V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Friday, December 27, 2013

මුල්තැන දැන ගත්තේ අම්මාගෙන්

මුල්තැන දැන ගත්තේ අම්මාගෙන්


කොළඹ දේවි බාලිකා විදුහලේ මෙත්සරණි ලොකුගේ උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ලැබුවාය. ඇය දේවි බාලිකා විදුහල්පතිනි ප්‍රදීපා සමරසිංහ මහත්මියගේ දියණිය වීම මේ ජයග්‍රහණයේ විශේෂත්වයයි. මෙත්සරණී සිය මෑණියන් සමඟ ප්‍රතිඵල ලේඛනය පිරික්සන අයුරු. නීතිඥවරියක වීම ඇගේ අනාගත බලාපොරොත්තුවයි. සේයාරුව - සුදම් ගුණසිංහ

අලුත් පොත් ගබඩාවල පාසල් සිසුන්ට පරණ පෙළ පොත්



අලුත් පොත් ගබඩාවල

පාසල් සිසුන්ට පරණ පෙළ පොත්

රජය වාර්ෂිකව පෙළ පොත් මුද්‍රණය සඳහා රුපියල් මිලියන 2700 ක මුදලක් වෙන් කළත්, භාවිතයට ගත නොහැකි තත්ත්වයේ පෙළපොත් ශිෂ්‍යයන්ට ලබා දී ඇති බවට පැමිණිලි රාශියක් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට ලැබී ඇත.
මෙසේ විදුහල් රාශියක ශිෂ්‍යයන්ට ලබාදී ඇති බොහොමයක් පොත් අතර වසර තුනකට වඩා පරිහරණය කළ පෙළ පොත් වන අතර ඇතැම් පොත් කිසිසේත් භාවිතයට ගත නොහැකි පරිදි පිට කවර ද ඇතුළු පිටු ද ඉරී ගිය, ඡායාරූප කපා ඇති හා කුරුටු ගා විනාශ කළ පොත් ය. අලුත් පොත් පාසල් ගබඩා වල, පුස්තකාල වල ගබඩා කර තිබියද‍ී මෙසේ පරණ පොත් ශිෂ්‍යන් අතට පත් කිරීමේ චෝදනාව එල්ල වී ඇත්තේ විදුහල්පති වරුන්ට ය.
මේ පිළිබඳව ‘සිළුමිණ’ කළ විමසීමකදී අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් තිස්ස හේවාවිතාරණ මහතා පැවැසුවේ වසර තුනකට පෙර මුද්‍රණය කළ පොත් පවා මෙලෙස බෙදාහැරීමට සමහර විදුහල් ක්‍රියාකර ඇති බවත් එසේ පරණ පොත් ළමයින්ට ලබාදීම ඉතා නුසුදුසු ක්‍රියාවක් බවත් ය. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මෙවරත් පෙර සේම පාසල් වලින් අවශ්‍ය සංඛ්‍යා ලේඛන ලබාගෙන අවශ්‍ය තරම් අලුත් පාසල් පෙළ පොත් ලබාදී ඇතත් මෙසේ පරණ ඉරී ගිය පෙළපොත් ශිෂ්‍යයන් අතට පත් කිරීම සම්පූර්ණයෙන් ම වැරැදි ක්‍රියාවක් බවත් ඔහු වැඩි දුරටත් පැවැසීය.
මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අස්සනින් යුතුව විශේෂ චක්‍රලේඛයක් සියලුම විදුහල්පතිවරුන්ට යවා ඇති අතර ඒ මඟින්, එවැනි පරණ පොත් ලබාදී ඇති පාසල් වෙතොත් ඒවා නැවත ලබාගෙන පෙළපොත් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව හරහා ලබාගෙන නැවතත් ශිෂ්‍යයන්ට ලබාදිය යුතු බවත් එමඟින් තරයේ අවවාද කර ඇත. කෙසේ වෙතත් ඉදිරියේදී මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් කිරීමටත් මේ අවවාද පිළිනොගන්නා විදුහල්පතිවරුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි‍.

Thursday, December 12, 2013

රටත් - දැයත් පුබුදුවා ලූ වාදීභසිංහයාණෝ

රටත් - දැයත් පුබුදුවා ලූ වාදීභසිංහයාණෝ

අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණන්ගේ 10 වැනි අනුස්‌මරණය 2013.12.12 දිනට (අදට) යෙදී ඇත.

ගංගොඩවිල සෝම හිමි වන්a යතිවරයාණන් වහන්සේලා ඉතා අල්පය. ශීලයෙන්, ගුණයෙන් හා Æණයෙන් පරිපූර්ණ වූ සහ ජාතික හා සාමාජික සේවා අංශයෙන් ප්‍රමුඛස්‌ථානයෙහි වැඩ සිට රටට හා ශාසනයට මිල කළ නොහැකි සේවාවක්‌ කළ උන්වහන්සේ මීට වසර දහයකට පෙර අපට අහිමි විය. එය මුළු ජාතියේම අභාග්‍යයකි.

උන්වහන්සේ සසරින් පතාගෙන ආවේ පැවිද්දටමයි. අති පූජ්‍ය අම්පිටියේ රාහුල ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සමග ඇතිවූ ඇසුර හා කතාබහ විකසිත වන්නට තිබූ පුෂ්පයකට හිරු එළිය වැටුණා හා සමාන විය. තරුණ සෝමරත්නයන්ගේ සිත කෙමෙන් කෙමෙන් පැවිදි වීම කෙරෙහි යොමු විය. මේ පුෂ්පය විකසිත වීමට අවශ්‍ය පෝෂණය සහ ජලය නිරන්තරව රාහුල ලොකු හාමුදුරුවන් විසින් සපයන ලදී.

තම ජ්‍යෙෂ්ඨ පුත්‍රයාගේ පැවිදි වීම සඳහා ඇති නැඹුරු වීම අවබෝධ කරගත් සෝමරත්න තරුණ මහතාගේ දෙමවුපියෝ එයට විරුද්ධ වූහ. පැවිද්දට තමන් තුළ ඇති බලවත් කැමැත්ත තම දෙමවුපියන්ට ඒත්තු ගැන්වීමට සහ ඔවුන්ගේ කැමැත්ත ඒ සඳහා ලබා ගැනීමටත් ඔහු වර්ෂ ගණනාවක්‌ මහත් ඉවසීමෙන් බලා සිටියහ. තම ගමේ පන්සල වූ ගංගොඩවිල සුභද්‍රdරාමයෙන් ඔහු ලැබූ ආගමික පරිසරය සහ වජිරාරාම දහම් පාසලේ ගුරුවරයකු ලෙස ලැබූ අත්දැකීමත් ඔහුට පැවිද්ද ලබා ගැනීම සඳහා මහත් සේ බලපෑමක්‌ ඇති කළේය.

ඒ අනුව 1974 සැප්තැම්බර් මස 24 වැනි දින පරම පූජ්‍ය මඩිහේ පඤ්Æසීහ මහානායක මාහිමිපාණන් වහන්සේගේත් අම්පිටියේ ශ්‍රී රාහුල මාහිමියන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් උක්‌ත උපශාන්ත තරුණයා "ගංගොඩවිල සෝම" නමින් ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් වූයේ එපරිද්දෙනි.

පැවිදි බිමට ඇතුළත් වූ දා සිට උන්වහන්සේ ත්‍රිපිටකය හදාරන්නට පටන් ගත්හ. උන්වහන්සේ මහඔය වෙහෙරගල ආරණ්‍යයේ සහ මාතලේ ෙච්තියගිරි ආරණ්‍යයේ වැඩ විසූ කාලවල මෙම කාර්යයට මුල්තැන දුන්හ. මේ හැදෑරීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් පසු කලක බොහෝ දෙනාගේ මවිතයට හේතු වන අයුරින් ධර්මදේශනා හා ධර්ම සාකච්ඡාවන්හිදී විෂය කරුණුවලට අදාළ වන සේ බුද්ධ වචනය නිවැරැදිව උපුටා දක්‌වන්නට උන්වහන්සේ සමත් වූහ.

උන්වහන්සේ තුළ තිබූ අනලස්‌ ස්‌වභාවය හා ධෛර්ය සම්පන්න භාවය සමග විශේෂ සංවිධාන හැකියාවත් සෝම හාමුදුරුවන් සතුව තිබූහ. මෙම විශේෂ හැකියාව හොඳින් අවබෝධ කරගත් පරම පූජ්‍ය මඩිහේ පඤ්Æසීහ ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ "තරුණ සවිය වැඩසටහන" තවදුරටත් ඉදිරියට ගෙන යැමේ වගකීම සෝම හාමුදුරුවන්ට පැවරූහ. තරුණ ශක්‌තිය නිවැරැදි ලෙස රට- දැය - සමයට වැඩ ඇති ලෙස, ගොඩනැංවීමේ අරමුණින් මහානායක හාමුදුරුවන් ආරම්භ කළ වැඩසටහනකි. තරුණ සවිය, මහානායක මාහිමියන් වහන්සේ බලාපොරොත්තු වූ ලෙස එම කටයුතු විධිමත් ලෙසත් දීර්ඝ කාලීන ලෙසත් වර්ධනය වූයේ සෝම හිමියන් හා උන්වහන්සේ හා සංවිධානය වූ පිරිසගේත් බලවත් උනන්දුව නිසාය. මෙම ක්‍රියාකාරකම් අතර. සීල සමාදාන, චාරිකා, ධර්ම දේශනා, රෝහල් පිළිසකර කිරීම, ශ්‍රමදාන කටයුතු ආදී ශුභසාධන ක්‍රියාවන් විය.

සෝම හාමුදුරුවන් කළ ධර්මදේශනා විශේෂයෙන්ම තරුණ පිරිස ඉලක්‌ක කරගත් අතර එම දෙසුම් තරුණ තරුණියන්ගේ මහත් ප්‍රබෝධයට ලක්‌ විය.

භික්‍ෂුවක්‌ වශයෙන් උන්වහන්සේගේ දිවිය ඉතාමත් ජනප්‍රිය විය. එසේම ඉතාම කාර්ය බහුල විය. තමන් වහන්සේගේ දහම් අරමුණු, මිනිසා සුචරිතවත් කිරීමේ ආධ්‍යාශයන් මුදුන් පමුණුවා ගැනීමට ඒවා සුදුසු අවස්‌ථාවන් කොට කල්පනා කළ උන්වහන්සේ දොම්නසක්‌ නැතිව පසුබෑමක්‌, උකටලී වීමක්‌. මැසිවිලි නැඟීමක්‌ නැතිව, ලාභාපේක්‍ෂාවලින් තොරව එම ආරාධනා ඉටු කර දුන්හ. උන්වහන්සේගෙන් සම්බුද්ධ ශාසනයට, ජාතියට සහ ජනතාවට සිදුවූ සේවය මිණිය නොහැකි තරම් විශාලය. උන්වහන්සේගේ අපවත්වීමෙන් ඇතිවූ හිඩැස වෙනත් කිසිවකුගෙන් පිරවිය නොහැකිය.

ධෛර්ය සම්පන්න භාවය උන්වහන්සේගේ දිවියෙහි තිබූ විපුල ගුණයකි. ලාභයන් හා අපහාසයේදීත් එකම අයුරින් පිළිගැනීමට උන්වහන්සේ සතුව තිබූ ධීර ගුණය ආදර්ශවත්ය. විපතෙහිදී ධෛර්යයත් - සැපතෙහිදී, ඉවසීමත් උන්වහන්සේ ප්‍රගුණ කළහ. ඔස්‌ටේ්‍රලියාවේදී සසුන් සේවා ආරම්භ කොට වැඩිකල් යන්නට මත්තෙන් එහි ජීවත් වූ ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනකු උන්වහන්සේට නින්දා - පරිභව - චෝදනා කරමින් වාස වීසාව අවලංගු කර දමන තරමට විරුද්ධ ව්‍යාපාරයක්‌ ආරම්භ කර තිබිණි. එවැනි අවස්‌ථාවකට වෙනත් භික්‍ෂුවකට මුහුණ දෙන්නට සිදු වූවා නම් ඒවා සිවුරු හැර යන තරමට කලකිරීම් උපදවන දරුණු චෝදනාය. උන්වහන්සේ ඒ කිසිවකිනුත් සැලුණේ නැත. ධර්මය පුරුදු පුහුණු කරමින් ලැබූ දැඩි අධිෂ්ඨානයෙන් නිර්භයව හා ඉවසීමෙන් කවරදා හෝ සත්‍යය එළිවේය යන අදහසින් සිය පුරුදු කටයුතු කරගෙන යැමට සමත් වූහ.

සුඛ විහරණ අපේක්‍ෂා නොකළ උන්වහන්සේ අල්පේච්ඡ සන්තුෂ්ටි ගුණයන්ගෙන් ශෝභමාන වූහ. ලැබෙන හැම දෙයක්‌ම උන්වහන්සේ ප්‍රත්‍ය ලාභය හිඟ පන්සල්වලට සහ අසරණ දුගී ජනතාවට පරිත්‍යාග කරන්නට පටන් ගත්හ. ඈත පිටිසර ප්‍රදේශවලට ගොස්‌ තමන් වහන්සේට ලැබුණු පිරිකරත් දායක දායිකාවන්ගේ දානමානාදියත් පිරිනැමීමට උන්වහන්සේ ඉතා රුචි වූහ.

අවිවාදයෙන් ම සෝම හිමියෝ ඉතා දක්‍ෂ ධර්ම සන්නිවේදකයකු වූහ. උන්වහන්සේට විචාරශීලීව දහම් විවරණ, නිර්භය විවේචන නිසා පැසසුම් මෙන්ම ගැරහුම් ද තදින් එල්ල වන්නට විය.

"අපගේ ධර්ම දේශනා සෑම විටම ඉලක්‌ක වන්නේ බුදුන් වහන්සේගේ බොදු මගට පිටුපාන බෞද්ධයන් වෙතයි. බුදු සසුනේ වර්තමානය පිළිබඳව කරුණු සලකා බලන බෞද්ධ භික්‍ෂුවකට එවන් වැදගත්කමක්‌ ඇති වෙනත් මාතෘකාවක්‌ ඇතැයි අප සිතන්නේ නැත."

"බෞද්ධ භික්‍ෂුවක වශයෙන් මා ධර්ම දේශනා කරන්නේ බුදුන් වහන්සේගේ නියම ධර්ම මාර්ගය දක්‌වමින්, ඔවුන් නැවතත් බොදු මගට යොමු කරවා ගැනීමේ අරමුණ ඇතිවයි."

මෙම අරමුණ සාක්‍ෂාත් කර ගැනීම සඳහා මහත් පරිශ්‍රමයෙන් සහ නිරන්තරව ක්‍රියාත්මක වූ කළ උන්වහන්සේ ඒ වෙනුවෙන් ලැබෙන පැසසුම්වලදී උපේක්‍ෂා වූ අතර. ගැරහුම් කිසිත් ගණනකට නොගත්හ. "බොහෝදෙනා බැණුම් අහන්නේ හොර - මැරකම් කරලා. මා බැණුම් අහන්නේ බණ පදයක්‌ කියලාය" සෝම හිමියන්ගේ ප්‍රාචාර්ය වූ පැළෑණේ ශ්‍රී වජිරCදාණ මහානායක මාහිමියන් වරක සඳහන් කළ මෙම අදහස උන්වහන්සේගේ සිතෙහි ලැගුම් ගත්තාට සැකයක්‌ නැත.

සෝම හිමිපාණන් වහන්සේ දක්‍ෂ ලේඛකයකු වශයෙන්ද, පද්‍ය රචකයකු වශයෙන් ද ජන සම්මානනීය වූහ. උන්වහන්සේ විසින් රචිත පොත්පත් හා ලිපි සිය ගණනකි. ජාතිය සුචරිතවත් කිරීමේ අභිලාෂයට මේ හැම ලිපියක්‌ම සාක්‍ෂි දරයි. උන්වහන්සේ පසුකලෙක ආරම්භ කළ ජනවිජය පදනමේ තේමාව හැටියට ගනු ලැබුවේ "සදාචාරය ජාතියක සෞභාග්‍යය උදා කරයි" යන්නය. එය මඩිහේ මහානායක මාහිමිපාණන් වහන්සේගේ "මිනිහා හැදීමේ" තේමා පාඨය විද්‍යමාන කරයි.

සෝම හිමිපාණන් සෙසු භික්‍ෂූන් වහන්සේලා සමග නිරහංකාරව හා නිහතමානීව ජීවත් වූ භික්‍ෂුවකි. උන්වහන්සේ ඉතා ශ්‍රද්ධා සම්පන්න සහ මහණකමට ඉතා ආදරය කළ මහණකමේ වටිනාකම අනුන්ටත් කියා දුන් භික්‍ෂුවකි. සිය මහණකම නොකෙළෙසා ගැනීමට උන්වහන්සේ බොහෝ පරිස්‌සම් වූහ. "වජිරාරාම සම්ප්‍රදාය" අති ඉහළින් පෝෂණය කළ විශේෂ චරිතයකි. සෝම හිමිපාණෝ උන්වහන්සේගේ දේශනා ශෛලියෙන් ප්‍රභාවත් වූයේ එකී අනන්‍යතාවයි.

1977 න් පසු මේ රටේ ක්‍රියාත්මක කළ විවෘත ආර්ථික ක්‍රමයත් සමග සමාජයෙහි ඇතිවූ ශීඝ්‍ර සදාචාර පරිහානිය සංස්‌කෘතියක්‌ ගැන සිතූ හැමදෙනාටම බෙහෙවින් රිදුම් දෙන්නක්‌ විය. මෙම ආර්ථික රටාව නිසා ඉක්‌මනින් පෝසත් වන්නටත්, තරගකාරීව අනෙකා අභිබවා ආත්මාර්ථකාමීව නැඟෙන්නට මිනිසා පෙළැඹීමෙන් සංස්‌කෘතික ධර්ම වේගයෙන් බිඳ වැටෙන්නටත් පටන් ගත්තේය. සෝම හිමිපාණන් දීර්ඝ වශයෙන් මේ කරුණු පිළිබඳව සාකච්ඡා කළහ. "හොඳ නරක පිළිබඳ විශ්වාසය මෙන්ම ලැ-ජා භය පිළිබඳ සම්මතය ද මේ සමාජයට වලංගු නැත. ඒ නිසාම මිනිස්‌ වෙසින් පෙනීසිටින රකුස්‌ සමාජයක්‌ අප වටා නිර්මාණය වී තිබේ. නමුත් එයට එරෙහිව නැඟෙන සමාජ විරෝධයක්‌ නැත. "රාජා භවතු ධම්මිකෝ" යනුවෙන් සම්මත වූ ධර්මිෂ්ඨ සමාජය වෙනුවට අද බිහිවී තිබෙන්නේ ප්‍රචණ්‌ඩ වූද, සාහසික වූද, සමාජයකි."

මේ සමාජය තුළ රජයන්නේ මෘග සංස්‌කෘතියකි. මානව සබඳතාවන් බිඳී ගොස්‌ තිබේ. මෛත්‍රීය, දයාව, ආදරය, පරාර්ථ චර්යාවන් වැනසී තිබේ. යසස්‌ කාමයෙන්ද, තෘෂ්ණාවෙන් ද අන්ධව පුද්ගලයන් සිය පැවැත්ම සඳහා නොකරන නොපහත්කමක්‌ නොවෙයි. සෙස්‌සන් පසුකොට දමා දිව යැමට තැත් කරන මිනිසුන්ගේ මී පොරය හැම තැනකම දැකගත හැකිය. මේ නිසා ම ආධ්‍යාත්මික ගුණ වගාවෙන් පිරිපුන් පුද්ගලයා සමාජය තුළ හුදෙකලා මිනිසකු බවට පත් වේ.

දිවයිනේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර ධර්ම දේශනා සඳහා වැඩම කළ සෝම හිමිපාණන්ට සමාජය කැඩී බිඳී යන ආකාරය පසක්‌ විය. හුදෙක්‌ ධර්ම දේශනා තුළින් පමණක්‌ මේ සමාජ ව්‍යසනයෙන් ජනතාව ගලවා ගත හැකිදොa යන සැකය උන්වහන්සේගේ සිත තුළ ක්‍රම ක්‍රමයෙන් ලියලන්නට විය. මෙම තත්ත්වය උන්වහන්සේ ගේ සිත රිදුම් දෙන්නක්‌ විය.

අති පූජ්‍ය මඩිහේ පඤ්Æසීහ මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ විසින් බුද්ධ ශාසනයට පරිත්‍යාග කරන ලද ශීලය, විනය සහ ප්‍රඥාවෙන් හෙබි විශිෂ්ටතම භික්‍ෂුව වූ සෝම හිමිපාණන් අපට අහිමි වූයේ උන්වහන්සේa මෙරටට හා ශාසනයට අත්‍යවශ්‍යම අවධියේදීය.

වැරදි දෘෂ්ටි අනුගමනය කරමින් අඳුරේ දුක්‌ වින්ද ජනතාවට නිවැරැදි මාර්ගය අවබෝධ කර ගෙන ඒ මග තෝරා ගැනීමට සෝම හිමිපාණන්ගෙන් සිදුවූ සේවාව එම ජනතාවට මහත් අස්‌වැසිල්ලක්‌ ලබා දුන්හ. දෙවිවරුන් යදිමින් මේ පිළිබඳව උන්වහන්සේ හුදෙක්‌ම කතා කළේ නැත. ඒ පිළිබඳව සත්‍ය තොරතුරු" සංඛ්‍යා ලේඛන සහිතව, රජයට මේ වසංගත දෙකෙන් ලැබෙන ආදායම අභිබවා එයින් රටකට සිදු වන පරිහානිය (රටකට සහ පවුල්වලට මිනිස්‌ ජීවිත අකාලයේ අහිමි වීම ශාරීරික දුබලතා සහ රජයකට එයින් රෝගී වූවන්හට ප්‍රතිකාර සඳහා වැය වන අධික වියදම) පැහැදිලි කළහ.

වෙනත් භික්‍ෂූන් ශ්‍රාවකයන්ට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන ලෙස පැහැදිලි කරන විට,සෝම හාමුදුරුවෝ තෝරා ගත්තේ, වෙනත් ක්‍රමයකි. උන්වහන්සේ ඉල්ලා සිටියේ මිස දිටු අදහස්‌ අත්හැර පංචශීලය රකින ලෙසයි. නමුත් උන්වහන්සේගේ ක්‍රමය ශ්‍රාවකයන් අත් නොහළහ. ඔවුහු උන්වහන්සේගේ දේශනා වැළඳ ගත්හ.

සිංහලයන්ට තම ඇස්‌ කන් විදහා සත්‍යය අවබෝධ වීම ආරම්භ වීමට හේතුභූත වූයේ මෙම නව චින්තනයයි. අලුත් තරුණ පරම්පරාවක්‌ මෙම උත්තරීතර බුද්ධ පුත්‍රයා අනුගමනය කළහ. ත්‍රිපිටකය ඉතා සරල ආකාරයෙන් උන්වහන්සේ පැහැදිලි කළහ. එම ධර්ම දේශනා සඳහා පැය ගණන් ගත වුවත් ඔවුන් විඩාවට පත් නොවුණි. එම කාලය ප්‍රමාණවත් නැතැයි ඔවුහු සිතූහ. උන්වහන්සේගේ ධර්මදේශනා තුළින් ඇතිවූ ආගමික ප්‍රබෝධය අතිමහත්ය. විශේෂයෙන් තරුණ පිරිස අතර මේ ප්‍රබෝධය හා වෙනස ඇති කළේ එක්‌ කටකිනි.

යුග ගණනාවකට තවත් එවැනි උත්තරීතර බුද්ධ පුත්‍රයකු පහළ වේ යෑයි අපට සිතාගත නොහැකිය. නමුත් උන්වහන්සේ දෙසූ ඒ ධර්මිෂ්ඨ වදන් ඉවත් කළ නොහැකිය. අමතක කළ නොහැකිය. ජාති ආගම් බේදයකින් තොරව ජනතාව උන්වහන්සේගේ දේශනාවලට ඇලුම් කළහ. එය එක්‌ දෙයක්‌ පැහැදිලි කරයි. සත්‍යයට ජාති ආගම් බේදයක්‌ නොමැති බවයි. බුද්ධාගම ඒ උත්තරීතර සත්‍යයයි. මේ උත්තරීතර ධර්ම කරුණු අවබෝධ කර ගැනීමට නොහැකිවූ විට මිනිස්‌සු යුග සහ කාලවලට අනුව ධර්මයෙන් ඈත් වෙති.

සෝම හිමියන් අවසන් ගමන් යන විට සියලු දෙනාගේම ඇසට කඳුළක්‌ ඉනුවේය. එසේ වීමට හේතු කීපයක්‌ ඇත. අපි අපගේ ජාතියට සහ ආගමට ආදරය කරමු. අප දේශප්‍රේමීන් බවට පත් වූයේ උන්වහන්සේගේ විශිෂ්ට පැහැදිලි කිරීම් නිසාය.

කවුරු මේ ලොව අතහැර ගියත් ඉරු සඳු පවතින තාක්‌. කිසිවකුට බුද්ධ ධර්මය විනාශ කළ නොහැකිය.
සකස්‌ කළේ
මන්ජරී පීරිස්‌


http://www.divaina.com/2013/12/12/feature02.html

පාසල් හා ප්‍රජාව සම්බන්ධීකරණය මගින් තොරතුරු තාක්ෂණය ලබාදීමේ වැඩසටහන ඇරඹේ

ict-2013

පාසල් හා ප්‍රජාව සම්බන්ධීකරණය මගින් තොරතුරු තාක්ෂණය ලබාදීමේ වැඩසටහනේ නිල සමාරම්භක උත්සවය ඊයේ (05)  උත්කර්ෂවත් ලෙස හෝමාගම වටරැක කණිෂ්ඨ විද්‍යාලයේදී පැවැත්විණ.
දැයේ දරුවන්ට තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ සියලු ම වරප්‍රසාද සමාන ලෙස බෙදී යාමට සැලැස්වීමේ මහින්ද චින්තනයේ උදාර ප්‍රතිපත්තිය අනුව යමින් එය අරඹන ලදී. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර මගින් ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක25ම ආවරණය වන පරිදි  පාසල් 33ක් සඳහා තොරතුරු තාක්ෂණ විද්‍යාගාර 33ක් පරිත්‍යාග  කරනු ලැබීය.

(Connect aSchool Connect a Community ) ව්‍යාපෘති වැඩසටහනට අනුව  සෑම දිස්ත්‍රික්කයකටම තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය  බැගින් විද්‍යාගාර 25කුත්  වතු පාසල් 8ක් සඳහාත් මෙම තොරතුරු තාක්ෂණ විද්‍යාගාර   ලබාදෙයි, මේ ඔස්සේ පාසල් සිසු දරුවන් 8500ක් සඳහා ප්‍රතිලාභ සැලසේ.

වැඩසටහන රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික අංශයේ සේවා ආයන රැසක් එකට අත්වැල් බැද ගැනීමෙන් සිදුකෙරෙනු ඇත. අහස් ඉහෙන් සයුරු තෙරෙන් එහා ලෝකයක් අපේ දරුවනට තිළිණ කර දීම අරමුණ කර ගනිමින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මඟින් මෙම කටයුතු සම්පාදනය කෙරේ.ict2-2013

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයින් ලෙස අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජනාධිපති ලේකම්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ලලිත් වීරතුංග, එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ ආසියා සහ ශාන්තිකර කලාපීය කාර්යාලයේ  කලාපීය අධ්‍යක්ෂ  ආචාර්ය ඉයුන් ජු කිම්, ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ ආසියා සහ ශාන්තිකර කලාපීය කාර්යාලයේ ජ්‍යේෂ්ඨ උපදේශක සමීර් ෂර්මා, ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය (ITU) විසින් ක්‍රියාත්මක කරන   පාසල හා ප්‍රජාව සම්බන්ධීකරණය මගින්  තොරතුරු තාක්ෂණය ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ ප්‍රතිලාභ සලසන රටවල් පහ අතුරින් එක් රටක් වශයෙන් ශ්‍රී  ලංකාව තෝරා ගෙන ඇත. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව  ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ සහාය ඇතිව 2011  වසරේදී  ක්‍රිත්මක කළ අකුරැස්ස නියමු ව්‍යාපෘති වැඩසටහන  අවසන් කිරීමෙන් අනතුරුව දිවයින පුරා පාසල් 33ක් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

ict3-2013තොරතුරු තාක්ෂණ උපකරණ සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා වන මෘදුකාංග සහ උපකරණ මෙම වැඩසටහන යටතේ ලබාදේ.

ict4-2013

රට තුළ යටිතල පහසුකම්වල පවතින සංවර්ධන වෙනස්කම්වලට සමාන ලෙසින් තොරතුරු තාක්ෂණයේ ද විශාල පෙරළියක් සිදු කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර ඇති බව මෙම අවස්ථාවට එක් වූ ජනාධිපති ලේකම්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ලලිත් වීරතුංග මහතා පැවසීය. ජනාධිපති ලේකම්වරයා එහිදී තවදුරටත් පවසා සිටියේ 2004 ජනාධිපතිතුමා බලයට පත්වන මුල් අවධිය වන විට රට තුළ තොරතුරු තාක්ෂණ හැකියා මට්ටම 3.9%ක් වැනි අවම මට්ටමක පැවතුන බවත්,ඒ අවස්ථාවේ ජනාධිපතිතුමා පවසා සිටියේ ලංකාවේ තොරතුරු තාක්ෂණය  ගමට රැගෙන යන තුරු එය කවදාවත්ම  දියුණු කළ නොහැකි බවයි. ''මේ රටේ ග්‍රාමීය ජනතාව 70%ක්  සිටිනවා. ගමට තොරතුරු තාක්ෂණය රැගෙන යාමෙන් විශාල පිරිසකගේ තොරතුරු තාක්ෂණ හැකියානවන් වර්ධනය වනවා. එමෙන්ම තොරතුරු තාක්ෂණය ගමෙන් ඈත් කර තබන තාක් කල් කවදාවත්ම ගමේ දරුවෙකුට මෙම විශ්ව ගම්මානයට යාමට නොහැකිය යන ජනාධිපතිතුමන්ගේ ආකල්පය මත මෙම තොරතුරු තාක්ෂණය ගමට ගෙන යාමේ වැඩපිළිවෙළ ක්‍රියාත්ම වී ඇත. ''ICT2013-233

අද වන විට ගමට තොරතුරු තාක්ෂණය ගෙන යාමේ වැඩපිළිවෙළ යටතේ ආරම්භ කෙරුණ නැණසල මධ්‍යස්ථාන ඉතාමත් දියුණු මට්ටමක පවතී. මෙවර අයවැයෙන් රුපියල් බිලියනයක් වෙන් කෙරුණේ තවත් දිවයිනපුරා නැණසල මධ්‍යස්ථාන දහසක් පමණ සැකසීමේ අරමුණ පෙරදැරි කරගෙනයි. මෙම වැඩසටහන යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම නැණසල මධ්‍යස්ථාන අවම වශයෙන් තුනක් වත් ආරම්භ කිරීමට ඉදිරියේදී පියවර ගෙන ඇත.


ග‍්‍රාමීය සහ නාගරික ප‍්‍රදේශ අතර තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ ක්ෂේත‍්‍රයේ පවත්නා පරතරය අවම කිරීම මෙම ව්‍යාපෘතියේ ප‍්‍රධාන අරමුණ වේ. තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණය  සමාජීය සහ ආර්ථිකමය සංවර්ධනය කඩිනම් කිරීමෙහිලා පෙර නොවූ විරූ අවස්ථා සපයන  නමුත් වර්තමානයේදී  තොරතුරු සහ සන්නිවේන තාක්‍ෂණය සඳහා  ප‍්‍රවේශවීම අවමවීම සහ ප‍්‍රායෝගික දැනුමේ ඌනතාවය  ප‍්‍රජාව තවදුරටත් අවධානයට ලක් නොවීමට හේතු වී ඇත.

ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය විසින් මෙම පාසල සම්බන්ධීකරණය කරගත්  තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ මධ්‍යස්ථාන ග‍්‍රාමීය දුෂ්කර සහ ඌන සංවර්ධිත ප‍්‍රදේශවල ජීවත්වන කාන්තාවන්, අවධානයට ලක් නොවූ ජනතාව, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වැනි  අවධානයට ලක් නොවූ  සහ පීඩාවට පත් කණ්ඩායම්වල සමාජ සහ ආර්ථික සංවර්ධනය සාක්‍ෂාත් කිරීම සඳහා ඔවුන් සවිබල ගන්වන  ඉතා  වැදගත් සම්බන්ධතාවක් සපයනු ලබන   ප‍්‍රජාව  සම්බන්ධීකරණය කර ගත් තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ මධ්‍යස්ථාන බවට පත් කිරීම සහ ව්‍යාප්ත කිරීම මෙම ව්‍යාපෘතියෙන් තවදුරටත් අපේක්‍ෂා කෙරේ.

පාසල් ප‍්‍රජා අධිවේගී අන්තර්ජාල  තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ  මධ්‍යස්ථාන ලෙස සේවය සැපයීම පිණිස   සවිබලගැන්වීම සඳහා සම්බන්ධතාවය ප‍්‍රවර්ධනය කිරීමේදී මතුවන ඉතා වැදගත් කරුණු රැසක් පිළිබඳව පූර්ණ අවධානය මෙම වැඩසටහන යටතේ යොමුවේ.

තාක්‍ෂණය අවබෝධ කර ගැනීම සහ ක‍්‍රියාත්මක කිරීමට අදාළ ප‍්‍රතිපත්ති සහ නියාමන පිරිවැය විශ්ලේෂණය ,අඩු පිරිවැය පරිගණක මෙවලම් වැනි අවසාන භාවිතා කරන උපකරණ වලට ප‍්‍රවේශවීමට ගුරුවරුන් සහ දේශීය ප‍්‍රජා සාමාජිකයන් සඳහා මූලික තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ පුහුණුව ලබාදීම, ළමයින් සඳහා ආරක්‍ෂිත මාර්ග ගත සහ භෞතික පරිසරයක් සැපයීම, විශේෂ අවශ්‍යතා සහිත තැනැත්තන් සඳහා සහ සම්බන්ධක තාක්‍ෂණය  සහ ප‍්‍රවේශ විය හැකි පරිසරයක් සැපයීම සහ අධ්‍යාපනය සඳහා සංවර්ධනය  සහ ප‍්‍රවේශය සහිත අන්තර්ගතයන් සැපයීම මෙම වැඩසටන යටතේ ක්‍රියාත්මක වේ.

මෙය සාක්‍ෂාත් කිරීම පිණිස ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය සහ ශී‍්‍ර ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් පරිගණක, ස්කෑන් යන්ත‍්‍ර, අනෙකුත් අවශ්‍ය දෘඩාංග සහ මෘදුකාංග මෙන්ම පරිගණක මධ්‍යස්ථාන වලට භාණ්ඩ ලබා දීම, විදුලි  පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය අරමුදල් සපයා ඇත.

මෙම ව්‍යාපෘති දිගු කාලීනව  පවත්වාගෙන යාම පිණිස පාසල් වලට පරිගණක විද්‍යාගාරවල නඩත්තු  සහ මෙහෙයුම් කටයුතුවල වගකීම පවරමින්  ශී‍්‍ර ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මෙම පාසල් සමඟ ගිවිසුමකට එළැඹෙනු  ඇත. බලපත‍්‍රලාභී දූරකථන ක‍්‍රියාකාර සමාගම් විසින් දැරිය හැකි සහනදායි මිල ගණන් යටතේ මෙම පාසල් සඳහා අන්තර්ජාල පහසුකම් සපයනු ලැබේ.

එනූෂා බණ්ඩාර

© රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු හිමිකම් ඇවිරිණි.
රජයේ නිල පුවත් වෙබ් අඩවියේ පළ කරන පුවත් හෝ විශේෂාංග ලිපි හෝ අන්තර්ගත කරුණු එහි අන්තර්ගතය වෙනස් කිරීමකින් තොර ව භාවිත කිරීමට අවසර ඇත. අපගේ බුද්ධිමය දේපොළ අයිතියට ගරු කරමින් එම පුවත් නැවත පළකරන හෝ විකාශය කරන සියලු මාධ්‍යවල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් එම පුවත ලබාගත් බව සඳහන් කළ යුතු ය.

රිපන් බාලිකා විදුහල්පතිනිය අනුලාවේ විදුහල්පති ධුරයට

රිපන් බාලිකා විදුහල්පතිනිය
අනුලාවේ විදුහල්පති ධුරයට


නිලන්ත මදුරාවල


නුගේගොඩ අනුලා බාලිකා විදුහලේ නව විදුහල්පතිනිය ලෙස ගාල්ල රිපන් බාලිකා විදුහලේ විදුහල්පතිනි පී. එන්. රාජපක්‍ෂ මහත්මිය තේරී පත්ව සිටියි.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවද රාජපක්‍ෂ මහත්මියගේ පත්වීම අනුමත කර පත්වීම් ලිපිය නිකුත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට යවා ඇත.

අනුලා විදුහලට සුදුසුකම් සහිත විදුහල්පතිනියක තෝරා ගැනීම සඳහා පැවැති සම්මුඛ පරීක්‍ෂණයේදී වැඩිම ලකුණු ලබා ගැනීමට රාජපක්‍ෂ මහත්මියට හැකි වූ අතර ඇය 2003 වසරේ සිට මේ දක්‌වා රිපන් බාලිකාවේ විදුහල්පතිනිය ලෙස කටයුතු කරයි. දික්‌වැල්ල විජිත මහ විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙසද පත්ව සිට පසුව හම්බන්තොට කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂිකාවක ලෙසද රාජපක්‍ෂ මහත්මිය කටයුතු කර තිබේ.

ඇය අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනියකි.


ශ‍්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ අතීත සුවද යළි පැතිරෙයි

ශ‍්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ අතීත සුවද යළි පැතිරෙයි
2013 - 12 - 14

Monday, December 9, 2013

මගේ ධාරණ ශක්තිය වැඩි වේවා යි පතන්න

සාමාන්‍ය පෙළ ට මුහුණ දෙන දරුවන්ට

මගේ ධාරණ ශක්තිය වැඩි වේවා යි පතන්න

අනිසි බිය-චකිතය ඉවත් කැර ගන්න

අතුරුගිරියේ සීවලී අසපුවේ අනුශාසක පදලංගල ධම්මදේව හිමි
සා/ පෙළ විභාගයට ඇත්තේ තව දින දෙකයි. මේ දින දෙක තුළත් ඔබ කළ යුත්තේ පෙර සේම පාඩම්වල ඇලී ගැලී සිටීම නොව පාඩම් කටයුතුවලින් මිදී ශාරීරිකව හා මානසිකව විවේකීව ගත කිරීමයි.
දරුවනි ඔබ බලාපොරොත්තු වන ජයග්‍රාහී ඉලක්ක‍ය කරා ගමන් කරවන්නට මේ උපදෙස් ඔබට වඩාත් ප්‍රයෝජනවත් වේවි.
විභාගයට මුහුණ දෙන දුවේ පුතේ’ අම්මේ තාත්තේ ඔබට අද කතා කරන්නේ සීවලී අසපුවේ අනුශාසක පදලංගල ධම්මදේව හිමියෝ ය.
සා. පෙළ විභාගයට තව තිබෙන්නේ දින දෙකයි. මේ වනවිට ලක්ෂ ගණනක දූලා පුතාලා මේ විභාගයට සූදානමින් සිටිනවා, හුඟක් දූලා පුතාලා මේ මොහොත වනවිට දැනුමින් සන්නද්ධයි. නමුත් ඒ දැනුම කළමනාකරණය කරගන්න, තමන් මෙපමණ කාලයක් උකහාගත් දැනුම් සම්භාරය නිසි ලෙස භාවිතාවට ගන්නට සමහරුන්ට නොහැකි වී තියෙනවා. බොහෝ දූලා පුතාලා විභාගයට අනිසි බියක් දක්වනවා.
තවත් පැත්තකින් මවුපියන් දරුවන්ට අවශ්‍ය බියක් පීඩනයක් මෙන් ම ‘ඒ’ ‘බී’ සාමාර්ථ ගැනීමේ පෙලඹවීමක් ඇති කර අවසන්. අපි දන්නවා සෑම දරුවෙක් ම එකහා සමාන දක්ෂතාවක් නැති බව. පසුගිය කාලයේ මේ සම්බන්ධව අප ලද අත්දැකීම් හරි අමිහිරියි. ශාරීරික වද හිංසා කරන බවට තර්ජනය කරමින් තමයි ඇතැම් මවුපියන් දරුවාව විභාගයට යවන්නේ. මේ හේතුව නිසා අවසානයේ තම දරුවන්ගේ වටිනා ජීවිතයත් විභාග ප්‍රතිඵල හේතුවෙන් අහිමි වෙයි. එම නිසා මේ අවස්ථාවේ මවුපියන් පවා අප දැනුම්වත් කළ යුතුයි.
ඔබේ දරුවන් හොඳින් උනන්දු කරවන්න. ඕනෑ දෙයකට එක්ව මුහුණ දෙන බව පවසා දිරි ගන්වන්න. තම ශක්තිය යොදවා විභාගයට ලියන්න කියා ආදරයෙන් තේරුම් කර දෙන්න. ලැබෙන ප්‍රතිඵලය කුමක් වුවත් ආදරයෙන් බාර ගමු යැයි දරුවන්ව දිරි ගන්වන්න.
මවුපිය වගකීම
මවුවරුනි, පියවරුනි, මේ සම්බන්ධයෙන් ඔබටත් විශාල වගකීමක් ඇත. ඔබේ දරුවාව පීඩනයකින් තොරව නිදහස් මානසිකත්වයකින් විභාගයට යවන්න‍. බොහෝ දරුවන් විභාගය අසාර්ථක කරගන්නේ මේ අනිසි බිය හා පීඩනය නිසායි.
මවුපියන් පමණක් නොව ගුරුවරුන් ද දරුවන්ට අධික පීඩනයක් ගෙන දී තිබීම කනගාටුදායක ය. විභාගය ආසන්න වනවිට එක් එක් ආයතනවලින් ධනාත්මක චින්තනය නමින් මනස හදන වැඩමුළු පවත්වනවා‍. සමහර දරුවන් විභාගයට ආසන්න දිනවල මේ ‘ධනාත්මක චින්තන’ වැඩමුළුවලට යනවා මනස හදාගන්න. මේවාට යෑමෙන් හොඳට සිටින ඔබේ දරුවා අනවශ්‍ය පරිදි මනස ව්‍යාකූල තත්ත්වයට පත්විය හැකියි. මේ වැඩමුළුවලින් දරුවන්ගේ චින්නන ශක්තිය විනාශ විය හැකියි.
එනිසා ඔබේ දරුවාව විභාගයට ආසන්න මොහොතේදී මෙන් ම කිසිම අවස්ථාවක දී මේ අනවශ්‍ය ආයතනවලට යවන්න එපා.
ඔ‍ෙබ් දරුවාට නිදහසේ සිතන්න, චින්තනය වර්ධනය කරගන්න නිවසේ යහපත් පරිසරයක් ඇති කරන්න. නව අදහස් හා නිර්මාණශීලී පුද්ගලයෙක් ගොඩ නැ‍ඟෙන්නේ පරිසරය තුළිනුයි. බොහෝ දරුවන් අනවශ්‍ය ආකාරයෙන් වෙහෙසට පත් කරවන්නේ මවුපියන් වන ඔබයි. කිසි විටෙකදී අනිකුත් දරුවන් හා ඔබේ දරුවා සන්සන්දනය කරන්න යන්න එපා. මේ හරහා ඔබේ දරුවාගේ සිතට වෛරය - ක්‍රෝධය එක් විය හැකියි. ඔ‍බේ දරුවාගේ හැකියාවන් නිදහසේ ඉදිරිපත් වන්නට ඉඩ හරින්න.
දැනුම ආකල්ප
අධ්‍යාපනය යනු විභාගය පමණක් නොවන බව තේරුම් ගන්න. එසේ ම දරුවාගේ ජීවිතයේ අවසන් ප්‍රතිඵලය යනු විභාගයම නොවෙයි. දැනුම, ආකල්ප හා කුසලතා හරහා අධ්‍යාපනය ලැබිය යුතු ය. අද විභාගය මුල් කරගෙන අධ්‍යාපනය ක්‍රියාත්මක වනවා මිස එමගින් ආකල්ප, කුසලතා හා දැනුම වර්ධනය නොවෙයි.
‍රටේ අතිදක්ෂ, නමක් රැන්දූ බොහෝ කීර්තිමත් පුද්ගලයන් බිහිවුණේ විභාගය නිසා නොවන බව මවුපියන් තේරුම් ගත යුතු ය. ඒ අය ඇතැම් විට විභාග සමත් ‍වූවන්ද නොවේ. අපේ පරිසරය නම් වූ සරසවිය තුළින් ලබාගත් අත්දැකීම් සමුදායෙන් තමයි ඔවුන් අතිදක්ෂ පුද්ගලයන් වුණේ. කිසිම ආයතනයකින් අද දරුවාගේ කුසලතා වර්ධනය වන්නැහැ. හැම තැනම විභාගය අරමුණු කරගෙන දරුවන්ට විශාල බරක් ගෙන දෙනවා මිස ජීවිතයට අවශ්‍ය කුසලතා හා ආකල්ප ගෙන නොදෙයි. යමකුට දැනුම අඩු වුණත් ඔහු තුළ කුසලතා හා ආකල්ප තිබේ නම් පෞද්ගලික ආයතනයක වුවත් හොඳ රැකියාවකට පිවිසිය හැකියි.
විභාගයට මුහුණ දෙන දරුවන් මෙය හොඳින් සිත තබා ගත යුතු ය. ඔබ විභාගයට හොඳින් මුහුණ දිය යුතුයි. ඒ සඳහා කැප කිරීමක් කළ යුතුය. ඔබ කුමන විභාගයක් සමත් වුණත් වැඩක් නැහැ, ඔබ රටට බරක් ගෙන දෙන පුද්ගලයෙක් නම්. ඔබට අලුත් දේ කරන්න, හිතන්න මෙන් ම නිවැරැදිව හිතන්න, සමාජයත් සමඟ ඇසුරු කරන්න ඔබ ඉගෙන ගත යුතු ය. එසේ නොවුනොත් ඔබට ඉදිරියක් නැහැ. දැනුම, කුසලතා හා ආකල්ප සමඟ සමබරව ඔබ ඉදිරියට යා යුතුයි.
තව දින දෙකයි
ඔබේ විභාගයට ඇත්තේ තව දින දෙකයි‍. පුතේ දුවේ දැන් පොතපතින් මිදී විවේකිව සිත නිදහසේ ගත කරන්න. උගත් පාඩම් මොහොතක් ආවර්ජණය කළාට කමක් නැහැ. නිදිවරාගෙන, මහ බරක් හිතේ තබාගෙන පාඩම්වල යෙදෙන්න එපා. එයින් කිසිම ප්‍රතිඵලයක් ඔබට නොලැබේ. ඔබ මේ දින දෙකේ හොඳින් නිදාගන්න. පාන්දර ඇහැරගෙන ඉන්න එපා. රාත්‍රි 10 ට පමණ නිදාගෙන පාන්දර 5 ට පමණ නැඟිටින්න. නිදාගන්නා විට ඔබ මුළු ලෝකයම අමතක කරන්න. දුරකථන ක්‍රියා විරහිත කරන්න. නැගිට ටික වේලාවක් පාඩම් කරන්න. රූපවාහිනියේ ඔබ කැමැති හොඳ වැඩසටහනක් නරඹන්න. සිංදුවක් අහන්න.
ඔබ කොතරම් පාඩම් කර දැනුම් සම්භාරයක් හිතේ තබාගත්තත් ඔබේ සිත වෙහෙසට පත්ව තිබේ නම් ඒ දැනුම නැවත ආවර්ජනය කළ නොහැකියි. මනසේ රැඳී උගත් දේ විභාගය ලියන මොහොතේදී ගලාගෙන ඒමට නම් විභාගයට ආසන්න මේ දින‍ දෙකේදී ඔබ ශාරීරිකව හා මානසිකව විවේකී සුවයෙන් ගත කළ යුතු ය.
එසේ නොවුනොත් ඔබ දැඩි ලෙස ආතතියට පත්විය හැකියි. බොහෝ දරුවන් ආතතියට පත්වන කරුණක් වන්නේ බොහෝ පාඩම් කර විභාගයට ගොස් පිළිතුරු ලිවීමට උත්සාහ කළ විට ඒවා ගලා නොඒමයි. සමහරුන්ට පිළිතුරු දිව අග තිබුණත් ලියන්නට ගලා නොඑයි. එසේ වන්නේ අනවශ්‍ය පීඩනය නිසා ය.
ආශිර්වාද පූජාව
සීවලී අසපුවේ මාගේ ප්‍රධානත්වයෙන් සෑම විභාගයකටම පෙර දින ආශිර්වාද පූජාවක් පැවැත්වෙයි. මෙවර අ.පො.ස. (සා.පෙළ) දරුවන් සඳහා අද (08) එම ආශිර්වාද පූජාව පැවැත්වෙනවා. අපි මේ පූජාව අවසානයේදී දරුවන් ළඟටම ගොස් ඔවුනට විභාගයට ලියන්නට පෑනක් හා පිරිත් නූලක් ලබා දෙනවා. අපි මේ පෑන හා පිරිත් නූල දරුවන්ගේ අතට ලබාදෙන විට සමහර දරුවන්ගේ අත් වෙවුලනවා.
විභාගයට දිනක් දෙකක් තියෙද්දීත් ඒ දරුවන්ගේ අත ඒ ආකාරයෙන් වෙවුලයි නම් මේ දරුවන්ගේ අතට ප්‍රශ්න පත්‍රය ලැබෙද්දී කොහොමද කියා අපට හිතාගත හැකියි. මේ දරුවන්ට එසේ වන්නේ ඔවුන්ගේ සිතේ පවතින දැඩි ආතතිය නිසා ය. අපි කියන්නේ මේ දරුවන්ට තිබෙන ආතතිය දුරු කිරීමේ වගකීම තියෙන්නේ මවුපියන්ට කියලයි.
ඔබ ඔ‍ෙ‍බ් ආගමට අනුකූලව ආගමික වතාවත්වල නියැළෙන්න. මේ දින දෙක තුළ ඔබ කුඩා කාලයකට සිත නිවෙන භාවනාවක නියැළෙන්න.
සරල භාවනාවක්
එය තමන්ට පහසු, හැකි භාවනාවක් විය යුතුයි. විශාල භාවනාවකට යන්න එපා. ඔබ හොඳින් මෙනෙහි කරන්න මා මේ කියන දෙය.
“මාගේ ධාරණ ශක්තිය වැඩි වේවා.‍ මෙපමණ කාලයක් මා ලබාගත් දැනුම හොඳින් මතක් වේවා. මාගේ අනාගත අභිවෘද්ධිය සඵල වේවා. ශාස්ත්‍රාභිවෘද්ධිය පහළ වේවා...” යනුවෙන් දිනකට දෙවරක් විනාඩි 10 ක් පමණ කරන්න. මෙය විශාල, බරපතළ භාවනාවක් නොවෙයි. උදේ පාන්දර, හවස මෙන් ම විභාගයට යන දිනයේ වුව ද ඔබට කළ හැකියි. පහසු ඉරියව්වකින්. පුටුවක වාඩි වී හෝ ඇද මත හිඳ ඔබ මුළු ලෝකයම අමතක කරන්න. කිසිම දෙයක් මනසට නොගෙන ඔබ ඔබේ අභිවෘද්ධිය මෛත්‍රි භාවනාවෙන් ඉල්ලන්න, ඉහත මා පැවසූ ආකාරයට. මෙය විභාගයට පමණක් නොව පාසල් යන දරුවන්ට ද යෝග්‍ය මානසික ශක්තිය ගොඩ නැඟෙන භාවනාවකි.
මේ ගාථාව ඔබ පාඩම් කරන්නට පෙ‍ර හත්වතාවක් පමණ හිතින් කියවන්න.
“ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජයෝහි
උග්ගෝසයුං දේව ගණා පසන්නා
ඒතේන සච්චේන ජයස්සු මය්හං”
හොඳින් කියවන්න
විභාගයට ලියන්න මොහොතකට පෙර විනාඩි දෙක තුනක කාලයක් ගෙන මේ ගාථාව හත් වරක් පමණ සිතින් කියන්න. ඊළඟට ඔබ ප්‍රශ්න පත්‍රය අතට ගෙන හොඳින් කියවන්න. එය අවශ්‍යම දෙයකි. විනාඩි 5, 10 ක් ගෙන ප්‍රශ්න පත්‍රය ඉතා හොඳින් මුල සිට අගට කියවන්න. කිසිසේත් ඒ ගත කරන කාලය අපතේ ‍ගියා යැයි නොසිතන්න.
ඔබ බොහෝ විට කරන වරදක් වන්නේ ප්‍රශ්න පත්‍රය හොඳින් නොකියවා ඒකපාරටම ලියන්නට පටන් ගැනීමයි. මෙය ළමයින් කරන විශාල ‍වරදක්. ඔබ ප්‍රශ්න පත්‍රය විනාඩි 10 ක් පමණ හොඳින් කියවා ප්‍රශ්න හොඳින් තේරුම් ගන්න. ඊළඟට ඔබ පිළිතුරු සැපයීමට ඇති ප්‍රශ්න ප්‍රමාණය කොතරම් ද යන්න තේරුම් ගන්න. ඔබට විශ්වාසවන්තව ප්‍රශ්නය පළමුව තෝරාගන්න. ලකුණු උපරිමය කරා යා හැකි ප්‍රශ්න වලින් ලියන්න පටන් ගන්න. එසේ ක්‍රමානුකූලව කාල කළමනාකරණය කරමින් අනිකුත් ප්‍රශ්න වලටත් පිළිතුරු සපයන්න. කලබල වෙන්න එපා. හදිසි වෙන්න එපා. ඔබට පිළිතුරු ලිවීමට අපහසු ප්‍රශ්න අගට ඉතිරි කරගන්න. එවිට වැඩිපුර කාලයක් ගෙන ඒවාට පිළිතුරු සැපයිය හැකි ය.
ඔබ විභාග ශාලාවේදී කිසිම අනවශ්‍ය දෙයකට සිත යොමු නොකරන්න. එවිට වන්නේ ඔබගේ කාලය අනවශ්‍ය ලෙස නාස්ති වීමයි. ඔබ අවංකව විභාගය ලියන්න. මහා විශාල ප්‍රතිඵලයක් ඔබට නොලැබුණත් එය ඔබට සතුටු වීමට ප්‍රමාණවත්.
අන් අය දෙස බලන්නටත් යන්න එපා. ඔබේ විශ්වාසය තුළින් ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න. හදවතට එකඟව ඔබ දන්න දේ ලියන්න. ඔබ මෙපමණ කාලයක් ලබාගත් දැනුම ඔස්සේ දන්න ටික හෝ තනිවම ලියන්න. ඔබ වරදක් කරන්න ගියොත් එය ඔබට සැමදාටම විඳවන්න සිදුවේවි.
විභාගයට ලියන පුතේ දුවේ ඔබ ඔබට අවංක වන්න. කලබලයෙන් තොරව නිදහසේ ලියන්න. යම් හෙයකින් ඔබේ ප්‍රතිඵලය අඩු වුවහොත් ඔබ ‍ඔබ දෙස හැරී මෙහෙම කියා ගන්න. “ඇයි මගේ ප්‍රතිඵල අඩු වුණේ කියා තමන්ම කල්පනා කරන්න” ගෙදරින් බැණුම් ඇහුවත් ඒවා බාර ගන්න. තමන්ට එසේ වන්නට හේතුව සොයන්න. ඔබ පාඩම් නොකළේ නම්, පාසලට ගොස් අධ්‍යාපනය හරියාකාරව නොකළා ද යන්න කල්පනා කරන්න. ඔබගේ දෙමවුපියන් ඔබ මේ තත්ත්වයට ගේන්න විශාල වියදමක් දරන බව කල්පනා කරන්න. එමනිසා ඔබට ද වගකීමක් ඇති බව මෙනෙහි කරන්න. පුතේ දුවේ ඔබ අම්මට තාත්තටත් අවංක වන්න. අවංක නොවීමේ ප්‍රතිඵල තමයි අපි රට තොට අහන්නේ දකින්නේ. ඔබ අවංකව විභාගය ලියන්න.
ඔබ විභාගයට නිදහස් මනසකින් යන්න. යාමට ප්‍රථම තම ආගම ධර්මය මෙනෙහි කරන්න. මවට පියාට ගරු කර හොඳ සන්තෝෂයෙන් නියමිත වේලාවට කලින් විභාග ශාලාවට යන්න. හෙට විභාගයට යන්නට නම් කලින් දවසේ වේලාසනින් කා බී නිදාගන්න. තමන්ට විභාග ශාලාවට ගෙන යාමට අවශ්‍ය දේ පමණක් රැගෙන යන්න. ඔබ වැරැදි දෙයක් කළොත් එය සදහටම ඔබේ ජීවිතයට බලපාන්න පුළුවන්. ජීවිත කාලයටම විභාග තහංචි පැනවෙන්න පුළුවන්. ප්‍රවේශ පත්‍රයේ අදාළ තැන්්වල අත්සන් කර තිබේ දැයි කලින් පරීක්ෂා කරන්න. සුළු සුළු දෙයින් ඔබට ලොකු වරදක් සිදුවිය හැක.
ඔබ හොඳ සිහිය පිහිටුවාගෙන විභාගයට සූදානම් වන්න. මේ දින දෙක ඒ සඳහා ප්‍රමාණවත්. එසේ හොඳ සිහියෙන් මුහුණ දෙන ඔබගේ ජයග්‍රහණය ස්ථිරයි.
මවු පියන්ටත් මා කාරණාවක් පැවැසිය යුතුයි. ඇඟ පත උස් මහත් වුණාට දරුවා තවම පුංචි එකෙක් කියා සිතන්න. මේ දින 2 ක වත් දරුවාගේ හිත සනසන්න. “ඔබ පසුගිය දවස් කිහිපය හොඳින් පාඩම් කළා. මේ දින දෙක අපිත් එක්ක සතුටින් ඉන්න” කියලා දරුවාට කියන්න. මම දැක තියෙනවා සමහර නිවෙස්වල මේ දින දෙක අම්මා තාත්තා ඉන්නේ මුහුණ එල්ලාගෙන. සමහර අය කතා ක‍රන්නෙ නැහැ. ළමයි දැක්කාම නයි පොළොංගු දැක්කා වගේ. මේ දින දෙක දරුවන්ට පාඩම් කරන්න යැයි කියමින් විශාල පීඩනයක් දෙන්න එපා. හෙමින් සීරුවේ දරුවා පාඩමට යොමු කරන්න. පළමු දේ ඔබේ දරුවා සතුටින් තියන්න. ඔබ අදක්ෂ යැයි කියන ඔබේ දරුවා සමහර විට හොඳ ප්‍රතිඵල ගෙන දේවි. ඔබේ දරුවා විභාගයට මුහුණ දී ගෙදර ආ විට විභාගය අමාරුද, ලේසි ද යන්න පිළිබඳව ඔබ ඇසුවොත් දරුවා දෙන පිළිතුරට මවුපියන් මුහුණ දිය යුත්තේ ඉතා බුද්ධිමත්ව ය. මේ කරුණ විශේෂයෙන් මවුපියන් අවධාරණයෙන් තේරුම් ගත යුතු ය. “ප්‍රශ්නයක් නැහැ පුතේ. ඔයා කොහොම හරි ලිව්වනේ. අපි එන ප්‍රතිඵලයට භාරගමු” යැයි බුද්ධිමත්ව පිළිතුරු දෙන්න. දරුවාට ප්‍රතිඵල එන්නට පෙරත් අනවශ්‍ය ආකාරයෙන් බණින්න එපා.
අමුතු ලොවක්
සමහර මවුපියන් අද සිටින්නේ අමුතුම ලෝකයකය. ඒ ලෝකයේ සිටයි ඔවුන් තම දරුවන්ට පහත් වචනයෙන් බණින්නේ. විභාගය ලියා ගෙදර ආපසු එය නැවත දරුවන් ලවා නොකරවන්න. කළ දේ ගැන සිත සිතා නැවත පසුතැවිලි නොවන්න. හොඳ යහපත් මානසකින් ආදරයෙන් ඔබේ දරුවා විභාගයට යවන්න. එවිට ඔබේ දරුවා කිසිදු බියකින් සැකයකින් තොරව ජයග්‍රාහී මනසකින් විභාගයට මුහුණ දෙනවා නියත ය.

ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්නේ කොහොමද? විභාග කොමසාරිස් ජනරාල්

සාමාන්‍ය පෙළ ට මුහුණ දෙන දරුවන්ට

පැය තුනක ප්‍රශ්න පත්‍රයකට මුහුණ දෙන්නේ කොහොමද?

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර
* දන්න සියලු දෙයින් පිටු පුරවන්න එපා.
* ලිවීමට පෙර ප්‍රශ්නය හොඳින් කියවන්න.
* උපදෙස් හොඳින් කියවන්න.
* වැඩිපුර ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න එපා.
* ප්‍රශ්නවලට කාලය බෙදාගෙන පිළිතුරු සපයන්න.
* පිළිතුරු සංවිධානය කරගෙන ලියන්න.
* ලැබෙන ලකුණු ප්‍රමාණය හිතේ තබා ගන්න.
* උපරිම ලකුණු කරා යා හැකි ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
* අවසානයේ ලියූ සියල්ල නැවත කියවන්න.
අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයට ඇත්තේ තව දින දෙකයි. මේ වන විට ඔබ විභාගයට හොඳටම සූදානම්ව ඇති. ඔබේ සූදානම ඉතා හොඳින් විභාග පැය කිහිපයට ලබා දුන්නොත් ජයග්‍රාහි ඉලක්කයක් කරා යන්නට ඔබත් හැකිවේවි.
“මම හොඳට විභාගයට පාඩම් කළා. ඒත් ෆේල්... ‘මම හොඳට විභාගයට පිළිතුරු ලිව්වා. ඒත් A සාමාර්ථයක් නැහැ... ‘පන්තියේ මම හැමදාම පළමුවෙනියා. ඒත් මට පහළින් සිටින අයගේ ප්‍රතිඵල මටත් වඩා හොඳයි.’ මේ විභාගයෙන් පස්සෙ අපට නිතර අසන්නට ලැබෙන සිසුන්ගේ මැසිවිලියි. කොහොමද මෙහෙම වෙන්නේ? දක්ෂ ළමයෙක්ගේ, විභාගයට හොඳට පිළිතුරු ලියූ ළමයෙකුගේ ලකුණු අඩුවෙන්නේ කොහොමද?
ඔබ කොතරම් දක්ෂ වුවත්, හොඳට පාඩම් කළත් වඩා වැදගත් වන්නේ විභාග පැය දෙකට හෝ තුනට ඔබ මුහුණ දෙන ආකාරයයි. ඒ පැය කිහිපය තුළ ඔබගේ හැසිරීම, පිළිතුරු ලිවීම, කියවීම මෙන්ම අවබෝධයෙන් යුතුව මනා සංයමයකින් පිළිතුරු දෙන ආකාරය මතයි ඔබේ ප්‍රතිඵල හොඳ වන්නේ.
මේ වන විට ඔබ විභාගයට හොඳින් සූදානම්ව ඇති. පෙරහුරු ප්‍රශ්න පත්‍ර හරහා මනා පුහුණුවක් ද ලබා තිබෙන්නට පුළුවන. එසේ නම් ඔබගේ ඒ මහන්සිය නිරපරාදේ නොහැර උපරිම ආකාරයෙන් විභාග පැය කිහිපය තුළ ගතකර ගන්නා ආකාරය විභාගයට යන ඔබට කියා දෙන්නේ විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතාය.
“අපි නිතර අසන දකින දෙයක් තමයි හොඳ දැනුමක් තිබෙන, හොඳ දක්ෂතාවයක් තිබෙන දරුවන් විභාගයෙන් අසමත් වීම. කොතරම් පාඩම් කර ලියුවත් ලකුණු අඩුයැයි කියන පැමිණිලි නිතර විභාග දෙපාර්තමේන්තුවට ගලා එනවා. සමහර දරුවන්ට වාර විභාගයට හොඳට ලකුණු තිබෙනවා. සමහරු පන්ති කාමරයේ පළමුවැනියා, එසේත් නැතිනම් දෙවැනියා. නමුත් මේ අය විභාගයේදි අසමත්. නැතිනම් තමන්ට වඩා පහළින් සිටි ළමයි විභාගයේදි තමන්ට වඩා ඉහළින් ලකුණු ගෙන තිබෙනවා. මෙය වත්මන් ළමයින් අතර තිබෙන කාලීන ප්‍රශ්නයක්.”
“මේ ප්‍රශ්නයට ප්‍රධාන හේතුවක් වන්නේ ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන පැය තුන තුළ ඔබ ගත කරන ආකාරයයි. පැය තුන තුළ අහන ප්‍රශ්නවලට ඔබ ඒ ආකාරයෙන් පිළිතුරු සැපයුවා නම් මෙවන් ගැටලුකාරි තත්ත්වයක් ඇති නොවන්න ඉඩ තිබුණා. බොහෝ දක්ෂ දරුවන් කරන වරදක් නම් තමන් දන්නා දේ ඒ ආකාරයෙන් පිළිතුරු පත්‍රයට ඇතුළත් කිරීමයි. තමන් දන්නා සියලු දේ වලින් පිටු පිරවීමට යාම දක්ෂ සමහරුන්ගේ ලක්ෂණයකි. ප්‍රශ්නයට අදාළව අසා තිබෙන දෙයට පමණක් පිළිතුරු සැපයුවා නම් එය ප්‍රමාණවත්. පිටුවකින් පිළිතුරු සැපයිය යුතු දේට පිටු පහක් පුරා ලිවීමෙන් ඔබගේ කාලයත් ලකුණුත් නිරපරාදේ අහිමි වී යනවා. ප්‍රශ්නයකට පිළිතුරු ලිවීමට ප්‍රථම එය විස්තර කිරීමටද, කෙටි සටහන් ලිවීමටද, කෙටියෙන් සඳහන් කිරීමටද, නිවැරැදි පිළිතුරු ලිවීමට ද යන්න ඇති උපදෙස් කියවිය යුතුය. ඕනෑම ප්‍රශ්නයක අගින් අසා ඇති කළ යුතු දේ කුමක්ද යන්න පිළිබඳ බොහෝ දක්ෂ සිසුන්ට ඇත්තේ අඩු අවධානයකි. පිළිතුරු ලිවිය යුතු ආකාරය ප්‍රශ්නයේ සඳහන්. ඒ උපදෙස්වලට අනුකූලවයි පිළිතුරු ලබා දිය යුත්තේ.
ප්‍රශ්න පත්‍රයක මුලින්ම දී ඇති උපදෙස් ද ඔබ කියවිය යුතුමයි. සමහර ප්‍රශ්න අනිවාර්යයෙන්ම කළ යුතුයි. සමහරක් විට ප්‍රශ්න තෝරා ගැනීමට සිදුවෙනවා. එය හරියට දැන ගැනීමට උපදෙස් කියවිය යුතුමයි. බොහෝ අය කරන වරදක් වන්නේ උපදෙස් නොකියවා ප්‍රශ්න පත්‍රය ගෙන ලියාගෙන ලියාගෙන යාමයි.
මේ නිසා කාලය නාස්තිවන අතර ලිවිය හැකි ප්‍රශ්න වලටද සාර්ථක පිළිතුරු ලබා දෙන්නට නොහැකි වෙයි. වැඩිපුර ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ඔබ ලබා දුන්නද උත්තර පත්‍ර පරීක්ෂාවේදි ඒ පිළිතුරු සියල්ලම අපි නොබලන අතර කරන්නේ අගින් අනවශ්‍ය ප්‍රශ්න කපා දැමීමයි. අති සාර්ථකම පිළිතුරු ලියූ ප්‍රශ්නයක් තිබුණද වැඩිපුර ලිවීමෙන් වන්නේ ඒවා කපා ඉවත්වීම පමණි. දක්ෂ දරුවන් බොහෝ විට විභාගය අසමත් වන්නේ මේ නිසායි.”
සමහර ශිෂ්‍යයන් එතරම් දක්ෂ නොවුණත් දී ඇති උපදෙස් හොඳින් කියවා අනවශ්‍ය වැල්වටාරම් නොයොදා දන්නා ආකාරයෙන් පිළිතුරු ලියයි. බොහෝවිට මේ අයට දක්ෂ අයට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් හිමිවිය හැක.
‍‍බො‍හෝ අයගේ චෝදනාවක් වන්නේ ප්‍රමාණවත් කාලයක් පිළිතුරු සැපයීම සඳහා නොමැති බවයි. එසේ වීමට ප්‍රධාන හේතුව අනවශ්‍ය ලෙස කාලය වැය කිරීම හා කාල කළමනාකරණය කර නොගැනීමයි. ඔබ තුළ කොතරම් දැනුම තිබුණත්, පෙළපොත කටපාඩම් කරගෙන සිටියත්, අමතර දැනුම ලබාගෙන තිබුණත් ඒ සියල්ල දන්නා පමණින් නොලිවිය යුතුයි. කරුණු ගොනුකර පිළිතුර ලබාදීමට පුරුදු විය යුතුයි.
පෙළපොතේ දැනුම මෙන්ම අනිකුත් බාහිර දේ ඇස‍ුරෙන් ප්‍රශ්න ඇසීමේ අයිතිය විභාග දොපර්තමේන්තුව සතුයි. පාසල් පෙළ පොතට හා විෂය නිර්දේශයට අනුකූලවයි ප්‍රධාන වශයෙන් ප්‍රශ්න සැකසෙන්නේ. ඔබ තුළ ප්‍රශ්නයට අදාළව බාහිර දැනුම ඇත්නම් එය පිළිතුරට ඇතුළත් කළාට වරදක් නැත.
පසුගිය වසරේ එම ප්‍රශ්න පත්‍රයටම ඇසූ ප්‍රශ්න මේ වතාවේ නොඑන බව ‍බො‍හෝ සිසුන් අනුමාන කළත් ඒ ප්‍රශ්න මෙවරද පැමිණී‍ෙම් ඉඩකඩ ඇත.
උත්තර පත්‍ර බැලීමේදී පෙනීයන කරුණක් වන්නේ ළමයි ප්‍රශ්නයකට පිළිතුරු ඉතා හොඳින් දැනගෙන සිටියත් ප්‍රශ්නයෙන් අහන දේ ඔළුවට නොගෙන දන්නා සියලු දේම පිළිතුරට ගොනු කිරීමයි. ප්‍රශ්නය හරියාකාරව තේරුම් ගෙන සැලසුම් කර පිළිතුරු ලිවීමේ හැකියාව බොහෝ අයට අඩුයි. මේ අඩුපාඩුව සකසා ගන්නට නම් පෙර පුහුණුව අත්‍යවශ්‍යයයි. මෙය දක්ෂ ළමයි අතරේ තිබෙන දුර්වලතාවකි. පිළිතුර වුවත් සංවිධානය කර සැකසිය යුතුය. ප්‍රශ්නය හරියට තේරුම් ගන්න. ප්‍රශ්නයෙන් අසන දේ හරියට තේරුම් ගත යුතුයි. දැක්ක පමණින් ලියන්න එපා. පිළිතුරට අවශ්‍ය දේ පමණක් සංවිධානය කර ලියන්න. දන්නා සෑම දේම දන්නවා යැයි දැනෙන්නට ලියන්නට එපා. සමහර සිසුන්ගේ පිළිතුරු දෙස බලන විට ඉතා හොඳින් පෙනෙන දෙයක් වන්නේ ඔවුහු විෂය කරුණු ඉතා හොඳින් දන්නා බවයි. නමුත් ඒවා ප්‍රශ්නයට අදාළ ලෙස පිළිතුරු දෙන්නට හැකිවී නැත. ලකුණු අඩු වන්නට ප්‍රධාන හේතුව එයයි.
‍ප්‍රශ්නයේ එක වචනයකින් බොහෝ වෙනස්කම් සිදුවිය හැක. සැකෙවින් ලියන්න, විස්තරාත්මකව ලියන්න, වෙනස දක්වන්න යැයි ඇසිය හැක. වෙනස දක්වන්න යැයි තිබූ විට විස්තරාත්මකව ලියුවහොත් ලකුණු ගිලිහී යා හැක. ලිවිය යුත්තේ වෙනස්කම් මිස පාඩම නොවේ. නිශ්චිතව වෙනස දැක්විය යුතුය.
බහුතරයක් විභාගයෙන් අසමත් වන්නේ ගණිත විෂය අසමත් වීම නිසාය. ගණිතය පිළිබඳ මූලික සංකල්ප පිළිබඳ දැනුම හැම දෙනා තුළම තිබිය යුතුය. ගණිතය ප්‍රශ්න පත්‍රයේ අපි මූලික ගණිත සංකල්පත් මැන බලනවා. ගණිත පත්‍රය අපි ඉදිරිපත් කරන්නේ බොහෝ ළමයින්ට පහසුවක් වන ආකාරයටයි. මූලික සංකල්ප දන්නා අයටත් සමත් වීමට හැකි පරිදියි ගණිතය සකස් වී තිබෙන්නේ. අදක්ෂ ළමයකු වුවද II පත්‍රයට සුළු ලකුණක් ගෙන සමත්වන ආකාරයටයි ගණිතය පත්‍රය සකස් වී තිබෙන්නේ. යමකු ගණිතය අසමත් වනවා කියන්නේ මූලික සංකල්ප පිළිබඳවත් ඔහු තුළ දැනුමක් නොමැති බවයි.
ළමයින්ගේ මාධ්‍ය භාෂා දැනුම අඩුවීම නිසාද අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී යන්න පුළුවන්. සිංහල මාධ්‍ය භාෂවෙන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයන දරුවකුට සිංහල ලිවීමේ කියවීමේ හැකියාව හොඳින් තිබිය යුතුය. අපැහැදිලි අත් අකුරුද ලකුණු නොලැබී යාමට ප්‍රධාන හේතුවක්. අපැහැදිලි අත්අකුරු අමාරුවෙන් පරීක්ෂකවරු කියවුවත් මෙයත් ලකුණු ගිලිහී යාමට හේතුවක් සපයයි.
සමහර දක්ෂ ළමයි විභාග අසමත් වීමට ප්‍රධාන හේතුවක් වන්නේ නිසි උපදෙස් පිළිනොපැදීමයි. ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවිය යුත්තේ කළු හා නිල් පෑන්වලින් පමණි.
අපි ප්‍රශ්න පත්‍රයට කාලය ලබා දී ඇත්තේ ප්‍රශ්න පත්‍රයට හොඳින් කියවා, උපදෙස් හොඳින් කියවා, පිළිතුරු සැපයීමටයි. ළමයි කරන ලොකුම දුර්වලතා වන්නේ කාලය මදි වේයැයි සිතා ප්‍රශ්න පත්‍රය නොකියවීමයි. ප්‍රශ්න 10 න් 6 ක් ‍‍තෝරා ගන්නට ඇත්නම් ප්‍රශ්න 10 ම කියවිය යුතුය. එසේ කියවීමෙනුයි ප්‍රශ්න 6 ක් ‍‍තෝරාගත යුත්තේ. නමුත් බොහෝ දෙනා කියවීම ප්‍රතික්ෂේප කරන්නේ කාලය ප්‍රමාණවත් නොවේය යන හැඟීමෙනි. සමහර ළමයි කල්තබා සූදානම් වනවා, තමන් පිළිතුරු සපයන ප්‍රශ්න කොටස් මොනවාද යන්න ගැන. එය නොවෙයි කළ යුත්තේ. සමහරවිට වෙනත් ඒකක වලින් ඊට වඩා පහසු ප්‍රශ්න තිබිය හැකි නිසා ප්‍රශ්න හොඳින් කියවා තමන්ට ලිවිය හැකි පහසු ප්‍රශ්න තෝරාගත යුතුය. වැඩිම ලකුණු සංඛ්‍යාවකට යාහැකි ප්‍රශ්න තෝරා ගෙන පිළිතුරු සැපයීම වැදගත්.
විභාග අපේක්ෂකයන් තරයේ සිහිතබා ගත යුතු කරුණු
* අනිකුත් විභාග අපේක්ෂකයන්ට අවහිරයක් ඇති නොවන සේ විනීතව හැසිරිය යුතුයි.* උත්තර ලිවීමට පටන්ගෙන පැය භාගයක් ගතවූවාට පසු කිසිදු විභාග අපේක්ෂකයකු විභාග ශාලාවට ඇතුළත් කරගනු නොලැබේ.
* නියමිත කාලයෙන් තුනෙන් දෙකක් ගතවනතුරු ප්‍රශ්න පත්‍රයකට පෙනී සිටින අපේක්ෂකයකුට විභාග ශාලාවෙන් පිටවීම තහනම්ය.
* තම‍ාගේ විභාග අංකය දරන ආසනයේ හැර වෙන කිසිම තැනක වාඩි නොවිය යුතුය.
* විභාග ශාලාව ඇතුළත හෝ ඉන් පිටත හෝ සිටින කිසිවකු සමඟ කතාබස් කිරීම, පණිවිඩ හුවමාරු කිරීම හෝ වෙනත් කිසිම ආකාරයේ ගනුදෙනුවක් කිරීම තහනම්ය.
* තම අනන්‍යතාව තහවුරු කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජාතික හැඳුනුම්පත හෝ බලපත්‍ර ගමන් බලපත්‍රය වලංගුය.
* විභාග අපේක්ෂකයන් ප්‍රවේශ පත්‍රයේ තම අස්සන ඒ සඳහා සුදුසුකම් ඇති පුද්ගලයකු ලවා සහතික කළ යුතුය.
* උත්තර පත්‍රවල තම නම නොලිවිය යුතුය.
* තමන්ට ලබාදී ඇති ප්‍රශ්න පත්‍රයට අදාළව සපයන ලද පිළිතුරු පත්‍ර සියල්ල පිටු අංක අනුව ගොනුකර එක් පිළිතුරු පත්‍රයක් වශයෙන් භාරදිය යුතුය.
* කටුවැඩ සඳහා භාවිතා කරන කඩදාසි ඇතුළු භාවිතා කරන සියලු කඩදාසියක් ම උත්තර පත්‍රයට ඇමිණිය යුතුය.
‍* විභාග ශාලාවේදී ලියන ලද කිසිම දෙයක් පිටතට ගෙනයාම තහනම් ය.
* ගණිත ප්‍රශ්න වලදි ගණන් වරදවා හදා හෝ ගණන් කිසිසේත් නොසාදා හෝ නිවැරැදි පිළිතුරු දැක්වීමත්, චිත්‍ර කලාවේදි තමන්ගේ චිත්‍රය තවත් අපේක්ෂකයකුගේ චිත්‍රයකට අල්ප මාත්‍රයක් හෝ ස්වරූපයෙන් හෝ ක්‍රියාකාරිත්වයෙන් හෝ සමානව හෝ බොහෝ සෙයින් ආසන්නව තිබීමත් වංචා සහගත ක්‍රියාවක් සේ සලකනු ලැබීමට හේතුවිය හැක. ‍‍
* තමන් වෙත සපයන ලිපි ද්‍රව්‍ය හැර පහත සඳහන් දේ විභාග ශාලාවට ගෙනයාම සපුරා තහනම්ය.
පොත්පත්, සටහන්, කඩදාසි කැබලි, අත්බෑග්, මුදල් පසුබ්මි, පෙට්ටි, ගණක යන්ත්‍ර සහිත ඔරලෝසු, සෙලියුලර් දුරකතන හා වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ, පාර්සල්, ෆයිල් කවර, කාඩ්බෝඩ්, පෑඩ්, නැමූ ප්‍රවෘත්ති පත්‍ර, මකන දියර.
සමහර ළමයින් ලෙහෙසි ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමට වැඩි කාලයක් ගත කරයි. මෙය පොදුවේ දැකිය හැකි දුර්වලතාවක්. මේ ආකාරයෙන් තමන්ට වැඩි කාලයක් ප්‍රශ්න කිහිපයකට වෙන් කිරීමෙන් ප්‍රශ්න සඳහා වෙන් කිරීමට ඇති කාලය ප්‍රමාණවත් නොවේ. කොතරම් ලෙහෙසි ප්‍රශ්නයකට වුවත් අනවශ්‍ය කාලයක් වෙන්කර කොතරම් හොඳට පිළිතුරු සැපයුවත් ලැබෙන්නේ ප්‍රශ්නයට හිමි ලකුණු ප්‍රමාණය පමණි.
එමනිසා හොඳම දේ කාල කළමනාකරණය කර එක් එක් ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ගැනීමයි. ප්‍රශ්නයකට වැඩිපුර කාලයක් ගැනීමෙන් හිමිවන අමතර වාසියක් නැත. ඔහු කළ යුත්තේ ප්‍රශ්නවලට වැඩිපුර කාලයක් ගෙන පිළිතුරු ලිවීම නොව ප්‍රශ්නයන් අ‍තනොහැර හැම ප්‍රශ්නයකටම දන්නා ආකාරයෙන් පිළිතුරු සැපයීමයි.
තවත් ශිෂ්‍යයන් උපක්‍රමශීලීව ලකුණු ලබා ගැනීමේ තරගයක නියැළෙයි. අවශ්‍ය දේ පැහැදිලිවම ගෙන ලියා, කාලය කළමනාකරණය කරමින් පිළිතුරු සැපයීමයි. මේ ක්‍රමය ඉතා හොඳයි. ඔබ පිළිතුරු ලිවීමේදී ලැබෙන ලකුණු ප්‍රමාණය කල්පනා කළ යුතුය. දන්න දේ සියල්ල ලියනවාට වඩා උපරිම ලකුණු උපයාගත හැකි පරිදි අවශ්‍ය දේ අවශ්‍ය පමණට ලිවිය යුතුය. ලකුණු ගැනත් විශේෂ අවධානය යොමු කළ යුතුය.
සමහර ළමයින් පිළිතුරු කොළ 10 - 15 ක් පිරෙව්වත් ඊට අඩු, කොළ ප්‍රමාණයක පිළිතුරු ලියූ ළමයාගේ ලකුණු ඉහළ මට්ටමක තිබිය හැක. පිළිතුරු දීමේදි සැලකිල්ලට ගන්නේ විභාග දෙපාර්තමේන්තුව විසින් සකස් කළ ලකුණු ලබාදීමේ පටිපාටියයි. ලකුණු දීමේ පටිපාටියට අනුකූලව අවශ්‍ය පිළිතුර තිබීම ප්‍රමාණවත්. වැඩිපුර ලිවීම තුළ අපහසුතාවයට පත්වන්නේ පරීක්ෂකවරුන්ය.
ප්‍රශ්නයකට පිළිතුරු දීමේදි සැලැස්මක් තිබිය යුතුය. මුලින් ලියන ප්‍රශ්න මොනවාද යන්න ඔබ තීරණය කළ යුතුය. වේලාව ඉතුරුවී තිබේ නම් ඔබ ලියූ පිළිතුරු නැවත කියවන්න. එසේ කියවීමෙන් පමණයි ඔබ ලියූ වැරැදි හසුකර ගත හැකි වන්නේ. මේ නිසා අනවශ්‍ය දේ ලියා කාලය අපතේ නොයවන්න. ඔබ ප්‍රශ්න පත්‍රයට සාර්ථකව පිළිතුරු ලියා ඇත්නම් නැවත කියවීමට ද ඔබට කාලය ඉතුරු වනු ඇත. ඉහළම ලකුණකට යමකු යාමට නම් නැවත වරක් ලියූ දේ කියවීමට ද කාලයක් ඉතිරි කරගන්න.
පසුගිය ප්‍රශ්න පත්‍රවලට කාල කළමනාකරණය කරමින් පිළිතුරු ලියා හුරුවී ඇත්නම් ඔබට විභාගය එතරම් අමාරු වන්නේ නැත. ඔබ විභාග පැවැත්වෙන මොහොතේදි අනවශ්‍ය ලෙස කලබල නොවිය යුතුය. භය නොවිය යුතුය. කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථානයට යායුතුය. තමන්ගෙ අංකය සහිත ඩෙස්ක් එකේ වාඩි විය යුතුය.
පෑන් පැන්සල්, ප්‍රවේශ පත්‍රය, ජාතික හැඳුනුම්පත අනිවාර්යයෙන් ගෙනයා යුතුයි. ප්‍රමාද වී යාමෙන් අනවශ්‍ය ලෙස කලබල ඇතිවෙන නිසා පැය 1/2 කට පෙර විභාග ශාලාවට යන්න. නිවුණු මනසකින් ප්‍රශ්න පත්‍රය අතට ගන්න. කලබල වීමෙන් විෂය කරුණු හරිහැටි ආවර්ජනය කර ගැනීමට ද නොහැකි වෙයි. තමන්ට වෙනත් දෙයක් සම්බන්ධයෙන් ගැටලු ඇත්නම් නිරීක්ෂකවරුන්ට එය පවසා නිරාකරණය කරගත හැකිය.
විභාග ප්‍රශ්න පිළිතුරු කොපි කරන්න යන්න එපා. කොපි කිරීමට අනවශ්‍ය කාලයක් වැයවෙයි. එසේම ජීවිත කාලයටම විභාග තහංචි පැනවෙයි. බොහෝ සිසුන් අනුමාන කරනවා තමන් පෙර දිනවල පාඩම් කළ දේ තම මතකයෙන් ගිලිහී ගොස් ඇති බව. නමුත් ඔබ එසේ සිතිය යුතු නැත. ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයද්දි ‍ඔබේ ඒ මතකය නිරායාසයෙන්ම ගලා එයි. ඒ සඳහා වූ නිදහස් පරිසරය අප විසින් සකස් කර තිබෙනවා. ප්‍රශ්නයක් අවධාරණයෙන් කියවූ විට පිළිතුරු ද නිරායාසයෙන් ගලා එයි.
ඔබ ප්‍රශ්න පත්‍රයත් සමඟ ගතකරන පැය 3 ක කාලය අනුවයි ඔබේ සමත් වීම / අසමත් වීම තීරණය වන්නේ. ඒ සඳහා පෙරහුරුව අවශ්‍යයයි. හෙට දිනයේ විභාගයට යන ඔබ මා මේ කියූ උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපදින්න. එවිට ඔබ සිතූ පරිදි ජයග්‍රාහි ඉලක්කයක් කරා පා නඟන්නට ද ඔබට හැකිවනු නියතයි.
ඔබට ජය!

“මේ ළමයින් බස් නැතුව ‘හෝල්ට්’ එකේ හිටියා. මම කාර් එකේ එක්කගෙන ආවා.”

සාමාන්‍ය පෙළ ට මුහුණ දෙන දරුවන්ට

විභාගයට පෙර දින විවේකීව ගත කළ යුතුයි

විශ්‍රාමලත් විදුහල්පති ඩී. සී. ද සිල්වා
තව දින දෙකකින් පමණ ඇරැඹෙන සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානම් වන දරුවන්ට වැදගත් වන කරුණු කිහිපයක් ඇතුළත් කරන්නට අදහස් කරමි. මේ වන විට අදාළ විෂයයන් ගැන අධ්‍යයනය කොට විභාගයට පිළිතුරු සැපයීමට සූදානම්ව සිටින ඔබ විසින් සැලකිල්ලට ගත යුතු ප්‍රධාන කරුණු වන්නේ මා මේ විභාගයෙන් ජය ගනිමි යන්නය. විෂය කරුණු හදාරා හොඳින් ඒ ගැන අවබෝධයක් ලබාගෙන ඇත්නම් ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපයීම අසීරු කාරණයක් නොවේ. මේ ඒ සඳහා ඔබට කැරෙන මඟ පෙන්වීමකි.
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන ඔබට ඉදිරි පියවර තුනක් ඇත. විභාගයට පෙර සූදානම, විභාගයට උත්තර ලිවීම, විභාගයෙන් පසු වැඩ සැලසුම යනු ඒ අදියර තුනයි.
පෙර සූදානමේ දී ඔබ විභාගයට අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කර ගත යුතු ය. වඩාම වැදගත් වන්නේ ප්‍රවේශ පත්‍රය යි. ප්‍රවේශපත්‍ර පාසලට ලැබුණු වහාම ඒවා ශිෂ්‍යයන් අතට පත් කිරීම විදුහල්පතිවරුන්ගේ වගකීමයි. එය ලබා ගැනීමේදී ඇතැම් පාසල් මගින් පැනැවෙන යම් තහංචි ගැන අසන්නට ලැබේ. නමුත් එය සාධාරණ නොවේ. ප්‍රවේශ පත්‍රය ලැබූ වහාම එහි නම නිවැරැදි ද, ඉල්ලුම් කළ විෂයයන් නිවැරැදි ද, විභාග මධ්‍යස්ථානය, කාලසටහන ගැන අධ්‍යයනය කිරීම අනිවාර්යය. ශිෂ්‍ය සංඛ්‍යාව අධික පාසල්වල විදුහල්පති අස්සන් කොට, නියෝජ්‍ය විදුහල්පති අංශ ප්‍රධාන, පංතිභාර ගුරුතුමා මඟින් ශිෂ්‍යයාට ලබා දිය යුතුය. වඩාත්ම නිවැරැදි වන්නේ එසේ නිකුත් කළ ප්‍රවේශ පත්‍රය විදුහල්පති ඉදිරියේ අස්සන් කොට ඉන්පසු විදුහල්පති අස්සන තබා නිල මුද්‍රාව තැබීමය. කොපමණ වැඩ අධික වුවත්, ශිෂ්‍ය සංඛ්‍යාව අධික වුවත් මේ කාර්යය විදුහල්පතිවරුන් අතින් සිදු කිරීම වැදගත් බව පෙන්වා දිය හැක.
ප්‍රවේශ පත්‍රයේ නම, වැරැදි නම් අදාළ කොටුවේ ඉංග්‍රීසි අකුරෙන් නැවත ලියා ශාලාධිපති මඟින් නිවැරැදි කර ගන්න. විශේෂයෙන් වෛකල්පිත විෂය අංක බලන්න. බොහෝවිට ඒ විෂය වැරැදී ඇත්තේ ඔබ විසින් අයදුම්පත් යැවීමේදී කළ වැරදීමක් බව පෙනෙනු ඇත. එය නිවැරැදි කිරීමට විභාග දෙපාර්තමේන්තුවටම යන්න.
විභාගයට පෙර දින විවේකීව ගත කරන්න. හොඳට පැය හත අටක් නිදා ගන්න. ඇතැම් ළමයින් මහ රෑ නිදි වරා විභාග ශාලවේ අපහසුවෙන් සිටිනු දක්නට ලැබේ. මවුපියන් සමඟ ආගමික වතාවත් කර අධ්‍යාත්මික ශක්තියක් ලබා ගන්න.
විභාග දින කල්වේලා ඇතුව විභාග මධ්‍යස්ථානයට යන්න. පැය භාගයකට කලින් මධ්‍යස්ථානයට යාමට උනන්දු වන්න. වාහන තදබදය, පාරවල් වැසීම, හදිසි හේතු මත වාහන ප්‍රමාදවීම සිදුවිය හැකි බැවින් ත්‍රිරෝද රථයක් මඟින් වෙනත් අතුරු පාරකින් විභාග ශාලාවට යාමට මුදලක් අත තබා ගන්න.
වරක් මා විභාග ශාලාධිපතිව කටයුතු කරමින් සිටියදි ප්‍රශ්න පත්‍රය ලබාදී විනාඩි හත අටකට පසු ළමයින් හතර දෙනකු සමඟ මහත්මයකු පැමිණියේ ය.
“මේ ළමයින් බස් නැතුව ‘හෝල්ට්’ එකේ හිටියා. මම කාර් එකේ එක්කගෙන ආවා.”
මම වහාම ළමයින් විභාගයට යොමු කළෙමි.
“මහත්මයා කවුද?”
ඔහු හැඳුනුම්පත පෙන්වීය. දිසා විනිසුරු වරයෙකි.
“මම උසාවි යන ගමන් මේ ළමයින් ගෙනාවෙ විභාගයක තියෙන වටිනාකම මම දන්නා නිසයි.”
සමහර රාජ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන් වැනි අය මෙබඳු අවස්ථාවලදී උදවුවීම ඔවුනගේ කාරුණික බව පෙන්නුම් කිරීමක් නොවන්නේ ද?
නිවැරැදි විභාග ශාලාව තෝරා ගන්න. විභාග අංකය ඉතා වැදගත් ය. ඔබේ විභාග අංකය ‍ඉලක්කම් තුන හතරක් නොව අටක් බැවින් එය නිවැරැදිව පිළිතුරු පත්වල සටහන් කරන්නට උනන්දු වන්න.
විභාගයට පැමිණීමේදී පාසල් නිල ඇඳුමින් සැරැසෙන්න. පාසල් නිල ඇඳුමෙන් සැරසීම අනිවාර්ය නොවූවද පාසලේ ගෞරවය, පෞද්ගලිකව ම ශිෂ්‍ය භාවය සඳහා පාසල් නිල ඇඳුමට ඇති සදාචාරාත්මක සැලකීම ඔබ ලබා ගත යුතුය.
වරක් විභාග ශාලාවක ශිෂ්‍යාවක් නිතර වම් අතෙන් ඇස් වැහෙන සේ වැටෙන කෙස් ගස් ඉවත් කරමින් අපහසුවෙන් ලියනු දුටු නිරීක්ෂකවරිය ඇයගේ කොණ්ඩය මුහුණට නොවැටෙන සේ කටුවලින් රැඳවූවාය.
උත්තර ලියා අවසානයේ නිරීක්ෂකවරියට ස්තූති කිරීමට දැරිය පැමිණියාය.
“ඇයි දුවේ අම්මට උදේ වඳිද්දි දැක්කෙ නැද්ද කොණ්ඩය මුහුණට එන බව.”
“මිස් අපේ අම්මා නැතිවෙලා.”
මා මේ කතාව ඉදිරිපත් කළේ ඔබේ විභාග ශාලාවේ නිරීක්ෂණ කටයුතු කරන්නේ ගුරුවර ගුරුවරියන් නිසා ඔවුන් විභාගයට පැමිණෙන දරු දැරියන්ට උපරිම සේවයක්, දරු සෙනෙහසින්, සාධාරණ ලෙස කරන නිසාය.
විභාගයට අසුන් ගැනීමට පෙර සැහැල්ලු ආහාරයක් ගෙන, මනස සකස් කර ගන්න. සමහර විට පැය තුනක ප්‍රශ්න පත්‍රයක දී “කුසගිනි” දැනෙනු ඇත. ඒ නිසා විභාගයට පෙර කෙටි ආහාරයක් ගත යුතුය.
ඔබට ‘බහුවරණ’ ප්‍රශ්න පත්‍රයකට උත්තර ලිවීමට සිදුවනු ඇත. පිළිතුරු කඩදාසියේ විභාග අංකය ලියන්න. බහුවරණ ප්‍රශ්න පත්‍රයේ එක එල්ලේ ම දැනුම විමසන ප්‍රශ්න, ඊට ටිකක් ගැඹුරින් අ‍වබෝධය මනින, ඊටත් ටිකක් ගැඹුරින් භාවිතය සොයන ප්‍රශ්න ඔබ ප්‍රශ්න පත්‍රය කියවන විට ම නිවැරැදි පිළිතුර වරණ වල තිබේ නම් වහාම ‘x’ යොදන්න. මෙහිදී ප්‍රශ්න අංකය බලමින් ‘x’ යොදන්න. සමහර දරුවන් 12 ප්‍රශ්නයට 13 කොටුවේ ‘x’ යොදයි. එතැන් සිට දිගට ම වැරැදේ. නිවැරැදි දැනුම ඇතත් මේ සුළු අතපසුවීම් ගැන කල්පනාකාරී විය යුතුය. ප්‍රශ්න පත්‍රය පළමුවර කියවීමේදී පිළිතුරු ලියූ පසු දැන් ඉතිරි වූ ප්‍රශ්න වලට ‘x’ යොදන්න බොහෝවිට මෙසේ ඉතිරි වන්නේ එක එල්ලේම නොව විෂය කරුණු දෙකක් තුනක් අතර සහ සම්බන්ධතාවක් ඇති තරමක් දුෂ්කර ප්‍රශ්නය. එහෙත් ඔබගේ අධ්‍යයන කාලපරාසය අනුව, නිර්දේශ පත්‍රය අනුව අදාළ ප්‍රශ්නවන බැවින් අමාරු ප්‍රශ්නවලට ද කල්පනා කොට උත්තර සපයන්න.
බහුවරණ පත්‍රයට පැන්සලෙන් ‘x’ යොදා අවසාන විනාඩි පහ තුළ තීන්තෙන් සලකුණු කළා ට වරදක් නැත.
ව්‍යුහගත රචනා ප්‍රශ්නවලට පැය තුනක කාලයක් පිළිතුරු ලිවීම පරෙස්සමෙන් කළ යුතුය.
ඔබට දෙන විභාග කඩදාසි සෑම එකකම විභාග අංකය ලියන්න. ප්‍රස්ථාර කඩදාසි ආදි විශේෂ කඩදාසිවල ද අංකය ලියන්න.
ප්‍රශ්න පත්‍රය ලැබුණු වහාම ඔබට වඩා පහසු ප්‍රශ්න තෝරා ගන්න. ප්‍රශ්න පහකට ලිවිය යුතු නම් පහට ම ලියන්න. එවිට සියයෙන් ලකුණු ලැබේ. තුනකට හතරකට පමණක් ලිවීම සුදුසු නැත. බොහෝ විට එසේ වන්නේ පහසු ප්‍රශ්නයකට වැඩි කාලයක් ගත කිරීම නිසාය.
ඔබ තෝරා ගත් ප්‍රශ්නවලට ඉදිරියෙන් ගත කරන කාලය සටහන් කර ගන්න. ඔර්ලෝසුව බලමින් ඒ කාලය තුළ ලියන්න.
ව්‍යුහගත කිරීමෙන් අදහස් කරන්නේ ඔබේ පිළිතුරට අවශ්‍යම දේ ලියවා ගැනීමයි. මේ ප්‍රශ්න පත්‍රයේ ද එක එල්ලේම දැනුම විමසයි. නම් කරන්න මොනවාද? යනාදී ප්‍රශ්න තිබිය හැකිය. මේ ලබාගත් දැනුම, අවබෝධය හා විමසා බැලීමේ ප්‍රශ්න ද ඇතුළත් ය. ඊටත් වඩා ගැඹුරින් ඒ දැනුම අවබෝධය භාවිතයට ගත් ප්‍රශ්න ද ඇතුළත් ය. පැහැදිලි කරන්න, පෙළගස්වන්න, නම් කරන්න, හඳුනාගන්න, හේතු දක්වන්න, යනාදි වශයෙන් ප්‍රශ්නයේ අහන දේට පැහැදිලි ලෙස උත්තර සපයන්න.
පිළිතුරු ලිවීමේ දී රූප සටහන්, පැහැදිලිව ම අඳින්න. අත් අකුරු කියවීමට හැකි පරිදි ලියන්න. අත් අකුරු පැහැදිලිව ලිවීම ඉතා වැදගත්ය.
පිළිතුරු ලිවීමේ දි සෑම කඩදාසියකම ඉහළ කෙළවරේ පැන්සලෙන් පිටු අංකය ලියන්න. පළමුව ප්‍රශ්න අංකය ද ඉන් පසු පිටු අංකය ද ලියා උත්තර ලියන කඩදාසි යටින් තබා ගන්න. මොනම හේතුවක් නිසා හෝ උත්තර ලියන කඩදාසි මේසය පුරා “වපුරා” නොගන්න.
වරක් උත්තර පත්‍ර අමුණන දැරියක් අපහසුවට පත් වී ‘ක්ලාන්ත වූයේ’ ලියූ කඩදාසියක් අවසානයේ දී නොතිබූ බැවිනි. එය ඇයගේ පුටුව යට වැටී තිබී හමු විය. සමහර ළමයින් පිළිතුරු ලියන විට ලියූ කඩදාසි ‘ඩෙස්ක්’ ඇතුළට දමති. කලබලයේ උත්තර පත්‍ර අමුණද්දී මඟ හැරීමට ඉඩ තිබේ.
අවසාන විනාඩි දහය තුළ පිළිතුරු ලිවීම නතර කරන්න. දැන් ඔබ ලියූ උත්තර ප්‍රශ්න පත්‍රයේ අංක අනුව විළිවෙළට ගැට ගසන්න. උත්තර පත්‍ර බලා ලකුණු ඇතුළත් කිරීමේදී එසේ අමුණා තිබීම පහසු වනු ඇත.
එදිනෙකා නිම වන විෂය ගැන කතා නොකිරීම වඩා වැදගත්ය. අද විභාගය අවසන් වූ පසු හෙට පැවැත්වෙන විෂයය ගැන සොයන්න. බලන්න. පාඩම් කරන්න.
සම්පූර්ණ විභාගය අවසන් වූ දාට ඔබට පුදුම සතුටක්, සහනයක්, සුවයක් දැනේ. ඔබ එදින විභාග කාර්ය මණ්ඩලයට ආචාර කරන්න. ඔබත් සමඟ දින ගණනක් ගත කළ ඒ ගුරුවරුන් ද ඔබේ පාසලේ ගුරුවරුන් ලෙස සලකා සමුගන්න.
විභාග මධ්‍යස්ථානයේ දේපළ ආරක්ෂා කරන්න. විභාගය පැවැත්වුණේ ඔබේ පාසලේ වුවද වෙනත් පාසලක වුවද ‘මම’ ‘මගේ’ ‘මා සතු’ නොව ‘අපි’ ‘අපේ’ ‘අප සතු’ යන පුළුල් ආකල්පය ඇති කරගන්න.
විභාගය නිම වූ පසු ‘ගෙදර’ යා යුතුය. විභගය නිමාවූ සතුටට විනෝදය සඳහා ගමන් බිමන් නොයන්න. බොහෝ ළමයින් විපතට පත් වන්නේ මේ විභාගය අවසා‍නයේදී යන ‘අවිචාර’ ගමන් නිසාය.
ප්‍රතිඵල ඔබට විශ්වාස නම් ඔබ හැදෑරීමට අපේක්ෂිත විෂය ධාරාවට සූදානම් වන්න. පොත්පත් සපයා ගන්න. උසස් පෙළ විෂය නිර්දේශය රැස් කර ගන්න.
එසේ නොමැති නම් ප්‍රතිඵල එනතුරු කෙටිකාලීන වෘත්තීය පාඨමාලාවකට යන්න. පරිගණක පාඨමාලාවක් මඟින් අදාළ දැනුම ලබා ගන්න.
අවසන් වශයෙන් සාමාන්‍ය පෙළ විභාගය උසස් ලෙස සමත්ව උසස් පෙළ හදාරා සරසවියට යාමට දූ පුතුන්ට වාසනාව උදාවේවා!යි පතමු.

(මාඩිබා)

කළු ජාතිකයන්ගේ තාත්තා (මාඩිබා) අවසන් ගමන් යයි

ලොවක් ආදරය කළ මිනිසෙක්

මැන්ඩෙලා ජාතික වීරයකු මෙන් ම අපූර්ව ප්‍රේමවන්තයකු ද වූයේ ය. තම ප්‍රථම බිරිය වන විනී මැන්ඩෙලාගෙන් දික්කසාද වූ ඔහු වයස අවුරුදු අසූවේදී දෙවැනි වරටද විවාහ වන්නේය. මුණූපුරු මිණිපිරියන් විසි හත් දෙනෙකුගේ සීයා වූයේය.
ඔවුහු ඔහුට තාත්තා (මාඩිබා) යැයි ඇමතූහ. ඒ ඇමතුමට වයස් බේදයක් වූයේ නැත. දකුණු අප්‍රිකාවේ උපත ලද සියලුම කළු ජාතිකයන්ට ඔහු 'තාත්තා' වූයේ ය. තාත්තා හෙවත් පීතෘවරයා යනු උපතකට හිමිකම් කියන්නායි. සැබවින් ම ඔහු නොවන්නට දකුණූ අප්‍රිකාවේ කළු ජාතිකයන්ට අදටද ජීවත් වන්නට සිදු වනු ඇත්තේ ජීවත් වීමට හෝ හිමිකම් නැත්තවුන් සේ ය. නෙල්සන් ‍මැන්ඩෙලා. ඔහු සදාකල් අමරණීය නාමයක් ඉතිරි කරමින් මියගිය සුළුතරය අතරට මීට හෝරා කිහිපයකට පෙර එක් වූ‍යේය.
මැන්ඩෙලාගේ ජීවිතය අපූරුය. කොටින් ම එය අපට අනුව සාමාන්‍ය ජීවිතයක් වන්නේ වයස අවුරුදු අසූවටත් පසුය. ඒ දක්වා ගෙවුණූ කාලයෙන් බොහොමයක් ඔහු ගත කළේ එක්කෝ යටි බිම් ගත දේශපාලනඥයකු ලෙසින් ය. නැතහොත් අඳුරු සිර කුටියකය.
නැතහොත් විදේශයක හෝ තම රටේම වනාන්තරයක සටන් පුහුණූ වෙමින් ය. අපට නම් ඒ අරුම ජීවිතයක් මය. සැබෑවකි. නෙල්සන් මැන්ඩෙලා ලෙසින් උපත ලද ඒ පුද්ගලයාට උරුම වූයේ අරුම ජීවිතයක්මය. ඔහු වයස අවුරුදු හැත්තෑ හයේ දී තමා උපන් බිමේ නායකයා වන්නේ ය. මිය යන තෙක්ම දේශයේ ගෞරවනීය පුරවැසියා වූයේ ය.
ඔහු උපත ලබන අවදිය වන විටත් දකුණු අප්‍රිකාව අඳුරු මහාද්වීයේ අඳුරු කෙළවරම ලෙසින් විය. සුදු ජාතිකයෝ එහි තනි භුක්තිය වින්ද ද ජනගහණයෙන් බහුතරය කළු ජාතිකයෝ වූහ. කුඩා මැන්ඩෙලා වයස අවුරුදු නවයේ දී පියා මියයන්නේය. දකුණු අප්‍රිකාවට අාවේනික ගෝත්‍රයක නායකයකු ඔහු හදාවඩා ගන්නේ එකල වඩාත්ම වටිනා සම්පත වන අධ්‍යාපනය ඔහුට ලබා දෙමිනි.
මේ වටිනා සම්පතට මැන්ඩෙලා ඉතා ආශා කරන්නේ ය. ඔහු එය කෙළවර කරන්නේ ජොහැන්නස්බර්ග් විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ද ලබා ගනිමිනි. එහෙත් ඒ වන විට තරුණ මැන්ඩෙලාට වර්ණ බේදවාදය දරුණූවට රිදවා අවසන් ය. තමාගේ පමණක් නොව ජාතියේම තුවාළ සුව කිරීමට ඔහු දේශපාලන සටන් බිමට ප්‍රවිශ්ට වන්නේ ය. ඒ අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ තරුණ ලීගයට එක් වෙමිනි.
මේ තරුණ ව්‍යාපාරය දිනෙන් දින ජනප්‍රියවත්ම එය මර්දනය කිරීමේ අවශ්‍යතාවක් එවකට දකුණු අප්‍රිකාව පාලනය කළ සුදු ජාතිකයන්ට ඇති විය. දේශපාලන සටන් බිම ලෙයින් තෙත් වන්නේ ඒ සමගය. 1956 දිනක මැන්ඩෙලා ඇතුලු දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් පොලිස් අත්අඩංගුවට පත් වූහ.
 මේ 1950 දී මැන්ඩෙලා බොක්සිං පුහුණුවීම්වල යෙදී සිටින අතරතුර ගත් ඡායාරූපයකි. එවකට ඔහු අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ නායකත්වය හොබවමින් සිටියේ ය.
හැට නවදෙනෙකු පොලිස් වෙඩි පහරින් මිය ගියහ. ඒ සැවොම කළු ජාතිකයන් විම අහඹූවක් වූයේ නැත. දේශපාලනයේ දී අවියද අතට හුරු විය යුතු බව මැන්ඩෙලා තීරණය කරන්නේ එහි දීය. එතැන් සිට අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ තරුණයෝ අවි පුහුණූ ලැබීමඇරඹූහ.
1962 දී මොරොක්කෝවේ අවි පුහුණූව ලැබ සිය රට පැමිණි මැන්ඩෙලා පොලිස් අත්අඩංගුවට පත් වූයේ ය. වසර දෙකක නඩු විභාගයකින් පසු 1964දී ඒ ඓතිහාසික තීන්දුව සමග ඔහු ජීවිතාන්තය තෙක් සිරයට නියම වන්නේ ය. තීන්දුවට හිස නැමූවද ඔහු පැය හතරක් පුරා තම ජාතිය ඇමතූවේ ය.
එහිදී තමා සිරගතවීමට හේතුව ඔවුනට පැහැදිලි කර දෙන මැන්ඩෙලා කිසිදාක වර්ණ බේද වාදය තුරන් කිරීමේ සටන අතනොහැරිය යුතු බව පවසා සිටියේ ය. එතැන් සිට වසර දහඅටක් ඔහු රොබින් දිවයිනේ අඳුරු සිරකුටියක තම ජීවිතය ගෙවා දමන්නේ ය. ඔහු ගත කළ සම්පූර්ණ සිර ගත ජීවිතය අවුරුදු විසිහතක් විය.
1990 දී සිර ගත ජීවිතය අවසන් කරන මැන්ඩෙලා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පිවිසි දකුණු අප්‍රිකාවේ ජනාධීපති අපේක්ෂකයකු ලෙසින් තරග වැදුනේය. 1994 අප්‍රේල් විසිහත්වැනිදා පැවති ඒ ඓතිහාසික ඡන්ද විමසීමේ දී කිසිදා ලොව මෙතෙක් දක්නට නොලැබුණු උනන්දුවකින් යුතුව දකුණු අප්‍රිකානුවෝ ඡන්දය භාවිතා කළහ.
ගුවන් ඡායාරූපවලින් දිස්වුණූ සර්පයන් මෙන් වක ගැසී ගිය ඡන්ද දායක පෝලිම් ඓතිහාසික වටිනාකමකින් යුක්ත විය. මුහුදු වෙරළට, හෝටලයකට, අවන් හලකට, උද්‍යානයකට යාමට කිසිදා කළු ජාතිකයන්ට අවසර ලැබුණේ නැත.
ඔවුහු ඒ වන විටත් වහල්ලුම වූහ. මැන්ඩෙලා ඔවුන් මිනිසුන් බවට පත් කොට මිනිස් අයිතිවාසිකම් ලබා දුන්නේ ය. 'මාඩිබා' හෙවත් තාත්තා යන නමින් ඔවුහු ඔහු ඇමතූහ. මිය යනතුරුම එය වෙනස් වූයේ නැත.
මැන්ඩෙලා ජාතික වීරයකු මෙන් ම අපූර්ව ප්‍රේමවන්තයකු ද වූයේ ය. තම ප්‍රථම බිරිය වන විනී මැන්ඩෙලාගෙන් දික්කසාද වූ ඔහු වයස අවුරුදු අසූවේදී දෙවැනි වරටද විවාහ වන්නේය. මුණූපුරු මිණිපිරියන් විසි හත් දෙනෙකුගේ සීයා වූයේය.
මිය යන විට ඔහු අනූ හය වැනි විය ගෙවමින් සිටියේය. ඔහු ගෙවූ ඒ අවුරුදු අනූ හයම ඔහුට, දකුණු අප්‍රිකාවට පමණක් නොව පොදුවේ මුළු මහත් මනුෂ්‍ය වර්ගයාට ම වැඩදායී වූ යුගයක් ම වූයේ ය.
 දකුණු අප්‍රිකාවේ ශක්තිය
ඩයනා සමග 1997දී
1994අප්‍රෙල් 27වැනි දින මැන්ඩෙලා වෙනුවෙන් ඡන්ද පාවිච්චි කිරීමට පෙළ ගැසී සිටි මහ සෙනග
විනී මැන්ඩෙලා සමග විවාපත් වූ පසු

සා.පෙළ විභාගයට යන්න මෙන්න හොඳම නැකත්

අනිද්දා සිට සා.පෙළ විභාගයට යන්න මෙන්න හොඳම නැකත්

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සුමනදාස අබේගුණවර්ධනගෙන්
ජනාධිපති සම්මානලාභී ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජනාධිපති ජ්‍යොතිෂ උපදේශක සුමනදාස අබේගුණවර්ධන මහතා අනිද්දා අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දූදරුවන්ට විභාගය සඳහා නිවෙසින් පිටත්වීමට සුබ මුහුර්ති ඉදිරිපත් කරයි.
තුනුරුවන් සරණින් තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදයෙන් මේ සුබ මුහුර්තීන්ගෙන් විභාගයට පිළිතුරු ලිවීමට පිටත්වන දූ දරුවන්ට අතිවිශිෂ්ට ප්‍රතිඵල ලබාගැනීමට භාග්‍යය හිමිවේවා යැයි අබේගුණවර්ධන මහතා ප්‍රාර්ථනා කරයි.
සා.පෙ. විභාගයට යන දරුවන්ට සුබ ‍මුහුර්තීන් මෙසේ ය
දෙසැම්බර් 10 වැනි අඟහරුවාදා පෙරවරු 7.17 ට ඉරු උදාවන නැ‍ඟෙනහිර දිසාව බලා තම නිවසින් පිටත්වීම ඉතා සුබයි.පෙරවරු 7.49 ට ඉරු උදාවන නැ‍ඟෙනහිර දිශාව බලා තම නිවසින් පිටත්වීම ඉතා ශුභයි.
11 වැනි බදාදා දින පෙරවරු 7.06 පිටවීම සුබයි. එදිනම පෙරවරු 7.38, පෙරවරු 7.50 ට ඉරු උදාවන නැ‍ඟෙනහිර දිශාව බලා තම නිවෙසින් පිටත්වීම ඉතා ශුභයි.
දෙසැම්බර් මස 12 වැනිදාත් විභාගය පැවැත්වේ. මෙදින පෙරවරු 6.58 පෙරවරු 7.26, පෙරවරු 7‍.51 ට උතුරු දිශාව බලා තම නිවසින් පිටත්වීම ඉතා ශුභ බව පැවසිය හැකි ය.
දෙසැම්බර් 13 වන සිකුරාදා දින පෙරවරු 7.15 උතුර බලා පිටත්වීම ද 7.51 උතුරු දිශාව බලා තම නිවසින් පිටත්වීම ඉතා ශුභයි.
දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා දින පෙරවරු 7.14 හෝ පෙරවරු 7.31 ට දකුණු දිශාව බලා තම නිවෙසින් පිටත්වීම ඉතා ශුභයි.
දෙසැම්බර් මස 17 වන අඟහරුවාදා දින පෙරවරු 7.28 ට හා පෙරවරු 7‍.52 ට ඉරු උදාවන නැ‍ඟෙනහිර දිශාව බලා තම නිවෙසින් පිටත්වීම ඉතා ශුභයි.
දෙසැම්බර් මස 18 වන බදාදා දින පෙරවරු 7.08, පෙරවරු 7.40 ට ඉරු උදාවන නැ‍ඟෙනහිර දිශාව බලා තම නිවෙසින් පිටත්වීම ඉතා ශුභයි.
18 වැනිදා සවස් වරුව සඳහා සුදුසු ශුභ මුහුර්තය මෙසේ ය. දෙසැම්බර් මස 18 වන බදාදා ‍දින පෙරවරු 11.24, පෙරවරු 11.52 ට ඉරු උදාවන නැ‍ඟෙනහිර දිසාව බලා තම නිවෙසින් පිටත්වීම ඉතා ශුභයි.
දෙසැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා දින පෙරවරු 7.02, පෙරවරු 7.42 ට උතුරු දිශාව බලා තම නිවෙසින් පිටත්වීම ඉතා ශුභයි.
දෙසැම්බර් මස 20 වන සිකුරාදා දින පෙරවරු 7.18, පෙරවරු 7.54 ට උතුරු දිශාව බලා තම නිවෙසින් පිටත්වීම ඉතා ශුභයි.
තුණුරුවන්ගේ සරණින් තිස් තුන් කෝටියක් දෙවි පිහිටෙන් මේ ශුභ මුහුර්තීන්ගෙන් පිටත්වන දූ දරුවන්ට අතිවිශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට භාග්‍ය හිමි වේවා! ආරෝග්‍යමස්තු!




BMICH ගින්න හා නව නිපැයුම්කරුවෝ

BMICH ගින්න හා නව නිපැයුම්කරුවෝ

ගිනිදලු අහසට නැඟුණි. එක විනාඩි විස්සකින් සියල්ල දා අළුවී ගියේ නොසිතූ ලෙස ය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා‍ පරිශ්‍රයේ සහසක් නිමවුම් කළ නිර්මාණකරුවන්ගේ දහසක් බලාපොරොත්තු වලට කුමක් වුණිද? ඒ ගැන දැක ගන්නට අපි ඔවුන් සොයා ගියෙමු. ඒ ‍වන විටත් තාවකාලික ගොඩනැඟිල්ල මෙන් ම එහි තිබුණ නිර්මාණ සියල්ල දා අළුවී ගොස් තිබුණි. ඒ පැතුම් බිඳී ගිය ද ප්‍රදර්ශනය අතර මැද නොනැවතුණි. උතුර දකුණ නැ‍ඟෙනහිර හා බස්නාහිර පළාත්වලින් දරු දැරියන් බොහෝ පිරිසක් මේ ප්‍රදර්ශනය සඳහා තම නිර්මාණ ඉදිරිපත් කර තිබුණි. කේවල තරගකරුවන් ලෙස ඉදිරිපත් වූවන්ගේ නිර්මාණද ගිනිබත් වී හමාර ය. සමහර ඒවාට පේටන් බලපත්‍ර රැගෙන නොතිබුණ අතර ඒ හිත්වල දහසක් පැතුම් ගුලි ගැසී සැඟවී ගොසිනි. වාසනාව අවාසනාව ඇසිල්ලකින් තීරණය වන්නට ගත වූයේ මොහොතකි. ගින්න පිළිබඳ ‘සිළුමිණ’ ට අදහස් දැක්වූයේ විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයේ නව නිපැයුම් කොමිසන් සභාවේ සහකාර අධ්‍යක්ෂිකා දීපිකා කහටපිටිය මහත්මියයි.
“අපි නොසිතූ ආකාරයට මේ ප්‍රදර්ශනය පැවැති එක ශාලාවක් ගිනිබත් වුණා. විශ්ව විද්‍යාලවල මෙන් ම කේවල තරග කරුවන්ගේ නිර්මාණ ද සම්පූර්ණයෙන් ම ගින්නට අසුවුණා. මිහිලක මැදුරේ පැවැති තරග අවස්ථාවන් විතරයි ඉතුරු වුණේ. මේ වෙලාවේ ගොඩක් ළමයි කම්පනයට පත්වුණා. ඇත්තටම නොසිතූ අවස්ථාවක එවැනි දෙයක් සිද්ධ වුණාම හැමෝම අසරණ වෙනවා. ඒත් විද්‍යා හා තාක්ෂණ ඇමැති පාඨලී චම්පික මහතාගෙන් ලැබුණු දිරි ගැන්වීම නිසා දරුවො ගොඩක් දිරිමත් වුණා.”
අපි මේ ප්‍රදර්ශනය සැලසුමකට අනුව හදල තිබුණේ. ඒත් හදිසි ගින්න නිසා සියල්ල වෙනස් වුණා. අපි ගින්නට අසුවුණු නිර්මාණ කරුවන්ට සාධාරණයක් ඉටු කරන්න කටයුතු කරනවා.”
ගින්නෙන් සමහර නිර්මාණ සම්පූර්ණයෙන් ම විනාශයට පත් විය. ඔවුන්ගේ බලාපොරොත්තු ගිලිහ‍ී ගියේ හිතාගන්න බැරි ආකාරයට. සමහරු අවුරුදු ගණනාවක් ඒ නිර්මාණය සම්බන්ධයෙන් වෙහෙසුණු බව ඔවුන්ගේ කතාවලින් තහවුරු විය. මෙය ඔවුන් අපට කියූ කතාවයි.
“මම එම්.එම්.ටී බදුලුවෙල. මොනරාගල බදුලුවෙල තමයි මම ඉන්නේ‍. මේ ප්‍රදර්ශනය සඳහා නිර්මාණ තුනක් ඉදිරිපත් කළා. එකක් සුළං බල විදුලි උත්පාදනය, ගලන ජල විදුලි උත්පාදනය. අනෙක් එක තමයි මුහුදු රළ විදුලි උත්පාදනය. මං සමහර ‍ඒවා අටේ පන්තියේ ඉඳලා අත්හදා බැලුවේ‍.
ඒත් මේ හැම දෙයක් ම ගින්නෙන් එක මොහො‍තකින් විනාශයට පත්වුණා. එක දොරටුවයි එළියට යන්න තිබුණේ. ඇත්තටම නිර්මාණය බේරගන්නවට වඩා මං ජීවිතය බේරගන්න හිතාගෙන පැන ගත්තා. ගින්න එක පාරටම එනකොට මගේ නිර්මාණය ගලව ගලව හිටිය නම් මාත් ගින්නට අහුවෙනවා.
තරිු
ශමිල
සෙව්වන්දි
  අභිමානී දිනුදා
සමහරු තමන්ගේ නිර්මාණවල කෑලි කෑලි අරගෙන දුවනවා මං දැක්කා. අපේ ප්‍රදේශයට තවමත් විදුලිය නැහැ. මේ හැම දුෂ්කරතාවක් ම මධ්‍යයේ තමයි මෙවැනි නිර්මාණ තුනක් කළේ. ජයග්‍රහණය තියා නිර්මාණයවත් අපට ඉතිරි වුණේ නැහැ. හැබැයි අපි මේ කුමන දේකින්වත් හිත සසල කරගන්න හොඳ නෑ. මට ඒක ප්‍රශ්නයක් නොවේ. අභියෝගවලට මුහුණ දීලා මට හොඳට පුරුදුයි.
මේ ගින්න ඔවුන්ගේ නිර්මාණ විතරක් නොවෙයි. බලාපො‍ෙරාත්තුත් රැගෙන ගියේ අකරුණාවන්ත ආකාරයට. මේ පිළිබඳ ජී.ඩී. ඉලේපෙරුම තම අදහස් දැක්වූයේ ය.
“මගේ නිර්මාණයත් තිබුණේ මේ ගිනිගත් ශාලාවේ. හැබැයි මේ ආරංචිය ලද සැනින් ම නිර්මාණයේ කොටසක් අරන් ගියා. හැබැයි සමහර කොටස් ගින්නට අසුවුණා. මං කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙක්. මං නිර්මාණය කළේ දෘෂ්‍ය ආබාධිත අයට සහය වන උපකරණයක්.
මට මේ උපකරණය නිර්මාණයේදී කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය මධුවන්ති හා ආචාර්ය වජිරත් මේ සඳහා විශාල සහායක් වුණා. මගේ නිර්මාණයට වඩා සමහර නිර්මාණවලට විශාල පාඩුවක් වුණා. මේ හැම දේකටම වඩා අපේ බලාපොරොත්තු වටිනවා. ප්‍රදර්ශනය පටන්ගත්ත විතරයි මෙහෙම දෙයක් වුණාම මිනිස්සුන්ගේ මානසික තත්ත්වය කොහොමද කියල හිතාගන්න පුළුවන් නේද?”
කෘෂිකර්ම නිර්මාණයක් ඉදිරිපත් කරමින් මේ ප්‍රදර්ශනයට එක් වුණේ රජ‍රට ප්‍රදේශයේ එන්. විජේරත්න ය. ඔහුට අත්වූයේ ද අනෙක් අයට අත්වුණු ඉරණමයි. මේ පිළිබඳ ඔහු දැක්වූයේ මෙවැනි අදහසකි.
සදෙව්
“මං ඉගෙන ගන්නෙ රජරට විශ්වවිද්‍යාලයේ‍. අත්යන්ත්‍රයක් මගින් ඉරිගු බීජ හිටවන දෙයක් තමයි මම නිර්මාණය කළේ. මගේ නිර්මාණය සාර්ථක වුණාම මට ලැබුණෙ ලොකු සතුටක්. මාස 6 ක් පමණ මේ නිර්මාණය වෙනුවෙන් වෙහෙසුණා. ඒත් මේ හදිසි‍යේ ඇතිවුණු තත්ත්වය නිසා මේ සියලු දේවල් විනාශයට පත් වුණා. කොහොම වුණත් අපේ හිත්වල ශක්තිය නැතිවෙලා ‍නැහැ.”
තම නිර්මාණවලට අත්වූ ඉරණම පිළිබඳ ඔවුහු එසේ පවසති. ඒ සඳහා සාධාරණය ඔවුන් බලාසිටින්නේ නොඉසිලිමත්වය. විද්‍යා හා පර්යේෂණ අමාත්‍යාංශය පවසනු‍යේ නිර්මාණ විනාශ වූ සියලු නිර්මාණ කරුවන්ට සාධාරණය ඉටු කර දෙන බවයි. එය ඒ ආකාරයටම ඉටු වන තෙක් ඔවුහු බලා සිටිති.
මේ ප්‍රදර්ශනයේ නිර්මාණ විනාශ වූ අය මෙන් නිර්මාණ ඉතිරි වූ අය ද තම නිර්මාණ ඉදිරිපත් කළේ දහසක් බලාපොරොත්තු ඇතුවය. මේ ගින්න නිසා ඒ බලාපොරොත්තු වියැකි යාමට ඉඩ දිය හැකි ද? මේ ඔවුන් කියූ කතාවයි.
සහසක් නිපැයුම් තරගයට කුරුණෑගල මලියදේව විදුහලෙන් නිර්මාණ ඉදිරිපත් කළ ජේ.පී. එන්. ඊ. කරුණානායක හා බී.ඩබ්ලිවු. ඩී.ඒ. බාල සොයුරිය තම නිර්මාණය ගැන මෙන්ම තම අත්දැකීම් පිළිබඳව දැක්වූයේ මෙවැනි අදහසකි‍.
“අපි මේ හදල තියෙන්නේ බෙහෙත් කවර නිෂ්පාදනය කරන යන්ත්‍රයක්. මේ යන්ත්‍රයෙන් ඉක්මනින් ම බෙහෙත් කවර හදන්න පුළුවන.‍ අපිට මේ වගේ නිර්මාණ කරන්න ඉස්කෝලෙන් ලැබෙන දිරිය පිළිබඳ අපි අගේ කරනවා. ඒ වගේ ම අපි ප්‍රද්ර්ශනය පවත්වන අතරතු‍රේ පුදුම අත්දැකීමට මුහුණ දුන්නා. එක විනාඩි කිහිපයකින් මුළු ශාලාවම ගිනිබත් වෙනවා අපි දැක්කා. ඒ වෙලාවේ අපේ හිතට චකිතයක් ඇති වුණා. ඇමැතිතුමා සංවිධායක කමිටුවත් අපිව දිරිමත් කළා.
ගැටලු බාධක ජය ගනිමින් නිර්මාණ කරණයේ යෙදෙන තවත් නිර්මාණ කාරියක් අපට මුණ ගැසිණි. ඇය තමන්ගේ කතාව කියන්නට හදිසි නොවුවා ය. මොරටුව වේල්ස් කුමරියේ අභිමානී දිනුදා තම නිර්මාණය ගැන මෙසේ විස්තර කළා ය.
“ගෑස් ඉවර වෙලාද නැද්ද කියලා කල් ඇතිව දැනගන්න උපකරණයක් තමයි මේ. ඇත්තටම ගෑස් ඉවර වුණාම ඇයි වේලාසන කිව්වෙ නැත්තෙ කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. මේවා ප්‍රශ්න කරගෙන ආරවුල් ඇති කරගන්න හොඳ නැහැ. ඒ නිසාම තමයි මේ වගේ යන්ත්‍රයක් හැදුවේ.
මේ තියෙන වතුර මට්ටම අනුව ගෑස් අඩු වැඩි වෙනවද කියලා අපට දැනගන්න පුළුවන්. ඒක එතරම් ප්‍රශ්නයක් නොවේ.” බෝමිරිය මහා විද්‍යාලයේ කේ.ජී.එස්.එස්. සෙව්වන්දි නිර්මාණය කළේ පඩිපෙල් ආධාරකයෙකි. ඒ පිළිබඳ ඇය මෙසේ අදහස් පළ කළා ය. “මේ ආධාරකය පඩිපෙලට සවි කරන්න ඕනේ. ඕනම කෙනෙක්ගේ බරක් දරා ගන්න මේ ආධාරකයට පුළුවන්. ආබාධිත කෙනෙකුට වුවත් පාවිච්චි කරන්න පුළුවන්.”
බස් රථ රියදුරන් කරන වැරැදි අඩුපාඩු පිළිබඳව ආනන්ද විද්‍යාලයේ සදෙව් කලුබෝවිල සිසුවාට තිබුණේ විශාල කනගාටුවකි. සදෙව් තම නිර්මාණය ගැන අපට මෙසේ විස්තර කළේ ය.
“බස් රියදුරන් කරන වැරැදි අඩු පාඩු පිළිබඳව මගීන් ඉන්නේ කනගාටුවෙන්. මේ වැරැදි අඩුපාඩු සොයන්න ක්‍රමයක් තිබුණොත් හොඳයි කියන එක මගේ හිතේ තිබුණා. මේ අනුව තමයි මං මේ කළු පෙට්ටිය නිර්මාණය කළේ. මේ වගේ උපකරණයක් බස් රියක සවි කිරීමෙන් බස් රථ රියදුරන්ගේ වැරැදි අඩුපාඩු සොයාගන්න පුළුවන්. ඒ වගේම මේ උපකරණය පිටතින් පෙනීම නිසා බස් රථයට නගිනවාද නැද්ද කියලා හිතා බලන්න පුළුවන්.”
ළඟාවිය නොහැකි ස්ථාන දෙකක දුර මැනීමට නිපදවූ අපූරු උපකරණයක් පිළිබඳව අපට කිව්වේ ආනන්ද විදුහලේ ඩබ්ලිව්.ඒ. තරිඳු වික්‍රමාරච්චි සිසුවයි.
“මං මේ හැදුවේ යන්න බැරි තැනක ප්‍රමාණය මැන ගත හැකි ලේසර් උපකරණයක්. මේ උපකරණය අපට යා නොහැකි තැනක වුවත් නිවැරැදිව දුර මැන ගත හැකි ය.”
වැස්ස වෙලාවට තෙමුණු කුඩයක් වාහනයක අරන් යන්න එතරම් පහසු නැහැ. මේ වෙනුවෙන් උපකරණයක් තිබුණොත් මේ සඳහා උපකරණයක් හදන්න බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ශමිල ප්‍රමෝද්‍ය නව උපකරණයක් හඳුන්වා දුන්නේ ය.
මේ උපකරණය කාර් එකක හරි ඕනෑම වාහනයක සීට් එකකට සවි කරන්න පුළුවන්.
මේ නිර්මාණය කරන්න අපි මේ වගේ උනන්දු කරනවාට රජයට ස්තූති කරනවා. ඒ වගේ ම අභියෝග රැසක් ජය අරගෙන තමයි අපි නිර්මාණ කළේ. එදා ඇති වුණු ගින්න නිසාවත් අපි කවුරුත් පස්සට ගියේ නැහැ. හොඳ දෙයක් කරන කොට අපට එන බාධක නිමක් නෑ. අපි හැමෝම හැම දෙයක්ම ජය ගත්තා.”
මේ නිර්මාණ බොහොමයකින් වැඩිහිටියන්ට ආමන්ත්‍රණය කර තිබුණි.
ඇත්තටම බැහැයි කියල දෙයක් නැත. අපි හැමෝටම පුළුවන් පරිසරයට අනුගත වෙන්න. හැම දේටම බැහැ කියන අයට දරුවන්ගෙ නිර්මාණ හොඳ විසඳුමක්. ඉලක්ක ප්‍රශ්න ආදර්ශ විසඳුම් හැරුණු විට ලෝකයේ දරුවන්ට ප්‍රගුණ කරන්න කොතෙකුත් දේවල් තියෙන බව ඔවුහු තම අත්දැකීම්වලින් පෙන්වූහ.
විවිධ නිර්මාණ අතර සුවිශේෂ දක්ෂතා දක්වන්නෝ සිටියහ. සැබෑ ලෝකයේ සැබෑවෙන් ම මෙවැනි නිර්මාණ අත්දැකිය හැකිනම් කෙතරම් භාග්‍යයක් ද? නිර්මාණ ඉතිරිවූවන් මෙන් ම නිර්මාණ විනාශ වූවන් ද මේ සඳහා එකසේ දක්ෂතාවක් දැක්වූ පුද්ගලයන් ය. එහෙත් ඔවුන්ගේ දක්ෂතා උරගා බලන්නට නිර්මාණ ඉතිරිවූයේ නැත. ඔවුන්ගේ නිර්මාණ නැවත ගොඩනඟන්නට අපේ දිරිය ද අවශ්‍යයි.