Monday, October 5, 2015

“ටික්... ටික්... ටික්... ටික්...

“ටික්... ටික්... ටික්... ටික්... තත්පර කටුව පසු කර­මින් සිටියේ රාත්‍රි 10.45 විය යුතු ය. පොතේ පිටු පෙර­ළෙන ශබ්දය පැහැ­දි­ලිව ඇසෙයි. මේ සියල්ල අත­රින් ගෙර­විලි හඬ­වල් හා තදින් හුස්ම ගන්නා හඬ­වල් ඇසෙයි. ඒ ඇ‍ඳේ සිට සිහින දකින තාත්තාත්, පත්තර බල­මින් ප්ලාස්ටික් පුටුව මත නිදි කිරා ව‍ැටෙන අම්මාත් හා මේසයේ පාඩම් කිරී­මට ගත් පොත උඩු මුහුණ අල­වා­ගෙන බිය­කරු සිහි­න­යක් දකින අක්කාත් ය. පාසල් මිතු­රි­යක දුන් ­පො­තක් රැඳි මගේ දෑත බිය නිසා වෙව්ලයි.


මම තැති ගැස්මෙන් තිබූ මගේ සිත සමඟ හොල්මන් පිළි­බඳ තර්ක කර­මින් සිටි­යෙමි. එවිට ම චරස් ... චර... චරා...ස්...චරාස්'. උඩ ගොස් බිම වැටුණු මගේ කට ඇරුණේ කෑ ගැස්මට විය යුතු ය. ශබ්දය ඇසී­මෙන් අවදි වූ අක්කා දෙකො­පුල් පිස­මින් ‘කවුද? ‘යි ඇසුවා ය. මම එවිට යන්තම් වචන ගළ­පා­ගෙන ‘හොල්ම­නක් ද? හොරෙක් ද?’ යි ඇසු­වෙමි. ‘දන්නෙ නෑ’ අපි වසා තිබුණ තිර රෙද්ද ඈත් කිරී­මට බිය වුණෙමු. ‘මොකද කරන්නේ?’ අක්කා නිදි මත බේරෙන දෑසෙන් යුතුව රහස් හඬින් ඇසුවා ය. ‘අම්මට කියමු ද?’ ඒ මාය‍. ‘ඉක්ම­නට කියන්න එහෙ­නම්. ඇත්ත­ටම හොරෙක් ද දන්නේ නෑ?”
සෙමෙන් පිය­වර තැබූ මම කාම­ර­යට ගියෙමි.
“අම්මා... අම්මා‍...
“මොකද ළමයො වද දෙන්නේ”
“ෂ්... ෂ්... අම්මා අර­හෙන් මොකද්දෝ සද්ද­යක් එනවා.”
“ඇ” මෙවර නම් අම්මා සැබෑ­වට ම පිබි­දුණා ය.
“ගේට්ටුව ලොක් කරලා නැද්ද? ඉක්ම­නට තාත්තාට කියන්න.”
මම තාත්තා කූද්ද­මින් සෙමෙන් කතා කරන ලෙස තාත්තාට ඇ‍ඟෙව්වෙමි.
“මම ගේට්ටුව ලොක් කරා. ගිහින් බල­මුකෝ” කිය­මින් තාත්තා විදුලි පන්දම අතට ගත්තේ මගේ විස්ත­ර­යෙන් පසුව ය‍. අපි නිවසේ ඇති ස‍ෑම විදුලි බුබු­ළක් ම ඉක්ම­නින් ම දැල්වු­වෙමු. තාත්තා එළි­යට ගිය පසු මම දොර ළඟ රැක්කෙමි. මඳ වේලා­ව­කින් “මොකුත් නෑ... සතෙ­ක්වත් එන්න ඇති. දැන් නිදා­ගන්න” යැයි තාත්තා පැව­සුවේ ය.
ඉන්පසු අම්මා සුසු­මක් හෙළ­මින් ඇඳට ගියා ය. අක්කා ද “අනේ මොන විකා­රද? මෙයා නිසා මමත් බය­වුණා” යි කිය­මින් දිගු නින්ද­කට මුල පුර­මින් ඇඳට ගොඩ වුණා ය. මා තව­මත් සිදුවූ දේ පිළි­ග­න්නට සූදා­නම් නැත. හොරුන් ගැන බොහෝ කතා අසා තිබූ සොරුන්ට බියය.
“ඒ වුණාට අම්මා ඒක වෙන්න බෑ. මට ඇහුණා...” තර්ක කර­මින් සිටි මට අම්මා බාධා කළා ය. “උඹ­ලගෙ විකාර! මිනි­හෙක් නම් ටෙරී බුරන්න එපායැ. අව­තාර කියලා ජාති­යක් මේ ලෝකෙ තියෙ­න­වද? දැන්වත් නිදා­ග­න්නවා.” අම්මාගේ බැණුම් මධ්‍යයේ මට ඇඳට ගොඩ­වී­මට සිදු විය.
තැති ගැන්ම නිසා මම බුදු ගුණ සිහි කර­ගෙන භාවනා කළෙමි‍.
පසු දින උදයේ තාත්තා කාම­රේට ආවේ සිනහ පිරි මුව­කිනි. “අන්න ඊයේ රෑ ආපු යාළුවා තෑගිත් ඉතුරු කරලා ගිහින්” මෙය ඇසූ මම නින්ද පැත්තක දමා එළි­යට දිව්වෙමි.
“ඕවා වහන්න කොන්ක්‍රීට් එක හාරන්න ගිහින්. ඒ සද්දෙට තමයි ඔච්චර බය වුණේ” යි කිය­මින් තාත්තා අමු­ත්තාගේ තෑගි දෙසට අත දිගු කළේ ය.
එතන වූයේ අන් කිසි­වක් නොව, කොන්ක්‍රීට් පිළ මත දමා තිබූ ගඳ ගහන මුව බෙටි ය.
මදාරා විජේ­රත්න
9 ශ්‍රේණිය ‘ජී’,
උසස් බාලිකා විදු­හල,
මහ­නු­වර.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි