Saturday, January 24, 2015

සිසුන් ගෙන් මුදල් ඉල්ලනු බෑ

පාසල්වල පළමු ශ්‍රේණියට ශිෂ්‍යයන් ඇතුළත් කිරීමේදී මෙන්ම වසර මුල පාසල් පංති කාමර අලුත්වැඩියා කටයුතු සඳහා මුදල් ලබා ගැනීම මේ දිනවල සිදුකරන හෙයින් ඊට අදාළ චක්‍රලේඛයක් ලබන සතියේ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ‘සිළුමිණ’ට පැවැසීය. මෙසේ මුදල් අය කිරීම තහනම් බව කී අමාත්‍යවරයා අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරාකරණය කළ යුතු ගැටලු රැසක් තිබෙන අතර එයින් මේ දිනවල කාලීනව පැන නැඟි ඇති මුදල් ලබා ගැනීමේ ප්‍රශ්නයට ඉතා ඉක්මනින් විසඳුමක් ලබා දෙන බවත්, පාසල්වලට ශිෂ්‍යයන් ඇතුළත් කිරීමේදී මෙන්ම නව පාසල් වාරය ආරම්භයේදීම විදුහල්පතිවරු හා පාසල් සංවර්ධන සමිතිය විසින් හිතුමනාපයට විවිධ දේ සඳහා මුදල් එකතු කිරීම් පිළිබඳ අක්‍රමිකතා රැසක් පිළිබඳ පැමිණිලි අමාත්‍යාංශයට ලැබෙමින් පවතින බවත් පැවැසීය.
මුදල් එකතු කිරීමට අවශ්‍යතාවක් ඇත්නම් ඒ සඳහා විධිමත් අවසරය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබාගත යුතු බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

සුභාෂිණි ජයරත්න

http://www.silumina.lk/2015/01/25/_art.asp?fn=aa1501255

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි