මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ කොට්ඨාසයේ මැදපනේ කෝරලේ පුසුල්පිටිය රජමහා විහාරය පිහිටා ඇත. මෙය ඓතිහාසික වටිනාකම් රාශියකින් යුක්ත විහාරස්ථානයකි. ගැමුණු කුමරු තම පියාගේ මරණය සිදුවන විට සැඟවී සිටියේ ද මේ පුසුල්පිටිය විහාරයේ බව පැරැණියෝ පවසති. ගැමුණු කුමරු විසින් සාදන ලද චෛත්‍යයක් ද ඇති බව මුතුනි මිත්තෝ පවසති.
පසුගිය දිනක අපි පුසුල්පිටිය රජමහා විහාරයේ වැඩ සිටින අෂ්ටඵල බෝධියට බෝධි පූජාවක් පැවැත්වීමට ගියෙමු. එහිදී විහාරාධිපති හිමියෝ ලෝකයේ ඇති එකම ඇත්දළ තොරණ පෙන්වූහ. එය ‘දළකඩ තොරණ’ නමින් හැඳින්වෙන බව ඒ හිමියෝ පැවසූහ. ක්‍රි.ව. 1344 ගම්පොළ රාජ්‍ය සමයේ රජ කරවූ 4 වැනි බුවනෙකබාහු රජු විසින් ඉදිකරන ලද ගොඩනැඟිල්ලක මෙය නිමකර ඇති බවත් ඒ හිමියෝ පැවසූහ. මම එම ගොඩනැඟිල්ලට ඇතුළු වන විට දැනුණේ රජකාලේ ගොඩනැඟිල්ලකට ඇතුළු වනවාක් මෙනි.
පුසුල්පිටිය රජමහා විහාරය අසල ඇති ගැමුණු කුමරු ස්නානය කළ ස්ථානය ද අපි දුටුවෙමු. ගල්වල ලියා ඇති සෙල්ලිපි ද පුසුල්පිටිය රජමහා විහාරයේ ඉතිහාසයට නෑකම් කියයි. ඉංග්‍රිසි පාලන සමයේ දන්ත ධාතුන් වහන්සේ සඟවා තිබූ දළඳා අසපුවද මෙහිදී දැකගත හැක. ඓතිහාසික පුසුල්පිටිය රජමහා විහාරයට පැමිණිය හොත් ඉතිහාසය පිළිබඳව බොහෝ දෑ ඉගෙනගත හැකි බව මට හැඟිණි.

ඒ.එච්. බුද්ධිකා සංජීවනී
9 ශ්‍රේණිය,
ශ්‍රී ධර්මෝදය දහම් පාසල,
මෑතගම.
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි