
මැදින් මාසේ උදෑසනකි.
දියණිය ද වැඩට ගොසිනි.
ගෙදර මා පමණ ය.
මම පාර දෙස බලා සිටියෙමි. පාසල් දරුවෝ ලහිලහියේ යති.
මම මිදුල අමදින්නට වීමි.
හාමුදුරු නමක් පිණ්ඩපාතයේ වඩින අයුරු මා දුටුවේ එවිට ය. විටින් විට උන්වහන්සේ උදෑසන මෙසේ පිණ්ඩපාතයේ වඩිති.
දියණියට පාන්දර ම පිසූ අහරින් අඩක් තිබේ. ඉන් කොටසක් උන්වහන්සේට පුදා උදෑසන ම පිනක් සිදු කොට හිත පහත් කර ගත යුතු යැයි මට සිතිණ.
මම ඉදල පසෙක තබා වහා ගේට්ටුව අරින්නට දුව ගියෙමි. ගේට්ටුව වසා තිබුණොත් උන්වහන්සේ...