V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Tuesday, March 8, 2016

පාසල් දොර වැසුණු දරුවාට සුපිරි පාසලක්

පාසලක් අහිමිව සිටින කුලියාපිටි‍යේ දරුවා කොළඹ ආනන්ද විද්‍යාලයට හෝ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයට හෝ ඇතුළත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාට නියම කර තිබේ. එම දරුවාට කොළඹ හෝ මහනුවරදි අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය වන වියදම් සම්පාදනය කිරිමට තමා වැඩපිළිවෙළක් සකස් කරන බව ද අගමැති වික්‍රමසිංහ මහතා ඇමැතිවරයාට දැනුම් දී තිබේ. සෑම දරුවකුටම වසර දහයක් අධ්‍යාපනය අනිවාර්ය වීම මේ දරුවාට ද පොදු...

Monday, March 7, 2016

'බිග් මැච්' වලින් දෝරෙ ගලන ජනප්‍රිය පාසල් විනය

මිනිසා යමෙක්‌ හෝ යමක්‌ හෘදයාංගමව වැළ`දගන්නේ ඒ පිළිබ`දව ඇති කැමැත්ත නිසාවෙනි. මෙම කැමැත්ත ඇතිවීමට මිනිසා තුළ එම පුද්ගලයා හෝ එම දෙය පිළිබ`දව ආකර්ෂණයක්‌ ඇතිවිය යුතුය. ඒ අනුව ජනප්‍රිය යන වචනයේ උප්පත්තිය සිදුවන්නේ මෙම කැමැත්ත මත බව පෙනේ. ජනයාට ප්‍රියවූ දෙය යන අදහසින් එය ව්‍යවහාරයේදී භාවිතා වේ. ජනප්‍රිය නළු නිළියන්, ජනප්‍රිය වැඩසටහන්, ජනප්‍රිය ක්‍රීඩකයින් ආදී වශයෙන් ජනප්‍රිය යන නාමාවලිය සමාජීය රුචිය අනුව දිග්ගැස්‌විය හැකිය. නූතනයේ ජනප්‍රිය යන සංකල්පීය...

වස විස නැති රටක්

“වස විස නැති රටක්” වැඩසටහන යටතේ සංවිධානය කෙරුණු කෘෂිකාර්මික, අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) විවෘත කෙරිණි. අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ද, අමාත්‍යවරුන් වන එස්. බී. දිසානායක, දුමින්ද දිසානායක, ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අයුරු.  ඡායාරූපය-ජනාධිපති මාධ්‍ය ඒකකය පෙරදිග ධාන්‍යාගාරය නමින් අතීතයේ හැඳින්වුණ ශ්‍රී...

“ආ... එහෙ­මද? එහෙ­නම් මට මේ රුපි­යල් දහයේ තේ එක දෙන්න”

එක්තරා දරු­වකු පාසල ඇරී වීදි­යට ආවේ දැඩි පිපා­ස­ය­කිනි. ඔහු ළඟම තිබුණු අව­න්හ­ලට ගොඩ වූයේ සිසිල් බීම බෝත­ල­යක් මිලදී ගැනී­මට ය‍.“මේ බීම බෝත­ලය කීයද?” දරුවා අව­න්හල් සේව­ක­යා­ගෙන් විම­සීය.“රුපි­යල් විස්සයි පුතේ” ඔහු පිළි­තුරු දුන්නේ ය. “ආ... එහෙ­මද? එහෙ­නම් මට මේ රුපි­යල් දහයේ තේ එක දෙන්න” කිය­මින් හෙතෙම අසුන් ගත්තේ ය. ළමයා අත රුපි­යල් විස්සක් තිබෙනු දුටු සේව­කයා දරුවා ගැන පුංචි වුණත් තියෙන ලෝබ­කම යැයි සිතුවේ ය. තේ එක බී මුදල් ගෙවා දරුවා පිටව...

“මේ තල ගහ පීදෙන්ට ළඟයි. කපන්ට ඕනෑ”

තල මලේ වරුණ පසු­ගි­යදා මා අත්තා සමඟ විවේ­කීව සිටින විට ගෙමි­දු­ලට මඳක් දුරින් තිබූ තල ගස පෙන්වා “මේ තල ගහ පීදෙන්ට ළඟයි. කපන්ට ඕනෑ” යැයි අත්තා කීවේය. “ඇයි අත්තේ තල ගස කපන්නෙ?” යැයි මම අත්තා­ගෙන් විම­සු­වෙමි. එවිට අත්තා මට තල ගස ගැන තොර­තුරු කියා දුන්නේය. අතී­තයේ තල ගසින් බො‍හෝ ප්‍රයෝ­ජන ගැනුණි. තල ගොබ ඉරා තම්බා, මඳ පවනේ වේළා පැදුරු, මාගල් වට්ටි, පෙට්ටි, විසි­තුරු භාණ්ඩ, බිත්ති සැර­සිලි ආදිය නිර්මා­ණය කිරී­මට යොදා ගැනිණි. ඒ කාල‍යේ අකුරු ලිවී­මට...

දෙන්න දෙපැත්තෙන් සාංචි මැද්දෙන්

මේ යන්නේ අතුරේද අනතුරේද? දෙන්න දෙපැත්තෙන් සාංචි මැද්දෙන් කිව්ව වගේ, මේ අම්මයි - තාත්තයි හයක් හතරක් නොතේරෙන කිරි සප්පයත් මැදින් තියාගෙන වාහන දුම කපාගෙන යන මේ ගමන මොන තරම් අවදානම් ද? වමෙන් බස් එකක් දකුණෙන් ටිපර් එකක්. කාන්තා දින, මව්වරුන්ගේ පියවරුන්ගේ දින, ළමා දින, අනතුරු වැළැක්වීමේ දින මොනවා තිබ්බත් මොටද? අපේ දරුවන් අරන් අපි යන්නේ මෙහෙම අනතුරුදායක ගමන් නම්? ඡායාරූපය - සුදම් ගුණසිංහ http://www.silumina.lk/2016/03/0...

Thursday, March 3, 2016

හෙට උපදින දරුවකුට අවුරුදු 140ක් ආයු විඳින වරම්!

 “වයස්ගතවීම හා ආශ්‍රිත රෝගවලින් බොහොමයක්, මැඬලීමේ හොඳම ක්‍රමය සතිපට්ඨාන භාවනාවයි. නවීන පර්යේෂණ බොහොමයකින් පැහැදිලි වන්නේ ඉතා සුළු වේලාවක්, සතිපට්ඨාන භාවනාවේ යෙදීමේත් සිත එකඟකොට ගෙන සිටීමේත් ප්‍රතිඵලක් වශයෙන්, මානව ආතතිය අඩුවන බවය. වෙනෙකක් තබා, මොළයේ අන්තර්ගත මාංශ පේශිවල දිරාපත්වීම පවා සතිපට්ඨාන භාවනා ක්‍රමය මඟින්, අඩුකරගත හැකිවේ.” -රිචඩ් ඩේවිඩ්න්, ස්නායු විශේෂඥ අද යුගයේ අපරදිග සමාජවලින් අසන්නට ලැබෙන විස්මය උපදවන පුවතක් නම්, බටහිර විද්‍යාඥයන්...

ජාතික කැරම් ශූරයා සහ ශූරිය සමඟ කතාබහක්

එක දිගට වැඩිම ශූරතා වාර්තාව මගේ චමිල් කුරේ ලෝකශූරිය වීම අනාගත බලාපොරොත්තුවයි ජෝශප් රොෂීටා මෙවර පැවැත්වුණු ජාතික කැරම් ශූරතා තරගාවලියේදී පිරිමි කේවල, පිරිමි යුගළ සහ මිශ්‍ර යුගල යන ඉවෙන්ට්ස් තුනම ජයග්‍රහණය කරල 12 වැනි වරටත් අපේ රටේ ජාතික කැරම් ශූරයා වෙන්න මට හැකිවුණා. එතැනදී පිරිමි කේවල තරග අංශයේ අවසන් තරගයේදී මගේ ප්‍රතිවාදී තරග කරුවා වුණේ ලෝක ශුරයා වන නිශාන්ත ප්‍රනාන්දු. නිශාන්ත 2 – 0 ලෙස පරාජය කරලා ශූරතාව...