V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Tuesday, December 29, 2015

අන් අය දිනාගන්න හරි හැටි හිටගන්න


මොකද්ද ළමයො ඔය හිටගෙන ඉන්න හැටි. හරි හැටි කෙළින් වෙලා ඉන්නකෝ යනුවෙන් දෙමාපියන් හෝ ගුරුවරුන් දරුවන් අමතා කියනු ඔබ බොහෝවිට අසා තිබෙනවා විය හැකිය. නොඑසේ නම් ඔබ කුඩා වියේදී මේ කතාව ඔබේ දෙමාපියන් ඔබට පවසා තිබෙනවා විය හැකිය. සිරුර පවත්වා ගන්නා ඉරියව්ව මඟින් පුද්ගලයාගේ පෞරුෂය හා මානසිකත්වය බොහෝදුරට ප්‍රකාශ වන බැවින් නිවැරදි ඉරියව් පවත්වා ගැනීම ඉතා වැදගත් වේ.
අදහස් නිහඬව ප්‍රකාශනයේදී වෙනත් අංගචලනවලට තරම් වැදගත් බවක් ඉරියව්වලට නොලැබෙන මුත් ඉරියව් අනෙකුත් අංගචලන මෙන් නොව දීර්ඝ කාලයක් තිස්සේ හුරුවීමෙන් තමන් තුළ නිදන්ගත වන මට්ටමේ දෙයක් බැවින් සමස්ත වශයෙන් පුද්ගලයා පිළිබඳව වැටහීමක් ලබා ගැනීමට ඒවා වැදගත් වේ. පුද්ගලයෙකුට විශේෂිත වූ ඉරියව් මඟින් එම පුද්ගලයා දුර සිට පවා හඳුනා ගැනීමේ හැකියාව ඇත. එය චරිතයත්, පෞරුෂයත් විදහා දක්වන කැඩපතක් වේ. සිරුර සාමාන්‍යයෙන් සෘජුව තබා ගන්නා පුද්ගලයෙකුට වඩා කුදු ගැසී සිටින තැනැත්තෙකුගේ මනෝභාවයන් හා ආකල්ප වෙනස් වේ. සිරුර ඇදකර වකුටුව තබා ගන්නා පුද්ගලයෙකුගෙන් පළවන්නේ අනාරක්ෂිත බව, නිරෝගී නොවන බව, කුලෑටි බව, හුදකලා වී සිටින බව වැනි තත්ත්වයන්ය. එවැනි පුද්ගලයන් සමඟ කතා බහ කර සුහද වීමට තැත් කරන්නන් විරලය. සිරුර සෘජුව තබා ගැනීමෙන් පුද්ගලයෙකු තුළ පවත්නා ආත්ම විශ්වාසය මෙන්ම ඔහුගේ/ඇයගේ නිරෝගීමත් බව පිළිබඳවද ඉඟි අන් අය වෙත සන්නිවේදනය කෙරේ.
සිටගෙන සිටින ආකාරය, හිඳගෙන සිටින ආකාරය, උක්කුටික හෙවත් ඇන තබා සිටින ආකාරය, දණ ගසා සිටින ආකාරය මෙන්ම වැතිර සිටින විටදී පාද හා බාහු රඳවා තබා ගන්නා පිළිවෙළ, සිරුර තබා ගන්නා පිළිවෙළ පිළිබඳව එක් එක් පුද්ගලයා වඩාත් ප්‍රිය කරන ක්‍රම වේදයක් ඇති අතර ඒවා ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ අතීත අත්දැකීම් සමඟ බැඳී පවතින බව පර්යේෂණවලින් හෙළිවී ඇත. බොහෝ කාලයක් විෂාද තත්ත්වයට (ච්ඥනපඥඵඵඪධද) මුහුණ පා සිටි පුද්ගලයෙකු ඉන් මිදීමෙන් පසු පවා තරමක වකුටු ඉරියව්වකින් යුතුව සිට ගැනීමට ඉඩ ඇත. පුද්ගලයා ප්‍රකෘති තත්ත්වයට මුළුමනින්ම පත්වන්නේ ඔහු එම ඉරියව්වෙන් මිදී සාමාන්‍ය ස්වරූපයෙන් සිට ගැනීමට හුරුවූ විටය.
සිරුර සෘජුව පවත්වා ගැනීම කෙතරම් දුරට ඔබේ පෞරුෂය කෙරෙහි බලපාන්නේද යන්න ඔබටම දැන ගැනීමට නම් ඔබ කළ යුත්තේ (1) රූපයේ ආකාරයට ඔබේ රුව මුළුමනින් පිළිබිඹු කෙරෙන කැඩපතක් ඉදිරියේ සිට ගැනීමයි. මුලින්ම ඔබේ සිරුර සෘජුව තබා ගෙන උරහිස මදක් පිටුපසට යොමුවන අයුරින්ද හිස කෙළින්ද තබා ගෙන ඔබ දෙසම බලන්න. එවිට ඔබ තුළින් විද්‍යාමාන වන්නේ ‘මට ලෝකයම ජය ගත හැකිය’ වැනි අභිමානවත් ධනාත්මක හැඟීමකි. එම හැඟීම සමඟම අනිකුත් ශරීරාංග ද එයට අනුකූලව සැකසෙන අතර මුහුණෙන් පළවන ප්‍රකාශනද යටකී හැඟීම තවත් පෝෂණය කිරීමට සැරසේ. මේ ඔබ දකින්නේ එම අවස්ථාවේ අන්‍යයන් ඔබ දකින ආකාරයයි. මීළඟට ඔබ ඔබේ කොන්ද (2) රූපයේ ආකාරයට මඳක් වකුටු කර උරහිස් ඉදිරියට යොමුකර හිස මඳක් පහළට නැඹුරු කරගෙන ඔබේම පිළිබිඹුව දෙස බලන්න. ඔබ තුළින් එතෙක් ප්‍රකාශ වූ ධනාත්මක ලක්ෂණ සියල්ල අතුරුදහන් වී ඔබ අන් සියල්ලන්ටම වඩා දුර්වල හීනමානයෙන් පෙළෙන නිශ්චිත අරමුණක් නොමැති පුද්ගලයෙකු ලෙස ඔබටම පෙනෙනු නොඅනුමානය. මේ නිසා සිරුර සෘජුව තබා ගැනීම කොතරම් වැදගත්ද යන්න ඔබටම පසක් වනවා ඇත. මෙහිදී සැලකිය යුතු කරුණක් වන්නේ සිරුර සෘජුව තබා ගැනීම ඕනෑකමින් කරන බව අන්‍යයන්ට නොහැඟෙන පරිදි එසේ කළ යුතු බවයි.
සිරුර සෘජුව තබා ගැනීමෙන් ධනාත්මක හැඟීම් ප්‍රකාශ වන අතරම, ඔබ තුළ ධනාත්මක හැඟීම් පවතින විට සිරුර ඔබ නොදැනුවත්වම සෘජු පිහිටීමක් කරා සකස්වන බවද අමතක නොකළ යුතුය. සිට ගැනීමේදී මෙන් අසුන් ගැනීමේදී ද ඉරියව් ඉතා වැදගත් වේ. අසුන්ගෙන සිටින විට (3) රූපයේ ආකාරයට සිරුර මඳක් ඉදිරියට නැඹුරුව තබා ගැනීමෙන් ඔබ තුළින් අන්‍යයන් දකින්නේ ධනාත්මක ආකල්පයන් වන අතර තුන (3) රූපයේ ආකාරයට පිටුපසට නැමී හිඳ ගැනීම තුළින් ඔබ සෘණාත්මක ආකල්ප දරන එමෙන්ම එතරම් මිතුරු විලාසයක් නොපෙන්වන අයෙකු ලෙස අන්‍යයන්ට පෙනේ. එසේම දෙඅත් පපුව මත බැඳ තබාගෙන හිඳ ගැනීමෙන් ඔබ අනිත් පුද්ගලයා වෙත සහකම්පනයෙන් නොබලන තම අරමුණු පමණක් ගැන හිතන අනුකම්පා විරහිත තත්ත්වයක් ප්‍රකාශ වේ.
හිඳ ගන්නා අසුනේ පවතින ඉඩ ප්‍රමාණය අනුව එක් කකුලක් අනික් කකුල මත රඳවා දෙඅත් විවෘතව තබාගෙන හිස සැහැල්ලුවෙන් තබා ගන්නා විට එම ඉරියව්ව තුළින් පුද්ගලයාගේ විවෘත බව, සුහද බව පිළිබඳ ඉඟි අන් අයට සන්නිවේදනය කරනු ලැබේ. මෙහිදී මෙම පුද්ගලයා සැහැල්ලුවෙන් සුහද කතාබහක නිරත වන බව ඔහුගේ අත් හා පාද කිසියම් විධිමත් නොවන ආකාරයට සැහැල්ලුවෙන් තබා ගැන්ම මඟින්ද සිරුර පිටුපසට නැඹුරු කර තබා ගැනීමෙන්ද හෙළිවේ.
කාන්තාවන් හිඳගෙන සිටින විට දෙඅත් විවෘතව තබා ගන්නා අතර ඔවුන් එම වාතාවරණය හෝ ඉදිරියේ සිටින පුද්ගලයා පිළිබඳ නොමනාපයක් ඇතිවූ විට දෙඅත් ළය මත බැඳ තබා ගැනීමට පෙළෙඹේ. එවන් අවස්ථාවක තමන් තුළ ඇතිවන අනාරක්ෂිත බව යටපත් කර දැමීම සඳහා යොදා ගන්නා උපාය මාර්ගයක් ලෙස මෙය සැලකිය හැකිය.
සිට ගැනීමේදී හෝ හිඳ ගැනීමේදී සිරුර සෘජුවම තබා ගැනීමෙන් ඔබේ සිරුර කුඩාවට දර්ශනය වීමෙන් වළකා ගත හැකිය. එමෙන්ම එය ශක්තිමත් නිරෝගී සිරුරක් බවද ඒ තුළ වෙසෙන්නේ ආත්ම ශක්තියෙන් යුත්, එඩිතර අයෙකු බවද අන් අයට ඇඟවිය හැක. ඇතැම් සතුන් පසුපාදවලින් සිට ගන්නේ තමන් ශක්තිමත් බව සතුරාට පෙන්වා ඔවුන් බිය ගැන්වීම සඳහාය. සිරුරේ ඉරියව්ව කෙලෙස තබා ගත්තත් පුද්ගලයෙකු කෙරෙහි අන් අය තුළ හටගන්නා ආකල්ප රඳා පවතින්නේ එම පුද්ගලයාගේ පෙනුම ක්‍රියා කලාපයන් හා හැකියාවන් මත යයි කෙනෙකුට තර්ක කළ හැකිය. නමුත් අප අතර වැඩිදෙනෙකු විශේෂ හැකියාවන් ගෙන් තොර විශේෂිත ආකර්ශනීය පෙනුමක් නොමැති අය බැවින් මෙවන්වූ සාධනීය ඉරියව් සිරුර තුළින් ප්‍රදර්ශනය කිරීමෙන් නිතැතින්ම ආකර්ෂණය දිනා ගන්නා කණ්ඩායම තුළට ඔවුන්ටද ඇතුළත් විය හැකිය. ඒ ඔවුන් තුළ පවත්නා ආත්ම විශ්වාසය හා ආකල්ප එම ඉරියව් මඟින් ලොවට ප්‍රකාශ වන නිසාය.

Monday, December 28, 2015

ලොව විශාලතම මිනිස් වාක්‍යය


දෙසැම්බර් මස 02 වැනි දාට යෙදුණු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 44 වැනි ජාතික දිනය වෙනුවෙන් නව ගිනස් වාර්තාවක් බිහි කෙරිණි. ඒ ලෝකයේ විශාලතම මිනිස් වාක්‍යය නිර්මාණය කරමිනි. HAPPY NATIONAL DAY වාක්‍යය නිර්මාණය කිරීම සඳහා පාසල් 35ක සිසු සිසුවියෝ 6958 දෙනෙක් සහභාගී වූහ. මීට පෙර විශාලතම මිනිස් වාක්‍යය නිර්මාණය කිරීම සඳහා සහභාගී වී සිටි සංඛ්‍යාව 6262කි. සුදු පැහැති ටී ෂර්ට් සහ කැප් තොප්පිවලින් සැරසී මෙම වාක්‍යය නිර්මාණය කළහ.



අදාළ ගිනස් ලෝක වාර්තාව ප්‍රදානය කිරීමට පෙර මෙම අවස්ථාවට සහභාගී වී සිටි ගිනස් විනිසුරුවකු වන සමීර් කාලොෆ් මිනිස් වාක්‍යය නිර්මාණය කිරීම සඳහා සහභාගී වී සිටි පිරිස ඉතා සැලකිල්ලෙන් ගණනය කළේය. මෙම නිර්මාණයට දායක වූ සිසුවකු පසුව පුවත්පතකට පවසා තිබුණේ ලෝක වාර්තාවක් බිඳ හෙළීම පුදුම සහගත කරුණක් මෙන්ම එය මිනිසකුට ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන අවස්ථාවක් බවයි.

http://www.silumina.lk/2015/12/27/_art.asp?fn=nv1512275

පේටන්ට් අයිතිය ගැන කියැවෙන අරුම පුදුම කථා


නිර්මාණකරුවකුගේ හිමිකම් ආරක්ෂා කර දෙන පේටන්ට් බලපත්‍රය පිළිබඳ නොදෙන්නකු නොමැති තරම්ය. පේටන්ට් බලපත්‍රයක් යනු නව නිපැයුමකට එහි නිපැයුම් තාක්ෂණය පිළිබඳ අයිතිවාසිකම් නිශ්චිත කාලයකට පවරමින් රටක රජයක් විසින් ලබා දෙන බලපත්‍රයකි. ලෝකයේ සෑම රටකම පාහේ නව නිර්මාණ වෙනුවෙන් පේටන්ට් බලපත්‍ර පිරිනැමෙන අතර ලෝක බුද්ධිමය දේපළ සංවිධානය මේ හා සම්බන්ධ අන්තර්ජාතික නීති හඳුන්වා දී තිබේ.
නව නිර්මාණ තුළින් ලෝකය ජයගත් විශිෂ්ටයන් හේතුවෙන් ලෝකයේ වෙසෙන බිලයන ගණනක ජනතාවගේ ජීවිත වඩාත් සුවපහසු වී ඇති අතර එවැනි ඇතැම් නිර්මාණ නොවන්නට ඇතැම් කාර්යයන් ඉටු කර ගැනීම අපට අද සිහිනයක් වන්නට ඉඩ තිබිණි. එසේම නව නිර්මාණකරුවන්ගේ දක්ෂතා මෙන්ම ඔවුන්ගේ පේටන්ට් බලපත්‍ර හා බැඳුණු අරුම පුදුම කථා ලෝකයේ සෑම රටකින්ම පාහේ අසන්නට ලැබේ. එවැනි කථා කිහිපයකි මේ.
ලොව ප්‍රමුඛ පෙළේ විදුලි මෝටර් රථ නිපදවන්නකු වන අමෙරිකාවේ ටෙස්ලා මෝටර් රථ සමාගම තමන් සතු පේටන්ට් අයිතීන් 2014 වසරේ දී මහජන අයිතියට පත් කළේය. ඒ විදුලි මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙනි. යහපත් චේතනාවකින් යුක්තව විදුලි මෝටර් රථ නිපදවීම සඳහා ටෙස්ලා තාක්ෂණය යොදා ගන්නා කිසිවකුට එරෙහිව බුද්ධිමය දේපළ නීතිය යටතේ කටයුතු කිරීමට ඉදිරිපත් නොවන බවත් ටෙස්ලා සමාගම සිය පේටන්ට් අයිතිය මුදාහරිමින් නිවේදනය කළේය.
ලේසර් තාක්ෂණය ලොවට හඳුන්වා දුන් ගෝර්ඩ්න් ගුඩ් එහි නිර්මාණ අයිතිය දිනා ගැනීම වෙනුවෙන් එක්සත් ජනපදයේ පේටන්ට් කාර්යාලය සහ ලේසර් නිෂ්පාදකයන් සමඟ වසර 38ක් සටන් කළේය. ගුඩ් විසින් 1957 වසරේ දී ලේසර් තාක්ෂණය සොයා ගනු ලැබුව ද 1960 වසරේ දී එහි අයිතිය වෙනත් පුද්ගලයන් දෙදෙනකුට පිරිනමා තිබිණි. දශක තුනකට වැඩි කාලයක් තිස්සේ කළ සටනකින් අනතුරුව අවසානයේ දී ලේසර් තාක්ෂණය සහ සබැඳි තාක්ෂණය උදෙසා පේටන්ට් අයිතිය ගෝර්ඩ්න් ගුඩ් හට පිරිනැමිණි.
අමෙරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් ජනාධිපතිවරයකු වන ඒබ්‍රහම් ලින්කන් ද පේටන්ට් බලපත්‍ර හිමියකු බව කිවහොත් ඔබ පුදුමයට පත්වනු ඇත. එහෙත් 1849 මැයි 22 වැනි දා ලින්කන් හට පේටන්ට් හිමිකමක් ලැබුණේය. ලින්කන් හට අංක 6469 දරන පේටන්ට් බලපත්‍රය හිමිව ඇත්තේ ගංගාවන්හි වැලි කඳු බාධක තරණය කළ හැකි යාත්‍රාවක් නිර්මාණය කිරීම වෙනුවෙනි. අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධූරය දරමින් සිටිය දී පේටන්ට් බලපත්‍රයක් හිමි වූ එකම අමෙරිකානු ජනාධිපතිවරයා ද ලින්කන් වේ.
රථ වාහනවල ගමන් කරන්නන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ලොව පුරා භාවිත කෙරෙන තුන් පොළකින් ඈඳුණු ආසන බඳ පටි (ඉඥචබ ඕඥතබ) හි නිර්මාපකයා වන්නේ වොල්වෝ සමාගමේ ඉන්ජිනේරුවකු ලෙස සේවය කළ නීල් බොහ්ලින්ය. වඩාත් වේගයෙන් ධාවනය කළ හැකි මෝටර් රථ නිපදවීම කෙරෙහි මෝටර් රථ සමාගම් අවධානය යොමු කිරීමත් සමඟ වේගයත් සමඟ ඇති විය හැකි අනතුරු අවම කර ගත හැකි අවධානය යොමු කළ පිරිස අතර නීල් බොහ්ලින්ට ද ප්‍රමුඛස්ථානයක් ලැබුණේය.
ඒ අනුව ඔහු කළ පර්යේෂණ ඇසුරින් නිපද වූ මෙම ආසන බඳ පටිය 1885- 1985 සියවස තුළ මානව සංහතියට වැඩිම සේවාවක් කළ නව නිර්මාණ අට අතරට ඇතුළත් විය. ආසන බඳ පටිය පිළිබඳ පේටන්ට් අයිතිය වොල්වෝ සමාගම විසින් අතහරින ලද්දේ අනෙකුත් මෝටර් රථ නිෂ්පාදන සමාගම්වලටත් එම නිර්මාණය යොදා ගැනීමට ඉඩ සලසමිනි. එය මනුෂ්‍ය සංහතියේ යහපත උදෙසා ගත් අති මානුෂික පියවරක් විය. මෙම ආසන බඳ පටිය මිලියන ගණනකගේ ජීවිත ආරක්ෂා කිරීමට ඉවහල් වී තිබේ.

http://www.silumina.lk/2015/12/27/_art.asp?fn=nv1512274

වැඩිම දත් ඇති පුද්ගලයා



ඉන්දීය ජාතිකයකු වන විජේ කුමාර් සැලකෙන්නේ මුඛයේ වැඩිම දත් සංඛ්‍යාවක් ඇති පුද්ගලයා වශයෙනි. සාමාන්‍ය පුද්ගලයකුට වඩා දත් පහක් වැඩියෙන් එනම් දත් 37ක් සහිත මුඛයකට හිමිකම් කියන විජේ කුමාර්ගේ දත් සංඛ්‍යාව ඉක්මවන්නට සමතකු ලෝකයේ දක්නට නැත. ලොව වැඩිම දත් සංඛ්‍යාවක් සහිත පුද්ගලයාගේ ගිනස් වාර්තාව සඳහා මේ වන විට අයදුම් කර ඇති විජය කුමාර් නිසැකවම ඊට හිමිකම් කියනු ඇත. මෙතෙක් ලොව වැඩිම දත් සංඛ්‍යාවක් සහිත පුද්ගලයා වශයෙන් සැලකුණු ධනබාලන් නැමැත්තාට දත් 36ක් තිබූ බව වාර්තා වී ඇත. ඔහු ද ඉන්දීය ජාතිකයෙකි.
මුඛයේ දත් වැඩිම සංඛ්‍යාවක් තිබීම ලෝක වාර්තාවකට උරුමකම් කීමක් වුවත් එහි ඇති අවාසිදායක තත්ත්වය ද විජය කුමාර් පැහැදිලි කර තිබේ. ඔහු කියන්නේ ඉන් ප්‍රමුඛතම අවාසියක් වන්නේ නිතරම දිව හැපීම වඩාත් වේදනාකාරී අත්දැකීමක් බවයි.

http://www.silumina.lk/2015/12/27/_art.asp?fn=nv1512272

නෙට්බෝල් කනිෂ්ඨයන්ගෙන් කලකට පසු විශිෂ්ට ජයක්


ඉන්දියාවට එරෙහිව ගෝල 102 - 10 ක් ලෙස ජය ගනිමින් විශිෂ්ට ලෙස නව වැනි ආසියානු නෙට්බෝල් කනිෂ්ඨ තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම වසර දහතුනකට පසු ආසියානු කනිෂ්ඨ නෙට්බෝල් කිරුළ දිනා ගැනීමට මෙවර සමත් විය.
හොංකොංහි පැවැති මෙම තරගාවලියට කණ්ඩායම් 12 ක් එක්විය. ශ්‍රී ලංකාව බී කාණ්ඩයෙන් තරග කළ අතර, චීන තායිපේ සහ ඉන්දියාව එම කාණ්ඩයේ සෙසු කණ්ඩායම් විය. ශ්‍රී ලංකාව චීන තායිපේට එරෙහිවද 93 - 32 ක් ලෙස ජය ගනිමින් කුසලාන කාණ්ඩයට ඇතුළත් වූයේ අපරාජිතවය.
කුසලාන කාණ්ඩයට ශ්‍රී ලංකාව සමඟ මලයාසියාව, සිංගප්පූරුව සහ හොංකොං කණ්ඩායම් එක්විය. එහිදී මලයාසියාව 64 - 48 ක්, සිංගප්පූරුව 69 - 56 ක් සහ හොංකොං 72 - 42 ක් ලෙස පරාජය කරමින් අවසන් මහා තරගයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම මලයාසියාව 53 - 48 ක් ලෙස පරාජය කරමින් ආසියානු කනිෂ්ඨ නෙට්බෝල් කිරුළ වසර 13 කට පසු නැවත ශ්‍රී ලංකාවට දිනා දීමට සමත් විය.
1998 හර්ෂණි විජයලත්ගේ නායකත්වයෙන් පළමු වතාවට ශ්‍රී ලංකාව මේ කිරුළ දිනා ගත් අතර අවසන් වරට 2003 දී ශෂිකා සමරසිංහගේ නායකත්වය යටතේ මේ කිරුළ දිනා ගෙන තිබුණි. ගයනි දිසානායකගේ නායකත්වය යටතේ මෙවර ආසියානු කනිෂ්ඨ නෙට්බෝල් කිරුළ ශ්‍රී ලංකාවට දිනා ගැනීමට හැකිවිය.
මෙවර තරගාවලියට සත්කාරක හොංකොං, පාකිස්තානය, තායිලන්තය, සිංගප්පුරව, භූතානය, අබුඩාබි, ශ්‍රී ලංකාව, චීන තායිපේ, ඉන්දියාව, මලයාසියාව, ජපානය සහ මාලදිවයින යන රටවල් එක්විය. ශ්‍රී ලංකාව අපරාජිතව තරගාවලිය නිම කරද්දී, මලයාසියාව තරග දෙකක් පරාජය වූ අතර ඒ තරග දෙකම ශ්‍රී ලංකාව හමුවේ පරාජය වීමද විශේෂත්වයකි.
මේ ජයග්‍රහණයත් සමඟින් ලබන වසරේ පැවැත්වෙන කනිෂ්ඨ ලෝක ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ගත්තේය.

මිණි වන් කවි ලියූ මිණිවන්

නිර්මාණකරණය පිළිබඳ ප්‍රශස්ත කුසලතා ප්‍රකට කළ නිර්මාණවේදියකු වූ මහාචාර්ය මිණිවන් පී. තිලකරත්නයන් නිර්මාණ ලෝකයට ප්‍රවේශ වූ ප්‍රථම කලා මාධ්‍යය වූයේ කවියයි. 1969 වර්ෂයේ මුද්‍රිත, පද්‍ය නිර්මාණ අර්ධ ශතකයකින් සමන්විත වූ 'ඡායාමාත්‍ර' නම් ප්‍රථම කාව්‍ය සංග්‍රහය ම කවියාගේ ස්වලක්ෂණ විශද කිරීමට සමත් විය. ස්වකීය නිසර්ග ප්‍රතිභා ශක්තිය, අත්දැකීම් කෙරෙහි දක්වන සංවේදීතාව, උසස් නිර්මාණ සේවනය, නිරන්තර නිර්මාණ කරණය, සුඛනම්‍ය කරගත් සමාජ හා ජීවන දර්ශනය වැනි හේතු සම්පත් නිසා මෙරට නූතන කවීන්ගේ නාමාවලියට ඔහු ද ඇතුළත් වෙයි.

භාවගම්‍ය මාධ්‍යයක් ලෙස කවිය උපයෝගී කරගත් මිණිවන් පී. තිලකරත්නයන්ගේ කවි, කවියා සමඟ අනන්‍ය වෙයි. උසස් ජීවන පරමාර්ථ හා පුරුෂාර්ථ සහිත චරිත ලක්ෂණවලින් හෙබි ඔහු තුළ ලැගුම් ගත් 'කවියා' ද අව්‍යාජ පරමාර්ථගවේෂී කවියෙක් විය. කාව්‍යානුභූතිවලින් සහ ජීවිතාර්ථවලින් සුපෝෂිත කවියකුට ඉටුකළ හැකි නිර්මාණාත්මක මෙහෙවර ප්‍රබලය. විවිධ විෂය කෙරෙහි ව්‍යාප්ත වූ ඔහුගේ අත්දැකීම් ක්ෂේත්‍රය පෘථුලය. දෙස් විදෙස් සිද්ධි හා චරිත නිරීක්ෂණය කිරීමෙන් ද මානව විද්‍යා හා සමාජ විද්‍යා පර්යේෂකයකු වශයෙන් ද දේශීය සම්භාව්‍ය සාහිත්‍යය හා නූතන සාහිත්‍යය ද, විදේශීය සාහිත්‍ය කලාදිය ද සේවනය කිරීමෙන් ලද පෝෂණය ඔහුගේ නිර්මාණවලින් පිළිබිඹු විය.

විශේෂයෙන් රුසියානු සාහිත්‍යය පිළිබඳ වූ පර්යේෂණාත්මක අවබෝධය කවියකු, කෙටිකතාකරුවකු හා නවකතාකරුවකු වශයෙන් ද ඔහු සන්නද්ධ කළේය. ඔහුගේ කවි ශක්තිය, ප්‍රබන්ද කථා කලාවේ දී ඔහු පළ කළ රූපණාත්මක කුසලතාවට ද හේතු සාධක විය. මිණිවන් පී. තිලකරත්නයන්ගේ කාව්‍ය නිර්මාණවලින් වඩාත් කැපී පෙනෙන ලක්ෂණ වන්නේ උපහාස ගර්භ හාස්‍ය රසය සහ පුද්ගල සමාජ සද්භාවය පිළිබඳ සාධනීය ආකල්පයයි. ඔහු විසින් රචිත පද්‍ය සංග්‍රහ සහ ආඛ්‍යාන කාව්‍යය පිළිබඳ විචාරාවලෝකනයකින් ඔහුගේ කවියෙහි ස්වරූපය හඳුනාගත හැකි වේ.
කාව්‍ය රචනය සඳහා ඔහු නිර්මාණාවේශය ලබාගන්නේ කොළඹ කවියෙනි. 1982 වර්ෂයේ දී පළ වූ 'පමා නොවී එමි අකුරට' නම් නවකතාවේ සරණපාලගේ චරිතයට මුවා වී ප්‍රතිනිර්මාණය කොට ඇත්තේ ඔහුගේ ළමා කාලය පිළිබඳ සත්‍යයයි: සිකුරාදා දිනවල ඉස්කෝලේ පැවැත්වෙන කවි මඩුවෙහි ඇතැම් විට වැඩියෙන් ම හිටිවන කවි කීවේ බුවනපාල ය. කවි මඩුවේ දී වැඩිය කවි කීවේ නැතත් කවි හැදීමට නම් සරණපාල බුවනපාලටත් වඩා හපන් බව ශිෂ්‍යයෝ බොහෝ දෙනෙක් ම දැන සිටියහ. කවි මඩුවල දී මහ හයියෙන් ඇද පැද ආඩම්බරයෙන් කී බොහෝ කවි ඔහුට රචනා කොට දුන්නේ සරණපාලය.
සිය ළමා වියෙහි සිට කොළඹ කවියෙන් ආභාසය හා ආවේශය ලැබූව ද එහි අනුකාරකයකු නොවීම ඔහුගේ විශේෂත්වයකි. නිරූපිත අත්දැකීමට උචිත පරිදි සඳැස් හා නිදහස් කාව්‍ය ආකෘති සංයෝජනයෙන් මිණිවන් පී. තිලකරත්නයන්ගේ කාව්‍ය රීතිය සංස්කරණය වී තිබේ.

හැටේ දශකයේ අවසාන භාගයේ සහ හැත්තෑව දශකයේ සිංහල කවියේ වස්තු විෂය, ජීවන හා සමාජ දර්ශනය සමාජවාදී නැඹුරුවකින් සන්නද්ධ විය. තිලකරත්නයන්ගේ 'ඡායා මාත්‍ර' කාව්‍ය සංග්‍රහය පළ වන්නේ 1969 වර්ෂයේදීය. මිණිවන් පී. තිලකරත්න හා සාහිත්‍ය ලෝකය නම් ග්‍රන්ථයෙහි මහාචාර්ය කුලතිලක කුමාරසිංහයන් සමඟ සිදු කළ පිළිසඳරෙහි ඡායා මාත්‍ර කාව්‍ය සංග්‍රහයේ නිර්මාණ පසුබිම පිළිබඳ කවියා මෙසේ පවසා ඇත:

'1967 දී එංගලන්තයේ සිට ආපසු ආ විගසම මා ආරම්භ කළේ කවි ලිවීමටයි. ඒ කාලයේ දී එංගලන්තය, ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය, අයර්ලන්තය වැනි යුරෝපීය රටවල් මෙන් ම ඊජිප්තුව, සෙනෙගාල්, දකුණු අප්‍රිකාව වැනි අප්‍රිකානු මහාද්වීපයේ රටවල් කිහිපයකත් සංචාරය කිරීමෙන් ලබාගන්නා ලද අත්දැකීම් සම්භාරයක් මගේ සිතේ තැන්පත් වී තිබුණා. මගේ ඡායාමාත්‍ර නම් මුල් ම පද්‍ය සංග්‍රහයට විදේශීය පසුතලයක් සහිත නිර්මාණ ගණනාවක් ඇතුළු වීමට හේතු වූයේ එය විය හැකියි... නිදසුන් හැටියට අටවිසි රූප, ගලවන නැටුම, වල්ලබ කුමරුට තෑග්ගක්, දුම්රිය වැරදීම, බම්බිනෝ, ඒත්තු ගැන්වීම වැනි රචනා නම් කරන්නට පුළුවනි.
'අටවිසි රූප' නම් රචනයට මුල් වී ඇත්තේ මා දුටු ලන්ඩනයේ රාත්‍රි සමාජ ශාලාවක දර්ශනයක්. එහි එන ගලවන නැටුම හැඳින්විය හැක්කේ සංගීතමය තාලයකට අනුව නළඟනක විසින් තමන් ඇඳ සිටින ඇඳුම් ආයිත්තම් එකින් එක ගලවා කරනු ලබන නැටුමක් පිළිබඳ විස්තරයක් ලෙසිනි.' (54 - 55 පිටු)
කවියා විප්‍රවාසයේ දී ලැබු අත්දැකීම් සහෘදය සහානුභූති බවට පත් කරමින් පරිකල්පනය කිරීමට යොමු වී ඇති අයුරු ඒ නිර්මාණවලින් ගම්‍ය වේ. ඡායාමාත්‍ර පද්‍ය සංග්‍රහයෙහි ඇතුළත් 'බත් කැවිල්ල' නම් නිර්මාණය සඳහා විෂය වී ඇත්තේ සිංහල සමාජයෙහි දරුවන්ගේ ඉඳුල්කට ගෑමේ චාරිත්‍රයයි. කවියා සාම්ප්‍රදායික අනුකරණාත්මක චාරිත්‍රවල ව්‍යාජය උත්ප්‍රාසයට ලක් කරන්නේ මෙසේය:
කිරිබත් කැටයක් දෙසට ද ගිජු ලෙස ඔබෙ ඇහැ දුවන්නෙ
ඉදිරියෙන්ම තබා තිබෙන පෑන ඇයි ද සිත් නොගන්නෙ
පොතක තිබෙන පිටු පෙරළල, පෑනෙන් එහි ඉරක් ඇඳල
මතු උගතෙක් වන සලකුණු පෙන්වන්නකො අපට පුතේ
(ඡායාමාත්‍ර, 66 - 67 පිටු)
සිය බිරියට යටහත් පහත් නිවට නියාලු ගැමියකුගේ චරිත ස්වභාවය සදය උපහාසයට ලක් කරන; 'කපුරුහාමිගේ කන්නලව්ව' නම් නිර්මාණය කාව්‍ය ආකෘතිය සහ කාව්‍යෝක්ති අතින් ජන කවි රීතියෙන් ලත් පෝෂණය පිළිබිඹු කරන්නකි. බිරිය විසින් තමා ගේපැලෙන් එළියට දමා දොර වසා ගනු ලැබු කල්හි තමා ද ගෙතුළට ගන්නා ලෙස සැමියා කන්නලව් කරන ආකාරය නිරූපණය කොට ඇත්තේ චිත්තරූප උපදවමිනි:

ලිඳක් කපන්නේ ඉන් දිය බොන්ටයි
පැලක් තිබෙන්නේ එහි ලැග ඉන්ටයි
හමක් එළන්නේ එහි සැතපෙන්ටයි
ලියක් සිටින්නේ පහස ලබන්ටයි
වාද කතා මම මතු නොකියන්නේ
බේද වෙන්ට කිසිදා නොසිතන්නේ
හාද කතා හැම විට තෙපලන්නේ
මා ද අනේ පැල ඇතුළට ගන්නේ
(ඡායාමාත්‍ර, 73 පිට)

කාව්‍ය නිර්මාණයක ව්‍යංග්‍යාර්ථ විවිධය. අසීමිතය. කවියා මේ නිර්මාණයෙහි දී සිය බිරියගේ නපුරුකම් දන්නා මේ සන්සුන් ගැමියා රළු පරළු ඇය සමඟ නොගැටී සිත සියුමැලි වෙන කවියේ උදව්වෙන් ඇය හීලෑ කරගන්නා තන්වැසියකු සේ හැඟී යන්නට ද යෝග්‍ය වදන් ඉඟි සපයයි.
'ඡායාමාත්‍ර' කාව්‍ය සංග්‍රහයෙහි ඇතුළත් 'සුචරිතවාදියාගේ මංගල රාත්‍රිය' නම් නිර්මාණය ව්‍යාජ සද්භාවය උපහාසයට ලක් කරන නිර්මාණයකි. සිය මධු සමය ගෙවන දිනයෙහි දී මනාලයා තම සැතපුණු අවයව' දෙස සරොසින් නොබලන ලෙසත්, රාගයෙන් තොර වූ ප්‍රේමය ම උදාර වන බවත් මනාලියට පවසයි. එහෙත් සිය මංගල රාත්‍රියේ ප්‍රථම හමුව පිළිබඳ සිහින දකින ඇගේ සිත්හසර කවියා නිරූපණය කරන්නේ සියුම් උපහාසය දනවන කාව්‍යෝක්ති ඇසුරෙනි:
පිසුමට වන් කලට
රස්මි නොම දෙන ගින්නෙහි
ඇති හොඳ දකින්නට
මගේ දෑසට නම් පුරුදු නැත
නම කන්තක වුව ද
නොදුවන අසු දඬු කඳකි
සසල විය යුතු තැන
නිසල බව මම අගය නොකරමි
(ඡායාමාත්‍ර, 35 පිට)
මේ නිර්මාණයෙහි ලා උපයුක්ත විරිත ගී විරිත් ප්‍රකාරයකි. එමඟින් සම්භාව්‍ය ගී කාව්‍යවල ඇතුළත් මධුපාන, රතික්‍රීඩා වැනුම් සිහියට නැ‍‍ඟේ. එහි දී පාත්‍රයෝ සක්‍රිය ලෙස ජීවිතාස්වාදය ලබති. එහෙත් වාර්තමානික මනාලයාගේ මංගල ශයනෙහි ශීලය, නිශ්ක්‍රිය භාවය උත්ප්‍රාසය දනවයි.
'ඡායාමාත්‍ර' කාව්‍ය සංග්‍රහයෙහි ඇතුළත් අඩ සියයක් වූ කාව්‍ය නිර්මාණවල විවිධත්වයක් සහ විචිත්‍රත්වයක් දක්නට ලැබේ. ඇතැම් නිර්මාණවල දී කවියාගේ භාවාතිශය භාවය නිසා ඇති වන වාක් ප්‍රපංච නිසා නිර්මාණයේ සංක්ෂිප්තතා ගුණය ගිලිහී යන අවස්ථා ද නැත්තේ නොවේ. 'ඉවත් කිරීම' වැනි නිර්මාණ ඊට නිදසුන් කළ හැකිය.
1971 වර්ෂයේ දී පළ කෙරුණු මේ කාව්‍ය සංග්‍රහය කාව්‍ය නිර්මාණ 26කින් සමන්විතය: එහි නිර්මාණ පසුබිම පිළිබඳ කවියා මෙසේ සඳහන් කරයි:
'මේ පද්‍ය සමූහය රචනා කිරීමේ දී මා වඩාත් වෑයම් කළේ ජීවිතයේ අහුමුලු ලෙස සැලකිය හැකි ස්ථානවලින් ම වස්තු සපයා ගැනීමටයි.'
මෙහි දී කවියා පෙම් යාදිනි ගැයීමෙන් මෙන් ම සටන්පාඨ ලිවීමෙන් ද වැළකී සිටියි. හැත්තෑව දශකයේ බොහෝ කවීන්ගෙන් මිණිවන් පී. තිලකරත්නයන් වෙනස් වන්නේ ද ඔහු සාර්වත්‍රික අත්දැකීම් කෙරෙහි දක්වන විශේෂ අවධානය නිසාය.
වාණිජ අර්ථ ක්‍රමය නිසා මිනිසා මුදල කෙරෙහි ආකර්ෂණය වීමේ ප්‍රතිඵලයක් ලෙස පුරුෂාර්ථවල ද විපර්යාසයක් සිදු විය. දේශ භක්තිය ජාතික උරුමය වැනි සංකල්ප වාණිජත්වය තුළ ගිලී යන ආකාරය පිළිබඳ උපහාසාත්මක දෘෂ්ටියකින් රචිත නිර්මාණයකි 'කෞතුක භාණ්ඩ වෙළඳසැල.'
අවුරුදු දෙදහස් පන්සිය ගණනක්
ගලන ගඟක් සේ නොකැඩී දිව ආ
ඉතිහාසයෙ හැම යුගයක් පාසම
පිළිබිඹු කරනා කෞතුක භාණ්ඩ
අප ළඟ දැන් විකුණන්ට තියනවා
පිටරටවල සිට එන මහතුන් හට
විශේෂ මිලකට අපි විකුණන්නේ
අපේම සේවක මහතුන් නෙක තැන
ඇවිද ඇවිද එක් කරපු අනගි බඩු
අපේම නිදහන් සොරුන් ලවා අපි...
දාගැබ් බිඳවා රැස්කොට ගත් බඩු
මෙහි තොග ගණනින් ගන්ඩ තිබෙනවා
ඉපැරණි වෙහෙරක ධාතු ගර්භයේ
තැන්පත් කොට තිබූ මේ ලොහො බුදු රුව
රාත්තලක් රුපියල් පහ තරමේ
සාධාරණ මිලකට අපි දෙනවා...
සමහර ඉපැරණි කෞතුක භාණ්ඩ
අපේ ම වඩුවන් මෙහි සාදනවා
කවියා සමකාලීන ව්‍යාපාරිකයා මුදලට ගිජු වීමේ ප්‍රතිඵලයක් ලෙස උදාවෙන ජාතික සංස්කෘතික ව්‍යසනය පිළිබඳ සහෘදයා ඥානනය කරවන්නේ උපහාසාත්මක ස්වරයෙනි.
ලංකා සමාජය හා සංස්කෘතිය පිළිබඳ විවිධ අධ්‍යයනය නිරත වූ කවියා එමඟින් ලද සියුම් අනුභූති ස්වකීය කාව්‍ය නිර්මාණ සඳහා ද වෙසෙසින් පාදක කරගෙන ඇත. විවාහ මංගල්‍යයෙන් පසුව සිදුවන 'දෙවෙනි ගමන' නම් චාරිත්‍රය මනාලියගේ පාරිශුද්ධිය තීරණය වන සංසිද්ධියකි. විවාහයේ පැවැත්ම තීරණය වන්නේ; රිදි නැන්දාගේ නිර්දේශය අනුවය. මේ චාරිත්‍රය එක් අතකින් යහපත් ප්‍රතිඵල ද තවත් අතකින් අයහපත් ප්‍රතිඵල ද ලබා දෙන සංකීර්ණ ප්‍රපංචයකි.
කවියා වඩාත් මේ සිද්ධියෙහි උත්ප්‍රාසයක් දකින්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණය සිය පරමාදර්ශය කරගත් බෞද්ධ සිංහලයා මේ චාරිත්‍රය පිළිබඳ දක්වන අන්තගාමී ආකල්පයෙහිය.
'ජේත්තුවට ඇද බැඳ ගෙන
ආරිය සිංහල සිරිතට
කැවුං කොකිස් කද බැඳගෙන
නෑදෑයින් රැස්කරගෙන
රිදී නැන්ද පෙරටුව ගෙන
චකිත බවක් හිතින් රැගෙන
ඊයේ කටයුතු මනින්ට
අද ආවා දෙවෙනි ගමන...
එකිනෙකාගෙ මූණු බලන්
තේ මේසෙට වාඩි උණත්
දෙමහල්ලෝ කැවිලි තුළින්
එක පාටින් සිහින දකිති
වෙනදා සුර පුර ද
නිවන් පුරය ද පතනා
ඔවුන් අද පතන්නේ
බෙහෙවින් කුඩා පැතුමකි...
සුදු පිරුවටේ සුද අඩු වී තිබීයන්
පච්චවඩං සලකුණු එහි පෙනීයන්...
(එසේ හෙයින් කියන ලදී, 43, 44 පිටු)
වසරෙන් වසරට සස්‍ය සම්පත් ලබන, ගොවියකුගේ ද වසරෙන් වසරට දරු සම්පත් සදන ගැමියකුගේ ද චරිත දෙක තුලනාත්මකව නිරූපණය කෙරෙන 'ගොවීන් දෙදෙනෙක්', පැවිදි වී සිටිය දී පැවිද්දට නුහුරු, උපැවිදි වූ පසු ගිහිගෙට නුහුරු ප්‍රස්තුතයට නොගැළපෙන චරිත ස්වරූපය විශද කරන 'නුහුරු', රජුන්ගේ අන්තඃපුරයෙහි පවත්නා නිරන්තර අසන්තෘප්තිය, බේදය හා අසාධාරණය අවධාරණය කෙරෙන 'එසේ හෙයින් කියන ලදී' වැනි අගනා නිර්මාණ ඇතුළත් මේ කාව්‍ය සංග්‍රහය පාඨකයාගේ අගනා කාලය අර්ථවත් කරන්නකි.
පද්‍ය නිර්මාණ සතිසකින් පරිමිත 'සංකල්ප රූප' කාව්‍ය සංග්‍රහය 1974 වර්ෂයේ දී පළ විය. එහි ප්‍රවේශ ප්‍රකාශයෙහි මෙසේ සඳහන් වෙයි.
මෙහි එන පද්‍ය සඳහා විවිධ විරිත් තෝරාගන්නා ලද්දේ ඒවාට වස්තු වී ඇති කරුණුවල ස්වභාවය ද සැලකිල්ලට ගනිමිනි. ශ්‍රව්‍ය කාව්‍ය සඳහා කුමන ආකාරයක හෝ විරිත් අවශ්‍ය බව පුන පුනා කිව යුත්තක් නො වේ. ගද්‍යයෙන් පද්‍ය වෙන් කොට හඳුනා ගැනීමට උපකාරී වන්නේ ද එය බැවිනි.
(සංකල්ප රූප - ප්‍රවේශය)
පරාර්ථ චර්යාව, පරිත්‍යාගශිලී භාවය වැනි සාරධර්ම අබිබවමින් ස්වාර්ථකාමය හා අධිපරිභෝජනය වැනි විචලනයන්ට බඳුන් වෙමින් වෙනස් වෙන සමාජය හා එහි ගතිලක්ෂණ මෙහි දී කවියාගේ විශේෂ අවධානයට පාත්‍ර වේ. ඒ හැරුණු විට, සංස්කෘතික සංකල්ප, ගතානුගතික චාරිත්‍ර වාරිත්‍ර පුද්ගල මනෝභාව ආදි තේමා කෙරෙහි ද සාවධාන වී ඇත.
'බල්ලා' නම් හිසින් ලියන ලද පද්‍ය නිර්මාණය සඳහා යොදාගන්නේ මුල අග එළිසමය සහිත වියත් කාව්‍ය ආකෘතියයි. බුද්ධ කාලීන භාරතයෙහි සුනඛව්‍රතය හෙවත් 'බලුතව' තපස් ධර්මයකි. එසේ තපසට ලක්ෂ්‍ය කරගෙන ඇත්තේ බල්ලාගේ අල්පේච්ඡතාවයි. එය නිකෙලෙස් ගුණයකැයි නුවටුවෝ සිතූහ. අමාවතුරෙහි දිගම්බර දමනය ඇසුරු කරගනිමින් රචිත මෙම නිර්මාණය ද කවියා වඩාත් රුචි කරන උපහාසයම සංයෝජනය වූවකි.
සොල්ලා වලග තම ළැදිකම පාන නිති
දල්ලා කට ද දැඩි ඉක්මන් ගමන් ඇති
ගිල්ලා වුව ද කැලි කසළ ද ලෝබ සිතී
බල්ලා සතුව ඇත ගුණ මිනිසුන්ට නැතී
රූමත් බලු ළඳක් දුටු විට වට පිටක
රාදොස් නිසා වහ වැටෙමින් හනි හනික
රෑ ද දවාල ද සිහි නැතිවෙයි විටක
රෝගය එයයි. නැත අන් නුගුණක් මතක
(සං. රූ. 78 පිටු)
සොබා දහමෙහි අරුමය අඟවන 'මදටිය මල' නම් නිර්මාණය ලොව ඒ ඒ වස්තු හා බැඳුණු සත්‍යයක් හෙළි කරන චමත්කාර ජනක නිර්මාණයකි.
පිළිවෙළට කලට වෙලාවට වැඩ කිරීම, සිය සේවයට මුල් තැන දීම වැනි ගුණාංග මිණිවන් පී. තිලකරත්නයන්ගේ චරිතයෙහි ද කැපී පෙනෙන ලක්ෂණයෝ වෙති. එසේ නොවන විට ඔහුගේ විරෝධය මතු වේ. 'සබාවෙන් අවසරයි' නම් නිර්මාණය එබඳු විරෝධාකල්ප ප්‍රකාශයකි. කාලය පිළිබඳ සාවධාන නොවී හරසුන් කතාවක් පවත්වන කථිකයාට සබාවෙන් එල්ල වන විරෝධය පිළිබඳ කවියාගේ සෝපාහාස කථනයයි මේ.
සබාව : මේ කදිම සැන්දෑවේ
පළමුව කිව යුත්තෙ
දෙවනුව කිව යුත්තේ
තුන්වෙනිව කිව යුත්තෙ
ඉඳගනිංඩෝ!
කථිකයා : ඔරලෝසුවට මා පිටුපා සිටිය හෙයින්
නොම දත්තෙමි කොතෙක් කාලය...
සබාව : ඔර්ලෝසුව නොවෙයි බලපන් කැලැන්ඩරේ
නවත්තපන් අග මුල නැති කතන්දරේ.
(සංකල්ප රූප, 29, 30 පිටු)
නිරූපිත භාව අවස්ථාවන්ට අනුරූප පරිදි භාෂාවේ ප්‍රකාශන ස්වරූපය හැසිරවීම කවියාගේ රීතියෙහි එක් ලක්ෂණයකි. ඔහු ප්‍රකාශනය ද රූපණය ද යෝග්‍ය පරිදි භාවිත කරයි. මේ නිර්මාණ සංග්‍රහයෙහි ඇතුළත්, තොටියා නැති තොටුපළ, විරුද්ධත්වය, වෙන් නොකළැකි අඹුසැමියෝ, පොතේ ගුරාට පාඩමක් වැනි නිර්මාණ ද කවියාගේ විවේචනාත්මක දෘෂ්ටිය පිළිබිඹු වන විශේෂ නිර්මාණ ලෙස හැඳින්විය හැකිය. ඇතැම් පද්‍ය රචනාවලදී සහෘදයාගේ ග්‍රහණය කරගැනීමේ ශක්තිය පිළිබඳ කවියා තුළ පවතින සැකය නිසාදෝ ප්‍රමාණය ඉක්මවා පැහැදිලි කිරීමට යෑමෙන් නිර්මාණාත්මක අගය ක්ෂය වී යන බව ද හැඟී යන්නට අවකාශ තිබේ.
මිණිවන් පී. තිලකරත්නයන්ගේ ආඛ්‍යාන රූපී කාව්‍යයක් වන වේග - ආවේග රචනා වී ඇත්තේ 1975 වර්ෂයේ දී ය. වෙලාවට වැඩ කිරීම සංවර්ධනයේ සහ ප්‍රගතියේ සාධකයකි. එහෙත් මෙරට වෙලාවට ම වැඩ සිදු වන්නේ නැකත් අනුගමනයේ දීය. සාමාන්‍ය වේලාව පිළිබඳ දක්වන සැලකිල්ල අල්පය. එහෙත් මේ කාව්‍යයෙහි කථා නායකයා වන දේවසේන වෙලාවට වැඩ කිරීමේ සිරිත අකුරට ම අනුගමනය කරන්නෙකි. ඔහුට උදේ නවයට රැස්වීමකට සහභාගි වීමට ඇරියුම් ලැබී තිබේ. සැලසුම් කළ පරිදි ඔරලෝසුවේ සීනුව නාද වුව ද දැඩි නිදිමත නිසා උදයෙන් ම අවදි වීමට නොහැකි වෙයි. ඔහු අවදි වන්නේ අටයි විස්සට ය. සූදානම් වූ පසු හැතැක්ම දහයේ ගමනට ඇත්තේ විනාඩි විස්සකි. දේවසේන වෙනදා රිය පදවන රටාව නූණත් ඇතැම් විට මාර්ග නීති අකැමැත්තෙන් වුව ද නොතකා හරිමින් දැඩි මානසික කායික පීඩනයක් විඳිමින් නමයට විනාඩියකට පෙර උත්සව ශාලාවට යයි. සංවිධායකයෙක් ඔහු පිළිගෙන, මෙසේ පවසයි:
වෙලාව හරියන් එනවා
තව විනාඩි දෙකයි ඇත්තේ
මහත්මයා නම් හරියට
කිරි ගහකට ඇන්න වගෙයි
තවත් කථික පස් පොළක්ම
එනවා අද රැස්වීමට
නමුත් ඉතින් ඒ හැමෝම
වැඩ කටයුතු බහුල අයනෙ
සංවිධායක තැන පවසන ආකාරයට අනෙක් පස් දෙනාම කටයුතු බහුලැති මහ වැදගත් මහත්තුරුය දේවසේන සබාවෙහි අසුන්ගෙන නවයත් පසු වී විනාඩි විස්සක් ගෙවී ඇත. වේලාවට ම පැමිණි ඔහු වැඩ නැති නිකමකු වී ඇත.
නවය දහය වී ඉන් පසු
දහය එකොළහත් වූ පසු
කවුද කෙනෙක් හෙමින් හෙමින්
වේදිකාව දෙසට ඇදේ...
සිය පමාව පිළිබඳ මඳකුදු පසුතැවිලි නොවන ඔහු ඉදිරි පෙළේ ලොකු අසුනක වාඩි වෙයි. සංවිධායකයෝ ද දෙකට තුනට නැමී වැඳ පුදා ඔහු පිළිගනිති.
කාල ගුණය පිළිබඳ මිස
ඔවුන් මුවින් හෝ ඔහුගෙන්
පමාවීම ගැන කිසියම්
වචනයකුදු පළ නොවීය...
සබාවෙ වැඩ ගජරාමෙට කෙරෙන අතර කවුරුන්දෝ තම හිස අතගාමින් කිසිවක් සොයන බව දේවසේනට දැනෙයි. දේවසේන අතක් යවා හිස අතගාන්නාගේ ඇඟිල්ලක් අල්ලා ගනියි. එවිට ඔහුට දිස් වන්නේ 'ඇතුළු හදා'ගේ මුව ගැබයි. ඉක්බිත් 'ඇතුළු හදා' දේවසේනගේ දෙකනට පැදි පෙළක් ගයයි:
මට මෙතරම් වද ගෙන දුන්
ඔබෙ හිස අතගාමින් දැන්
සෙව්වා මිස ඇද්දැයි අන්
කළා නොවෙයි කිසිවක් අන්
වෙලාවට ම ආපු පවින්
ඔබ නිකමෙකු උනා සැනින්
පමා වෙවී ආපු පිනින්
වීර බවක් ලබපි ඔවුන්
* * *
දේවසේන කිසි දින වත්
නොම කළ සේ නඟා දොහොත්
ඇතුළු හදාගේ හිතවත්
උපදෙස් කෙරුවා වනපොත්
කාව්‍යය සමාප්ත කරන්නේ සහෘදයා තුළ කණස්සල්ලක් සහ කම්පනයක් ඇති කරවමිනි. අපිළිවෙළට වැඩ කරන සමාජයක පිළිවෙළට වැඩ කරන මිනිසා නිකමකු වී අවමානයට ලක් වී අවසානයේ ඔහු ද ඒ අපිළිවෙළ සමාජය තුළ ම ගිලී යන අයුරු කවියා උපහාසාත්මක ලෙස ගම්‍ය කරයි. නීතිය, රීතිය නොතකන සමාජයක අවනීතිය අගයන විට වැරැදි ක්‍රමය නිසි ක්‍රමය බවට පත් වීමේ ඛේදවාචකය කවියා ප්‍රබල ලෙස නිරූපණය කර ඇත.
සමස්තයක් වශයෙන් සමාලෝචනය කිරීමේ දී මිණිවන් පී. තිලකරත්නයන්ගේ නිර්මාණ සමකාලීන කවීන්ට වඩා වෙනස් මඟක් ගත් නිර්මාණ බව පෙනී යයි. එසේ ම ඔහුගේ කවි බස ද වියත් වහරින් ද ජන වහරින් ද, දිවි වහරින් ද, මුසු වහරින් ද සංකලනය වූ භාෂා විලාෂයකි. ඔහුගේ කවිවලින් ප්‍රබල ලෙස මතු වන උපහාසය මුසු හාස්‍ය රසය කවියාගේ අනන්‍යතා ලක්ෂණයකි. ඇතැම් විට ඒ පද්‍ය නිර්මාණවල ප්‍රබලතාව මෙන් ම දුබලතාව ද රැඳී ඇත්තේ මේ සුවිශේෂ ලක්ෂණය මතය.
ඔහුගේ අවසාන පද්‍ය කෘතිය 1996 වර්ෂයේ දී ඉංග්‍රිසියෙන් පළ කළ The Lustre of life නම් කෘතියයි. 1995 වර්ෂයේ ඇමෙරිකාවේ සිටිය දී එය රචනා කොට ඇත 'ජීවිතයේ දිස්නය' යන අරුත ඇති මේ කාව්‍ය සංග්‍රහයට පද්‍ය රචනා 54ක් ඇතුළත් වේ. ඔහු සඳහන් කරන ආකාරයට, නිව්යෝර්ක්හි කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ආරාධිත මහාචාර්යවරයකු ලෙස කටයුතු කරන අතර ම හැදෑරු Diploma in Creative Writing නම් පාඨමාලාවේ කොටසක් හැටියටයි. 1997 වර්ෂයේ භාෂා දින උත්සවයේ දී රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවෙන් මේ කෘතියට සම්මාන හා ත්‍යාගයක් ද හිමි වී ඇත.

Wednesday, December 23, 2015

නත්තල් ගස

නත්තල් ගසද නත්තලේ දී අනිවාර්යයෙන් භාවිතා වන විසිතුරු අංගයකි. නත්තල් ගසේ උපත පිළිබඳ විවිධ පුරාවෘත්ත තිබේ. ඒ අතරින් ඉතා ප‍්‍රකට කතාව සුරංගනා කතාවක් වැනිය. එක් සීත සෘතුවක ජර්මනියේ දිළිඳු දැව කපන්නෙකුගේ නිවසට සීතලට හසු වූ දරුවෙක් පැමිණ උපකාර ඉල්ලුවේය. ඔහු ඒ දරුවාට සංග‍්‍රහ කර උපකාර කළේය. පසු දින එම දරුවා දේව දූතයෙකුගේ විලාසය ගෙන ‘මම ළමා ජේසු‘ යනුවෙන් පවසා යන්නට ගියේය. ඔහු යාමට පෙර දර කපන්නාට කුඩා දේවදාර අතු රිකිල්ලක් ලබා දි තිබේ. එම අතු කැබැල්ල සිටුවීමෙන් පසු නත්තල් ගසක් බවට පත් වී ඇත. එහි අතු ඇපල් සහ රිදීමය පලතුරු වලින් පිරී ගිය බවද පැවසේ.

නත්තල් ගසෙ ආරම්භය පිළිබඳ තවත් කතාවක් තිබේ. එයින් කියැවෙන්නේ කි‍්‍ර.ව. 8 වන සියවසේදි පමණ බොනිෆස් නමැති ශාන්තුවරයෙක් එංගලන්තයේ සිට ජර්මනියට ගොස් එරට මිථ්‍යා දෘෂ්ඨික ආගම් ඇදහූවන්ට කිතුනු දහමේ වටිනාකම කියා දීම සඳහා සදාහරිත ගසක් වූ දේවදාර ගසක අතු කැබැල්ලක් පිරි නැමූ බවයි.මේ අනුව ජර්මනියේ දී උපන් නත්තල් ගස 17 වන සියවසේදී ජර්මානුවන් ගෙන් ඇමරිකාවටද ඉන් පසු 19 වන සියවසේදී එංගලන්තයටද හඳුන්වා දෙනු ලැබුණි. ඉන්පසු නත්තල් ගස, ඕස්ටේ‍්‍රලියාව ,ස්විට්සර්ලන්තය , පෝලන්තය හා ඕලන්දයේද ජනපි‍්‍රය විය. 20 වන සියවස වන විට ලොව පුරා කිතුනු         රටවල ඉතා ජනපි‍්‍රය හා අත්‍යවශ්‍ය අංගයක් බවට නත්තල් ගස පත්විය. ඉතා විසිතුරුව නත්තල් ගස් සරසා නත්තල් තෑගි එහි රැඳවීම අද සිදු කරයි

http://www.danuma.lk/

Tuesday, December 22, 2015

නත්තල සංකේත ~ ගවලෙන



ගවලෙන් සම්ප්‍රදාය ඇතිකිරීමට මුල්වූවායි සැලකෙන්නේ අසීසියේ සාන්ත ෆ්‍රැන්සිස් මුනිතුමායි. එතුමා ශුද්ධෝත්තම පියතුමාගේද අවසර ගෙන ජීවමාන මිනිසුන් සහ සතුන් යොදාගෙන 1223 නත්තල් රැයේ ඉතාලියේ එතුමාගේ දේවස්ථානය පිටත පළමු ගවලෙන නිර්මාණය කළේය. මෙම අදහස ඉතා ඉක්මණින් ව්‍යාප්ත විය. සමහර රටවල ගවලෙන සඳහා ලී කැටයම් පවා උපයෝගි කොට ගත්හ. නත්තල් දින සන්ධ්‍යාව වනතුරු ජේසු බිළිඳාව ගවලෙනේ නොතැබූ අතර රජතුන් කට්ටුව ගවලෙනේ තබන ලද්දේ රජතුන් කට්ටුවේ (ජේසු බිළිඳූන් රජුන්ට ප්‍රත්‍යක්ෂ වීමේ) මංගල්‍යය දින දීය.


http://kaulupiyanpatha.blogspot.com/2013/12/blog-post_19.html

නත්තල් සුවඳ! (නත්තලේ සලකුණු)


ජේසු උපන්නේය සතුනි…….. ජේසු උපන්නේය ඔහෝ!

 මහද පස්වනක් ප‍්‍රීතියෙන් තටු ගසා නත්තල වෙත පියාඹන සැටියෙකි. නත්තලේ මතකයන්, ප‍්‍රීතියෙන් පියාඹා බෙත්ලෙහෙමේ ගවලෙන ළඟ නතර වෙයි. රජ තුන් කට්ටුව, ඔවුන්ට පාර කියූ තරු එළිය, ඔවුන් ගෙනා තෑගි භෝග, ගොපල්ලන් මේ සියලූ දෑ ගැන සිහියට නැඟෙයි. ඊළඟට උදාවෙන නත්තල වෙනුවෙන් සිදුවිය යුතු මානසික මෙන්ම භෞතික වෙනස්කම් ගැනද සිහිවෙයි. සිතට අවංකව පැවසුවොත් දෙවැන්න ගැන, ඒ කියන්නෙ භෞතික වෙනස ගැන තමයි අපි වැඩිපුරම හිතන්නෙ.

 c7iMOnu

නත්තලෙ ගවලෙන,නත්තල් ගස, සුබ පැතුම්, තෑගි බෝග, නත්තල් සීයා..,එපමණකින් නොනැවතී නත්තල් කැරොල්, නත්තල් නාට්‍ය යනාදී මේ හැම අංගයක්ම උපරිම ලෙස අප වෙත ළඟා කර ගැනීමටයි අපේ උත්සාහය. ඒ අතරවාරෙදි අතීතය සිහිපත් කරන, සංකේත කරන මේවා බිහිවුණේ කොහොමද? කවදාද? කොහේද යන්න ගැනත් අප සැලකිලිමත් වීම ස්වභාවයකි.  ගවලෙන.. ඕනෑම දිළිඳු ගෙයක වුණත් එහි වෙසෙන්නේ කතෝලිකයෙකු නම්,ගවලෙනක් ඉදි නොවී තිබෙන්නේ නැත. ඈත අතීතයේ පටන් ඇතැම් නිවෙස්වල හා දේවස්ථානවල ගවලෙන් ඉදිවූ බවට සාක්ෂි තිබේ. එසේ වුවද නව ආරකින් ‘ගවලෙන’ නත්තලෙහි ස්ථාවරත්වයට පත්වූයේ 1223 දී බව කියැවේ. ඉතාලියේ අසීසි නුවර විසූ සාන්ත ෆ‍්‍රැන්සිස් මුනිතුමා එම ගවලෙනේ නිර්මාතෘ බව සිසිල් ජෝයි පෙරේරා පියනම විසින් රචිත ‘නත්තල් සිරිත් විරිත්’ කෘතියෙහි ද සඳහන්ය. එහි විශේෂත්වය වූයේ සැබෑ මිනිසුන් ගවලෙනෙහි චරිත නිරූපනයන් සඳහා යොදා ගැනීමය. රෝමයේ ‘පියට්සා වෙනෙට්සියා’ චතුරස‍්‍රයට නුදුරින් පිහිටි කොස්මස්දමියානු බැසිලිකාවේ ප‍්‍රදර්ශනය කෙරෙන ගවලෙන හත් වැනි සියවසට අයත්ය. අද පවා මේ ගවලෙන එහි දැකිය හැකි බව කියැවේ.


ගවලෙන ළඟින්ම සැරසෙන අනෙක් නත්තල් සංකේතය වන්නේ නත්තල් ගසය. නත්තල් ගසෙහි අතීතයද බොහෝ දිගු එකකි. නත්තල් ගසේ අතීතය 16 වැනි සියවස තෙක් ඇදී යයි. එහි මාරම්භක දේශය වනුයේ ජර්මනිය බව කියැවේ. නගර මධ්‍යයේ හෝ දේවස්ථානයක කේන්ද්‍රීය ස්ථානය නත්තල් ගස ඉදිවූ බව පොත පතෙහි සඳහන්ය. කෙසේ වුවද එහි උපත ගැන කියැවෙන කතා කීපයකි. අතීතයේ ඇතැම් ජන කොටස් ශාක ගැන තැබුවේ අපමණ භක්තියකි. එය තුකොටගෙන හොලි සහ අයිව් ශාක නිවෙසට ගෙනැවිත් සැරසූ බව කියැවේ. මේ සිරිත පසු කලෙක නත්තල් ගස දක්වා වර්ධනය වූ බව ඇතැමෙකුගේ අදහසය.

 ජර්මනියේ මෙලෙස භක්තියට පාත‍්‍රවූයේ ඕක් ගසයි. නත්තලට පෙර දින ඕක් ගස් කඳක් නිවෙසට ගෙනෙනු ලබන්නේ පිරිමින් විසිනි. එය ගිනි දල්වා එය වටකොට සිටිමින් නත්තල් ගී ගැයීමේ සිරිතක් ජර්මනියේ පැවැති බවත් පසු කලෙක නත්තල් ගසේ විකාශයට එය බලපෑ බවත් තවත් සමහරෙකුගේ අදහසය ශීත සෘතුවේදී පැළවී, දළු ලෑම පිණිස චෙරි,පෙයාර්ස් ආදී අතු ගෙනැවිත් වතුරේ දමා නිවෙස්වල තබා ගැනීම එකල තිබූ තවත් සිරිතක්. ශීත සෘතුවට පෙර මෙලෙස ගෙනෙනු ලබන අතු, දළුලන විට නත්තල් සමයේදී නිවැසියන් විසින් ඒවා සරසනු ලැබිණි. රෝස මලින්, ඇපල් හා වර්ණ කඩදාසිවලින් සැරසුණු ලැබූ මේ අතු ඉති පසු කලෙක නත්තල් ගසට ආදර්ශයක් සැපයූ බවටද මතයක් තිබේ.  නත්තල් ගසේ උපත පිළිබඳ කතාව එතැනින් හමාර නොවේ. ඇතැමුන් එහි නිර්මාතෘ ලෙස සලකන්නේ සාන්ත බොනිෆස් තුමාවය. ඉංග්‍රිසි ජාතික ධර්මදුතවරයකු වූ එතුමා ක‍්‍රි.ව. 719 දී ජර්මනියට පැමිණ තිබේ.එකල එක් නත්තලක පෙර දින රාත‍්‍රියකදී මිථ්‍යා විස්වාස හේතු කොටගෙන බිලිපූජා කරනු ලැබූ ඕක් ගසක් එතුමන් විසින් කපා දැමූ බව පැවසේ. එසැණින් එතැන මතුව ඇත්තේ ඉතා සුන්දර දිගු ලොම් සහිත හිම වැනි සුදු වර්ණයෙන්වූ ගසකි. එම ගස නව ඇදහිල්ලේ සංකේතය ලෙස බොනිෆස්තුමා විසින් හඳුන්වා දෙනු ලැබූ බව කියැවේ. නත්තල් ගස එතුමාගේ මේ ක‍්‍රියා කලාපය හේතු කොටගෙන ඇතිවූවක් බව ඇතැමෙකු පවසන්නේ මේ කතා ප‍්‍රවෘත්තියට අනුවය. නත්තල් ගසේ උපත ගැන කතා එතැනින් හමාර නොවේ. මාර්ටින් ලූතර් එහි නිර්මාතෘ ලෙස සලකන පිරිසක්ද සිටිති.

නත්තල ආසන්න, සීත රැයක තරු එළිය ගස් අතු අතරින් රිංගා එන අයුරු දුටු ලූතර් ඉන් අමන්දානන්දයට පත්විය.එහි ප‍්‍රතිඵලය වූයේ ඔහු ඉන් අත්තක් කඩා එය නිවසට ගෙන ඒමයි. තරු එළිය වෙනුවට ගෙතුළ තිබූ අතු කැබැල්ල ඔහු එළිය කිරීමට යොදාගෙන තිබුණේ ඉටිපන්දම් එළියකි. ඉන්පසු එය සැරසූ ඔහු කුඩා ළමුන්ගේ අවධානය ඊට යොමු කළ බව කියැවේ. පසු කලෙක එහි දරුවන් වෙනුවෙන් තෑගි බෝග එල්ලීමට ජනයා හුරුවූහ. නැත්නම් නත්තල් ගස පාමුල එම තෑගි තිබිණි. එහිදී සංකේතවත් වූයේ බෙදා හදා ගැනීමය. නත්තල් ප‍්‍රීතිය නැති බැරි උදවිය සමග මෙන්ම ළමුන් අතරේ බෙදා දෙන සංකේතය නත්තල් ගස බවට පත්වූයේ එලෙස යැයි ද ඇතැම්හු අදහති.


kneeling-santa

තෑගි බෝග ගැන කතා කිරීමේදී නිතෑතින්ම ඊළඟට මතකයට නැගෙන්නේ නත්තල් සීයාය. ඔහුගේ උපත සිදුවූයේ තුර්කියේ පටාරා නගරයේය. ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරමින්, විශේෂයෙන්ම දරුවන්ටද අසරණ පිරිස් වෙතද සිය කරුණාව උපරිම අයුරින් බෙදා දුන් සාන්ත නිකුලස්තුමා නත්තල් සීයාගේ නිර්මාතෘ වෙයි. තරුණ වියේදී තේවාචාර්යවරයකුව සිටියදී එතුමාගේ මව්පියන් මිය ගිය බව කියැවේ. ඔවුන්ගේ අභාවයෙන් පසු ඔවුන්ට හිමි විශාල ධනස්කන්ධය එතුමාට හිමිවූ අතර එතුමා ඒවා වැය කළේ දරුවන් හා අසරණ පිරිස් වෙනුවෙනි.

නත්තල් දිනයේදී එතුමා නිවෙස්වල දුම් කවුළුව හරහා දරු පැටවුන්ට තෑගි බෝග යැවූ බව ඉතිහාසයේ සඳහන් වේ. මෙකල ව්‍යාපාරික ප‍්‍රජාව අප වෙත මවන නත්තල් සීයා මෙන් සැබෑ නත්තල් සීයා හෙවත් ශාන්ත නිකුලස් තුමා තරබාරු අයකුනම් නොවන බවද කියැවේ. වර්තමානයේ අප ඉදිරියේ පෙනී සිටින නත්තල් සීයාගේ හැඩරුව මුලින්ම මවා ඇත්තේ ඇමරිකාවයි. ඒ දහ නව වැනි සියවසේ මුල් භාගයේදීය. දුම් පයිප්පයක් අතින් රැගෙන සිටින විනෝදාත්මක චරිතයක් ලෙස මුලින් බිහිවූ මේ නත්තල් සීයා, අද සිටිනා ස්වරූපයට පරිවර්තනය වූයේ 1870 දීය. ඒ නාට්ස් නම් වූ කාටුන් ශිල්පියා අතිනි.


CHRISTMAS5

 එක් අතකින් නත්තල, සාමයේ හා සතුටෙහි හෘදයාංගම සුබ පතා ගැනීමක් බඳුය. ඒ සුබ පැතුම් සංකේතවත් අයුරින් ඉටු කිරීමට විය යුතුය. නත්තල් සුබ පැතුම් පත බිහිවූයේ. නත්තල් සුබ පැතුම් පතෙහි අතී තය 1845 තෙක් දිව යන්නකි. එවැන්නක් නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ එංගලන්තයේ ජෝන් හෝස්ලි නමැති අයටය. ඔහු විසින් චිත‍්‍රයට නගනු ලැබූ මේ සුබ පැතුම් මුද්‍රණය කර ඇත්තේ හෙන්රි කෝල් නමැත්තා විසිනි. ඔහු වික්ටෝරියා හා ඇල්බට් කෞතුකාගාරයේ ප‍්‍රථම අධ්‍යක්ෂකවරයාව සිට ඇත. කෙසේ වුවද මේ සුබ පැතුම් මුද්‍රණය වූයේ 1846 දීය.

එහි වාණිජමය අපේක්ෂාවක්ද තිබූ බව හැඟෙන්නේ සිලිම බැගින් ඒවා අලෙවි කර ඇති බැවිනි.එම සුබ පැතුම් පතේ සිතුවම් කර තිබී ඇත්තේ ඉතා ප‍්‍රීතියෙන් නත්තල සමරණ පවුලකි. ‘ඔබට සුබ නත්තලක් සහ වාසනාවන්ත නව වසරක් වේවා’ යනුවෙන් සඳහන් කර තිබී ඇති අතර මිදි වැලක් වැනි වැලකින් චිත‍්‍රය රාමුවී ඇත. එමෙන්ම එහි මැද කොටස දෙපැත්තේ දයාවේ ක‍්‍රියාවන්ද චිත‍්‍රයට නගා ඇති බව සිසිල් ජෝයි පෙරේරා පියතුමා විසින් රචිත ‘නතතල් සිරිත් විරිත්’ කෘතියේ සඳහන් වෙයි.


http://www.slcatholics.org/%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%B3/

අඟහරු වල නත්තල් බලන්න යමු…..

Mars Reconnaissance Orbiter වල HiRISE කැමරා කණ්ඩායමට පින්සිද්ධ වෙන්න ඔන්න අපිටත් අඟහරු වල ශීත කාලය බලන්න වාසනාව ලැබිලා තියනවා.පහළ වීඩියෝව බලලා අඟහරු වල නත්තල් සතුට අත්විඳින්න.



නත්තල් ගීතයට වසර 200 යි


පුදුමයි ඇදහිය නොහෙන තරම් ඈත කාලයක පටන් ලොව පුරා එකසේ ගැයෙන මිහිරි නත්තල් ගීයක් ඔබ අසා තිබෙනවාද? කිතු තුමන්ගේ උපත සිදු වූ “ශුද්ධ වූ නිහඬ රැය” ගැන කියවෙන ilent night Holy night නමැති ගීය? එකල දෙනියාය නගරයේ කඳු ගැටයක් මුදුනේ පිහිටි ශා. ජෝශප් දේවස්ථානයේ සිට ගැයුණු ඒ කැරොල් ගී අප මිමිණුවේ ඒවායේ අකුරක් හෝ අරුතක් හෝ නොදැන දැනගෙන නොවේ.  දශක කිහිපයකට පසු ඒ මතකය යළි අවදි වූයේ ‘ඉරිදා ලක්බිම’ කතුතුමන් හා මේ ගීය පිළිබඳ කළ කතා බහේදීය.
සැබැවින්ම ‘සයිලන්ට් නයිට්’ වසර 199ක් පැරණි ගීයකි. එය ලියා ඇත්තේ ක්‍රි.ව. 1816දීය. ඒ අනුව ලබන වසර වෙද්දී මේ ගීයේ වයස අවුරුදු 200කි.
ඉතිහාසගත කරුණු අනුව මේ ගීයේ ප්‍රබන්ධකයා ජෝසප් මෝර් නමැති සහායක කතෝලික පාදිලිතුමෙකි. ගීය ලියද්දී විසි හතරවැනි වියේ පසු වූ ඔහුට පූජකවරය ලැබි ගතව ඇත්තේ යන්තම් වසරක් පමණි.
ගීතයේ තනු නිර්මාණ ශිල්පියා ෆ්‍රෑන්ක් සේවර් ගෲබර් (1787-1863) නමැති සංගීත ගුරුවරයෙකි. පෙහෙකරුවෙකු වූ ඔහුගේ පියාගේ අඩි පාරේ යනු වෙනුවට හේ පියානෝ වාදනයේ දක්ෂ සංගීත ගුරුවරයකු වූ බව සඳහන්ය.
මේ තොරතුරු හෙළි වන්නේ 1995දී සොයා ගත් පැරණි ‍ලේඛන වලිනි. ජෝශප් මෝර්ගේ අත්සන සහිත එම ‍ලේඛනවල සඳහන් කරුණු ඉතිහාසඥයන් විසින් සනාථ කරනු ලැබ ඇත.
සයිලන්ට් නයිට් ගීතය මුල් වරට ගයා ඇත්තේ 1818 වසරේ දෙසැම්බර් 24 වෙනිදා ඔස්ට්‍රියාවේ ඕබෙන්ඩෝෆ්හි ශාන්ත නිකොලා දේවස්ථානයේ මැදියම් රෑ නත්තල් දේව මෙහෙයේදීය. එහි වූ පියානෝව මීයන් විසින් කා තිබූ හෙයින් එදින ගීයට සංගීතය සැපයීමට සිදු වූයේ වයලීනයකින් බව ඇතැම් වාර්තාවක දැක්වේ. දෙදෙනකු ගීය ගයද්දී ගෲබර් මෝර්ද ඊට අත්වැල් ගයා ඇත. එදින එම දේවස්ථානයේ රැස්ව සිටි පිරිසෙන් බහුතරය නැව්වල කම්කරුවන්, බෝට්ටු තනන්නන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝය.
මේ නිර්මාණකරුවන් ජීවත් වූ ප්‍රදේශ දෙකෙන් ඇරඹි පල්ලිවල මේ ගීය ගායනා කෙරී ඇත්තේ එහි නිමැවුම්කරුවන් අමතක කරමිනි. එහි ඉතිහාසය සෙවීම ඇරඹෙන්නේ 1854දීය.
1834දී බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජින තම වල්ලභයා ජර්මන් ජාතික ඇල්බට් කුමරු වින්ඩ්සර් මාලිගයට කැන්දාගෙන ආවේ නත්තල් ගස හා කැරොල් සම්ප්‍රදාය යළි එරටට හඳුන්වා දෙමිනි. 1837 වන විට මුද්‍රිත ‍පොත පතට හොඳ ඉල්ලුමක් තිබුණි. ඒ අතර The Book of Christmas  හා බයිබලයද තිබි ඇත. ජනතාව අතර කිතු දහම ජනප්‍රිය වූ අතර සයිලන්ට් නයිට් ගීයද ඔවුන් මුවගින් ගැයුණු බව පෙනේ.
1866 සැල්ස්බර්ග් ප්‍රදේශයේ පල්ලියේ ගීතිකා ‍පොතකට සයිලන්ට් නයිට් ගීතය අඩංගු කර ඇතැයි පැවසේ. එහෙත් ඊට පෙර එනම් 1832දී ලිප්සිග්හිද 1839දී නිව්යෝක් හිද මේ ගීතය ගැයුනු බව පෙනේ.
මෙහි මුල් ගීය ඇත්තේ ජර්මන් බසිනි. එය ඇරඹෙන්නේ Stille Nacht Heilige Natch යනුවෙනි. මුල් ගීයේ තනුව එලෙසින්ම ලෝකය පුරා අතිශයින්ම ජනප්‍රිය වී ඇත. 1914යුද සමයේදී බ්‍රිතාන්‍ය හා ජර්මන් සෙබළුන් විවේක ලද අවස්ථාවලදී ගයා ඇත්තේ මේ ගීයයි. ඔවුන් දැන සිටි එකම කැරොල් ගීය එය වූ බව පැවසේ.
අද වන විට සයිලන්ට් නයිට් ගීය භාෂා 300කට අධික ප්‍රමාණයකට පරිවර්තනය වී ඇත. නත්තල් සමයේ ලොව පුරා මේ ගීය ගැයෙන වැයෙන වාර ගණන මතෛකැයි කිව නොහැකි තරම්ය. මේ ගීය වෙනුවෙන් වබේ අඩවියක්ද වෙන්වී ඇති බව පෙනේ. එහි භාෂා 142කින් ගීයේ විවිධ අනුවාදයන් 227ක් අන්තර්ගත වේ.
නත්තල් සමයේ සුලභව අසන්නට ලැබෙන තවත් ගීත කිහිපයක්ම ඇත. ඒ අතරින් අප වැඩිපුරම අසා තිබෙන්නේ එක් අසෙකු බැඳි හිම කරත්තයක්’ පිළිබඳ කියවෙන ගීයක් බව පැවසුවහොත් ඒ කවරක්දැයි ඔබ මඳක් කල්පනා කරනු ඇත. එහෙත් ජිංගල් බෙල්ස් යැයි කිවහොත් ඒ සැණෙන් ඔබට ඒ ගීය සිහිපත් වනු නොඅනුමානය.
ජිංගල් බෙල්ස් ගීතයටද ඇත්තේ වසර 165ක් තරම් දිගු ඉතිහාසයකි. එය ලියා ඇත්තේ මෙඩ්ෆෝඩ්  (මැසවුසෙට්ස්) පෙදෙසේ වාසය කළ ජේම්ස් ලෝඩ් පියර්‍පොන්ට් (1822-1839) නමැත්තෙකු බව බොස්ටන් කියුරියෝසිටීස් (173පිට) නමැති ‍පොතේ සඳහන්ය. සම්ප්‍රදායික දේවවාදයට හා වහල් මෙහෙයට එරෙහි පවුලකින් පැවතෙන ඔහුට මේ ගීතය ලිවීමට උත්තේජනය වී ඇත්තේ එම නගරයේ වාර්ෂිකව පැවැත්වුණු හිම කරත්ත ධාවන තරගයි. එකල නවාතැන්‍පොළක් වූ සිම්සන්ගේ තැබෑරුමේ සිට ඔහු මෙය රචනා කර ඇත. නගරයේ තිබූ එකම පියානෝව තිබි ඇත්තේද එහිය.
 මෝටර් රථ නාදය පරිසරය හැඬවීමට පෙර වූ ඒ යුගයේ ශීත තාලයේදී මාවතේ ඇසෙන්නට ඇත්තේ හිම කරත්තවල බැඳි අසුන් සැරසීමට හා උන් එකිනෙකා ගැටීම වැළැක්වීමට යොදා තිබූ පටිවල එල්ලා තිබූ ගෙජ්ජි හෝ සීනු හෝ සෙලවෙන නාදයි. හිම මත ලිස්සා යන කරත්තයකින් නැගෙන අන් හඬක් නැත. තරුණයකු එක් අසෙකු විසින් ඇදගෙන යනු ලබන විවෘත කරත්තයක් ශීතල හිම මත වේගයෙන් පැදයාමේ ඇති චමත්කාරජනක බව පියර්‍පොයින්ට් මේ ගීයෙන් අපූරුවට චිත්‍රනය කර ඇත.
ජේම්ස් පියර්‍පොයින්ට් මේ ගීය රචනා කර ඇත්තේ පාදිලිවරයෙකු වූ තම සොයුරු ජෝන් පියර්‍පොයින්ට් සේවය කළ පල්ලියේ ඉරිදා පාස‍ලේ තුති පිදීමේ දින උත්සවයකට බව ඇතැමෙකුගේ විශ්වාසයයි. එහෙත් ඉතිහාසඥයන් එම මතය ප්‍රතික්ෂේප කරන්නේ මේ ගීය ළමයින් කණ්ඩායමක් සඳහා නොගැළපෙන බව පෙන්වා දෙමිනි.
ඇමෙරිකානු නත්තල් ගීයක් ලෙස ජනාදරය දිනා ඇති ජිංගල් බෙල්ස් ගීතය එකල ජනප්‍රියව ඇත්තේ මත්පැන් සාදයන්හිය. මේ ගීයේ තාලයට ඔවුන් තම මධු බඳුන් සොලවමින් ඒවායේ වූ අයිස් කැට හඬ නැංවූ බව සඳහන්ය.
1850 ලියැවුණු  ජිංගල් බෙල්ස්හි ‍ලේඛක අයිතිය තහවුරු කෙරෙන්නේ 1857 සැප්තැම්බර් 16 වෙනිදාය. ඒ ‘One Horse Open Sleigh  නමිනි. 1859 දී එය‘Jingle Bells, or the One Horse Open Sleigh ලෙස ප්‍රකාශන අයිතිය යළි තහවුරු කරගෙන ඇත.
ජේම්ස් පියර්‍පොයින්ට්ගේ සිරුර මිහිදන් කර ඇති ජෝර්ජියාවේ සෙවනාහි පිහිටි සුසාන භූමියේ ‘Jingle Bells’යනුවෙන් ලොකු අකුරෙන් සඳහන් කෙරුණු සොහොන් ස්මාරකයකි. එහි ඔහු පිළිබඳ තොරතුරු සටහන් කර ඇත. මේඩ්ෆර්ඩ්හි වීථියක සිම්ප්සන් තැබෑරුම පිහිටා තිබුණු බව කියවෙන ස්ථානයේ ද සමරු ඵලකයක් ඇත. ජිංගල් බෙල්ස් ගීය ලියවුණු ස්ථානය එය බව එහි සඳහන්ය.
ජිංගල් බෙල්ස් ගීතය එකල රට පුරා අසන්නට ලැබි ඇත්තේ ග්‍රැමර්ෆෝන් තැටි හා ගුවන්විදුලි මාධ්‍යයන්ගෙනි. එය පටිගත කෙරී ඇත්තේ 1898 දී බව සඳහන්ය. බින් කේ‍රාස්බි හා ඇන්ඩෲ සොයුරියන් 1943 දී කළ මේ ගීය සහිත තැටි මිලියනයක් විකිණී ඇත.
ගීයේ තාලයට බුරන බල්ලන්ගේ හඩ සහිත ජිංගල් බෙල්ස් ගීයක් ද ඔබ අසා ඇතුවා නිසැකය. එය පටිගත කර ඇත්තේ ඩෙන්මාකයේ දොන් චාල්ස් විසිනි. 1955 දී පටිගත කළ එම ගී තැටි ද මිලියනයකට වඩා අලෙවිව ඇත. පසුව සිනා හඬ ආදි විවිධ හඬ සංකලනයන්ගෙන් යුතුව ජනප්‍රිය වූ මේ ගීය නොගැයු ගායකයෙකු හෝ සංගීත කණ්ඩායමක් ලෝකයේ නැති තරම්ය.
ජිංගල් බෙල්ස් තවත් අද්විතීය වාර්තාවකට හිමිකම් කියයි. ඒ අභ්‍යවකාශයේ සිට විකාශය කෙරුණු පළමු ගීතය බවට පත්වීමෙනි. 1965 දෙසැම්බර් 16 වෙනිදා ජෙමිනි 6 අභ්‍යවකාශ යානයේ සිට මේ ගීය විකාශය කරනු ලැබ ඇත.
නත්තල් කාලයේ  කලඑළියට එන කැරොල් ගීතයක් සේ පෙනෙන ජිංගල් බෙල්ස් ගීයේ ඇති අපූර්වත්වය වන්නේ නත්තල් හෝ ජේසු උපත පිළිබඳ හාංකවිසියක්වත් එහි අන්තර්ගත නොවීමයි. බොහෝ අවස්ථාවල නත්තල් සීයා නිරූපණය වන්නේ ද මේ ගීතය සමග බව පෙනේ. එහෙත් ගීතයෙන් කියවෙන කතන්දරයට මේ කිසිවක් සම්බන්ධ නැත. හිම යානයේ පසෙකින් හිඳගත් තරුණියක නිසා සමබරතාව ගිලිහී සිදුවන අකරතැබ්බය කියවෙන එයින් මතුකෙරෙන්නේ හාස්‍ය රසයකි.
ප්‍රංශයේ හා ජර්මනියේ ජිංගල් බෙල්ස් නාද මාලාව එලෙසින්ම යොදාගැනේ. එහෙත් ඊට යොදා ඇත්තේ ඉංග්‍රීසි ගීතයට වඩා හාත්පසින්ම වෙනස් අරුත් දෙවන පදවැල්ය. වෙනස් අරුත් දෙවමින් ලොව කොතැන කවර බසකින් ගැයුනත් මේ ගීතයට රසිකයන් අඩු නැත. ඒ හැම ගීයකින්ම මතුවෙන්නේ උද්වේගකර විනෝදාස්වාදයක්මය.
සියවසකට එපිට කාලයේ පබැඳි මේ ගී මෙතරම් කලක් තිස්සේ පවතී යැයි ඒවායේ නිර්මාණකරුවන් කිසිසේත් නොසිතන්නට ඇත. එසේ බලන කල්හී සංගීතය වනාහි නිශ්චිත භාෂාවකට හෝ රාමුවකට හෝ කොටු වූ හඬ නැගීමක් නොවන බව පැහැදිය. මේ ඉපැරණි නත්තල් ගී අපට පවසන්නේත් ඒ කතාවම නොවේද..?

දීපිකා ප්‍රියදර්ශනී
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=48625&catid=61&Itemid=77

කවුද මේ නත්තල් සීයා?

නත්තල් සීයා යනු නත්තලේ අසිරියයි. නත්තලේ සංකේතයයි. අපේ රටේ බොහෝ විට දකින්න ලැබෙන්නේ සීයා කෙනකු නොව සීයා කෙනකුගේ වෙස් මුහුණක් පැලඳ නගරබද සුපිරි වෙළඳ සලක් ඉදිරිපිටට වී බැලූම් බෝල අතින් එල්ලා ගෙන පොඩිත්තන්ට අත වනමින් ගැහැනු ළමයින්ට උසුළු විසුළු කරමින් ඉන්නා තැනැත්තෙකි. සැන්ට ක්ලෝස් හෙවත් නත්තල් සීයා, ශාන්ත නිකලස්, ෆාදර් ක‍්‍රිස්මස් (නත්තල් පප්පා), කි‍්‍රස් කි‍්‍රන්ගල් කියා හෝ නිකම් ම ‘සැන්ටා’ කියා හෝ හැඳින්වෙයි. බොහෝ බටහිර රටවල මේ චරිතය හඳුන්වන්නේ දෙසැම්බර් 24 වැනිදා, එනම් නත්තලට පෙරදා හැන්දෑවේ හෝ සාන්ත නිකලස් පියතුමාගේ මංගල්‍යය යෙදෙන දෙසැම්බර් 6 වැනිදා තෑගි බෝග ගෙනෙන සුවිශේෂ පුද්ගලයකු ලෙසය.



අද අපි නත්තල් සීයා ලෙස දකින්නේ ලොකු උදරයක් ඇති සුදෝසුදු රැවුලක් ඇති සිනහ මුසු මුහුණින් සිටින රතු කබායකින්, කලිසමකින් හා කළු පැහැ බූට් සපත්තු කුට්ටමකින් පැලඳි මහල්ලෙකි. අප අද දකින මේ නත්තල් සීයා කරළියට ආවේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. ඒ 19 වැනි ශතවර්ෂයේදීය. නත්තල් සියාගේ මෙම පෙනුම ඔහුට ලබාදීමට මුල් වූයේ විකට හා දේශපාලන කාටූන් ශිල්පියකු නිසාය. මෙම කාටූන් ශිල්පියා තෝමස් නෙස්ට්ය. 1863 දී ඔහු ‘හාපර්ස් වික්ලි’ සඟරාවේ පළ වූ ඔහුගේ කාටූන්වලට ඇන්දේ අද අපි දකින ආකාරයේ නත්තල් සීයා කෙනෙකි. පසුව මෙම නත්තල් සීයාගේ මෙම ප‍්‍රතිරූපය පොත්පත් සඟරා, රූපවාහිනියට හා චිත‍්‍රපටවලට යොදා ගැනිණ. එක්සත් රාජධානියේ හා යුරෝපයේ නත්තල් සීයාගේ හැඩරුව හා ස්වරූපය ද මීට සමාන විය. නමුත් එම රටවල නත්තල් සීයා එසේත් නැතිනම් ‘සැන්ටා ක්ලෝස්’ යන නමින් ඔහුව හැඳින්වූයේ නැත. යුරෝපීයයන් ඔහුව පොදුවේ හැඳින්වූයේ ‘ෆාදර් කි‍්‍රස්මස්’ හෙවත් ‘නත්තල් පප්පා’ යනුවෙනි. ගී‍්‍රසියේ හේජියෝ නිකොලෝස්, නෙදර්ලන්තයේ සින්ටර් ක්ලාස්, ඉතාලියේ බේබෝ නටාලේ, ස්පාඤ්ඤයේ පපා නොයෙල්, මොරොක්කෝ බ්ලැක් පීටර්, ප‍්‍රංශයේ පීරේ නොයෙල්, නෝර්වේවල පා නෝස්ක්, ජපානයේ සැන්ටා නෝ ඔජිසාන්, රුසියාවේ ග‍්‍රෑන්ඞ් ෆාදර් ෆ්රොස්ට්, චීනයේ ෂෙන්දාන් ලා ඕරෙන් ආදී විවිධ නම්වලින් නත්තල් සීයා හඳුන්වනු ලබයි.

නත්තල් සීයා ගැන පුරාවෘත්ත රැසක් ඉතිහාසයට එක් වී තිබේ. එයින් එක් ප‍්‍රවාදයකට අනුව ඔහු ජීවත් වන්නේ සදා හිමෙන් වැසුණු උතුරේ ඈත කෙළවරේය. මෙහි ඇමෙරිකානු ප‍්‍රවාදයට අනුව සැන්ටා ක්ලෝස් (නත්තල් සීයා) වාසය කරන්නේ උත්තර ධ්රුවයේය. යුරෝපීයන්ගේ ප‍්‍රවාදයට අනුව ‘ෆාදර් කි‍්‍රස්මස්’ එනම් ‘නත්තල් පප්පා’ ජීවත් වන්නේ ලැප්ලන්තයේය. අනෙක් තොරතුරු අනුව ඔහු විවාහකයෙකි. බිරිඳ වූ ක්ලෝස් මහත්මිය සමග ජීවත්වෙයි. ඔහුගේ රාජකාරිය වන්නේ තම බිරිඳ හා එක්වී ළමයින්ගේ හැසිරීම අනුව ලැයිස්තු සකස් කිරීමයි. ඒ අනුව හොඳ ළමයින් කවුරුන්දැයි තෝරා බේරාගෙන ඔවුන්ට තෑගි ලබාදීමයි. මෙම තෑගි අතර ඇත්තේ සෙල්ලම් බඩු සහ රස කැවිලිය. දඟ කරන නරක ළමයින්ට තෑගි වශයෙන් ඔහුගෙන් හිමිවන්නේ ගල් අඟුරු කැට සහ කෝටු කැබලියි. මේ කාර්යය ඉටු කිරීමට නත්තල් සීයා ලොව වටා යන්නේ පිනිමුවන් අටක් හෝ නවයක් බැඳි හිම කරත්තයකිනි. මෙසේ හිම මතින් ලිස්සා යන ආකාරයට හිම කරත්තයේ නැඟී අහසින් යමින් නත්තල් දා ලොව පුරා සිටින ළමයින්ට තෑගි බෙදා දෙයි. මෙම කාර්යයේ දී නත්තල් සීයාට එල්ව්ස් නම් මායාකාරී කුරුමිට්ටන්ගේ සහය ලැබෙයි. ළමයින්ට දෙන සෙල්ලම් බඩු තනනු ලබන්නේ මේ පුංචි සහයකයන් විසිනි.

මෙසේ සැන්ටා ක්ලෝස් ගැන විශ්වාසයක් දරුවන් අතර පැතිරවීම ගැන විරෝධතාවක් ද අනාදිමත් කාලයක් තිස්සේ පැවත එයි. ඇතැම් කි‍්‍රස්තියානුවන් පවසන්නේ සැන්ටා සම්ප‍්‍රදාය ආගමික මුලයන්ගෙන් පිට පැන නත්තලේ සැබෑ අරුත යටපත් කරන්නක් ලෙසයි. සමහර අය කියන්නේ සැන්ටා ක්ලෝස් යනු අමූලික බොරුවත් බවත් එවැන්නකු සැබැවින් ම ජීවත්වෙතැයි  විශ්වාස කරන්නට දෙමාපියන් විසින් සිය දරුවන් පෙලඹවීම සදාචාර විරෝධී මහා අපරාධයක් බවයි.   

නත්තල් සීයා ගැන ලොවට තොරතුරු රැසක් හෙළි කර ඇති ෆිලීස් සීෆ්කර්ට අනුව ළමයි ඒ දිනයේ දී ඔවුන්ගේ බූට් සපත්තු කැරට්, පිදුරු හා සිනි ආදියෙන් පුරවා ඒවා නිවසේ දුම් කවුළුව අසලින් තබති. ඒ ඔඩින්ගේ අශ්වයාට බුදිනු පිණිසය. ඒ ගැන සතුටට පත් වන ඔඩින් අශ්වයාට දෙන දේ වෙනුවට රසකැවිලි හෝ වෙනත් තෑගි ඒ සපත්තු තුළට දමයි. මේ පැරණි පුරුද්ද ජර්මනිය, බෙල්ජියම හා නෙදර්ලන්තය යන රටවලට කි‍්‍රස්තියානිය පැමිණි පසුව ද ඔවුන් අත් හැර ගියේ නැත. කි‍්‍රස්තියානි ආගමනයත් සමග මෙය සාන්ත නිකලස්ට ආදේශ කරනු ලැබීය. මේ පුරුද්ද අනුව අදත් ඒ රටවල සමහර අය නිවසෙහි දුම් කවුළුව අසලින් මේස් එල්ලා තබති.

මෙම පුරුද්ද එක්සත් ජනපදයට ආවේ නිව් ඇම්ස්ටර්ඩම් නම් ලන්දේසි ජනපදය පිහිටුවාලීමත් සමගය. 17 වැනි සියවසේ දී බි‍්‍රතාන්‍යයන් විසින් එය අල්ලා ගැනීමටත් පෙරාතුවය. නිවසේ ගිනි මැලය අසල මේස් එල්ලා තැබීම එකල සිරිත විය. ඔස්ටි‍්‍රයාවේ හා ඉතාලියේ බොහෝ ප‍්‍රදේශවල සාන්ත නිකලස් දිනයේ දී ළමයින්ට රස කැවිලි හා තෑගි බෙදා දීම අදත් පවතින සිරිතකි. මෙය සිදු කරන්නේ කතෝලික දින දර්ශනය අනුව දෙසැම්බර් 6 වැනිදාට යෙදෙන සාන්ත නිකලස් දිනයේ දී  ය.

ජර්මනියේ පූර්ව කි‍්‍රස්තියානි සමයේ පැවැත්වුණු ශීත කාලයේ උත්සවවලින් වත්මන් යුගයේ උත්සවවලට ලැබුණු තවත් ආභාසයන් ගණනාවක් ම තිබේ. කි‍්‍රස්මස් හැම්, යූල් ගෝට්, යූල් ලොග් හා නත්තල් ගස ඉන් කීපයක් පමණි. 

යුරෝපයේ ඇල්ප්ස් කඳුකරය ආශී‍්‍රත රටවල පූර්ව කි‍්‍රස්තියානි සාම්ප‍්‍රදායයන්හි බලපෑම නිසා සාන්ත නිකලස්ගේ සගයකු ලෙස ක්රැම්පස් නම් චරිතයක් බිහි විය. තරුණයන් ක්රැම්පස්ලා මෙන් වෙස් ගෙන දෙසැම්බරයේ පළමු දෙසතිය තුළ, විශේයෙන් ම දෙසැම්බර් 5 වැනිදා හැන්දෑවේ, මල බැඳුණු දම්වැල් හා සීනු රැගෙන වීදි බැස ළමයින් බියට පත් කිරීම සඳහා සැරිසරනු දැක ගත හැකිය.

නෙදර්ලන්තයේ හා බෙල්ජියමේ සාන්ත නිකලස් හැඳින්වෙන්නේ ‘ඩි ජියොඞ් සින්ට්’ හෙවත් ‘මිතුරු සාන්තුවරයා’ ලෙසයි. මෙහි දී පැවැත්වෙන පෙරහැරේ දී ඔහුගේ උදවුකාරයා ලෙස එන්නේ ‘ස්වාට් පීට්’ හෙවත් ’කළු පීටර්’ නම් අයෙකි. මෙහි දී ද ජර්මන් ප‍්‍රවාදවල එන ඔඩින් දෙවියාගේ ලක්ෂණ හමුවේ. දිගු රැවුලක් ඇති, තොප්පියක් හා හෙල්ලක් (දැන් නම් යෂ්ටියක්) අතින් ගෙන එන මේ සාන්ත නිකලස් සමග නරක ළමයින් අල්ලා ගෙන යාම සඳහා සේවකයන් විසින් ඔසවා ගෙන එන මල්ලක් ද කැටුව එයි. ඔඩින් මෙන් ම සාන්ත නිකලස් ද එන්නේ සුදු අසු පිටිනි. එතුමාගේ කළු පීටර් නම් සේවකයා ළමයින්ට රූන් හෝඩියේ අකුරුවල හැඩ ඇති රස කැවිලි බෙදන්නේ ය. ඒ පුරාණ අක්ෂර මාලාව නිර්මාණය කර ඇත්තේ ඔඩින් දෙවියා විසිනැයි කියැවේ. මේ උළෙල පවත්වද්දී ළමෝ පද්‍ය කලාවට අධිපති ඔඩින් දෙවියන් වෙනුවෙන් තැනූ ගීතිකා ගායනා කරති.

සාන්ත නිකලස්තුමන්ගේ සේවකයන් ගැන පහදා දීමට ද විවිධ කතා තිබේ. එහි පැරණි ම කතාවට අනුව උදව්කාරයන් සංකේතවත් කරන්නේ ඔඩින්ගේ හගින් හා මුනින් යන කාකයන් දෙදෙනාය. අවට සිදු වන්නේ කුමක් දැයි සොයා බලා ඔඩින්ට වාර්තා කරන්නේ ඒ දෙදෙනා ය.

තවත් කතාවකට අනුව සාන්ත නිකලස් මයිරාහි වෙළෙඳපොළේ දී විකිණීමට ගිය ඉතියෝපියානු කළු වහල් දරුවකු බේරා ගනියි. ඔහුට පීටර් යන නම තබයි. නිකලස්තුමන් ගැන පැහැදුණු දරුවා එතුමාට සේවය කරන්නට ඉදිරිපත් වෙයි. අද නව මුහුණුවරක් ගෙන ඇති සේවකයන් පැලඳ සිටින්නේ ද කළු වෙස් මුහුණුය. දුම් කවුළුවලින් රිංගා යන නිසා දැලි තැවරීමෙන් කළු පැහැගැන්වූ බවක් එහි දී සංකේතවත් වෙයි.

දෙවන ලෝක සංග‍්‍රාමය වන තෙක් නිකලස්තුමන්ට සිටියේ එක් සේවකයකු පමණය. 1945 දී නෙදර්ලන්තයේ පාලනයෙන් මිදුණු කැනේඩියානුවෝ යළිත් ළමුන් වෙනුවෙන් සැන්ටක්ලාස් උළෙල අරඹද්දී සම්ප‍්‍රදායයන් ගැන නොදැන එක් සේවකයකුට වඩා සේවකයන් ගණනාවක් සිටීමෙන් වඩා විනෝදයක් සැපයිය හැකියැයි සිතා ‘කළු පීටර්’ලා පිරිසක් යොදා ගත්හ. 

පල්ලියේ ඉතිහාසයට හා ඒ ආශි‍්‍රත ප‍්‍රවාද අනුව තෑගි ගෙනෙන ‘නත්තල් පප්පා’ නම් බි‍්‍රතාන්‍ය චරිතය ම පසුව බි‍්‍රකාන්‍යයන් හා ඇමෙරිකානුවන් සැන්ටා ක්ලෝස් බවට පත් කර ගත් බව සඳහන්ය. බි‍්‍රතාන්‍යයේ නත්තල් පප්පාගේ ඉතිහාසය 17 වන සියවස තෙක් දිව යන්නකි. ඔහුගේ පැරණි ම චිත‍්‍ර පවා ඒ යුගයට අයත් ය. ඒ අනුව ඔහුට කොළ පැහැති ලෝම සහිත දිගු ලෝගුවක් හා දිගු රැවුලක් ද ඇත. නත්තලේ පී‍්‍රතිය ඔහු වෙතින් නිරූපණය විය. සම්භාව්‍ය ඉංගී‍්‍රසි ලේඛකයකු වූ චාල්ස් ඩිකන්ස්ගේ ‘‘කි‍්‍රස්මස් කැරොල්’ හී එක් තැනක නත්තල් තෑගි ගෙන එන කුරුමිට්ටකු ගැන සඳහන් කර තිබේ. 

වෙනත් රටවල මේ සාන්ත නිකලස්ගේ චරිතය ජනකතා සමග මුසු කොට වෙනත් ආකාරවලින් ද පණ ගන්වා තිබේ. නිදසුනක් වශයෙන් නෝර්දික් රටවල දී නත්තල් කාලයට තෑගි ගෙන ආවේ යූල් නම් දිගු අං සහිත එළුවෙකි.

කෙසේවෙතත්, 1840 ගණන්වල ඩෙන්මාර්කයේ දී මෙසේ නත්තල් තෑගි ගෙනාවේ නෝර්දික් ප‍්‍රවාදවල ආ ‘ටොම්ටේ’ හෝ ‘නිසේ’ යන නම්වලින් හැඳින්වුණු එල්ෆ් නම් කුරුමිට්ටෙකි. ‘ටොම්ටේ’ නිරූපණය කෙරුණේ රතු තොප්පියක් හා අලූ පැහැති ඇඳුමකින් සැරසුණු දිගු රැවුලක් ඇති මිටි අයකු ලෙසය. පැරණි ජනප‍්‍රවාදයකින් බිහි වූ මේ නව නත්තල් සීයා, සැන්ට ක්ලෝස් සාම්ප‍්‍රදායන්හී අභාසය ලබමින් දැන් ස්කැන්ඩිනේවියානු රටවල ව්‍යාප්ත වෙමින් පවතී. 19 වැනි සියවසේ අවසානයේ දී ‘යූල්’ වෙනුවට ආදේශයක් වශයෙන් මේ සාම්ප‍්‍රදාය නෝර්වේ හා ස්වීඩනය යන රටවල ද පැතිර ගියේය. ෆින්ලන්තයේ ද මේ දේ ම සිදුවිය. අං සහිත යූල් එළුවා වෙනුවට වඩා මනුෂ්‍යත්වයට සමීප චරිතයක් එක් විය. තෑගි ගෙන ආ යූල් එළුවා දැන් අභාවයට ගොස් ඇති අතර ඒ වෙනුවට ‘පිදුරු එළුවා’ තවමත්  ස්කැන්ඩිනේවියානු රටවල නත්තල් සැරසිලිවලට එක්වනු දැකිය හැකිය.

පසුව එක්සත් ජනපදය බවට පත් වූ මුලින් උතුරු ඇමෙරිකාවේ බි‍්‍රතාන්‍ය ජනපදවල දී තෑගි බෙදන චරිතයේ බි‍්‍රතාන්‍ය හා ලන්දේසි මුහුණුවර යළිත් මතු විය. නිදසුනක් වශයෙන් 1809 දී පළ වූ වොෂිංටන් අර්වින් ලියූ ‘නිව්යෝක් ඉතිහාසය’ නම් කෘතියෙන් සින්ටෙක්ලාස්ට ඇමෙරිකානු මුහුණුවරක් දී ‘සැන්ටා ක්ලෝස්’ නමින් දක්වා තිබුණි. එහෙත් එහි දී බිෂොප් ලෝගුව ඔහුගෙන් ගිලිහී තිබුණි. ඔහුව මුලින් චිත‍්‍රණය කර තිබුණේ ශීත කාලයට අඳින කොළ පැහැති කබායක් පැලඳි, පයිප්පයක් අතැතිව සිටි ලොකු උදරයක් ඇති ලන්දේසි නැවියකු ලෙසයි. අර්වින්ගේ පෙතෙහි ඔහු මෙසේ විකට අයුරින් නිරූපණය කර තිබුණේ  උපහාසයක් ද මතු කරමිනි.

19 වැනි සියවසේ අවසාන භාගයේ දී නෝර්වේ රටේ ෆින්මාක්හී සිට ඇලස්කාවට ආ සාමි ජනතාව ආවේ පිනිමුවන් 500ක් සමගය. ඒ ඇලස්කාවේ විසූ ස්වදේශිකයන් වූ ඉනියුට් (එස්කිමෝවරුන්) ජනතාවට පිනිමුවන් ඇති කරන හැටි ඉගැන්වීමටය. ලෝමන් සමාගම සාමිවරුන් කීප දෙනකු සමග පිනිමුවන් යොදා ගෙන ප‍්‍රචාරක වැඩ සටහනක් දියත් කළ අතර ඊට ස්ලෙජ් එකක සැන්ටා හිඳුවා පිනිමුවන් විසින් අදින ජවනිකාවක් ද ඇතුළත් විය. පිනිමුවන් දක්කා ගෙන ගියේ සාමිවරුන් ය. පිනිමුවන් සමග උත්තර ධ්රුවයෙන් ආ ‘නත්තල් සීයා’ උපන්නේ මෙසේය. 


1902 දී පළ වූ ළමා පොතකින් සැන්ටා ක්ලෝස් වඩාත් ජනපි‍්‍රයත්වයට පත් විය. ඒ එල්. ෆ්රෑන්ක් බෝම්ගේ ‘ද ලයිෆ් ඇන්ඞ් ඇඞ්වෙන්චර්ස් ඔෆ් සැන්ටා ක්ලෝස්’ නම් පොතෙනි. සැන්ටා ක්ලෝස්ගේ ප‍්‍රවාදය ඒ වන තදින් නිර්මාණය වී නොතිබුණු නිසා බෝම්ට එය තමන්ට රිසි පරිදි සකසා ගැනීමට අවස්ථාව පෑදුණේය. ඔහු ඒ නිසා සිය නත්තල් සීයා, ‘නෙසිල්ගේ කුඩාවා’ යන අරුතින් ‘නිකලස්’ යනුවෙන් නම් කළේය. ඔහුගේ නිවස පිහිටියේ හෝහාහෝහී සිනාසෙන නිම්නයෙහි බවත් පිනිමුවන් දස දෙනාට පියාඹන්නට නොහැකි අතර උස් වැටි අතරින් ලිස්සා එන සෙයක් ඔහුගේ නිර්මාණයෙහි දක්වා තිබුණි.

දැන් කිර්ගිස්තානයේ කඳු මුදුනක් ද සැන්ටා ක්ලෝස් නමින් නම් කර තිබේ. ළමයින් පිනවීම පිණිස නත්තල් සියාගේ නමින් අලූත් දෑ නිරන්තරයෙන් ම එක්වෙයි. සැන්ටාගේ චරිතය පාදක කර ගෙන සිනමා හා ටෙලි නිර්මාණ රැසක් ද බිහි වී තිබේ. එසේ ම ටෙලි නාට්‍ය ද විශාල ගණනක් තනා ඇත. අන්තර් ජාලය හරහා නැරඹිය හැකි නත්තල් සීයාට වෙන්වුණු වෙබ් පිටු රැසක් ද තිබේ. 

Read more: http://www.malkakulu.com/2011/12/blog-post_24.html#ixzz3uwZFfyHi


http://www.malkakulu.com/2011/12/blog-post_24.html

Monday, December 21, 2015

ලොව වටා නත්තල් ~ බොන් - බොන් වාසනාවන්තයා

නත්තල් රතිඤ්ඤා එහෙමත් නැත්නම් බොන්-බොන් ගැන තමයි දැන් කියන්න යන්නෙ. හැබැයි මේවා අපි පත්තු කරන රතිඤ්ඤාවලට වැඩිය ගොඩක් වෙනස්.
කාඩ්බෝඩ් බටයක් (ටියුබ් එකක්) ටොපියක් වගේ ඔතලා තමයි මෙය සකස් කරන්නේ. දෙදෙනෙක් එකතු වෙලා මෙහි දෙපැත්තෙන් අදින්න ඕනෙ.
එතකොට තමයි මේ රතිඤ්ඤා එක පිපිරිලා එහි කෑලි 2 අර දෙදෙනා අතට යන්නෙ. මේ අතරින් දිග කෑල්ල හිමි වෙන කෙනා වාසනාවන්තයා වනවා. මොකද එහි විශේෂ ත්‍යාගයක් අඩංගු වන නිසා. එක්සත් රාජධානිය හා තවත් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් කිහිපයක තමයි මෙම චාරිත්‍රය දක්නට ලැබෙන්නේ.