පොදුරද මඩුලු සමුළු පුවත් එසැණින් ලෝකයට

විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මෙන්ම වෙබ් අඩවි ඇතුළු සියලු සන්නවේදන ආයතනයන්හි මාධ්‍යවේදීන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමේ ඉඩකඩ ලබාදී තිබෙන බව කී එඩ්වින් ආරියදාස මහතා ඔවුනට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබෙන බවද මේ තුළින් අර්ථවත් ප්‍රතිඵල රැසක් ශ්‍රී ලංකාවට උදාකරගත හැකි බවද සිහිපත් කළේය.
ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ උතුරු පළාතේ මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව මේ සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බව සදහන් කළ ඒ මහතා මේ ඡන්දය සම්බන්ධයෙන් අවධානය යොමුකළ හැකි බවද කීවේය.
පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ටද වගකීමක් තිබෙන අතර මෙරට මාධ්‍යවේදීන්ගේ ජාලයක් පැවැතිය යුතු බවද ඒ වෙනුවෙන් ක්‍රමාණුකූල ලෙස සංවිධාන වියයුතු බවද පැවසීය.
එම සමුළුව වෙනුවෙන් අද සිටම පෙළගැසිය යුතුයැයි කී එඩ්වින් ආරියදාස මහතා එසේ නොමැති එහි වැරැදි පැත්ත පමණක් නොඉැලිය යුතු බවද මෙයින් උපරිම ප්‍රයෝජන රටට ලබාගත යුතු බවද පෙන්වා දුන්නේය
මහින්ද අලුත්ගෙදර
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි