශකයේ දී පමණ සිනමාවට ආයුබෝවන් කී එතුමා ජාතික රූපවාහිනියට එක්වී කාටුන් චිත්‍ර කලාවේ ස්වර්ණමය දොරක් විවර කළේය. ඒ වනස්පතිය සෙවණේ වැඩුණු අද කාලයේ සුන්දර මිනිසෙක් දැන් මා අභිමුව සිටී. ඒ අතුල රන්සිරිලාල් ය.
‘ටයි’ මහත්මයා ගැන කතා නොකොට රන්සිරිලාල් ගැන කතා කිරීම නොවටින දෙයක් තරමට මොවුන් ගේ සුසංයෝගය රූපවාහිනි විචිත්‍රාංග, කාටුන් හඬ දෙකැවි ක්ෂේත්‍රයට මහ මෙහෙයක්ම විය.
“හිත හොඳ දොස්තර”, “පිස්සු පූසා” වැනි නිර්මාණ අතර ටයි මහත්තයාගේ ඇසුරේ වැඩුණු ඒ සුහුඹුල් පැළෑටිය අද මහා වනස්පතියක් මෙන් මට පෙනේ. ඒ එසේ වන්නේ ගෙදර බත් මුට්ටිය රොස් වෙද්දී ඉන්දියානු මුද්‍රාවේ හරසුන් ටෙලි නාට්‍ය බැලු ගෙදර පොඩි එකාගේ සිට බිරිය ආච්චි අම්මා දක්වා සියල්ලන් “සුජාත දියණිය” ටෙලි නාට්‍යයෙන් ගෙදර මැද සාලයට ඇද ගැනීමට ඔහු සමත් වූ බැවිනි. ඒ කාලයේ කරණවෑමියන් හැන්දෑවේ හයයි තිහේ සිට හතයි තිහ දක්වා රැවුල් කොණ්ඩා නොකපන බවට ‘බෝඩ්’ දැමූහ. පහේ කෝච්චිය කොට්ට පොල් ඇසුරුවක් මෙන් මඟීන්ගෙන් පිරී ඉතිරී ගියේය. හයයි තිහෙන් පසු පිටවන දුම්රිය පවා හතයි තිහ වන තුරු හිස්ව තිබුණේය.
මේ ආකාරයේ විප්ලවයක් කළ ඒ පුංචි මිනිසා දැන් “අභීත දියණිය” හරහා තවත් පෙළහරක් පාමින් සිටියි. ඔහුගේ රමණීය පාසල් මතක අතරින් ඒ පෞරුෂය ගොඩ නැඟුණ හැටි මෙතැන් සිට.
මගේ පියා ප්‍රසිද්ධ වෙද මහත්තයෙක්. බමුණුසිංහ ආරච්චිලාගේ දොන් හේමචන්ද්‍ර නම. තාත්ත වෙද මහත්මයා නිසා ඉස්කෝලෙ කොල්ලො මට විහිළුවට කිව්වෙ වෙදා කියලයි. අපේ තාත්තා කළුතර, අම්මා කළුබෝවිල. අපේ පදිංචිය දෙහිවල කිට්ටුවයි. මොන්ටිසෝරි ගියායින් පස්සෙ තාත්තා මාව දැම්මෙ ඉසිපතනෙට. ඉසිවරුන් බැස්ස ස්ථානය ඉසිපතනය ලෙසින් බරණැස හඳුන්වනව. ඒ වගේම මේ ස්කෝලෙත් බොහොම විදග්ධයන් බිහිකළ තැනක්. 1962 පමණ කාලෙ මං නමෝ විත්තියෙන් ඉස්කෝලෙ යනකොට විදුහල්පති තුමා හැටියට සිටියෙ විජේසූරිය මහත්තයා. ටයිකෝට් ඇන්ද හරිම ප්‍රතාපවත් කෙනෙක්. අපේ නිවාසාන්තර ක්‍රීඩා තරග සඳහා ක්‍රීඩා නිවාස නම් කර තිබුණෙ ලෝකෙ ප්‍රකට කවීන්ගෙ නම් වලින්. මිල්ටන්, රාහුල, ඉක්බාල්, තාගෝර් මේ අපූරු නම්. ඇත්තටම ඉසිපතනෙ තමයි මට ජීවිතය දුන්නෙ.
අපි පුංචිම කාලෙ ඉඳන් කල්ලි වශයෙන් පන්තියෙ හිටියෙ. ගුරුවරුන් ඉදිරියට කැඳෙව්වත් අපි හිටියෙ අන්තිම පේළියෙ. උදේ පාන්දර බුදුන් වඳින්න අපේ කල්ලිය ලෑස්තියි. ඇයිද දන්නව ද? පන්තියෙ ළමයි බුදුන් වැඳල නැවත ගියහම අපි දෙතුන් දෙනා එක්වෙලා බුද්ධ පූජාව කනවා. ඒකෙ සදාචාරයක්, වැරැද්දක් හානියක් තියෙනව ද කියල අපි ඒ කාලෙ දන්නෙ නැහැ. ඒත් අපි කාටත් හොරා බුද්ධ පූජාව කාපු හැම දවසෙම බුදු හාමුදුරුවන් ගෙන් යටි සිතෙන් සමාව ගත්තා. සුදත්, උපුල්, කමල් මේ වැඩේට මාත් එක්ක ‘සෙට්’ වෙච්ච යාළුවො. එක දවසක් එහෙම වුණාට පස්සෙ කමල් අහනව මට මතකයි, අපි හෙටත් බුදු හාමුදුරුවන්ගෙන් සමාව ගමුද කියලා. ඒකෙ යටි අරුත හෙටත් ඒ වැඩේ කරමු ද කියන එකනෙ.
වැල්ලවත්ත විහාර ලේන් එකේ අංක 55 තැන තමයි තාත්තගෙ බෙහෙත් ශාලාව තිබුණෙ. ඒ කාලෙ ඔතන ඔය ඇළ උඩින් තිබුණෙ ලෑලි පාලමක්. උදේ හතට පාර පැනල මං බලන් ඉන්නව බෂීර්ගේ බස් එක එනකන්. ඇල්ප්‍රඩ් අයිය තමයි මේකෙ රියදුරු. බෂීර් කොන්දොස්තර. මේ තට්ටු දෙකේ බස් එකේ උඩම තට්ටුවේ ජනේලය ළඟ පේළි අපේ කොල්ලන්ගෙ. ටිකට් එක සත තුනයි. ඩික්මන් පාරෙන් දාල තිඹිරිගස්යායට යන්නෙ. ඒ කාලෙ මාර ගස් තිබුණ පාර අයිනෙ. ඒ ගස්වල අතු තට්ටු දෙකේ බස් එකේ වහලෙ වදින කොට අපිට හරිම විනෝදයි. අපි පාරෙ යන කෙල්ලන්ට විහිළු කරනවා. බිග් මැච් කාලෙට එකම ගාලගෝට්ටියක්. සමහර දවස්වල ටිකට් ගන්නෙත් නැහැ. මා ළඟ තිබුණෙ මාලා සූට්කේස් එකක්. මේක ඇතුළෙ සමහරදාට තාත්තගේ තෙල් බෙහෙතුත් තියෙනවා. ඒ කොල්ලන්ට කන්ට. බොන්ට. ඒක පස්සෙ කියන්නම්.
පාසල් වත්තෙ කෙළවරේ ගල් සියඹලා ආච්චි ඉන්න දවසට තමයි ගෙදර යන්න සල්ලිත් නැති වෙන්නෙ. අච්චාරු ගෙනාපු ආච්චි කෙනෙකුත් හිටිය. මං දවසක් තාත්තගෙන් රුපියල් හයක් හොරකම් කරල පන්තියෙ හැමෝටම කැන්ටිමෙන් පොල් ටොෆි අරන් දුන්න. මං කුඩා කාලෙ ඉඳල ගණිතයට රුසියෙක්. කවදාවත් චක්කරේ වැරදිලා නැහැ. මගේ යහළුවො චක්කරේ බැරුව අව්වෙ දණ ගහල විජේසේකර මිස් ගෙන් ගුටි කන කොට මං වීරයා වගෙ උඩ ඉඳන් පල්ලෙහාටත් පහළ ඉඳන් උඩටත් හැම චක්කරයක්ම කියනව.
ඉස්කෝලෙදි මං ආසා කළේ නාට්‍ය හදන්න, රඟපාන්න, වේදිකා පරිපාලනය කරන්න, නිවේදකයකු වෙන්න. මේ ඔක්කොම ආශාවල් මට තිබුණ. මේ හැම අංශයකම ඉස්කෝලෙ දීප්තිමත් සිසුවෙක් කියල කියන්නෙ නිහතමානීව.
පාසලේ කථික හා විවාද තරගවලදී මං සමස්ත ලංකා දක්වා තරග දිනල තියනව. වරක් ලංකාවෙ දක්ෂතම කථිකයා බවටත් පත්වුණා.
එක් අවස්ථාවක විදුහල් විවාද තරගයකදී සිදු වූ දෙයක් අද වගේ මට මතකයි. අපත් සමඟ තරගයට වැටුණෙ මොරටුවෙ වේල්ස් කුමරි විදුහල. ඉසිපතනෙ විවාද කණ්ඩායමේ නායකයා මමයි. මාතෘකාව සමාජ සංවර්ධනය කළ හැක්කේ තරුණයන්ට ද? එසේත් නැතිනම් වැඩිහිටියන්ට ද? අපට ලැබුණෙ වැඩිහිටියන්ගෙ පැත්ත. එක්තරා කටකාර කෙල්ලක් ‘සාත්විකාභිනය’ (මුහුණෙන් හැඟුම් නිරූපණය) පාමින් හඬ උස් පහත් කරමින් සභාව විනෝද සයුරක ගිල්වමින් මෙහෙම කීව. “මේ නහින දෙහින වයසෙ අයට තරමක කළුගලක් වත් ඔසොවා ගන්න බැරිව මොන සමාජ සංවර්ධනයක් කරන්න ද? මේ වචන වලින් සභාව තුෂ්ණිම්භූතව සිටිත්දී මං නැගිට්ට. නාට්‍ය කලාවට මං එදා ඉඳල කැමතියි නෙ.
මං ඒ කෙල්ලට වඩා රඟපෑමක් කළා. මං එක පාරටම මගේ හඬ වියපත් කෙනෙකුගේ හඬට සමානව වෙනස් කර ගත්තා. “අනේ මගේ රත්තරං දුවේ, බොලා ගේ මොළය සංවර්ධනය කරන්ඩ අතපය හයි කොරන්ඩ මාත් මගේ මායියාත් කොයි තරං නම් නැහුණ ද? මායියා අද හිටිය නම් පරලොව යන්නෙ මේ කථාව අහල. උඹල වගේ එවුන් හදල සමාජ සංවර්ධනයක් තබා පවුලක සංවර්ධනයක්වත් කරන්ඩ බෑ. ඒක මට දැන් තේරෙනව.” එහෙම කියල මං කඳුළක් වගුරනව වගෙ අභිනය පෑව. ඒ හෘදයාංගම අවස්ථාව ගැන සිතූ විනිශ්චය මණ්ඩලය අපිට ලකුණු දුන්න.
ටී. එස්. ලීලානන්ද විදුහල්පති තුමා ඉන්න කාලෙ එතුමාගෙ මැතිනිය හිටියෙ නුගේගොඩ අනුලාවෙ විදුහල්පතිනිය හැටියට. නිතරම ඉසිපතන - අනුලා විවාද තිබුණා. ගෑනු ළමයින්ගේ ඉස්කෝලවලට යන්න ලැබුණහම අපිටත් ඉතිං ඉහේ මලක් පිපුණා වගේ. අවු. 15 - 16 ගැටවර වයසෙ අයනෙ. අපි විවාද කරන්නෙත් බොහොම ජව සම්පන්නව කෙල්ලෝ ඉස්සරහ වීරයෝ වගේ. ඒ කාලේ අද වගේ මොබයිල් නෑ. එස්. එම්. එස්. නැහැ. තිබුණෙ ඔටෝ ග්‍රාෆ් විතරයි. කෙල්ලො මේව දික්කළහම අපිත් සතුටෙන් අස්සන් කරනව.
කථික තරගවලට යන නිසා නෑදෑ මඟුලකදී හෝ අවමඟුලකදී අනිවාර්යයෙන්ම කතා පවත්වන්න වෙන්නෙ මටයි. ඒක තාත්ත බලාපොරොත්තු වෙන දෙයක්. හොරණ මාම නැති වුණාම දෙහිවල මහප්ප නැති වුණාම මාත් ඉතිං රැහැයිය වගෙ ගුණ කථන අතර කෑගහනව. තාත්ත ගෙදරදි ඉතාම අපූරු තෙල් බෙහෙත් හිඳින කෙනෙක්. එතුමා ‘කුෂ් මුණ්ඩ’ රසායනය හිඳින්න දන්නව. නීල්‍යාදි තෛලය හිඳිනව. ඊටත් අමතරව ‘අශ්වගන්ධ තෛලය’ හිඳින්නත් දක්ෂයි.
කුෂ් මුණ්ඩ රසායනය හිඳගෙන යනකොට එක්තරා අවස්ථාවක් තියෙනව ඒක ජෙල් එකක් වගේ වෙනව. මං ඒව ටිකක් හොරාට ගෙන ගිහින් යාළුවොත් එක්ක බෙදාගෙන කනව. දවසක් එහෙම ජෙල් වර්ගයක් මං ඉස්කෝලෙ ගෙනිහින් ළමයින්ට දුන්නා. කාපු වෙලාවෙ ඉඳන්ම ඔක්කොම ළමයි ‘ටොයිලට්’ යන්න ටීචර්ගෙන් අවසර ගැන්මමයි කරන්නෙ. එදා පන්තියෙ කිසිම වැඩක් කෙරුණේ නැහැ. බලනකොට මං ගෙනත් දීල තියෙන්නෙ විරේක චූර්ණයක්. මමත් තෙල් බේත් හිඳින්න තාත්තගෙන් ඉගෙන ගෙන තියෙනව. ඒත් මෙතන උනේ ලොකු වැරැද්දක්. ඒත් ගුරුවරු මට ගැහුවෙ බැන්නෙ නෑ.
තාත්ත දහම් පාසලට මාව යැව්වෙ මුලින්ම බම්බලපිටියෙ වජිරාරාමයට. ඒකට ආවෙ ලොකු තැන්වල කොල්ලො කෙල්ලො. ඒ නිසා මට එතන ඇල්ලුවෙ නැහැ. ඊළඟට මං ගියේ දෙහිවල පින්වත්තෙ දහම් පාසලට. ඒ කාෙලෙ වෙසක් නාට්‍ය ජනප්‍රියයි. දෙහිවල වොලිෂ් ඡායාරූප ශාලාවේ නාට්‍ය. අපිත් මේ වගේ නාට්‍ය හැදුවා. “බිංකුංඩෝ”, “බවයක ආශා”, “ධීවර ගීතය” කීපයක්. එතනදිත් මං බොහොම නාට්‍ය කළා. සමහර නාට්‍යවල රඟපෑවා. සාමාන්‍ය පෙළ විභාගෙදි මගෙ ගණන් පේපර් එකෙන් තමයි අනෙක් කොල්ලො ටිකත් පාස් වුණේ.
උත්තර පත්‍ර මාරු කරගත්තෙ කාගෙත් ඇස් වහල. රත්නායක කියල කොල්ලෙක් හිටිය. එයා කලින් සකස් කරගත් පිළිවෙළකට එළියෙ ටිං කබල් දෙකක් තියලා හොල්ලනව. එයා ඇතුළෙ හිටියත් බෙලෙක්ක හෙල්ලෙනවා. පරීක්ෂක ඒක බලන්න ගියහම උත්තර පත්‍ර මාරු වෙනව. රසායන විද්‍යාව ලැබ් එකේදිත් හයිඩ්‍රො ක්ලෝරික් අම්ලය තියෙන බීකරයට සල්ෆර් කලින්ම දාල මුළු රසායනාගාරයම කුණු ගඳ ගස්වනව. ළමයින් වැඩ කරන්න බෑ කියනව. රණසිංහ ගුරුතුමා කම්පා වෙනව. මේ වගෙ දඟ වැඩත් අපි නොකළා නොවේ. එහෙත් අධ්‍යාපන කටයුතුත් හොඳින් කරගෙන ගියා. වෙසක් නාට්‍ය ඉවර වුණු සමහර දවස්වලට අපි නිදියගන්නෙ දෙහිවල මිනී පෙට්ටි සාප්පුවක මිනී පෙට්ටිවල.
‘ඒ’ ලෙවල් ලියපු කාලෙත් අපි කොහොමහරි ගොඩ දාගත්ත. හැම ප්‍රශ්න පත්තරයකටම පස්සෙ කොල්ලො ටික හිටියෙ ‘එම්පයර්’ සිනමා හලේ ‘මධුමතී’ බල බලා. ඒත් පාසල් වැඩ ටික අත්හරින්න ලෑස්තිත් නැහැ. හත්බෝධිය පන්සලේ අටවිසි පින්කම කාලෙට අපට හරි ජොලි. පන්සලේ පිළිමවල සායම් පින්තාරු කරල රෑවෙන කොට පන්සලේම නිදියනව. විමලසිරි ලොකු හාමුදුරුවෝ සැතපුණාම පන්සලේ කුරුම්බ ගස්වල කරටියෙම ඉන්නෙ මම. කොල්ලො මා කඩාදාන කුරුම්බා අල්ලන්නේ ලොකු හාමුදුරුවන්ගෙ අඳනකඩයෙන්.
එක දවසක් ඉරිච්ච අඳනකඩය දැකල ලොකු හාමුදුරුවො අපට පන්සල තහනම් කළා. එක් වතාවක් කොල්ලො ටික තමන්ම හදාගත්ත අධ්‍යාපන චාරිකාවකට පොළොන්නරු ගියා. ලොකු ඇළ මාර්ගයක් ඉස්මත්තේ තිබුණු වන වදුලේ වටු කුරුලු කූඩු කැඩීමයි අපේ අරමුණ වුණේ. බොහොම අමාරුවෙන් ඇළ කණ්ඩිය උඩින් නැඟල මං වටු කුරුලු කූඩුවක් කඩන්න අත දැම්ම. දැවැන්ත නාගයෙක්. ‘පුෂ්’ ගාගෙන අත්තෙ ඉඳල නැගිට්ටා. අත හැරුණ විතරයි අපි ඔක්කොම ඇළ පතුළෙ. මේ වගෙ රසවත් අත්දැකීම් ගොඩක් තියෙනව. ‘රෑන ගිරව්’ ‘මාතලන්’ ‘කල්‍යාණි ගංගා’ වැනි චිත්‍රපට අපි පාසල් ‘කට්’ කරල ගිහිල්ල ‘රිට්ස්’ එකේ බැලු අවස්ථා තියෙනව.
පාසලෙන් ලැබුණ ශික්ෂණය නිසයි අපට සමාජයේ ඕනම තැනක නැගී සිටින්න පෞරුෂය ලැබුණෙ. අපේ දඟකම්වලට ගුරුවරු ඉවසුව. අපට යහපත් මාර්ගය කියල දුන්න. පාසල් වැඩ අත්හැරියෙ නැති හින්ද ගුරුවරු අපට ආදරෙයි. ගහ බැන ගන්නව වගේම පාසලේ බාහිර අන්තර් වැඩ අතර සාහිත්‍ය, නාට්‍යය ආදි වැඩවලත් අපි පෙරමුණේ හිටිය. ටයි මහත්තයට මා කිට්ටු කළේ ඒ ශික්ෂණයයි. ‘කස්තුරි සුවඳ’ වගේ චිත්‍රපටයක් කරල සරත් දසනායක ‘හිට්’ එකේ ඉන්න කාලෙ මගේ ඉස්කෝලෙ නාට්‍යයකටත් සංගීතය සැපයුවා. ගුවන් විදුලියට මා මුලින්ම සම්බන්ධ වුණේ දයා නෙල්ලම්පිටිය හා සේන ෆොන්සේකා සමඟ විරිදු ගායනා ඉදිරිපත් කරලා ඒවා රචනා කරලයි. ඊළඟට රූපවාහිනිය. ‘ටයි’ මහත්තය කරපු බොහෝ වැඩවලට ගීත ලියුවෙ ප්‍රේමකීර්ති.
‘පිස්සු පූසා’, ‘දොස්තර හොඳහිත’ මේ හැම එකක්ම. එක් වරක් ප්‍රේමකීර්ති බරපතළ අනතුරකට මුහුණදීල දකුණු අත තුවාල වෛලා බැඳගෙන හිටිය. හෙට විකාශය වන කොටසකට ගීතය අවශ්‍යයි. මං කොළඹ මහ රෝහලට ගිහිල්ල ප්‍රේමකීර්ති හම්බ වුණා. ඒත් ගීතය ඉල්ලන්න බැහැ. ප්‍රේමකීර්තිත් මගෙ තත්ත්වය තේරුම් ගත්තා. ඔහු අනිත් අතින් ‘ඇඳ ඉහපත’ අරගෙන ඒ උඩ තියන් ගීතය ලිව්ව.
අඩි ගණනක වළක් කපලා
අඩි ගාණක් අනුන් හෙළලා
අඩියක්වත් ඉහළ යන්න
නුඹට බෑ පුතේ
ඒ ගීතය වගේම ලබාගත් අවස්ථාව සුන්දරත්වයත් එහෙමයි. ‘සුජාත දියණිය’ කරන්ඩ මට ඒ ගුරු ආභාසය ලැබුණා. ඒ නාට්‍ය මේ රටේ අතිශය ජනප්‍රිය වුණානම් ඒකට ගෞරවය ලබන්න ඕනෑ ටයිටස් තොටවත්ත මහත්තයා වගේ මහ ගුරුවරු. මගෙ පාසල් ගුරුවරු වගේම මගේ ශිල්පීය දක්ෂතා මතුකළ ගුරුවරුත් ඉන්නවා. මොහාන් සමරනායක සභාපතිතුමා විධායක නිලධාරී රාසපුත්‍රම් මහත්මයත් අදත් මට උපදේශ සපයනවා. මේ ජීවිතය ම එක්තරා විදියක තක්සලාවක්. මං තවමත් ජීවිතය ඉගෙන ගන්නා ගෝලයෙක් විතරයි.

විද්‍යාව සහ ගණිතයට උසස් පෙළ වැඩි ඉඩක්


විද්‍යාව සහ ගණිතයට උසස් පෙළ වැඩි ඉඩක්

2016 වන විට උසස් පෙළ විද්‍යාව හා ගණිතය ඉගෙන ගන්නා දරුවන්ගේ ප්‍රමාණය සියයට 40 දක්වා වැඩි කිරීමටත් කලා විෂයයන් උගන්නා සංඛ්‍යාව 25 දක්වා අඩුකර තොරතුරු තාක්ෂණය සියයට 75 දක්වා වැඩි කිරීමටත් කටයුතු යොදා ඇති බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේ දී විද්‍යාව සහ ගණිතය සමත් වෙනත් ඕනෑම විෂයකට සම්මාන තුනක් ලබා ඇති දරුවන්ට උසස් පෙළ හැදෑරීමේදී තාක්ෂණික විෂය ධාරාව තෝරා ගැනීමට හැකිවන අතර, කලා අංශයට පමණක් තෝරාගත් ග්‍රාමීය සිසුන්ට ඉංජිනේරු තාක්ෂණය හැදෑරීමටත් මේ යටතේ අවස්ථාව උදාවෙනු ඇත.
මේ ක්‍රමය මඟින් රටේ දරුවන්ගේ තාක්ෂණික දැනුම වැඩි කිරීමට කටයුතු සැලැසෙන බව පැවැසූ ඇමැතිවරයා අපේ දරුවන් වැඩි ප්‍රමාණයක් තාක්ෂණික විෂයයන් කෙරෙහි හුරු කළ යුතු බව ද පැවැසීය. තාක්ෂණ විෂයයන් කෙරෙහි වැඩියෙන් යොමු කිරීමෙන් වැඩිපුර රැකියා අවස්ථා උදාකළ හැකි බවත් ඇමැතිවරයා කීය.

රූපාන්ති බුලත්සිංහල


රත්නපුර - ජිම්නාස්ටික් තරුව - සාවිකා

Divayina

සිරිමාවෝ බාලිකාවේ සා. පෙළ ශිෂ්‍යාවන්ගෙන් විදුහල්පතිනියට උපහාර

සිරිමාවෝ බාලිකාවේ සා. පෙළ
ශිෂ්‍යාවන්ගෙන් විදුහල්පතිනියට උපහාර




2012 වසරේ අ.පො. ස. (සා. පෙළ) විභාගයෙන් A-9 විශිෂ්ට සාමාර්ථ ලබා ගැනීමට කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් 58 දෙනකු සමත් වී ඇති අතර දිවයිනේ සමස්‌ත ප්‍රතිඵල මත දහවන ස්‌ථානය ලබා ගැනීමටද හැකියාව ලැබිණි. ඒ අනුව හිටපු විදුහල්පතිනියගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ පාසලේ නියමුවාණන්ට උපහාර පිදීම සිසු දරුවන්ගේ යුතුකමක්‌ සහ වගකීමක්‌ සේ දකින ගුරුවරුන් සහ දෙමව්පියන් මේ වසරේදී ද එම උපහාර පිදීම සිදු කරන්නට යෙදීම පැසසිය යුතු කරුණකි. ඒ අනුව වත්මන් විද්‍යාලයීය විදුහල්පතිනි ධම්මිකා සී. ජයනෙත්ති මහත්මිය වෙත මල් කළඹක්‌ පිරිනමමින් ශිෂ්‍යාවන්ගේ සුභාශිංෂණ පිරිනැමුණු අයුරු සහ විදුහල්පතිනිය, ගුරුමණ්‌ඩලය සහ ශිෂ්‍යාවන් සමගින් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.
සටහන හා ඡායාරූප - සුජාතා ජයරත්න


http://www.divaina.com/2013/04/27/news23.html

සිව් නිවුන් දැරියන්ට සපිරිලා පස්‌ වසක්‌

සිව් නිවුන් දැරියන්ට සපිරිලා පස්‌ වසක්‌
ඒ උනත් ජීවිතේ සොයයි තව සැනසුමක්‌




ඒ ජයෝද්‍යා ඔෂදී මුතුකුමාර දැරිය බහ තෝරමින් දණ ගා ඇවිදින කාල සීමාවයි. මේ වකවානුවේදී ඕ වඩාත් ආශාවෙන් සිදු කළ එක්‌තරා කෙළි සෙල්ලමක්‌ විණි. කුමක්‌ද ඒ....? තමාට සෙල්ලම් කිරීමට තිබුණු බෝනික්‌කන් හතර පස්‌ දෙනා අතට ගත් ඕ එම බෝනික්‌කන් කොට්‌ට මෙට්‌ට අතර රැඳවූවා ය. ඉනික්‌බිති ඒ බෝනික්‌කන් කූඩයකින් වැසීමට ද ඕ කටයුතු කළාය. ඉන් පසු ගෙදර සැම දෙනාටම ඇසෙන පරිදි "ෂ්..... ෂ්....... සද්ද කරන්න එපා....... බබාලා නිදි...... සද්ද කළොත් එයාලා ඇහැරෙයි." යනුවෙන් පවසා ඕ ලැබුවේ අපමණ සතුටකි. ඊටත් වඩා ජයෝද්‍යා දියණිය, දමිතා නදීශානි (31) මවගේ සහ නයනජිත් මුතුකුමාර (35) පියාගේ තුරුලට වී සුරතල් වෙමින් සැම විටම පැවසුවේ "අම්මී මට සෙල්ලං කරන්න එක නංගියෙක්‌ නොවෙයි. නංගිලා ගොඩාක්‌ ඕනෑ" යනුවෙනි. සැබැවින්ම ඒ වන විට ඇගේ හැසිරීම නිවසේ සැම දෙනාටම පැනයක්‌ වී තිබිණි. ජයෝද්‍යා උපන්නේ 2003 වර්ෂයේ අප්‍රේල් මස 24 දා ය. කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යද්දී ජයෝද්‍යාගේ මව වන දමිතා නදීෂානී 2008 වර්ෂයේ අප්‍රේල් මස 22 දා කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී දියණිවරු සිව්දෙනෙක්‌ම මෙලොවට ජනිත කළ අතර, සතුට නිම් හිම් නැතිව ගිය ජයෝද්‍යා, අම්මේ........ රෝස කැලේ බබාලා ඔක්‌කොම අරන් ආවදැයි......?" යි අසමින් අප්‍රේල් මස 24 දා රෝහලට ගොස්‌ තමන්ට ලැබුණු උපන් දින තෑග්ග හොඳ හැටි බලා කියා ගත්තාය.

"ඒ නයනී නදීරා, නඳුනි දිනාරා, නුවනි පුලාරි. සහ නිදුලි තිනාරා යන දූ සිඟිත්තියන් සිව්දෙනා ය. ඇත්තෙන්ම මේ සිද්ධිය ලොකු දුවගේ හීනය සැබෑ වීමක්‌ විදියට තමයි අපි දකින්නේ. එයා හැමදාම ඉල්ල ඉල්ල හිටිය දේ උපන්දින තෑග්ගක්‌ විදියටම එයාට ලැබුණා. අදටත් ලොකු දුව නංගිලා හතර දෙනාට පුදුම ආදරයක්‌ තියෙන්නේ. හරියටම කියනවා නං අම්මා කෙනෙක්‌ වගේ එයා නංගිලාව රැක බලා ගන්නවා. අපේ ලොකු දුව තමයි පවුලේ හැමෝම අතරින් වැඩිමල්ම දරුවා. ඒ නිසා එයාටත් පවුලේ හැමෝගෙන්ම පුදුම ආදරයක්‌ හිමි වුණේ."

දමිතා ගේ සහ නයනජිත්ගේ සිත් සතුටින් පිරීතිරී ගොස්‌ ඇති සෙයකි. සතුටේ තරම කොතරම් ද යත් ඇතැම් තැන්හිදී ඔවුනට වදන් එකිනෙක හා ගලපා ගනුද අසීරුය.

කුළුඳුල් දියණිය ඉපදුනායින් පසු නැවත දරු උපතක්‌ ගැන සිතන්නට දමිතා සේම නයනජිත් ද යොමු වන්නේ ඉන් වසර තුන හමාරකට පමණ පසුවය. යළි දරු ප්‍රසූතියක්‌ සඳහා සූදානම් වූ දමිතා තම ගම් පියසේ වූ සෞඛ්‍ය මධ්‍යස්‌ථානයට ගොස්‌ සායන වලට ද සහභාගි වූවාය. එහිදී ඇගේ උදරය නියමිත මාස ගණනට වඩා ඉදිරියට නෙරා ඇති බැවින් විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්වා ගන්නා ලෙස යම් උපදෙසක්‌ ලැබෙන්නේය. ඒ අනුව කළුතර - නාගොඩ රෝහලේ නේවාසික ප්‍රතිකාර සඳහා යොමු වන ඕ, තමා නිවුන් දරුවන් සිව්දෙනකුගේ මවක්‌ බව දැනගන්නේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් සිල්වා මහතා විසින් සිදු කරන ලද ස්‌කෑන් පරීක්‍ෂණයකින් අනතුරුවය. ඉන් පසු මාසයක පමණ කාලයක්‌ නාගොඩ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ඕ අනතුරුව ස්‌ව කැමැත්තෙන් ම කාසල් වීදියේ කාන්තා රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත් වන්නීය. සති 17 ක කාල සීමාවේදී ඕ රෝහලට ඇතුළත් වූ අතර, සති 31 ක්‌ ගෙවී ගිය තැන දරුවන් බිහි කළ ද තවත් මාසයක්‌ පමණ ඇයට රෝහලේ රැඳී සිටීමට සිදු වූයේ ඇගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වන තුරුය. එමතුද නොව දරුවන් සිව්දෙනා නිසි පරිදි වර්ධනය විය යුතු හෙයින් ද ඇයට ඒ කැප කිරීම සිදු කිරීම කිරීමට වූවාය.

"ඇත්තෙන්ම රෝහල්ගත වෙලා හිටපු කාල සීමාව තුළදී රෝහල් කාර්ය මණ්‌ඩලයෙන් පුදුම සහයෝගයක්‌ ලැබුණේ. කිසිම අඩුපාඩුවක්‌ දැනෙන්න ඉඩ තිබ්බේ නෑ. හරියට ගෙදර ඉන්නවා වගේ සතුටකුයි හිතට දැනුණේ. හොඳම ආහාර වේලක්‌ පවා ඒ අය මං වෙනුවෙන් ලබා දුන්නා. ජපානයෙන් රෝහලට තෑග්ගක්‌ විදියට ලැබිලා තිබුණු අලුත්ම 'ඉන්කියුබීටර' ටික තිබුණ එකත් ඒ වෙලාවේ හැටියට ලොකු දෙයක්‌ වුණා. ඒවා නියමිත කාලයට භාර දෙන්නත් පෙර තමයි, මගේ බබාලා හතර දෙනා ඒවායේ තැන්පත් කරන්න රෝහල් කාර්ය මණ්‌ඩලය කටයුතු කළේ. ඒ වගේම නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිතුමා මාව බලන්න ඇවිත් අපේ මූලික කටයුතු ටික කරගන්න කියලා ලබා දුන්න රුපියල් පනස්‌දහසක (50,000) මුදලත් අපිට එදා ලොකු ප්‍රයෝජනයක්‌ වුණා.

දමිතා නදීෂානී එලෙසින් අතීතාවර්ජනයක නියෑළුණා. සැබැවින් ම ඒ අතීතාවර්ජනය නම් හෘදයාංගම වූත්, ස්‌තුති පූර්වක වූත් අතීතාවර්ජනයක්‌මය.

දැන් පුංචි දියණියන් සිව්දෙනා කෙමෙන් කෙමෙන් ලොකු මහත් වී දුව පැන ඇවිදින විට මුළු ගෙදරම බලන්න සිරියාවය. දෙන්න දෙමාල්ලන්ගේ ජීවිතවල කාර්ය බහුල බව නම් කොතෙක්‌ වුවද ඒ බැව් එක මොහොතකට මුත් ඔවුනට හිරිහැරයක්‌ නම් වී නැත්තේ තුන් හතර දෙනාම දඟලා කියා ඉන්නවා දකින විට දැනෙන සතුට වදන්වලින් කියා නිම කළ නොහැකි එකක්‌ම වන හෙයිනි. එහෙත් ඒ සුන්දරත්වය පසුපසම සැඟ වී ඇති අසුන්දර කතාවක්‌ ද වෙයි. කටුක වුවද, තිත්ත වුවද ඒ අසුන්දර කතාවද මෙහිලා ගෙන හැර පෑ යුතුව ඇත්තේ මුතුකුමාරගේ සේම නදීෂාගේ ද කැදැල්ල කඳුළුකැට ආයාසයෙන් මුත් යටපත් කරගෙන සිනාසෙන එකක්‌ම බැව් කියා පෑම සඳහා ය. නයනජිත් (35) ගේ මුවින් පිටවන මේ වදන් කිහිපය දෙස ඔබ මඳක්‌ අවධානය යොමු කර බලන්න. සැබැවින් ම අප කියන දේ අතිශයෝක්‌තියක්‌ නොව සැබෑවක්‌ම බැව් කියා පෑමට ඊට වඩා උදාහරණ අවශ්‍ය නැතැයි සිතේ.

අපි සෑහෙන කාලයක්‌ පදිංචි වෙලා හිsටියේ කළුතර - මතුගම. එහෙම හිටපු අපිට එක පාරටම නුවරට එන්න සිද්ධ වුණා. නුවරට ඇවිත් දැන් මාස හතක්‌ (07) විතර වෙනවා. අපි මෙහෙට එන්න හිතාගෙන හිටිය අය නොවෙයි. අහම්බෙන් වුණත් එන්න සිද්ධ වුණේ නෝනාගේ තාත්තාට අයිති වෙලා තිබුණු කුලියට ගත්ත කඩ කාමරයක්‌ ව්‍යාපාරයක්‌ කරගෙන යන්න කියලා අපිට භාරදෙනවා කීව නිසයි. කිව්ව වගේම අපිට ඒ කඩ කාමරේ භාර දුන්නා. අපි සුළු ව්‍යාපාරයකුත් ටික දවසක්‌ කරගෙන ගියා. ඒක ඒ විදියට කරගෙන යද්දී තමයි කුඩම්මා මැදිහත් වෙලා ප්‍රශ්නයක්‌ ඇති කරලා කඩේ ආපහු ගත්තේ. එයා අපි ගැන කේලාම් කියලා තාත්තාව වෙනස්‌ කළා. දැන් මෙහේ ජීවත් වෙන එක හරිම අමාරුයි. ගමේදී නං නෑයෙක්‌ගෙන් හරි යමක්‌ ඉල්ලාගෙන ජීවත් වෙන්න පුළුවන්කම තිබුණා. ඒත් මෙහේ හැමදේම සල්ලිවලට ගන්න වෙලා. ඒකත් ලොකු ප්‍රශ්නයක්‌.

කුඩම්මලා දරුවන්ට වස කවන බවද අපි අසා ඇත්තෙමු. එහෙත් වස නොකෑවුවද දරු පවුලක්‌ම අනාථ කර මහ මඟට ඇද දමමින් ඒ කුඩම්මා හැසිරී ඇත්තේ යකිනියක සේම නොවේද?

වැලේ ගෙඩි වැලට බර නැත්තේ යම් සේද මේ මවට හා පියාට ද ඒ දරුවන් කිසිදු අයුරකින් බරක්‌ නම් නොවේ.

එහෙත් දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හමුවේ ගොඩ ගැසෙන්නා වූ ආර්ථික ප්‍රශ්න, ස්‌ථිර වාසස්‌ථානයක්‌ තමන්ටම කියා නැතිකම, ස්‌ථිර

රැකියාවක්‌ හෝ ආදායම් මාර්ගයක්‌ නොමැතිකම සේම දරුවන්ට හරිහමන් අධ්‍යාපනයක්‌ ලබාදීමට නොහැකිවේ දෝ යන සැකය යනාදී කාරණා සියල්ල එක පිට එක ගොඩ ගැසෙද්දී ඒ අයගේ ජීවිත තුළින් 'සන්තුට්‌ඨ§ය' කෙමෙන් කෙමෙන් පලා යන බව නම් සක්‌ සුදක්‌ සේම පැහැදිලිය. සැබැවින්ම අද වන විට ඔවුන්ගේ ජීවිතවල කඩාවැටීම් බහුලය. ඊට මූලිකම හේතුව වී ඇත්තේ ඔවුන්ගේ ආදායම් මාර්ග සියල්ලක්‌ම ඔවුනට අහිමි වී ගොස්‌ තිබීමය. අද වන විට ඔවුනට මුහුණ පෑමට සිදුව ඇත්තේ තමන් සිහිනෙකිනිදු නොසිතූ නොපැතූ ෙ€දවාචකයකටය. මෙවන් විපතකට මුහුණ පෑමට සිදුවේ යෑයි ඔවුහු සිහිනෙකිනිදු හෝ සිතුවේ නම් එවන් ගමනකට මුල නොපුරනවා නොඅනුමානය. දැන් කවර හෝ සුළු ව්‍යාපාරයක්‌ ආරම්භ කිරීමේ අදහස නයනජිත් සතුව ඇත්තේය. ඒ අතරම "දරුවෝ වෙනුවෙන් අනේ දෙයියනේ කියලා කවුරු හරි උදව් කරනවා නං ඒක ලොකු දෙයක්‌." යන සිතුවිල්ල සෑම විටම ඔවුන්ගේ සිත් තුළ ජීවමානය.

දූලා හතර දෙනා මොන්ටිසෝරි යන්නේ හරිම ආශාවෙන්. එයාලා හැමදාම ඇහුවේ කවදාද අම්මේ අපි මොන්ටිසෝරි යන්නේ.." කියලා. මොන්ටිසෝරියේ ලොකු මැඩම් දෙන්නෙක්‌ වෙනුවෙන් විතරයි මාසික ගාස්‌තු අය කරන්නේත්. ඇතුළත්වීමේ ගාස්‌තුවක්‌ අය කළෙත් නෑ. බබාලා හතර දෙනාම එයාලාගේ මූලික වැඩ ටික කරගන්නවා. ඒ නිසා අපිට ලොකු බරක්‌ දැනෙන්නේ නෑ. නමුත් අපි දැන් මෙහේ පදිංචිවෙලා ඉන්නේ කුලියට නිසා බබාලා හතරදෙනා ඉස්‌කෝලෙකට දාගන්න එක සම්බන්ධයෙන් නම් ප්‍රශ්නයක්‌ මතුවෙනවා. ආයෙ මතුගමට යන්න අපේ අදහසකුත් නෑ. නමුත් මෙහේ ඡන්ද හිමි නාම ලේඛනයේ අපේ නම ලියාපදිංචි වෙළත් නෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම ලබන අවුරුද්දේදී බබාලාව ඉස්‌කෝලේ යවාගන්න එක සම්බන්ධයෙන් නම් ප්‍රශ්නයක්‌ මතුවෙනවා. ඒ නිසා කවුරු හරි කමක්‌ නෑ අධ්‍යාපනයට සම්බන්ධ ඉහළ පෙළේ කෙනෙක්‌ගේ මැදිහත්වීම මත දරුවෝ හතරදෙනා නුවර ප්‍රදේශයේ පාසලකට ඇතුළත් කර ගැනීමට වටාපිටාව සකස්‌ කර දෙනවා නම් ඒක ලොකු පිංකමක්‌ කියන එක තමයි, කියන්න තියෙන්නේ. අපි විශ්වාස කරනවා, මේක දකින කවුරුන් හෝ බලධාරියෙක්‌ අපිට උදව් කරන්න ඉදිරිපත් වෙයි කියලා.

එලෙසින් වදන් බවට පත්ව අප ඉදිරිපිට දිග හැරුණේ තම දරු පැටවුන් වෙනුවෙන් දමිතා සේම නයනජිත් ද ඉටු කරන්නට සිතාගෙන සිටින්නා වූ යුතුකම් සමුදායෙන් අංශු මාත්‍රයක්‌ පමණි. සැබැවින් ම සල්ලි භාගෙ පොදි බැඳගෙන විසල් මන්දිර ද තනාගෙන මහ ඉහළින් ජීවත් වීමේ බලාපොරොත්තුවක්‌ ඔවුන්ගේ චිත්ත සන්තාන තුළ අබමල් රේණුවක තරමින් හෝ නැත. ඔවුනට ඇති එකම වස්‌තුව සේම සම්පත ද ඔවුන්ගේ දරු පැටවුන් ය. ඉදින් ඒ දරු පැටවුන්ට යහපත් හෙට දිනක්‌ උරුම කර දීම තම යුතුකම හා වගකීම යෑයි මේ මවුපිය දෙපළ සෑම විටම විශ්වාස කරන්නේය. ඔව්........· එය නම් සැබෑවක්‌ මය. එසේ නම් ඒ අහිංසක ප්‍රාර්ථනාවෝ මල්පල ගන්වාලනු වස්‌ අත හිත දිය හැකි කවරෙකු හෝ වේ නම් 0713777733 අංකයට අමතා ඔබේ දැත් ඔවුන් වෙත දිගු කිරීමට මේ හොඳම අවස්‌ථාවයි. ඒ තුළින් එක්‌ පසෙකින් මව්පිය දෙපළකගේ අහිංසක පැතුම් සමුදායකට යම් හෝ සාධාරණත්වයක්‌ ඉටුවන්නේය. තවත් පසෙකින් මල් කැකුළු වන් පුංචි සිඟිත්තියන් සිව්දෙනකුට තම දක්‍ෂතා කලඑළි දක්‌වාලීම ඔස්‌සේ ලොව බබළවාලීමට ද ඉඩ හසර විවිර වන්නේය.

අමිල දොළපිහිල්ල
 

http://www.divaina.com/2013/04/28/feature03.html

පිපුනි තරුෂිකා පළමුවැන්නී වී මාතරින්....

පිපුනි තරුෂිකා පළමුවැන්නී වී මාතරින්....
විභාගයක්‌ කියන්නේ ජීවිතයේ කොටසක්‌ මිස මුළු ජීවිතයම නෙවි. ජීවිතයම විභාගය කර ගැනීම එතරම් ඥනවන්ත දෙයක්‌ නෙවි. මේ සරල සත්‍යය තරුෂිකා හොඳ හැටි වටහා ගෙන තිබුණා.

තරුෂිකා විභාගය ගැන හිතුවේ බොහොම සැහැල්ලුවෙන්. ඇය විභාගය තම හිස මත පැටවූ බරක්‌ කර ගත්තේ නැහැ. හිත සැහැල්ලුවෙන් ගිහින් ඈ විභාගයට ලිව්වේ ඒ නිසයි.

කවුරුවත් නොසිතූ විදියට ඇයවත් නොසිතූ විදියට ඕ විභාගයෙන් සමත් වී තිබුණා. මාතර දිස්‌ත්‍රික්‌කයේ පළමුවැනියා විදියට මුළු ලංකාවෙන්ම දහවැනියා විදියට. තරුෂිකා කියන්නෙ පසුගියදා ප්‍රතිඵල නිකුත් වූ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දැරියකට. පිපුනි තරුෂිකා ඉගෙන ගන්නේ මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ. ඇය සුජාතාවේ සුජාත දියණියක්‌ බවට පත්වුණා. පහත දැක්‌වෙන්නෙ අප ඇය සමග කළ කතාබහක සටහනක්‌.

"මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි 2,68,995 ක්‌ සිසුන් අතරින් ඔබ ලංකාවෙන්ම දහවැනියා බවට පත්වුණා. එය දැන ගත්තාම ඔබ පුදුම වෙන්න ඇති?"

"(මඳ සිනා ඇතිව) නෑ. මම එහෙම පුදුම වුණේ නැහැ. ඒ ගැන ලොකුවට හිතුවෙත් නැහැ. මම හොඳට විභාගයට ලිව්වා. අනිවාර්යයෙන්ම මම ඉහළින් පාස්‌වෙන බව මම දැන සිටියා. ඒ නිසා ඒක මට පුදුමයට කාරණයක්‌ වුණේ නැහැ."

"ඔබගේ මව්පියන් විභාගය ඉහළින් පාස්‌ වෙන්නැයි ඔබට ඉඟි කළාද?"

"අනේ නැහැ. කවදාවත් නැහැ. මට විභාග කටයුතු කර ගන්නට ඉඩදී ඒ අය තමන්ගෙ පාඩුවේ හිටියා. මට කිසිදු බලපෑමක්‌ කළේ නැහැ. මට උදව් කළා පමණයි. අම්මා තමයි මට ගණිතය ඉගැන්නුවේ..."

තරුෂිගේ අම්මා නොයෙලි ගුණරත්න මාතර පඹුරන ශාරිපුත්‍ර විද්‍යාලයේ ගණිත ගුරුවරියක්‌. තාත්තා පියදාස වන්නිආරච්චි. ජාතික සංවර්ධන බැංකුවේ නිලධාරියකු හැටියටයි වැඩ කරන්නේ.

"ඔබ ඉගෙනීම් කටයුතු කරන්නේ කාලය කළමනාකරණය කරගෙනයි කියා පුවත්පතකට කියා තිබුණා. ඇත්තටම ඔබ කොහොමද කාලය කළමනාකරණය කරගන්නේ?"

"මෙහෙමයි මම මගේ දෛනික කාලය කාලසටහනකට අනුව බෙදා ගන්නවා යයි සිතන්නට එපා. මම එහෙම කරන්නෙ නැහැ. මම සාමාන්‍ය ජීවිතයෙන් කිසි විටෙක අයින් වුණේ නැහැ."

මම ගෙදර වැඩටත් අම්මාටත් උදව් වුණා. රූපවාහිනිය බැලුවා. පරිගණකය සමග කටයුතු කළා. හැබැයි මම සෑම දිනකම පැය කීපයක්‌ එක්‌ විෂයක්‌ වෙනුවෙන් වෙන්කළා. මම පාඩම් කරන වෙලාව උදේ වෙන්නත් පුළුවන්. රාත්‍රි වෙන්නත් පුළුවන්. නැතුව අහවල් වෙලාවේ සිට අහවල් වේලාව දක්‌වා පාඩම් කළ යුතු යයි මම ලියා ගත්තේ නැහැ. මගේ කාලසටහන උදාවෙන දවසේ වටපිටාව අනුව වෙනස්‌ කරගත්තා."

"අදාළ විෂය සඳහා වෙන්කළ දිනයේදී ඔබ එම විෂය හැදෑරුවේ කොහොමද?"

මම මුලින්ම පාඩම් සටහන් කියෙව්වා. කියවන ගමන් එහි අඩංගු කරුණු වෙන වෙනම ගොනු කරගත්තා. ඉන් පස්‌සෙ මම ඒවා අවබෝධ කරගන්නට උත්සාහ කළා. අනතුරුව ඒවා යළිත් මතකයෙන් කිව හැකිදැයි විමසා බැලුවා. මම ඒ කරුණුවලට අදාළ ප්‍රශ්නයක්‌ සොයා ගෙන පිළිතුරු කෙටියෙන් සපයමින් අභ්‍යාස කළා. එහිදී මා බැලුවේ එම කරුණු ස්‌ථාවරව සිතේ තැන්පත් වී ඇත්දැයි සොයා බැලීමයි. ඒ නිසා මට එම පාඩම් නැවත නැවත බැලීමට අවශ්‍ය වුණේ නැහැ.

ඔබ වෛකල්පිත විෂයයන් ලෙස වාණිජ හා ගිණුම්කරණය, තොරතුරු තාක්‌ෂණය හා ඉංග්‍රීසි සාහිත්‍ය තෝරා ගත්තේ අධ්‍යාපන ගමනේ ඉදිරි අපේක්‌ෂාවක්‌ හැටියටද?

"ඇත්තෙන්ම මම එහෙම කළේ නැහැ. එම ක්‌ෂේත්‍ර තුනට මගේ ලොකු කැමැත්තක්‌ තිබුණා. මගේ අරමුණ වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරියක වීමටයි. එහෙත් එම විෂයයන් අනාගතයේ කුමන හෝ අවස්‌ථාවක මගේ පිහිටට ඒ යෑයි මා තුළ හැඟීමක්‌ තිබුණා."

"උපකාරක පන්ති ගැන ඔබේ අදහස කුමක්‌ද? පාසලෙන් ලැබෙන දැනුමට අමතරව උපකාරක පන්තිවලටත් යා යුතුද?"

"(මදක්‌ සිනා) උපකාරක පන්ති එක පාරටම ඉවත් කර දමන්නට අමාරුයි. මීට අවුරුදු ගණනකට ඉහත විභාගවලට වඩා අද විභාග සඳහා ඇති තරගයත් නිර්දේශවල ඇති පුළුල් බවත් බැරෑරුම්. ඒ නිසා වඩාත් දැනුම ලබා ගන්නට අවශ්‍යයි."

"ඔබ හොඳ දැනුමක්‌ ප්‍රදර්ශනය කර තිබෙනවා. අවස්‌ථාවක්‌ ලැබුණොත් කොළඹ වඩා ජනප්‍රිය පාසලකට යනවාද?

"කොහෙත්ම නැහැ. ශිෂ්‍යත්වය සමත් වෙලත් මම මගේ පාසල අත්හැර ගියේ නැහැ. ගෙදර ඉඳල ඉස්‌කෝලෙ යන්න ලැබෙන එකට මම වඩා කැමැතියි."

ඔබ සිතන විදියට ඉගෙන ගන්නා ළමයෙකුට තම කටයුතු සාර්ථකව කර ගැනීමට තිබිය යුතු වටිනාම දේ කුමක්‌ද?

"මානසික නිදහස. මනස සමබරව තබා ගැනීමට පරිසරය උදව් වෙනවා නේ. ඒ නිසා ගෙදර සාමකාමී හොඳ පවුල් පරිසරයක්‌ තිබීම හොඳයි. දුප්පත්ද, පොහොසත්ද, ලයිට්‌ තියනවාද, ලාම්පු ද තියෙන්නෙ කියන එක නෙවී මම කියන්නේ. සුහද පරිසරයක්‌ ගැන. හිත් රිදවීම් නැති එකක්‌ ගැන.

ඔබ ලංකාවෙන්ම 10 වැනියා ලෙසත්, මාතර දිස්‌ත්‍රික්‌කයෙන් ප්‍රථමයා ලෙසත් විභාගය සමත් වුණා කොහොමද ඔබට මෙය දැනගන්නට ලැබුණේ?

"ජනාධිපති මන්දිරයට යනකම් මා එය දැන සිටියේ නැහැ. එහෙත් අපි වගේ දරුවන්ගෙ උත්සාහයත්, දක්‌ෂතාවයත් ඇගයීමට ලක්‌ කිරීම ගැන සතුටක්‌ මට තියෙනව. ඒ ගැන ජනාධිපතිතුමාට ස්‌තුති කරන්න ඕන. එයින් අපේ ඉගෙනීමට ඇති ආශාව වැඩි වෙනවා. එය දකින රටේ අනිත් සිසුන්ගෙත් උනන්දුව වැඩි වේවි."

"තරුෂිකා· ජයග්‍රාහිකාවක්‌ හැටියට ඔබේ සහෝදර සිසු සිසුවියන්ට දෙන පණිවිඩයක්‌ තියෙනවාද?"

"(සිනාසෙමින්) "ඇල්මෙන් අකුරු උගෙනිව්" කියලා තමයි කියන්න තියෙන්නේ. එය කවද හරි තමාගේ පිහිටට එනවා. ජීවිතයේ අත්තිවාරම වැටෙන්නෙ ඉගෙනීම තුළින්. හිතට එකඟව උත්සාහයෙන් පාඩම් කටයුතු කළොත් බිය සැක නැති විභාගයක්‌ වෙත යන්න පුළුවන්."

ලීලානන්ද වික්‍රමසිංහ

http://www.divaina.com/2013/04/28/nimna06.html

Thursday, April 25, 2013

e-තක්සලාව

අපගේ අධ්‍යාපන පද්ධතියට එක් වු අපූරු විශේෂාංගයක් ගැන තමයි අද කතා කරන්න හිතුවේ. ඒ තමයි ‘e-තක්සලාව‘

අපගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට එක් කර ගත හැකි අපුරු මෙවලමක්. මේ වන විටත් 1 ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණිය දක්වා ඉගෙනුම් ආධාරක විශාල ප්‍රමාණයක් එක් කර ඇති අතර ඒ සියල්ලම ඉහළ ගුණාත්මක භාවයකින් යුක්තව සකස් කර තිබීමත් විශේෂයි.

ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ට ඍජුවම ක්‍රියාකාරී ලෙස සහභගී විය හැකි ආකාරයට සකස් කර ඇති මෙම පාඩම් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ගුරුවරුන් යොදාගෙන සකස් කර ඇති නිසාම ඒවා ඍජුවම අපගේ  විෂමාලාවන් හා බද්ධවී පවතී.

බලන්න. මේ අපේ අධ්‍යාපනයේ ඉදිරිය පෙන්වන අපුරු මංපෙතක්............

http://www.e-thaksalawa.moe.gov.lk/web/

From
http://samanbandaraherath.blogspot.com/

Thillanduwa KV is on a steady path to progress…


1957 was a year of dreams which came true for residents of Thillanduwa in Negombo. A long felt need for a school was fulfilled on
Principal Mrs. S. Peries
January 8 with the establishment of St. Joseph’s Junior School in the parish church premises.
The Reverend Father Joseph Jaysooriya had the honour of declaring open the school in the presence of the Parish Priest Father Stanley Fernandopulle. A large gathering of parishioners and well-wishers was there to watch the teaching of the Sinhala alphabet to two students. The birth of the school was the result of hard work put in by a group of concerned parishioners. Mr. W.L Fernando was appointed as the first Principal. Then and there he admitted more than fifty students to the establishment and Mrs. W.M. Therese joined the school as an assistant teacher.
A year later, Mr. Lucas Perera replaced Mr. Fernando and was the principal for the next decade. This was a significant developmental period in the school’s history. At the onset of his tenure, he expanded the single classroom building of 60 by 20 feet and added two more buildings, one permanent and one temporary. With this expansion the number of students and teachers rose to 423 and 21 respectively. In 1963 the first batch of students took the G.C.E.
The school entrance
Ordinary Level exam. By this time, the school was popular in Negombo and started to attract students from the outskirts such as Kurana and Bolawalana.
Progress continued in the seventies as the state procured the adjoining one and half-acres of land which enabled them to have a playground and more classrooms. Mr. L.G.S Fernando, the then principal, who had a passion for sports revived the houses and initiated the annual inter-house sports meet by mustering support from parents and residents of Thillanduwa. It was in the early eighties that the name of the school was changed from St. Joseph’s KV to Thillanduwa KV.
“The emergence of a host of private schools in the area has reduced the intake of student to our school,” complains Mrs. Shiromi Peries, the current Principal of the school. Hailing from the same locality she has a better understanding of the mindset
The teaching staff
and needs of the community, and has been in office since 2009. She is assisted with eighteen dedicated teachers who come to school during school vacations to conduct extra help classes for those who are in Grades 10 and 11. Even though it is a Catholic school, 30% of the 225 students follow Buddhism and Hinduism. Buddhism is taught as a subject in school as well.
The principal and the teachers have a close relationship with students and every student is personally known to them. Their concern about the nutritional intake of the students is heartening. The free mid-day meal that the school provides to all primary students is, in a way, a motivation for some students to come to school. Mr. Peries has already made a request to the authorities to extend this free mid-day-meal to the upper school as well. Students sharing some candy with their classmates
Experimenting with computers
and teachers on their birthday are a common practice in schools but at Thilllanduwa KV they do it differently. Teachers, whose birthday falls within a particular term, share a simple meal of rice and curry with the entire school.
The absence of a strong School Development Society and a Past Pupils Association was a hindrance to the growth of the institution. Realising this setback, the principal recently formed the first ever Past Pupils’ Association with the last batch of Ordinary Level students. With its strong backing, the first Prize Giving took place successfully last year, and it was thought to have had some positive influence on the students who are generally not inclined to study. A past pupil Mr. Donald has volunteered to shape up the skills of the two new-found but enthusiastic football
Singing Vesak devotional songs
teams.
Ever since its inception, the parish priests of the St. Joseph’s church have been rendering a monumental service in the areas to encourage spiritual development and also fulfil the basic needs of students. The school remembers commitment of the church with reverence and gratitude. “There is a lot to be done but resources are extremely limited,” sighs the principal. “Nonetheless, this year, I am working towards achieving two goals. First we need to separate class rooms using partitions to reduce disturbance. If a teacher is absent, the disturbance is more. Also there is no play area for primary school students. I have set my mind to build one,” said the determined Principal.
It is the sheer perseverance of the principal and the teaching staff that keeps schools of this nature functioning well.
- Muditha Fonseka

ශ්‍රී ලංකා පාසල් කරාතේ දෝ සංගමය මෙහෙයවූ . . .


ශ්‍රී ලංකා පාසල් කරාතේ දෝ සංගමය මෙහෙයවූ . . .

ශ්‍රී ලංකා පාසල් කරාතේ දෝ සංගමය මෙහෙයවූ කනිෂ්ඨ කරාතේ ශූරතාවලිය පසුගියදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එහිදී පාසල් 300කට ආසන්න කණ්ඩායම් අතරින් කනිෂ්ඨ ශූරතාව දිනාගැනීමට කිරිමැටියාගාර ශුද්ධවූ පවුලේ බාලිකා විදුහල් කණ්ඩායම සමත්විය.
ජයග්‍රාහී කණ්ඩායමට මධුශානා සේපාලිකා, ගගනී සඳමිනි, අනුත්තරා විදර්ශා, තරුෂිකා ස්ටෙප්නි, අමාශා ශෙනාලි, ඇන්ඩ්‍රියා පෙරේරා, සවින්දි ප්‍රභාසරී, නෙලුෂි වහීෂා, උදානී අප්සරා ඇතුලත් වූහ. විදුහල්පතිනි ශිලානී පායෝ කන්‍යා සොයුරිය, ක්‍රීඩා උපදේශිකා එච්.එම්.පී.මීවඩන, ප්‍රධාන ක්‍රීඩා උපදේශක ලක්ෂ්මන් සපරමාදු හා පුහුණුකරු ප්‍රීති අසංග මහත්ම මහත්මීහූ ජයග්‍රාහී කණ්ඩායම සමග.