Tuesday, November 18, 2014

සිසු සැරිය බස් රථ නිරීක්ෂණය සඳහා GPS තාක්ෂණය යොදා ගැනේ

සියලුම සිසු සැරිය බස් රථ පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී. බී. රත්නායක මහතාගේ උපදෙස් පරිදි GPS තාක්ෂණය යොදා ගනිමින් නිරීක්ෂණය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කෙරේ.
ඇතැම් සිසු සැරිය බස් රථ විධිමත්ව ධාවනය නොවන බවට ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.
මෙහි පළමු පියවර ලෙස අන්තර් පළාත් සිසු සැරිය බස් රථ සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස GPS තාක්ෂණ යොදා ගෙන නිරීක්ෂණය කිරීම සිදු කරනු ලබයි. මෙම බස් රථ ධාවනය පිළිබඳ නිරීක්ෂණය කිරීම ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ පාලක මැදිරියේ සිට ක්‍රියාත්මක කෙරේ.
මේ වන විට දිවයින පුරා සිසු සැරිය බස් රථ 1135 ක් පමණ ධාවනය කරනු ලබන අතර ඒ සඳහා රජය වාර්ෂිකව රුපියල් ලක්ෂ 05 ක් පමණ වැය කරනු ලබයි. මෙම සේවාව යටතේ බස්නාහිර පළාත තුළ බස් රථ 298 ක්ද, දකුණු පළාතේ බස් රථ 108 ක්ද, වයඹ පළාතේ බස් රථ 242 ක්ද, උතුරු මැද පළාතේ බස් රථ 129 ක්ද, සබරගමුව පළාතේ බස් රථ 122 ක්ද, ඌව පළාතේ බස් රථ 68 ක්ද, නැගෙනහිර පළාත තුළ බස් රථ 100 ක්ද, මධ්‍යම පළාත තුළ බස් රථ 35 ක්ද, උතුරු පළාතේ බස් රථ 23 ක් හා අන්තර් පළාත් බස් රථ 10 ක් ධාවනයේ යොදවා ඇත.

http://www.silumina.lk/2014/11/16/_art.asp?fn=aa14111611

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි