Sunday, March 10, 2013

Kids Creations 002

වැස්ස වහිනවා

මෙරු ටික ඉගිලිලා
ගෙම්බන් මොර හඬ නඟා
වැස්සක සලකුණු කියන්න
මේ හැමෝම එක් වෙලා

මුළු අහසම කළු වුණා
කුරුල්ලො හැම ඉගිලුණා
කඩිමුඩියේ අපි හැමෝම
ගෙවල්වලට රොක් වුණා

සුළං හමාලා
වැහි බිඳු වැටිලා
ගොරවන සද්දෙන්
අපි බය වීලා

ගස්වල කොළ වැටෙනවා
වහලෙන් දිය වැටෙනවා
මිදුලෙ වතුර පිරෙනවා
මහ වැස්සක් වහිනවා

ගස්, ගල්, මුල් තෙමෙනවා
අලුත් පණක් නැඟෙනවා
වැස්ස හෙමින් පායනවා
ඉර මාමා එබෙනවා
එච්.එම්.පූජා නෙත්මිණි
7 ශ්‍රේණිය ‘ඒ’, ධර්මසිරි සේනානායක ම.වි., තුල්හිරිය.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි