Saturday, July 11, 2015

නීතිවිරෝධී -------------------------------පැණි බීම

පාසල් අවට ආපනශාලා,වෙළඳසල් පරික්ෂාවට 
දිවයින පුරා පවතින රජයේ හා පෞද්ගලික පාසල් අවට පවතින සියලුම ආපනශාලා සහ සියලු වෙළඳසල් පරික්ෂා කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපල මහතා පවසයි.
 
  කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික  ගුවන්තොටුපලේ, සෞඛ්‍ය මධ්‍යස්ථාන කාර්යාලයේ  පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින්  වෛද්‍ය පාලිත මහීපාල මහතා මේ බව පැවසී ය.
 
මේ වනවිට වාර්තා වී ඇති සෞඛ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වී තිබෙන නීතිවිරෝධී පැණි බීම වර්ග සහ ටොෆි වර්ග  හේතුවෙන් මෙම හදිසි වැටලීම් සිදු කිරීමට තීරණය කර තිබෙන බව වෛද්‍ය පාලිත මහීපාල මහතා කීය.
 
 
 ඒ අනුව ඉදිරියේ දී විශේෂ දින දෙකක මෙම වැටලීම් මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ ද සහාය ඇතිව සිදු කිරීමට නියමිත බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.

http://sinhala.news.lk/

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි