Monday, November 10, 2014

වෘකයා හා ලේනා

දව­සක් ලේනෙක් අත්තෙන් අත්තට පනින කොට නිදා හිටපු වෘකයකුගේ ඇඟ උඩට කෙලින්ම වැටුණා. වෘකයා එක පාරට ගැස්සිලා ඌ අල්ල­ගෙන කන්න හැදුවා. ලේනා පින්සෙන්ඩු වෙන්න ගත්තා:
“අනේ මාව අත හැර­පන්.” වෘකයා එත­කොට කිව්වා:
හොඳා, මං උඹ අත හරි­න්නම්, ඒත් උඹ මට කිය­පන් මොකද මට හැම­දාම කාන්සි, ඒකට උඹලා ලේන්නු හැම තිස්සෙම බොහොම විනෝ­දෙන් ඉන්නේ කියලා විත­රක්.”
ලේනා මෙහෙම කිව්වා:
“ඉස්සෙල්ලා මට ගහට නගින්න දීපන්, මං ගහේ ඉඳන් කිය­න්නම්, නැත්නම් මං උඹට බයයි.”
වෘකයා ඌ නිද­හස් කළා, ලේනා ගහට නැගලා, ගහ උඩ ඉඳන් කිව්වා:
“උඹට කාන්සි, උඹ නපුරු හින්දා. නුඹේ හද­වත නපු­රු­ක­මෙන් පිච්චෙ­නවා. අපි විනෝ­ද­යෙන් ඉන්නේ මොකද අපි කරු­ණා­වන්ත යි, කාට­වත් නපු­රු­කම් කරන්නේ නැහැ.”
 
ශ්‍රේෂ්ඨ රුසි­යානු ලේඛක ලියෝ­තෝ­ල්ස්තෝයි උපන්නේ වැඩුණේ හා තම ජීවි­ත­යෙන් වැඩි කලක් ගත කළේ ගම්බද පරි­ස­ර­යක යාස්නයා පල්යානා පෙදෙ­සෙ­හිය. ඔහු ළම­යින්ට ඉතා ඇළුම් කළ අතර සිය ගමේ ළමා ළප­ටි­යන්ට බොහෝ කෙටි­කතා හා කත­න්දර ලිව්වේය.
ඔහු ළම­යින් සඳහා ලියූ තම කෙටි­කතා සහ කත­න්දර මුද්‍ර­ණය කළේ හෝඩිය හා රුසි­යානු කිය­වීම් පොත් නමැති පොත්ව­ලය.
ලොව විවිධ ජාතීන්ගේ ජීවි­ත­යෙන්, පැරැණි සාහි­ත්‍ය­යෙන් ගත් බොහෝ ඉති­හාස පුවත් හා මිථ්‍යා කතා තෝල්ස්තෝයි ඒවාට ඇතුළු කළේය. පුරාණ ග්‍රීක පඬි­ව­ර­යෙකු වූ ඊසොප්ගේ සරල හා කෙටි උපමා කතා ඔහුගේ සිත් ඇද ගත්තේය.

මෙය පළ­වෙන්නේ තෝල්ස්තෝ­යිගේ කූඹියා හා පරෙ­වියා නම් උපමා කතා එක­තු­වෙහි කතාවකි.
(සූරිය ප්‍රකා­ශ­න­ය­කින් උපුටා ගැනිණි.)



0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි