තල මලේ වරුණ
පසුගියදා මා අත්තා සමඟ විවේකීව සිටින විට ගෙමිදුලට මඳක් දුරින් තිබූ තල ගස පෙන්වා “මේ තල ගහ පීදෙන්ට ළඟයි. කපන්ට ඕනෑ” යැයි අත්තා කීවේය. “ඇයි අත්තේ තල ගස කපන්නෙ?” යැයි මම අත්තාගෙන් විමසුවෙමි. එවිට අත්තා මට තල ගස ගැන තොරතුරු කියා දුන්නේය.
අතීතයේ තල ගසින් බොහෝ ප්‍රයෝජන ගැනුණි. තල ගොබ ඉරා තම්බා, මඳ පවනේ වේළා පැදුරු, මාගල් වට්ටි, පෙට්ටි, විසිතුරු භාණ්ඩ, බිත්ති සැරසිලි ආදිය නිර්මාණය කිරීමට යොදා ගැනිණි. ඒ කාලයේ අකුරු ලිවීමට ද තල ගොබ යොදා ගනු ලැබිණි. එමෙන් ම පණිවිඩ යැව්වේ ද තල ගොබයේ ලියාය.
තලපත්වල අකුරු ලිවීමට වෙනමම පෑනක් තිබිණි. එය ලෝහ කූරක අග සිහින්ව උල්කර තැනූ උපකරණයකි. එය හැඳින්වූයේ පන්හිඳ නමිනි. තලපතේ පන්හිඳෙන් ලිවූ විට අපැහැදිලිය. එනිසා කළු මැදිය යුතුය. පාන්කඩයක් පොල් තෙලෙහි ඔබා, පුලුස්සාගත් අළු පොල් තෙල් සමඟ මිශ්‍ර කොට අකුරු ලියූ තල පත්වල අතුල්ලා රෙදි කඩකින් පිස දැමූ විට පන්හිඳෙන් තලපතෙහි ලියූ දේ පැහැදිලිව පෙෙන්.

අතීතයේ හඳහන් ලියන්නේ ද තල පතෙහිය. යන්ත්‍ර මන්ත්‍ර, වෙද හෙදකම් ආදී දේවල් ලියා තැබුවේ ද තලපත්වලය. අගනා මිණි මුතු, මැණික්, රන්, රිදී වැනි වටිනා වස්තු රජවරු, සිටුවරු නිධන් කොට තැබූහ. ඒ පිළිබඳ ලියා තැබුවේ ද තලපත්වලය. මෙය නිධන් වදුල ලෙස හඳුන්වයි.
තල ගසෙන් පිටි ද ලබාගත හැක. ගස පීදෙන්නට ළංවන විට කපා තල බඩය වංගෙඩියේ දමා කොටා ජලය වත්කොට රොඩු සියල්ල ඉවත්කොට තැබීමෙන් පිටි ජල බඳුනේ පතුලේ තැන්පත් වෙයි. ඉන්පසු ජලය ඉවත් කර අව්වේ වේලා ගනී. මේ පිටිවලින් ආප්ප, ඉඳිආප්ප, පිට්ටු, කැවුම්, කොකිස්, කේක් වැනි කෑම සාදා ගත හැකිය.
ආරණ්‍යගත භික්ෂූන් වහන්සේ හා රාමඤ්ඤ නිකායික භික්ෂූන් වහන්සේ කුඩය වෙනුවට තල් අත්ත භාවිතා කළහ. ගොවියා තල ගසේ කඳ ලියැදි හරහා ජලය එහා මෙහා යෑමට යොදා ගනු ලැබිණි.

තලමල අලංකාර වූවත් ගැමි ජනයා තල මලක් පිපීම අසුබ නිමිත්තක් ලෙස සලකති. තලමලක් පිපීමට අවුරුදු 50-60 ක් පමණ කාලයක් ගතවෙයි. ගසේ සිදුවන වෙනස් වීම් මඟින් තල මලක් පිපීමට ආසන්න බව ගැමියා දැන ගනියි. එවිට මල පිපෙන්නට ඉඩ නොදී ගස කපා දමති. තල මලක් පිපුණහොත් ගම් හතක් පාළු වන බව ගැමියෝ විශ්වාස කරති.
අනෙකුත් ගස්වල මල් පිපෙන්නේ අතුවල හෝ කඳේය. තල ගසේ මල පිපෙන්නේ ගස මුදුනේය. පිපෙන්නේ ද එක් මලක් පමණි. තල මලක් මෝරා වැඩෙන විට කෘමි සත්තු විශාල සංඛ්‍යාවක් ඊට එකතු වෙති. මලේ සවි බලය නැති වුණු විට සත්තු බිමට වැටෙති, ඈතට විසිරීයති. මේ කෘමි සත්තු බෝගවලට බොහෝ හානි පමුණුවති. ගැමියෝ තලමල පිපීමෙන් ගම් හතක් පාළු වන බව විශ්වාස කරන්නේ මේ හේතුවෙන් විය හැකිය.

හිරුදිනී කුමාරි විජේතිලක
9 ශ්‍රේණිය ‘කිව්’,
ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය,
තෝලංගමුව.
9 ශ්‍රේණිය ‘කිව්’,
ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය,
තෝලංගමුව.
http://www.silumina.lk/2016/03/06/_art.asp?fn=au160306
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි