V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Monday, January 11, 2016

තබ්ලාවෙන් ශිල්ප දක්වන පුංචි හපනෙක්

නලිංක කාවින්ද කැලණිය ජනාධිපති විද්‍යාලයේ ඉගෙනුම ලබන තබ්ලා වාදනයෙන් ලංකාවේ ප්‍රථම ස්ථානය දිනාගත් පාසල් ශිෂ්‍යයෙකි. විද්‍යාලයේ නමය වසර පන්තියේ ඉගෙනුම ලබන නලිංක තවමත් දාහතර වන වියේ පසුවන පුංචි හපනෙකි.
දිවයිනේ සියලුම පාසල් අතරින් පැවති සංගීත හා නාට්‍ය තරඟ අංශයෙන් තබ්ලා වාදනයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට 2012 වසරේ සමත් වූ නලිංක, මෙවර කැලණිය විශ්ව විද්‍යාලය මඟින් සංවිධානය කළ බිහිදොර අභියස 2015 කලා උළෙලේදී ලංකාවේ සෞන්දර්ය විෂය උගන්වනු ලබන පාසල් අතර පැවති කනිෂ්ඨ ඒකල තරඟාවලියෙන් තබ්ලා වාදනයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ද සමත් විය.
තබ්ලා වාදනයේ නමක් දිනා සිටින තම පියාණන් වූ චන්ද්‍රජිත්තගේ ප්‍රියන්ත ගේ මඟ පෙන්වීම මත සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මිල්ටන් දයාවංශ යටතේ තබ්ලා වාදනය පිළිබඳ වැඩිදුර අධ්‍යයනයක නියැලී සිටින ඔහු ඉදිරියේදී තබ්ලා වාදනයේ ප්‍රවීණයකු වී සෞන්දර්ය විෂය මූලික කොටගත් කථිකාචාර්යවරයකු වීමේ ස්ථිර අධිටනින් පසු වේ.
තබ්ලා වාදනයට අමතරව ගිටාර් හා වයලීන් වාදනය කිරීමේ හැකියාවෙන් ද පොහොසත් නලිංක, පුෂ්පා නියන්ගොඩ ගුරු මහත්මිය යටතේ වයලීන් වාදනය හා ගායනය පිළිබඳව ද හැදෑරීමක් සිදු කරයි.
පෙර පාසල් අවධියේ පටන් තබ්ලා වාදනයට ඇලුම් කළ කාවින්ද මුල්වරට වයස අවුරුදු හතරේදී පෙර පාසල් ප්‍රසංග වේදිකාවට තබ්ලා වාදනයක් ඉදිරිපත් කළේය. තම පාසලේ සංගීත ගුරුතුමිය වූ සුමිත්‍රා වන්නිආරච්චි ගුරු මෑණියන්ගේ ගුරුහරුකම් මධ්‍යයේ තම සහජ හැකියාවන් දිනෙන් දින ඔප මට්ටම් කර ගන්නා කාවින්ද මෙවර බිහිදොර අභියස කලා උළෙල සඳහා තම විද්‍යාලයෙන් ඉදිරිපත් කළ අනෙකුත් ගායන වාදන අංශයන්හි කණ්ඩායම් සඳහා සිතාරය හා සර්පිනාව වාදනයෙන් මෙන්ම ගායනයෙන් ද සහාය වූ අතර එම කණ්ඩායම් ද පළමු ස්ථානය දිනා විද්‍යාලයට කීර්තියක් අත්කරදීම ද සුවිශේෂී සිද්ධියක් විය.
තබ්ලා වාදනයෙන් මෙවර ප්‍රථම ස්ථානය දිනාගත් කාවින්ද තමන්ට එම ජයග්‍රහණය ලැබීමට හාර්මෝනියම වාදනය කරමින් අනගි සහායක් ලබා දුන් තම විද්‍යාලයේ හත වසරේ ඉගෙනුම ලබන හිරාන් චාරුකව ද කෘතවේදීව සිහිපත් කිරීමට අමතක නොකළේය.
 http://www.sarasaviya.lk/news/?fn=sa16010716

විදුලි අනතුරුවලින් තොර නිවෙසකට


* විදුලි රැහැන් සහ දිගු, ළමයින්ට හසු නොවන සේ ආරක්ෂාකාරීව තබන්න.


* විදුලි කෙවෙණිවලට ළංවීමට ළමයින්ට ඉඩ නොදෙන්න. ඒවා ආවරණය කර තබන්න.
* භාවිත නොකරන අවස්ථාවලදී, බහුවිධ විදුලි පේනු (Multi Socket) කෙවෙණිවලින් ගලවා තබන්න.
වැඩිහිටියකුගේ අධීක්ෂණයකින් තොරව ළමයින්ට විදුලි උපකරණ භාවිත කිරීමට ඉඩ නොදෙන්න. විදුලිය පරිහරණයේදී ආරක්ෂා වියයුතු බවට ළමයින් දැනුම්වත් කරන්න.
වටපිටාවේදී විදුලියෙන් ආරක්ෂාව
විදුලි රැහැන් හා විදුලි කණු ආදිය පිහිටි ස්ථාන අවට ක්‍රියාකාරකම්වලදී ප්‍රවේශම් වන්න.
* විදුලි රැහැන් අවට සරුංගල් හෝ අහස් යානා වැනි දේ යැවීමෙන් වළකින්න.
* විදුලි රැහැන් දෙසට ජලය විදීමෙන් වළකින්න.
* විදුලි රැහැනක් කඩාවැටී තිබුණ ද, පරිවාරක සහිත වුවු ද, එය ඇල්ලීමෙන් වළකින්න.
* අන් අය දැනුම්වත් කර වහාම සේවා සැපයුම්කරුට සහ පොලිසියට දැනුම් දෙන්න.
* විදුලි රැහැන් අවට කෙරෙන කටයුතුවලදී ඉණිමං යොදාගන්නේ නම්, ලී හෝ සන්නායක නොවන ද්‍රව්‍යයකින් සැකසූ ඉණිමං පමණක් භාවිත කරන්න.
* වගාවන් සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට, දඩයම් කිරීමට හෝ වෙනත් අරමුණක් සඳහා අනවසරයෙන් විදුලි රැහැන් සවි නොකරන්න. එවැන්නක් දුටු වහාම පොලිසියට හෝ අදාළ විදුලි සැපයුම්කරුට දන්වන්න.
* බැනර්, ලණු ආදිය විදුලි කණුවල එල්ලීමෙන් වළකින්න.
* විදුලි රැහැන් ආසන්නයේ ඇහැසි(ඇන්ටෙනා) ආදිය සවි කිරීමෙන් වළකින්න.
* එළිමහනේ අවශ්‍යතා සඳහා අනාරක්ෂිත තාවකාලික විදුලි රැහැන් ඇදීමෙන් වළකින්න.
* විදසන්ධිවී ඇති පැන්නුම් ස්වීචය(ට්‍රිප් ස්වීචය), කැඩුණු හෝ හානිවුණ විදුලි කෙවෙණි හෝ උපකරණ, පිළිස්සුම් සලකුණු ඇති විදුලි කෙවෙණි හෝ විදුලි උපකරණ, නිසිලෙස සම්බන්ධ නොවූ භූගත වයර වැනි දෝෂ තත්ත්ව දුටුවිට පළපුරුදු විදුලි කාර්මිකයකු ලවා පිළිසකර කරවා ගන්න. විදුලි මනුවෙහි(මීටරයේ) හෝ නිවෙසට විදුලිබලය සැපයෙන රැහැනෙහි අසාමාන්‍ය තත්ත්වයක් දුටුවිට, වහාම ඔබේ විදුලිබල සේවා සැපැයුම්කරු අමතන්න.
ප්‍රථමාධාර
* යම්කිසි පුද්ගලයකුට විදුලි සැර වැදී ඇත්නම්, සිටින්නේ නිවෙසක් තුළනම්, ට්‍රිප් ස්වීචයෙන් විදුලිය විසන්ධි කරන්න.
* වියළි දණ්ඩක් ගෙන එම පුද්ගලයා ඉවතට අදින්න. අතින් ඇල්ලීම නොකරන්න.
* හැකි ඉක්මනින් ළඟම පිහිටි රෝහල වෙත රැගෙන යන්න.
* විදුලි සැර වැදී ඇත්තේ අධි වෝලටීය රැහැනකින් නම්, කිසිවිටෙකත් ඔහු ඇල්ලීමට හෝ ළඟට යාම නොකරන්න. වහාම විදුලිබල මණ්ඩලයට හෝ විදුලිබල පුද්ගලික සමාගමට කතාකර, විදුලි සැපැයුම විසන්ධි කරන ලෙස දැනුම් දෙන්න. මෙවන් ස්ථානයක වෝලටීයතාව වැඩි නිසා, වියළි දණ්ඩකින් ඇදීම නොකරන්න.
උපදෙස්-අමිල රාජපක්ෂ
සහකාර අධ්‍යක්ෂ-ශ්‍රී ලංකා මහජන
උපයෝගිතා ‍කොමිෂන් සභාව
සටහන
ඉරෝෂිණී දීපිකා
http://www.dinamina.l
k

ශිෂ්‍ය නියෝජිතයන් සමඟ හෙට විවෘත සාකච්ඡාවක්

සියලුම විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය නියෝජිතයන් සමඟ විවෘත සාකච්ඡාවක් පැවැත්වීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
මෙම විවෘත සාකච්ඡාව හෙට (12) පෙ.ව.9.30ට විශ්විවද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතය. උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ උපදෙස් මත මෙම සාකච්ඡාව කැඳවා තිබේ. විශ්වවිද්‍යාල පද්ධතියේ සංවර්ධනය උදෙසා යෝජිත පස් අවුරුදු විශ්වවිද්‍යාල සංවර්ධන සැලැස්ම සහ විශ්වවිද්‍යාල ප්‍රවේශයන් කඩිනම් කිරීමේ නව ක්‍රමවේදයන් පිළිබඳව ශිෂ්‍ය නියෝජිතයන්ගේ යෝජනා හා අදහස් ලබාගැනීමත් ඒ පිළිබඳව වැඩිදුර සාකච්ඡා කිරීමත් මෙම විවෘත සාකච්ඡාවේ අරමුණ වේ.
සියලුම විශ්වවිද්‍යාලවල මහාශිෂ්‍ය සංගම්වල සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික තනතුරු දරණ ශිෂ්‍ය නියෝජිතයන්ට මේ සඳහා සහභාගී විය හැකි අතර පැමිණීම තහවුරු කිරීම සඳහා 0113091654 දුරකථන අංකයට ඇමතිය හැකි බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි. නොඑසේ නම් piyumm@gmail.com විද්‍යුත් තැපෑලට දැන්විය හැකි බවද දැනුම් දෙයි. 

2016 ට සංකල්ප පහක්


2016 වසර උදාවෙලා මේ වනවිට දවස් එකොළහයි ගතවෙලා තිබෙන්නේ. ඒත් ඔබ තවමත් මේ වසර සාර්ථක අන්දමින් ගත කරන්නේ කොහොමද කියලා හිතලාවත් නැති වෙන්න පුළුවන්. ඒත් ඔබ තවමත් ප්‍රමාද නෑ.
අපි හැමෝගෙම බලාපොරොත්තුව මේ වසර සුබ කරගන්න එක. ඒකට සමහර අය දෙවියන්ගෙ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. තවත් අය වාසනාව මතුවෙනකම් බලාගෙන ඉන්නවා. තවත් අය නොපෙනෙන බලවේග පිළිබඳ දැඩිව විශ්වාස කරනවා. ඒ විදියට තමයි නව වසර සුබ කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒත් නරක ද ඒ සිතිවිල්ල පිළිබඳ වෙනස් විදිහක‍ට හිතලා බැලුවොත්. අපේ රටේ බහුතරය හේතුඵලවාදය විශ්වාස කරන මිනිස්සු. ඒ නිසාම නව වසර සුබ කරගන්න සංකල්ප පහක් පිළිබඳ කියලා දෙන්න අපි හිතුවා.
* තමා පිළිබඳ සමාලෝචනය
යම් කෙනකුට 2016 වසරේදී තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න අවශ්‍ය නම්, ප්‍රථමයෙන්ම කරන්න ඕන තමන් ඉන්න තැන මොකක්ද කියලා හඳුනාගන්න එකයි. නැත්නම් තමන්ගෙ තත්ත්වය මොකක්ද කියලා හඳුනා ගැනීමයි. ඒ කියන්නේ, මගේ ආදායම, මගේ දැනුම, මගේ කුසලතා, මගේ සම්බන්ධතා, වත්කම් ආදිය පිළිබඳ පූර්ව අවබෝධයකට පැමිණීමයි. තමන්ගෙ තියෙන දුබලතා සහ තමන්ට තිබෙන බාධක මොනවාද කියලා හඳුනා ගැනීමත් ඒ වගේම වැදගත්. මට මාසෙට මොන තරම් ප්‍රමාණයක් වියදම් කරන්න පුළුවන්ද? මට මොන තරම් ණය ප්‍රමාණයක් තියෙනවද? ඒ වගේම මගේ ආදායම කොපමණද? කියලා සමාලෝචනයක් කර ගැනීම මෙහිදී අතිශයින් ම වැදගත්.
* අරමුණ හඳුනා ගැනීම
තමන් යන්න උත්සාහ කරන තැන, ඒ කියන්නෙ තමන්ගෙ අරමුණ මොකක්ද කියලා හඳුනා ගැනීමත් අතිශයින් ම වැදගත්. ජීවිතය සාර්ථක කරගන්න උත්සාහ කරන හැම කෙනකුටම දැවැන්ත සිහින තිබිය යුතුයි‍. ඒ වගේම ඒක සාර්ථක කරගන්නා අතරතුර ඒ පිළිබඳ කුඩා සිහින සිතෙහි තබා ගැනීමත් වැදගත් . ඒක සරලව මේ විදියට කියන්න පුළුවන්. අපි හිතමු කිසියම් පාඨමාලාවක් හදාරන්න කෙනකුට අදහසක් තියෙනවා කියලා. දවසෙ වැඩ කටයුතු කරන අතරතුරේ තමන් හිතන්න ඕන ඒ වෙනුවෙන් අද දවසෙ තමන්ට මොනවද කරන්න පුළුවන් කියලා. ඒ වෙනුවෙන් දවසේ කරන්න පුළුවන් පොඩි දේ හරි කරනවා නම්, අවසානයේදී ඔබ නොසිතන විදියට සාර්ථකව ‍ඒ පියවර සම්පූර්ණ වෙනවා .
* අරමුණු ඉෂ්ට කර ගැනීම
තමන්ගේ වටිනාකම් මොනවාද කියලා හඳුනා ගන්න එකත් අතිශයින් ම වැදගත්. මම මොනවද කරන්නේ? මට මොනවද නැත්තේ? කියලා හඳුනා ගැනීම මෙහිදී අවශ්‍යයි. මම කරන්නේ මොනවද? යන්නෙන් අදහස් ක‍ළේ , අපි හැමෝටම තිබෙන අරමුණු ඉෂ්ට කරගන්නෙ කොහොමද කියන එකයි. තමන්ට දියුණු වෙන්න ඕන නම් වර්තමානයේ දියුණු වෙන්න ඕන තරම් මාර්ග තියෙනවා. සමහරු කුඩු විකුණලා දියුණු වෙනවා. හොරකම් කරලා දියුණු වෙනවා. එවැනි අසම්මත දේවලින් මුදල් ඉපැයීම නොකළයුතු බව ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ .
* සැලැස්මක් සකසා ගැනීම
අපි ඉහත සඳහන් කළ කාරණා තුන එකතු කරලා සැලැස්මක් හදාගැනීමත් වැදගත්. එහිදී මුල්ම අධිෂ්ඨානය වෙන්න ඕනෙ, තමන් ආරම්භ කළ මේ ක්‍රියාවලිය, අවසන් වන තුරුම ඉතාම සාර්ථකව නිමා කරනවා කියන එකයි. ඒ ගැන අපි මෙහෙම කියමු. යම් කෙනකුට ඕන නම් ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුරුදු වෙන්න, ඒ වෙනුවෙන් තමන්ට දවසෙ කරන්න පුළුවන් පොඩි දෙයක් හෝ කිරීම වැදගත්. තමන්ගෙ අරමුණට යන්න ඒ වෙනුවෙන් දවස තුළ ඉටු කරන දේ මෙහිදී බෙහෙවින් ම බලපානවා. තමන්ගෙ අරමුණට යන්න ඒ සැලැස්ම ඉතාමත්ම වැදගත්.
* අරමුණ පිළිබඳ චිත්තරූප මැවීම
මේ සැලැස්ම ඉතා සාර්ථකව හදලා, හොඳ උද්‍යෝගයකින් ඒක ආරම්භ කිරීමත් වැදගත්. තමන්ගෙ අරමුණ හීනයක් වගේ දකින්න ඕනෑ. ඒ පිළිබඳ චිත්ත රූප මවන්න ඕනෑ. මේ කියන උ‍ද්‍යෝගයයි, ඒ පිළිබඳ දකින සිහිනයි අප ඒ අරමුණට පහසුවෙන් අරගෙන යනවා.


උපදෙස්
චන්දන ගුණවර්ධන
මානව සම්පත් සංවර්ධන සහ මනෝ විද්‍යා පුහුණු උපදේශක
සටහන
උමේෂා සිරිවර්ධන

http://www.dinamina.lk/

නොමියෙන ප්‍රබුද්ධයා .....................>>>

මහගම සේකර


මහගමසේකරගේ නිර්මාණාත්මක ප්‍රතිභාව බහුවිධාකාරය. ප්‍රවීණ ලේඛක සෝමවීර සේනානායක වරක් සේකර නිරත වූ කලා මාධ්‍ය සංඛ්‍යාව ගණනය කර දැක් වූයේ ය. ඔහුට අනුව ප්‍රමාණය දහතුනකි. ඒ මෙපරිදි ය.
සේකර (1) චිත්‍ර ශිල්පියෙකි. (2) කවියෙකි. (3) ගීත නිබන්ධකයෙකි. (4) නවකතාකරුවෙකි. (5) කෙටිකතාකරුවෙකි. (6) වේදිකා නාට්‍ය රචකයෙකි. (7) චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. (8) තිර රචකයෙකි. (9) කලා අධ්‍යක්ෂවරයෙකි. (10) පරිවර්තකයෙකි. (11) දේශකයෙකි. (12) ආචාර්යවරයෙකි. (13) පර්යේෂකයෙකි.
ඊට පරිබාහිරව ගත් විට සේකර පොත් පිටකවර නිර්මාණ ශිල්පියකු ලෙසත් බතික් නිර්මාණ ශිල්පියකු ලෙසත් පෝස්ටර් නිර්මාණ ශිල්පියකු ලෙසත් පුවත්පත් කාටුන් ශිල්පියකු ලෙසත් එම්බ්‍රොයිඩර් නිර්මාණ ශිල්පියකු ලෙසත් මූර්ති ශිල්පියකු ලෙසත් ගුවන්විදුලි පිටපත් රචකයකු ලෙසත් අනේකවිධ කුසලතා විදහා පා ඇත.
සේකරගේ සුවිශේෂත්වය වන්නේ ඔහු තමා නිරත සෑම කලා මාධ්‍යයකින්ම ඉහළම නිර්මාණ මහිමයක් ප්‍රකට කිරීමය. එය කලාකරුවකු වෙතින් දුර්ලභ වශයෙන් පහළ වන්නා වූ ගුණාංගයකි.
සේකර වඩාත් විශිෂ්ට වන්නේ කවියකු වශයෙන් යැයි කීම විවාදයෙන් තොර කියමනකි. ඔහු ස්වකීය ජීවිත කාලයේදී කවි පොත් අටක් ප්‍රකාශයට පමුණුවා ඇත. ඒ මෙආකාරයෙනි. (1) 'ව්‍යාංගා' (කේ. ජයතිලක සමඟ) (2) 'සක්වා ලිහිණි' (3) 'හෙට ඉරක් පායයි' (4) 'මක්නිසාද යත්' (5) 'රාජතිලක, ලයනල් සහ ප්‍රියන්ත' (6) 'බෝඩිම' (7) 'නොමියෙමි' සහ (8) 'ප්‍රබුද්ධ'. මේවා නූතන සිංහල කවියේ සරුසාර අස්වැන්න ලෙස අපට සැලකිය හැකිය.
සේකර එක් පැත්තකින් කොළඹ කවියත් තවත් පැත්තකින් පේරාදෙණි කවියත් අතික්‍රමණය කළ අයකු ලෙස මම දකිමි. එය කෙතරම් ද කිවහොත් මුල් කාලයේදී ඔහු නිසඳැස් කවි උපහාසයට පවා ලක්කර ඇත.
සමස්තයක් විදියට ගත් විට සේකරගේ කවිවලින් කියැවෙන්නේ අයුක්තියෙන් අධර්මයෙන් පිරි මේ ධනවාදි සමාජය විවේචක යථාර්ථවාදී දෘෂ්ටියකින් විවරණය කොට, එය පිටුදැක ධර්මය වටහාගත හැකි, සත්‍යය, සුන්දර බව දැකගත හැකි උත්තර සමාජයක් ගොඩනැංවීම පිළිබඳ යැයි සිතමි.
සේකර මුල් කාලයේදී ඉපනැල්ලේ කරල් අහුලන එතනලා ගැනත් කවි ලියා තිබෙනවා නොවේදැයි ඇතැම් විශ්වවිද්‍යාල ඇදුරන් ප්‍රශ්න කළේ ඔහු වැළලීමේ කැත, නින්දිත කුමන්ත්‍රණයකට සහභාගි වෙමිනි. ඇත්ත වශයෙන් ම සේකරගේ අවසාන කාව්‍ය සංග්‍රහය වූ ද, ඔහුගේ උත්කෘෂ්ටතම කාව්‍ය කෘතිය වූ ද 'ප්‍රබුද්ධ' පළවී මාස ගණනාවක් යනතුරුම ඒ ගැන කිසිදු කතිකාවක් සිදු නොවූ බව වරක් ප්‍රවීණ ලේඛක එච්. ඒ. සෙනෙවිරත්න වරක් හෙළිදරව් කර සිටියේය. මේ කාව්‍ය කෘතියේ විශිෂ්ටත්වය සමාජගත වූයේ පසුකලෙකදී ය.
සේකර ඔහුගෙන් පසුව බිහි වූ රත්න ශ්‍රී විජේසිංහ ප්‍රමුඛ නව තරුණ කවි පරපුරකට ප්‍රදීපාලෝකයක් වූ ආකාරය දැක්ක හැකිය. සේකර නිසඳැස් කවිය වඩාත් සුඛනම්‍ය කළ බවත් එසේ නොවන්ට එය විශ්වවිද්‍යාලයටම සීමා වන්ට ඉඩ තිබුණු බවත් මහාචාර්ය සෝමරත්න බාලසූරිය වරක් මා සමඟ කියා සිටියේය.
ගීත රචකයකු වශයෙන් ද සේකරගේ යුග කාර්යභාරය ප්‍රශංසනීය ය. ඔහු ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සමඟ එක්ව 'මධුවන්ති' වැනි ගුවන්විදුලි වැඩසටහන් ඔස්සේ ද, වේදිකා නාට්‍ය, මුද්‍රා නාට්‍ය හා චිත්‍රපට ඔස්සේ ද සරල ශාස්ත්‍රීය ගී සම්ප්‍රදායක් බිහි කළේ ය. අද සුභාවිත ගීතය ලෙස අප ආදර්ශ කර ගන්නේ එයයි. මෙහිදි ද ඇතැම් කුහක එදිරිවාදිකාරයන් සේකරගේ ප්‍රතිභාව ගර්හාවට ලක්කළ ආකාරය පෙනේ. 'මළහිරු බැස යන හැන්දෑ යාමේ', 'මා මළ පසු සොහොන් කොතේ' වැනි නිබන්ධ, කොළඹ කවීන්ගේ සමනල් අදහස්ම අලුත් ආකෘතියකින් එළිදැක්වීමක් ලෙස ය ගුණදාස අමරසේකර ප්‍රකාශ කර ඇත්තේ.
සේකර නමැති චිත්‍ර ශිල්පියා ද අතිශය නිර්මාණශීලිය. කේ. ජයතිලකගේ මතය වන්නේ සේකර විශේෂයෙන් කැපී පෙනුණේ චිත්‍ර කලාවට බව ය. කවියේදී මෙන් ම චිත්‍ර කලාවේදී ද මුල් යුගයේ ඔහු අමුර්ත චිත්‍ර ගර්හාවට ලක් කර ඇත. එහෙත් පසුව ඔහු නිර්මාණ බිහි කළේ එම චිත්‍ර ශෛලිය ප්‍රගුණ කරමිනි. මා නිවැරැදි නම් සේකර අවස්ථා තුනකට වඩා චිත්‍ර ප්‍රදර්ශන පවත්වා නැත. ඔහුගේ චිත්‍ර නිර්මාණ විග්‍රහයේ පහසුව තකා කොටස් කීපයකට බෙදා දැක්විය හැකිය. (1) ප්‍රදර්ශන සඳහා ඉදිරිපත් කළ චිත්‍ර (2) 'තුංමංහන්දිය' චිත්‍රපටය සඳහා නිර්මිත චිත්‍ර (3) පුවත්පත් කාටුන් (4) පොත් කංචුක නිර්මාණ (5) ඉලස්ට්‍රේෂන් (සන්නිදර්ශන) (6) බතික් නිර්මාණ (7) එම්බ්‍රොයිඩර් නිර්මාණ සහ (8) පෝස්ටර්
සේකරගේ චිත්‍ර ගැන මෙතෙක් නිසි විචාරක අවධානයක් යොමු වී නැත. එහි විපාක වශයෙන්දෝ සේකර නමැති චිත්‍ර ශිල්පියා යටපත්ව සේකර නමැති කවියා හා ගීත රචකයා බිහි වූ ආකාරයක් පෙනේ. මෙහි ප්‍රතිවිරුද්ධ දේ සිදු වූයේ ජෝර්ජ් කීට්ය. එහිදී ජෝර්ජ් කීට් නමැති කවියා යටපත්ව ජෝර්ජ් කීට් නමැති චිත්‍ර ශිල්පියා බිහි වූයේ ය.
සේකර නවකතා දෙකක් ද කෙටිකතා සංග්‍රහ දෙකක් ද ලියා පළ කර ඇත. ඔහුගේ නවකතාවක් වූ 'තුංමංහන්දිය' ඔහු විසින්ම චිත්‍රපටගත කරනු ලැබිණි. එය 70 දශකයේ හොඳම චිත්‍රපටය ලෙස ජාතික කතෝලික සිනමා පර්ෂදයෙන් බුහුමන් ලද්දේ ය. 1997 දී සිංහල සිනමාවට 50 වසරක් පිරුණු අවස්ථාවේ තේරූ හොඳ ම චිත්‍රපට දහයෙන් එකක් ලෙස ද 'තුංමංහන්දිය' තේරුණේ ය. එසේම එය 1972 දී ටෂ්කන්ට් අන්තර්ජාතික චිත්‍රපට උලෙළේදී ඩිප්ලෝමා සහතිකයක් ද දිනාගත්තේ ය.
'මූදු පුත්තු' (ගුණසේන ගලප්පත්ති සමඟ) සේකර ලියූ වේදිකා නාට්‍ය පිටපතකි. ඔහු ලියූ වෙනත් නාට්‍ය 'සද්දන්ත සහ තවත් නාටක', 'හංස ගීතය හා වෙනත් නිර්මාණ' යන කෘතිවල අඩංගු වෙයි.
සේකර සර් ආතර් කොනන් ඩොයිල්ගේ 'ද වයිට් කම්පැනි' නම්වූ කෘතියේ අනුවාදයක් 'ධවල සේනාංකය' නමින් පළ කර ඇත. ඒ හැරුණුකොට තවමත් අප්‍රකාශිත ඔහුගේ පොත් දෙකක් ගැන ද කියැවෙයි. එකක් 'ඊඩිපස්' නාට්‍යයේ පරිවර්තනයකි; අනික ඊට ඉහත ජී. බී. සේනානායක ද මඩවල එස්. රත්නායක ද පරිවර්තිත 'රුබයියාට්' කෘතියේ පරිවර්තනයකි.
සේකර අතිශයින් නිර්ව්‍යාජ කලාකරුවෙකි. ඔහු කොළඹ රැකියාව කොට දුම්රියෙන් ගෙදර ආ කල්හි අමුඩයක් ඇඳ ළි‍ඳෙන් හෝ පීල්ලකින් නා ගනී. එවිට ඔහු මහා කවියා නොවේ. මහා කලාකරුවා නොවේ. ගමේ ජෝන් අයියාගේ පුතාය. සේකර 'තුංමංහන්දිය' නවකතාවේ (එසේම පසුව චිත්‍රපටයේ) අබිලිංගේ චරිතය ඔස්සේ මැවූයේ තමන්ගේ ම ප්‍රතිරූපය ම යැයි වරෙක සිතේ. ඔහු සම්මානවලින් හිස උදුමවා ගත්තේ නැත. 'තුංමංහන්දිය' චිත්‍රපටයට ටෂ්කන්ට් සම්මානය ලැබුණු බව දැනගත් විට ඔහු උපේක්ෂා සහගතව කියා ඇත්තේ 'හොඳා - හොඳා' කියා ය.
සේකර කිසිදා ධනෝපායනය උදෙසා කලාව පරිහරණය කළ අයෙක් නොවීය. ඔහු එය පිළිකුල් කළා සේය. සැබෑ කලාකරුවා සන්තුෂ්ටියට පත්වන්නේ ස්වකීය නිර්මාණයෙන්මය; රසිකයා එය වැලඳ ගත් කල්හිය.
සේකර තමා නිරත සියලු කලා මාධ්‍ය ඔස්සේ රසිකයාගේ කලා රුචිකත්වය වර්ධනය කළේ ය. සමාජය විනිවිද යන්ට දැක්මක් පාදා මතුකර දුන්නේ ය. එහෙත් සමාජයෙන් ඔහුට පෙරළා ලැබුණේ කුමක් ද?
ඔහු උපන් ගමේ ඇතැමුන් කියා ඇත්තේ සේකර මොන තරම් ප්‍රසිද්ධ පුද්ගලයකු වුවත් ගමට එක බෝක්කුවක් බැඳ දීම තරම්වත් සේවයක් කර දී නැති බවය. (අරීසෙන් අහුබුදු කලාකරුවා මියයද්දිත් ඔහුට ඔහු උපන් ගමෙන් ලැබුණේ මෙවන් ප්‍රතිචාරයකි) සේකරගේ පිළිරුව නොයෙක් වර කඩා බිඳ දැමීම්වලට ලක්වූයේ ය. කුල සාධකයක් ද ඊට ඈඳා ගත් ආකාරය දිස්වෙයි.
ගමෙන් පමණක් නොව රටින් පවා සේකරට එතරම් යහපත් සත්කාරයක් නොලැබුණු බව පෙනේ. 'බෝඩිම' කාව්‍ය සංග්‍රහයෙන් පිටපත් කීපයක් විකුණා ගන්ට සංස්කෘතික දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවක සේකර ආපසු හරවා එවා තිබුණේ පොත් මිලට ගන්ට මුදල් නොමැති බව කියමිනි.
සේකර වෙනුවෙන් අද අපට කළ හැකි යමක් ඉතිරි ව ඇත. එනම්; ඔහුගේ සමස්ත නිර්මාණ දෙස අලුත් විචාර එළැඹුමකින් යුක්තව බැලීම ය. නූතන භාෂාවෙන් කිවහොත් නව කියැවීමක යෙදීමය. මෑතදී කේ. කේ. සමන් කුමාර එබඳු උත්සාහයක් ගත්තේ ය. ('සේකරගේ නොදුටු පැත්ත' නම්වූ ලිපි මාලාව) එහෙත් එය පරිසමාප්ත වූවක් නොවීය.
මහගමසේකර නම් වූ 'නොමියෙන ප්‍රබුද්ධයා' හැදෑරීම සමකාලීන කලාවේ පැතිකඩ ගණනාවක් අධ්‍යයනය කිරීමක් වන්නේය. මේ හැදෑරීමේදී මුලින් වේට්ටියක් හා දිග බැනියමක් ඇඳගෙන සඳැස් කවි ලියමින් නිසඳැස උපහාසයට ලක්කළ, අමුර්ත චිත්‍ර ගර්හාවට ලක්කළ සේකර පසුකලෙක විශාල පිම්මක් පැන නූතනවාදී කලාවට ආ හැටි විමසා බැලීම ද කළ යුතු යැයි අවධාරණය කරමි.

කුමාරගම කවියාගේ අවසන් මොහොත


කුමාරගම ජීවත්ව සිටි මුළු කාලයේම සේවය කර ඇත්තේ, වන්නිය, පස්සර, අලියාවැටුණු වැව, කොත්මලේ සහ කොලොන්න ආදි දුෂ්කර ප්‍රදේශවලය. ඒ වනගත ගැමි පරිසරය ඔහුගේ කවිත්වය වඩාත් ඔප් නැංවීමට හේතු වන්නට ඇත.
හේරත් හාමි, අයියනායක, සහ ආරච්චි රාල වැනි වටිනා කවි පන්ති ඔහු අතින් ලියැවී ඇත්තේ ඒ දුෂ්කර ප්‍රදේශවල සේවයේ යෙදී සිටියදීය.
විමලරත්න කුමාරගම කවියා මිය යන විට ඔහුගේ වයස වසර 43 කි. ඔහු ගැන මේ ලිපිය ලියන විට ඔහු මිය ගොස් වසර 53 කි. 1962 දෙසැම්බර් 29 වැනිදා රාත්‍රියේ රෝගාතුර වී අසාධ්‍යව සිටි කුමාරගම මහනුවර මහ රෝහලට ගෙන ආ බව අසන්ට ලැබී එදින රාත්‍රී 10ට පමණ ආරියවංශ පතිරාජ කවියාත් මමත් වහා එහි ගියෙමු. එහි 10 වැනි වාට්ටුවේ ඇඳක් මත වැතිර සිටි ඔහුට කථා කිරීමට නොහැකි බව දක්නට ලැබිණ.
සිහිසන් නැතිව මෙන් සිටි ඔහු මගේ අත අල්ලා ගැනීමට උත්සාහයක් දරන වග පෙනිණ. ඒ මොහොතේ ඔහු දෙනෙත් විවර කොට අප දෙස බලා සිටියේ අප හඳුනාගෙන ද නැද්ද යන්න නොදනිමු. ගතවූයේ මොහොතකි. අල්විස් පෙරේරා කවියා ද එතැනට පැමිණියේය.
ඒ මූසල රාත්‍රියේ අප තිදෙනා ඉදිරියේදීම කුමාරගම ඇරගෙන සිටි දෙනෙත් පියා ගත්තේය. එදින එතැන සිටි අයගෙන් අද ජීවතුන් අතර සිටින්නේ මා පමණය. අල්විස් පෙරේරාත් ආරියවංශත් මියගොස් බොහෝ කල්ය.
ඒ මොහොතේම මා විසින් ලියැවුණු කවි තුනකින් එකක් මෙසේ ය.
මිනිසුන් අතර නොම දත් මිනිහගෙ අගය
ජීවිතයට වඩා සැප මරණය ළඟය
මට වැටහුණේ මෙහිදිත් ඔබ හරි වගය
අප යා යුතුත් හිතවත ඔබ ගිය මඟය
ඒ අවස්ථාවේම කඩදාසි කැබැල්ලක් සොයාගෙන අල්විස් පෙරේරා කවියා ද දිග විරිතකින් කවි හතරක් ලී‍වේය. එහි අවසන් කවිය මෙසේ ය.
මෙරට කවියන් අතර නොව ලොව
කවින් අතරත් ඔබට තැන ඇත
කන්ද උඩරට උපන් කිසිවකු
ඔබ ලැබූ කවි කුසල ලැබ නැත
තටු දැවී ගිය කුරුල්ලකු මෙන්
වැටී ළතැවෙමි නොදැන යන අත
සදාකාලික සොහොන වේවා
ඔබට මින්පසු මගේ හදවත
කොළඹ යුගයේ ස්වර්ණමය කාල පරිච්ඡේදය හැටියට සැලකෙන එක්දහස් නවසිය හතළිස් ගණන්වල සිට හැටේ දසකය දක්වා වූ කාලය තුළ විමලරත්න කුමාරගම ලියා ඇති කවි ගණන අතිවිශාලය. අල්විස් පෙරේරා කවියා පවත්වාගෙන ගිය 'දේදුන්න' සඟරාවේත් ගාල්ලේ ජෝන් රාජදාසගේ 'මීවදය' සඟරාවේත් මාස්පතාම කුමාරගමගේ කවි පෙළක් පළ විය. පද්‍යාවලී වැනි පොත්වලට ඇතුළත් කර ඇත්තේ ඒවායින් තෝරා ගත් සමහරෙකි.
මීට බොහෝ කලකට පෙර මා පාසල් සිසුවකුව සිටියදී එකල ප්‍රකට කවියකු වූ බඹරකොටුවේ සුධර්ම හිමි කුමාරගමගේ කුලුපග මිතුරෙකි. ඒ හිමි­ෙයා් ඉංග්‍රීසි ඉගෙනීම සඳහා අප විදුහලට පැමිණ සිටියහ. (එකල සිසුන්ට වැඩි වයස් සීමාවක් තිබුණේ නැත) රත්නපුර සීවලී විද්‍යාලයේ සිසුන් වූ අපි සුධර්ම හිමිගේ සහාය ලබාගෙන රත්නපුර සීවලී කලා මණ්ඩලය (ර.සි.ක.) නමින් සංවිධානයක් පිහිටුවාගෙන දේශන පැවැත්වීම සඳහා සුප්‍රකට කවීන් ගෙන්වා ගතිමු. සුධර්ම හිමිගේ මිතුරකු වූ කුමාරගම එකල සේවය කළේ රත්නපුරයට නුදුරු කොලොන්න ප්‍රදේශයේය. සුධර්ම හිමි මඟින් අපේ කලා මණ්ඩලයේ දේශනයකට කුමාරගම කවියා ගෙන්වා ගතිමු.
මහනුවර දිස්ත්‍රික්කයේ නාරම්පනාව නමැති සුන්දර ගමේ 1918 ජනවාරි 18 වැනිදා උපන් කුමාරගම හත්දෙනකුගෙන් යුත් පවුලක දෙවැන්නාය. රජයේ පාසලක මුල් ගුරුවරයකු වූ පුංචි බණ්ඩාර කුමාරගමත් කේ. එම්. බණ්ඩාර මැණිකේ මහත්මියත් කුමාරගමගේ දෙමාපි­ෙයා්ය.
මඩොල්කැලේ වේරපිටිය විද්‍යාලයට මුලින්ම ඇතුළත් වූ කුමාරගම සිසුවා පසුව තෙල්දෙණියේ විද්‍යාලෝක විද්‍යාලයේත් කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයේත් අධ්‍යාපනය ලැබ 1930 වසරේදී මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් විය.
තරුණ සිසුවකු වශයෙන් මහනුවරට පැමිණි කුමාරගම පාසල් ගොස් ඇත්තේ මහනුවර ත්‍රිකුණාමල වීදියේ (ඩී.‍ එස්. සේනානායක වීදියේ) දැනට අබාන්ස් වෙළෙඳ ‍සල ඇති තැන විසූ නාරම්පනාවේ වෙද මහතාගේ නිවසේ සිටය. එකල සුප්‍රකට වෛද්‍යවරයකු වූ නාරම්පනාව වෙද මහතා කුමාරගමගේ ළඟම ඥාතිවරයෙකි.
දුම්බර කඳු රැළියෙන් වට වූ නාරම්පනාවේ ස්වාභාවික සෞන්දර්යයෙන් රසවත්ව සිටි කුමාරගම මහනුවර පැමිණීමෙන් පසු එහිදී දක්නට ලැබුණේ වඩාත් ශාන්ත නිසල පරිසරයකි.
නුවර වැවේ සහ අවට පරිසරයේ ශාන්ත සුන්දරත්වයෙන් රස විඳිමින් ඔහු කවි ලියන්නට පටන්ගෙන ඇත්තේ පාසල් වියේ සිටියදීමය.
එදා ඔහු ලියූ කවියක් මෙසේ ය.
නිසලය සාන්තය ගස්වැල් වැව අවට
මා විසි කළේ පොඩි ගල් කැටයක වැවට
රස රැළි වළලු දී දිය රඟ ගති රුවට
එක කවියකින් නොකළැකි මොනව ද ලොවට
එකල පැවැති මැට්‍රිකියුලේශන් විභාගයෙන් සමත්ව රජයේ ලිපිකරුවකු ලෙසින් සේවයට බැඳුණු කුමාරගම ක්‍රමයෙන් උසස්වීම් ලැබ ආදායම් නිලධාරියකු (D. R. O.) ලෙස පත්වීමක් ලැබුවේය. කවි ලියමින් විනෝද වෙමින් සිටි ඔහු විවාහ වී සිටියේ නැත. කවිය ඔහුගේ බිරිය බවට පත්ව තිබිණි.
කුමාරගම වන්නියේ ආදායම් පාලක නිලධාරී ලෙස සේවය කළ කාලයේ නිවාඩු ලත් විට ඔහු පාසල් වියේ නැවතී සිටි මහනුවර නිවසට පැමිණ විවේකීව සිටියේය. එහි සිටි තවත් ආයුර්වේද වෛද්‍යවරයකු වූ විමලරත්නගේ ඥාති සොහොයුරකු වූ ඩී. බී. කුමාරගම මහතාත් මැණික්දිවෙල මහතාත් (පසු කලෙක ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ පෞද්ගලික ලේකම් වූ) යන අය සමඟ විනෝදයෙන් කාලය ගෙවීමට කුමාරගම පුරුදුව සිටියේය. මගේ වැඩිමහල් සොහොයුරු අභාවප්‍රාප්ත ගාමිණී බුලත්ගමත් ඩී. බී. කුමාරගමත් මිතුරන් වූ නිසා අපි ද නිතර ඒ නිවසට යෑමට පුරුදුව සිටියෙමු.
කුමාරගම අභාවප්‍රාප්ත වී හරියටම වසර හතරකට පසු පූජ්‍ය හික්ගොඩ ඛේමානන්ද හිමියන්ගේ සහ ප්‍රේමතිලක මාපිටිගම (පසුව ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ අධ්‍යක්ෂව සිටි) මහතාගේ මැදිහත් වීමෙන් 1966 දෙසැම්බර් 28 වැනිදා පළ කරන ලද කුමාරගමගේ 'මහ පාර' නමැති පොතේ එතෙක් පළ නොවී තිබුණු ඔහුගේ කෘතී රැසක් දක්නට ලැබේ.
එම පොත ගැන හැඳින්වීමක් ලියන ආචාර්ය වල්පොළ රාහුල හිමියන් මෙසේ සඳහන් කර ඇත.
කුමාරගමගේ කවි නවීනත්වයට හා පාරම්පරික සම්ප්‍රදායට ගැති නොවූ 'විප්ලවකාරි' නිවහල් බවකට පත්ව තිබුණා පමණක් නොව, ඔහුගේ පිරිසිදු සිතත් තාරුණ්‍යය හා දාර්ශනිකත්වයත් එයින් පිළිබිඹුව පැවතුණි.
කුමාරගම විසින් ලියන ලද මෙතෙක් කිසිවක පළ නොවූ කවි රැසක් මා ළඟ තිබුණු නමුත් දැන් ඒවා අස්ථාන ගත වී ඇත.
කුමාරගමගේ මලණුවන් මියගිය අවස්ථාවේ ඔහු විසින් මෙසේ ලියන ලදි.
මොන මොන වෙලාවෙත් ඇවිදින විට දි රටේ
වනපෙත් උයන් වතුවල ඇති හතර වටේ
වටිනාකමක් නැති මල් ගොමු නුවන ගැටේ
සුවඳැති රුවැති පැණි ඇති මල් බිමට වැටේ
කඳුළත් හිනාවත් ලොව අමුතුම දෙකකි
එනමුත් ඒ දෙකම පිටවන තැන එකකි
හිනැහෙන්ට ද අඬන්ට ද නොදැනුම දුකකි
මා වියරුව ද නැද්දැයි මට නම් සැකකි
රාහුල හාමුදුරුවන් සඳහන් කළ පරිදිම කුමාරගමට යමක් ඒ අයුරින්ම කියන්ට වුවමනා වූ විට පැරැණි සම්ප්‍රදාය බිඳ දමා හිතට එන දෑ එලෙසම ලියයි. ඔහුගේ 'මහ පාර' පොතේ ඇති මෙ කව ඊට හොඳ නිදසුනකි.
මහ පාරේ නව වැලි දා
දවසක් නැත ගතවුණේ
රාලහාමි පොලිසියේ
රාලහාමි ඇවිදිනවා
ජරස්! බරස්!
ජරස්! බරස්!
රාලහාමි ඇවිදිනවා...
කුඩා කෙල්ල මහ පාරේ
බඩගින්නේ ළතැවෙනවා
ඇගේ අතේ පොල් කටුවකි
මළකඩ කෑ ටිං කබලකි
රෑ මුරයට ඉන්න අපේ
රාලහාමි ඇවිදිනවා
ජරස්! බරස්!
ජරස්! බරස්!
රාලහාමි ඇවිදිනවා...
වන්නියේ සේවය කරද්දී වැව් බැම්ම දිගේ මොටෝ රිය පදවාගෙන යද්දී ඒ අසල වැවේ තනිවම දිය නාමින් සිටි සුරූපී තරුණියක දුටු කුමාරගම කවියා හිතෙන් කවිය හදාගෙන ගොස් මෙසේ ලියා තැබුවේය.
ලස්සන තරුණියක් දුටු විට එතන හද
දැක්කෙමි නාන හැටි තනියම වැවෙහි හිඳ
එක්කරගෙන යන්ට හිතුණත් අතින් ඇද
රැක්කෙමි දිසාපතිකම දුක් විඳල ලද
කුමාරගම ජීවත්ව සිටි මුළු කාලයේම සේවය කර ඇත්තේ, වන්නිය, පස්සර, අලියාවැටුණු වැව, කොත්මලේ සහ කොලොන්න ආදි දුෂ්කර ප්‍රදේශවලය. ඒ වනගත ගැමි පරිසරය ඔහුගේ කවිත්වය වඩාත් ඔප් නැංවීමට හේතු වන්නට ඇත.
හේරත් හාමි, අයියනායක, සහ ආරච්චි රාල වැනි වටිනා කවි පන්ති ඔහු අතින් ලියැවී ඇත්තේ ඒ දුෂ්කර ප්‍රදේශවල සේවයේ යෙදී සිටියදීය.
විමසිල්ලට ලක්විය යුතු ඔහුගේ තවත් කවියක් මෙසේ ය.
ඉර හඳ තිබේ බටපොතු පෙට්ටියක වසා
ලොව හොඳ නොහොඳ ඇත මගෙ ලේ බිඳු ද අසා
ලෝකය වටකුරුය කීවොත් එය ද මුසා
බල්ලෝ බුරති හඳ හතරැස් නොවන නිසා
මානව දයාවෙන් පිරුණු හදවතක් නැති කෙනකුට කවිත්වයක් පිහිටන්නේ නැත. ඒ බව කුමාරගමගේ කවිත්වයෙන් පැහැදිලි වෙයි. ඔහු ලියා ඇති හැම කවියකින්ම ඒ බව පැහැදිලි වෙයි. නූගත් අහිංසක ගැමියන්ගේ චර්යාවන් දෙස ඔහු බැලුවේ සානුකම්පික හැඟීමකින් යුතුවය. ගැමියන්ගේ පාරම්පරික විශ්වාසයන් සහ ඇදහිලි නිවැරැදි කරන්ට ඔහු ගියේ නැත. ඒවා තමා නොකළත් ඒ දෙස දයානුකම්පාවෙන් බලා සිටියේ මෙසේ ය.
සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
කෙම්මුර දවස්වල පහනින් සැරසීම
වන අතු කඩා ගස් දෙබලෙක දැවටීම
මා නොකෙරුවත් නො කරමි එය ගැරහීම
කුමාරගම වන්නියේ සිටියදී ලියන ලද කවි අතුරින් වඩාත්ම අගනා කවිපෙළක් ලෙස 'අයියනායක' කවිපෙළ හැඳින්විය හැකිය. වනගත ගැමි පරිසරයේ වෙසෙන අහිංසක මිනිසුන්ගේ සිතුම් පැතුම් සහ හැඟීම් නිර්ව්‍යාජ ලෙස මේ කවිවලින් පිළිබිඹු වෙයි. වනගත දෙවි දේවතාවුන් කෙරෙහි ඔවුන්ගේ ඇති ගෞරව සම්ප්‍රයුක්ත බියජනක බව කුමාරගම මනා ලෙස කවියෙන් විස්තර කරයි.
දෙවි දේවතාවුන් වෙසෙන මහ වනේ
පවතින බලය ඇඟ ලොම් තුඩකට ද දැනේ
මොළයෙන් තමා ලෝකයෙ සුවය වැනසුණේ
මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වුණේ
මළ හිරු බැස යන හැන්දෑවේ වනය මත තෙරපී සඳ රැස් ගලා යන චමත්කාරය දැක කවියා උද්දාම වී මෙසේ කියයි.
වනපෙත දැවෙන විට වැද මළ හිරුගෙ රත
ගනඳුර වසන විට ආලෝකයෙහි නෙත
සඳ රැස් ගලන විට තෙරපී වනය මත
එක දෙවියෙක් නොවේ දහසක් එතැන ඇත
සෞන්දර්ය ලෝලීයකු වූ ජීවිතයේ යථාර්ථය මනැසින් දැක කවි ලියූ කුමාරගම කවියා හදිසියේ බරපතළ ලෙස රෝගාතුරව සිටියදී රෝහල්ගත වීමට කලින් කවි දෙකක් ලියා පී. බී. අල්විස් පෙරේරා කවියාට තැපැල් කර යවා ඇත. ඒ ඔහුගේ අතින් ලියැවුණු අන්තිම කවි දෙකය.
එය මෙසේ ය.
අලුත් එළියක ලකුණු මතු වෙයි
එදෙස හිරු රැස් අනුව යන්නම්
මගේ අදහස් මැරෙන්නේ නෑ
ඔබට එය අඩු නැතිව දෙන්නම්
උදෑසන මල් වී පිපෙන්නම්
රෑට හඳ එළියකින් එන්නම්
ඔබේ සුවඳත් මගේ සුවඳත්
එකට කැටි කළ සුළඟ වෙන්නම්
ගමෙන් පිට ඈත පළාත්වල මුළු කාලයම ගෙවී ගියත් තමා දිනූ ගම ඔහුට අමතක වූයේ නැත. කොහේ කොතැනක විසුවත් තමාට හිමි උරුමය ඇත්තේ නාරම්පනාවේ බව ඔහු ලියා තැබුවේය.
නිතරම නිවෙස් වූ හුදු වාසනාවට
කඳු වැටිවලින් මා දිනු ගම උනා වට
මෙලෙසට ගමෙන් පිට පියවර ගෙනා වට
මා උරුමයකි මගෙ නාරම් පනාවට
වෙනසට පත්වුවද අද ඔබෙ මුහුණු වර
සැනසුම ලබමි නම සිහි වන සියලු වර
ඔබ හැර මෙසේ අද පසුවන නමුදු දුර
රැක ගනු මැනවි මගෙ ඇටකටු තුරුලු කර
කුමාරගම ලියූ පරිදිම ඔහුගේ දේහය මිහිදන් කරන ලද්දේ ඔහුගේ උරුමය වූ නාරම්පනාවේ නිවස අසලම ඇති කඳු ගැටයකය.
පසුගිය දා මධ්‍යම පළාත් සභාවේ මහ ඇමැතිව සිටි ඩබ්ලිව්. පී. බී. දිසානායක මහතා කුමාරගම කවියාට උපහාරයක් වශයෙන් නාරම්පනාව විද්‍යාලය විමලරත්න කුමාරගම මහා විද්‍යාලය යනුවෙන් නම් කළේය.

Sunday, January 10, 2016

මම පොත් නැව බැලී­මට ගිය දා


කොළඹ වරා­යට බුරු­මයේ සිට පොත් නැවක් පැමිණි බව පුව­ත්ප­ත්වල පළ විය. නැවේ නම Logos Hope ය. එය ඉතා විශාල නැවකි. නැවට ඇතු­ළු­වී­මට පැය දෙකක් පමණ පෝලිමේ සිටී­මට අපට සිදු­විය. වරා­යට අප රැගෙන ගියේ බස­ය­කිනි. එම නැව තුළ අව­න්හ­ලක් ද විය.
මම පොත් ප්‍රද­ර්ශ­න­යෙන් පොත් මිලදී ගත්තෙමි. නැවේ විවිධ රට­ව­ල්ව­ලින් පැමිණි මිනිස්සු හාර සිය­යක් පමණ සේවය කළහ. මම ඔවුන් සමඟ කතා කලෙමි. නැව ඇතුළේ සිට පිට­තට පැමිණි අපට දැනුණේ මහත් ප්‍රීති­යකි. ඈතින් ගාළු­මු­ව­දොර පිටිය දිස්විය. හිරු රතු ගිනි බෝල­යක් මෙන් මුහුදේ ගිලෙ­න්නට විය. වහ වහා කොටුව දුම්රි­ය­ප­ළට ගිය අපි දුම්රි­ය­කට නැග්ගෙමු. දුම්රියේ යන විට අපගේ ගතට සිසි­ලක් දැනුණි. අපි පාන­දු­රින් බැස නිවස කරා ආවෙමු.
නදීප් පෙරේරා
5 ශ්‍රේණිය 'බී',
බණ්ඩා­ර­ගම ජාතික පාසල,
බණ්ඩා­ර­ගම.

http://www.silumina.lk/2016/01/10/_art.asp?fn=au160110

මහ වර්ෂාව

බින්දු බින්දු ආකා­සෙන් පොළ­වට එන්නේ
තුරු­ලිය හෙම හිත සතු­ටින් නැටුම් නටන්නේ
දිය පහ­රත් හෙමින් සැරේ ඉහළ නඟින්නේ
කුරුලු පැටවු කැදැල්ලෙ සිට බලා සිටින්නේ

වහින විට ගස්වැල් හෙම නැළ වෙතී
දිය දහරා මිදුල උඩින් ගලා එතී
පුංචි කුසුම් පිපී සුවඳ බෙදා නිතී
මෙය දැකලා පුංචි ළමයි රඟ දෙතී

අකුණු ගසා ගෙර­විලි හඬ රැව් දෙතී
කුරුලු පැටව් මේ සද්දෙට බිය වෙතී
පුංචි ළමයි අම්මා වෙත දිව යතී
ටික මොහො­තින් වැස්ස ටිකක් අඩු වෙතී

දැන් නැව­තත් සිසිල් සුළඟ හමා එතී
ඒ සම­ඟම මද වැස්සක් කඩා එතී
ආකාසේ සුදු පාටින් වේළී යතී
පුංචි ළමයි අම්මා ළඟ සැන සෙතී



කේ.ඒ.ඩී. සෙනුරි තීක්ෂණ
6 ශ්‍රේණිය,
යට්ට­පාත ක.වි.,
යට්ට­පාත 
http://www.silumina.lk/2016/01/10/_art.asp?fn=au160110

Friday, January 8, 2016

වසර 823 කට වරක්‌ උදාවන සුවිශේෂී අවස්‌ථාවක්‌ මේ වසරේ

Image result for 2015 calendar


2016 වසරේ කැලැන්ඩරයේ ජනවාරි සහ ජූලි මාසයේ සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දින 5 බැගින් යෙදී තිබීම වසර 823 කට වරක්‌ උදාවන සුවිශේෂී අවස්‌ථාවක්‌ බව ඉතිහාසඥයෝ සඳහන් කරති.

2021 වසරේ ජනවාරි මාසයේ සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දින 5 ක්‌ යෙදෙන අතර යළිත් වසර 823 කට පසු එනම් 2837 වසරේ අගෝස්‌තු මාසයේ සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දින 5 බැගින් පැමිණෙනු ඇති බව ඉතිහාසඥයෝ සඳහන් කරති. මීට පෙර 2014 වසරේ අගෝස්‌තු මාසයේ පමණක්‌ සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දින 5 බැගින් යෙදී තිබිණි.


රසී වීරසිංහ

http://www.divaina.com/2016/01/08/news10.html

පරෙවියන්ට කෑම දෙන්න එපා


ඉතාලියෙ වැනීසිය නුවර ශාන්ත මාර්ක්‌ගෙ චතුරස්‍රයෙ පරෙවියන්ට කෑම දීම 2008 වසරේ පටන් තහනම් කර තිබෙනවා. පරෙවියන් 50,000 සිට 150,000 ක ප්‍රමාණයකට නිවහන වූ ශාන්ත මාර්ක්‌ගෙ චතුරස්‍රයෙ පරෙවියන්ට කෑම දීම ප්‍රධාන සංචාරක ආකර්ෂණයක්‌ද වී තිබුණා. ඒ වෙනුවෙන්ම සංචාරකයින්ට ඇට ජාති විකුණමින් තම ජීවිකාව ගෙනයන කරත්ත වෙළෙන්දන් බොහොමයක්‌ද චතුරස්‍රයේ බිහි වී සිටියා. නමුත් පරෙවියන් නිසා ගොඩනැගිලි සහ ස්‌මාරක වලට විශාල ලෙස හානි වීමත් ඒ වගේම උන් ජනතාවගේ සෞඛ්‍යයට තර්ජනයක්‌ වීමත් නිසා එම නීතිය පනවා තිබෙනවා. 

http://www.divaina.com/2016/01/03/diyaga01.html

හපන්න පෙර සිතන්න



සිංගප්පූරුවේ චුවිං ගම් හැපීම නීතියෙන් තහනම්. 1992 දී ඒ නීතිය හඳුන්වා දී තිබෙන්නේ පොදු ස්‌ථානවල අලවා ඇති චුවිං ගම් ගලවා පිරිසිදු කිරීම බොහෝ දුෂ්කර විශාල වියදමක්‌ දරන්නට සිදු වූ කාරණයක්‌ වීම නිසයි. විශේෂයෙන්ම උමං දුම්රියන්හි දොරවල චුවිං ගම් ඇලවීම නිසා ඒවායේ ක්‍රියාකාරිත්වයට තර්ජනයක්‌ වී තිබණා. 2002 දි නීතිය වෙනස්‌ කිරීම නිසා වෛද්‍යවරයෙකුගේ නිර්දේශය මත පමණක්‌ සීනි නැති ගම් බෙහෙත් ශාලාවකින් මිළදී ගැනීමේ සහ හැපීමේ හැකියාව ලැබී තිබෙනවා.

Monday, January 4, 2016

බලන්න අදුනනවද කියලා

Mawbima, 2015-12-16 10:44:00

















http://mawbima.lk/98-101297-news-detail.html

දරුවන්ගේ ලෝකය දරුවන්ට නොදීමේ සංවේදනාව

- ‘ඇනී ලෝරි’

“අප අතින් සිදුවී ඇති වැරදි සහ අඩුපාඩු බොහෝ වුවත්, අප සිදුකර ඇති විශාලතම අපරාධය නම් දරුවන් අතපසු කිරීමයි, ජීවයේ උල්පත නොසලකා හැරීමයි. අපට අවශ්‍ය බොහෝ දේ පසුව ලබා ගත හැකි ය. දරුවාට එසේ සිටිය නොහැකි ය. මේ මොහොතේ දී දරුවාගේ අස්ථි හැඩ ගැසෙමින් පවතී; රුධිරය නිපදවෙමින් පවතී; ඉන්ද්‍රියන් වර්ධනය වෙමින් පවතී. අපට ‍ ‘හෙට’ යනුවෙන් දරුවාට පිළිතුරු දිය නොහැකි ය. දරුවාගේ නම අදයි”
(1945 දී නොබෙල් සාහිත්‍ය ත්‍යාගයෙන් පිදුම් ලද ගබ්රියෙලා මිස්ට්‍රාල්)
වැඩිහිටියන් දරුවන් පිළිබඳ කොතරම් සියුම් අයුරින් සැලකිලිමත් විය යුතු ද යන්න පිළිබඳ අදහසක් උක්ත ප්‍රකාශයෙන් ලැබේ. මෙය උපුටන්නට හේතු වූයේ වෛද්‍ය ලංකා සිරිසේන විසින් පරිවර්තනය කරන ලද ‘ඇනී ලෝරි’ කෘතිය යි. ඇමෙරිකානු ලේඛිකා Anne Hall Whitt විසින් තම ජීවන අත්දැකීම් ඇසුරෙන් ලියන ලද ‘The Suitcases’ නවකතාව මෙහි මුල් කෘතිය යි. ඇමෙරිකාවේ උතුරු කැ‍ෙරාලිනා ප්‍රාන්තයේ 1930 දශකයේ මහා ආර්ථික අවපාතය සමයෙහි දිවි ගෙවූ කුඩා දැරියන් තිදෙනකුගේ ජීවන විත්තිය මේ කතාවට විෂය වේ.
මෙහි ආත්මය බවට පත්ව ඇති ඇනී ලෝරි ගීතය බිහි ව ඇත්තේ පැරණි ස්කොට්ලන්ත කවියකු වූ විලියම් ඩග්ලස් (1672 - 1748) විසින් රචනා කරන ලද කවියක් ඇසුරෙන් සැකසුණු ජන ගීයකිනි‍.
දරුවන්ගේ ලෝකයට එෙතයි
මගේ සිතුවිලි
වැඩිහිටියන් වූ අප ද
දරුවන් වී සිටි කාලයක් ඇත
දරුවන්ගේ හදවත් අපි හොඳින් දනිමු
එහෙත් ලෝකයේ ඇස්
දරුවන් වෙත විවරව තිබේ ද?
මේ ගීයෙහි ඇති පරිදි ම ඇනී හෝල් විට් තම නවකතාව ඔස්සේ ලොව දස දෙස වෙසෙන වැඩිහිටියන්ගේ ඇස් දරුවන් වෙත විවර කරන්නට සමත් වූවා ය.
මව අකාලයේ මිය යෑමත් පියාගේ දුප්පත්කම හා නොසැලකිල්ලත් නිසා අසරණ බවට පත් වන දැරියන් තිදෙනකු රජය භාරයට පත් වීමෙන් පසුව ඔවුන්ගේ දිවි සැරිය මෙහි දිග හැරෙයි. බෙටී, ඈන් සහ කැරොලින් යනු මේ දැරියන් තිදෙනා ය.‍ පියා රැකියාවට ගිය දිනෙක දැරියන් සොයා එන්නේ කළු ඇඳගත් කතකි. දරුවන් පාසල් නොයෑම, හරි අහරක් නොලැබීම හා ස්නානය නොකිරීම නිසා අපිරිසිදු ව සිටීම යනාදී කරුණු නිසා අසල්වැසියකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව කළු ඇඳගත් කත පැමිණේ. ඇගේ අතේ කොපි පොතකි. “ඇයි මේ අයි‍ස් පෙට්ටියේ කෑම මුකුත් නැත්තේ?”
“ඔය ළමයි අන්ති‍මට නෑව දවස මොකද්ද?
“ඇයි ළමයෝ ඔයා ඉස‍්කෝලෙනෙ ඉන්න ඕනෑ.”
මේ ඇය දැරියන්ගෙන් අසන ප්‍රශ්න යි. මේ ප්‍රශ්නවලට පිළිතුරු නැත්තේ ඒවා නිවැරදි නිසා ය. කළු හැඳි කත ගෙනෙන සූට් කේස් තුන, දැරියන්ගේ ජීවිතය සමඟ ඉදිරියට යන සුපුරුදු සංකේතය බවට පත්වෙයි. කැප කාර දෙමාපියන් හට බාර කෙරෙන දැරියන් තිදෙනාට බොහෝ විට එබඳු නිවෙස්වල ගත කරන්නට ලැබෙන්නේ කෙටි කලකි. වැඩිහිටියන් ගේ හෝ ඔවුන්ගේ දරුවන්ගේ නොගැළපීම ඊට හේතුවයි. මේ අනුව කළු හැඳි කත සමඟ සූට් කේස් තුන ද රැගෙන කලින් කලට අලුත් දෙමාපියන් සොයා ය‍ෑම ඔවුන්ගේ ජීවන චර්යාව බවට පත්වෙයි.
අවසන මේ දැරියන් තිදෙනාගේ ඉරණම විස‍ඳෙන ‘සැබෑ දෙමාපියෝ’ හමුවෙති. හමුවීමට පෙර ගමන අවිනිශ්චිත ය. ඇනීගේ හදවතට ඇතිවන කම්පනය මෙසේ ය.
“මාර්තු මාසයේ සීතල සුළඟ ගම්බද පෙදෙස් හරහා හමමින් තිබුණි. වැහි වලාකුළු අහස පුරා පාවේ. මා මෝටර් රථයේ කවුළුවෙන් ‍ පිටත බලන විට අනන්තය තෙක් පැතිරුණ අහස් වලාවන් අතර පාවෙනු දැනේ.
“මේ වතාවේ අප රැගෙන යන්නේ කුමන තැනකට ද?
මගේ අසලින් හිඳ සිටින සොහොයුරියන් දෙස බලමි. ඔවුන්ගේ අවපැහැ ගැන්වුණු දුඹුරු පැහැති කබාත්, බලාපොරොත්තු විරහිත සුදුමැලි මුහුණුත් මට පෙනේ. වෙනසක් සිදුවූ සෑම අවස්ථාවක ම අප එයට මුහුණ දුන්නේ බියෙනි. පියා නැවත හමුවීමේ බලාපොරොත්තුව කාලය විසින් සෙමෙන් තුරන් කරනු ලබමින් පවතී‍. අපට ගැලවීමක් නොමැති වියරුවක් වැනි වූ මේ තාවකාලික තත්ත්වය ජීවිතය රැක ගැනීමේ අභියෝගය අප ඉදිරියේ තැබුවේ ය. අපේ අවධානයේ කේන්ද්‍රය වූයේ එම අභියෝගය පමණි.
මෝටර් රථයේ අපේ දෙපා ළඟ තබා ඇති ස‍ූට්කේසය මගේ දෙපාවල ගැටේ. මුලදී නම් මේ වටේ පටි සහිත කාඩ්බෝඩ් පෙට්ටිවලට අපි කිසි කැමැත්තක් නොදැක්වීය. නමුත් දැන් ඒවා අපේ නිදන් ගබඩා වැනිය. අපේ බිඳී විසිරී ගිය, අස්ථිර ජීවිතවල ස්ථිරව පැවතුණේ ඒවා පමණි.”
(91 පිටුව)
දැරියන් තිදෙනාගේ ජීවිත ගමන මුළුමනින් ම වෙනස් කිරීමට බලපාන මවක සහ පියකු හමුවන මොහොතට පෙර ‍‍ඔවුන් ගේ ජීවිත වෙලාගෙන සිටි අඳුරු ප්‍රවාහය ඇනීගේ සිතුවිලි දහරාව ඔස්සේ පිළිබිඹු වේ.
මෙසේ ජෙනින්ස් නියේ, ඔහුගේ බිරිය සහ මැරිලින් නමැති දියණිය ජීවත්වන නිවස ක්‍රමයෙන් ඔවුන්ගේ ද නිවස බවට පත්වේ.
එමෙන් ම අත්හැර දමා තිබුණු අධ්‍යාපනය ලැබීමේ අවස්ථා ද හිමි වේ. වඩාත් වැදගත් කරුණ වූයේ නියේ මහත්මිය දැරියන්ගේ දුබලතා සහ ශක්‍යතා පිළිබඳ අවබෝධයෙන් යුතුව, අභියෝගවලට මුහුණ දෙමින් ඉදිරියට යෑමේ ශක්තිය ඔවුන් සිත්හි ඇති වන පරිදි උපක්‍රමශීලීව කටයුතු කිරීමයි.
එහෙත් ඇනී අධ්‍යාපනය සඳහා හික්මවා ගැනීම නියේ මහත්මියට ද ගුරුවරුනට ද දුෂ්කර වෙයි.
අවසන, අඩු වරප්‍රසාදලාභීන් සඳහා පිහිටුවන ලද විශේෂ විද්‍යාලයක ඉගෙනීමේ අවස්ථාව ඇනීට උදාවෙයි‍. මාතෘ විහීනතාව හෝ පීතෘ විහීනතාවට ලක්වූ දරුවන් අතර දුක සැප බෙදා ගනිමින් ජීවත්වන ඇනී හරි මඟට වැටෙයි. නියේ මහත්මිය ඒ වන විට ඇනීගේ “අම්මා වී හමාරය. ඇනීගේ ජීවිතයේ සාර්ථකත්වයේ රහස, වැදූ අම්මා අහිමි ව සිටි ඇයට හැදූ අම්මාගේ මවු සෙනෙහස ලැබීම ය. ඉගෙනුම අවසන්ව වොෂිංටන් නගරයේ සමාගමක අධ්‍යක්ෂවරයකුගේ ලේකම් ධූරයට පත් වන ඇනී තම පියාගේ මළගමට යෑමට හිත හදා ගනී. එහෙත් හදාවඩා ගත් මවගේ මරණයෙන් ඇය සසල වෙයි.‍
“අම්මා! මට ඔයා නැති ව ජීවත් වන්න බැහැ” ඇය තනිව ම මුහුණයි.
“කවදාවත් බැහැයි කියල කියන්න එපා!”
මවගේ දෝංකාරය ඇයට ඇසෙයි.
ඇනී ලෝරී නවකතාව අතිශයින් සංවේදී එකක් වීම හා සමාජමය අගයකින් යුක්ත එකක් වීම කෙරෙහි බලපා ඇති ප්‍රධාන කරුණ වන්නේ ඇනී හෝල් විට්, වඩාත් විවෘත ලෙස තම ආත්මීය සංවේදනා ඊට පිවිසුවීම යි. එමෙන් ම ඇය සහ සොයුරියන් මුහුණදුන් දුක්වේදනා දෙස උපේක්ෂාවෙන් බැලීමේ ගුණය ද පීඩක යන්ත්‍රය කෙරෙහි වෛරී සහගත වීම වෙනුවට ඊට හසු වූ මිනිසුන්ගේ හැඟීම් තේරුම් ‍ගැනීමට උත්සාහ කිරීම ද තවත් විශේෂත්වයකි.‍
ආර්ථික, සමාජමය හෝ වෙනත් හේතුන් මත දිවි මං තලාවේ අතරමං වන දරුවන් හට ජීවිතය ලබාදීම රාජ්‍යයේ වගකීමක් කොට සලකන ආකාරය සමාජ සේවා දෙපාර්තමේන්තුවෙහි රාජකාරි කරන කළු ඇඳගත් කාන්තාවගෙන් පිළිබිඹු වේ. ලොව පුරා විවිධ හේතු මත මිය යන, අසරණ බවට පත්වන හෝ ශ්‍රමිකයන් බවට පත්වන බිලියන ගණනක් වූ දරුවන්ගේ ජීවන විත්තිය පිළිබඳ අපගේ ඇස් ඇරවීම ඇනී ලෝරි නවකතාවේ මූලික වැදගත්කම යි. එනිසා මෙය නිරවුල් බසින් සිංහලට නැඟූ වෛද්‍ය ලංකා සිරිවර්ධන අපගේ ප්‍රශංසාවට ලක් වෙයි.

අපි යමු ඉස්කෝලේ


නොදැනිම ගියානේ අපෙ සෙල්ලම් කාලේ

පොත් ටික ගනිමු සඟවා තැබූ උඩුමාලේ

එක රෑනේ වැටී මුතු මෙන් එක නූලේ

අකුරු කරන්නට අපි යමු ඉස්කෝලේ