1996 වසරේදී ලංකාව විල්ස් ලෝක කුසලානය දිනාගන්නා තෙක් ඇතැම් ලෝකවාසීන්
ලංකාව කියා රටක් ඇත්දැයිවත් දැන සිටියේ නැත. ලෝක සිතියමේ වූ මේ කුඩා තිතක්
සම ලංකාව ඔවුන්ට වටිනාකමක් ඇති බිමක් ලෙස හැඟුණේ නැත. එහෙත් මතක හිටින්නට
යමක් කරන්නට ලොකු පොඩි කතා, දුප්පත් පොහොසත් කතා, කිසිදු විටක බලනොපාන වග
කියන්නට අප ළඟ අපමණ හේතු සාධක ඇත. ඉන් එකක් ලෙස බොහෝ අභිමානයෙන් ලංකාවේ
පුරාවිද්‍යා සොයා ගැනීමක් නම් කළ හැකි බව පවසා සිටිමු.
මීට අවුරුදු එකසිය විසිපහකට පෙර ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ එච්.සී.පී. බෙල් මහතා විසින් ආරම්භ කරන ලද ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතිශය අභිමානවත් සොයාගැනීම පිළිබඳ අද ලංකාව පමණක් නොව ලෝක ඉතිහාසය පුදුම වෙමින් පවතී.
ඔබ ශ්‍රී ලාංකිකයෙක්ද ඔබ ඉතිහාසයට පෙම් බඳින්නෙක්ද? එසේ නම් අසනු මැන ඔබට ඔබේ හදවත ආඩම්බරයෙන් පුරවාගත හැකි ඒ අරුම පුදුම ඓතිහාසික සොයාගැනීම පිළිබඳව.
පුංචි දවස්වල අපි ඉගෙන ගත් ඉතිහාසයේ වූවේ අපිට සංස්කෘතියක්, ආගමක්, කලාශිල්ප, අක්ෂර කලාව ලැබුණේ මහින්දාගමනය සමඟය. එය ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජ්‍යයා විසින් අප හට ලබාදුන් ත්‍යාගයක් බවය. ඒ එදාය. ඒත් අද වනවිට ඒ ඉතිහාස පාඩම් අමතක කළ යුතුව ඇත. මහාවංසයටද තම ඉතිහාසය යළි ලියවාගත යුතු කාලය උදාවී ඇත. මන්ද අපිට අක්ෂර කලාව ලැබුණේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ කාලයේ නොව එය ඊට වසර තුන්සියයකට පෙරද මෙරට තිබූ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි ලැබී ඇති හෙයිනි.
අපි ඔබෙන් එක් ප්‍රශ්නයක් අසමු. ඔබ කවදාහරි අනුරාධපුරයට ගිහින් තිබේද? එහි පිළිතුර 'ඔව්' නම් එහි දෙවන පැනය ලෙස ඔබ කවදාහරි අනුරාධපුරයේ ඇතුළු නුවරට ගිහින් තිබේද? එහි උත්තරය බහුතරයකගේම 'නෑ' යන්න බව අපි දනිමු. ඊයේ නොගියද අදින් පසු අනුරාධපුරයට යන ඔබට ඇතුළු නුවර නම් වූ ඒ අප රටේ පමණක් නොව දකුණු ආසියාතික මානව ශිෂ්ටාචාරයම පුදුම කළ ඒ බිමට ගොස් එහි උරුමය මනසින් විඳිනා ලෙසට ආයාචනා කරමු.
ක්‍රි.පූ. තුන්වැනි සියවසේදී මෙරට පාලකයා වූ දේවානම්පියතිස්ස රජු වෙතට තම මිත්‍රත්වය පිළිබිඹු කිරීමේ ත්‍යාගයක් ලෙස ධර්මාශෝක රජු විසින් බුදුදහම එව්වේය. ඒ සමඟ මෙරට සංස්කෘතික උරුමයන් ස්ථාපිත විය. මේ අපි උගත් ඉතිහාසයයි. ඒ අනුව අක්ෂර කලාවද මෙරටට දායාද වූ වගයි. මන්ද බ්‍රාහ්මී අක්ෂර කලාව ධර්මාශෝක රජු යුගයේදී ඉන්දියාවේ ඇතිවූවක් බවට ඉන්දියාවද පිළිගෙන තිබිණි. එහෙත් මෙරට පුරාවිද්‍යාඥයන්ට එම කතාව බොරු කරන්නට හැකි වූයේ මීට අවුරුදු විසි හතකට එහා දිනයකදීය. ඒත් ඒ ඇත්ත පිළිගන්නට ඉන්දියාව මැළිවූවේ ඊට සමාන පුරාවිද්‍යාත්මක සාධක ඔවුන්ගේ බිමේ නොමැතිවීම හේතුවෙන්ය. ඔවුන් අවුරුදු විසිහතක් පුරා බලා උන්නේ අප ඉදිරිපත් කළ මතය සනාථ කරන්නට හෝ බිඳ දමන්නට හැකි සාධකයක් ලැබෙන තෙක්ය. සියල්ල කාලයා විසඳුවේය. ලොව හොඳම විසඳුම් දෙන්නා කාලය වග තවත් වරක් සනාථ කරමින් පසුගියදා අප මතය සනාථ කරන්නට හැකි සාධක භාරත දේශයෙන්ද හමුවිය. දැන් අපි එම විප්ලවයේ පර්යේෂණ බළකායේ ප්‍රබලයන් සේම ප්‍රථමස්ථානයද දිනාගෙන අවසානය.
ඒ විප්ලවයේ මුල, මැද, අග පවසන්නේ නම් එය මෙසේ සිදුවිය. ඒ පිළිබඳ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශිලා ලේඛන හා නාණක විද්‍යා අංශයේ වැඩබලන අධ්‍යක්ෂ නාමල් කොඩිතුවක්කු මහතා කරුණු දක්වාලමින් සිටියේ මෙසේය.
මීට වසර විසිහතකට එහා ගිය දිනක මෙරට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධුරය දැරුවේ ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතා. ඔහු තම දෙපාර්තමේන්තු නිලධාරීන්ට හැමවිටම නිසි ක්‍රමවේදයකින් යුතුව පර්යේෂණ කටයුතු සිදුකිරීමට ඇවැසි උපරිම සහාය ලබා දුන්නේය. ඒ අනුව එකල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් උපදේශක තනතුර දැරූ ආචාර්ය සිරාන් දැරණියගල මහතා යටතේ වන පර්යේෂණ කණ්ඩායමක් අනුරාධපුර ඇතුළු නුවර කැණීමක් ආරම්භ කරන්නට විය.
එම කැණීම් ක්‍රියාවලිය කැණීම් දහතුනකින් සමන්විත විය. ඒ වනවිට ඇතුළු නුවර සල්ගහවත්ත කැණීම, මහා පාලි දාන ශාලාව ආදී කැණීම් ක්‍රියාත්මක විය. මෙම කැණීම්වලදී එහි මතුපිට ස්තරය අඩි තිහක් යටට යනතුරුම සංස්කෘතික සාධක හමුවන්නට විය. එසේ හමුවන සියලු සාධකවල කාල නිර්ණය කිරීම සඳහා එම ස්තර සතු අඟුරු සාම්පල් කාබන් 14 කාල නිර්ණයටද යොමු කෙරිණි.
මෙම කැණීමේ පහළම ස්තරය ක්‍රි.පූ. 900 දක්වා අතීතයකට අයත් බවට පැහැදිලි සාක්ෂි ලැබිණි. මේ සාධක අතර විවිධ සංස්කෘතික අවධීන්ට අයත් සාධක රැසක් හෙළිදරවු වන්නට විය. ඒ අනුව ලෝහමය ඇණ, උසස් තත්ත්වයේ මැටි බඳුන්, ගවයා භාවිත වූ බවට සාධක මෙරට අශ්වයන් උන් බවට අශ්ව දත් එසේම එපමණ අතීතයකදී මෙරට ධාන්‍ය වගාව වූ බවට සාධකද ලැබිණි.
මේ ඇතුළු නුවර කළ පර්යේෂණ අනුව මුල්ම කාලයේදී ඇතුළු නුවර අක්කර 35-65 පමණ වපසරියක් තුළ ව්‍යාප්ත වූ ගම්මානයක් ලෙසද, එය ක්‍රි.පූ. 700 පමණ වන විට අක්කර 25ක් පමණද ක්‍රි.පූ. තුන්වැනි සියවස වන විට එනම් දේවානම්පියතිස්ස රාජ යුගය වනවිට අක්කර දෙසිය පනහක් පමණට ව්‍යාප්තව තිබිණි. එය ඉන්දියාවේ නගර සමඟ සසඳන්නේ නම්, උතුරු ඉන්දියාවේ පිහිටා ඇති උජ්ජෙනි හෙවත් උදේනි නගරයට සමාන තත්ත්වයට වර්ධනය වී තිබිණි. එසේම එය තවත් පසුකාලීන වනවිට ඉන්දියාවේ දෙවැනි නගරායනය ලෙස සලකන කෞෂම්බි නගරායනයේ බලපෑමටද ලක්වී ඇත.
එපමණට දියුණු තත්ත්වයක පැවැති අනුරාධපුර ඇතුළු නුවරින් හමුවූ අප්‍රමාණ පුරාවිද්‍යා සාධක අතර මුළු ලොවම මවිත කරවන්නට සමත් වූ සාධකය හමුවිය. එය වළංකටු කැබැල්ලකි. එය හමුවූයේ එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් හා කෞතුකාගාර සේවක එසේම කැණීම් කටයුතු භාරව උන් පසුකලෙක ලංකාවේ විශිෂ්ටතම පස් ස්තර සොයා ගැනීමේ විශේෂඥයා වූ ඇල්ෆ්‍රඩ්ද මෙල් අතටය. එදවස ඔහුගේ ගුරුවරයා වූ මඟ පෙන්වන්නා වූ ආචාර්ය සිරාන් දැරණියගල නම් විශිෂ්ටයා හැමවිටම කැණීම් බිමේ රැඳී සිටිමින් පර්යේෂණ මෙහෙයවූ අතර ඇල්ෆ්‍රඩ්ද මෙල් තම ගුරුවරයාට එම වළං කටු කැබැල්ල පිළිබඳ දැනුම් දුන්නේය. එය නිරීක්ෂණය කළ ආචාර්ය සිරාන් දැරණියගල මෙහි වූ අක්ෂර හා තාක්ෂණවේදය
පර්යේෂණයට බඳුන් කළේය.
ඔහු සතුවූ විශිෂ්ට දැනුම් පරාසය අනුව මෙම වළං කටු කැබැල්ල විශේෂ වූවක් වග දැන එය කාබන් කාල නිර්ණයට යොමු කළේය. ඒ අනුව ලැබූ ප්‍රතිඵලය නම් මෙම අක්ෂර සහිත වළං කටු කැබැල්ල හෙවත් මැටි බඳුන් කැබැල්ල මෙරට ඉතිහාසයේ මහා සන්ධිස්ථානයක් වීමය.
ලංකාවේ ඓතිහාසික යුගය ආරම්භ වූවේ ක්‍රි.පූ. තුන්වැනි වැනි සියවසේ සිට යැයි තිබූ මතය බිඳ හෙළමින්, මෙරට ඓතිහාසික යුගය ක්‍රි.පූ. හයවැනි සියවස දක්වා දිවයන බව සනාථ කරන්නට ඒ අනුව හැකිවිය.
'බිය අනුරධ' නම් බ්‍රාහ්මී අක්ෂර සහිත එම මැටි බඳුන් කැබැල්ල ක්‍රි.පූ. හයවැනි සියවස හෙවත් ක්‍රි. පූ. 600ට පමණ අයත් වග තහවුරු විය. එහි විශේෂත්වය වූයේ ඓතිහාසික යුගය ආරම්භය තීරණය කරනු ලබන්නේ අක්ෂර භාවිතය ඇරැඹීමත් සමඟ වීමය. මේ අනුව අක්ෂර භාවිතය මෙරට මීටත් පෙර සිට සිදුවූ බව මේ ඔස්සේ තහවුරු වීමත් සමඟ එය මෙම ඓතිහාසික යුගය තවත් අතීතයට රැගෙන යන්නට විය.
ඉතා කෙටියෙන් සරලව ප්‍රකාශ කළහොත් අප මිහිඳු හිමියන් දේවානම්පියතිස්ස රජු සමයේදී අශෝක රජුගේ අනුග්‍රහයෙන් මෙරටට ගෙන ආ බවට සැලකූ අක්ෂර කලාව, මිහිඳු හිමිත්, දේවානම්පියතිස්ස රජුත් ධර්මාශෝක රජුත් ඉපදෙන්නට පෙර සිටම මෙරට භාවිත වූ බව සක්සුදක් සේ තහවුරු වීමය. එනම් බුදුන් වහන්සේ ජීවමානව සිටි යුගය වන විටත් ලංකාවේ විසූ ආදි මුතුන්මිත්තන් අක්ෂර භාවිත කර තිබූ බවට තහවුරු වීමයි.
ආචාර්ය සිරාන් දැරණියගල තම පර්යේෂණ තවදුරටත් නිවැරැදි කරගැනීම උදෙසා එංගලන්තයේ පුරාවිද්‍යාඥයන් වූ එෆ්.ආර්. ඔල්ඩිං ප්‍රමුඛ රොබින් කනින්හැම් ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් කැණීම් කොට පරීක්ෂණ පවත්වන්නට විය. ඒ අනුව ඔවුන්ටද පෙරදී ලද වළං කටුවේ කාලයටම අයත් ස්තරවලින් බ්‍රාහ්මී අක්ෂර සහිත මැටි බඳුන් කැබලි ලැබීමත් සමඟ ඒවා කාලනිර්ණයට ලක් කිරීමත් සමඟ ඒවා ක්‍රි.පූ. 450 දක්වා කාලයට අයත්වන බවය. තවත් එවැනි අක්ෂර සහිත වළං කටු කැබලි අටක් මෙම ඇතුළු නුවරින් සොයා ගැනිණි.
මේ පිළිබඳව ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එවකට ඉන්දියාවේ අක්ෂර පිළිබඳ විශිෂ්ටතමයා වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා මහාචාර්ය ඉරවදන් මහාදේවන් ප්‍රකාශ කර සිටියේ ඉන්දියාවෙන්ද මේ යුගයට අයත් එවන් සාධක ලැබෙන තෙක් ලංකාවේ පර්යේෂණ ප්‍රතිඵල පිළිගත නොහැකි බවය.
එහෙත් මේ බව කාලයත් සමඟ බොහෝ දෙනකුට අමතකව ගිය සිදුවීමක්ව තිබිණි. පසුගියදා ඒ සත්‍යයම වැලි පිසලා නැඟිට්ටේය. ඒ අප ඒ හපන්කම කොට අවුරුදු විසිහතකට පසුය. ඉන්දියාවේ පොන්ඩි චෙරි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කේ. රාජන් විසින් තමිල්නාඩුවේ කොන්ගු ප්‍රදේශයේ වූ කොඩුමනල් හා පෙරුන්තාල් නමැති මෙගලිතික සුසාන කැණීමෙන් බ්‍රාහ්මී අක්ෂර සහිත වළං කටු කැබලි සොයාගනු ලැබිණි.
ඒ අනුව ඔවුන් ඒවා කාල නිර්ණය කළ අතර එම මැටි බඳුන් කැබලි ක්‍රි.පූ. 490 දක්වා කාලයට අයත් බව පිළිගැනිණි. ඒ අනුව මහාචාර්ය රාජන් විසින් ලංකාව කළ පර්යේෂණයේ වටිනාකම තහවුරු කරන ලදී. මහාචාර්ය ඉරවදන් මහාදේවන්ගේ විශ්වාසයද තහවුරු විය. දැන් දකුණු ආසියාවම පිළිගනු ලබන්නේ ධර්මාශෝක අධිරාජ්‍යයාට පෙර සිට බුදුන් වහන්සේගේ කාලයේ සිට ලංකාවත් ඉන්දියාවත් බ්‍රාහ්මී අක්ෂර කලාව පවත්වාගෙන ගිය බවය.
මෙවර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පළ කරන ලද ඒදජඪඥදබ ඛ්ඥරතධද අංක 24 කලාපයට ලිපියක් යොමු කරමින් නාමල් කොඩිතුවක්කු මහතා මේ බව ප්‍රකාශයට පත්කොට ඇත. එසේම මේ බිමේ කළ පර්යේෂණ වෙනුවෙන් තම දහඩිය හෙළුෑ සියලු කම්කරුවන්, පර්යේෂණ නිලධාරීන් ඇතුළු පිරිසකටද හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සිරාන් දැරණියගල මහතා තම ස්තුතිය පුදකර සිටින්නේය. එසේම නාමල් කොඩිතුවක්කු මහතා යෝජනා කර සිටින්නේ මෙවන් අමිල උරුමයන් සහිත ඇතුළු නුවර භූමිය පුරාවිද්‍යා ආඥා පනත යටතේ සීමාවන් යොදා ආරක්ෂා කළයුතු බවයි.
කවුරුත් සුළුවට සැලකූ ලංකාව අද දකුණු ආසියානු ඓතිහාසික යුගය තවත් අතීතයකට රැගෙන යන්නාවූ ඒ මහා විප්ලවයේ පූර්ව ප්‍රකාශයන්ව අවසානය.
ඒ මහා විප්ලවයේ ඉදිරි කටයුතු සිදුකිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු භාරදූර වගකීම්ද වන්නේය. එතෙක් ලංකාවේත්, ඉන්දියාවේත් අතීතය සොයා යන පුරාවිද්‍යාඥයනි ඔබට අප 'මව්බිමේ' සැබෑ උත්තමාචාරය පිළිගන්වා සිටිමු.
සඳරැසි සුදුසිංහ
http://www.mawbima.lk/55-90973-news-detail.html

0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි