V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Sunday, August 28, 2016

ජයන්ති කුරුඋතුම්පාල - කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ සන්නාම තානාපතිනි

සිහින දකින්න. ඒවා සැබෑවන තුරුම උත්සාහය අත නොහරින්න කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ සන්නාම තානාපතිනි ජයන්ති කුරුඋතුම්පාල  කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මඟින් ඔබ වෙත “කාන්තා අයිතීන් සුරැකීම” පිළිබඳ තෙවසරක සන්නාම තානාපති පදවියක් පිරිනමා තිබෙනවා. එවරස්ට් කඳු මුදුන තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව වන ඔබ කාන්තා අයිතීන් සුරැකීම පිළිබඳ මේ අභියෝගය බාර ගන්නේ කොහොමද? එය මට එතරම් ලොකු අභියෝගයක් නොවෙයි....

Friday, August 26, 2016

ඤාව්වා

පරාක්‍රම පෙරේරා බොඒ කලේ ගුවන් විදුලි ළමා රංග පීඨය, ගුවන් විදුලි රඟ මඬල කොයි තරම් ජනප්‍රිය ද කියනවා නම් අදටත් මෙම වැඩ සටහන් ගැන එහි ප්‍රචාරය වූ නාට්‍ය සහ චරිත ගැන බොහෝ අය තුළ තිබෙන්නේ හොඳ මතකයක්. ලන්දේසි දූපත ගුවන් විදුලියෙන් ප්‍රචාරය වෙද්දී එය නෑසූ කෙනෙක් නැති තරම්. එහි ජිල්ජෝනා වැන්දබෝනා හරිම ජනප්‍රියයි. ඒ විතරක් නෙවෙයි ඔබට මතකද හන්දියේ ගෙදර නවරත්නම්, ඉරිවේරිස් මාමා? මේ ගුවන් විදුලි නාට්‍ය ගැන වගේම රූපවාහිනී කාටුන් හඬ කැවීම් ගැනත් කතා කරද්දී...

දරු සෙනෙහස හන්දා

ලේනා :- බත් ඇටයක් කන්නට නෑ මේ බළලා හින්දාරුදුරු ඇසින් ඌ මා දෙස බලන් ඉන්න හින්දා බළලා :- අපේ වතිතෙ ගස් බෙනයක ‍ෙල්න ඉන්න හින්දාමේ ලේනා අයිති මටයි වරද කිමද මන්දා ලේනා :- ඕනතරම් ගේ ඇතුළේ කෑම බීම තිබෙනාමා දඩයම් කරනු පිණිස උකුසු ඇසින් බලනා බළලා :- මස් කෑමට මට ඇල්මක් ආශාවක් තිබෙනාඔබයි මගේ දඩයම මම කුමක් කරමි ලේනා ලේනා :- මගේ පැටව් මා එනතුරු බලා ඉන්න හින්දාඔබෙ දඩයම වෙන්නට මට නොහැකියි එම හන්දා බළලා :- ඔබ ලෙසට ම අපෙ අම්මා මා රැකගත් හින්දාඔබට...

ලෝකයේ ඇති එකම ඇත්ද­ළ‍ ­තො­රණ දුටු­වෙමි

මධ්‍යම පළාතේ නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කයේ කොත්මලේ කොට්ඨා­සයේ මැද­පනේ කෝරලේ පුසු­ල්පි­ටිය රජ­මහා විහා­රය පිහිටා ඇත. මෙය ඓති­හා­සික වටි­නා­කම් රාශි­ය­කින් යුක්ත විහා­ර­ස්ථා­න­යකි. ගැමුණු කුමරු තම පියාගේ මර­ණය සිදු­වන විට සැඟවී සිටියේ ද මේ පුසු­ල්පි­ටිය විහා­රයේ බව පැරැණියෝ පව­සති. ගැමුණු කුමරු විසින් සාදන ලද චෛත්‍ය­යක් ද ඇති බව මුතුනි මිත්තෝ පව­සති. පසු­ගිය දිනක අපි පුසු­ල්පි­ටිය රජ­මහා විහා­රයේ වැඩ සිටින අෂ්ට­ඵල බෝධි­යට බෝධි පූජා­වක් පැවැ­ත්වී­මට...

Tuesday, August 23, 2016

ලොවම පුදුම කරන පියාඹන මාලුවා

කලාතුරකින් හෝ ලොවට අසාමාන්‍ය මිනිසුන් බිහි වෙති. මයිකල් පෙල්ප්ස් නම් පියාඹන මාලුවා ද එවැන්නෙකි. ඔලිම්පික් රන් පදක්කම් 23ක් යනු විස්මිත සංඛ්‍යාවකි. එකසිය විසි වසරක ඔලිම්පික් වංශ කතාවේ එය අද්විතීය වාර්තාවකි. එය නුදුරු අනාගතයේ බිඳ වැටෙතැයි සිතිය නොහැකි තරම් අසමසම වාර්තාවකි. බොහෝ විචාරකයන් පවසන ආකාරයට ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම පිහිනුම් ශූරයාද, ඔලිම්පික් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා ද පෙල්ප්ස්ය. අට වසරකට පෙර බෙයිජිං ඔලිම්පික් උළෙලට පෙරාතුව තමාගේ...

Sunday, August 21, 2016

මහ වනයේ තනිවූ අද්භූත සිතුවම්

       මෙය  ඌවේ ගුප්ත බව හා ජන සමාජයේ පැවැත්ම පිළිබඳ තවත් කතිකාවක් ගොඩනැගීමට සමත් ස්ථානයකි. මෙම ස්ථානය පිළිබඳ අනාවරණය වූයේ මීට දශකයකට පමණ පෙරය. නමුත් මෙම ස්ථානයේ වැදගත්කම බොහෝ විට වසර 5000 ක් පමණ අතීතයට දිව යන බව තතු දන්නෝ පවසති. ඇල්ල කරඳගොල්ල මහ වනයක තනිවූ මෙම කඳු ගැටයේ සිරස් තිරයක ඇඳි සිතුවම් සමුදායක ඔබ නොදන්නා කතාවක් ඒ ස්ථානයට ගමන් ගන්නා අතිශය දුෂ්කර ක්‍රියාදාමය පිළිබඳවත් අද මෙසේ දිග හරින්නෙමු. කුරුලන්ගල...

ගනුදෙනුව

එක ගමක සුප්පන් කියලා පොහොසත් මිනිසෙක් හිටියා. එයාට බූරුවන් ගොඩාක් උන්නා. ඒ බූරුවන්ව කුලියට දීම තමයි එයා කරන්නෙ. කන්දන් කියලා ඒ ගමේ ම තවත් මිනිසෙක් උන්නා. කන්දන් දවසක් සුප්පන් හොයා ගෙන යනවා. බූරුවෙක් කුලියට ගන්න. “දුර ගමනක් යන්නෙ ඔබත් කැමති නම් මා එක්ක යන්න එන්න”. කන්දන් සුප්පන්ට කිව්වා. සුප්පන් කැමති වුණා. දැන් දෙන්නම ගමන යන්න පිටත් වුණා. බූරුවා දක්කගෙන මේ දෙන්නා ටිකක් දුර යනකොට අව්ව හොඳට ම තද වුණා. පොළොවෙ වැලිත් රත් වුණා. කකුල් තියන්න බෑ,...

Friday, August 19, 2016

ළමා පිටිය.

බුලර්ස් පාරේ ටිකක් ඇතුලට ඇවිද ගිහිල්ලා එ් කාලේ රේඩියෝ සිලොන් කියලා කිව්ව ගුවනින් විදුලි සංස්ථාව ඇතුලට පොඞ්ඩක් ගොඩවෙමු. එත් ඒක ඇතුලේ ළමා පිටියක් තියෙනවාද? ඔව් මේ පිටිය ඇහෙන් දකින්න නම් බෑ. කනින් අහන්න නම් පුළුවන්. මීට අවුරුදු ගනනාවකට කලින් එ් කාලේ ළමයින්ට මේ ළමා පිටියට ගොඩවෙන්න ලැබුනේ කනින් අහලා තමයි. ගුවන් විදුලියෙන් ඇරඹුනු ළමා වැඩසටහන් ගොන්නක් තිබුණා. අද කොළොම්පුරේන් කතාකරන්න යන්නේ ඒ ගැන. එහෙනම් යමුද මේ ඇහෙන් දකින්න බැරි කනින් අහන්න පුළුවන් ළමා...