“අප දෙදෙන මැද මහ මුහුද” කාව්‍ය සංග්‍රහය පිළිබඳ සාහිත්‍ය කතිකාවතක් මෙ මස 12 දා ප.ව. 3.00 ට බොරැල්ල කොටා පාරේ ඇන්.ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. ආචාර්ය ආරියවංශ රණවීර, ආචාර්ය සුනිල් සෙනෙවි, නන්දන වීරසිංහ සහ සිසිර කුමාර මහගම යන සාහිත්‍යවේදීහු එහි දී අදහස් දක්වති.
“ඉඳිකඩ ළඟ ඉඳන්
මඟ බලාන
පැලක් නැති හේනක
අකල් වැසි වැටෙද්දී
තුරුලු කර පුතු රකින
තම්බා බතල දලු
ලුණු දියර ඉස කවන
දුම්මල ගලට යන
වඳුරඹින් කොපි පොත් ගේන”
ඒ මගේ අම්මා නොවේ
මඟ බලාන
පැලක් නැති හේනක
අකල් වැසි වැටෙද්දී
තුරුලු කර පුතු රකින
තම්බා බතල දලු
ලුණු දියර ඉස කවන
දුම්මල ගලට යන
වඳුරඹින් කොපි පොත් ගේන”
ඒ මගේ අම්මා නොවේ
‘මගේ අම්මා’ මැයෙන් මෙසේ ඇරැඹෙන කාව්‍ය නිර්මාණය ඇතුළත් වන්නේ ඉසුරු චාමර සෝමවීර කවියාගේ තෙවැනි කාව්‍ය සංග්‍රහය වන “අප දෙදෙන මැද මහ මුහුද” කෘතියෙහි ය. විශ්වයේ අසිරිමත් මාතෘ ධාතුව හෙවත් “අම්මා”ගේ ජීවන චර්යා ප්‍රස්තුත කරගනිමින් නිර්මාණය වී ඇති ප්‍රශස්ත කව් ගී කිහිපයක් සලකුණු උක්ත කාව්‍යාර්ථයෙන් පිළිබිඹු වේ. රන්බණ්ඩා සෙනෙවිරත්න ලියූ ‘දවසක් පැළ නැති හේනේ’ මහගම සේකර ලියූ ‘අම්මා’, නන්දන වීරසිංහ ලියූ ‘දුම්මල ගලට ගිය අම්මා’ මෙකී නිර්මාණයෝ වෙත්. එහෙත් ඉසුරු චාමරගේ කවියට විෂය වී ඇත්තේ වෙනස් අම්මා කෙනෙකි.
මතකයි
කුඩා මා අතින් ගෙන
ඇවිද ගිය හැටි ඔබ
තොට ළඟ වීදි වල
මඩ කඩිති තුළ ඇඳි
දේදුනු පෙන්වමින්
සිරි සිරි පොදේ තෙමෙමින්
තාත්තා හොයන්නට
බූස්සට ගිය දවස්වල
බස් එකේ මඟ දිගට
කියා දුන්නෙ ඔබ....
කුඩා මා අතින් ගෙන
ඇවිද ගිය හැටි ඔබ
තොට ළඟ වීදි වල
මඩ කඩිති තුළ ඇඳි
දේදුනු පෙන්වමින්
සිරි සිරි පොදේ තෙමෙමින්
තාත්තා හොයන්නට
බූස්සට ගිය දවස්වල
බස් එකේ මඟ දිගට
කියා දුන්නෙ ඔබ....
මේ මව කටුක අත්දැකීම් සමුදායකට මුහුණ දී ඇති බව පෙනේ. පොද වැස්සේ තෙමෙමින් වීදිවල මඩ කඩිතිවල දේදුනු පෙන්වන්නට ඇයට සිදු වූයේ ඒ නිසා ය. එ මෙන් ම ඇගේ සැමියා රාජ්‍ය මර්දනයේ ගොදුරක් වී ඇති බව හැඟේ.
ඇය දරුවා ගඟට විසි කිරීම තරමක් සැහැසි ක්‍රියාවක් සේ හැඟුණ ද, ඇගේ අරමුණ ගොඩට පීනා ඒමේ පුහුණුව දරුවාට ලබා දීම ය. පාලමෙන් පහළට දරුවා වීසිකර ඉවත් ව යන දුගී මවගේත් ඇගේත් වෙනස ඇත්තේ එතැන ය. වෘකයා පැරදවූ රතු හැට්ටකාරිගේ කතාව ඔස්සේ ඇය දරුවාට දැනෙන්නට ඉඩ හරින්නේ ඇගේ ම ජීවන විත්තියේ සාරය විය හැකි ය.
ගුටි කා තොල පැළී ඉදිමී
මා ගෙදර ආ පෙර දිනෙක
නොගෙන ඔබෙ ඔය තුරුලට
තනියෙන් ම අඬන්නට ඉඩ හැර
ජෝතිගේ සින්දු ඇහුවා ඔබ පාඩුවේ
කිසිවක් නොදුටු විලසට
මා ගෙදර ආ පෙර දිනෙක
නොගෙන ඔබෙ ඔය තුරුලට
තනියෙන් ම අඬන්නට ඉඩ හැර
ජෝතිගේ සින්දු ඇහුවා ඔබ පාඩුවේ
කිසිවක් නොදුටු විලසට
මව නොමැති මොහොතක වුව ද ජීවිතයේ අභියෝගවලට තනි ව මුහුණ දීමේ ශක්තිය දරුවාට ලබා දීමේ අරමුණ මෙහි තිබේ.
සායට රිබන් අල්ලන
තරුණි පත්තර බලා
මල් මෝස්තර හොයන
සුදු කෙස් කළු කරන
අම්මා ඔබයි මගෙ
කිසි දාක සාරි නො අඳින
තරුණි පත්තර බලා
මල් මෝස්තර හොයන
සුදු කෙස් කළු කරන
අම්මා ඔබයි මගෙ
කිසි දාක සාරි නො අඳින
වේදනා සහ දුක්කම්කටුලුවලින් පරාජිත වනු වෙනුවට ජීවිත අලුතෙන් පටන් ගැනීමේ ධෛර්යය මේ මව සතු බව ඉහත උද්ධෘතයෙන් පෙනේ.
අමතක ව ගිය ඇන්ජිගේ ගීයක
තනුව තාමත් මුමුනන
උපැසින් බලා හෙමිහිට
රිබන් එම්බ්‍රොයිඩර් කරන
පොළට ගොස් කේවල් කරන....
තනුව තාමත් මුමුනන
උපැසින් බලා හෙමිහිට
රිබන් එම්බ්‍රොයිඩර් කරන
පොළට ගොස් කේවල් කරන....
කවිය ආරම්භ වනුයේ මීට පෙර කවීන් අම්මාගේ සෙනෙහසෙහි ගැඹුර පිළිබඳ ගොඩනැඟු කාව්‍යෝක්ති කිහිපයකිනි. මේ අම්මා ඊට සපුරා ම වෙනස් වන්නේ බාහිර හැඩරුවෙනි; ජීවන සිරිතෙනි. එහෙත් මේ මව තම පුතු ලියන කවි රස නොවින්දත් දුරින් හිඳ මඳහස නඟයි. දුර බව බැලූ බැල්මට පෙනුණ ද මේ මව ද අනෙක් මවුවරුන් මෙන් ම තම දරුවා කෙරෙහි උපන් ගැඹුරු සෙනෙහසක් ඇත්තියකි. එහෙත් ඇය උපන් හා ජීවත් වූ සමාජ සංස්කෘතික පරිසරය ඇය මුහුණ දුන් අභියෝග සහ ඇගේ චර්යා ලක්ෂණ අනුව ඇය අපට වෙනස් අයුරකින් පෙනේ. එහෙත් කවියාට ඇය ‘මගේ අම්මා’ ය. අම්මා පිළිබඳ සම්මත වාක් චිත්‍රය සමත්ක්‍රමණය කරන වාක් චිත්‍රයක් මෙහි අන්තර්ගතය. විශිෂ්ට කවියකුගේ ලක්ෂණය වනුයේ ද එයයි. මෙ නයින් ඉසුරු චාමර සෝමවීර අමුතු විදියේ කවි ලියන අමුතු කවියෙකි. ඔහුගේ මේ අමුත්ත ‘සුද’ සහ ‘තාණ්ඩව’ යන කාව්‍ය සංග්‍රහ දෙක ම ඔස්සේ විශද කෙරිණි. ඒ කෘති දෙක ම විවිධ ඇගයීම්වලට ලක් විය.
‘අප දෙදෙන මැද මහ මුහුද’ කාව්‍ය සංග්‍රහය පැදි 41කින් සංගෘහිත ය. මේ වායින් ඇතැම් කවිවල කවි සංකල්පනා අතිශයින් සියුම් ය; එමෙන් ම සංකීර්ණ ය. එහෙත් බස මටසිලිටි ය. මානව බන්ධුතාවන්හි සියුම් තැන් ස්පර්ශ කිරීම අතින් ප්‍රබලය. එහෙත් ඒවා පුද්ගලත්වයට සීමා වූ අත්දැකීම් යැයි කීම කවියාට කරන අසාධාරණයකි. එය මානව බන්ධුතා බිඳී විසිරී යන සමාජයක් පිළිබඳ දර්පණයකි. පුද්ගල යථාර්ථය තුළ සමාජ යථාර්ථය දැකීමේ සූක්ෂ්මාත්වතාවක් කවියා සතු ය.
ප්‍රේමය, විරුද්ධ ලිංගිකයන් අතර ඇති වන බැඳීමකට සීමා කිරීමේ සම්මත ආකල්පය ඉසුරු චාමරට නොදිරවයි. ස්ත්‍රී ලිංගික, පුරුෂ ලිංගික සහ සංක්‍රාන්තික ලිංගික යනාදී වශයෙන් ලිංගිකත්වය විවිධ වෙයි. මේ විවිධත්වය පිළිබඳ දැනුමක් හා සංවේදී භාවයක් නොමැති අයකු හට භාෂාමය හා සංස්කෘතිකමය වශයෙන් මානව වර්ගයාගේ විවිධත්වය අවබෝධ කර ගත නොහැකිය. ජාතිය, ආගම සහ ලිංගිකත්වය අනුව අනෙකා මත ප්‍රචණ්ඩත්වය මුදා හරින්නේ ද කොන් කිරීමට ලක් කරන්නේ ද එහෙයිනි. මේ අනුව ඉසුරු චාමරගේ කවියෙහි නිදන්ගත මානව ප්‍රේමය කොටු පවුරකින් වට කොට නොමැත. කවි කිහිපයක කොටස් උද්ධෘත කොට දක්වමි:
‘මගෙං උත්තර නැතත්
ලියනවා උඹ තාමත්
බලන්නෙ ම නෑ කියා හිතුවත්
බැලෙනවා උඹෙ ලියුං හේරත්
(පොඩි හේරත් වෙත - 22 පිටුව)
ලියනවා උඹ තාමත්
බලන්නෙ ම නෑ කියා හිතුවත්
බැලෙනවා උඹෙ ලියුං හේරත්
(පොඩි හේරත් වෙත - 22 පිටුව)
“අපි හිතන හැටි හරි වෙනස්
කනට කර කොඳුරයි යළි
ඉහිරෙයි ඔබෙ හිනා
හැම තැන
අලුත් ඉර කිරණක් සේ
(දෙන්නෙක් දෙවිදියක්)
කනට කර කොඳුරයි යළි
ඉහිරෙයි ඔබෙ හිනා
හැම තැන
අලුත් ඉර කිරණක් සේ
(දෙන්නෙක් දෙවිදියක්)
රබර් හේඩෑවක
අඳුරේ තනිව යොවුනෙකි
නොගයා ගයන ගීයට
රෑහි වැලපුම තනුවකි
(හිතක්, සිරුරක්, රහසක්)
අඳුරේ තනිව යොවුනෙකි
නොගයා ගයන ගීයට
රෑහි වැලපුම තනුවකි
(හිතක්, සිරුරක්, රහසක්)
මේ කෘතියෙහි ඇතුළත් ‘තාත්තට පඩි දාට’, ‘අත්තම්මා’ යන කවි තම පැටි දිවියෙහි අනුස්මරණීය මතක යළි කැන්දන සුන්දර වාක් චිත්‍ර වැන්න.
මංජරී
ගිලෙනවා අපි
පිච්ච මල් වට්ටියක පතුලට
බලු දත් වගේ පෙති තියන
සුවඳට හුස්ම හිරවෙන
පිච්ච මල් වට්ටියක පතුලට
ගිලෙනවා අපි
පිච්ච මල් වට්ටියක පතුලට
බලු දත් වගේ පෙති තියන
සුවඳට හුස්ම හිරවෙන
පිච්ච මල් වට්ටියක පතුලට
‘පිච්ච’ මැයෙන් යුත් කවියෙහි කොටසකි ඒ. සුන්දර පිච්ච මලේ පෙති බලු දත් වැනි ගොරහැඬි අමිහිරක සංකේතයක් බවට පත් වූ බිහිසුණ යුගයක් කවියා සිහි කැඳව යි.
එහෙත් ඇතැම් කවියක් අත්දැකීම පරයා ගිය කාව්‍යානුභූතියක් බවට පත් කිරීමට කවියා අසමත් වෙයි. පැටි වියෙහි මිතුරු මතක ප්‍රස්තූත කර ගත් ‘සාන්ත’ එවැනි නිර්මාණයකි. ජනප්‍රිය බුද්ධාගමේ නිලංකාරය සහ සඟ විනය අතර ඇති නොගැලපීම උත්ප්‍රාසයට නැංවූ ‘නාහිමි ගිලානය’ තියුණු සමාජ විවේචනයකි. වෙනස් ව හිතන්නට කැමති අමුතු කවියකුගේ අමුතු නිර්මාණ ‘අප දෙදෙන මැද මහ මුහුද’ කෘතියෙන් හඳුනාගත හැකි ය.
හොඳ කවියකු වීමට පිබිදුණු පහන් සිතක් හා තියුණු සංවේදනා ශක්තියක් ද වුවමනා යැයි මාර්ටින් වික්‍රමසිංහ පැවසී ය. සම්ප්‍රදාය ගැන වාද නඟන බොහෝ දෙනා කාව්‍යයේ වඩා නොවැදගත් අංගය වන ආකෘතියෙහි එල්ලෙන බව ප්‍රකාශ කළේ ටී. එස්. එලියට් ය. සිංහල කවියෙහි අතීතයෙහි සහ වර්තමානය අනුව අපට හැඟෙනුයේ කාව්‍ය සම්ප්‍රදායෙහි සාරවත් අංග අතර ජීවිතය නිරීක්ෂණය කිරීමේ නව්‍ය දෘෂ්ටිකෝණ සහ ඊට උචිත කාව්‍ය රිතීන් පවතින බව ය. නව්‍ය පරිකල්පනයක් සඳහා ඒවා ද උපස්තම්භක වන බව ය. ඉසුරු චාමර සෝමවීර, කාව්‍ය සම්ප්‍රදාය එලෙසින් ම රකින්නකු හෝ සම්ප්‍රදාය මුළුමනින් ම බිඳ හෙළන්නකු හෝ නොවන බව කීම යුක්ති යුක්ත ය.
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි