Wednesday, January 8, 2014

කුමුදු කීකරු ළම­යෙක්

හොඳ ළමයෙක් මම


කුමුදු කීකරු ළම­යෙක්. එයා දව­සම වෙහෙ­සිලා වැඩ කර­නවා. ඇගේ මල්ලි රවිඳු හරිම නරක ළම­යෙක්. ඔහු පුංචි ළම­යෙක් වුවත් රාත්‍රියේ රූප­වා­හි­නිය නර­ඹන්න පුරුදු වුණා. යාළු­වන් සම­ඟින් සවස් යාමේ සෙල්ලම් කර­මින් විනෝද වුණා. පාස­ලෙන් දුන් වැඩ කළේ නෑ‍. ඒ නිසා රවිඳු පන්තියේ අන්ති­මයා.
කුමුදු කොච්චර කීවත් වැඩ කරන්න කියා ඔහු ඒ අණට කීකරු වුණේ නෑ. රවිඳු බඩු තියා­ග­ත්තෙත් හරිම අපි­ළි­වෙ­ළ­ටයි. දව­සක් පන්තියේ පළ­මු­වෙ­නි­යයි, දෙවැ­නි­යයි, තෙවැ­නි­යයි වූ බිංදු, චමරි, නයනා පන්තියේ ඉදි­රියේ තෑගි ගන්නට පැමි­ණියා. රවි­ඳුට ගොඩක් දුක හිතුණා. රවිඳු ගෙදර ඇවිත් අක්කට මෙහෙම කිය කියා අඬ­න්නට වුණා. “මම අක්කා කියන දේ අහල පාඩම් කළා නම් මෙහෙම වෙන්‍ නෑ” ඔහු තවත් හයි­යෙන් ඇඩුවා.
මල්ලි ඔයා දැන් ඉඳ­ලම පාඩම් කරන්න කුමුදු කීවා‍. රවිඳු හොඳට පාඩම් කරලා පන්තියේ පළ­මු­වෙ­නියා වුණා. ඔහු ඔහුගේ බඩු ද පිළි­වෙ­ළට තබා ගත්තා. රවිඳු හොඳ ළම­යෙක් වුණා. රවි­ඳුට හොඳ ළම­යාට හිමි තෑග්ග ද ලැබුණා.

එම්.ඩී. අෂාණි මධු­භා­ෂණී,
7 ශ්‍රේණිය ‘ඊ’,
මිහිඳු ම.ම. විද්‍යා­ලය,
අග­ල­වත්ත

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි