
ඇවිදින පඹයා
හිරුෂගෙ ගෙදර තියෙන්නේ පුංචි කඳු ගැටයක් ළඟ. ගේ වටේට විශාල කුඹුරු යායක් තියෙනවා. ඈතට පෙනෙන්නේ නිල් තණකොළ පිට්ටනියක් වගේ. හිරුෂ ගේ ගෙදරට පහළින් කුඹුරුයාය වැඩ කරන්නේ හිරුෂගෙ ලොකු අත්තා. පාසලේ නිවාඩු දවස්වල හිරුෂ ලොකු අත්තගෙ කුඹුරේ වැඩට උදවු වෙනවා.
කුඹුරේ ගොයම් කරල් පැහෙන කාලයට කුරුල්ලන්ගෙන් සහ වෙනත් සතුන් ගෙන් කරදරයි. මේ අය හැම වෙලාවෙම ගොයම් කරල් කකා යනවා. ඒ නිසා ලොකු අත්තා හිරුෂ උදවු කරගෙන පඹයෙක් හදන්ට ලෑස්ති වුණා. ලොකු අත්තා ශක්තිමත්...