Wednesday, February 17, 2016

‘අනෝරා තාල VI’ 20 වැනිදා පාදුක්කේ සිරි පියරතන විද්‍යාලයීය රංග ශාලාවේදී

දරු - දැරියන්ගේ නර්තන කුසලතා එළි දක්වමින් අරකවිල නර්තන හා නාට්‍ය පදනම වාර්ෂිකව සංවිධානය කරන ‘අනෝරා තාල VI’ ප්‍රසංගය මෙවරත් මේ මස 20 වැනිදා පස්වරු 6.00ට පාදුක්ක සිරි පියරතන විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැත්වෙයි. උඩරට, පහතරට, භරත නාට්‍යයම්, කථක්, නව නිර්මාණාත්මක නර්තනාංග රැසකින් සමන්විත මේ ප්‍රසංගය නැරැඹීමට සංවිධායක කමිටුව ආරාධනා කරයි. 

මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ ගැමි දරු - දැරියන්ගේ අධ්‍යාපන වටිනාකම් සහ කලා කුසලතා ඔප් නැංවීමේ අරමුණෙනි.

http://www.sarasaviya.lk/

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි