Wednesday, January 8, 2014

කවු­රුද මං

කවු­රුද මං

ඉදෙන ඉදෙන බත් හැළියේ රසය සොයා
මිටෙන් ගිලිහි පතු­ලට එය කිමිද ගියා
මගෙන් ලැබෙන සේවය මෙතෙ­කැයි ද කියා
බත් බුදිනා අයම දනී කොප­ම­ණද කියා

බත් ටික බෙදෙන විට හොදි හැඳි ගාන කල
හරි සතු­ටක් ය මට ඇති­වන එම කලට
විවේ­ක­යක් හද තුළ ඇති වන කලට
දුම­යට වෙසෙන නිව­හ­න­කුත් ඇති කලට

ගැහැනු නුවණ මගේ තර­මට ඇතැයි කියා
අව­මන් කියුම් ඇත පෙර සිට එය නැතෙයි කියා
එය මට දුකකි මිනි­සුනි නොම කියනු කියා
පව­සමි ඉතින් සැම හට ආද­රෙන් කියා

හැඳි සංහ­තියේ අධි­පති මම වෙමි
පොල් කටු හැන්දයි එහි නම මම වෙමි
මුළු­තැ­න්ගෙයි රජ­ද­හනේ රජු වෙමි
යන එන හැම තැන ප්‍රමු­ඛයා මම වෙමි
නිලන්ත අනු­හස්,
12 ශ්‍රේණිය ‘කලා’,
මහ විද්‍යා­ලය,‍
තලාව

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි