V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Saturday, August 3, 2013

ස්නේහයේ නිරුක්තිය සහ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමා

 ස්නේහයේ නිරුක්තිය සහ
ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමා



සිරි­සු­මන ගොඩගේ මහතා පොත් ප්‍රකා­ශ­ක­යන් අතර දැනට පෙර­මුණේ ම සිටි­න්නෙකි. හේ වැඩි ම පොත් සංඛ්‍යා­වක් ප්‍රකා­ශ­නය කරන ප්‍රකා­ශ­කයා ලෙසින් වසර ගණ­නා­වක් පුරා අඛණ්ඩ ව රාජ්‍ය සම්මා­න­යට පාත්‍ර වූවෙකි. ඔහු ඇසු­රෙන් ලේඛ­ක­යන් වූ සංඛ්‍යාව බොහෝ ය. දශක කිහි­ප­යක් පුරා ඔහු කළ මෙහෙ­වර වෙනු­වෙන් ‘මුදිතා’ යනු­වෙන් අගනා ශාස්ත්‍රීය සංග්‍ර­හ­යක් නිකුත් ව ඇත. මෙරට ප්‍රමුඛ විද්වත්හු විවිධ විෂ­යය යටතේ මෙහි ලිපි සම්පා­ද­නය කර ඇත.
එකී ලිපි අත­රින් මහා­චාර්ය සමන් චන්ද්‍ර රණ­සිංහයන් සම්පා­ද­නය කළ මේ ලිපිය අප පුන්ක­ලසේ පළ කර­නුයේ එක් අතෙ­කින් සිරි­සු­මන ගොඩගේ මහ­තාට කරනු ලබන උප­හා­ර­යක් වශ­යෙන් මෙන් ම තවත් අතෙ­කින් ආචාර්ය ඊ.ඩබ්ලිව්.අදි­කා­රම් ශූරීන්ට කරනු ලබන ගෞර­ව­යක් වශ­යෙනි.
”හද­වත දැඩි වී විය­ළුණ විට
එනු මැන මා වෙතට
දයා වර්ෂා­වක් රැගෙන
කරු­ණාව නැති වූ විට දිවි­යෙන්
එනු මැන උතු­රු­ව­මින් සංගී­තය”
ර බී­න්ද්‍ර­නාත් තාගෝර් නම් වූ විශ්ව කීර්ති­ධර සාහි­ත්‍ය­ධ­රයා සිය ‘ගීතා­ඤ්ජලී’ භක්ති කාව්‍ය­යෙහි එසේ සට­හන් කෙළේ ය. මේ ප්‍රකා­ශ­යෙන් ප්‍රකට වන්නේ තාගෝර් කවියා ලෝකය තෙරෙහි දක්වන කරු­ණාව යි: ළෙන්ග­තු­කම යි: සෙනෙ­හස යි.
”මනු­ෂ්‍යයා විසින් තවත් ජීවි­යකු කෙරෙහි දක්වනු ලබන සෙනෙ­හස ප්‍රකාශ කිරීම සඳහා සංස්කෘත භාෂාව තුළ වචන රාශි­යක් යෙදී ඇත. කරුණා, ආදර, අනු­කම්පා, ප්‍රේමය, වාත්ස­ල්‍යය, මෛත්‍රී සහ ස්නේහ ඉන් කිහි­ප­යකි. මේ වචන සිංහල සමා­ජ­යට ද ආග­න්තුක නොවන්නේ ඒවා ඒ ආකා­ර­යෙන් හෝ සුළු වෙන­සක් සහිත ව හෝ සිංහල භාෂා­වට ද ඇතු­ළත් ව ඇති බැවිනි. මේ අතු­රින් අපේ අව­ධා­නය යොමු වන්නේ ‘ස්නේහ’ නම් වූ වච­න­යට යි.
’ස්නිහ්’ නම් ධාතු­වෙහි සැදෙන ‘ස්නේහ’ යන වච­න­යට තේරුම් දෙකක් තිබේ. එක තේරු­මක් නම් තෙල් ය. අනෙක් තේරුම සෙනෙ­හස ය. රියක් ධාව­නය කිරීම සඳහා තෙල් අවශ්‍ය වේ. තෙල් අව­සන් වූ විට එහි ගමන නැව­තෙයි. නැවත තෙල් දැමූ විට රිය ගමන සිදු­වෙයි. රිය­කට තෙල් සෙයින් ජීවි­ත­යට වැද­ගත් වන්නේ ස්නේහය යි. ස්නේහය සිඳී ගිය විට ජීවන ගමන අක්‍රිය වෙයි.
සමා­ජ­යක් තුළ බොහෝ ගැටලු උද්ගත වන්නේ ස්නේහය නොමැ­ති­කම නිසා ය. සත්‍ය වූ ස්නේහය යම් තැනක පව­තියි ද එතැන ගැට­ලු­ව­ලට ඉඩක් නැත. ඔවු­නො­වුන් කෙරෙහි ස්නේහ­යෙන් හැදුණු යම් සමා­ජ­යක් වේ නම් ඒ සමා­ජය ම භාග්‍ය­වන්ත වේ. එවන් සමා­ජ­යක ඝාත­න­යට, හිංසා­වට හෝ සිත් රිද­වී­ම­කට ඉඩක් නැත. එහෙත් අභා­ග්‍ය­ය­කට මෙන් අපට ජීව­ත්වී­මට සිදු වී ඇත්තේ කුරිරු ඝාතන සිදු වන්නා වූත් වෙනත් හිංසක ක්‍රියා සිදු­වන්නා වූත් ප්‍රබ­ලයා විසින් දුබ­ලයා පෙළනු ලබන්නා වූත් සමා­ජ­යක යි.
මේ තත්ත්වය ඇති වූයේ කුමක් නිසා ද; එය ඇති කරනු ලැබූයේ කවු­රුන් විසින් ද යන්න ගැන සොය­මින් වෙහෙ­සීම අර්ථ­වත් දෙයක් නොවේ. වැද­ගත් වන්නේ එය වෙනස් කිරීම ය. සිය කායික මර­ණය තෙක් එබඳු ‘ආද­ර­ණීය වෙන­සක්’ ඇති කිරීම සඳහා කට­යුතු කළ සැබෑ ආද­ර­ව­න්ත­ය­කුගේ රුව ගුණ මේ මොහොතේ සිහි­යට නැඟෙයි. ඒ ආචාර්ය ඊ.ඩබ්ලිව්.අදි­කා­ර­ම්තුමා ය. වච­නයේ පරි­ස­මාප්ත අර්ථ­යෙන් ම ඔහු නම් ‘ආද­ර­ව­න්ත­යෙකි’. ඔහුගේ ආද­ර­යට වෙන්ක­ර­ගත් දින­යක් නොවී ය; විශේෂ කොට­ගත් පුද්ග­ලයෝ නොවූහ. ඒ ආද­රය ගහ­කොළ, සතා සීපාවා මෙන් ම මුළු මනුෂ්‍ය වර්ගයා වෙත පැති­රුණු පෘථුල ආද­ර­යක් විය.
මේ ආද­ර­ව­න්ත­යාගේ ජීවි­තයේ තේමා ගීතය වූයේ ස්නේහය යි. ගසට පොත්ත මෙන් ද වච­නය හා බැඳුණු අර්ථය මෙන් ද ‘අදි­කා­රම් - ස්නේහ’ යන යුග­ලය තුළ ඇත්තේ අවි­යෝ­ජ­නීය සම්බ­න්ධ­යකි. ස්නේහයේ නිරු­ක්තිය ගැන කථා කිරීමේ දීත් කායික වශ­යෙන් පම­ණක් අපට අහිමි ව ගිය මේ ප්‍රඥා­වන්ත ආද­ර­ව­න්තයා ගැන සිහි­පත් කළ යුතු වන්නේ එහෙ­යිනි.
නිද­හස් චින්ත­ක­යකු, විශිෂ්ට අධ්‍යා­ප­න­ඥ­යකු මෙන් ම නිරුක්ති විද්‍යාව පිළි­බඳ විශේ­ෂ­ඥ­යකු ද වූ ආචාර්ය ඊ.ඩබ්ලිව්.අදි­කා­රම් ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ ප්‍රථම කුල­ප­ති­ව­රයා ද විය. 1905 මාර්තු 29 වැනි දා ජන්ම ලාභය ලද ඔහු 1985 දෙසැ­ම්බර් 28 වැනි දින කායික අභා­ව­යට පත් විය. ආචාර්ය අදි­කා­රම් සිය මර­ණය සිදු­වී­මට කෙටි කල­කට පෙර අව­සන් වරට සහ­භාගී වූ ගුව­න්වි­දුලි සාක­ච්ඡාවේ තේමාව වූයේ ස්නේහය යි: සෙනෙ­හස යි. එ දින සෙනෙ­හස ගැන ඔහු විසින් කරන ලද පහත සඳ­හන් ප්‍රකා­ශය ගැන සාව­ධාන වනු වටී.
”අද ලොව ගැටු­ම්ව­ලින් පිරී පව­තියි. පුද්ග­ලයා තුළ මෙන් ම පුද්ග­ල­යන් අතර ද ගැටුම් පවතී. එමෙන් ම පවු­ල්වල සාමා­ජි­ක­යන් අතර ද ගැටුම් ඇත. පවුල් පවුල් අතරේ ද ගැටුම් වෙයි. ගම් ගම් අතරේ ද ගැටු­ම්කාරී තත්ත්ව­යක් පවතී. රට රට­වල් අතරේ ද ගැටුම් ඇත. මේ ගැටුම් වර්ධ­නය වුව­හොත් මුළු මහත් ලෝක සමා­ජය ම අනු­ක්‍ර­ම­යෙන් විනා­ශය කරා යනු ඇත. මේ ගැට­ලු­වට තාව­කා­ලික පිළි­ය­මක් නොමැති යි. ඇති එක ම පිළි­යම නම් මිනිසා තුළ සෙනෙ­හස වර්ධ­නය කිරීම යි.”
සජීවී ලෝකයේ පම­ණක් නො ව අජීවී දේ අත­රත් ‘ගැටුම්’ ඇති බව පෙන්වා දෙන ආචාර්ය අදි­කා­රම් යන්ත්‍ර සූත්‍ර ඊට නිද­හස් කරයි. යන්ත්‍ර­යක් ක්‍රියා කරන විට එහි විවිධ කොටස් ගැටෙයි. එහි අනි­වාර්ය ප්‍රති­ඵ­ලය යන්ත්‍රය ගෙවී යාම යි. කර­ත්ත­යක් වුවත් වැඩි දුර ගම­නෙහි යෙදෙන විට එහි රෝද­ව­ලින් අමි­හිරි ශබ්ද­යක් ඇති වෙයි. කරත්ත රෝද­වල ඇති­වන මේ ගැටීම නැවැ­ත්වී­මට එඬරු තෙල් දැමූ ආකා­රය සිහි­පත් කරන ආචාර්ය අදි­කා­රම් තෙල් දැමී­මෙන් පසු කරත්ත රෝදයේ ගැටුම මෙන් ම ගැටුම නිසා ඇති­වන අමි­හිරි හඬ ද නව­තින බව පෙන්වා දෙයි. එප­රි­ද්දෙන් ආද­රය සෙනෙ­හස ජනිත වන විට පුද්ග­ලයා අත­රත් පවුල් අත­රත් ගම් හා රට­වල් අත­රත් ඇති වන ගැටුම් නැති වන බව ඔහු ප්‍රකාශ කරයි.
යන්ත්‍ර­යක කොටස් අතර ඇති­වන ගැටුම වැළැ­ක්වීම සඳහා අවශ්‍ය වන තෙල් පිටින් ලබා ගත හැකි වුවත් පුද්ග­ල­යන්, පවුල්, ගම හා රට­වල් අතර ඇති වන ගැටුම් වැළැ­ක්වීම සඳහා අවශ්‍ය සෙනෙ­හස, ආද­රය පිට­තින් බාගත නොහැකි ය යන කරුණ ආචාර්ය අදි­කා­රම් අව­ධා­රණ කරයි. මනු­ෂ්‍යයා, සමා­ජය සහ රට­වල් ඇතුළු මේ විශාල ජීව යන්ත්‍රය වුව­මනා ම කරන දෙස ස්නේහය බව පව­සන ඔහු අද ලෝකයේ ඇති­වන සෑම ගැටු­මක් ම නැවත ඇති නොවන ලෙස කිසි­ව­කුට හානි­යක් නොවන ලෙස නිරා­යා­ස­යෙන් නව­ති­න්නට නම් ස්නේහය හද­ව­ත්වල ඇති විය යුතු යැයි ප්‍රකාශ කරයි.
ආචාර්ය අදි­කා­රම් සිය ජීවිත කාලය තුළ දිව­යිනේ තැනින් තැනට යමින් දේශන පව­ත්ව­මින් ද පත්‍රිකා ප්‍රකා­ශ­යට පත්කොට බෙදා හරි­මින් ද සිති­විලි ;පාත් හැට­කට ආසන්න සංඛ්‍යා­වක් ලියා ප්‍රසිද්ධ කර­මින් ද වෑයම් කෙළේ ස්නේහයේ පණි­වු­ඩය දේශ­යට දායාද කිරී­මට ය. අන්කි­සි­වක් ඔහුට ‘ස්නේහය’ තරම් වැද­ගත් නොවී ය.
දිනක් පුව­ත්ප­ත්ක­ලා­වේ­දි­යෙක් ආචාර්ය අදි­කා­ර­ම්ගෙන් මෙසේ ප්‍රශ්න කළේ ය.
”කලාව ගැන මෙන් ම විද්‍යාව ගැනත් උන­න්දු­වක් දක්වන ඔබට සඳට යෑමට අව­ස්ථා­වක් ලැබු­ණොත් සතුටු වෙන­වාද?”
සිය පපුව මත අත තබා ගනි­මින් ඔහු දුන්නේ මේ පිළි­තුර යි.
”මට යාමට ගම­නක් තිබෙ­නවා. ඒත් ඒ සඳට නොව හද­ව­තට යි”
සඳ­ව­තට නොව හද­ව­තට ගමන් කිරීමේ මාර්ගය පහදා දෙනු වස් ආචාර්ය ඊ.ඩබ්ලිව්.අදි­කා­රම් නම් වූ අපූර්ව ආද­ර­ව­න්තයා මාධ්‍යය කොට ගත්තේ අන්කි­සි­වක් නො ව තමාගේ ම ජීවි­තය යි. ‘ස්නේහයේ නිරු­ක්තිය’ ද ඔහු පැහැ­දිිලි කෙළේ භාෂා­ත්මක ව පම­ණක් නොවේ. ඔහු සිය ජීවිත පැවැ­ත්මෙන් ද එය ප්‍රකා­ශ­යට පත් කළේය.
සෙනෙ­හස සමඟ මුසු කොට හද
වෙණ නැන්වූ
හොඳ සඳ ගමන නොව හද
ගමන යි දැන්වූ
යුග පුරු­ෂ­යා­ණෙනි අප
අපට ම පෙන් වූ
’සිති­විලි ගඟ ගැලිය යුතු
ලොව­කට වෙන් වූ
ආචාර්ය අදි­කා­රම් යනු හුදෙක් මිනිස් කයක් ඇති ව සිටි තවත් එක් පුද්ග­ල­යකු පම­ණක් නොවේ. ඔහු අපට අප ම බලා ගැන්ම සඳහා තිබූ පැහැ­දිලි කැඩ­ප­තකි. වච­න­යන්ගේ නිවැ­රදි අර්ථ දක්ව­මින් ඒ වටහා ගන්නා ලෙසට ඔහු ජන­තා­වට ආයා­ච­නය කෙළේ ය. තමන් නිවැ­රදි යැයි අව­බෝධ කොට ගත සත්‍ය ය පැව­සීම සඳහා සිය කායික මර­ණය තෙක් ත්‍රියා­කළ ඔහුගේ ජීවි­තය සැල­කිය යුත්තේ ස්නේහයේ අපේ යුගයේ ජීව­මාන සංකේ­ත­යක් ලෙසයි.
මේ යුග පුරු­ෂ­යාගේ ජීවි­තය ද සම්බන්ධ කොට ගනි­මින් ලියැ­වෙන මෙම ලිපිය අව­සන් කරන්නේ ඔහු පැවසූ ඔබ අප කාටත් යා හැකි ‘හඳ ගමන’ ගැන සාව­ධාන වන මෙන් ආයා­ච­නය කර­මිනි.

අන්තිම වටයට සින්දු තේරුවේ මගේ තාත්තා

අන්තිම වටයට සින්දු තේරුවේ මගේ තාත්තා

තුෂානි පෙරේරා
යක්කල අනුර මධ්‍ය මහා විද්‍යාලයේදි තුෂානි පෙරේරා සංගීතය කළ යුතුයි කියා මුලින්ම කීවේ ශාන්ති රමණි ඩයස් ගුරුතුමියයි. ඉන් පසු සුනිල් කරුණාරත්න ගුරුතුමාගේ සෙව‍ෙණ් උසස් පෙළටත් ‘ඒ’ සාමාර්ථයක් සංගීතය වෙනුවෙන් ලබා ගන්න තුෂානිට හැකි වුණා. සංගීත රසිකයන් වූ මවත් පියාත් ඇයගේ ගමනට බාධා නොකළ නිසා අද වන විට ලොවම දන්නා සුපිරි තරුවක් බවට තුෂානි පෙරේරා පත් වුණේ ‘රණවිරු රියල් ස්ටාර්’ තෙවැනි අදියර ජය ගනිමින්. ඇයට මේ මොහොතේ කියන්නට දේ බොහොමයි. ඉන් බිඳක් අප මෙසේ සටහන් කරන්නේ ඇය හා යෙදුණු පිළිසඳරකින් පසුවයි.
රණවිරු රියල් ස්ටාර් ජයග්‍රාහිකාව විම පිළිබඳ ඔබට දැනෙන හැඟීම?
තරගකරුවන් 7500 ක් අතරින් ජයග්‍රහණය කිරීම ගැන මට ලොකු සතුටක් තිබෙනවා.
ඔබ මෙසේ ජය ගනී කියා මුල සිටම සිතුවාද?
මම බොහෝ වාරයක් රැඳුණේ් 6 වැනි ස්ථානයේ. සති අටෙන් තුනකදී පමණයි දෙවැනියා හා තුන්වැනියා බවට පත් වුණේ. අනෙක මගේ උගුරේ ආබාධයක් ඇති වුණා. ඒ නිසා මට බයකුත් තිබුණා. අවසන් පස්දෙනා අතරට එන්න බැරිවෙයි කියලා. මාලනී බුලත්සිංහල මහත්මියගේ ‘ප්‍රේමයේ විල්තෙරේ’ ගීතය ගායනා කරලා අවසාන පූර්ව වටයෙදී තුන්වැනියා වුණා. ඊට පස්සේ තමයි යම් විශ්වාසයක් දැනුණේ.
මේ වාරයේදී මුල් වාර දෙකටම වඩා වෙනස් ආකාරයකින් තමයි තරගකරුවන් තෝරා ගත්තේ. එය ඔබට බලපෑවේ කෙසේ ද?
ඇත්තෙන්ම එය ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් තුමාගේ විශිෂ්ට සංකල්පයක්. මොකද තුන්වැනි වටයේ තිබුණු ඒ වෙනස නිසා අපට බොහෝ සාධාරණයක් ඉටු වුණා. අප හැමෝම මිනිසුන් හැටියට මානසික හා ශාරීරික වශයෙන් යම් යම් ගැටලුවලට මුහුණ දෙනවා. හැම සතියෙම එක වගේ තරග කරන්න බැරිව යනවා. කටහඬ කියන්නේ අපේ මානසික ශාරීරික වෙනස්කම් සමඟ වෙනස්වන දෙයක්නේ. ඉතින් එක සතියක මට වුණා වගේ උගුරේ ආබාධයක් ආවත් ඊළඟ සතියේදී අපට හොඳ තරගයක් දෙන්න අවස්ථාව තිබුණ නිසා අපේ සැබෑ දක්ෂකම් එළිදක්වන්න හැකි වුණා.
ඔබට ලැබුණු පුහුණුව ඒ මානසික ශාරීරික අපහසුතා මඟ හරවන්න පිහිට වුණා ද?
ඉතාමත් වැදගත් වුණා. විශේෂයෙන්ම අනෝජා වීරසිංහ මහත්මිය අපට ඉගැන්වූ භාවනා ක්‍රම ආදිය නිසා මොන ප්‍රශ්නය තිබුණත් සිත ඒකාග්‍ර කරගෙන තරගයට මුහුණ දෙන්න අපට ඒ පුහුණුව මඟ පෑදුවා. ඒ වගේම සමන්ත පෙරේරා මහතා සහ ඉන්දිකා උපමාලි මහත්මියගේ උපදෙස් තරගකරුවන් සියලු දෙනාට ඉතා වැදගත් වුණා.
විනිශ්චය මණ්ඩලය ඔබට දුන් විනිශ්චය පිළිබඳ ඔබ සිතන්නේ කුමක් ද?
මට නම් විනිශ්චය මණ්ඩලය උපරිම සාධාරණය ඉටු කළ බව කිව යුතුයි. හැම වාරයකදීම වගේ ඔවුන්ගේ ලකුණු 60 න් සියයට 95 ක් පමණ මට ලැබුණා. ඒ අය දෙන උපදෙස් හා විවේචන වැඩසටහන අවසානයේ ආපසු බැලූ විට ඊළඟ වටයට ඉදිරිපත් විය යුතු ආකාරය ගැන වැඩි වැටහීමක් ලැබුණා. ඒ වගේම අවසන් වටයේදීත් ඔවුන් ඉතා සාධාරණ විනිශ්චයක් මට ලබා දුන්නා.
ඔබ ගැයූ ගීත තෝරා ගත්තේ කාගේ හෝ උපදෙස් මතද?
මගේ තාත්තා තමයි මට කීවේ අන්තිම වටයේදී සුජාතා අත්තනායක මහත්මියගේ ‘සත්‍යයි ඔබේ දර්ශනේ’ ගීතය හා ලතා වල්පොල මහත්මියගේ ‘රොන් සොයා’ ගීතය ගයන්න අනිවාර්යයෙන් හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා.
ඔබට ලැබුණු එස්.එම්.එස්. ප්‍රමාණය ගැන මොකද හිතෙන්නේ?
පළමු වටයකදි ලැබුණු වැඩිම එස්.එම්.එස්. ප්‍රමාණය කියලායි ඒ සංඛ්‍යාව වාර්තා වෙන්නේ. ලක්ෂ හතළිහකට වැඩියෙන් කෙටි පණිවුඩ ලැබිලා තිබෙනවා. මට හිතෙනවා මම ගීත හොඳින් ඉදිරිපත් කරන්න ඇති කියා. ඒ වගේම මේ රටේ හොඳ කලා රසිකයන් ඉන්න බවටත් ඒක හොඳ සාක්ෂියක්.
ඔබට ලැබුණු නිවෙසේ පදිංචි වන්නේ කවදාද?
අපි දැනට පදිංචි යක්කල ප්‍රදේශයේ. ඉතින් ආසයි මේ ගෙදර පදිංචියට එන්න. 2 වැනිදා තමයි නිල වශයෙන් නිවෙස මට ලැබුණේ. අම්මයි තාත්තයි මල්ලියි වගේම මගේ අත ගන්න ඉන්න කෙනාගේ කැමැත්ත අනුව අපි පදිංචියට එනවා.
ඔබේ අනාගත සැමියාගෙන් මේ තරගයට උදව් ලැබුණා ද?
හුඟක් ලැබුණා. ඔහු තමයි මට ගීත අන්තර්ජාලයෙන් සොයා දුන්නේ. මට පුහුණුවීම් ආදිය නිසා රෑ බෝවද්දි ගෙදර එක්කගෙන ගියේ. සැම මොහොතෙම මගේ තනියට ඉඳිමින් මට ධෛර්යයක් වුණේ ගුවන් හමුදාවෙම වාහන අංශයේ සේවය කරන ඔහු කෝප්‍රල් රංජන්.
මේ ජයග්‍රහණය සමඟ ඔබට ද්විත්ව උසස්වීමක් ලැබුණා.
ඔව්. ඒ ගැනත් මට හරිම සතුටුයි. සාමාන්‍යයෙන් ගුවන් හමුදාවේ එවැනි උසස්වීමක් ලබන්න වසර 12 ක් 14 ක් පමණ සිටිය යුතුයි. නමුත් මම තවම මේ සේවයේ වසර අටයි. ඉතින් එය ලොකු භාග්‍යයක් කියා සිතනවා. ලීඩ්න් එයාර් ක්‍රාෆ්ට් වුමන් සිට කෝප්‍රල් තනතුරු පසු කර සාර්ජන්ට් මට්ටමට තමයි මට උසස්වීම ලැබුණේ.
ඔබේ අනාගත බලාපොරොත්තු, කලා දිවිය ගැන අපේක්‍ෂා මොනවාද?
ගුවන් හමුදාවේ දිගටම සේවය කරන අතරම ගුවන් හමුදාපතිතුමාගේ අවසරය මත හොඳ නිර්මාණ මගින් රසිකයන් වෙත යන්නත්, හමුදාවට සේවයක් කරන්න මේ හැකියාව උපයෝගී කර ගන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආබාධිත රණවිරුවන් වෙනුවෙන් මගේ ක්ෂේත්‍රයෙන් යම් සේවයක් කළ හැකි නම් එය තමයි මගේ ලොකුම අපේක්ෂාව.

පොදුරද මඩුලු සමුළු පුවත් එසැණින් ලෝකයට

පොදුරද මඩුලු සමුළු පුවත් එසැණින් ලෝකයට

පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවේ සියලු තොරතුරු එසැණින්ම ලෝකයට වාර්තා කිරීම සඳහා ඉතිහාසයේ පළමු වරට අති නවීන සන්නිවේදන උපකරණ භාවිතා කරන බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යාවේදී එඩ්වින් ආරියදාස මහතා සදහන් කරයි එළඹෙන නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව වෙත සමස්ත ලෝකයේම අවධානය යොමුව තිබෙන බව පෙන්වාදෙන ඒ මහතා මෙවර සමුළුවේ තොරතුරු වාර්තාකරණය සඳහා විදේශීය මාධ්‍යවේදීන් 3000ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද කියා සිටී.
විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මෙන්ම වෙබ් අඩවි ඇතුළු සියලු සන්නවේදන ආයතනයන්හි මාධ්‍යවේදීන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමේ ඉඩකඩ ලබාදී තිබෙන බව කී එඩ්වින් ආරියදාස මහතා ඔවුනට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබෙන බවද මේ තුළින් අර්ථවත් ප්‍රතිඵල රැසක් ශ්‍රී ලංකාවට උදාකරගත හැකි බවද සිහිපත් කළේය.
ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ උතුරු පළාතේ මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව මේ සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බව සදහන් කළ ඒ මහතා මේ ඡන්දය සම්බන්ධයෙන් අවධානය යොමුකළ හැකි බවද කීවේය.
පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ටද වගකීමක් තිබෙන අතර මෙරට මාධ්‍යවේදීන්ගේ ජාලයක් පැවැතිය යුතු බවද ඒ වෙනුවෙන් ක්‍රමාණුකූල ලෙස සංවිධාන වියයුතු බවද පැවසීය.
එම සමුළු‍ව වෙනුවෙන් අද සිටම පෙළගැසිය යුතුයැයි කී එඩ්වින් ආරියදාස මහතා එසේ නොමැති එහි වැරැදි පැත්ත පමණක් නොඉැලිය යුතු බවද මෙයින් උපරිම ප්‍රයෝජන රටට ලබාගත යුතු බවද පෙන්වා දුන්නේය

මහින්ද අලුත්ගෙදර