Wednesday, January 21, 2015

සමනල රෑන් එක් වී පිනි කැට වැටෙන හැටි බලයි...

උදෑසන

සමනල රෑන් එක් වී
පිනි කැට වැටෙන හැටි බලයි...
කෑ ගසන්නට කුකුළු හාමි
එළිය වැටෙන තුරු බලා සිටියි...
කුරුලු රෑන් එක් වී මල්
පිපෙන තුරු බලා සිටියි...
උදෑසනක අසිරිය කියමින්
හඳයා කෑ ගසයි...
කිරි පාට කොක්කු රෑන් පරිසරය
අලංකාර කරමින් ගුවනේ පියඹයි...
පාට පාට සමනල රෑන් සිරිපා
වඳිමින් උදෑසනට ජීවය ගෙන දෙයි...
සැම දෙන රැස්වී උදෑසනට
සැරසෙයි...
කේ. වයි. ෂලනි සුමේධා
10 ශ්‍රේණිය
පාතගම මහා විද්‍යාලය,
පාතගම, කුරුවිට


http://silumina.lk/2015/01/18/_art.asp?fn=au150118

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි