මුදල් භාවිතයේදී අපි සැම කල්පනාකාරී විය යුතු වෙමු. බොහෝ දෙනා අද තම මුදල් නිකරුණේ අනවශ්‍ය දේවලට භාවිත කරන බව පෙනී යයි. බොහෝ නිවෙස්වල පියවරුන් උදයේ වැඩට ගොස් රාත්‍රියේ යළි නිවෙසට පැමිණෙන්නේ හොඳටම බීමත්වය. මින් නිකරුණේ මුදල් විනාශ වීම සිදු වේ.
තමන්ට ලැබෙන මුදලින් අඩුම ගාණේ රුපියල් 50 ක්වත් ළඟම තියෙන බැංකුවේ තැන්පත් කළානම් අවුරුදු දෙක තුනකින් ඊට වැඩි මුදලක් අතට ගෙන දූ දරුවන්ගේ අධ්‍යාපනයට හෝ වෙනත් දෙයකට හෝ යෙදවිය හැකිය. මුදල් තැන්පත් කිරීමේ දී සමහර බැංකු තෑගි ලබාදීම් ද සිදු කරයි. අප කුඩා මහලු තරුණ වුවද මුදල් කීයක් හෝ එකතු කොට බැංකුවක තැන්පත් කිරීම තමන්ටත් අනුන්ටත් ප්රයෝජනයකි. මුදල් තැන්පත් කර අනාගතය සුරක්ෂිත කර ගනිමු.
නුවන් දුමිඳු රණසිංහ
10 ශ්‍රේණිය,
ශාන්ත මයිකල් විද්‍යාලය, ගලවිලවත්ත,
හෝමාගම
10 ශ්‍රේණිය,
ශාන්ත මයිකල් විද්‍යාලය, ගලවිලවත්ත,
හෝමාගම
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි