කොළඹ වරායට බුරුමයේ සිට පොත් නැවක් පැමිණි බව පුවත්පත්වල පළ විය. නැවේ නම Logos Hope ය. එය ඉතා විශාල නැවකි. නැවට ඇතුළුවීමට පැය දෙකක් පමණ පෝලිමේ සිටීමට අපට සිදුවිය. වරායට අප රැගෙන ගියේ බසයකිනි. එම නැව තුළ අවන්හලක් ද විය.
මම පොත් ප්‍රදර්ශනයෙන් පොත් මිලදී ගත්තෙමි. නැවේ විවිධ රටවල්වලින් පැමිණි මිනිස්සු හාර සියයක් පමණ සේවය කළහ. මම ඔවුන් සමඟ කතා කලෙමි. නැව ඇතුළේ සිට පිටතට පැමිණි අපට දැනුණේ මහත් ප්‍රීතියකි. ඈතින් ගාළුමුවදොර පිටිය දිස්විය. හිරු රතු ගිනි බෝලයක් මෙන් මුහුදේ ගිලෙන්නට විය. වහ වහා කොටුව දුම්රියපළට ගිය අපි දුම්රියකට නැග්ගෙමු. දුම්රියේ යන විට අපගේ ගතට සිසිලක් දැනුණි. අපි පානදුරින් බැස නිවස කරා ආවෙමු.
නදීප් පෙරේරා
5 ශ්‍රේණිය 'බී',
බණ්ඩාරගම ජාතික පාසල,
බණ්ඩාරගම.
5 ශ්‍රේණිය 'බී',
බණ්ඩාරගම ජාතික පාසල,
බණ්ඩාරගම.
http://www.silumina.lk/2016/01/10/_art.asp?fn=au160110
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි