Tuesday, March 8, 2016

පාසල් දොර වැසුණු දරුවාට සුපිරි පාසලක්

පාසලක් අහිමිව සිටින කුලියාපිටි‍යේ දරුවා කොළඹ ආනන්ද විද්‍යාලයට හෝ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයට හෝ ඇතුළත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාට නියම කර තිබේ.
එම දරුවාට කොළඹ හෝ මහනුවරදි අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය වන වියදම් සම්පාදනය කිරිමට තමා වැඩපිළිවෙළක් සකස් කරන බව ද අගමැති වික්‍රමසිංහ මහතා ඇමැතිවරයාට දැනුම් දී තිබේ.
සෑම දරුවකුටම වසර දහයක් අධ්‍යාපනය අනිවාර්ය වීම මේ දරුවාට ද පොදු බව සඳහන් කර ඇති අගමැතිවරයා බුදුරජාණන් වහන්සේ කිසිවකු ශාසනයට ඇතුළත් කර ගැනිමේදි එම තැනැත්තාගේ මව්පියන් හෝ පවුල් පසුබිම පිළිබඳ නොසෙවු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය ද ළමයකු පාසලට ඇතුළත් කර ගැනිමේ දී එවැනි කරුණු නොසෙවිය යුතු බවත් අගමැතිවරයා සඳහන් කර තිබේ

පුවත් Dinamina.lk

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි