අධ්‍යාපන අමාත්‍යාංශයේ පොත් ප්‍රදර්ශනය
හා සල්පිල 17 සිට 22 දක්‌වා
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සංවිධානය කරන පොත් ප්‍රදර්ශනයක් මෙම මස 17 වැනිදා සිට 22 වැනිදා දක්‌වා අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වේ.
ජාතික අධ්‍යාපන ආයතනය, ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලය, ශ්‍රී ලංකා මහබැංකුව හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්‌ථාව යන රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික පොත් ප්‍රකාශන ආයතනද මෙම ප්‍රදර්ශනයට දායක වෙයි.
පාසල් දරුවන්ට අවශ්‍ය පොත්පත් මෙන්ම අධ්‍යාපන වැඩසටහන් ඇතුළත් සංයුක්‌ත තැටිද මෙම ප්‍රදර්ශනයෙන් සහන මිලට ලබා ගැනීමට පහසුකම් සලසා ඇතැයි අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් තිස්‌ස හේවාවිතාන මහතා පවසයි.
http://www.divaina.com/
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි