
ප්රියංකා පැට්රීෂියා පුත්තලම මූලික රෝහලේදී ‘සිළුමිණ’ ට එසේ පැවසුවා ය.
අප්රිකානු සම්භවයක් සහිත රිචඩ් එම්මානුවේල්ගේ හත් හැවිරිදි දියණිය සිතුනි ප්රබෝධනී ඉකුත් පළමු දින කාමාතුරයකු විසින් පැහැරගෙන යනු ලබන්නේ පාසල නිමවා නිෙවසට යාමට සූදානම් වී සිටියදියි.
සිතුනි සහ ඇගේ නිවුන් සහෝදරිය දිනපතා පාසල නිමවා නිවෙස බලා යන්නේ ත්රිරෝද රථයකිනි. මෙදින ත්රිරෝද රථය පැමිණීමට පෙර සිතුනි පැහැර ගැනීමට මේ කාමාතුරයා සමත් වන අතර ඔහු සිතුනි රැගෙන යන්නේ පුත්තලම නිල්අඩිය වන ළැහැබටයි.
සුපුරුදු පරිදි සිතුනි කැඳවාගෙන යාමට පාසල වෙත පැමිණි ත්රිරෝද රථ රියැදුරුට කුඩා දැරියන් පිරිසක් කියන්නේ සිතුනි මාමා කෙනකු සමඟ ගිය බවයි.
“සිතුනි ගෙදර කාත් එක්ක හරි යන්න ඇති” මෙලෙස සිතූ ත්රිරෝද රථ රියැදුරු ආපසු ගියේ ය.
සිතුනි නිවෙසට ගියාද? ගියේ යැයි දෙවරක් සිතන්නට මේ ත්රිරෝද රථ රියැදුරුට නොසිතිණි.

දුම්රිය මාර්ගයේ සිට නිල්අඩිය දුම්රිය ස්ථානයට පැමිණි මේ කාමාතුරයාගේ සියලු ආශාවන් බොඳ වන්නේ එම කාන්තාවගේ සුපරීක්ෂාකාරී භාවය නිසා ය.
මාදම්පේ සිට පුත්තලම දක්වා දුම්රියෙන් පැමිණි ඇය දුටුවේ දුම්රිය ස්ථානයේ සිටින සිතුනිය. සිතුනි ළඟ සිටින පුද්ගලයා පිළිබඳ සැක පළ කළ ඇය වහාම තම ජංගම දුරකථනයෙන් සිතුනිගේ මවට ඇමතුමක් දුන්නා ය.
“අක්කේ සිතුනි ඉන්නවා නිල්අඩිය ස්ටේෂමේ.” සිතුනි ළඟ හඳුනන්නේ නැති මිනිහෙකුත් ඉන්නවා”. සිතුනිගේ මවට දෙලොව සිහිවිණි. දැරිය රැගෙන එන ත්රිරෝද රථ රියැදුරුට ඇය වහාම දුරකථන ඇමතුමක් දුන්නා ය.
“ඇයි දූ ගෙදර ආවේ නැද්ද. ගෙදර ගියා කියලා ළමයි කිව්වේ. මම යන කොට හිටියේ නැහැ. ඒ නිසා මම ආවා.”
මේ සමඟ හතර වටේට දුරකථන ඇමතුම් ලබා දුන් සිතුනිගේ මව නිල්අඩිය දුම්රිය ස්ථානය බලා ගියේ සිතුනි පිළිබඳව පුත්තලම පොලිසිය දැනුවත් කිරීමෙන් පසුවයි.
විනාඩි කීපයක් තුළ මේ ආරංචිය පුත්තලම පුරා පැතිර ගිය අතර නිල්අඩිය පීරමින් පුංචි සිතුනි සෙවීම ආරම්භ කැරිණි. තත්ත්වය නරක අතට හැරී ඇති බව මේ වනවිට මේ කාමාතුරයාට අවබෝධ විණි. වහාම පුංචි සිතුනි අතහැර ඔහු පලා ගියේ ය. පැය භාගයක කාලයකින් පසු වන ළැහැබ තුළින් පුංචි සිතුනි සොයාගත් නමුත් කාමාතුරයා හමු නොවිණි. වහාම කාමාතුරයා සොයා කැලෑව පීරීමට ජනතාව යුහුසුලු වූ අතර පැය දෙකකට පසු මඩ වළක සැඟව සිටියදී ඔහු කොටු විය.
මේ කාමාතුරයා හමුවීමත් සමඟ ප්රදේශවාසීන් පාලනය කිරීමට කිසිවකු සමත් නොවූ අතර පැමිණි දෙදහසකට ආසන්න ජනතාවගෙන් මොහුට පහර නොදුන් පුද්ගලයෙකු සොයා ගැනීම අසීරු විය.

මේ වනවිට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ පුත්තලම රෝහලේ ප්රතිකාර ලබන මේ කාමාතුරයා මීට පෙර අවස්ථාවකදී ද දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියකට හා සොරකම් කීපයකට සම්බන්ධ පුද්ගලයකු බව අනාවරණය වී ඇත.
පුත්තලමේ පදිංචි මොහොමඩ් අමීන් ප්රකාශ කළේ මෙවැනි කාමාතුරයන්ට දැඩි දඬුවම් ලබා දිය යුතු බවයි.
මොවුන්ට මරණ දඬුවම වගේ දැඩි දඬුවමක් ලබාදිය යුතුයි. පුත්තලමේ ජමාල්ඩීන් රියාස්ඩීන් දැක්වූයේ මෙවන් අදහසකි.
“අද අම්මල තාත්තලා දරුවන් ගැන දක්වන සැලකිල්ල අඩුයි. දරුවා පාසල් යවන්න කාටහරි බාරදෙනවා. දරුවා පාසලට ගෙනියන්න ගේන්න ඒ අයටත් දරුවන් ගැන වගකීමක් නැහැ. එදා කාන්තාවක් මේ ළමයා දැක්කේ නැත්නම් සමහර විට දරුවා පණ පිටින් සොයාගන්න ලැබෙන්නෙ නැහැ. මේ කාමාතුරයාට වගේ ම නොසැලකිලිමත් ත්රිරෝද රථ රියැදුරුටත් දඬුවම් දිය යුතුයි ඔහු පැවසීය.
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි