V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Friday, October 23, 2015

‘අලි වීරා’


කැලෑ­වක බොහෝ සත්තු දිවි ගෙවූහ. එ අතර අලි, මුවන්, ගෝනුන්, කොටින් වැනි සත්තු ද වූහ. එම කැලෑව නිව­ර්තන වැසි වනා­න්ත­ර­යකි. එහි සත්තු වැසි තත්ත්ව­යට ඔරොත්තු දෙන අයු­රින් හැඩ ගැසී සිටි­යහ. මේ වනා­න්ත­රය අසල සම­ගි­පුර නම් ගමක් ද විය.
මේ කැලේ දිග හොඬ වැලක් හිමි අලි පැටි­යෙක් සිටියේ ය. එම හොඬය නිසා අලි පැටි­යාට කැලෑවේ සත්තු විහිළු කළහ. එම නිසා මේ අලි පැටියා හැම­දාම තනි­යම සෙල්ලම් කිරී­මට පුරුදු විය. දිනක් මේ අලි­පැ­ටියා තනි­වම සෙල්ලම් කර­මින් ඉන්නා­විට ඔහු කොන් කළ අනෙක් යහ­ළු­වෝද ඒ අසල සෙල්ලම් කර­මින් සිටි­යහ. සෙල්ල­මට දුව­මින් සිටි හා පැටවෙක් වගා වළ­කට වැටුණේය. වැටුණු හාවා කෑග­සනු ඇසී ඒ දෙසට දුව ආ යාළු සත්තු වළ අස­ලදී සම­බ­ර­තාව නැතිවී එකා­පිට එකා වළට වැටු­ණහ.
පසුව ඔවුන් සේරම කෑ ගසා උදව් ඉල්ලන විට කෑග­සන ශබ්දය අලි පැට­වාට ඇසුණි.‍ ඔවුන් අනේ අප ගොඩට ගන්න කිය­මින් අලි පැටි­යා­ගෙන් බැගෑ­පත්ව ඉල්ලූහ. පසුව අලි­පැ­ටියා මෙයින් පසු තමා සෙල්ල­මට ගැනී­මට හා කොන් නොකි­රී­ම­ටත් පොරොන්දු කර­වා­ගෙන වැඩි බර හා මහත නැති සත්තු ටික ඌගේ දිගු හොඬ­වැ­ලෙන් ඉව­තට ගත්තේ ය. පසුව අලියා වළේ ඉතිරි වූ සතුන් බේරා­ගැ­නී­මට තම නුව­ණින් සිතා සම­ගි­පුර ගමට වැදී තුවාල වෙලා වගේ වැටී සිටියේ ය. අලි පැටවා දුටු ගම්මු ඒ බව වන­ජීවී නිල­ධා­රීන්ට කතා කර ඔවුන් කැඳවා අලියා ගැන පැව­සූහ.
වන­ජීවී නිල­ධා­රීන් අලි පැට­වාට තුවාල වී දැයි සෙවී­මට සෙමෙන් ළඟට පැමි­ණෙන විට අලි පැටවා ඔවුන්ට බියවූ බවක් පෙන්වා බොරු­වට පාද­යක් කොර ගස­මින් අප­හසු ලෙස වගා වළ අස­ලට ගොස් ඒ අසල වැතිර ගත්තේ ය. නිල­ධා­රීන් ඒ අස­ලට එන­විට අලි පැටවා සුපු­රුදු ලෙස වේග­යෙන් කැලෑවේ ඇතු­ළට දිව්වේ ය. පසුව වන­ජීවී මහ­ත්වරු වගා වළේ සිටි සතුන් ගොඩට ගෙන මුදා හැරිය හ.
පසුව අලි පැටවා අනෙක් සතුන් සමඟ සෙල්ලම් කර­මින් සතු­ටින් කල් ගත කළේ ය. එදා සිට යහ­ළු­වන් විසින් අලි පැටවා හඳු­න්වනු ලැබූයේ ‘අලි වීරා’ නමිනි. එම සිදු­වී­මෙන් පසු අලි පැට­වාගේ දිගු හොඬ­වැලේ අගය මිතු­රන් කව­දා­වත් අම­තක කළේ නැත.

සවිඳු කවීන් ධර්ම­රත්න
9 ශ්‍රේණිය 7,
ආනන්ද විදු­හල,
කොළඹ - 10.

http://silumina.lk/2015/10/18/_art.asp?fn=au151018

කටු නැති ඔරලෝසුව


ඇෆ්ඝනිස්ථාන යුද්ධ කාලයේදි පැරා ඔලිම්පික් පිහිනුම් ශුර ලුතිනන් බ්‍රැඩ්ලිගේ ඇස් අන්ධ වුණා. මේ නිසා ඔහු මහත් අසිරුතාවයට පත් වුණා. බ්‍රැඩ්ලි වගේම දෙනෙත් නොපෙනෙන අයට වේලාව බලා ගැනීමේදි ඇති අපහසුතාවයට විකල්ප ලෙස ඔරලෝසුවක් නව තාක්ෂණයෙන් නිපද වීම සිදු වුණේ ඒ නිසයි.
යුන්ගු සු කිම් විසින් නිර්මාණය කරන ලද මෙම ඔරලෝසුවට අංක නැහැ. ඉරි පමණයි. වක්‍රාකාර කාණු දෙකක් ඔස්සේ දිවෙන බෝල බෙයාරිං ඇති අතර කුඩා බෝල මෙම වක්‍රාකාර කාණුවල ගමන් කරනවා. එවිට මුහුණත නොබලා වේලාව ගැන කියන්න හැකියාව තිබෙනවා. මෙම ඔරලෝසුව බ්‍රැඩ්ලි ලෙස නම් කරනු ලැබුවේත් ලුතිනන් බ්‍රැඩ්ලිට උපහාරයක් ලෙසයි.
ඇස් නොපෙනෙන අයට විතරක් නොවෙයි. සම්මුඛ සාකච්ඡාවක හෝ වෙනත් වැදගත් කටයුත්තක නිරතව සිටින වේලාවකදිත් ස්පර්ශ කිරීමෙන් වේලාව බලා ගැනිමේ හැකියාව මෙම ඔරලෝසුවෙන් ලැබෙනවා.

දරුවන්ගේ ආරක්ෂාව නව තාක්ෂණයට


කුඩා දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අද වෙන කවරදාටත් වඩා මවුපියන්ගේ අවධානය යොමුව තිබේ. මවුපියන් දරුවන් සමඟ නොසිටින අවස්ථාවක දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නවීන තාක්ෂණය භාවිත කිරීම අප රටට අමුත්තක් වුවත් ලෝකයේ දියුණු රටවල එය බහුල වශයෙන් යොදා ගැනේ. ජංගම දුරකථන මෙන්ම දරුවන් වෙනුවෙන් විශේෂයෙන් තැනූ උපකරණ ද මේ සඳහා භාවිත කෙරේ.
නවීන තාක්ෂණයෙන් සපිරි ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක් ඔබ සතුව ඇතිනම් දරුවන් සිටින ස්ථානය දැන ගැනීම ඉතාමත් පහසු කාර්යයකි. දරුවන්ගේ ආරක්ෂාව උදෙසා නිපදවන ලද ජංගම දුරකථන ඇප්ලිකේෂන රාශියක් අන්තර්ජාලය හරහා පහසුවෙන් භාගත කර ගත හැකිය.
Sygic Family, Life 360, Mama Bear, Google Latitude, Mobile Kids යනු දැනට බහුලව භාවිතා කෙරෙන එවැනි ඇප්ලිකේෂන කිහිපයකි. මේවා අන්තර්ජාලය හරහා නොමිලේ භාගත කර ගත හැකිය.
GPS තාක්ෂණය මත ක්‍රියාත්මක වන මෙවැනි ඇප්ලිකේෂන තුළින් ඔබේ දරුවන් සිටින ස්ථානය නිශ්චිතව දැන ගැනීමට හැකිය. දරුවා ගමන් කළ යුතු හා නොකළ යුතු කලාප කලින් සටහන් කිරීමේ පහසුකම් ඇතැම් ඇප්ලිකේෂන තුළ අඩංගු වන අතර ගමන් නොකළ යුතු කලාපයකට දරුවා ඇතුළු වූ විගස කෙටි පණිවිඩයක් මඟින් මවුපියන් දැනුවත් කිරීමට මෙම ඇප්ලිකේෂන සමත්ය. එසේම දරුවන් ගමන් කළ ස්ථාන පිළිබඳ සම්පූර්ණ විස්තරයක් (History) පසුව බලා ගැනීමේ හැකියාව ද මෙමඟින් මවුපියන්ට ලැබේ. ඊට අමතරව හදිසි අවස්ථාවක දී දරුවන් යා යුතු ස්ථාන ද කලින් සටහන් කර තැබිය හැක. දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා බලන විට ජංගම දුරකථනය ඉතා හොඳ පියවරක් වන නමුත් එහි දුර්වලතා රැසකි. කුඩා දරුවන්ට භාවිත කළ නොහැකි වීම, වැරැදි භාවිතය තුළින් දරුවන් නොමඟ යා හැකි වීම, ජංගම දුරකථනවලට ඇබ්බැහි වීම එම දුර්වලතා අතරින් කිහිපයක් පමණි. ශ්‍රී ලංකාව වැනි රටවල මවුපියන් දරුවන් අතට ස්මාර්ට් දුරකථන පත් කිරීමට අකමැති වන අතරම ඒවායේ මිල දැරිය හැකි ද යන්නත් ප්‍රබල ගැටලුවකි. එම නිසා ස්මාර්ට් දුරකථන වෙනුවට දරුවන් වෙනුවෙන් විශේෂයෙන් තැනූ උපකරණ භාවිත කිරීම වඩාත් හොඳ විසඳුමකි.
අප රටේ නොමැති වුවත් මෙවැනි උපකරණ ලෝකයේ බොහෝ දියුණු රටවල දකින්නට ඇත. බොහෝ දුරට ජී. පී. ජී. එස්. එම්. හෝ බ්ලූටූත් තාක්ෂණය යොදා ගෙන දරුවන් සිටින ස්ථානය දැන ගැනීමත් සාමාන්‍ය ජංගම දුරකථන සබඳතා තුළින් දුරකථන පණිවිඩ හෝ කෙටි පණිවිඩ මවුපියන් වෙත තැබීමත් මෙවැනි උපකරණයක මූලික විශේෂත්වය වේ. ජංගම දුරකථන ඇප්ලිකේෂන් මඟින් මෙම උපකරණ හැසිරවිය හැකි අතර මූලික පිරිවැයට අමතරව මාසික සබඳතා ගාස්තුවක් ගෙවිය යුතුය.
ජංගම දුරකථනවලට සමාන ආකාරයෙන් මෙන්ම විවිධාකාර සෙල්ලම් භාණ්ඩ ආකාරයෙන් ද තැනූ මෙවැනි උපකරණ විශාල ප්‍රමාණයක් ලොව දියුණු රටවල භාවිත කෙරේ. රුපියල් දෙදහසේ පමණ ඉහළ මිලකට මිල දී ගත හැකි මෙවැනි උපකරණ දිර්ඝ ආයු කාලයක් සහිත බැටරිවලින් යුක්තව නිපදවා ඇත.
Securus eZoom යනු ඔබේ දරුවාගේ පාසල් බෑගය වැනි ස්ථානයක රඳවා තැබිය හැකි කුඩා උපකරණයකි. ඔබේ ජංගම දුරකථනය හෝ ලැප්ටොප් පරිගණකය මාර්ගයෙන් හැසිරවිය හැකි මෙම උපකරණය තුළින් ඔබේ දරුවා සිටින ස්ථානය නිශ්චිතව දැන ගැනීමට පුළුවන. එසේම නියම කර ඇති කලාපයකින් පිටතට දරුවන් ගමන් කරන අවස්ථාවක මවුපියන් දැනුවත් කිරීමේ හැකියාව ද මෙම උපකරණය සතු වේ.
Amber Alerts GPS යනු මෙවැනිම කුඩා උපකරණයක් වන අතර ඊ මේල් හෝ කෙටි පණිවිඩ මඟින් භාරකරුවන් දැනුවත් කෙරේ. එහි සුවිශේෂත්වය වන්නේ ලියාපදිංචි ලිංගික අපරාධකරුවකු දරුවාට මීටර් 500කින් ළඟා වන විට මවුපියන් දැනුවත් කිරීමට සමත්වීමයි. Pocket Finder, 5 Star urgent responseයනුවෙන් හැඳීන්වෙන උපකරණ ද දරුවන්ගේ ආරක්ෂාව උදෙසා නිපදවා ඇති උපකරණ දෙකකි.
දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් උපකරණ මිල දී ගන්නා බටහිර රටවල මවුපියන්ගේ ජනප්‍රියතම තේරීමක් වන්නේ ඒ සඳහා නිපද වූ අත් ඔරලෝසුය. අත් ඔරලෝසුවක හැඩයෙන් යුක්ත වුවත් මෙම උපකරණ දරුවන් සහ මවුපියන් අතර පණිවිඩ හුවමාරුවට මෙන්ම දරුවන් සිටින ස්ථානය දැන ගැනීම සඳහා වන පද්ධතියකින් ද සමන්විතය. අඩු බර, අඩු මිල සහ දැකුම්කලු පෙනුම යන කාරණා නිසා මෙවැනි උපකරණ ප්‍රචලිත වී ඇත. මෙම උපකරණ ජංගම දුරකථන ඇප්ලිකේෂන මඟින් හැසිරවිය හැක.
Flip 2 යනු දරුවන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් තැනූ විශේෂිත අත් ඔරලෝසුවකි. ජී. පී. එස්. තාක්ෂණයෙන් යුත් මෙම ඔරලෝසුව මඟින් දරුවන් සිටින ස්ථානය දැන ගැනීමට මෙන්ම පණිවිඩ හුවමාරුවට ඉඩ සැලසේ. මෙම ඔරලෝසුව ජලයට ඔරොත්තු දෙන ආකාරයෙන් නිපදවා තිබීමත් සුවිශේෂී කරුණකි.Tintel  යනු එක් බොත්තමක් තද කිරීම මඟින් මවුපියන් හා සම්බන්ධ විය හැකි මෙවලමකි. ජී. පී. එස්. සහ බ්ලූටූත් මඟින් දරුවන් සිටින ස්ථානය දැන ගත හැකි මෙම උපකරණය හඬ හඳුනා ගැනීමේ පහසුකමින් ද යුක්තය.
Here O, Beluvv Guardian, My Byddy Tag, Lineable, PAXIE Bracelet, GizmoPal යනු ද අතෙහි පැළඳිය හැකි ඔරලෝසු හෝ අත් පළඳනා ආකාරයේ මෙවලම් වේ. මේ හැර දරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම නිපදවන ලද දුරකථන ද බොහෝ රටවල දක්නට ඇත. වෙනත් දුරකථනවල දක්නට ඇති සුවිශේෂි ලක්ෂණ මෙවැනි දුරකථනවල දක්නට නැත. හදිසි අවස්ථාවල දී ඇමතුම් ගැනීම, කෙටි පණිවිඩ යොමු කිරීම හෝ ලබා ගැනීම, ජී. පී. එස්. තාක්ෂණය තුළින් දරුවන් සිටින ස්ථානය දැන ගැනීම යන මූලික අවශ්‍යතා උදෙසා පමණක් මෙම දුරකථන නිර්මාණය කෙරේ.
වර්තමානයේ පවතින තත්ත්වය මත අප රටට ද මෙවැනි උපකරණ හඳුන්වා දීමට විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. අමාත්‍යාංශයේ මඟ පෙන්වීම මත ඩයලොග් සමාගම විසින් හඳුන්වා දී ඇති මෙම උපකරණය තිරයක් රහිත දුරකථනයකට පෙනුමෙන් සමාන වන අතර මොබිටෙල් සමාගම විසින් හඳුන්වා දී ඇත්තේ ඔරලෝසුවකි. දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ මාර්ගයෙන් මවුපියන් සමඟ හෝ හදිසි ඇමතුම් අංක සමඟ සම්බන්ධ වීමට මෙමඟින් අවස්ථාව ලැබේ.


http://silumina.lk/2015/10/18/_art.asp?fn=nv1510181

Saturday, October 17, 2015

ළමා නළුවෝ සම්මාන ලබති

රාජ්‍ය ළමා  නාට්‍ය උළෙල 2015 ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතාගේ  ප්‍රධානත්වයෙන්  මහරගම ශ්‍රි ලංකා  තරණසේවා  රඟහලේ දී  පැවැත්විණි.
එහිදි සිංහල විවෘත අංශයේ වසරේ හොඳම ළමා නළුවා  ලෙස  සමනල පොත ළමා නාට්‍යයේ  සමනලයාගේ  චරිතය නිරූපණය කළ ඩී.එස් චරිත් දේවප්‍රිය හා ඉංග්‍රීසි සීමිත අංශයේ වසරේ හොඳම ළමා නිළිය ලෙස කර්ඩ් ඇන්ඩ් ද ට්‍රේසල් ළමා නාට්‍යයේ දුලන්මා මෙත්ලිනි සම්මාන ලබාගත්තේය.
ඡායාරූප-ලහිරු හර්ෂණ (ලංකාදීප)

http://www.wijeya.lk/archives/3613

Monday, October 12, 2015

ඇස් ඇර බලන්න


දෑස් නොපෙනෙන පුද්ගලයෙකු හඳුනා‍ගත හැකි ලාංඡනය වශයෙන් දක්වන්නේ හැරමිටිය හෝ සුදු සැරයටිය යි. එහි ඉතිහාසය පොත්පත්වල සඳහන් වන පරිදි ඈත අතීතයට දිවයින කතාවකි. දෑස් නොපෙනෙන ජනතාව තමන්ට හමුවන මාර්ග බාධකවලින් වැළකී ගමන් කිරීම පිණිස බට ලී ද, ගස් අතු ද ප්‍රයෝජනයට ගත් බව පොතපතේ සඳහන් වී තිබේ. මේ අනුව, අප දැනට භාවිතා කරන සුදුසැරයටිය දෑස් නොපෙනෙන පුද්ගලයෙකු හඳුනාගත හැකි ලාංඡනයක් පමණක් නොව එම තැනැත්තාට ස්වාධිනව ගමන් කිරීමට ආධාර කරන උපකරණයක් වශයෙන් ද යොදා ගත හැකි ය.
දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු සියරට පැමිණි අන්ධ ඇමරිකානු යුධ බටයින් පුනරුත්ථාපනය කිරීමේදී දැනට භාවිතා කරන සුදු සැරයටියේ හැඩය සහ භාවිතය නව මඟකට යොමු විය. ඈත අතීතයේදෑස් නොපෙනෙන ජනතාව පුරුදු පුහුණු වී සිටියේ සුදු සැරයටිය ඉදිරියට දික්කොට එකම එල්ලයක තබාගෙන ගමන් කිරීමට යි. නමුත්, යුද්ධය අවසන් වනවාත් සමඟම හූව(ර්) ක්‍රමය හෙවත් උස සැරයටි ක්‍රමය ඉතා ජනප්‍රිය ක්‍රමයක් බවට පත්විය.
ඔක්තෝම්බර් මස 15 වෙනි දින සුදුස සැරයටි දිනය වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ ගෞරවය හිමි වන්නේ හිටපු ඇමරිකානු ජනාධිපතිවරයෙක් වන ලින්ඩන් බී. ජොන්සන් මහතාට ය. මේ ඓතිහාසික දිනය ප්‍රකාශයට පත් කරන ලද්දේ වර්ෂ 1964 දී ය. එම ජනාධිපති ප්‍රකාශනය හේතුකොට ගෙන දෑස් නොපෙනෙන ජනතාවගේ ස්වාධිනත්වයත්, බාධාවකින් තොරව මහමඟ ගමන් කිරීමේ අයිතියත් ඔවුන්ට හිමිවූ අතර ප්‍රාන්ත වහයෙන් පමණක් නොව ජාතික වශයෙන් ද දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන් ගෙන ගිය ‘සුදු සැරයටිය නීති ගත කරනු’ යන උද්ඝෝෂණ ව්‍යාපාරය සාර්ථකව ජයග්‍රහණය කිරීමට ද ඔවුන්ට හැකි විය. මේ අනුව, අන්ධ ජන සංවිධාන ප්‍රශංසාවටත් පිළිගැනීමටත් ලක්විය. සුදු සැරයටි දිනයේ ඇති වැදගත්කමත් එම උපකරණය භාවිතා කරන පුද්ගලයා දකින විට ජනතාව තුළ ඇතිවිය යුතු හැඟීම් පිළිබඳවත් විස්තර කළ ජොන්සන් ජනාධිපතිතුමා මෙසේ ද කියා සිටියේය.
“දෑස් නොපෙනෙන පුද්ගලයාට සුදු සැරයටියක ආධාරයෙන් ස්වාධීනව මහමඟ ගන් කිරීමට හැකි බව අපේ සමාජය දැන් පිළිගෙන හමාරයි. අපේ මාවත්වල හා මහා මාර්ගවල ගෞරවයෙන් යුතුව ගමන් කිරීමට අවස්ථාව දැන් ඔවුන්ට සැලසී ඇත.”
ශ්‍රී ලංකාවේ දෑස් නොපෙනෙන ජනතාව විසින් ප්‍රථමවරට සුදු සැරයටි දිනය පත්වන ලද්දේ වර්ෂ 1969 දී ය. මේ අනුව, සුදු සැරයටිය දැන් ජාත්‍යන්තර පිළිගැනීමට පත්වී ඇත. ලෝකයේ විවිධ රටවල විවිධ තරාතිරම්වල අන්ධ ජනතාව මහා ඉහලින් සමරන සුදු සැරයටි දිනයේ දී විවිධ වැඩසහන්වලට සහභාගී වන අතර පා ගමන් යෑම, සුදු සැරයටි බෙදා දීම, සම්මන්ත්‍රණ, සාකච්ඡා ආදිය පැවැත්වීම සිදුකරයි. ඔවුන්ගේ සිතුම් පැතුම් අවශ්‍යථාවන් පමණක් නොව දුක් ගැනවිලි ද රජයේ සහ මහජනතාවගේ අවධානයට යොමු කිරීමට ද මෙම දිනය යොදා ගනු ලැබේ.

http://www.dinamina.lk/

ඉන්ස්ටර්ග්‍රෑම්


ලොව ප්‍රකට සමාජ ජාල ඇප්ලිකේෂනයක් වන ඉන්ස්ටර්ග්‍රෑම් ඇප්ලිකේෂනය ලෝකයේ ඕනෑම කාලයක වේගයෙන්ම වර්ධනය වූ සමාජ ජාලය ලෙස පසුගිය දා නව වාර්තාවකට හිමිකම් කීවේය. ඡායාරූප සහ වීඩියෝ හුවමාරු කිරීමේ සමාජ ජාල ඇප්ලිකේෂනයක් වන ඉන්ස්ටර්ග්‍රෑම් මෙම වාර්තාවට හිමිකම් කීවේ ලොව පුරා මිලියන 400ක පරිශීලකයන් ප්‍රමාණයක් වාර්තා කර ගනිමිනි.

කෙවින් සිස්ට්‍රෝම් සහ මයික් ක්‍රිගර් විසින් 2010 ඔක්තෝබර් මස 06 වැනි දා ජංගම දුරකථන ඇප්ලිකේෂනයක් ලෙස ලොවට හඳුන්වා දුන් ඉන්ස්ටර්ග්‍රෑම් යනු නිදහස් 
මෘදුකාංගයකි. Instant සහ Telegram යන වචනවල සුසංගයෝගයෙන් ඉන්ස්ටර්ග්‍රෑම් යන නාමය නිර්මාණය කළ බව එහි නිර්මාතෘවරු පවසති. ඉන්ස්ටර්ග්‍රෑම් ඇප්ලිකේෂනය 2012 වසරේ දී ෆේස්බුක් විසින් මිල දී ගැනුණි.
සමාජ ජාල (Social Networks) සම්බන්ධයෙන් ගෙවුණු දශකයක පමණ කාලය තුළ විශාල උනන්දුවක් දක්නට ඇති නමුත් ඒ පිළිබඳ ඉතිහාසය ශතවර්ෂයකටත් එහා දිව යයි. ලෝකයේ මෙවැනි සංකල්පයක් පිළිබඳ ප්‍රථමයෙන් අදහස් දක්වා ඇත්තේ එමිලි ඩර්ක්හෙම් සහ ෆර්ඩිනෑන්ඩ් ටෝනිස් දෙදෙනාය. ඒ සමාජ කණ්ඩායම් පිළිබඳ තමන්ගේ න්‍යායන් සහ ගවේෂණ තුළින් 1890 දීය. සමාජයේ වෙසෙන තනි පුද්ගලයන් හෝ කණ්ඩායම් අතර සබඳතා ඇති කරන සමාජ ව්‍යුහයක් ලෙස සමාජ ජාල හැඳීන්විය හැකිය.
කෙසේ වෙතත් පරිගණකයේ සහ අන්තර්ජාලයේ දියුණුවත් සමඟ සමාජ ජාල ඉතා සීඝ්‍ර දියුණුවක් ලැබීය. ඉතා කෙටි කලකින් ලෝකය ආක්‍රමණය කළ ස්මාර්ට් දුරකථන ඒ සඳහා සුවිසල් මෙහෙවරක් කළ බව නොකිව මනාය. ඒ තරමට ස්මාර්ට් දුරකථන සහ සමාජ ජාල වෙබ් අඩවි අතර අන්‍යෝන්‍ය සබඳතාවක් පවතී. බස් රථයේ, දුම්රියේ, බස් නැවතුමේ, පාසලේ මෙන්ම මහමඟ පවා සිය ජංගම දුරකථන තුළින් සමාජ ජාල වෙබ් අඩවිවල සැරිසරන තරුණ තරුණියන් අද අප රටට පවා අමුත්තක් නොවේ.
ලෝකයේ ජනප්‍රියතම සහ වැඩිම සාමාජිකයන් පිරිසක් පරිශීලනය කරන සමාජ ජාල වෙබ් අඩවිය ලෙස අද විවාදයකින් තොරව පිළිගැනෙන්නේ ෆේස්බුක් හෙවත් මුහුණු පොතයි. මාර්ක් සකර්බර්ග් හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ දී ඔහුගේ විශ්ව විද්‍යාල සගයන් අතර 2004 වසරේ දී ආරම්භ කළ ෆේස්බුක් අඩවිය මේ වන විට බිලියන එකහමාරක් ඉක්ම වූ සාමාජිකත්වයකින් සමන්විත වන අතර එහි වාර්ෂික ආදායම ඩොලර් බිලියන 12 ඉක්මවා ඇත.
ප්‍රථමයෙන් ඇපල් දුරකථන සඳහා හඳුන්වා දුන් ඉන්ස්ටර්ග්‍රෑම් ඇප්ලිකේෂනය සුප්‍රකට ඇපල් සමාගමේ අයි ෆෝන්, අයි පොඩ් සහ අයි පෑඩ් සමඟ භාවිතා කළ හැකි අතර පසුකාලීනව ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත දුරකථනවල මෙන්ම නොකියා සහ බ්ලැක්බෙරි දුරකථනවලත් භාවිතා කළ හැකි අයුරින් වැඩිිදියුණු කරන ලදී. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සඳහා ඉන්ස්ටර්ග්‍රෑම් ඇප්ලිකේෂනය හඳුන්වා දෙන ලද්දේ 2012 වසරේ දීය.
2010 දෙසැම්බර් වන විට මිලියනයක පරිශීලකයන් ප්‍රමාණයකට හිමිකම් කී ඉන්ස්ටර්ග්‍රෑම් 2011 දී එම ප්‍රමාණය මිලියන 5 ඉක්ම වූ බව නිවේදනය කළේය. එම වසරේම සැප්තැම්බර් වන විට පරිශීලකයන් ප්‍රමාණය මිලියන 10 ඉක්මවා ගියේය. 2011 වන විට ඉන්ස්ටර්ග්‍රෑම් හරහා හුවමාරු වී තිබුණු ඡායාරූප සංඛ්‍යාව මිලියන 100ක් විය. වර්තමානය වන විට ඉන්ස්ටර්ග්‍රෑම් හරහා දිනකට ඡායාරූප මිලියන 80ක් පමණ හුවමාරු වෙතැයි ගණන් බලා ඇත. ආරම්භයේ සිට මේ වන තෙක් ඉන්ස්ටර්ග්‍රෑම් හරහා හුවමාරු වී ඇති ඡායාරූප ප්‍රමාණය බිලියන 4කි.
ඉන්ස්ටර්ග්‍රෑම් අඩවිය ආරම්භ කර වසර දෙකහමාරකට පසුව මිලියන 150ක පරිශීලකයන් ප්‍රමාණයකට හිමිකම් කීවේය. 2012 වසරේ දී ෆේස්බුක් හිමිකරු වන මාර්ක් සකර්බර්ග් ඩොලර් බිලියනයකට ඉන්ස්ටර්ග්‍රෑම් මිල දී ගත්තේය. ෆේස්බුක් හිමිකාරිත්වය යටතේ ඉන්ස්ටර්ග්‍රෑම් කෙටි කලක් තුළ විශාල දියුණුවක් ලැබුවේය. 2013 වසරේ දී ඉන්ස්ටර්ග්‍රෑම් 23%ක දියුණුවක් අත්පත් කර ගත්තේ එහි හිමිකාරීත්වය දරන ෆෙස්බුක් 3%ක වර්ධනයක් හිමි කර ගන්නා විට වීම සුවිශේෂී කරුණකි. 2014 වසර අවසාන වන විට ඉන්ස්ටර්ග්‍රෑම් මිලියන 300ක පරිශීලකයන් ප්‍රමාණයකට හිමිකම් කීවේය.
ආරම්භයේ දී ඡායාරූප හුවමාරුව සඳහා සීමා වී තිබුණු ඉන්ස්ටර්ග්‍රෑම් වෙතින් වීඩියෝ හුවමාරු කිරීමේ පහසුකම පරිශීලකයන්ට ලැබුණේ 2013 ජූනි මස 23 වැනි දිනය. මේ තුළින් ඔස්සේ තත්පර 15කට සීමා වූ වීඩියෝ හුවමාරු කර ගැනීමට ඉඩ සැලසේ. ෆේස්බුක් හිමිකාරීත්වය යටතේ ඉතා තරගකාරී අයුරින් වර්ධනය වූ ඉන්ස්ටර්ග්‍රෑම් අඩවිය විවිධ සංස්කරණ හඳුන්වාදෙමින් නව විශේෂාංග එක්කර ගනිමින් දිනෙන් දින ඉදිරියට පැමිණියේය. එම දියුණුවේ ප්‍රතිඵලය වශයෙන් 2015 සැප්තැම්බර් මස 22 වැනි දින ඉන්ස්ටර්ග්‍රෑම් ඇප්ලිකේෂනය පරිශීලකයන් මිලියන 400 කඩඉම පසු කර ගියේය.
කෙවින් සිස්ට්‍රෝම්
ලොව පුරා උන්මාදයක් මෙන් පැතිරී යන සෙල්ෆි රැල්ලට ද ඉන්ස්ටර්ග්‍රෑම් වෙතින් ලැබුණේ මහත් අනුබලයකි. ජංගම දුරකථනයෙන් ගන්නා ඡායාරූප ඉන්ස්ටර්ග්‍රෑම් හරහා එසැණින් හුවමාරු කර ගැනීමේ හැකියාව නිසා සෙල්ෆි ලෝලීන්ගේ ජනප්‍රියතම ඇප්ලිකේෂනයක් බවට ඉන්ස්ටර්ග්‍රෑම් පත් ව තිබේ. ජනප්‍රිය බටහිර ගායකයකු වන ජස්ටින් බීබර් ගායිකා සෙලීනා ගෝමස් සමඟ ගත් සෙල්ෆියකට ලක්ෂ 18ක ලයික් ප්‍රමාණයක් ලැබී තිබීම එයට හොඳ සාධකයකි.
ඉන්ස්ටර්ග්‍රෑම් වෙත පිවිසෙන පරිශීලකයන්ගෙන් 50%ක් ඇපල් දුරකථන භාවිතා කරන අතර ඉදිරි 50% ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතා කරන බව හෙළිදරව් වී ඇත. එසේම ඉන්ස්ටර්ග්‍රෑම් පරිශීලකයන්ගෙන් 62% කාන්තාවන් වන අතර ඉතිරි 32% පිරිමි පාර්ශවයේ වේ. ලෝකයේ බොහෝ සුපිරි තරු ඉන්ස්ටර්ග්‍රෑම් ඇප්ලිකේෂනය පරිශීලනය කරන බව හෙළිව තිබේ. එසේම ඉන්ස්ටර්ග්‍රෑම් භාවිතා කරන අයගෙන් බහුතරය යොවුන් වියේ පසුවන්නන් බවත් අනාවරණය වී ඇත.
ඉන්ස්ටර්ග්‍රෑම් ඇප්ලිකේෂනය භාවිතා කළ හැක්කේ වයස අවුරුදු 13 ට වැඩි අයට පමණක් වන අතර ප්‍රචණ්ඩකාරී, නිරුවත් හෝ අඩ නිරුවත්, වෛරී සහගත, අශ්ලීල ඡායාරූප හෝ වීඩියෝ හුවමාරුවට එහි ඉඩක් නැති බව 2013 වසරේ දී නිවේදනය කරන ලදී. නීති විරෝධී මත්ද්‍රව්‍ය අලෙවිකරුවන් ඉන්ස්ටර්ග්‍රෑම් භාවිතා කරන බවට බී. බී. සී.ය වරක් කළ හෙළිදරව්වකින් පසුව ඉන්ස්ටර්ග්‍රෑම් හි නියමයන් වහාම වෙනස් කරන ලදී. එක්සත් ජනපදයේ බොහෝ මත්ද්‍රව්‍ය අලෙවිකරුවන් ඉන්ස්ටර්ග්‍රෑමයේ පළ කරන ඡායාරූප මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදා ගන්නා බවට එමඟින් චෝදනා කෙරිණි.
ලොව පුරා මිලියන 400ක ගේ ජනාදරය මෙන්ම සම්මාන රැසක් දිනා ගැනීමටත් ඉන්ස්ටර්ග්‍රෑම් සමත්ව තිබීමත් සුවිශේෂී කරුණකි. 2011 වසරේ දී ලොව හොඳම ජංගම දුරකථන ඇප්ලිකේෂනය ලෙස ඉන්ස්ටර්ග්‍රෑම් සම්මාන ලැබීය. ව්‍යාපාර ලෝකයේ හොඳම නිර්මාණශීලි පුද්ගලයන් 100 දෙනා අතරින් 66 වැනි ස්ථානයට ඉන්ස්ටර්ග්‍රෑම් හි ප්‍රධාන විධායක කෙවින් සිස්ට්‍රෝම් එම වසරේ තේරී පත් විය. 2011 වසරේ දී වසරේ ඇප්ලිකේෂනය ලෙස ඇපල් සමාගමේ ගෞරවයට පාත්‍ර වූයේ දී ඉන්ස්ටර්ග්‍රෑමයයි. එසේම 2013 වසරේ හොඳම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂන් 50 අතරට ඉන්ස්ටර්ග්‍රෑමයත් එක් කරන්නට ලෝක ප්‍රකට ටයිම් සඟරාව කටයුතු කළේය.

‘වන රෝපා’

ජනපතිගේ මඟ පෙන්වීම අනුව ඔක්තෝබරය රුක් රෝපණ මාසය වෙයි පැළ ලක්ෂ 15 ක් සිටුවනු ලැබේ.

වයස 50 ට වැඩි ගසකින් රු. ලක්ෂ 40 ක සේවයක්
අපේ ජීවත්වීමට පරිසරය, වනාන්තර හා පිරිසුදු වාතය නැතිවම බැරිය. එමෙන්ම පරිසරය සුරැකීමට පාංශු ඛාදනය හා සමුද්‍ර ඛාදනය ප්‍රධාන ගැටලුවක් ද වී තිබේ. රටේ පාරිසරික හා මහවැලි සංවර්ධන ඇමැතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් ඉතා ඉක්මනින් මෙරට විසඳිය යුතු පාරිසරික ගැටලු තුනක් හඳුනාගෙන තිබේ.
වන ගහනය අඩුවීම, කැලි කසළ ප්‍රශ්නය හා පස නිසරු වීම පාංශු ඛාදනය හා මුහුදු ඛාදනය ඒ අතර වේ. මින් ප්‍රධානතම ගැටලු විසඳීම පිණිස පරිසර අමාත්‍යාංශය විසින් ‘පුනරුදය’ නම් ජාතික පාරිසරික සංරක්ෂණ වැඩ සටහන ක්‍රියාවට නංවා තිබේ.

මෙහිදී පරිසරය ද, තිරසාර සංවර්ධනයට අදාළ ප්‍රධාන ගෝලීය සම්මුති සඳහා දේශීය වශයෙන් දායක වීමට වන ආවරණය වැඩි කිරීම පොදු ප්‍රවේශයක් ලෙස යොදා ගනු ලැබේ.

මේ අනුව මෙරට වන ආවරණය වැඩි කිරීම පිණිස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ඔක්තෝබර් මාසය ජාතික රුක් රෝපණ මාසය ලෙස නම් කර තිබේ. මේ මාසය ඇතුළත ‘වන රෝපා’ නම් ජාතික රුක් රෝපණ වැඩ සටහනක් රටපුරා ජාතික මට්ටමින් ක්‍රියාවට නැංවෙන බව පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශ ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතා කියයි.

මෙම යෝජිත ජාතික රුක් රෝපණ මාසය තුළ දී විශේෂ අවධානය යොමු වනුයේ රුක් රෝපණ වැඩසටහන්වලින් වඩාත් අර්ථවත්ව වන ආවරණය වැඩි කිරීමට ඉහළ දායකත්වයක් දක්වන වැඩසටහන්වලට ය. එනම්, මෙය නිශ්චිත ස්ථානයන්හි පැළ රෝපණය කරන හා එම රෝපණය කරනු ලබන පැළ සඳහා රැකවරණය ලබා දෙමින් තිරසර ලෙස කරනු ලබන වැඩසටහනකි.
තව ද, එහි දී අධික ලෙස හායනයට ලක් වූ කඳු මුඳුන්, ඉහළ ජලාධාර ප්‍රදේශ හා විවිධ හේතූන් මත වන වැස්ම හායනයට ලක් වූ ස්ථාන තෝරාගෙන, එම ස්ථානවල රුක් රෝපණය දිරිගැන්වීම අපේක්ෂා කෙරේ.
මෙම සමස්ත අරමුණ පෙරදැරිව, පහත සඳහන් දැක්ම හා තේමාව යටතේ අභිමතාර්ථ කිහිපයක් මුදුන් පමුණුවා ගැනීමට මේ යටතේ යෝජිත ය:
හරිත ශ්‍රී ලංකාවක් බිහි කිරීම මෙම වැඩ සටහනේ දැක්මයි.

වන ආවරණය රහිත නිසරු බිම් තීරුවල වන උයන් නිර්මාණය කිරීම මේ වැඩ සටහනේ තේමාවයි.
මෙහි ප්‍රධාන අභිමතාර්ථ 5 කි.

ශ්‍රී ලංකාවේ වන වැස්ම 29% සිට 32% දක්වා වැඩි කිරීම සඳහා දායක වීම, වන වියනෙහි ගුණාත්මක තත්ත්ව ඉහළ නැංවීම, ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය හා ස්වාභාවික පරිසර පද්ධති නිසි ලෙස පවත්වා ගැනීම, ශ්‍රී ලංකාවේ මුඩු බිම් රුක් රෝපණයට යොදා ගැනීම හා වාණිජ වන වගා ප්‍රවර්ධනය හා කළමනාකරණය ඒ අතර වේ.

රුක් රෝපණය මුළු පරිසරය සුරැකීමට ප්‍රධාන හේතුවකි. ගසක් යනු බැංකුවකි. 40 වසරක් වයසැති සාමාන්‍ය ප්‍රමාණයේ ගසක් තම ජීවිත කාලය ඇතුළත රුපියල් ලක්ෂ 40 ක පමණ සේවයක් පරිසරය හා ජනතා සුවසෙත වෙනුවෙන් ඉටුකර ඇතැයි පැවැසේ.

ඉන්දියාවේ ‘දාස්’ නමැති විද්‍යාඥයා ඉන්දියානු සඟරාවකට ලියා ඇති ලිපියක් අනුව මෙවැනි ගසක් වසරකට ඔක්සිජන් කිලෝග්රෑම්1000 ක් නිපදවයි. එමෙන්ම වසරකට කාබන් ඩයොක්සයිඩ් ටොන් හයක් උරා ගනු ලබයි. මෙවැනි ගසක් පිට කරන ඔක්සිජන් ප්‍රමාණය මිනිසුන් දස දෙනකුට ආස්වාසයට දිනකට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයයි.

මෙවැනි ගසක් වසර 50 ක් ඔක්සිජන් පරිසරයට ලබාදීමෙන් කරන මෙහෙය රුපියල් ලක්ෂ 5 කට අධිකය. වසර 50 ක් ඇතුළත පරිසරය දූෂණය වැළැක්වීමේ වටිනාකම රු. ලක්ෂයකට ආසන්නය.
පොහොර නිපදවීමේ වටිනාකම රුපියල් ලක්ෂ 4 කට අධිකය. සෙවණ ලබාදීම, සෝදාපාළුව වැළැක්වීම, පාංශු වාතය ඇති කිරීම ද අවුරුදු 50 ක් වයස ගසක් මඟින් මනාව ඉටු කරනු ලැබේ.
මෙවැනි ගසක් මඟින් විඩාව, මානසික පීඩනය, ආතතිය අඩු කරයි. රෝග සුවකර ගැනීමට ද මෙවැනි මහා වෘක්ෂවල බලපෑම බහුලය.
ඒ සමඟම සමාජීය ආරක්ෂාව සහ මානසික සුවය ඇති කරයි. වසරකට මෙවැනි ගසක් විස ක්ෂුද්‍ර අංශු කිලෝග්රෑම් 13500 ක් ඉවත් කරනු ලබයි. ඊට අමතරව ආහාර ඉන්ධන දැව පොහොර වැනි සම්පත් රැසක් ලබා දෙන මෙවැනි මහ ගසක් ජීවින් දහස් ගණනකට සෙවණ ලබා දෙයි.
ඊට අමතරව විස බැර ලෝහ අවශෝෂණය කිරීමටත් උෂ්ණත්වය පාලනය කිරීමටත් සෙවණ ලබාදීමටත් මේ වෘක්ෂ මඟින් ලබාදෙන මෙහෙය අතිවිශාලය.
‘වන රෝපා’ වැඩ සටහන අනුව ඔක්තෝබර් 1 සිට සති 4 ක් පුරා විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක වේ. ඒ අනුව ප්‍රථම සතිය ‘ජන හිසට - තරු සෙවණ’ යන තේමාව යටතේ ක්‍රියාත්මක වේ.
නාගරික වන උද්‍යාන ඇතිකිරීම මේ සතියේ සිදු කෙරේ. ප්‍රධාන හා උප ප්‍රධාන නගර ආශ්‍රිත ඉඩ පහසුකම් ඇති රජයේ භූමිවල පැළ සිටුවනු ලැබේ. දිවයින වටා පවතින වෙරළ තීරයේ තෝරාගත් ස්ථානවල පැළ සිටුවීම මෙහිදී සිදුවිය. ඊට අමතරව ‘දේශජ’ තුරු උයන් වැඩ සටහන හා හරිත ගෙවතු වැඩ සටහන මේ යටතේ ක්‍රියාවට නංවන ලදී.

‘වන රෝපා’ වැඩ සටහනේ දෙවැනි සතිය ඔක්තෝබර් 8 සිට 14 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙයි. තේමාව වන අරණ - රැකවරණ යන්නයි.
ඒ අනුව ක්ෂේම භූමි සංරක්ෂණ වැඩසටහන ක්‍රියාවට නැංවේ. මේ යටතේ ජල පෝෂක ප්‍රදේශවල රුක් රෝපණය සිදු කෙරේ. මේ සතියේදී ගම්පොළ සිට කිලෝමීටර් 2 ක දුරින් පිහිටි නාවදෙවිට මහවැලි ගඟ රක්ෂිත ආයතනයේ ආයතනයේ අක්කර 6.7 ක ප්‍රමාණයක ආදර්ශ වන වගාවක් ලෙස ස්ථාපනය කිරීම මේ සතියේදී සිදු කෙරේ.

මේ වැඩ සටහනේ තුන්වැනි සතිය ඔක්තෝබර් 15 සිට 21 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ. මේ සතියේ තේමාව ‘ජන හිසට - තුරු සෙවණ’ යන්නයි. මේ යටතේ මාර්ග දෙපස වන වගා සිදු කෙරේ. ඒ සමඟම ගංගා ඉවුරුවල රුක් රෝපණය මඟින් මෙන්ම වතු සමාගම් මඟින් කරනු ලබන රුක් රෝපණය මඟින් ‘වන අරණ’ පුළුල් කිරිමට කටයුතු කෙරේ. ඊට අමතරව තණමල්විල තම්මැන්නාව ප්‍රදේශයේ මැණික් ගැරීම සඳහා වෙන්දේසි කරනු ලදුව දැනට වළවල් වසා පුනරුත්ථාපනය කර ඇති හෙක්ටයාර 1.6 ක බිම් ප්‍රමාණයක වන වගා කිරීම ද සිදු කෙරේ.
මේ ‘වන රෝපා’ වැඩ සටහන යටතේ හතරවැනි සතිය ක්‍රියාත්මක වන්නේ ‘තුරු කැපකරු - අපි නිරතුරු’ යන තේමාව යටතේය. මේ යටතේ ආරාම රෝපා හා රණවිරු හරිත අරණ යන වැඩ සටහන් ඔක්තෝබර් 22 හා ඔක්තෝබර් 31 සතිය පුරා ක්‍රියාත්මක වේ. මැදිරිගිරිය ජාතික පාසල අසල අක්කර 1 ක රුක් ගොමුවක් ඇති කිරීම මේ යටතේ සිදු කෙරේ.
මේ සම්පූර්ණ වැඩ සටහන යටතේ රටේ රුක් ගොමුව තවත් වැඩි දියුණු කිරීමට පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයට සම්බන්ධ සියලු ආයතන සිය දායකත්වය ලබා දෙයි. රටේම පරිසරය සුරකින මේ පුනරුදය වැඩ සටහනත් ඒ යටතේ මේ මාසයේ ක්‍රියාත්මක ‘වන රෝපා’ රුක් රෝපණ වැඩ සටහන රටට ඉතා වැඩදායි වනු ඇත.


http://www.silumina.lk/2015/10/11/_art.asp?fn=af1510111

සුර­ත­ලාගේ මර­ණය


මගේ සුර­ත­ලාගේ මර­ණය සිදුවූ දවස මට කිසිදා අම­තක නොවේ. එය මට ඉතා දුක්බර දින­යකි. අපේ ගෙදර අයට ද එසේම ය. ඌ දින දෙක තුනක් ආහාර නොගෙන සිටි නිසා අපි ඌ බෙහෙත් ගැනී­මට රැගෙන ගියෙමු. ඉන්පසු ඌට අපි බෙහෙත් පෙව්වෙමු. ඌ එහෙත් ආහාර නොගත්තේ ය. මම ඒ දෙස දුකින් බලා සිටි­යෙමි. අම්මා ඌට කිරි සාදා පෙව්වා ය. ඌ දව­සක් ම නිදා­ගෙන සිටියේ ය. අහල පහළ මගේ මිතුරෝ ද ඌ බැලී­මට පැමි­ණියෝ ය.
මා පසු­වදා උදේ අවදි වී පූසා දෙස බලන විට ඌ බාගෙට ඇස් ඇර­ගෙන නිදා­ගෙන සිටි­නවා යැයි මට පෙනුණි. මම අම්මාට කතා කර ඌ පෙන්නු­වෙමි. අම්මා ඉන්පසු උගේ ඇඟට අත තියා බැලුවා ය. ඌ මිය ගොස් ඇති බව අම්මා මට පැව­සුවා ය‍. මගේ ඇසට කඳුළු පිරුණි. තාත්තා ඌ රෙද්ද­කින් ඔතා වළක් හාරා වැළ­ලු­වේය. ඒ වළ මට නිත­රම මැවී පෙනේ. එවිට මගේ සිතට කන­ගා­ටු­දා­යක හැඟීම් ඇති වේ‍.

විහඟ සුල­ක්ෂණ
8 ශ්‍රේණිය,
ගුරු­ගෙ­දර,
සපු­ග­ස්කන්ද.

http://www.silumina.lk/2015/10/11/_art.asp?fn=au151011

සැහැල්ලුවෙන් විභාගයට මුහුණ දුන්නා


සචිනි කවින්දා
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් පළමු ස්ථානයට පත් අනෙක් පුංචි හපනිය බිහිවුණේ ගම්පොළ ගඟසිරිපුර විද්‍යාලයෙනි. ඒ සචිනි කවින්දා උනන්තැන්නය. මේ පුංචි හපනියට ශිෂ්‍යත්ව විභාගය කිසිදාක බරක් නොවිණ. නිදහසින් සැහැල්ලුවෙන් ගතකළ පුංචි සචිනි කිසිදාක මෙවන් ජයග්‍රහණයක් ලබාවියැයි ඇයගේ මවුපියන් සිතා සිටි‍යේ නැත.
“මගේ දුව පුංචි කාලයේ ඉඳන්ම ඉතා හොඳින් පාසල් වැඩ කටයුතුවලට යොමු වූ දරුවෙක්. පාසල වගේම අතිරේක පන්තිවල දෙන පැවැරුම් ඉතා හොඳින් කළා. ගුරුවරුන් එදිනෙදා දෙන වැඩ එදිනෙදාම නිම කිරීම දුවගේ පුරුද්දක් වුණා.
ශිෂ්‍යත්ව විභාගය දුවට විශාල බරක් වුණේ නැහැ. එයා හැම වේලාවෙම සැහැල්ලුවෙන් දවස ගත කළා. හොඳට සෙල්ලම් කළා. ඒත් පන්ති වැඩ අතපසු කරගත්තේ නැහැ...” ඒ සචිනිගේ පියා ප්‍රියංකර නීල කුමාර මහතායි.
අඩු පහසුකම් යටතේ තිබූ පාසලකට මෙවන් ජයග්‍රහණයක් ලැබීම ගැන අද සචිනි මෙන්ම ඒ පාසලේ විදුහල්පති ඩබ්ලිව්. ජී. බී. එස්. ලක්ෂ්මන් මහතා මෙන්ම පන්ති භාර ගුරුතුමිය වන චින්තා කුමාරි දසනායක මහත්මියත් අපමණ ප්‍රීතියට පත්ව සිටිති.
“මම ශිෂ්‍යත්වය හොඳින් සමත් වෙනවා කියලා දැ‍නගෙන හිටියා. ඒත් මේ තරම් ඉහළ ජයග්‍රහණයක් බලාපොරොත්තු වුණේ නැහැ. පාන්දර 5.30 ට තමයි මේ සුබ ආරංචිය දැනගන්න ලැබුණේ. මට අදහාගන්න බැරිවුණා. මම හැම වෙලාවෙම සෙල්ලම් කළා.
මගේ අම්මා, අප්පච්චි, විදුහල්පතිතුමා, පන්ති භාර ගුරුතුමිය නිතරම මගේ පිටුපස්සෙන් හිටියා. මගේ තිබුණු අඩුපාඩු කියලා දුන්නා. ප්‍රශ්න පත්‍ර කරන්න මට උදව් කළා. ඒ හැමෝටම ස්තුතියි...” ඒ පුංචි කාවින්දාය.


http://www.silumina.lk/2015/10/11/_art.asp?fn=af1510113

ඉලක්කය හිතේ ඇඳුණේ වයස අවුරුදු තුනේදී


මීට වසර දෙකකට පමණ පෙර සිට මේ පුංචි සිතේ පුංචි බලාපොරොත්තුවක් ගොඩනැඟුණේ රටක් පුදුම කරවනසුලු ජයග්‍රහණයක් ලබන්නටය. තුන්වැනි වසරට පියමැන්න දා පටන් පුංචි මෙලනිගේ අපේක්ෂාව වූයේ ශිෂ්‍යත්ව විභාගයේ ඉහළම ජයග්‍රහණය ලබන්නටය.
මෙලනිගේ තාත්තා පුංචි මෙලනිට බැංකු ගිණුම් 11 ක් ඇරැඹුවේය. මෙලනි කෙදිනක හෝ ඉහළින්ම ජයග්‍රහණයක් ලබන බවට පියා තුළ තිබු විශ්වාසය නිසා ය.
“මගේ දුව ශිෂ්‍යත්ව විභාගය ජයග්‍රහණය කරන බව එයාගේ හිතේ අධිෂ්ඨානයක් ඇතිකර ගත්තේ 3 පන්තියේදී. ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවේ පළමුවැනියා වන බව එයාට ලොකු විශ්වාසයක් තිබුණා. ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම ජයග්‍රහණය කළොත් ලැබෙන මුදල් ආධාර තැන්පත් කරන්න මම බැංකු කිහිපයක ගිණුම් 11 ක් දුවගේ නමින් ආරම්භ කළා. දුව මුල සිටම ඉගෙන ගන්න දක්ෂයි.
පාසලේ වැඩ කටයුතු වගේ ම බාහිර දේත් කළා. අපි දරුවට පාඩම් කරන්න කියලා අනවශ්‍ය පීඩනයක් දුන්නෙ නැහැ. එයාට උපරීම නිදහස දුන්නා. නමුත් එයාගේ පිටුපස අපි එයා එක්කම හිටියා...” ඒ මෙලනිගේ තාත්තා සරත් විජේසිංහගේ හැඟීමය.
මෙලනිගේ අම්මා තමාරා තුෂාරි මුදලිගෙදරය. ඉතා දුෂ්කර දිවි පෙවෙතක් ගතකළත් මේ පුංචි හිතට ඒ බර නොදෙන්නට මේ මවත් පියාත් කටයුතු කළහ. උදේ හවස පාසල් යන එන ගමනේ දුෂ්කරතාව මේ පුංචි මෙලනිට නිතර දැනෙන්නට විය. සිය සොහොයුරන් දෙදෙනාත් මේ පාසලේම අධ්‍යාපනය ලබන නිසා පුංචි මෙලනිට පාළුවක් නොතිබුණත් උදේ හවස යන එන ගමන ඇයට තරමක් කටුක විය.
එක බස් රථයයි
“අපේ ගෙදර තියෙන්නේ හරිම දුෂ්කර පළාතක. එක බස් එකයි ගමට තියෙන්නේ. අපේ තාත්තා අම්මත්, මල්ලිලා දෙන්නත් මාත් නංවාගෙන තමයි බයිසිකලෙන් පාසලට යන්නේ. එහෙම යන්නේ වේලාවට පාසලට යන්න ඕනැ නිසා. විභාගය කිට්ටු වෙනකොට අපේ විදුහල්පතිතුමා උදේ පාන්දර පන්ති කළා.
ඊට පස්සේ රේණුකා මාරසිංහ ගුරුතුමිය අපේ පන්ති කළා. අවුරුදු 15 ක ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර කට්ටල කරලා මමම පුහුණු වුණේ කවදාහරි ලංකාවෙන්ම පළමුවැනියා වන්නයි.”
මෙලනි ලංකාවෙන්ම පළමුවැනියා වූ බව දැනගත්තේ සිය පුංචි අම්මාගෙනි. දුෂ්කර පාසලක අඩු පහසුකම් යටතේ මෙලනි මෙවන් ජයග්‍රහණයක් අපේක්ෂා කළේ අනාගත වෛද්‍යවරියක වීමේ අදිටනිනි. “මට ලොකු ආසාවක් තියෙනවා මහනුවර උසස් බාලිකා විදුහලට ඇතුළු වෙන්න. හොඳට ඉගෙන ගෙන දොස්තර කෙනෙක් වෙලා රටට සේවය කරන්නත් ආසයි. මම කොහොමහරි ඒ බලාපොරොත්තුව ඉටුකර ගන්නවා...” ඒ පුංචි හිතේ ඊළඟ බලාපොරොත්තුවයි.
ටියුෂන් ගියේ නෑ
මෙලනිගේ අසාමාන්‍ය දක්ෂතාව වඩාත්ම හොඳින් අවබෝධ කරගත්තේ ඇගේ පාසලේ විදුහල්පතිතුමා වන ටී. ඩබ්ලිව්. ඒ. කේ. ජයසිංහ මහතා හා පන්ති භාර ගුරුතුමිය වන රේණුකා මාරසිංහ මහත්මියයි. “මේ දරුවගේ විශේෂත්වය වුණේ කවදාවත් ශිෂ්‍යත්ව විභාගය කියා ටියුෂන් නොගිය එක. අපි කියලා දෙන දේ පමණයි මේ දරුවා ග්‍රහණය කරගත්තේ. ක්‍රීඩාවන්, සංගීතය, නැටුම් වගේම කරාතේ සඳහාත් මෙලනි හරිම දක්ෂයි.
එක දෙයක් එක වතාවෙන් ග්‍රහණය කරගන්න ඇය දක්ෂයි. මෙලනිගේ මේ ජයග්‍රහණයට ප්‍රධාන හේතුවක් වුණේ ලංකාවේ පළමුවැනියා වන බවට ඇය තුළ වූ අධිෂ්ඨානයයි...” ඒ පුංචි මල් කැකුළ ගැන ගුරු විදුහල්පතිවරු කීවේ එහෙමය.
ළමයින් 1400 ක් සිටින උස්සාපිටිය ශ්‍රී සුමංගල විදුහලට අද නව ආලෝකයක් උදා වී ඇත්තේ ඒ මෙලනි විජේසිංහ නිසාය.
 


- මෙලනි විජේසිංහ

http://www.silumina.lk/2015/10/11

Tuesday, October 6, 2015

ලොව ප‍්‍රථම මිනිස් හිස් බද්ධයට සූදානම්

විවිධ රෝගාබාධ හේතුවෙන් මරණය අබිමුව සිටින මිනිසුනට වෙනත් පුද්ගලයකුගේ අවයව බද්ධ කොට තවත් කාලයක් ජීවත්වීමට අවස්ථාව උදාකර දීමට වෛද්‍ය විද්‍යාව සමත්වූයේ මින් දසක කිහිපයකට ඉහතදීය. හෘදය, වකුගඩු, අක්මාව, පෙනහලූ, අග්න්‍යාශය, අන්ත‍්‍රය, තෛමස වැනි ශරීර කොටස් බද්ධ කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. වෛද්‍ය ඉතිහාසයේ පළමුවරට මියගිය පුද්ගලයකුගේ සිරුරට ජිවත්වන මිනිසකුගේ හිසක් බද්ධ කිරීමට ඉතාලි ජාතික ශල්‍ය වෛද්‍යවරයක් වන සර්ජියෝ කැනවෙරෝ සහ චීන ජාතික ශල්‍ය වෛද්‍යවරයක් වන රෙන් ෂියා ඕපිං සූදානම් වෙති.


මෙම ශීර්ෂ බද්ධ සැත්කම සාර්ථක වුවහොත් මස්පිඩු දියවීමේ රෝගයෙන්, සුවකළ නොහැකි ස්නායු ආබාධවලින් හා දරුණු පිළිකාවලින් පෙළෙන පුද්ගලයනට වැඩි කලක් ජීවත්වීමේ වාසනාව උදාවනු ඇතැයි වෛද්‍ය කැනවෙරෝ ස`දහන් කරයි. ඇනාපොලිස්හි ඇමෙරිකානු ස්නායුවේදී සහ විකලාංග ශල්‍ය වෛද්‍ය සමුළුවේදී ඔහු මෙම සැත්කම සිදු කෙරෙන ආකාරය පිළිබ`දව පැහැදිලි කළේය.
26-page1-S2-2

මේ ස`දහා උපයෝගී කරගනු ලබන්නේ ජීවත්වන පුද්ගලයකුගේ හිස සහ මියගිය පුද්ගලයකුගේ සිරුරය. පුද්ගලයන් දෙදෙනාගේ හිස් එක්වර ඉවත් කරනු ලබන අතර හිස සහ සුෂුම්නාව පැයක කාලයක් ඇතුළත බද්ධ කෙරෙනු ඇත. හිස සහ සිරුර ඔක්සිජන් නොමැතිව බොහෝ වේලාවක් තබා ගැනීමට අව්‍යශ්‍ය වන හෙයින් ඒවා සීත කිරීමට ලක් කෙරෙනු ඇත. ගෙල අවට ප‍්‍රදේශයේ පටක ඉතා සීරුවෙන් විච්ෙඡ්දනය කොට එහි ඇති රුධිර නාළ සියුම් කුඩා නාළිකාවලට බද්ධ කරනු ලබයි. ජීවත්වන පුද්ගලයාගේ හිස මියගිය පුද්ගලයාගේ සිරුරට බද්ධ කෙරෙනුයේ ඉන් අනතුරුවය. සුෂුම්නාව නිවැරැුදිව සවි කිරීමෙන් පසු එහි කෙළවර පොලිඑතලින් ග්ලයිකෝල් නම් රසායනිකය ආධාරයෙන් සිරුරට සම්බන්ධ කෙරේ. ඉන්පසු මස්පිඩු සහ රුධිර නාළිකා  සියුම්ව මසනු ලැබේ. සිරුර සති හතරක කාලයකට අධිමූර්ජාවට ලක්කරනු ලබන්නේ සිරුර සෙලවීමෙන් සිදුවිය හැකි අනතුරු වළක්වාලීම ස`දහාය. මේ කාලය තුළ ඉලෙක්ට්‍රෝඩ මගින් සුෂුම්නාව උත්තේජනයට ලක් කෙරේ. සති හතරකට පසු මූර්ජාවෙන් මිදුණු පසු එම පුද්ගලයාට තම හිස සෙලවීමට සහ ස්පර්ශ කිරීමට හැකිවනු ඇත. ඔහු තම හ`ඩින්ම කථා කරනු ඇත. වසරකට පමණ පසු ඔහුට ඇවිදීමට හැකිවනු ඇත.
26-page1-S2-3
වෛද්‍ය කැනවෙරෝ ප‍්‍රථම වරට මෙම අදහස ඉදිරිපත් කරනු ලැබුවේ 2013 වසරේය. එහෙත් වෛද්‍ය විශේෂඥයන් විසින් එය ප‍්‍රතික්ෂේප කරනු ලැබිණි.
නිව් සයන්ටිස්ට් සඟරාවට ප‍්‍රකාශයක් කළ වෛද්‍ය කැනවෙරෝ ‘‘සමාජය මෙම වැඩපිළිවෙළ ප‍්‍රතික්ෂේප කරන්නේ නම් මම එම සැත්කම සිදුකරන්නේ නැහැ. එහෙත් යුරෝපය හෝ ඇමෙරිකාව හෝ එය ප‍්‍රතික්ෂේප කළත් ලොව කොහේ හෝ රටක් මෙය අනුමත කරාවි. බොහෝවිට චීනයේදී මෙය කළ හැකියැයි මා විශ්වාස කරනවා. ඇතැම්විට මට සිරද`ඩුවම් වි`දින්නට සිදුවේවි. එයට මා සූදානම්. මා උත්සාහ කරන්නේ නිවැරැුදි මගක ගමන් කිරීමටයි. ඒත් ඊට පෙර ජනතාව මා අනුගමනය කරනවාද යන්න මා දැනගතයුතුයි.’’ යනුවෙන් කියා සිටියේය.

සතුන් උපයෝගී කර ගනිමින් ප‍්‍රථම වරට ශීර්ෂ බද්ධයක් කැරුණේ 1970 ඇමෙරිකාවේ ක්ලෙවලන්ඞ්හි කේස් වෙස්ටන් රිසර්ච් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය රොබට් වයිට් විසිනි. රේසස් නම් කුඩා ව`දුරකුගේ සිරසක් එම වර්ගයේම වෙනත් ව`දුරකුගේ සිරුරට බද්ධ කළේය. බද්ධ ව`දුරා ජීවත් වූයේ දින නවයක් පමණි. ශරීර ප‍්‍රතිශක්තිය හිස මගින් ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඌ මියගියේය. සතුන් ඇසුරින් මෙතෙක් සිදුකළ පර්යේෂණ බද්ධ කිරීම් තවමත් සාර්ථක වී නොමැත. විශේෂයෙන් සුෂුම්නාව බද්ධ කිරීම සාර්ථකව සිදුකළ නොහැකි විය. විද්‍යා ප‍්‍රබන්ධ කථාවක ස`දහන් වන ෆ‍්‍රන්කන්ස්ටයින් ගණයේ සැත්කමක් සිදු කිරීම ස`දහා අවශ්‍ය තාක්ෂණවේදය තමන් සතු බවත්, එහෙයින් මෙම අත්හදාබැලීම සිදු කිරීමට සුදුසු කාලය එළැඹ ඇති බවත් වෛද්‍ය සර්ජියෝ කැනවෙරෝ ස`දහන් කරයි.

ශීර්ෂ බද්ධ සැත්කම ස`දහා අවම වශයෙන් 100කට ආසන්න වෛද්‍ය සහ හෙද කණ්ඩායමකගේ සහය ලබාගැනීමට වෛද්‍ය කැනවෙරෝ අපේක්ෂා කරයි. මේ ස`දහා අවම වශයෙන් පැය 36ක පමණ කාලයක් ගතවනු ඇති බවද, පවුම් මිලියන 8.5 මුදලක් වැය වෙනු ඇති බවද ඔහු ස`දහන් කළේය.

සැත්කමට අවශ්‍ය හිස ලබාදීමට දායකයකු මේ වනවිට ඉදිරිපත්ව සිටියි. ඔහු 30 හැවිරිදි රුසියානු පරිගණක විද්‍යාඥයකු වන වැලරි ස්පිරිඩොනොව්ය. ඔහු බොහෝ කාලයක්  වර්ඞ්නිග් හොෆ්මන් නමැති මස්පිඩු දියවීමේ දුර්ලභ ජානමය රෝගයකින් පෙළෙන පුද්ගලයෙකි. තමා මිය යමින් සිටින පුද්ගලයකු බවත්, මියයාමට පෙර අලූත් ශරීරයක් ලබා ගැනීම තම අරමුණ බවත් ඔහු ප‍්‍රකාශ කර තිබිණි. මෙම සැත්කම අසාර්ථක වුවහොත් සිදුවන දෙය පිළිබ`දව ඔහු දරන්නේ කුමන අදහසක්දැයි මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කළ අවස්ථාවේ ඔහු කීවේ කිසියම් බියක් තමා තුළ පැවතියද තමාට වෙනත් විකල්පයක් නොමැති බවය.
26-page1-S2-4

වෛද්‍ය කැනවෙරෝගේ ප‍්‍රයත්නය පිළිබ`ද ඇතැම් වෛද්‍ය විශේෂඥයන් දක්වන්නේ සෘණ ආකල්පයකි. සුෂුම්වේදී ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ වෛද්‍ය හන්ට් බාටියර් පවසන්නේ මෙවැනි සැත්කම් ස`දහා තමා කිසිවකුට අනුබල නොදෙන බවය. ඇතැම්විට මෙය මරණයටත් වඩා බියකරු වනු ඇතැයිද හිස සහ ශරීරය එකිනෙක ප‍්‍රතික්ෂේප කළහොත් එයට බ`දුන් වූ පුද්ගලයාට භයානක ඉරණමකට මුහුණපෑමට සිදුවනු ඇති බවත් ඔහු පැවසීය.

ෂින්හුවා ප‍්‍රවෘත්ති සේවය ස`දහන් කරන ආකාරයට මෙම සැත්කමට සහභාගී වන චීන ශල්‍ය වෛද්‍ය රෙන් ෂියා ඕපිං මීයන් 1000කට අධික ප‍්‍රමාණයක් ශීර්ෂ බද්ධ සැත්කමට බ`දුන් කොට ඇති අතර ඔවුන් දිනකට වඩා ජීවත් නොවූ බැව් පෙන්වා දෙයි. මෙම සැත්කම සිදු කිරීමේදී ස්නායු පද්ධතිය බද්ධ කිරීමේ තාක්ෂණික ගැටලූ තමාට පැනනැගුණු බවත් ප‍්‍රධාන ස්නායු පද්ධතිය ප‍්‍රතෘතිභාවට පත්කිරීමේ සුවිශේෂි හැකියාව වෛද්‍ය කැනවෙරෝ සතු බවත් වෛද්‍ය රෙන් ෂියා ඕපිං පැවසීය.

2017 දෙසැම්බරයේ මෙම සැත්කම චීනයේ හාර්බින් වෛද්‍ය විශ්වවිද්‍යාලයේදී සිදුකෙරෙනු ඇතැයි විශ්වාස කෙරේ. ඒ ස`දහා චීන වෛද්‍ය කණ්ඩායමට අමතරව ලොව විවිධ රටවල ශල්‍ය වෛද්‍යවරුන් සහභාගී වීමට කැමැත්ත පළකොට තිබේ. මෙම සැත්කම සාර්ථක වුවහොත් එය සමස්ත මිනිස් ප‍්‍රජාවට වැඩි කලක් ජීවත්වීමට අවකාශ සලසනු ඇත. මෙවැනි ශීර්ෂ සැත්කමක් පිළිබ`දව අප අසා ඇත්තේ අපේ පුරාකථාවලිනි. ඒ ගෝඨයිම්බර යෝධයා පා පහරක් දී ජයසේනගේ හිස ගලවා දැමූ අවස්ථාවේ එම හිස වෙනුවට වලසකුගේ හිසක් බද්ධ කිරීම පිළිබ`ද පුවතය. එම ශීර්ෂ බද්ධයෙන් මහසෝනා ඉපැදිණි. මෙම සැත්කමින් කවරකු උපදිනු ඇතිදැයි කිව නොහැකිය. ඇතැම්විට නිරෝගී මිනිසකු විය හැකිය. නැතිනම් මහසෝනකු හෝ ෆ‍්‍රැන්කන්ස්ටයින් කෙනකු හෝ විය හැකිය. 

26-page1-S2-5

m

 

පැරණිම මල ස්පාඤ්ඤයෙන්

අදින් වසර කෝටි 13ට පෙර ජලය යට තිබූ පෙති නැති මල ලෝකයේ මෙතෙක් හඳුනාගත් පැරණිතම මල බව පර්යේෂකයෝ කියති. මොන්ට්ෂිචියා විඩලි නමින් හඳුන්වා ඇති මේ මල හමුවී ඇත්තේ මධ්‍යම සහ නැගෙනහිර ස්පාඤ්ඤයේ හුණු සහිත පස් ස්ථර අතර තිබිය දී ය. ඒවා අතීතයේ මිරිදිය ජලාශවල බහුලව තිබෙන්නට ඇති බවත් මුල් ක්‍රිටේෂීය යුගයේ විසූ ඩයිනෝසරයන් මේ ශාක ආහාරයට ගන්නට ඇති බවත් විද්‍යාඥයෝ අනුමාන කරති.
විද්‍යාඥයන් පවසන්නේ මේ ශාකය මල් සහිත හෝ ආවෘත බීජ ශාකයක් විය හැකි බවයි. චීනයෙන් හමුවී තිබූ ආචර්යිෆරක්ටස් සිනෙන්සිස් නමැති ශාකයේ මල් මෙතෙක් ලෝකයේ හමුවූ පැරණිතම මල් ලෙස සිතා සිටිය ද මේ සොයා ගැනීමත් සමග එම මතය බිඳ වැටෙයි. ඒ අනුව දැන් ලෝකයේ පැරණිතම මල් ලෙස හැඳින්වෙන්නේ මොන්ට්ෂිවියා විඩලි ශාකයේ මලයි.
worlds first 1 - Copy

අවම ඉසඩ් ලකුණු නිකුත් කෙරේ





නව අධ්‍යයන වර්ෂය (2014/2015) සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ අවම ඉසඩ් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඊයේ (05 වැනිදා) නිකුත් කරන ලදී.

ඒ අනුව වෛද්‍ය විද්‍යා උපාධි පාඨමාලාවට ඇතුළත් වීම සඳහා ඉහළම ඉසඩ් ලකුණු අවශ්‍ය වන්නේ කොළඹ දිස්‌ත්‍රික්‌කයෙනි. එම ලකුණු 1.9370 ක්‌ වන අතර ඉංජිනේරු විද්‍යා උපාධි පාඨමාලාවට ඇතුළත්වීම සඳහා ඉහළම ඉසඩ් ලකුණ වන 1.9239 අවශ්‍ය වන්නේ මාතර දිස්‌ත්‍රික්‌කයෙනි. නීතිය පාඨමාලාවට ඇතුළත්වීමේ ඉහළම ඉසඩ් ලකුණ 1.9730 වෙයි. එම ලකුණ අවශ්‍ය වන්නේ ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කය සඳහාය.


නිලන්ත මදුරාවල

රටක් වටියි මේ වගේ බෝසත් පුත්තු


“පුතා නොහිටියනම් මං කිඹුල් කටේ”
කලාඔයේ රිදී දියවර උඩින් හොඳින් හිරු පායා තිබේ. ඒ නාන මංකඩ කිසිවක් නොවූ ගානට නිසලය. මේ රිදී දිය දහර ලෝහිත ධාරාවන්ගෙන් පොඟවන්නට තැත් දැරූ කිඹුලා ද දැන් පෙනෙන්නට නැත.
අනුරාධපුර සේනපුර 48 හැවිරිදි ඒ තිදරු මව ශාන්ති දිසානායක කිඹුල් ප්‍රහාරයකට ගොදුරුව අදත් පාදයක් අහිමිව කොළඹ ජාතික රෝහලේ ඇඳක් මත වැතිර හිඳින්නීය.
ඉකුත් (25) සිකුරාදා සිදුවූ මේ ආන්දෝලනාත්මක පුවත ඔස්සේ අපි ද ගවේෂණය කරමු.
ඇය ඉඳහිට කෙඳිරි ගාන්නීය. ඒ පාදය කැපූ වේදනාවටය. එහෙත් ඒ වේදනාව පරයා ඇගේ හිතේ සොම්නසේ මල් පූදින්නේ තම කුසින් වැදු ඒ වීරයාගේ ක්‍රියාව මතකයට නැඟීමෙනි. “අනේ! මගෙ රත්තරං පුතා නැත්නම් මං කලාඔය පතුලේ.
අද මගේ කකුල විතරක් නෙවේ, මස් කලඳක්වත් ඉතිරි වෙන්නෙ නෑ. ඒ අඩි ගණනාවක් දිග කිඹුලා තව පොඩ්ඩෙන් මාවත් අරන් යනවා...” ඇය අවට සිටියකුට කීවාය.
කලාඔය ආසන්නයේ පිහිටි ගමක් වන සේනපුර දික්වැව පදිංචි ඊ. එම්. ශාන්ති දිසානායක නමැති මේ තිදරු මව (48) තම නිවෙස පිටුපස මීටර 100 ක පමණ දුරින් ගලා යන කලාඔයට ගොස් රෙදි සෝදා නා ගන්නට ගිය මොහොතේ කිඹුල් ප්‍රහාරයකට ලක් වූවාය.
ශාන්ති රෝහල් ඇඳ මත
කිඹුලා ඇගේ පාදයෙන් ඩැහැගෙන දියට ඇදගෙන යාමට උත්සාහ කරද්දී ඇය දිය මතට වැටී තිබුණු කුඹුක් ගසක අත්තක් තදින් බදාගෙන කෑ ගැසුවාය. මේ විලාපය ඇසුණු ඇගේ පුතු රොමේෂ් මධුවන්ත (19) තරුණයා වහා දියට පැන තම මෑණියන් බේරාගෙන තිබිණ.
එතැන් පටන් මේ තරුණයා මව බේරා ගැනීමේ මහත් අරගලයක යෙදී සිටියි. කොළඹ තැන් තැන්වල නැවැතී මව සුවපත් කරගන්නට මාන බලයි. නූතන මාතුපෝසක කතා වස්තුව මෙයම නේදැයි මට සිහි විය.
බෝසතුන් පුරා දින හතක් තම මෑණියන් කර මත හොවා සත්සමුදුර තරණය කළා සේම මේ තරුණයා ද කලාඔය අනතුර සිදුවූ ඒ අවස්ථාවේ සිට ම තවමත් ඇය සමඟමය.
“අපේ ගෙදර අම්මයි අක්කල දෙන්නයි මමයි විතරයි ඉන්නෙ. මං අනුරාධපුර නුවරවැව ප්‍රදේශයේ සංචාරක හෝටලයක වැඩ කරනවා. සමහර සති අන්තවල විතරයි ගෙදරත් එන්නෙ.
එදත් නිවාඩු දවසක් නිසා මා ගෙදර ඇවිත් හිටියේ. එදා හවස අම්මා සෝදන්න තියෙන රෙදි ටිකක් අරගෙන නාගෙන එන්නම් කියලා ඔයට ගියා. කලාඔය ගලන්නේ අපේ ගෙදරට මීටර 100 ක් විතර එහායින්. ටික වේලාවකින් අම්මගේ විලාපය මට ඇහුණා. මං මෙලෝ සිහියක් නැතිව මොකද වුණේ? බලන්න එළියට දිව්වා.
ශාන්ති
මං දැක්කා අම්මා වතුරට වැටිලා දිරා යමින් තියෙන ලොකු අත්තක් බදාගෙන කෑ ගහනවා. එක කකුලක් විතරයි පෙනුණෙ. ‘පුතේ, මගෙ කකුල කිඹුලෙක් කඩාගන්නවා’ යැයි ඒ අස්සෙම කෑ ගැහුවා. මට හිතන්න වේලාවක් නෑ. වතුරට පැන්නා. අම්මගෙ අනිත් කකුල හෙව්වා. ඒ කකුල දිගේ පහළට අත ගාගෙන ගියා. මට කිඹුලාගේ කට අහුවුණා. මං පුරාණ කතාවල හා චිත්‍රකතාවල වගේ කිඹුලාගේ කට දෙපැත්තට අත දාලා අම්මගෙ කකුල බේරගන්ඩ හටනක් කළා.
ඌත් මර විකාරෙන් ගොදුරට දඟලනවා. අම්මාට සිහිය තිබුණා. එයා කිව්වා, ‘පුතේ කිඹුලගේ බඩ කිතිකවන්න, බඩ කිතිකවන්න’ කියලා. මං කිඹුලගෙ කට අත්හැරලා උගේ බඩ ප්‍රදේශය කිති කැව්වා. ඒකත් ඇත්ත. ඌ අම්මගෙ කකුල අත හැරලා කරකැවෙන්ඩ ගත්තා.
හැබැයි! මං වැර වීරිය දාලා කට ඇද්දා. ඒකට උගේ කට ‘ලොක්’ වෙලා වගේ ඇරිලමයි තිබුණෙ. අම්මා බඩගාගෙන ගොඩට ගියා. අම්මගේ කකුල හොඳටම තුවාල වී ඇති බව මා කකුල දිගේ අතගාන කොටම තේරුණා. ඒ නිසා කිඹුලා අත්හැරලා අම්මව අල්ලගන්න හදනකොටම කිඹුලා අපි දෙන්නවම ආයිත් ඇදගෙන යන්ට උත්සාහ කළා. ඒත් මං හටන් කරලා අම්මවත් අරන් ගොඩට ආවා.
ගොඩට ආවාම අම්මගෙ කකුල විනාශ වෙච්ච හැටි දැක්කම මට සිහි නැතිවෙලා. අසල්වැසියෝ උදව් කරලයි රෝහලට ගෙනිච්චේ. කකුලෙ අමාරුකම නිසා අනුරාධපුරෙන් කොළඹ එව්වා. අම්මගෙ කකුල එතැනදි කැපුවා. කකුල බේරගන්ඩ බැරි තරමට අස්ථි විනාශ වෙලා. ඒකයි. ඇයව බේරගත්ත එක ගැන සතුටුයි. කවරදාවත් කිඹුල්ලු ඔයේ නාන මංකඩට ආවේ නෑ. මේ මුල්ම වතාව.”
මිනීමරු කිඹුලාගෙන් තම ආදරණීය මෑණියන් බේරා ගත් රොමේෂ් පුතා ගැන ඔහුගේ නැන්දා වන (43) හැවිරිදි ඒ. සිරියලතා ද හඬ අවදි කළාය.
‘පසුගිය 25 දා සවස 4.45 ට විතර පුතාට අක්කා කෑ ගසන සද්දෙ ඇහිලා තියෙනවා. ඔහු ඒ පැත්තට යද්දි කුඹුක් ගහේ මුලක එල්ලී කිඹුලාගෙන් බේරෙන්න ඇය දඟලන හැටි ඔහු දැකලා තියෙනවා. අම්මෙ, හයියෙන් මුල අල්ලගන්න අත්හරින්න එපා කියලා පුතා වතුරට පැනලා. අක්කා තමයි කිඹුලාගේ බඩ යට අතගාන්න කියලා තියෙන්නෙ.
ඔවුන් පදිංචිව සිටි නිවෙස
අඩි 15 ක් විතර මේ කිඹුලා දිගලු. අක්කාගේ කකුල අත්හරින්නෙ නැති කිඹුලාව මේ පුතා බදාගෙන උගේ කටත් දෙපැත්තට ඇදලා. බඩත් කිති කවලා. කට අගුළු වැටිලා කිඹුලා අසරණ වුණාමයි පුතා අක්කව කරේ තියාගෙන ගොඩට ආවෙ. කිඹුලා සමඟ පොරබැදු පුතාගේ අතේ ඇඟිල්ලක් මේ සිද්ධියෙන් තරමක් තුවාල වුණා.
අපේ පුතාට යෝධ බල යෝධ හයිය ලැබෙන්නට ඕනෑ. අද කාලේ දරුවො දිහා බලපුවාහම තමන්ගේ ජීවිතේ ගැන නොසිතා මේ පුතා කළ වීර ක්‍රියාව හරිම පුදුමයි...”
සිරියලතා මාතාවගේ කතාව ඇත්තය. රොමේෂ් මධුවන්ත වීර පුතා රටට ආදර්ශයකි. කලාඔය මේ දිනවල කලින් දිනවල පැවැති මහ වැස්සට පිරිලාය. කිඹුලන් පහළින් ඉහළට නැඟී නාන මංකඩවලට පවා එන බව අසන්නට ලැබිණ. මාතර නිල්වලා ග‍ඟේ ද කිඹුලන් වෙනත් ඔයවල්වලට පැමිණ සිටින බව ද දැනගන්නට ඇත. කිඹුලන් මෙන් ම මිනිසුන් ද ආරක්ෂා කැර ගැනීම ද වැදගත්ය.
කලා ඔයේ රිදී දියවර දැන් හොඳටම පැහැදිලිය. ඒ නාන මංකඩ ද තවමත් නිසලය. එහෙත් මේ නිශ්ශබ්දතාව පැහැදිලිකම යට තවත් බොහෝ දේවල් සිදුවන්නට ඉඩ තිබේ. සියල්ලට වඩා පරෙස්සම හොඳය.

කියැ­වීමේ අගය

Image result for poth kiyawamu

කිය­වීම ඉතා ප්‍රයෝ­ජ­න­වත් විනෝ­දාං­ශ­යකි. අපගේ විවේක කාලය ප්‍රයෝ­ජ­න­වත් අයු­රින් ගත කිරී­මට එය අපට උප­කාරී වෙයි.
පොත පත කිය­වී­මෙන් අපට අපේ දැනුම දියුණු කර­ගත හැකිය. අපි නව­කතා, කෙටි­කතා, සඟරා යන පුව­ත්පත් කිය­වමු. එසේම අපි විවිධ විෂ­ය­යන් යටතේ ලිය­වුණු පොත් ද කිය­ව­න්නෙමු. නව­කතා සහ කෙටි­කතා කිය­වී­මෙන් අපට ආස්වා­ද­යක් ලැබිය හැකිය.
ශ්‍රේෂ්ඨ පුද්ග­ල­යන්ගේ චරිත කතා කිය­වී­මෙන් අපට ඔවුන්ගේ යහ­පත් ගති­ගුණ උග­තිය හැකිය.
මම මහ­ජන පුස්ත­කා­ලයේ සාමා­ජි­කයෙක් වෙමි. මම වර­කට පොත් දෙකක් ලබා ගන්නා අතර ඒවා දෙස­ති­යක කාල­යක් තබා ගන්නෙමි. පොත් පත් අපේ මිතු­රන් සේ සැල­කිය හැකිය. ‘කිය­වීම පූර්ණ මිනි­සකු තනයි’ මෙය ෆ්රැන්සිස් බේකන් සාමි­ව­රයා විසින් පළ කරන ලද ශ්‍රේෂ්ඨ කිය­ම­නකි.
පොත්වල මූලික වශ­යෙන් අඩංගු වන්නේ දැනු­මයි. එම නිසා පොත් කිය­වී­මෙන් අපට විෂ­යන් ගණ­නා­වක් පිළි­බඳ දැනුම ලබා­ගත හැකිය. “දැනුම බලය වේ” යනු­වෙන් කියනු ලැබේ.
දැනුම ලබා ගත හැකි හොඳම මාර්ගය නම් පොත් කිය­වී­මයි.

එම්. එම්. රිවිඳු තරින්ද
5 ශ්‍රේණිය,
මහින්ද විද්‍යා­ලය,
ගාල්ල.

Monday, October 5, 2015

කොත්මලේ සාහිත්‍ය උලෙළ දා


කොත්මලේ ඩෙල්ටා ගැමු­ණු­පුර විද්‍යා­ලයේ පසු­ගි­යදා පැවැති සාහිත්‍ය උලෙ­ළට මම ද සහ­භාගි වුණෙමි. ඒ මාහට ද ත්‍යාග හා සහ­ති­ක­පත් තිබූ බැවිනි. එදින මට ඉතා රස­වත්, අර්ථ­වත් දේශන කිහි­ප­ය­කට සව­න්දී­මට හැකි වුණි. විද්වත්හු රාශි­යක් එදින එම ‍උලෙළට සහ­භාගි වූහ. එතු­ම­න්ලාගේ දේශන ඇසූ මම ඉතා සතු­ටට පත් වුණෙමි. සාහිත්‍ය රස විඳ ගත්තෙමි. වැද­ගත් කරුණු ලියා ගතිමි.
ගැමුණු කුමරු රුහුණේ ඉපදී, කොත්ම­ලයේ හැඳී වැඩී, අනු­රා­ධ­පු­රයේ රජ කළ බව කොත්මලේ ප්‍රාදේ­ශීය ලේක­ම්තුමා තම දේශ­න­යේදී පැව­සුවේ ය. කොත්මලේ දී අනු­රා­ධ­පු­රයේ රජ කිරී­මට අවශ්‍ය පන්න­රය ලැබුණු බව ප්‍රකාශ කළ එතුමා කොත්මලේ පුර­ව­රය වාස­නා­වන්ත පරි­ස­ර­ය­කට හිමි­කම් කියන බව පැවැ­සුවේ ය. මේ දේශ­න­ව­ලින් මම මගේ ජීවි­ත­යට අවශ්‍ය බොහෝ දෑ ඉගෙන ගතිමි. මට මේ උලෙ­ළට සහ­භා­ගි­වී­මට හැකි­වූයේ ගද්‍ය රච­නා­ව­ලින් ප්‍රථම ස්ථානය ලද නිසා ය. මාහට මේ රච­නය ලිවී­මට අවශ්‍ය කරුණු සපයා දුන් මගේ පන්ති භාර ගුරු­තු­මිය වන ඔමාලි මධු­ශිකා ගුරු­තු­මි­ය­ටත්, මෙයට අවශ්‍ය පන්න­රය ලබා දෙමින් මාගේ ලිපි පළ කළ සිළු­මිණ ළමා පිටු­ව­ටත් මම තුති පුද කරමි.

ඒ.එච්. බුද්ධිකා සංජී­වනී
9 ශ්‍රේණිය ‘බී’,
හැදු­ණු­වැව මධ්‍ය මහා විද්‍යා­ලය,
හැදු­ණු­වැව.

“ටික්... ටික්... ටික්... ටික්...

“ටික්... ටික්... ටික්... ටික්... තත්පර කටුව පසු කර­මින් සිටියේ රාත්‍රි 10.45 විය යුතු ය. පොතේ පිටු පෙර­ළෙන ශබ්දය පැහැ­දි­ලිව ඇසෙයි. මේ සියල්ල අත­රින් ගෙර­විලි හඬ­වල් හා තදින් හුස්ම ගන්නා හඬ­වල් ඇසෙයි. ඒ ඇ‍ඳේ සිට සිහින දකින තාත්තාත්, පත්තර බල­මින් ප්ලාස්ටික් පුටුව මත නිදි කිරා ව‍ැටෙන අම්මාත් හා මේසයේ පාඩම් කිරී­මට ගත් පොත උඩු මුහුණ අල­වා­ගෙන බිය­කරු සිහි­න­යක් දකින අක්කාත් ය. පාසල් මිතු­රි­යක දුන් ­පො­තක් රැඳි මගේ දෑත බිය නිසා වෙව්ලයි.


මම තැති ගැස්මෙන් තිබූ මගේ සිත සමඟ හොල්මන් පිළි­බඳ තර්ක කර­මින් සිටි­යෙමි. එවිට ම චරස් ... චර... චරා...ස්...චරාස්'. උඩ ගොස් බිම වැටුණු මගේ කට ඇරුණේ කෑ ගැස්මට විය යුතු ය. ශබ්දය ඇසී­මෙන් අවදි වූ අක්කා දෙකො­පුල් පිස­මින් ‘කවුද? ‘යි ඇසුවා ය. මම එවිට යන්තම් වචන ගළ­පා­ගෙන ‘හොල්ම­නක් ද? හොරෙක් ද?’ යි ඇසු­වෙමි. ‘දන්නෙ නෑ’ අපි වසා තිබුණ තිර රෙද්ද ඈත් කිරී­මට බිය වුණෙමු. ‘මොකද කරන්නේ?’ අක්කා නිදි මත බේරෙන දෑසෙන් යුතුව රහස් හඬින් ඇසුවා ය. ‘අම්මට කියමු ද?’ ඒ මාය‍. ‘ඉක්ම­නට කියන්න එහෙ­නම්. ඇත්ත­ටම හොරෙක් ද දන්නේ නෑ?”
සෙමෙන් පිය­වර තැබූ මම කාම­ර­යට ගියෙමි.
“අම්මා... අම්මා‍...
“මොකද ළමයො වද දෙන්නේ”
“ෂ්... ෂ්... අම්මා අර­හෙන් මොකද්දෝ සද්ද­යක් එනවා.”
“ඇ” මෙවර නම් අම්මා සැබෑ­වට ම පිබි­දුණා ය.
“ගේට්ටුව ලොක් කරලා නැද්ද? ඉක්ම­නට තාත්තාට කියන්න.”
මම තාත්තා කූද්ද­මින් සෙමෙන් කතා කරන ලෙස තාත්තාට ඇ‍ඟෙව්වෙමි.
“මම ගේට්ටුව ලොක් කරා. ගිහින් බල­මුකෝ” කිය­මින් තාත්තා විදුලි පන්දම අතට ගත්තේ මගේ විස්ත­ර­යෙන් පසුව ය‍. අපි නිවසේ ඇති ස‍ෑම විදුලි බුබු­ළක් ම ඉක්ම­නින් ම දැල්වු­වෙමු. තාත්තා එළි­යට ගිය පසු මම දොර ළඟ රැක්කෙමි. මඳ වේලා­ව­කින් “මොකුත් නෑ... සතෙ­ක්වත් එන්න ඇති. දැන් නිදා­ගන්න” යැයි තාත්තා පැව­සුවේ ය.
ඉන්පසු අම්මා සුසු­මක් හෙළ­මින් ඇඳට ගියා ය. අක්කා ද “අනේ මොන විකා­රද? මෙයා නිසා මමත් බය­වුණා” යි කිය­මින් දිගු නින්ද­කට මුල පුර­මින් ඇඳට ගොඩ වුණා ය. මා තව­මත් සිදුවූ දේ පිළි­ග­න්නට සූදා­නම් නැත. හොරුන් ගැන බොහෝ කතා අසා තිබූ සොරුන්ට බියය.
“ඒ වුණාට අම්මා ඒක වෙන්න බෑ. මට ඇහුණා...” තර්ක කර­මින් සිටි මට අම්මා බාධා කළා ය. “උඹ­ලගෙ විකාර! මිනි­හෙක් නම් ටෙරී බුරන්න එපායැ. අව­තාර කියලා ජාති­යක් මේ ලෝකෙ තියෙ­න­වද? දැන්වත් නිදා­ග­න්නවා.” අම්මාගේ බැණුම් මධ්‍යයේ මට ඇඳට ගොඩ­වී­මට සිදු විය.
තැති ගැන්ම නිසා මම බුදු ගුණ සිහි කර­ගෙන භාවනා කළෙමි‍.
පසු දින උදයේ තාත්තා කාම­රේට ආවේ සිනහ පිරි මුව­කිනි. “අන්න ඊයේ රෑ ආපු යාළුවා තෑගිත් ඉතුරු කරලා ගිහින්” මෙය ඇසූ මම නින්ද පැත්තක දමා එළි­යට දිව්වෙමි.
“ඕවා වහන්න කොන්ක්‍රීට් එක හාරන්න ගිහින්. ඒ සද්දෙට තමයි ඔච්චර බය වුණේ” යි කිය­මින් තාත්තා අමු­ත්තාගේ තෑගි දෙසට අත දිගු කළේ ය.
එතන වූයේ අන් කිසි­වක් නොව, කොන්ක්‍රීට් පිළ මත දමා තිබූ ගඳ ගහන මුව බෙටි ය.
මදාරා විජේ­රත්න
9 ශ්‍රේණිය ‘ජී’,
උසස් බාලිකා විදු­හල,
මහ­නු­වර.

රඹුක දරුදැරියන් ගේ එසැන වෙබ් විකාශය දැන්


රඹුක මහා විද්‍යාලයේ උසස් පෙල නර්ථන විෂය හදාරන සිසු සිසුවියන් ඔවුන්ගේ කණ්ඩායම් ව්‍යාපෘතිය ලෙස ඉදිරිපත් කරන 
රවි රංග ප‍්‍රතිභා නර්ථන ප‍්‍රසංගය දැන් පැවැත්වේ

2014 වසරේ විශිෂ්ඨතම මාධ්‍ය ඒකකයට හිමි ගුවන් විදුලි ජාතික සම්මානයෙන් පිදුම් ලද කලවාන රඹුක මහා විද්‍යාලයේ මාධ්‍ය ඒකකය මෙහි සජීවී වෙබ් විකාශය සිදු කරයි

"රවි රංග ප‍්‍රතිභා"













රඹුක මහා විද්‍යාලයේ උසස් පෙල නර්ථන විෂය හදාරන සිසු සිසුවියන් ඔවුන්ගේ කණ්ඩායම් ව්‍යාපෘතිය ලෙස ඉදිරිපත් කරන
රවි රංග ප‍්‍රතිභා නර්ථන ප‍්‍රසංගය අද උදෑසන 11.30 සිට 13.30 දක්වා පැවැත්වේ

2014 වසරේ විශිෂ්ඨතම මාධ්‍ය ඒකකයට හිමි ගුවන් විදුලි ජාතික සම්මානයෙන් පිදුම් ලද කලවාන රඹුක මහා විද්‍යාලයේ මාධ්‍ය ඒකකය මෙහි සජීවී වෙබ් විකාශය සිදු කරයි