එක්තරා දරුවකු පාසල ඇරී වීදියට ආවේ දැඩි පිපාසයකිනි. ඔහු ළඟම තිබුණු අවන්හලට ගොඩ වූයේ සිසිල් බීම බෝතලයක් මිලදී ගැනීමට ය.
“මේ බීම බෝතලය කීයද?” දරුවා අවන්හල් සේවකයාගෙන් විමසීය.
“රුපියල් විස්සයි පුතේ” ඔහු පිළිතුරු දුන්නේ ය.
“මේ බීම බෝතලය කීයද?” දරුවා අවන්හල් සේවකයාගෙන් විමසීය.
“රුපියල් විස්සයි පුතේ” ඔහු පිළිතුරු දුන්නේ ය.
“ආ... එහෙමද? එහෙනම් මට මේ රුපියල් දහයේ තේ එක දෙන්න” කියමින් හෙතෙම අසුන් ගත්තේ ය. ළමයා අත රුපියල් විස්සක් තිබෙනු දුටු සේවකයා දරුවා ගැන පුංචි වුණත් තියෙන ලෝබකම යැයි සිතුවේ ය. තේ එක බී මුදල් ගෙවා දරුවා පිටව ගියේ ය.
මේසය අස් කිරීමට පැමිණි සේවකයා විමතියට පත් විය. මේසය මත රුපියල් දහයකුත් කඩදාසියකුත් විය. එහි ලියා තිබුණේ “මේක ඔයාටයි මාමේ” යනුවෙනි. ඔහුගේ දෙනෙතට කඳුළු ඉනුවේ ය. සේවකයා ගැන අනුකම්පා කර දරුවා තේ එක මිලදී ගෙන ඇත්තේ රුපියල් දහයක් සේවකයාට දීමට අවැසි නිසා ය.
බලන්න මොහු කොයිතරම් යහපත් දරුවෙක් ද කියා.
(මෙය මෙරට සිදුවූ සත්‍ය කතාවකි)
බලන්න මොහු කොයිතරම් යහපත් දරුවෙක් ද කියා.
(මෙය මෙරට සිදුවූ සත්‍ය කතාවකි)
ධනුක හංසික ජනනාත්,
8 ශ්‍රේණිය ‘ඩී’,
ශාන්ත තෝමස් කුමර විදුහල,
මාතර.
8 ශ්‍රේණිය ‘ඩී’,
ශාන්ත තෝමස් කුමර විදුහල,
මාතර.
1 comments:
good one.
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි