දවසක් මොනර පැංචා ගඟක් ළඟ අඹ ගහ යට දුකෙන් හිටියා. ඈත අහස දිහා බලාගෙන ඉන්නකොට ලස්සනට දේදුන්න පායලා තියනවා දැක්කා. ඒ ටිකකින් පුංචි සමනලියක් වගේ සුරංගනාවියක් දේදුන්නෙන් බැහැලා මොනර පැංචා ළඟට ආවා.
“ඇයි ඔයා දුකින් ඉන්නෙ. අම්මා බැන්න ද? යාළුවෝ තරහ වුණා ද?” සුරංගනාවි ඇසුවා. මොනර පැංචා කිවුවා “නෑ නෑ එහෙම දෙයක් නෑ.” අනිත් කුරුල්ලෝ කියනවා.
“ඔයා හරිම කැතයි. කළු පාටයි ලස්සන නෑ” කියනවා. ඒ හින්දයි මම දුකෙන් ඉන්නෙ” මොනර පැංචා සුරංගනාවිට කිව්වා. සුරංගනාවිට දුක හිතිලා මෙහෙම කිව්වා.
“දුක්වෙන්න එපා. මම ඔයාට දේදුන්නේ පාට හතම දෙන්නම්” එතකොට මොනර පැංචට සතුටක් දැනුණා. සුරංගනාවි කීවා.
“ඔයා ගඟට බැහැල හොඳට නාල පිහාටු වේලා ගන්න”
මොනර පැංචා සුරංගනාවි කිව්ව විදිහට නාල ආවා. දේදුන්නේ පාට හත භාජනයකට දමා ගත්තා. පින්සලයකින් මොනර පැංචගෙ පිහාටු ලස්සනට පාට කළා.
“ඔයා දැන් ලස්සන කුරුල්ලෙක් ඔයා ලස්සනට පෙනෙන්නට ඔයාගෙ හිසේ අලංකාර ඔටුන්නක් සවි කරන්නම්” කියල හිසේ ඔටුන්නක් පැළැන්දුවා.
සුරංගනාවි කිව්වා “එන්න ගඟ ළඟට ඔයාගෙ ලස්සන බලන්න” මොනර පැංචා ගඟ ළඟට ගිහින් පිල් විහිදාගෙන ලස්සන බැලුවා. මොනරට හරි සතුටුයි. ඉන්පසු සුරංගනාවි “මම දැන් යනවා” කියල දේදුන්ට නැගල සමනළියක් වගේ වලාකුළු අතරින් නොපෙනී ගියා.
කැලේ අවුරුදු උත්සවේදී අවුරුදු කුමාරයා තරගයට මොනර පැංචා ඉදිරිපත් වුණා. තරගයෙන් මොනර පැංචා ප්‍රථම ස්ථානයට තේරුණා. කුරුල්ලෝ හැමදෙනාටම පුදුමයි මොනර පැංචා මෙච්චර ලස්සන වුණේ කොහොම ද? කියල. මොනර පැංචා ලස්සන වුණ රහස කවදාවත්, කාටවත් කීවේ නෑ.
එනිදු සුපසන් ප්‍රේමසුන්දර
2 ශ්‍රේණිය ‘බී’,
කේරි විදුහල,
කොළඹ
http://www.silumina.lk/2014/11/30/_art.asp?fn=au141130
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි