Thursday, July 2, 2015

"Infotel - 2015" ප‍්‍රදර්ශනය නොවැම්බර් 20සිට

"Infortel - 2015" ප‍්‍රදර්ශනය නොවැම්බර් 20සිට

ශ‍්‍රී ලංකාවේ පවත්වනු ලබන දකුණු ආසියාවේ ප‍්‍රමුඛතම කර්මාන්ත හා අධ්‍යාපනික ප‍්‍රදර්ශනය වන "Infortel - 2015" නොවැම්බර්  20 සිට 22දක්වා BMICH හි දී පැවැත්වීමට නියමිතය.
 
14 වන වරටත් පවත්වනු ලබන මෙම ප‍්‍රදර්ශනයේ මෙවර තේමාව "ජනතාව අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ කිරීම" යන්නයි. 
 
ප්‍රදර්ශන පිළිබඳ දියත් කිරීමේ උළෙල නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය, පියසේන ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ ගලදාරී හෝටලයේ දී පසුගිය දින පැවැත්විණ. 
 
මෙවර මෙම ප‍්‍රදර්ශනය විශේෂයෙන් සන්නිවේදන ක්ෂේත‍්‍රයේ සංවර්ධනය හා පුරෝකතනයක් එළි දැක්වීමට සැලසුම් කිරීම තුළ පාසල් දරුවන්ටත්, තරුණ තරුණියන්ටත්, වැඩිහිටියන්ටත්, කර්මාන්තකරුවන්ට මෙන් ම විද්වතුන්ට මහඟු ඵල නෙලා ගත හැකි වන බව අමාත්‍ය පියසේන ගමගේ මහතා සඳහන් කර සිටියේය. 
 
මේ වසරේ පැවැත්වෙන "Infortel -2015" ප‍්‍රදර්ශනය සඳහා පැමිණෙන්නන්ට තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන දෘඩාංග, මෘදුකාංග හා සේවා සැපයුම් ක්ෂේත‍්‍රයන්හි නව නිර්මාණ අවස්ථා හා මානව සම්පත් නව උපාය මාර්ග පිළිබඳ ව නව දැනුමක් ලබා ගැන්මට අවස්ථාව ලැබේවායි ද අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රාර්ථනා කර සිටියේය. 
 
මෙම උත්සවය සඳහා රජයේ අමාත්‍යංශ සහ ආයතන නියෝජනය කරමින් නිලධාරීන් විශාල පිරිසක් ද "Infortel - 2015" සන්විධානය කරනු ලබන ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් , තොරතුරු තාක්ෂණ හා කර්මාන්ත ක්ෂේත‍්‍රයන්හි නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.  
 

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි