Kumaratunga Munidasa – කුමාරතුංග මුනිදාස

මෙතුමා විසින් මිනිසුන් හා සතුන් යොදා ගනිමින් හාස්‍ය හා උපහාසය ප්‍රධාන රසය බවට පත්කර අර්ථවත් ජීවන අත්දැකීමක් ලබා දීමට සුදුසු පරිදි කතා නිර්මාණය කර ඇත .එයින් ‘හත්පණ ‘කතාව පිළිබඳ සැලකුවහොත් මෙතුමා අතින් නිර්මාණය වුන විශිෂ්ඨ කතාවකි . මෙම කතාවෙන් පිලිඹිඟු වන්නේ මෝඩ ගැමි තරුණයකුගේ හාස්‍යජනක ක්‍රියාකාරකම් සහිත සිද්ධි මාලාවකි.මෙහි ප්‍රධාන චරිතය වන්නේ කිරිහාමි ය. මෙම කතාව ගැමි ජීවිතයේ විවිධ අවස්ථා හා සිද්ධි උපයෝගී කර ගනිමින් නිර්මාණය වූව කි. ශික්ෂා මාර්ගය, කියවන නුවණ එතුමා අතින් නිර්මාණය වුන තවත් පොත් පෙලකි.මෙම පොත් පෙල මගින් දරුවන්ගේ කියවීමේ රුචිය දියුණු කරන අතර භාෂා කුසලතාව ද වර්ධනය කරයි . කුමාරතුංග මුනිදාසයන් විසින් සිංහල භාෂාව තුල ව්‍යාකරණ සම්බන්ධයෙන් එතෙක් පැවති ගැටලු නිරාකරණය කරමින් ව්‍යාකරන විවරණය, ක්‍රියා විවරණය යන නම් වලින් ව්‍යාකරණ ග්‍රන්ථ 2ක් එලිදක්වන ලදි.
මීට අමතරව කාව්‍ය නිර්මාණ සදහා උපදෙස් දෙන ග්‍රන්ථයක් ලෙස ‘විරිත් වැකිය’ ද එතුමා අතින් නිර්මාණය වුන විශිෂ්ට ග්‍රන්ථයකි .මෙවැනි විශිෂ්ට නිර්මාණ රැසක් දැයට නිර්මාණය කල කුමාරතුංග මුනිදාස සූරීන් ක්‍රි.ව.1944 මාර්තු මස 2 වන දින දැයෙන් සමුගත්හ.
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි