Wednesday, July 8, 2015

රචනා තර­ගයේ දෙවැනි තැන මිහිරි ට


පොසොන් උත්ස­ව­යට සම­ගා­මීව ලේක්හ­වුස් ආය­ත­නය හා ‘බුදු­ස­රණ’ පුව­ත්පත එක්ව සංවි­ධා­නය කරන ලද දීප ව්‍යාප්ත රචනා තර­ගා­ව­ලියේ දෙවැනි ස්ථානය දිනා ගැනී­මට ගාල්ල සංඝ­මිත්තා බාලිකා විද්‍යා­ලයේ 9 ශ්‍රේණියේ අධ්‍යා­ප­නය ලබන මිහිරි ලක්ති­ළිණි ලිය­න­ගු­ණ­ව­ර්ධන ශිෂ්‍යාව සමත් වූවාය.
මීට අම­ත­රව ඇය පසු­ගිය වසරේ ලේක්හ­වුස් ආය­ත­නයේ ‘මිහිර’ පුව­ත්ප­තට වසර පන­හක් සපි­රීම නිමි­ත්තෙන් පැවැත්වූ දීප ව්‍යාප්ත රචනා තර­ගා­ව­ලි­යෙන් ද 2 වැනි ස්ථානය දිනා ගත්තාය. 2014 ප්‍රාදේ­ශීය සාහිත්‍ය තර­ගා­ව­ලියේ ගද්‍ය රචනා තර­ග­යෙන් ගාල්ල කොට්ඨා­සයේ දෙවන ස්ථානය ද මහ­ර­ගම තරුණ බෞද්ධ සංග­මය මෙහෙ­යවූ අන­ගා­රික ධර්ම­පාල ගුණ සමරු රචනා තර­ගා­ව­ලි­යෙන් ද විශිෂ්ට සම්මා­න­යක් ඇයට හිමි විය.
අකු­රැස්ස මලි­දූව ශ්‍රී විජ­යා­නන්ද දහම් පාසලේ දීප්ති­මත් ශිෂ්‍යා­වක් ද වන ඇය 2006 වසරේ සිට 2014 වසර දක්වා සමස්ත ලංකා සිසු නිපු­ණතා තර­ගා­ව­ලි­ව­ලදී රචනා හා පද්‍ය ගායනා ප්‍රථම ස්ථානය මේ දක්වා අඛ­ණ්ඩව ලබා­ගෙන ඇත. 2015 වර්ෂයේ මිගෙ­ට්ටු­වත්තේ ගුණා­නන්ද නාහිමි අනු­ස්ම­රණ රචනා තර­ගා­ව­ලි­යෙන් ද ඇය තෙවන ස්ථානය ලබා ගැනී­මට සමත් විය.
ඉරිදා ජාතික පුව­ත්ප­තක ළමා විශේ­ෂාංග ලේඛි­කා­වක් ද වන ඇය ලේඛන කලා­වට අම­ත­රව නර්ත­නය, ගාය­නය, වාද­නය, චිත්‍ර, පරි­ග­ණක ආදි විවිධ ඉස­ව්ව­ලින් මේ දක්වා ජාතික මට්ටමේ ජය­ග්‍ර­හණ රාශි­යක් ලබා­ගෙන ඇත.
විවිධ රූප­වා­හිනි නාළි­කා­ව­ලින් තම දක්ෂ­තා­ව­න් දක්වා ඇති ඇය, මලි­දූව ශ්‍රී විජ­යා­නන්ද දහම් පාසලේ ශිෂ්‍ය නායි­කා­වක් මෙන්ම ‘සැළ­ලි­හි­ණියෝ’ සංගීත කණ්ඩා­යමේ නිත්‍ය ගායන ශිල්පි­නිය ද වන්නීය.


http://silumina.lk/2015/07/05/_art.asp?fn=au150705

1 comments:

දෙවෙනි තැන ගැන කියද්දි පළවෙනි තැන ගැන ඇයි දාන්නේ නැත්තෙ?

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි