V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Sunday, January 26, 2014

මහජන බැංකුවෙන් ඉසුරු උදාන අධ්‍යාපනික මෘදුකාංග කට්ටලයක්

PeopleBank2014


මහජන බැංකුව ඉසුරු උදාන ගිණුම තුළින් දූදරුවන් වෙත පළමුවරට ඉසුරු උදාන පාඩම් සෙල්ලම් නමින් අධ්‍යාපනික මෘදුකාංග කට්ටලයක් පිරිනමයි.
මෙය  ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රයට දායාද වන ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රියාකාරකම් රැසකින් සමන්විත මෘදුකාංග කට්ටලයක් වේ.

මෙම මෘදුකාංග කට්ටලය, අකුරු දූපත, ප්‍රාථමික අධ්‍යාපනික ක්‍රියාකාරකම්, අධ්‍යාපනික රූප, ප්‍රහේළිකා යන විශේෂාංග වලින් සමන්විත වේ. අකුරු දූපත මඟින් සිංහල, දෙමළ, ඉංග්‍රීසි හෝඩිය මෙන්ම එක් එක් අකුරින් ආරම්භ වන වචන ඉගෙනීමට ද ප්‍රාථමික අධ්‍යාපනික ක්‍රියාකාරකම් මඟින් ප්‍රාථමික අංශයට නිර්දේශිත ක්‍රියාකාරකම් රැසක් අත්හදා බලමින් ඉගෙනීමට ද අධ්‍යාපනික රූප ප්‍රහේළිකා  මඟින් ලොව විශ්මිත නිර්මාණ , සිරිලක ලෝක උරුමයන්, ඵෙතිහාසික ස්ථාන, විශිෂ්ට පුද්ගලයින් හා සොබාදහමේ විශ්මිත දෑ පිළිබඳ රූප ප්‍රහේළිකා ආශ්‍රයෙන් දැනගැනීමට ද අවස්ථාව හිමිවේ.

මෙම මෘදුකාංගය ඉ-ස්වාභිමානී සම්මාන උළෙලේදී දිවයිනේ හොදම පරිගණක අධ්‍යාපනික මෘදුකාංගයක් ලෙසින් සම්මානයට පාත්‍රවී තිබීම ද විශේෂත්වයකි.

මහජන බැංකුවේ පවත්නා ඉසුරු උදාන ගිණුමක හෝ අලුතින් අරඹන ඉසුරු උදාන ගිණුමක රුපියල් 2500ක් හෝ ඊට වැඩියෙන් තැන්පත් කිරීමෙන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනම අඩංගු මෙම අධ්‍යාපනික මෘදුකාංග කට්ටලය ලබාගත හැකි බව මහජන බැංකුව පවසයි.


මේ මෘදුකාංග කට්ටලය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ දේශනයක් පසුගියදා මහජන බැංකුවේ මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලයේදී පැවැත්විය. මෙහිදී  කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අධ්‍යාපනය හා ළමා නාට්‍ය භාවිතය පිළිබඳ උපදේශක ආචාර්ය චන්දන අලුත්ගේ මහතා ප්‍රධාන දේශනය පැවැත්වීය.  සිඟිති දරුවන් සඳහා අධ්‍යාපනය ලබාදීමට ඔවුන්ගේ සිතුම් පැතුම් හා චර්යාවන් පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත්වන බව ඔහු පැවසීය.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී එන්.වසන්ත කුමාර්, අලෙවිකරණ ප්‍රධානී හා මහජන කටයුතු දීපාල් අබේසේකර යන මහත්වරු ද සහභාගී වූහ.

ECB

© රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු හිමිකම් ඇවිරිණි.
රජයේ නිල පුවත් වෙබ් අඩවියේ පළ කරන පුවත් හෝ විශේෂාංග ලිපි හෝ අන්තර්ගත කරුණු එහි අන්තර්ගතය වෙනස් කිරීමකින් තොර ව භාවිත කිරීමට අවසර ඇත. අපගේ බුද්ධිමය දේපොළ අයිතියට ගරු කරමින් එම පුවත් නැවත පළකරන හෝ විකාශය කරන සියලු මාධ්‍යවල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් එම පුවත ලබාගත් බව සඳහන් කළ යුතු ය.

ළමාසිරිගේ වාක්‍ය රචනය-2 මාතෘකාව ගුරුවරයා

ගුරුවරයා කියන්නේත් මඟ කියාදෙන කෙනෙකුටය. ගුරුවරයා මඟ කියාදෙනවා විතරක් නෙමේය. ගුණවත්කමත් කියලා දෙනවාය. එහෙනම් ගුරුවරුන් ගාව ගුණවත්කමත් තියෙන්නම ඕනෑය. හැබෑට එහෙම එකක් ගුරුවරුන් ළඟ තිබෙනවාදැයි සැකයක් තිබෙන්නේය. ඉස්සර කාලේ නං තිබුණේය. ඉස්සර කාලේ ඉස්කොලේ දැනුම විතරක් ලබා දෙන නාලිකාවක් වුණේ නැත්තේය. ගුරුවරයාද දැනුම විතරක් බෙදාහරින නාලිකාවක් වුණේ නැත්තේය. එහෙනං කළේ අහවල් දෙයක්දැයි අහන එක අහනවා අහනවාමය.


මේ වාක්‍ය රචනාවෙන් ඒකට උත්තර දෙන්න ලැහැස්තිය. 
අපි කාට කාටත් උගන්නපු ගුරුවරයෙක් හරි ගුරුවරියක් හරි හිටියේය. ඒ ගුරුතුමාලා නැත්නම් ගුරුතුමීලා අපි ගොඩවල් කීයකට දැම්මෙමුද? ගොඩවල් දෙහෙකටය. එක ගොඩකට දැම්මේ හොඳ ගුරුවරුය. අනෙක් ගොඩට දැම්මේ නරක ගුරුවරුය. හොඳ ගුරුවරයකු මහපාරේදී දැක්කත් එතුමාගේ, එතුමියගේ දෙපා ළඟ වැටී වඳින පුරුද්දක් අපට තිබුණේය. නරක ගුරුවරයකු හරි නරක ගුරුතුමියක හරි පාරේදී මුණගැසුණහොත් කලින් වගේ එයැයිගෙ දෙපා මුල දණගහලා වඳිනවාද? වඳින්න හිතෙනවාද? නැහැනේ. අපි කරන්නේ දැක්කත් නොදැක්කා වගේ අහක බලාගෙන යන එකය. පෙළක් ගුරුවරුන් හොඳ වෙන්නෙත් පෙළක් ගුරුවරුන් නරක් වෙන්නෙත් හැබෑට මොකක්ද ඒ ගොල්ලන්ගේ තියන අඩුපාඩුව මම දන්නෙමිය. අඩුපාඩුව අර අපි කලින්ම කියපු ගුණවත්කම නැති එකය. එහෙමත් නැත්නම් තිබුණු ගුණවත්කම පුස්කාපු එකය.

අද සමාජය ඉස්සර වගේ නෙමෙයිනේය. හරි සංකීර්ණය. සංකීර්ණකම් මැද්දේ තිබෙන්නේ සංකීර්ණ පවුල්ය. මොනවා හෝ කරලා බඩ ගෝස්තරේ හොයාගන්න දඟලන දැඟලිල්ල සුළුපටු නොවේය. එහෙම දඟලන්නේ තරගයක් නිසාය. පවුලේ ගෘහමූලිකයා විතරක් නෙමේය. පවුලේ හැමෝම මොනවා හෝ විකුණා සල්ලි හොයා ගන්න ඕනෑය.. විකුණන්න මොකවත් නැත්නම් ශ්‍රමයහරි විකුණන්න ඕනෑය
.

ගුරුවරයාගේ පවුලත් එහෙම්මය. ගුරුවරයාට විකුණන්න තිබෙන්නේ බඩු භාණ්ඩ නෙමේය. බඩු භාණ්ඩ විකුණන්නෝ වෙළෙන්දෝය. ඉතිං අපේ මස්සිනා නං කීවේ අද ගුරුවරයෙක් වනාහී වෙළෙන්දෙක්ය කියාය. මං නං හිතන්නේ ඒ හැමෝම වෙළෙන්දෝ නොවෙන්නෝය.

අපේ අතුල මස්සිනා ලියපු කවියක් මගේ මතකයට ආවේය. ඒත් මතක්වෙන්නේ ඒකේ හොඳම පදේ විතරක්ය. මට මතක තියෙන්නේ ඒ කවියේ “ටියුෂන් සර් ඉස්කෝලෙදී ඔරවනවා“ පේළිය විතරක්ය. ඒක නම් ඇත්තම ඇත්තය. දැන් හුඟාක් ගුරුවරුන් මුදලාලිලා තමයිය. ඔවුන්ගේ ටියුෂන් කඩ හැම අස්සක් මුල්ලක් නෑරම දකින්න ලැබෙන්නේය. සමහරුන් නළුවෝ වගේ තාප්පවල පෝස්ටර්වලය. උගන්වන්නේ මොනවාදැයි කියලා ඒවායේ තියෙන්නේ පුංචියටය. හැබැයි ගුරුවරයාගේ පිංතූරය නං ඇත්තේ මහා විසාලෙටය. ඒකෙන් කියවෙන්නේ දැන් ගුරුවරුන් රේස් එකට එකතුවෙලා තියෙන්නේය කියලාය. ඒ වුණාට ඒක සල්ලිවලින් පෝෂණය වෙච්ච ගුණවත්කමක්ය. සල්ලිවලින් ගුණවත්කම පෝෂණය කරලා හරියන්නේ නැතිය.

ගුණවත්කම කියෙන්නේ සොෆ්ට්වෙයාර් එකක්ය. ඒ කියන්නේ ක්‍රමලේඛනයක්ය. ඒක වැඩ කරන්නේ ආදරය කියන හැඟීමත් එක්කය. 
ආදරය කියන්නේ කොන්දේසි විරහිත ප්‍රේමයයි කියලා කියා දුන්නේ අපේ ජයතිලක සර්ය. ඒ සර් මට කිව්වේ අපේ විෂය නිර්දේශ පොතේ එහෙම නැහැයි කියලාය.


දැන් පංති කාමරයේ ඉන්නේ සංකීර්ණ සමාජය මැදින් ඉස්කෝලෙට ආපු ළමයින්ය. ටීචර්ලා ජංගම දුරකථනය පාවිච්චි කරන්නේ හලෝ කියන්නය. ටීචර් දන්නේ එච්චරය. හැබැයි දැන් ළමයි ජංගම දුරකථනයේ තිබෙන හැම මඟුලක්ම දන්නෝය. මේ වැඩ ඉගැන්නුවේ ටීචර් නෙමේ බව ටීචර් හොඳටම දන්නේය. එහෙනම් ළමයා ඒවා ඉගෙනකියා ගත්තේ කොහෙන්ද? එළියෙන් නේදැයි කියාලා කියන්න වෙනවාය.

එළියෙන් ඇතිවෙන නැතිවෙන සෑම සියලු දේවල් ගැනම අද ළමයා දන්නේය. එක එක ප්‍රශ්න ගැටලු හැම හැම පවුලකටම තිබෙන්නේය. මොන ස්තරයේ හිටියත් ප්‍රශ්න නැත්නම් ජීවත්වෙනවා කියන්න බැරිය. ප්‍රශ්න මැද්දෙන් ළමයා ඉස්කෝලෙට එන්නේ දැනුම තියෙන්නේ කොහෙන්දැයි විමසිල්ලෙන්ය. මේ දරුවාට විෂය නිර්දේශයේ තියෙන දැනුම විතරක් මදිය. ඒ හන්දා කරන්න ඕනැන්නේ දැනුම තියන ඉසව්වලට ළමයා යොමු කරනඑකය.


හතර වටේම දැනුම තියෙන්නේය. එක තැනකට කේන්ද්‍ර‍වෙලාහෙම නැත්තේය. මේ හතරවටේ තියෙන දැනුම් සම්භාරේ වෙත ළමයා යොමු කිරීමට නං ගුරුවරුනුත් හතරවටේ තියෙන දැනුමෙන් පොහොසත් වෙන්න ඕනෑමය. එහෙම නොවුණොත් ගුරුවරයා නිකම්ම නිකම් නාම පදයක් වෙනවාමය.

එහෙනම් ගුරුවරයා කඩ සාප්පු දාගෙන හිටියා වුණත් ළමයාට සිප්කිරි පොවන්න ඕනෑ කරන්නේ සැබෑ ආදරයෙන්ය. පාරෙදී වුණත් දැකපු හැටියේ එහෙම ගුරුවරුන්ව බදා ඉඹගන්න හිතෙන්නේ එතකොටය. මට අපේ සුනිල් මහත්තයාගේ සිංදුවක පේළි හතරක් මේ වෙලාවේ මතක් වුණේය. ඒකත් කියවාගෙන මගේ වාක්‍ය රචනාව අහවර කරන්න යනවාය. ඒක මේං මෙහෙමය.


පැන මඩ කඩිති වැව් තාවුල වැහි කාලේ 
පෙන්නා නොමඟ මඟ නොවැටී යන තාලේ 
සිප් කිරි පෙවූ මූසිලයන් උඩුමාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

http://sinhala.news.lk/2011-09-14-04-31-58/2011-09-14-04-33-01/16896----2--

© රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු හිමිකම් ඇවිරිණි.
රජයේ නිල පුවත් වෙබ් අඩවියේ පළ කරන පුවත් හෝ විශේෂාංග ලිපි හෝ අන්තර්ගත කරුණු එහි අන්තර්ගතය වෙනස් කිරීමකින් තොර ව භාවිත කිරීමට අවසර ඇත. අපගේ බුද්ධිමය දේපොළ අයිතියට ගරු කරමින් එම පුවත් නැවත පළකරන හෝ විකාශය කරන සියලු මාධ්‍යවල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් එම පුවත ලබාගත් බව සඳහන් කළ යුතු ය.

Trip to the Zoo



We went on December 16
by train. We first went to Mama’s friend’s house.
Then we went to the zoo.
I first saw an otter.
I saw colourful fish in the Aquarium. Lots of big and dangerous animals like tigers, lions and bears were there. Fastest running bird the ostrich was also in the zoo. Colourful birds and  butterflies were very nice. Most interesting animals were the baboons and orangutang.
Then we had lunch at Mama’s friend’s place.  After that we played on the Mount Lavinia beach. We came back to Kandy by
5.20 p. m. by luxury train. It was a fun-filled trip.
Senumi Gamage 
(8 years)
Girls’ High School, 
Kandy

http://www.sundaytimes.lk/140126/funday-times/trip-to-the-zoo-80710.html

සෙනිතට වුණු විපත තව පුතෙකුට නොවේවා!

සෙනිතට වුණු විපත
තව පුතෙකුට නොවේවා!

මගේ මතකය අතරින් ඒ අසුභ දිනම මම කෙසේ අමතක කර හරින්නේ දැයි මට නොවැටහේ.

දිනය 2014 ජනවාරි මස 21 වන අ`ගහරුවාදාය.

සාමාන්‍ය සතියේ දිනයක දින චර්යාවේ මගේ මුල්ම රාජකාරිය වන්නේ මා පුතු පවර අන්දවාගෙන රැගෙන ගොස්‌ පාසලට හැරලවා රාජකාරී ස්‌ථානය වෙත වාර්තා කිරීමය. මහරගම සිට බොරැල්ල, මරදාන පසු කොට බ්ලුමෙන්ඩල් පාරේ දිවයින කාර්යාලයට දිනපතා යනෙන මට පුතාව ආනන්දයට හැරලවා වැඩට යැම වඩාත් පහසුය.

"තාත්තී.... අද අපේ හතරේ පන්තියේ ඔක්‌කෝම ළමයින්ට ඩි්‍රල් එකක්‌ පුරුදු කරනවා, ඒකට හරියන ඇ`දුමක්‌ අරගෙන එන්න කිව්වා, මම ඒක ගෙදර ඉදලම ඇ`දගෙන යන්නම්. එතකොට මට කෙලින්ම පිට්‌ටනියට ගිහින් යාළුවෝ එක්‌ක සෙල්ලම් කරන්නත් පුළුවන්නේ."

මම ඊට විරද්ධ නොවීමි. අපේ පුතාගේ වයසේ හතරේ පන්තියේ දරුවෝ රෑන් ගැසී පිට්‌ටනියේ සෙල්ලම් කිරීමට දක්‌වන්නේ පුදුමාකාර ආසාවකි. උනන්දුවකි.

මම පුතුව ආනන්දයේ පිටුපස ගේට්‌ටුවෙන් ඇතුළු කරන විටත් වේලාව 7.30 පසුවී තිබුණි. ඇතුලේ යම් කලබලයක්‌ තිබෙන බව නිකමටවත් ගේට්‌ටුව ළ`ග පරිසරයෙන් මට නොහැ`ගිනි. ගේට්‌ටුවෙන් ඇතුළු වූ විට දිගටම තිබුණේ ආනන්දයේ ප්‍රාථමික අංශයට යන පාරය. ඒ පාර වම් පැත්තේ විදුහලේ පිහිණුම් තටාකාංගනයයි. දකුණු පැත්තේ පිට්‌ටනියයි.

මා පුතු පාර දිගේ ගොස්‌ පිට්‌ටනිය දෙසට යනු දුටු මම ඉන් සැනසී කාර්යාලයට ගොස්‌ කාර්යාලයේ කටයුතුවලට සිත යොමු කරමින් සිටියෙමි. ඉන් මද වේලාවකට පසු ලැබුණු ආරංචියෙන් මාගේ ඉහමොළ රත්වී ගියේ ය.

"දන්නවද වැඩක්‌..... අන්න ආනන්දේ හතරේ පන්තියේ දරුවෙක්‌ පිට්‌ටනියේ සෙල්ලම් කර කර ඉද්දි ගල්රෝලකට අහුවෙලා මැරිලලු."

මම විපිලිසරව ගියෙමි. වහ වහා පන්තියේ දරුවන්ගේ දෙමාපියන්ට මා දන්නා දුරකතන අංකවලට කතා කරන්නට උත්සාහ කළෙමි. ගල්රෝලකට අහුවෙලා නම් මොනව වෙලා ඇද්ද දරුවාට? ගල්රෝලක්‌ පිට්‌ටනියට කොහෙන්ද? ඒක මේ වේලාවේ මොනවට පිට්‌ටනියට ගෙනාවාද? ඒ දරුවා කව්ද? ආදී දහසකුත් ප්‍රශ්න එකක්‌ පිට එකක්‌ මා හිත තුළට පැමිණියේ ය. ඒවායින් පීඩිතව විස්‌තර සොයද්දී ටික වේලාවකින් වී ඇති සංගදිය දැන ගැනීමට මට හැකි විය.

එය යාන්ත්‍රික ගල් රෝලක්‌ නොව අතින් ඇදාගෙන යන පිට්‌ටනියේ තණතිල්ල තැලීම ස`දහා භාවිතා කරන, චිරාත් කාලයක්‌ තිස්‌සේ එහි තිබෙන රෝලක්‌ බව මම දැනගතිමි. ඊට හසුවී මිය ගිය දරුවා සෙනිත විඡේසිංහ නම් වන බව මම දැන ගනිද්දී හිතට ඉස්‌පාසුවක්‌ නොදැනුනේ මාගේ පුතාගේ මුවින් නිතර කියවෙන නම් වැල අතර ඔහුගේ නම ද, නිතර කියවුණු බැවිනි. සස්‌විරු, සදිල, යුමෙත්, ඉසුල, සනිතු, නුදම්, දිසර, විරුල්, නෙතිල, තේසල, බානුල, විදුත් ආදී නම් අතර සෙනිතගේ නමත් නොවරදින එක්‌ නමක්‌ වූ බව මට මතකය.

සෙනිත විඡේසිංහ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකුවූ ප්‍රභාත් විඡේසිංහගේ සහ නිල්මිණී බස්‌නායකගේ එකම පුතාය. සෙනිතට තමන්ට වඩා වයසින් එක්‌ වසරක්‌ වැඩිමල් අක්‌කියෙක්‌ හා බාල නංගියෙක්‌ සිටියේ ය. පවුලේ එකම පිරිමි දරුවා වූ බැවිනුත් පුංචිකමට ඔහු පෙන්නුම් කළ සරල අවිහිංසක සුරතල් ඇවතුම් පැවතුම් රටාව නිසාත් සෙනිත ප්‍රභාත්ගේ පවුලේත් නිල්මිණීගේ පවුලේත් නොමඳ ආදර ගෞරවයටත් සුරතලයටත් ලක්‌ව ලොකු මහත්වූවා යෑයි කිවහොත් නිවැරදිය.

සෙනිත එදා උදේ පාන්දරම පාසලට ආවේ කිරි කොකෙකු මෙන් සැරසී ගෙනය. සුදු කලිසම සුදු කමිසය ඇ`ද සුදු මේස්‌ දමා කළුසපත්තු පැළ`ද සිටින ආනන්ද ළමයින් කොහොමටත් ලස්‌සනයි. අම්මලා, තාත්තලා උදේ පාන්දර මේ කිරි කොකුන් රෑන් රෑන් ගේට්‌ටුව ළ`ගට ගෙනවිත් හිස සිප ඔළුව අතගා බලා පොරොත්තු කප්පරකින් දෙනෙත් පුරෝගෙන ගේට්‌ටුවෙන් ඇතුළු කරන අන්දම බලා සිටින්නට ද, සුන්දර දසුනකි. සෙනිත එදා උදේ ද, ඒ පුංචි ගේaට්‌ටුවෙන් පාසලට ගියේ ඒ ලෙසය.

ගේට්‌ටුවෙන් ඇතුලේ ලෝකය පුංචි දරුවන්ට කොහොමටත් සුන්දරය. ඊටත් වඩා උදේ 6.30 ට පමණ පාසලට ගිය විට ....... එහි යන්න එපා, මෙහෙ එන්න එපා , ඒක කරන්න එපා, ඔතන ඉන්න එපා දුවන්න එපා, ආදී ලෙස කියමින් නීති රීති වැටකඩුළු සීමා මායිම් දමන්නට කෙනෙක්‌ ද නැත. ඔවුන්ගේ ලෝක වල ඔවුන්ට රිසි පරිදි රජ කරමින් සෙල්ලම් කරන්නට ඒ වෙලාවේ පුංචි ළමයින්ට ලැබෙන්නේ ස්‌වාභාවික වූ ආශිර්වාදයකි. නොමද නිදහසකි.

සෙනිතගේ ආශිර්වාදය හරහා නිදහස රිසි ලෙස වි`දිමින් තම යහළුවන් ගොන්නට එක්‌ වීය. අති විශාල පිට්‌ටනියේ කොනක නතර කර තිබෙන ගල්රෝල පුංචි දරුවන්ගේ සෙල්ලම් භාණ්‌ඩයන් වූයේ කාලයක සිටය. එදා උදේ ද 4 ශ්‍රේණියේ සියලුම පන්තිවල ළමුන් විද්‍යාලයීය සරඹ සංදර්ශනයක්‌ ස`දහා පුහුණු කිරීම්වලට කැ`දවා තිබුණි. ඒ අනව 4 ශ්‍රේණියේ 1, 2, 3, 4, 5, 6 වශයෙන් වූ පන්ති වල ළමුන් අතරින් පාන්දරින්ම පැමිණි ළමුන් පිරිස කළේ පිට්‌ටනියට වී පාසල පටන් ගන්නා තුරු විවිධ අන්දමේ සෙල්ලම්වල නිරත වී සිටීමය. ගල් රෝල එහෙ මෙහේ කරමින් සෙල්ලම් කළේ 4 ශ්‍රේණියේ ත්, 5 පන්තියේ ත්, 6 පන්තියේත් ළමුන් දෙපිරිසකි.

ගල් රෝල එහෙ මෙහේ තල්ලු කරමින් ඊට අසුවන සේ කුඩා පස්‌ කැට ගල් කැට මෙන්ම "බයිට්‌ පැකට්‌" තබමින් ඒවා පොඩිවෙන අයුරු බලමින් සිනා සීම ඔවුනට මහත් විනෝදයක්‌ ගෙන දුන්හ. සුපුරුදු ක්‍රීඩාවේ සැ`ගව ඇති අන්තරායකාරී බවෙහි අවදානම මේ සි`ගිත්තන් කිසිවෙකුට යාන්තමින් වත් දැනුනේ නැත. එක්‌ පසෙක 4 ශ්‍රේණියේ 5 පන්තියේ ළමයින් තිදෙනෙකු රෝල තල්ලු කළහ. අනෙක්‌ පස හැඩලය අල්ලා ගෙන අහිංසක සෙනිත රෝල ඇද්දේය. පිට්‌ටනිය අයිනේ භූමියේ ඇති ඇහැට පියවි ලෙස නොපෙනෙන බෑවුමේ වාසිය අර ළමයින් තිදෙනාවුන් පැත්තට ලැබිණි. හෙමීට හෙමීට ඉදිරියට එන ටොන් තුනහමාරක්‌ බරැති ගල් රෝල තමන්ගේ පාලනයකින් තොරව ඉදිරියට එන අයුරු සෙනිතට දැනුනත් හැඬලයෙන් අල්ලා එය නතර කිරීමට තරම් සෙනිතගේ සුදු මුදු සිනිඳු අත පයවලට ශක්‌තියක්‌ නොවීය. ඔහු හැඬලය සම`ග පස්‌සෙන් පස්‌සට ගියේ ය. පිටුපස තිබූ බිත්තිය ඔහුගේ ගමනට බාධා කළේය. සෙනිත බිත්තියටත් ගල්රෝලයේ හැඬලයටත් සිරවිය. චිරි චිරිගා සද්දයක්‌ ඇසුනි. සෙනිතගේ පපුවේ ඉළ ඇට බිදී ඉන් එකක්‌ අක්‌මාව පසාරු කර ගෙන යන්නට තරම් කුරිරු වී ඇති බව සිද්ධිය ඇසින් දුටු වෙනත් දරුවන්ට හැ`ගුණේ ද නැත.

අප්‍රාණිකව ඇද වැටුණු සෙනිතගේ සිරුර ඔසවාගෙන වගකිව යුතු අයෙකුට පෙන්වීමට තරම් කරුණු කාරණා දත් වැඩිහිටියෙක්‌ ද එහි නොවීය. හතේ පන්තියේ අයියලා වී ඇති අකර තැබ්බයේ බරපතලකම නොදැන වුවත් සෙනිතගේ සිරුර ඔසවාගෙන ගොස්‌ ප්‍රථමාධාර දී වගකිවයුත්තන් ට භාර කළහ.

නොපමාව සෙනිතගේ පුංචි සිරුර රෝහල වෙත ගෙන යෑවිණි. එහෙත් ඒ ප්‍රමාදය ද "මරුට" මේ පුංචි ළදරුවා සිය වස`ගයට ගන්නට ප්‍රමාණවත් වීය. මරු සෙනිතගේ සිරුර පමණක්‌ මේ මිහිපිට ඉතුරු කර ප්‍රාණය සිය අණසකට ගෙන අනන්ත වූ ආකාශයේ ඈතට ඈතට නොපෙනී ගියේ අප සැමගේම නෙත් කෙවෙනි අග ක`දුළු බින්දු මෝදු කරවමිනි. පපු කුහර සුසුමින් පුරවා තබමිනි.

පිට්‌ටනියේ සිදුවූ ඒ අවාසනාවන්ත සිදුවීම හතරේ හය පන්තිය භාර ගුරුතුමිය වන මල්ලිකා හෙට්‌ටිආරච්චි මාතාව දැන ගත්තේ දරුවන්ගෙනි. ඕ වහාම එම ආරංචිය ලත් සැනින් ක්‍රියාත්මක වූවාය. ඇය හතරේ හය පන්තිය බලා ගත්තේ මොහොතකවත් අස්‌වැසිල්ලක්‌ නොලබමිනි. ඇය දිවා ආහාරය පවා ගත්තේ ළමුන්ගේ වගකීම් සියල්ල ඉටුකොට තබා ඔවුන් ගෙදර යවා ලැබුණොත් ඒ විවේකයේ දී පමණි. එසේ නොමැතිහොත් ඇය දරුවන් වෙනුවෙන් වෙහෙසෙමින් නිරාහාරව සිටි අවස්‌ථා ද අපමණ බව මා කියන්නේ ඇගේ කැපවීම කොපමණදැයි හො`දින් දන්නා දෙමාපියෙකු හැටියටය.

සෙනිතගේ ආරංචියෙන් මවිතයට පත් ඕ ඒ මේ අත දුව යමින් තොරතුරු සොයා බැලුවාය. වහාම වී ඇති අනදරය සෙනිතගේ දෙමාපියන්ට සැල කරන්නට ඈ උත්සාහ කළේ කල්පනාකාරීවය.

ඈ එවෙලේ ඒ ස`දහා ඇයට සිටින විශ්වාසවන්තම මවකට කථා කළාය. මව එම පන්තියේ තවත් දරුවකුගේ මවක වන අනුරාධා වීරසූරිය යි. ගුරුතුමිය ඇයට කිවේ සෙනිතගේ පියා වන ප්‍රභාත් විඡේසිංහට කතා කොට වැඩි කලබලයක්‌ ඇති නොවන සේ පරිස්‌සමින් මේ ආරංචිය පවසන ලෙසය. අනුරාධාට ඒ පිළිබ`ද වැඩි අත්දැකීම් නොතිබුණෙන් ඇය එම කාර්ය ස`දහා සිය සැමියාගේ සහය ලබා ගත්තාය. ඔහු ආනන්ද විෙ-රත්නය. ආනන්ද ප්‍රභාත්ට කතා කළේ මහත් පරිස්‌සමිනි.

"සෙනිතට ෆිට්‌ එක හැදිලා ලේඩි රිඡ්වේ එකට අරන් ගියා. ඉක්‌මනට එහෙ යන්න."

" එයාට එහෙම ලෙඩක්‌ නෑනේ..." කියමින් මවිතයට පත් ප්‍රභාත් සිය බිරි`ද නිල්මිණීට ද ආරංචිය සැල කර වහාම රි-වේ රෝහලට යන විටත් මාරයාට රිසි පරිදි සෙනිතගේ ඉරණම විසඳී හමාර වී තිබිණි. සියල්ල සිදු වන්නට වැය වී ඇත්තේ කොතරම් සුළු කාල පරිච්ඡේදයක්‌ ද?. කොතරම් සුළු නිමේෂයක්‌ද? ඒ නිමේෂය මේ මිහිපිට සිටින, දරුවන් සිටින අම්මලාට තාත්තලාට උරුම කර දුන් වේදනාව මෙසේ වචනයෙන් ලියා නිම කළ හැකි වේද.

සෙනිත නම් මේ පුංචි කෙට්‌ටු කෙස`ග අහිංසක දරුවාගේ සිද්ධිය මහා දැවැන්ත ආනන්ද විද්‍යාලය පමණක්‌ නොව, මේ රටේ මුළුමහත් පාසල් පද්ධතියම මොහොතකට සසල කර තැබුවේය. මෙවන් කීර්තිමත් මහ විශාල තැන්වලත් එවන් සුළු විපත්, කිසිවෙකු නොසිතනා අයුරින් විය හැකිය යන ආදර්ශය ඒ මුළු මහත් පාසල් පද්ධතියම අරගත්තේ මේ පුංචි සිදුවීම නිසාය. ගල් රෝලකට හසු කර බයිට්‌ පැකට්‌ පොඩි කිරීමේ සෙල්ලම ගිය දුර කොතෙක්‌ද?

එය කොතෙක්‌ දුර ගොස්‌ ඇද්දැයි මට පසක්‌ වූයේ 21 වන දා හා 22 වන දා මේ රටේ ජනමාධ්‍ය වලින් එම සිද්ධියට ලද ප්‍රසිද්ධිය විමසා බලන විටය. ඒත් සම`ගම 21 හා 22, 23 දිනවල මාලඹේ අතුරුගිරිය පාරේ පොතුඅරාව පාරේ වූ ප්‍රභාත්ගේ මහගෙදරට සෙනිත පුංචි දරුවාගේ මුව සි`ගිත්ත දැක සොව පළ කිරීමට පැමිණි මහා ජන ගංගාව දකින විට.

ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ගුරුවරුන්, ආනන්ද ශිෂ්‍යයන් ආදී ආනන්දයින්, දරුවන්ගේ දෙමාපියන් හා ප්‍රදේශවාසීන් දස දහස්‌ සංඛ්‍යාත ජනකායක්‌ ඒ නිවසට ඒ දින දෙක තුන තුළ ඇදී ආහ. ඒ සෑම අයෙකුගේම නෙත`ගට ක`දුළු බි`දුවක දීප්තිය ගෙන දෙන්නට තරම් සෙනිතගේ මුව කමළ අලංකාරව පිපී තිබුණු බව මට මතකය.

ඒ සියල්ලටම වඩා මාගේ සිත සංවේදී කළ තවත් කරුණු තිබුණි. මට අදාළ මේ ප්‍රස්‌තුතය ඔබටද පොදු වනු ඇති නිසා මා මෙසේ එය ලියා තබන්නට කල්පනා කළෙමි.

මා පුත් කවර කිසි දිනෙක පුංචි දරුවන් මිය යන බව සෙනිතගේ සිද්ධිය වන තුරුම දැන නොසිටි බව මට දැන් පැහැදිලිය. ඒ ඔහු ඇසූ එක්‌ ප්‍රශ්නයක්‌ නිසා

" තාත්තී..... පුංචි ළමයිනුත් ලොකු සීයලා, ආච්චිලා, නැන්දලා මාමලා වගේ මැරෙනවද......?"

ඒ ප්‍රශ්නය තුළ මට ලොකු ජීවන අරුතක්‌ පසක්‌වී ගියේ ය. මා සෙනිතගේ මරණය වන තෙක්‌ම පවරව පුංචි දරුවකුගේ මළ ගෙදරකට රැගෙන ගොස්‌ තිබුණේ ද නැත. ඉතින් ඔහු පුංචි දරුවන් මැරෙනවාය කියා මීට පෙර දැන නොසිටින්නට ද ඇත.

මල් ගසක පොහොට්‌ටුවක්‌ සෑදී එය ටික ටික ලොකු වී පිපී විකසිතව දසත සුව`ද විහිදවා මැලවී පරවී පෙති හැලෙන්නේ යම් සේද...... ගසක පුංචි මලක්‌ පිපී මෝරා පුංචි ගෙඩියක්‌ වී ටික ටික ලොකු වී පැසී ඉදී පරවී බිම වැටෙන්නේ යම් සේ ද, පුංචි පවර මිනිසුන්ගේ මරණය ගැන සිතා සිටින්නට ඇත්තේ ද එලෙසය. යමක්‌ නිමවී පරිසමාප්තියට පත් වූ කල පමණක්‌ අවසානය අත්වේ යෑයි සිතන්නේ දරුවන් පමණක්‌ නොව, විටෙක අපද සිතන්නේ නොමැරෙනා මිනිසුන් ලෙස බව මට පසක්‌ විය.

එහෙත් පුංචි දරුවෝද අකාලයේ මිය යන බව සෙනිතගේ මරණය නිසා පවර දැන ගත්තේ ය.

බුලිත ප්‍රදීප් කුමාර
 


http://www.divaina.com/2014/01/26/feature01.html

සිය වසර සපුරන මාකඳුර මධ්‍ය මහා විද්‍යාලය

සිය වසර සපුරන මාකඳුර මධ්‍ය මහා විද්‍යාලය

1913 මිෂනාරි පාසලක් වශයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30 දෙනෙකුගෙන් ආරම්භ කළ මේ විදුහලේ මුල්ම ප්‍රධාන ගුරුතුමා වූයේ හෙන්ද්‍රික් ද සිල්වා සමරසිංහ මහතාය. ඉන් වසරක් ගත වන විට 1914 දී බැරගම විහා‍රයේ නායක හාමුදුරුවන් වහන්සේ නමක් විසින් මෙය බෞද්ධ පාසලක් බවට පත් කර ශ්‍රී දේවානන්ද විද්‍යාලය නමින් පවත්වාගෙන යන ලදී. ඉනික්බිති 1918 වන විට මෙම පාසල වැසී ගොස් නැවතත් 1920 දී රජයට පවරා ගෙන මාකඳුර රජයේ විද්‍යාලය නමින් පවත්වාගෙන ගොස් තිබේ. 1920 වසරේ අවසන් භාගය වන විට මෙහි විදුහල්පති වූයේ බලකාවල හාමු මහතාය යන බව විද්‍යාලීය ඓතිහාසික ලේඛන පිරික්සීමේ දී තොරතුරු හමුවිය.
ඉන් වසර 10ක් ඇවෑමෙන් බෞද්ධ පාසලක් වශයෙන් මෙහි විදුහල්පති පදවිය දැරුවේ අදටත් මාකඳුර අවට ගම්වාසී වැඩිහිටි පරම්පරාව තුළ ආදරයෙන් සිහිපත් කරන, සුදු පැහැති ටුවිඩ් රෙද්දත්, සුදු පාට කබායත් හැඳ පැලඳ ගෙන හිස පිටුපස කුඩා කොණ්ඩයක් බැඳ වේවැල නිතර අතැතිව පාසල් බිමේ සියලුම ස්ථානවල සැරිසරමින් ආදර්ශයෙන් දරුවන්ට හික්මීම, විනය කියා දුන් ගුරුදේව ජී.ඩී.එල්.සිරිවර්ධන මහතාය. අදටත් මට ද එම ගුරු පියාණන්ගේ රූපය මැවී පෙනේ. තවද එතුමාගේ සෙවණැල්ලක් මෙන් සිටි එන්.එච්.ඇල්ජින් සිරිවර්ධන ගුරුමාතාව (ලොකු ස්කෝලේ හාමිනේ) දරුවන්ගේ අධ්‍යාපනය පමණක් නොව විනය සකස් කිරීම කෙරෙහි මහත් වූ වෙහෙසක් දැරූ බව නූතන වැඩිහිටි පරම්පරාවේ බොහෝ දෙනෙක් සාක්ෂි දරති.
1957 වසරේ ශ්‍රී ලංකාවේ අගමැතිව සිටි සර් ජෝන් කොතලාවල මහතා මාකඳුර මහා විද්‍යාලයට පැමිණි අවස්ථාවේ දී විදුහලේ අඩක් සාදා තිබූ ගොඩනැඟිල්ල සම්පූර්ණ කරන ලෙස ආයාචනා කරමින් මවිසින් එදා ගායනා කරන ලද විරිඳු පන්තියේ පහත පද දෙක පමණක් අදටත් මගේ මතකයේ රැඳී පවතී.
“ලෝවා මහපාය වගෙයි වැසියන් සැදු ගොඩනැඟිල්ල
සෑහෙන මුදලක් දෙනතුරු මර හඬ දෙයි කණු සියල්ල
එදා අගමැති කොතලාවල මැතිතුමාගේ නි‍යෝගයෙන් පසුව එම පාසල් ගොඩනැඟිල්ල සාදා නිම කරන ලද අතර, එය අදටත් සිසු දරුවන්ට සෙවණ ලබාදෙයි. විද්‍යාලයට එවකට අඩුපාඩුවක්ව පැවැති උසස් පෙළ පන්ති 60 දශකයේ මුල්වකවානුව තුළ ආරම්භ වී අනතුරුව සිසු දරුවන් සමාජ මෙහෙවරට දායාද කරන්නට සමත් වූ බව ප්‍රණාම පූර්වකව මෙහි සටහන් කරමි. ඒ අනුව පළමුවන සරසවි වරම් ලැබූවන් වූයේ විමලා විදාන පතිරණ, කුසුමා විදාන පතිරණ, තිලකා විදානගම, සෝමසීලි ජයසේකර සහ අබේගුණවර්ධන යන සොයුරු සොයුරියන්ය.
1976 වසරේ දී මෙම විදුහලේ ප්‍රාථමික අංශය වෙනත් ස්ථානයකට ගෙන යනු ලැබිණ. 1998 වසරේ දී එවකට අධ්‍යාපන ඇමැති රිචඩ් පතිරණ මහතා විසින් මධ්‍ය මහා විද්‍යාලයක් බවට පරිවර්තනය කරන ලදී.
සියවස් සමරන මාකඳුර මැදි මහ විදුහල් මෑණියන්ගෙන් බිහි වූ දරුවන් අතරට වත්මන් කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන, ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන, දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති සහ හිටපු පළාත් සභා ඇමැති දිවංගත ඩැනී හිත්තැටියගේ මහත්වරු ද දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ භූ‍ගෝලවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ඩබ්.එන්.විල්සන් මහතා ද තවත් බොහෝ විදුහල්පතිවරු, ගුරු මෑණිවරු / පියවරු ආදී නොයෙක් ක්ෂේත්‍රවල ගෞරවනීයව ජීවත් වන සියලුම ආදි සිසු සිසුවියන් ද සිහිපත් කළ හැක. රජයේ සේවයේ විධායක තනතුරුවලට පාසල් මවගෙන් බිහිවූ දරුවන් අතරට දැනට විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂව සිටි ජිනදාස විදාන පතිරණ, ඩැනී ආරච්චිගේ, ජයසිරි හල්පගේ (ආහාර කොමසාරිස්), සැමී අබේවික්‍රම (කෘෂිකර්ම අධ්‍යක්ෂ), අරියෙල් ජයසේකර (සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීතය පිළිබඳ හිටපු කථිකාචාර්ය), ධීවර අමාත්‍යාංශයේ දැනට ව්‍යාපෘති කළමනාකරු වශයෙන් සේවය කරන ධර්මසිරි ප්‍රතාපසිංහ යන මහත්වරුන් මගේ මතකයට නැඟේ.
එවකට පාසලේ ආචාර්යවරයකු වශයෙන් සේවය කළ අපවත්වී වදාළ අම්බලන්ගොඩ ශෛලථලාරාමවාසී රතනානන්ද හාමුදුරුවන් වහන්සේ ගෞරවයෙන් සිහිපත් කරමි. මෙය සිය වසක් සපුරන මගේ පාසල් මෑණියන්ට මෙන්ම අද එම මවු කුස අකුරු හදාරන හෙට දවසේ සමාජයට අවතීර්ණ වීමට සිටින දරුවන්ට ආදර්ශයක් නොවන්නේද? හොඳම උදාහරණය දැනට එම ආදි සිසුන් විසින් ඇති කරගෙන තිබෙන ‘මිතුරු හවුල’ සමාජීය මෙහෙවරයි.
1986 වසරේ දී මෙම විදුහලේ “මහපොළ” පැවැත්වූ අතර අදටත් දරුවන්ට ක්‍රීඩා කිරීමට හැකි ක්‍රීඩා පිටිය ඉන් ලද පරිත්‍යාගයකි. දරුවන්ගේ කුසලතා අතර ජිම්නාස්ටික්, ශිෂ්‍ය භට සහ සංගීත අංශවලින් සමස්ත ලංකා, කොට්ඨාස සහ දිස්ත්‍රික් මට්ටමින් බොහෝ ජයග්‍රහණ ලබා ඇත.
අද දක්වා දියුණු වෙමින් ගමට මෙන්ම රටටත් වැඩදායක දරු පරපුරක් බිහි කිරීමට පුරෝගාමී වූ කැපවීමෙන් සේවය කළ විදුහල්පතිවරුන් වන හෙන්ද්‍රික් ද සිල්වා සමරසිංහ, බලකාවල හාමු, ජී.ඩී.එල්.සිරිවර්ධන, සමරනායක, වාහලතන්ත්‍රී, ඈපා, චාල්ස්, උපසේන හිත්තැටියගේ, සෙනරත් අබේවර්ධන, ගුණදාස ජයවර්ධන යන මහත්වරුන් සියවස් සමරන මෙම අවස්ථාවේ දී අදරින් සිහිපත් කරමි.
දැනට අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව මහින්දෝදය විද්‍යාගාරයක් ඉදිවෙමින් පවතින අතර, එය 2014 ජනවාරි 28 දින මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පත්කිරීමට නියමිතව ඇත.
2014 ජනවාරි 28 දින සිට පෙබරවාරි 01 දින දක්වා අධ්‍යාපන, සංස්කෘතික, ක්‍රීඩා, හමුදා සංදර්ශන සහිත ප්‍රදර්ශනයක් හා සැණකෙළියක් පැවැත්වීමට නියමිතය.
දැනට විදුහල්පති තනතුර දරමින් ඉතා වටිනා සේවයක් මහත් කැපවීමෙන් හා වෙහෙසීමේ සියවස් සමරු උලෙළේ දී නියමුවා වශයෙන් කටයුතු කරන ජී.විජේනායක මහතා ද, ආදි ශිෂ්‍ය සංගමයේ සියලුම දෙනා ද, විදුහලේ ආදර ගුරු පියවරු සහ මවුවරුන් ද දූ දරුවන් ද අදරින් සිහි කරමි.

ආර්ථික විද්‍යාවෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් ගෙනා චතුනි සහ තිළිණි

ආර්ථික විද්‍යාවෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් ගෙනා චතුනි සහ තිළිණි

ඉංග්‍රීසි භාෂාවට බිය වී පසුබට වෙන්න එපා - චතුනි උඩුවෙල

පසුගිය දෙසැම්බර් මස 26 සහ 27 දෙදින පාකිස්ථානයේ ලාහෝර් නුවර පැවැති ‘දකුණු ආසියානු ආර්ථික විද්‍යා සිසුන්ගේ සමුළුවේ'දී(10th South Asian Economic Students Meet - SAESA) ශ්‍රී ලාංකේය සිසුවියන් වන චතුනි උඩුවෙල සහ තිළිණි නවරත්න විශිෂ්ට ජයග්‍රහණයන් දෙකක් හිමි කර ගත්හ.
දකුණු ආසියාතික රටවල සිසුන්ගේ සහභාගිත්වයෙන් පුරා දස වසරක් පැවැත්වූ මෙම සමුළුවේදී, ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් හිමි වූ ප්‍රථම අවස්ථාව මෙය විය. දකුණු ආසියාවේ ‘නැඟි එන ආර්ථික විද්‍යාඥවරිය’ ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ චතුනි උඩුවෙල සම්මානනීය වූ අතර, ‘විශිෂ්ටතම පර්යේෂණ පත්‍රිකාවට හිමි සම්මානය’ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තිළිණි නවරත්න දිනා ගන්නා ලදී.
ඔවුන් දෙදෙනා හා මේ කතාබහ පෙළ ගැසෙන්නේ ඒ පිළිබඳ විමසනු පිණිසය.
මුලින්ම මම
චතුනි උඩුවෙල හමුවුණා.
* මොකක්ද මේ ‘SAESM’ සමුළුව...
දකුණු ආසියාතික රටවල විශ්ව විද්‍යාල අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආර්ථික විද්‍යාව හදාරන සිසුන් වෙනුවෙන් වසරක් පාසා පවත්වන මහා සමුළුව එයයි. එහි දස වසරක ඉතිහාසයේ ශ්‍රී ලංකාවට ජයක් අත්වූ පළමු අවස්ථාව මේ. අඩුම තරමේ මින් පෙර කිසිඳු දවසක ‘Top - 10’ තත්ත්වයටවත් ශ්‍රී ලංකාව පැමිණ තිබුණේ නැහැ.
මේ සමුළුව සඳහා ශ්‍රී ලංකාවේ විවිධ විශ්ව විද්‍යාල නියෝජනය කරන සිසුන් 10 කුගෙන් යුතු කණ්ඩායමක් සහභාගි වුණා. ඉන් හය දෙනෙක් සහභාගි වූයේ ‘පර්යේෂණ පත්‍රිකා’ අංශයෙන්. හතර දෙනෙක් තරග කළේ ‘දැනුම මිනුම’ අංශයෙන්.
මේ දෙඅංශයෙන්ම තරග වැදුණු හැමෝටම තිබූ පොදු තරගය තමයි, ‘දකුණු ආසියාවේ නැඟී එන විද්‍යාඥවරයා’ සම්මානය දිනා ගැනීම. එය තරග අවස්ථා ගණනාවකට මුහුණ දිය යුතු සංකීර්ණ තරගයක් වුණා.
* ඔබයි දැන් මේ වසර පුරාවටම ‘දකුණු ආසියාවේ නැඟී එන විද්‍යාඥවරිය...’
මටවත් හිතා ගන්න බැහැ මම එහෙම වුණා ද කියලා. ඒත් ශ්‍රී ලංකාවට - මගේ රටට ගෙනා ඒ විශිෂ්ට ජයග්‍රහණය මට කියාගන්න බැරි සතුටක්. ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය වැනි රටවල් බොහෝමයකින් මේ තරගයට සහභාගි වූයේ අවසන් වසරේ විශ්ව විද්‍යාල සිසුන්. මම තවම දෙවැනි වසරේ සිසුවියක්.
මුළු තරගයටම සිසුන් 90 දෙනෙක් සහභාගි වූ අතර, මුළු සමුළුවේම වැදගත් තරගය වූයේ ද මෙයයි. ඒ 90 දෙනා අතරින් දෙවැනි වසරේ ළාබාල සිසුවියක ලෙස මේ ජය හිමිකර ගැනීම හුඟ දෙනෙක් අගය කළා.
* කොහොම ද ඔබ මේ සංකීර්ණ තරගයට තරග වැදුණේ...
මුල්ම පියවර ලෙස ලංකාවේදී අපිට කරන්න තිබුණේ පර්යේෂණයක් ඇසුරින් රචනාවක් ලියන්න, එයින් තේරී පත්ව ගිය පසු සමුළුවේ පළමු දිනයේදී සර්ව ආර්ථිකය (Macro economics), ක්ෂුද්‍ර ආර්ථිකය (Micro economics) සහ සංවර්ධන ආර්ථිකය (development economics) කියන විෂයන් යටතේ ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සපයන්න වුණා. ඊළඟට මුහුණ දුන්නේ, රූපමය අවස්ථා ඇසුරින් තිබු තරග වටයකට.
අවසානයේ සම්මුඛ පරීක්ෂණයක්. විෂය නිර්දේශයේ විවිධ අහුමුලු වලින් සැකසු ප්‍රශ්න මාලාවක් එය. කොයි තරම් සංකීර්ණ වුණත් පියවරෙන් පියවර ඊට මුහුණ දුන්නා. මේ තාක් දුරට ඉගෙන ගත් ආර්ථික විද්‍යා පාඩම් තව තවත් හැදෑරුවා.
ඒ වගේම දකුණු ආසියාවට අදාළ වර්තමාන ආර්ථික ගැටලු පිළිබඳ හැදෑරුවා. අපි වගේ අනෙක් සෙසු කලාපීය රටවල් පිළිබඳ හැදෑරුවා. මේ වගේ විවිධ වූ අංශවලින් වෙහෙසුණා.
* ඔබ මූලිකව තරග කළ අනෙක් තරගය වූ ‘පර්යේෂණ පත්‍රිකා’ අංශයේ පර්යේෂණ පත්‍රිකාවට මාතෘකා වුණේ කුමක් ද?
සමාජ ආරක්ෂණය පිළිබඳ දේශපාලන ආර්ථිකය. (Political economy of Social Security - public sector peasion schemes)
* ඉදිරියේදී ඔබ වැඩිදුර හදාරන්නට බලාපොරොත්තු වන අංශයක් ඇති...
මම නීතියත් හදාරන නිසා, හිතේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා, ‘ජාත්‍යන්තර යුක්තිය’ (International Economic Justice) පිළිබඳ හදාරන්න.
මේ විෂයෙන් ඉගෙන ගන්නේ, සංවර්ධනය වන විට අපි කොහොම ද රටක් හැටියට සමානාත්මතාවය රැක ගන්නේ කියන කාරණය. එය පුළුල්ව හැදෑරීම මගේ ලොකුම බලාපොරොත්තුවක්. රටක් සංවර්ධනය වන විට ගිලිහී යන්නෙත් මේ සමානාත්මතාවයයි.
* මේ තරගයට ඉදිරියේදී සහභාගි වන සිසු පරපුරට ඔබ දෙන පණිවුඩය...
මට පළමුකොටම කියන්න තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවට බිය වී පසුබට වෙන්න එපා කියන එකයි. අපිට අනන්‍ය වූ ආකාරයකට ඉංග්‍රීසි බස හසුරුවමින් මේ තරගයට මුහුණ දෙන්න හැකියාව තිබෙනවා. විෂය කරුණු අතින් හොඳින් දැනුවත් වීමයි, වැදගත්ම දේ.
* ඔබ ගැනත් යමක් කියන්න...
මම කොළඹ විශාඛා විදුහලේ කලා අංශයෙන් උසස් පෙළ කළේ. අම්මගෙයි අප්පච්චිගෙයි එකම දරුවා මං. අප්පච්චි ඇඟලුම් ක්ෂේත්‍රයේ අම්මා ගෘහිණියක්.
අනික මං කොළඹ විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි විවාද කණ්ඩායම නියෝජනය කරනවා. නැටුම් හදාරනවා. ඒ විතරකුත් නෙවෙයි තව බාහිර වැඩ හුඟක් කරනවා. ආසාවෙන් කරන අනෙක් දේ තමයි, ස්වාධීන රූපවාහිනියේ ඉංග්‍රීසි ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කිරීම.
පුළුවන් වුණොත් ලබන වසරේ භූතානයේ පැවැත්වෙන SAESM හිදිත් ලංකාවට විශිෂ්ට ජයක් රැගෙන ඒමයි, මගේ අපේක්ෂාව.
ඊිළගට හමුවූ තිළිණි නවරත්න
තිළිණි නවරත්න
චතුනි උඩුවෙල
* ඔබ ශ්‍රී ලංකාවට කීර්තිය රැගෙන ආවේ තවත් අංශයකින්...
ඔව්. ඒ පර්යේෂණ පත්‍රිකා අංශයෙන්. ශ්‍රී ලංකාවෙන් මේ සඳහා තේමා හයක් යටතේ සිසුන් හය දෙනෙක් සහභාගි වුණා. ඔවුන් මුළු ආසියාතික තරගකරුවන්ට දී තිබු පොදු තේමාව වූයේ, ‘ජාතික බලශක්තිය සහ ස්වාභාවික සම්පත් අරභයා දේශපාලනමය ආර්ථිකය’ (Political Economy of Energy and natural resourse USE) යන්නයි.
මේ ලැබුණු පුළුල් මාතෘකාව යටතේ මා තෝරා ගත් විශේෂිත තේමාව වුණේ, ග්‍රාමීය අංශ යටතේ බලශක්ති ව්‍යාප්තියේ උන්නතියට දේශපාලන ආර්ථිකයේ බලපෑම යන අදහසයි.
* ඇයි ඔබ එවැනි අංශයක් තෝරා ගන්නට සිතුවේ...
මා සොයා බැලු ආකාරයට දේශපාලනමය ආර්ථික පද්ධතිය හෝ ග්‍රාමීය බලශක්තිය ඈඳුණු පර්යේෂණයක් මින් පෙර කිසිවකු කර තිබුණේ නැහැ.
සාර්ක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව ග්‍රාමීය බලශක්තිය අතින් ඉතා උසස් තැනෙක සිටිනවා. බලශක්තිය වැනි රටක අත්‍යවශ්‍ය සාධකයක් කෙරෙහි විශේෂයෙන් ග්‍රාමීය මට්ටමේදී දේශපාලනමය ආර්ථිකය ක්‍රියා කරන්නේ කෙසේදැයි මගේ පර්යේෂණ පත්‍රිකාවෙන් විශ්ලේෂණය කළා. ඒ අනුවයි, ‘Political Economy of access to energy by the rural Sector in Sri Lanka යන පර්යේෂණය මා ඉදිරිපත් කළේ.
* කුමක් ද ඔබ ඉන් බලාපොරොත්තු වූයේ...
වෙන කිසිඳු සාර්ක් රටක නැති මට්ටමට අපේ රටේ ග්‍රාමීය බලශක්තිය සාර්ථකයි. එය දේශපාලනමය ආර්ථික රටාවේ හොඳ පැත්තක් පෙන්නුම් කරන සාධකයක්. දේශපාලනමය ආර්ථික තුළ නිතර කතා කරන, මහින්ද චින්තනය, බලශක්ති කේන්ද්‍රස්ථාන, ජාතික බලශක්ති ප්‍රතිපත්ති, ග්‍රාමීය බලශක්ති ව්‍යාපෘති වැනි පහළට ගලා යන ඔය පද්ධතියේ සාර්ථක පැත්ත මා විශ්ලේෂණය කළා. එය හරියටම සාර්ථක වුවහොත් මුළු රටේම බලශක්ති අවශ්‍යතාව නුදුරේදීම සම්පූර්ණ වෙනවා.
* ඔබේ පර්යේෂණ පත්‍රිකාවෙන් රටට ඇති ප්‍රයෝජනය සහ අදාළත්වය කුමක් ද...
මා දන්නා තරමට මෙවැනි මාතෘකාවක් මින් පෙර අපේ රටේ පර්යේෂණයකට හෝ විශ්ලේෂණයකට ලක්වී නැති නිසා පර්යේෂණ හදාරන සිසුන්ට කියවා දැනුම ලබා ගන්නට පුළුවන් තේමාවක්. අනික මෙය ඉතාම මූලික මට්ටමේ තිබෙන පර්යේෂණයක් නිසා මෙය පශ්චාත් උපාධිය දක්වා සංවර්ධනය කිරීමට හැකි මාතෘකාවක්. විෂය පථයක්.
වැඩිපුර කතාබහට ලක්වන හෝ ලියැවී නැති අංශයක් නිසා එය බොහෝ ඉසව් කරා ගෙන යා හැකි තේමාවක්. ඒ වගේම වැඩි අවධානයක් යොමු නොවන ග්‍රාමීය අංශයට ඉන් සාධනීය බලපෑමක් ඇති කළ හැකියි.
* කොහොම ද ඔබ මෙයට සූදානම් වුණේ...
ඇත්තටම අපිට තිබුණේ මාස හතරක කාල සීමාවක්. ඒ මාස හතර පුරා යම් මට්ටමට ගොස් දත්ත සොයන්න වුණා. ඒ ජනතාව සමඟ කතාබහ කළා. අදාළ දේශපාලනමය ආර්ථික පද්ධතිය තුළ බොහෝ අය මුණ ගැසුණා.
රටවල් හතකින් තරගකරුවන් නව දෙනකුගේ පර්යේෂණ පත්‍රිකා අතුරිනුයි මා ජයග්‍රහණය කළේ.
මාසෙකට කලින් මේ පර්යේෂණ පත්‍රිකා පාකිස්ථානයට යවන්න වුණා. එහේ විනිශ්චය මණ්ඩලයේ මහාචාර්යවරු ඒවා බැලු පසු 66% ක් ලකුණු දී තිබුණා. ඉතිරි ලකුණු ලැබුණේ සමුළුව දවසේ පැවැත්වීමට නියමිත වූ විනාඩි 15 ක ඉදිරිපත් කිරිම වෙනුවෙන්. ඉන් පසු විනිශ්චය මණ්ඩලයේ තවත් ප්‍රශ්න මාලාවකට පිළිතුරු දෙන්න වුණා. අනෙක් සෑම රටකින්ම පැමිණි ජ්‍යෙෂ්ඨ උපාධි අපේක්ෂකයන් අතරේ තුන්වැනි වසරේ සිසුවියක් ලෙස මෙය මට විශාල අභියෝගයක් සහ අලුත් අත්දැකීමක් වුණා.
අනික ඒ රටේ පර්යේෂණ සංස්කෘතිය බොහොම දියුණුයි. අපි හුඟක් දේ ඉගෙන ගත්තා.
* ඔබ ගැනත් යමක් කියන්න...
මම මියුසියස් විදුහලේ වාණිජ විෂයෙන් උසස් පෙළ කළේ. මගේ පවුලේ අම්මයි තාත්තයි අක්කලා දෙන්නයි. ඒ හතර දෙනා මට විශාල සහයෝගයක් දුන්නා.
මං, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ තුන්වැනි වසරේ සිසුවියක්. මගේ දෙපාර්තමේන්තුවේ ආචාර්යවරු වගේම දේශකවරු වගේම කොළඹ විශ්ව විද්‍යාලයේ ඉන්ද්‍රජිත් අපෝන්සු සහ ජ'පුර සරසවියේ ආචාර්ය වාසනා හඳපාන්ගොඩ මට හුඟක් උදව් කළා.

Thursday, January 9, 2014

අයි. ටී. උපාධිය සමත් ලෝකයේ පුංචිම දරුවා

අයි. ටී. උපාධිය සමත් ලෝකයේ පුංචිම දරුවා

මහනුවර වශින්‍යා

'මගේ බලාපොරොත්තුව ස්නායු වෛද්‍යවරියක් වෙන්නයි'

අවුරුදු තුනේදී ඊමේල් ලිපිනයක් ගත්තා
අවුරුදු නමයේදී වෙබ් අඩවියක් හැදුවා
බහ තෝරන වයසේ පටන් ම ගැහැනු දරුවන් සාමාන්‍යයෙන් පෙම් බඳින්නේ බෝනික්කන්ට ය. තොර තෝංචියක් නොමැතිව දරුවෙකු අඬන විට ඕනෑම මවක් ඔවුන් නළවා‍ ගන්නේ විසිතුරු භාණ්ඩටයක් අතට දීමෙනි. එහෙත් කුඩා කාලයේ සිටම අනෙක් දරුවන් මෙන් සෙල්ලම් බඩුවලට පෙම් නොබැඳ පරිගණකයට ඇලුම් කළ පුංචි වශින්‍යා අද ඒ මඟ ඔස්සේ ගමන් ගෙන ලොවම ජය ගෙන ඇත්තේ උපන් මවු බිමට අතිමහත් කීර්තියක් ද අත් කර දෙමිනි.
ප්‍රේමානන්ද් නඩරාජ් හා ලක්ෂි ප්‍රේමානන්ද ශක්තිවේල් දෙපළගේ එකම දරුවා වන වශින්‍යා ප්‍රේමානන්ද තවමත් පසුවන්නේ එකොළොස් වැනි වියේ ය.
කොළඹ ජාත්‍යන්තර පාසලේ 9 වන වසරේ අධ්‍යාපනය ලබන ඇය මෙලොව එළිය දුටුවේ 2002 මැයි මස 13 දිනයට වයස අවුරුදු 11 කඩඉම පසුකර මාස 07 ක් ගතව තිබියදී ඇය තොරතුරු තාක්ෂණය පිළිබඳ බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ සහතික ලත් උපාධිය (BCS IT DEGREE) සමත් වී ඇත.
එවැනි දස්කමක් මෙවැනි වයසකදී කළ මෙරට පමණක් නොව ලොවම ප්‍රථමයා ද ඇයයි.
එම උපාධිය ලැබීම පිළිබදව ලිපිය පසුගිය සෙනසුරාදා ඇයට ලැබී ඇත‍. උපාධිය පිරිනැමීම ලබන වසර මුලදී එංගලන්තයේදී සිදුකෙරේ.
අධ්‍යාපනයේ බැරෑරුම් කඩඉම් පසු කරන්නට වයස සාධකයක් නොවන බවට කදිම සාක්ෂිය ඇය යි. යම්තම් වයස අවුරුදු 03 පසු කරද්දී පුංචි වශින්‍යා තනිවම විද්‍යුත් ලිපිනයක් (E mail Adrees) නිර්මාණය කළා ය.
යම්තම් වයස අවුරුදු 08 සපිරෙද්දී ඇය වසර 2010 දී අ.පො.ස. සා. පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂයට පෙනී සිට අතිවිශිෂ්ට සාමාර්ථයක් ලබා ගනිමින් එය සමත් වූවා ය.
ඊ කොමර්ස් හා වෙබ් ඉංජිනේරු ඩිප්ලෝමාධාරිනියක ද වන ඇය අන්තර්ජාතික පරිගණක බලපත්‍රය (International Computor Driving Licence) ලබාගෙන ඇත්තේ වයස අවුරුදු නවයේදී ය. වයස අවුරුදු 05 දී වශින්‍යා තනිව වෙබ් අඩවියක් නිර්මාණය කැරමින් අඩු ම වයසින් එවැනි දස්කමක් කළ මෙරට ප්‍රථමයා බවට පත්විය.
ඇය ලොවෙන් දෙවැනි වූයේ ඉන්දියාවේ උපන් වයස අවුරුදු 08 ක දරුවකුටය.
එම කාල සීමාව තුළම මහනුවර නගරයේ පරිගණක උසස් අධ්‍යාපන ආයතනවලත් තොරතුරු තාක්ෂණය පිළිබඳ බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ උපාධිය සඳහා අයදුම් කළා ය. වසර 2 1/2 ක් ඇතුළත එම උපාධිය සමත්වීමට ඇය සමත්වූයේ වයස අවුරුදු 11 කදී එම කඩඉම ජයගත් ලොව ප්‍රථමයා බවට ‍පත්වෙමිනි.
වශින්‍යා පොඩි කාලේ ඉඳලම සුවිශේෂී ගති ගුණ ඇති දරුවෙක්. අපි හින්දු භක්තිකයින් වුණත් ඇය මාස අටේදී ගැටඹේ විහාරස්ථානය අසලින් යද්දී අත්දෙක එකතු කරලා වඳිනවා.
පන්සලට කිට්ටු වෙන කොට එකතු ‍කරන අත්දෙක ආපසු ගන්නේ පන්සල පහුවුණාට පස්සෙයි. ගණ දෙවියෝ තමයි අපි අදහන්නේ. දුව පුල්ලයාර් කෝවිලට යන කොටත් පුංචි කාලෙදිම වඳින්න ගත්තා. ඒකට ඇත්තටම පුදුම දෙයක්. වශින්‍යාගේ මව වන ලක්ෂි පවසයි.
ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත යන කියමන පුංචි වශින්‍යාගේ ක්‍රියාකාරකම් හමුවේ නම් බිඳ වැටී යයි.
ඒ ඇය පරිගණක අංශයෙන් ලබාගත් ජයග්‍රහණ හා සමඟම ගායනය, පියානෝ හා ඕගන් වාදනය සඳහා ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබාගනිමින් රන් පදක්කම් දිනා ඇති බැවිනි. ඉංග්‍රීසි, සිංහල, ප්‍රංශ, ජර්මන් හා දෙමළ යන භාෂා පහ කියවන්නට හා ලියන්නට ද ඇය සමත් ය. එපමණක් නොව ඇය කොළඹ මහාධිකරණයේ සංඥා භාෂා පරිවර්තක ලෙස කටයුතු කළ තම ලොකු අම්මා ගෙන් සංඥා භාෂාව ද උගෙනෙමින් සිටින්නී ය.
කුරුණෑගල යුනික් ජාත්‍යන්තර පාසලට දුවව ඇතුළත් කළේ වයස අවුරුදු 03 දීයි. පෙර පාසලේ අවුරුදු 02 ක් තුළ ඉගෙන ගෙන අවසන් කළ යුතු දේවල් ඇය වසරකින් නිම කළා‍.
වයස අවුරුදු 05 දී කොළඹ ජාත්‍යන්තර පාසලේ මහනුවර ශාඛාවට ඇය ඇතුළු කළා‍. පළමු වසරේදී දැක්වූ දක්ෂතා නිසා ඇයට ද්විත්ව උසස්වීමක් හම්බවෙලා කෙළින් ම තුනේ පන්තියට පාස් ක‍ළා. හතරේ පන්තියේ දීත් ද්විත්ව උසස්වීමක් ලැබිලා හයේ පන්තියට ගියා.
වයස අනුව ඇය මේ වනවිට හය වන ශ්‍රේණියට අධ්‍යාපනය ලැබිය යුතු වුවත් ඇය සතු සුවිශේෂි දක්ෂතා නිසා ම මේ වනවිට 9 වන ‍වසර පන්තියේ අධ්‍යාපනය ලබන බව මව පවසයි.
මම පරිගණක උපදේශිකාවක් නිසා පුංචි කාලේ සිටම දුවට පරිගණකය හුරුයි. පොඩි දරුවන්ට සෙල්ලම් බඩුවක් දෙනකොට එයින් යම් අධ්‍යාපනයක් ලබන්නත් පුළුවන් ඒවා තෝරා ගැනීම වැදගත්.
විශේෂයෙන් දරුවන්ගේ ක්‍රියාකාරකම් වර්ධනය වන සෙල්ලම් බඩු (Toys) තිබෙනවා. මම දුවට දුන්නේ භාෂා ඥානය වර්ධනය වන, වර්ණාවලිය හඳුනා ගැනීමට පෙළඹවීම් ඇති කරන, ක්‍රියාකාරකම් කළ හැකි සෙල්ලම් බඩුයි.
වශින්‍යාගේ සුවිශේෂි දක්ෂතා නිසා ම ඇයට මහනුවර BCAS උසස් අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක ජේ.එම්. නිවාස් මහතා පරිගණක කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence and robotics) පාඨමාලාව හැදෑරීමට පහසුකම් සලසා ඇත. ඒ යටතේ ඇය මේ වනවිට රිමෝකි නමින් කෘත්‍රිම බුද්ධියක්ඇති රොබෝවක් නිර්මාණය කැරමින් සිටී.
මම කාටුන් බලනවා. ක්‍රීඩා කරනවා. සෙල්ලම් කරනවා. පාසලේ වැඩ එදාම කරනවා. වශින්‍යා පවසයි. පරිගණක අංශයෙන් සුවිශේෂි දස්කම් දැක්වීම වෙනුවෙන් ඇයට මැද රට අභිමානී සම්මානය ද පසුගිය වසරේදී හිමිවිය.
මට ඕන මේ පුංචි රට ලෝකයට ගෙන යන්නයි.
අලෝකයේ අවධානය රටට දිනා දෙන්නයි පරිගණක අංශයෙන් ඉදිරියට යන අතරතුර ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු ලෙස රටට ‍සේවයක් කිරීම මගේ අරමුණයි. පුංචි වශින්‍යා පවසයි.


වෘත්තිකයන්ට-අධ්‍යාපනඥයන්ට-සිසුන්ට සෙත සලසන ජාතික අධ්‍යාපන ආයතනය

වෘත්තිකයන්ට-අධ්‍යාපනඥයන්ට-සිසුන්ට සෙත සලසන ජාතික අධ්‍යාපන ආයතනය


ස්පාඤ්ඤයේ විශාලතම රාජ්‍ය පර්යේෂණ අංශයට අයත් පර්යේෂණ කණ්ඩායමක් මඟින් ලෝක විශ්ව විද්‍යාල පිළිබඳ කරන ලද තත්ත්ව සමීක්ෂණය අනුව, එනම් “Webometrics Ranking of World Universities” පිළිබඳ තොරතුරු හෙළි කරන අන්දමට, ලංකාවේ විශ්ව විද්‍යාල අතර ඉහළම ස්ථානය මොරටුව විශ්ව විද්‍යාලයට හිමි වේ. එම තත්ත්වයන්ට අනුව ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අතර අට වන ස්ථානය ජාතික අධ්‍යාපන ආයතනයට හිමි වීම ප්‍රශංසාත්මකය.
අනුපිළිවෙළින් විවෘත විශ්ව විද්‍යාලය, සබරගමුව විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), නැගෙනහිර විශ්ව විද්‍යාලය හා රජරට යන විශ්ව විද්‍යාල ආදිය අබිබවා ජාතික අධ්‍යාපන ආයතනය ඉදිරියෙන් සිටින බවwww.webometrics.info යන වෙබ් අඩවිය දක්වා ඇත.
ජාතික අධ්‍යාපන ආයතනය දැනට පිහිටා ඇති අංක 21, හයිලෙවල් පාර, මහරගම යන ස්ථානයට ගෙන ආවේ පසුකාලීනව ය. එහි සෞන්දර්ය අංශය පාදුක්කට නුදුරු ව මීපේ පිහිටුවන ලදි. ඒ වන විට අධ්‍යාපන ආයතනයක් ලෙස භාවිතයට ප්‍රමාණවත් ගොඩනැඟිලි නොවීම ගැටලුකාරී තත්ත්වයක් විය.
එම දැවෙන ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් වර්තමානයේ මහරගම පිහිටුවා ඇති ජාතික අධ්‍යාපන ආයතනය, ජපාන රජයේ ආධාර සහිත ව ගොඩනැඟුණු අතර ජපාන “කුමී” ගෘහ නිර්මාණ ශිල්පයට අනුව සකස් කෙරුණි.
ජාතික අධ්‍යාපන ආයතනය බහුවිධ වූත්, ගතික වූත් සමාජයක, ගුණාත්මක අධ්‍යාපනයකට නායකත්වය සපයන විශිෂ්ටත්වයේ මූලස්ථානය බවට පත් වීම ‘පිළිබඳ දැක්ම’ සහිත ව ක්‍රියා කරයි. සියල්ලන්ට ම ගුණාත්මක අධ්‍යාපනයක් සපයා දීමේ මෙහෙවරට ජාතික අධ්‍යාපන ආයතනය උර දී කැප වී ක්‍රියා කරයි. එම මෙහෙවර බල ගැන්වීම සඳහා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සංවර්ධනය කිරීම සඳහා වැඩසටහන් සහ අදාළ කටයුතු පිළිබඳ ව අමාත්‍යවරයාට උපදෙස් දීමේ සුවිශේෂ වරප්‍රසාදය ද ජාතික අධ්‍යාපන ආයතනය සතුය.
අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් කරගෙන යාම සහ රජයට හා වෙනත් අනුමත සංවිධානවලට අධ්‍යාපනය පිළිබඳ විශේෂඥ සේවා ලබා දීමට ජාතික අධ්‍යාපන ආයතනය ක්‍රියා කළ යුතු ව ඇත. ඒ අනුව සමාන අරමුණු ඇති වෙනත් ආයතන සමඟ සම්බන්ධීකරණය වීම සිදු වේ.
එයට අතිරේක ව අධ්‍යාපනික කාර්යය සඳහා කාර්මික ඥානය අනුවර්තනය කිරීම ද ඇතුළු ව අධ්‍යාපන පද්ධතියේ නවීකරණ ක්‍රියාවලිය ආරම්භ කිරීම හා ප්‍රවර්ධනය සඳහා ද ජාතික අධ්‍යාපන ආයතනය ක්‍රියා කරයි. එය අධ්‍යාපන පද්ධතියේ කාර්ය සාධනය, අරමුණ, ව්‍යුහ, විෂය ප්‍රමාණය සහ විධි ක්‍රම පිළිබඳ සහ අධ්‍යාපනයේ සමාජමය, ආර්ථික සහ වෙනත් අංශ පිළිබඳ කටයුතු ප්‍රවර්ධනය කරන්නකි. වි
විධ විශේෂිත වූ අධ්‍යාපන විෂයන්හි ලා පශ්චාත් උපාධි අධ්‍යයන පහසුකම් හා ප්‍රවර්ධනය ඇතුළු ව විවිධ කාර්යයන් රැසක් ඉටු කිරීමට අවශ්‍ය අධ්‍යාපන කළමනාකරුවන්ගේ මෙන් ම ගුරුවරුන්, විදුහල්පතිවරුන්, ගුරු අධ්‍යාපනඥයන්ගේ ධාරිතා සංවර්ධනය, පාසල් විෂය මාලා සැලසුම් කිරීම, පර්යේෂණ මෙහෙයවීම පිළිබඳ ප්‍රතිපත්තින් හා සේවා සැපයීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනය ක්‍රියා කරයි.
විෂය මාලා සංවර්ධනය කිරීමේ දී ජාතික අධ්‍යාපන ආයතනය මේ වන විට ලෝකයේ අනිකුත් දියුණු රටවල් හා සමානව ම වැඩි දියුණු වන අධ්‍යාපන රටාවට ගැළපෙන පරිදි ස්වාධීන ව තමාට ම අධ්‍යයන කටයුතු කර ගෙන යාමට පහසුකම් සලසන පන්ති රහිත, ගුරුවරයකු නොමැති ව වුවද දෙනු ලබන උපදෙස් අනුගමනය කරමින් ඉගෙනීමේ කටයුතු පියවරෙන් පියවර කරගෙන යාම සඳහා අවශ්‍ය LMS ක්‍රමය භාවිත කරමින්(Learning Management System) අන්තර්ජාලය ඔස්සේ පාඩම් විසිරුවා හැරීමට අවශ්‍ය පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ දරු දැරියන් අතර පරිගණක භාවිතය ජනප්‍රිය කරවීම සඳහා අවශ්‍ය සිංහල පරිගණක සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමේ කටයුතු නව ලෝක තාක්ෂණයට ගැළපෙන පරිදි ලබා දීම පිණිස අදාළ පියවර ද, විෂයමාලා සංවර්ධනය හා මව් භාෂාවෙන්, තොරතුරු තාක්ෂණික විෂය දැනුම ලබා දීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරීය. එහි ප්‍රතිඵලයක් ලෙස 1994 දී පරිගණක සම්පත් මධ්‍යස්ථාන පිහිටුවීම පිළිබඳ වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශය හා එක් ව ක්‍රියාත්මක කළේය.
මෙමඟින් සම්පත් මධ්‍යස්ථාන සියයක් දක්වා වැඩිදියුණු කළ අතර ලංකාවේ දූ දරුවන්ගේ පරිගණක සාක්ෂරතාව දියුණු වීමට මේවා අතිශයින් ම බලපෑ බව සඳහන් කිරීමට පුළුවන. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අවසාන කළ සිසුන් ප්‍රතිඵල ලැබෙන තෙක් ඔවුන්ගේ කාලය ප්‍රයෝජනවත් පරිදි යොමු කර වීමට මෙම පරිගණක සම්පත් මධ්‍යස්ථාන ඉවහල් වූ බව ජාතික අධ්‍යාපන ආයතනය සිහි කරන්නේ සාඩම්බරයෙනි. මේ වන විට විෂයානුබද්ධ ව මාධ්‍ය තුනෙන් ම එනම්, සිංහල දෙමළ හා ඉංග්‍රීසි වලින් අධ්‍යාපන මෘදුකාංග සාදා පාසල් පද්ධතියට (Educational Software) නිකුත් කර ඇත.
ගුරුවරයාගේ කාර්යභාරය සංවර්ධනයත්, විෂයමාලා නවීකරණය හා සතුටුදායක වර්ධනයත් සඳහා නව උපක්‍රම මෙම ගුරු අධ්‍යාපන ඒකකය මඟින් හඳුන්වා දී ඇත. එසේ ම මූලික වශයෙන් පාඨමාලා හයක් මෙම ඒකකය යටතේ ක්‍රියාත්මක වේ.
අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ජාතික අධ්‍යාපන ආයතනය ලැබු කීර්තිමත් ප්‍රගතිය හා පුළුල් අනන්‍යතාවයත්, පිළිගැනීමත් අද වන විට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මඟින් ද ඇගැයීමට ලක් කරමින් ජාතික අධ්‍යාපන ආයතනයෙන් නිකුත් කරනු ලබන අධ්‍යාපන ශාස්ත්‍රවේදී (B.Ed.) අධ්‍යාපන ශාස්ත්‍රපති උපාධිය (M.Ed.) ඇතුළු උපාධි පාඨමාලා සඳහා නිකුත් කරනු ලබන සහතිකය අනෙකුත් විශ්ව විද්‍යාල මඟින් ප්‍රදානය කරනු ලබන උපාධි සහතිකය හා සමාන ව පිළිගැනීමට තීරණය කර ඇත. එමෙන්ම ජනතාවගේ වටිනාකම් සහ කුසලතා වැඩි දියුණු කිරීම සඳහා වැඩසටහන්, දේශන, සහතික පත්‍ර, ඩිප්ලෝමා සහ උපාධි පාඨමාලා ජාතික අධ්‍යාපන ආයතනය මඟින් වැඩි දියුණු කර ඇත.
ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය උපක්‍රම භාවිතයෙන් පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය තහවුරු කිරීමට මේ වන විට පාසල් මට්ටමින් අධ්‍යයන පහසුකම් ලෙස ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ ලබා දී ඇත. එය ඉගැනුම්, ඉගැන්වීම් ක්‍රියාවලිය පාසල්වල ශක්තිමත් කිරීමට ඉවහල් වේ.
අධ්‍යාපන ප්‍රශ්න පිළිබඳ විමර්ශන කෙරෙන වැඩසටහන් ද රූපවාහිනී හා ගුවන්විදුලි මාධ්‍ය ආශ්‍රිත ව සංවිධානය කර ඇත. ජාතික අධ්‍යාපන ආයතනය කාර්මික සහ තාක්ෂණික උපාංග වලින් ද නවීන හා දෘශ්‍ය පටිගත කිරීමේ පහසුකම්වලින් ද මැදිරි වලින් ද, ශ්‍රව්‍ය හා දෘශ්‍ය පුස්තකාල සහ සංස්කරණ පහසුකම්වලින් ද සමන්විත වේ. එය ශ්‍රී ලංකා රූපවාහිනි හා ගුවන්විදුලි ආයතනය සතු සම්පත්වලට නොදෙවෙනි වේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ මූල්‍ය සහ‍යෝගීතාවෙන් ප්‍රාථමික අධ්‍යාපනය සම්බන්ධ පුහුණුකරුවන්ගේ ධාරිතා සංවර්ධන වැඩපිළිවෙළක් මෑත දී ක්‍රියාත්මක කළේ ය.
මෙම ආයතනයෙන් ක්‍රියාත්මක වන පාඨමාලා පිළිබඳ විස්තර 0117601601 හෝ 0717601890 මඟින් දැනගත හැකිය.
එමඟින් ප්‍රාථමික අධ්‍යාපනය මෙන් ම ප්‍රාථමික අධ්‍යාපනයේ නියුතු ගුරුවරුන්ට තම වෘත්තිය තත්ත්වය වැඩි දියුණු කිරීමට කටයුතු සැලසුම් කෙරිණ.
මේ සඳහා රුපියල් මිලියන 900 ක මුදලක් ප්‍රතිපාදන වශයෙන් රජයෙන් වෙන් කෙරුණු අතර, මෙම වැඩසටහනට සමගාමී ව ප්‍රාථමික අධ්‍යාපනයේ ධාරිතා සංවර්ධනය සඳහා DVD 500 සකස් කර ජාතික අධ්‍යාපන ආයතනයේ විද්‍යුත් ප්‍රචාරණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සිංහල හා දෙමළ මාධ්‍ය වලින් කලාපීය වශයෙන් බෙදා හැරීමට ක්‍රියා කරයි.
ජාතික අධ්‍යාපන ආයතනයේ පුස්තකාලය අධ්‍යාපනඥයන්ට හා වෘත්තිකයන්ට අවශ්‍ය ශක්තිය ලබා දෙයි. දක්ෂ මානව සම්පත් දායකයන් ලෙස ක්‍රියා කිරීමට හා ජාතික අධ්‍යාපන ආයතනය ලේඛකයන්ට සිය පොත් ප්‍රකාශනය සඳහා ද පහසුකම් සලසන අතර 1988 දී ප්‍රථම වරට ප්‍රකාශන කටයුතු ක්‍රියාත්මක කළේය. මෙරට අධ්‍යාපනයේ ඓතිහාසික තොරතුරු අඩංගු කෞතුකාගාරය ද අධ්‍යාපන ආයතනයේ ප්‍රෞඪත්වය ප්‍රකාශ කරයි.
එසේ ම නේවාසිකාගාර පහසුකම්, ප්‍රේක්ෂකාගාර, දේශන ශාලා, ආපන ශාලා, බැංකුව, තැපැල් කාර්යාලය, පොත් සාප්පුව, පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය, විද්‍යාගාර හා මුද්‍රණාලය ආයතනය සතු සම්පත් වේ. මෙයට අමතර ව සපයා ඇති වෛද්‍ය පහසුකම්, ගමනාගමන පහසුකම්, ආරක්ෂක හා පිරිසිදු කිරීමේ සේවාවන් ජාතික අධ්‍යාපන ආයතනයේ පැවැත්ම පිළිබිඹු කරන බව පැහැදිලි ය. මේ සියලු පහසුකම් අධ්‍යාපනයට කැපවී ක්‍රියා කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයට පිටිවහල් වේ. සංවර්ධනය හා නායකත්වය බල ගැන්වීමට හා ගෝලීය අභියෝගයන් අබිබවා යෑමට උපකාරී වී ඇත.

පැන්සල් හදන්නෙ කොහොමද ..:: සිප්සල ::..

ඉතින් යාලුවනේ කාලෙකට පස්සෙ ඔයාලව ෆැක්ටරියක සංචාරෙකට එක්කන් යන්න උනේ නැති නිසා.අද  සිප්සල ෆැක්ටරි සංචාරෙන් ඔයාලව, පැන්සල් හදන ෆැක්ටරියකට එක්කන් යන්න හදන්නෙ.ඔයාල කවුරුත් දන්න පැන්සල අපගෙ පොත්වල ලියන්න කලියෙන් කොහොමද නිර්මාණය වෙන්නෙ කියල බලමු.