එක ගමක සුප්පන් කියලා පොහොසත් මිනිසෙක් හිටියා. එයාට බූරුවන් ගොඩාක් උන්නා. ඒ බූරුවන්ව කුලියට දීම තමයි එයා කරන්නෙ. කන්දන් කියලා ඒ ගමේ ම තවත් මිනිසෙක් උන්නා. කන්දන් දවසක් සුප්පන් හොයා ගෙන යනවා. බූරුවෙක් කුලියට ගන්න.
“දුර ගමනක් යන්නෙ ඔබත් කැමති නම් මා එක්ක යන්න එන්න”. කන්දන් සුප්පන්ට කිව්වා. සුප්පන් කැමති වුණා. දැන් දෙන්නම ගමන යන්
න පිටත් වුණා. බූරුවා දක්කගෙන මේ දෙන්නා ටිකක් දුර යනකොට අව්ව හොඳට ම තද වුණා. පොළොවෙ වැලිත් රත් වුණා. කකුල් තියන්න බෑ, ගින්දර වගේ. මේ දෙන්නට තිබුණ එකම සෙවණ තමා බූරුවගෙ හෙවණැල්ල. ඉතිං දෙන්නා ම බූරුවගෙ හෙවණැල්ල යටට යන්න පොර කෑවා.

අන්තිමේදී කන්දන් කිව්වා “බූරුවා කුලියට ගත්තෙ මමයි. ඒ හින්දා හෙවණ අයිති මටයි” කියලා.
“බූරුවා කුලියට දුන්නට හෙවණට සල්ලි ගත්තෙ නෑ” කියලා සුප්පන් කිව්වා.
දෙන්න හොඳට ම වාද කරන්න පටන් ගත්තා. දහදිය දමමින් වාද කරනවා. පිච්චෙන කකුල් උස්ස උස්ස වාද කරනවා. එකම ගාලගෝට්ටියයි. මේ වාද මිසක් වෙන කිසිවක් මේ දෙන්නගෙ ඔළුවට ආවෙ නෑ.
ඔය අතරෙ අපූරු දෙයක් වුණා. සුප්පන්ට නිකමට වගෙ බූරුවා ඉන්න දිහා බැලුණා. දෙයියනේ! බූරුවා පේන තෙක් මානයක නෑ. බුරුවා ගිහිං.
ඊට පස්සෙ දෙන්නත් එක්ක එකතු වෙලා තද අව්වේ දුක් විඳ විඳ බූරුවා හොය හොයා පයින් ම ගියා!
මේක අපේ ඉපැරැණි ජනකතාවක්.
සම්මානි විජේසිංහ
සිතුවම - සිබිල් වෙත්තසිංහ
http://silumina.lk/2016/08/21/_art.asp?fn=au1608211

0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි