කැලෑවක බොහෝ සත්තු දිවි ගෙවූහ. එ අතර අලි, මුවන්, ගෝනුන්, කොටින් වැනි සත්තු ද වූහ. එම කැලෑව නිවර්තන වැසි වනාන්තරයකි. එහි සත්තු වැසි තත්ත්වයට ඔරොත්තු දෙන අයුරින් හැඩ ගැසී සිටියහ. මේ වනාන්තරය අසල සමගිපුර නම් ගමක් ද විය.
මේ කැලේ දිග හොඬ වැලක් හිමි අලි පැටියෙක් සිටියේ ය. එම හොඬය නිසා අලි පැටියාට කැලෑවේ සත්තු විහිළු කළහ. එම නිසා මේ අලි පැටියා හැමදාම තනියම සෙල්ලම් කිරීමට පුරුදු විය. දිනක් මේ අලිපැටියා තනිවම සෙල්ලම් කරමින් ඉන්නාවිට ඔහු කොන් කළ අනෙක් යහළුවෝද ඒ අසල සෙල්ලම් කරමින් සිටියහ. සෙල්ලමට දුවමින් සිටි හා පැටවෙක් වගා වළකට වැටුණේය. වැටුණු හාවා කෑගසනු ඇසී ඒ දෙසට දුව ආ යාළු සත්තු වළ අසලදී සමබරතාව නැතිවී එකාපිට එකා වළට වැටුණහ.
පසුව ඔවුන් සේරම කෑ ගසා උදව් ඉල්ලන විට කෑගසන ශබ්දය අලි පැටවාට ඇසුණි. ඔවුන් අනේ අප ගොඩට ගන්න කියමින් අලි පැටියාගෙන් බැගෑපත්ව ඉල්ලූහ. පසුව අලිපැටියා මෙයින් පසු තමා සෙල්ලමට ගැනීමට හා කොන් නොකිරීමටත් පොරොන්දු කරවාගෙන වැඩි බර හා මහත නැති සත්තු ටික ඌගේ දිගු හොඬවැලෙන් ඉවතට ගත්තේ ය. පසුව අලියා වළේ ඉතිරි වූ සතුන් බේරාගැනීමට තම නුවණින් සිතා සමගිපුර ගමට වැදී තුවාල වෙලා වගේ වැටී සිටියේ ය. අලි පැටවා දුටු ගම්මු ඒ බව වනජීවී නිලධාරීන්ට කතා කර ඔවුන් කැඳවා අලියා ගැන පැවසූහ.
වනජීවී නිලධාරීන් අලි පැටවාට තුවාල වී දැයි සෙවීමට සෙමෙන් ළඟට පැමිණෙන විට අලි පැටවා ඔවුන්ට බියවූ බවක් පෙන්වා බොරුවට පාදයක් කොර ගසමින් අපහසු ලෙස වගා වළ අසලට ගොස් ඒ අසල වැතිර ගත්තේ ය. නිලධාරීන් ඒ අසලට එනවිට අලි පැටවා සුපුරුදු ලෙස වේගයෙන් කැලෑවේ ඇතුළට දිව්වේ ය. පසුව වනජීවී මහත්වරු වගා වළේ සිටි සතුන් ගොඩට ගෙන මුදා හැරිය හ.
පසුව අලි පැටවා අනෙක් සතුන් සමඟ සෙල්ලම් කරමින් සතුටින් කල් ගත කළේ ය. එදා සිට යහළුවන් විසින් අලි පැටවා හඳුන්වනු ලැබූයේ ‘අලි වීරා’ නමිනි. එම සිදුවීමෙන් පසු අලි පැටවාගේ දිගු හොඬවැලේ අගය මිතුරන් කවදාවත් අමතක කළේ නැත.
පසුව අලි පැටවා අනෙක් සතුන් සමඟ සෙල්ලම් කරමින් සතුටින් කල් ගත කළේ ය. එදා සිට යහළුවන් විසින් අලි පැටවා හඳුන්වනු ලැබූයේ ‘අලි වීරා’ නමිනි. එම සිදුවීමෙන් පසු අලි පැටවාගේ දිගු හොඬවැලේ අගය මිතුරන් කවදාවත් අමතක කළේ නැත.
සවිඳු කවීන් ධර්මරත්න
9 ශ්‍රේණිය 7,
ආනන්ද විදුහල,
කොළඹ - 10.
9 ශ්‍රේණිය 7,
ආනන්ද විදුහල,
කොළඹ - 10.
http://silumina.lk/2015/10/18/_art.asp?fn=au151018
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි