Sunday, August 10, 2014

ගුරු උපහාර

පොත පත දැනුම ආදරයෙන් ලැබ දුන්න
හොඳ ඔවදන් නිති මා වෙත ලැබ දුන්න
ජීවන ගමන ජය ගන්නට අත දුන්න
තෙවැනි බුදුන් නුඹලයි මේ ලොව ඉන්න
වරදක් කළ විටදි දඬුවම් කෙරුවාට
අහිතක් මගෙ හිතේ නම් නෑ කිසිදාක
මට සිප් කිරි පෙවූ ගුරු මවුපිය සැමට
පතනෙමි දිගාසිරි නිදුකින් වැජඹෙන්ට
කේ.ජී. ප්‍රදීපා මහේෂිකා
12 ශ්‍රේණිය කලා (2015 කලා)
ඩෙන්සිල් කොබ්බෑකඩුව මහා විද්‍යාලය,
හාලි ඇල, බදුල්ල.

1 comments:

දුවට හැම අතින්ම ජය ලැබේවි. දෙමාපියන් ගුරුවරුන් පිදූ කිසිවකුට කිසි දිනක වැරදී ඇති තැනක් සොයන්න අමාරුයි.

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි