V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Monday, June 29, 2015

knowledge.........??? අදත්

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ
වාර්ෂික පොත් ප්‍රදර්ශනය හා සල්පිල knowledge අදත්


අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව තෙ වැනි වරටත් සංවිධානය කරන knowledge වාර්ෂික මහා පොත් ප්‍රදර්ශනය හා සල්පිල අදත් බත්තරමුල්ල පැලවත්තේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වේ. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්ත මේන්තුවට අමතරව ප්‍රසිද්ධ පොත් ප්‍රකාශකයෝ රැසක්‌ මෙම ප්‍රදර්ශනයට හා සල්පිලට එක්‌ වෙති. වෙළෙඳ කුටි පනහකින් පමණ සමන්විත මෙම ප්‍රදර්ශනය උදේ 9 සිට සවස 6 දක්‌වා පැවැත්වෙන බව සංවිධායකයෝ පවසති.

ශාස්‌ත්‍රීය, අධ්‍යාපනික, සාහිත්‍ය, ළමා මෙන්ම ප්‍රශ්නෝත්තර පොත් ඇතුළු අධ්‍යාපනික CD තැටි ද විශේෂ වට්‌ටම් සහිතව ලබා ගැනීමට මෙහිදී අවස්‌ථාව සලසා ඇතැයි අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස්‌ ජනරාල් තිස්‌ස හේවාවිතාන මහතා පවසයි.

අද සවස්‌කාලයේදී ප්‍රවීණ ගායක ගායිකාවන් සහභාගි වන සුභාවිත ගී සර නමින් සංගීත ප්‍රසංගයක්‌ ද පැවැත්වීමට ද පියවර ගෙන ඇත.


http://www.divaina.com/

රුධිර පරි­ත්‍යා­ග­ශී­ලීන් ඇගැ­යීමේ අන්තර් ජාතික දිනය


රුධිර පරි­ත්‍යා­ග­ශී­ලීන් ඇගැ­යීමේ අන්තර් ජාතික දිනය නිමි­ත්තෙන් ජාතික ලේ බැංකුව සහ අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය මඟින් පැවැත් වූ පෝස්ටර් චිත්‍ර තර­ගයේ සමස්ත ලංකා ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය දිනා­ගත් කොළඹ ආනන්ද විද්‍යා­ලයේ 12 ශ්‍රේණියේ ලතික් හර්ෂණ සඳ­රු­වන් ඊට අදාළ පද­ක්කම සහ සහ­තික පත්‍රය විදු­හ­ල්පති කිත්සිරි ලිය­න­ගම ගේ මහතා අතින් ලබා ගනී. චිත්‍ර කලා විෂය භාර ආචා­රිනී තමාරා දම­යන්ති මහ­ත්මිය ද මෙහි සිටී.

මුදල් තැන්පත් කිරීමේ අගය

මුදල් භාවි­ත­යේදී අපි සැම කල්ප­නා­කාරී විය යුතු වෙමු. බොහෝ දෙනා අද තම මුදල් නික­රුණේ අන­වශ්‍ය දේව­ලට භාවිත කරන බව පෙනී යයි. බොහෝ නිවෙ­ස්වල පිය­ව­රුන් උදයේ වැඩට ගොස් රාත්‍රියේ යළි නිවෙ­සට පැමි­ණෙන්නේ හොඳ­ටම බීම­ත්වය. මින් නික­රුණේ මුදල් විනාශ වීම සිදු වේ.
තමන්ට ලැබෙන මුද­ලින් අඩුම ගාණේ රුපි­යල් 50 ක්වත් ළඟම තියෙන බැංකුවේ තැන්පත් කළා­නම් අවු­රුදු දෙක තුන­කින් ඊට වැඩි මුද­ලක් අතට ගෙන දූ දරු­වන්ගේ අධ්‍යා­ප­න­යට හෝ වෙනත් දෙය­කට හෝ යෙද­විය හැකිය. මුදල් තැන්පත් කිරීමේ දී සම­හර බැංකු තෑගි ලබා­දීම් ද සිදු කරයි. අප කුඩා මහලු තරුණ වුවද මුදල් කීයක් හෝ එකතු කොට බැංකු­වක තැන්පත් කිරීම තම­න්ටත් අනු­න්ටත් ප්‍රයෝ­ජ­න­යකි. මුදල් තැන්පත් කර අනා­ග­තය සුර­ක්ෂිත කර ගනිමු.


නුවන් දුමිඳු රණ­සිංහ
10 ශ්‍රේණිය,
ශාන්ත මයි­කල් විද්‍යා­ලය, ගල­වි­ල­වත්ත,
හෝමා­ගම
 

දැනුම පදනම් කරගත් ආර්ථිකයක්...!

‘දැනුම පදනම් කරගත් ආර්ථිකයක් සඳහා වූ බලශක්ති ප්‍රවේශය’ 

අන්තර්ජාතික සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා ලංකාවට 

පැමිණි ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා 

පාසල් හා සරසවි ශිෂ්‍යශිෂ්‍යාවන් සඳහා සංවිධානය කැරුණු දේශනය 

වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික 

සම්මන්ත්‍රණශාලාවට පිවිසි අවස්ථාව. විදුලි බල හා බලශක්ති ඇමැති 

පාඨලී චම්පික රණවක මහතා ද මෙහි සිටී. 


ඡායාරූපය - විමල් කරුණාතිලක


http://www.silumina.lk/2015/06/28/

Wednesday, June 17, 2015

ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ පාසල් මලල ක්‍රීඩා ශූරතාවලිය අද ඇරඹේ

ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ පාසල් මලල ක්‍රීඩා ශූරතාවලිය අද ඇරඹේ

ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ පාසල් මලල ක්‍රීඩා ශූරතාවලිය අද (17) දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.

ජාතික හා ජාත්‍යන්තර මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට විශිෂ්ටතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකරන මෙම ක්‍රීඩා උළෙල ලබන 19 දින දක්වා පැවැත්වේ.

මෙවර ශූරතාවලියට පාසල් 350ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000කට වැඩි සංඛ්‍යාවක් සහභාගිවීමට නියමිතය. අවුරුදු 16න් පහළ, 18න් පහළ සහ 20න් පහළ කාණ්ඩ 3ක් යටතේ තරග ඉසව් 102කින් සමන්විත මේ තරගාවලිය මලල ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් හා සී.බි.එල්.සමාගමේ රිට්ස්බරි අනුග්‍රහයෙන් යුතුව පැවැත්වේ.

මෙරට පැරැණිතම පාසල් මලල ක්‍රීඩා ශූරතාවලිය වන ශ්‍රීමත් ජෝන් ටාබට් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 85 වැනි වරටය.

SDF


මීගමුව නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලයේ ද්විත්ව ශතක ජයන්ති සැමරුම් ගොඩනැගිල්ල සිසු අයිතියට

මීගමුව නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලයේ ද්විත්ව ශතක ජයන්ති සැමරුම් ගොඩනැගිල්ල සිසු අයිතියට

මීගමුව නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලයේ ද්විත්ව ශතක ජයන්ති සැමරුම් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පස්වරුවේ පැවැත්විණි. 
 
එම විද්‍යාලයට ගිය ජනාධිපතිතුමාව සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් පිළිගෙන විද්‍යාලය වෙත කැඳවාගෙන යනු ලැබීය.
 
සමරු ඵලකය නිරාවරණය කර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා විදුහල්පතිනිය සහ ආචාර්ය මණ්ඩලය සමග සුහද කතා බහක නිරතවෙමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව ද විමසා බැලීය.
 
අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාරියවසම්, ජෝන් අමරතුංග, නියෝජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, පළාත් අමාත්‍ය නිමල් ලන්සා යන මහත්ම මහත්මින් ද, විදුහල්පතිනි එච්.එම්. ගයානි හේරත් මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
ඡායාරූප  -  ජනාධිපති මාධ්‍ය අංශය
 
DB
http://sinhala.news.lk/

හූපූ
















වඳ වී යෑමේ තර්ජනයට ලක්ව සිටින පක්ෂියෙක් ලෙසත් ඊශ්‍රායලයේ ජාතික පක්ෂියා ලෙසත් හූපු පක්ෂියා හඳුන්වන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාවෙන්  Hoopoes ලෙසද හැඳින්වේ. හූපූගේ විද්‍යාත්මක නාමය Upupa epopsx.  සෙන්ටිමීටර 44-48ක් පමණ විශාල වන හූපූ දුඹුරු පාට, සුදු හා කළු පාට මිශ්‍ර අලංකාර කුරුල්ලෙක් වන අතර හිසේ තියෙන ඔටුන්න හේතුවෙන් කැපී පෙනෙයි.
ආසියාව, යුරෝපය, උතුරු අප්‍රිකාව උපසහරානු අප්‍රිකානු රටවල හා මැඩගස්කර යන කලාපවල හූපූ පක්ෂියා ව්‍යාප්ත වී සිටී. කෘමීන්, උරගයන්, මැඩියන් ආහාරයට ගන්නා මේ පක්ෂියා සර්වභක්ෂක වේ. බිත්තර මඟින් බිහිවන හූපූ පැටවුන් සතියක් පමණ මවුපියන් සමඟ රැඳෙන අතර බිත්තර රැකගැනීමේ සම්පූර්ණ වගකීම ඇත්තේ ගැහැනු සතාටය.


http://www.mawbima.lk/

සරස්වතී යන්තරේ මතක හිටින මන්තරේ


අද රටේ පවතින දැඩි තරගකාරී රටාව තුළ අධ්‍යාපනය සඳහාද ඇත්තේ දැඩි තරගයකි. එයට හොඳම සාක්ෂිය ලෙස රටපුරා පවතින උපකාරක පන්ති සංඛ්‍යාව දැක්වීම වරදක් නොවේ. එමෙන්ම අධ්‍යාපනයේදී දරුවන්ට විවිධ කඩඉම් පසු කිරීමට සිදුවන බවද කිව යුතුය. පහ වසර ශිෂ්‍යත්වය, අ. පො. ස. (සා/පෙළ), උසස් පෙළ විභාග ආදිය එයට උදාහරණයි.

යමකුගේ අධ්‍යාපනය ගැන සැලකිල්ලේදී ඔහුගේ, ඇයගේ ජන්ම පත්‍රයේ පළමු වැන්න, තෙවැන්න, පස් වැන්න, නව වැන්න, දස වැන්න ආදිය සැලකිල්ලට ගත යුතුය. යමකුට අධ්‍යාපනය ලැබීමේදී ලග්න භාවය ලග්නාධිපති පීඩා නොවිය යුතුය. අධ්‍යාපන සඳහා තෙවැන්නේ බලයද උපයෝගී කර ගත යුතුය. ප්‍රධාන වශයෙන් පස් වැන්න පිළිබඳව සැලකිල්ලට ලක් කෙරේ. යමකුට අධ්‍යාපනය ලැබීමට පූර්ව පිනක්, වාසනාවක් තිබිය යුතු අතර ඒ සඳහා නව වැන්න හා දස වැන්න පිළිබඳවද සැලකිය යුතුය. එම භාවාධිපතියන් හා එම භාව ශක්තිමත් වීම වැදගත් හෙයිනි.
හින්දු ජේ‍යාතිෂයට අනුව බුධ - ගුරු කාරකයා වන අතර ගුරු ශිල්පයට අධිපතියාය. ශනි, කුජ, රාහු ඉගෙනුමට බාධක එල්ල කරන ග්‍රහයන් ලෙස සැලකේ. යමකු අධ්‍යාපනය ලබන අවධියේදී ශනි, කුජ, රාහු දශා එළැඹීම එතරම් සුබ පල නොවේ. නමුත් රාහු සැමවිටම නරක පල නොදෙන අතර සමහරවිට රාහු යහපත්ව පිහිටීම දෙස් විදෙස් අධ්‍යාපනය සඳහාද ඉවහල් වෙයි.

යමකුගේ පස් වැනි භාවාධිපති රාහු සමඟ යෝගවීමද අධ්‍යාපනයට බාධාවකි. ශනි, චන්ද්‍ර යෝගය, සඳු, රාහු යෝගය, සඳු නීචව ආදී ලෙස පස් වැන්නේ යෙදීම පස් වැන්න රාහුගෙන් හෝ ශනිගෙන්, කුජගෙන් පීඩාවට පත්වීම සහ අධිපතියා 6, 8, 12 රාශිවල වීම පහ අධිපතියා 22 දෙකර්ණාධිපති වීම දරුවන්ගේ අධ්‍යාපනයට බාධක යෙදේ.
ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය අනුව ජන්මියාගේ මූලික අධ්‍යාපනය 4 වැනි භාවයෙන්ද, ඒ සඳහා ඇති උනන්දුව, කැපවීම, ධාරණය කර ගැනීමේ හැකියාවද, නව වැන්නෙන් උසස් අධ්‍යාපනයද, එහි ස්වභාවය 11 වැනි භාවයෙන්ද පෙන්නුම් කරනු ලබයි. 4 වැනි භාවයේ උප අධිපති 4, 9, 11 භාවයන්ට නිවේදකත්වයක් වීම දක්වා ඇත්නම් දරුවාට උසස් අධ්‍යාපනය ලැබීමට හැකියාව ලැබෙනු ඇත. යමකුගේ 4 වැනි භාව උප නව වැනි භාවයට පමණක් සම්බන්ධයක් ඇති කල මූලික අධ්‍යාපනය පමණක් ලබා ගනු ඇත. 9 වැනි භාව උප 4, 10 යන භාවවලට නිවේදයක්ව ලබා දීම ඔහු හෝ ඇය කාර්මික හෝ වෘත්තීය අධ්‍යාපනය කරා යොමු කරවයි. ක්‍රිෂ්ණ මූර්ති ප¾ඩිතුමාට අනුවද ශනි ඉගෙනීම කඩාකප්පල් කරන ග්‍රහයකු වෙයි. යමකුගේ 4 වැනි භාව උප අධිපති ශනි හෝ 4 වැනි භාව උප අධිපති 8 වැනි භාවයට සම්බන්ධ වීම අහිතකරය. ජන්ම පත්‍රයේ 3 වැනි භාව උප ශනි නම් අධ්‍යාපනයට ඇති උනන්දුව ආශාව අඩු කිරීමට හේතු වෙයි. 3 වැනි භාව උප ශනි නම් අධ්‍යාපනයට ඇති උනන්දුව අඩු කරයි. 3 වැනි භාවයේ ශනි - කුජ සංයෝගයද 3 වැනි භාවයේ උප 10 වැනි භාවයේ හෝ 2 වැනි භාවයේ නම් දරුවාගේ මූලික අධ්‍යාපනය අඩාලයි.
අද බොහෝ විට දරුවන් පෙම් සබඳතා නිසා අධ්‍යාපනය අඩාල කර ගන්නා අවස්ථා ඔබ දැක ඇත. එයට හේතුව සිකුරු 5 වැනි භාවයේ තැන්පත්ව 7 වැනි භාව උප අධිපති 5 වැනි භාවයට සම්බන්ධ වීමයි.

යමකුගේ අධ්‍යාපනයට ඇති දුර්වලතා හඳුනාගෙන බුද්ධිමත් මවුපියන් ඒ සඳහා පිළියම් කිරීම තුළ ඉතා සාර්ථක ප්‍රතිඵල ලද හැකිය. මේ සඳහා මැණික් ප්‍රතිකාර මෙන්ම ගණපති, සරස්වතී ආදී දෙවිවරුන්ගේ පිහිට ද ලබා ගත හැකිය. අෑත අතීතයේ අද මෙන් පොත් පත් බහුල නොවීය. ගමේ විහාරස්ථානය කේන්ද්‍ර කර ගත් අධ්‍යාපනයක් විය. එහිදී එක්වරක් කියාදෙන දෙය තම මතකයේ ග්‍රහණය කර ගැනීමට නොයෙක් ගුප්ත විද්‍යාත්මක ක්‍රම අනුගමනය කළහ. ඊට උදාහරණයක් ලෙස තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සරස්වතී තෛලය පානය කිරීම දැක්විය හැකිය. සරස්වතී මෑණියන්ගේ පිහිට ලබා අධ්‍යාපනයේ ඉහළ කඩඉම් ජය ගැනීමට පහසු ක්‍රම කිහිපයක් පහත දැක්වෙයි.
එහිදී ගිතෙල්, වතුර, තැඹිලි මතුරා දීම, පොතට මතුරා පාඩම් කිරීම, සරස්වතී යන්ත්‍රය භාවිතය ආදී විශාල ක්‍රම රාශියක් ප්‍රයෝජනයට ගත හැකිය. නමුත් යම් දෙයක් භාවිත කිරීමේදී පිළිහුඩු මස් මාංස භාවිතය අත්හළ යුතුය. යම් දෙයක් කිරීමේදී යම් කැපකිරීමක් අවශ්‍යය. නමුත් මවුපියන් නඟන ප්‍රශ්නයක් නම් දරුවන්ට මස් මාංස අවශ්‍ය බවය. එවැනි අයට සරස්වතී යන්ත්‍රය තුළින් පිහිට ලබා ගත හැකිය.

සරස්වතී යනු සහශ්‍රයට අධිපති දෙවඟනයි. රූපශ්‍රීයෙන් ඇය අගපත්ය. සුදුවතින් සැරැසී, සුදු නෙලුමක වාසය කරයි. හංස වාහනය, එක් අතක වීණාවක්ද, අනෙක් අත සුදු පද්මයක්ද වෙයි. ඇයට පිරිසුදුව පහත පූජාව තැබීමෙන් ඉහළ ඵල ලැබේ. තැඹිලි, ‍ෙදාඩම්, අඹ, දෙළුම්, සුව¼දැල් කෙසෙල් ආදී පලතුරුද, උඳු, මුං, තල වැනි ධාන්‍ය වර්ගද, අතිරස, කැවුම්, අග්ගලා, කිරිබත් වැනි කැවිලිද, ලදපස් මල්ද යොදා ගත යුතුය. කහ දියර ඉස පිරිසුදු කර ගත් කාමරයක උඩු වියන් බැඳ සුදු වස්ත්‍රයක් එළුෑ මේසයක් මත බුලත්, පඬුරු පූජා ද්‍රව්‍ය තබා පහන් දල්වා පූජාව තැබිය යුතුය.

නමෝ සා - සර්වාංගනී සදා නන්දි සර්ව දේව නමෝ නම--
නමෝ ශුද්ධස්ඵටික සංගීතේ සූක්‍ෂම රූපී නමෝ නම--
නමෝ මූල මන්ත්‍ර රූපායි මූල ශක්ති නමෝ නම--
නමෝ මුක්තා ලක්ෂණ සංගීති නාමරූපි නමෝ නම--
නමෝ නාරායනී ඝෝර රූපී වරදේවි නමෝ නම--

ක්‍රමය

පිළිවෙත් ගරුකව උදේ සවස තේජස නුවණ ධාරණ ශක්තිය ලබා ගැනීම සඳහා කියැවීම සුදුසුය. ගිය තැන ජය ලැබේ.


ඕං නමෝ පඤ්ඤා පාරමිතා එහි එස්ව--
ඕං ශ්‍රී බුද්ධිවර්ධනී, වර්ධනී නමෝ නමෝ ප්‍රඥා පාරමිතා එහි එස්ව--
ඕං සරස්වතී ධාරණේ ධාරණේ ඒස්ව--

හත්වරක් පිරිසුදුව පෙරා ගත් ජලය නැවුම් කොතලයක බහා මල් යහනක තබා 1008 වරක් ජප කර උදේට දින 7ක් මුහුණ සෝදන්න.


ඕං සරස්වතී මහා දේවි - වීණා පුස්තක ධාරණී
හංස වාහන සමායුක්තං විද්‍යා දානං කුරු කුරු මම--

පොතට හත් වරක් මතුරා ගන්න. පාඩම් හිටී.
විවිධ වූ ක්‍රම මඟින් සරස්වතී පිහිට ලබා අධ්‍යාපනය දුර්වල අයට යහපත් පල ලබා ගත හැකිය. නමුත් යම් දෙයක් කිරීමේදී ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් යොදා ගත යුතුය. අපේ මවුපියන් කරන වැරැද්දක් නම් විභාගයට සතියකට දෙකකට පෙර බෝධි පූජා තැබීම, යන්ත්‍ර දැමීම ආදිය කිරීමයි. නමුත් එය ප්‍රමාණවත් නොවේ.
උඩුනුවර ඩී. එම්. නිලන්ත කුමාර ධනසේකර

http://www.mawbima.lk/

වැඩි යමක් නොදොඩන පුංචි මිතුරා

කුඹල්කරු
මා කය අසුන්දර කරමින් හිඳ
මඳක් නැවතිණි
හදවතට කවි වැගිරවීමට
මම ඒ පිටාරා යන්නට
ඉඩ දෙමි
(The potter who spoiled
my poor body
paused to pour
poetry into my heart
I pour it out)
- චම්මි රාජපතිරණ
‘රේන් මෑන්’ චිත්‍රපටිය මා නරඹා ඇත. ‘මයි නේම් ඉස් කාන්’ චිත්‍රපටිය නරඹා ඇත. භෞතික විද්‍යාවේ දක්ෂ ජෙකබ් බාර්නෙට් ගැන කියවා ඇත. වරෙක නීතිය උගන්වන මහාචාර්යවරියක් ඇගේ ඕටිස්ටික් දරුවා ගැන අපට කියද්දී අපි කරුණාවෙන් ඇගේ කතාව අසා සිටියෙමු; ඇගේ ඇසේ කඳුළු දැක කඳුළක් හෙළුවෙමු. නමුත් ඕටිසම් (Autism spectrum disorder/ASD) යනු කුමක්දැයි මා දන්නේ නැත. මට ‘ඕටිසම්’ ඇති දරුවෙක්, සහෝදරයෙක්, සහෝදරියක් නැත.
ඒ නිසා එවැනි අදරණීයන්ට බැඳි කෙනෙකු සේ මම ඕටිසම් යන්න නොහඳුනමි. කෙතරම් ඒ ගැන සොයා බැලුවත්, කෙතරම් එවැනි අයගේ කතා ඇසූවත් ඔවුන් තරමට ඕටිසම් තේරුම් ගැනීමට කිසිදිනෙක මට හැකි වන්නේ නැත. හරි හැටි සන්නිවේදනයේ යෙදීමට නොහැකි කරවන; සමාජීය සම්බන්ධතා වළකන; සීමිත, එකාකර රටාවක හැසීරීමකට කෙනෙකු සීමා කරවන ඕටිසම් (National Institute of Neurological Disorders and Stroke web page) යනු ස්නසාවේදීය/neurological (මධුර ශබ්දකෝෂය) අබාධයක් නොකියා එයට නියුරොලොජිකල් පෙරළියක් යැයි මා කියන්නේ ඒ ගැන දැනීමෙන් නොවේ. ඕටිසම් ගැන දැන ගැනීමට ඒ තත්ත්වයේ ඉන්නා කෙනෙකු හෝ එවැනි කෙනෙකුගේ ආදරණීයයන්ට ඇහුම්කන් දිය යුතු ය.
ඕටිසම් යනු සන්නිවේදනය සහ සම්බන්ධතා වළකන පෙරළියක් නම් ඔවුන්ට ඇහුම්කන් දෙන්නේ කෙලෙසද? අමුත්තන් ආ විට, සාදයකට ගිය විට, නමින් ඇමැතූ විට ප්‍රතිචාර නොදෙන; භාව ප්‍රකාශය නොකරන කුඩා දරුවා කාමරයට දමා වසා තබනා මාපියන් ඇති ලෝකයේම තමන්ගේ එවැනි දරුවාට කළ නොහැකි දේ වෙනුවට කළ හැකි දේ හඳුනා ගෙන ඔහුව ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ කෙළ පැමිණියකු කරන්නට සමත් වෙන මවක් ද ඇත. එලෙසම තමන්ගේ දරුවාට ඔහු විසින් නරඹන ඕනෑම චිත්‍රපටයක් සෑදු සමාගමේ නම මතක තබා ගනීමේ අපූරු හැකියාවක් ඇති නිසා ඔවුන් විසින් සහභාගී වන සාදවලදී එය සෙල්ලමක් සේ කිරීමෙන් සතුටු වන බව මා ඉහතකී මහචාර්යවරිය අපට කීවා ය. “I do that to show how cool he is.”
චම්මි රාජපතිරණ ඕටිසම් සමඟ ජීවත් වෙන කෙනෙකි. පරිගණකයේ උදව්වෙන් කවි ලියා ඔහුව හඳුනා ගනීමට අපට ආරධනා කරයි. (Chammi- Hear Me Now -A Film Poem/youtube). ඔහු කියන්නේ ඔහුට ඇහුම්කන් දෙන්න කියායි. “එකම දවසක් ඔබ මුනිවත රකින්න උත්සාහ කරන්න. අනෙක් හැම කෙනෙක්ම ඔබ ගැන කතා කරද්දි ඔබ කතා නොකර ඉන්න උත්සහ කරන්න. ඔබව නිවාසයකට ගෙන ගොස් අතාරින්නයි ඔවුන් ඔබේ අම්මාට කියද්දී “අනේ, එපා! එපා!”කියා කෑ ගසන්නට ඔබට ඕනෑ නමුත් ඔබ ගොළුයි. වාසනාවට ලෝකය පුරා සොයා ඔබේ කටහඬ තරමට ම නැඟිය හැකි හඬක් මට ලබා දෙන තුරු අම්මා පසු බැස්සේ නෑ.”
එවැනි තත්ත්වයක කෙනෙක් බලා ගන්නා කෙනෙකුට ඇති වෙහෙස, බලාපොරොත්තු සුන්වීමෙන් ඇති වෙන පීඩාව, තරහා ඇතිවීම ස්වාභාවිකයි. එවැනි කෙනෙකුන් වෙනුවෙන් ඔවුන්ගේ භාරකරුවන්ට හැකි පමණ උපකාර ලබා ගත හැකි ක්‍රමයකට යම් යම් දේ සකස් කිරීමට ඕටිසම් වෙනුවෙන් කටයුතු කරනා අය උත්සහ කරන්නේ ඒ නිසයි. ඔවුන් සියලුම දෙනාගේ සිත් රිදෙන දේ අපෙන් නොවීමට අපව දැනුවත් කරන්නේ ඒ නිසා ය.
මා මේ දේවල් ලියන්නේ ඕටිසම් ගැන දැනී නොවේ. අද සිදු වූ දෙයක් හේතුවෙනි. අසල්වැසි ගෙදරක ඕටිසම් ඇති දරුවෙක් හිඳියි. කුඩා ජාතික කොඩි කිහිපයක් රැගෙන වත්තට එන ඔහු ඒවා බිම හෝ වැට දිගට සිටුවීම ඇරෙන්න්ට වෙන කිසිම දෙයක යෙදෙනු මා දැක නැත.
මා එළියේ වැඩක් කරන්නේ නම් ඔහුත්, ඔවුන්ගේ බැල්ලත් දෙදෙනාම මා සමඟ සාකච්ජාවට වැට අයිනට පැමිණෙති. මම ඔවුන්ගේ බැල්ල සමඟ සිංහලෙන් කතා කරද්දි ඈ බිම දිගාවී තේරෙනවා වාගෙ අසා ගෙන සිටින්නී ය. අප දෙදෙනාගෙ සන්නිවේදනය අප දෙදෙනාට සම්බන්ධයක් ඇති කරගැනීමට සෑහී ඇත. ඒ දරුවා මා සමඟ වැඩි යමක් නොදොඩයි. ඔහුගේ කොඩියක් මට ඕනෑදැයි ඔහු වරින් වර අසයි. මා ඔහුට කාලගුණය ගැනත්, මා යෙදෙන වැඩය ගැනත්, තව නොයෙක් දේත් කීවත් කිසි දිනෙක අප දෙදෙනා අතර බැඳීමක් විය හැකි සන්නිවේදනයක් වී යැයි මින් පෙර මට සිතී නැත. නමුත් සිදු වූයේ මෙය ය. සිකුරාදා නිවසින් නික්ම ගොස් ඉරිදා අපි නැවත ගෙදර පැමිණියෙමු.
 ෆැරන්හයිට් අනූවකටත් වඩා උෂ්ණත්වය නැඟි දවසක් වූ නිසා ගෙදරා ආ විගසම එළියට ගියේ පෝච්චිවල වවා ඇති මිරිස් තක්කාලි පැළවල තත්ත්වය පරික්ෂා කිරීමට ය. වෙනදා සේම ඔහු වැට අයිනේ කොඩි සමඟ පුරුදු රටාවක් මවමින් සිට මා දුටු සැණින් නැඟිට ආවේ ය. “හලෝ” ඔහු මට ඇසෙන් සේ ඇමතුවේ ය. ඒ හඬේ වූයේ බොහෝ කලෙකින් නොදුටු අයෙක් දැක ගැනීමේ දි ඇතිවන සතුට ය. ළයාදර ගතිය ය.
මට ගෙදර ආවා කියා දැනුණේ ඔහු මට ආමන්ත්‍රණය කළ විදියට ය. මා ගමනක් ගිය බව කියා ඔහුගේ සති අන්තය ගැන මම විමසුවෙමි. ඔහු දිගටම අත වනමින් මට හලෝ කීවේ ය. ඔහු සමඟ බැඳීමක් වී යැයි මට මුල්වරට සිතුනේ අද ය. බැඳීමක් වීම දුකට කරුණක් නිසා තමන් නැති විට පාළු නොසිතන්නැයි වරක් මට වෙනත් මිතුරකු කියා ඇත. ඒ හොඳින් සන්නිවේදනය කළ හැකි අයෙකි. බැඳිම වැළැක්වීමට උත්සාහ කරන කෙනෙකි.
මම එකඟවීමී. නමුත් අද බැඳීම නැතිකිරීමෙන් නොව ඇති වී යැයි සිතීමෙන් මට සතුටක් ඇති විය. සන්නිවේදනය කිරීමේ හැකියාවක් ඇතැයි, ඕටිසම් නැතැයි හැඳින්වෙන මා නිසා කිසි කලෙක ඒ දරුවාට සතුටක් වී නැතිව ඇත. නමුත් සන්නිවේදන කළ නොහැකියි කියන ඔහු නිසා මට සතුටක් ඇති විණි. සමහර විටෙක ඔහුගේ ඇමතුමේ හඬ මා තේරුම් ගත් ආකාරය විය හැකි ය. සමහර විටෙක සන්නිවේදනය සහ බැඳීම කියන්නේ අපි ඒවා තේරුම් ගන්න විදිය විය හැකි ය.
සමහර විටෙක බැඳිම් ඇති කර නොගැනීමෙන් දුක වළක්වා ගැනීමේ වාසනාව සහිතව ඕටිසම් ඇති අය ඉපදෙනවා විය හැකි ය. මම නොදනිමි. නමුත් අදහස් ප්‍රකාශ කිරීමට ශාරීරික අපහසුතාවක් වීම නිසා ඔවුන්ගේ මනස ප්‍රතික්ෂේප කිරීම නොහැක්කක් බව මට දැනුණි.

හිමාලි එන්. ලියනගේ

http://www.dinamina.lk

Monday, June 15, 2015

මල් කැකුළු වහල් සේවයේ

මවුපියන්ට මේ මිහිපිට දරුවන් තරම් අගනා වෙනත් වස්තුවක් නැත.ඔවුන්ගේ පණ හා සදිසි දරුවන් කෙරෙහි පවත්නේ අපරමිත දයාර්ද්‍ර බවකි.එහෙත් වර්තමානය වනවිට අසන්නට වන බොහෝ තතු මඟින් පැහැදිලි වන්නේ වසරකට දරුවන් බොහෝ දෙනක් අනතුරු නිසා මියයන බව ය. එසේ ම බොහෝ පිරිසක් ආබාධිත තත්ත්වයට පත්වෙති.මේ සෑම දෙයකටම හේතුව මවුපියන්ගේ නොසැලකිලිමත්භාවය බව නිරතුරුවම අසන්නට ලැබෙන කරුණකි.
වර්තමානය වනවිට ලොව වෙසෙන අවුරුදු 15ට අඩු ළමයින්ගෙන් මිලියනයකට අධික සංඛ්‍යාවක් අනතුරු නිසා වාර්ෂිකව මිය යයි. මේ අය අතරින් 95%කට වැඩි පිරිසක් මධ්‍යම හා අඩු ආදායම්ලාභී රටවලින් වාර්තාවේ.බොහෝවිට දරුවන්අනතුරුවලට ලක් වන්නේ මාර්ග අනතුරු,දියේ ගිලීම්,පිළිස්සුම්,වැටීම් සහ විෂවීම් ආදිය හේතුවෙනි.ශ්‍රී ලංකාව තුළ තත්ත්වය ද මෙසේ ම ය.ශ්‍රී ලංකාවේ අවුරුදු පහට අඩු ළමා මරණ අතුරින් සිදුවන අනතුරු නිසා වන මරණ සිව්වැනි ස්ථානය ගනී.රිජ්වේ ආර්යා ළමා රෝහල මඟින් කරන ලද අධ්‍යයන හා පර්යේෂණ මඟින් පෙනී යන්නේ ගෘහ ආශ්‍රිතව සිදුවන ළමා අනතුරු සංඛ්‍යාව 56ක් පමණ වන බවයි.මාර්ගස්ථව සිදුවන මරණ ප්‍රමාණය 8%කි.2009 වසර තුළ අවුරුද්දට අඩු ළමා මරණ අනුපාතිකය 9.7ක් විය.එය 2010 වනවිට 12.2 දක්වා ඉහළ ගොස් තිබේ.අවුරුදු 16 ඉක්මවීමට පෙර ආසන්න වශයෙන් ළමයින් 12 දෙනක් අනතුරු නිසා ජීවිතයෙන් සමු ගනී‍.රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තු දත්ත අනුව 90%ක් පමණ දරු පිරිසක් මරණයට පත්වන්නේ හුස්ම හිරවීම නිසා ය.ශ්වසන මාර්ගය අවහිර වීමෙන් වන මරණ ප්‍රමාණය ද ශීඝ්‍රයෙන් වර්ධනයවී තිබේ.එසේ ම අවුරුදු 16ට අඩු මරණ අතර පිරිමි දරුවන් බහුල බව ද එම වාර්තා සඳහන් කරයි.රෝහල් වාර්තාවලට අනුව මේ වයස් කාණ්ඩයේ මරණවලින් 3.6% කටම අනතුරු හේතුවී තිබේ.
ශ්‍රී ලංකාව තුළ 2009 වසරේ අවුරුදු එකට අඩු වයස්වල දරුවන් ගේ මරණ අනුපාතිකය 0.6කි.අවුරුදු 16ට අඩු, මාර්ග අනතුරුවලට ලක්වූ ‍ළමයින් ගණන 3344කි.2008දී රෝහල් දත්ත පෙන්නුම් කරන්නේ අනතුරු නිසා 205866ක් රෝහල්ගත කෙරුණ බව ය.කෙසේ වුව ද දරුවන්ට සිදුවන අනතුරු හේතුවෙන් වන ආබාධවලට වැය කිරීම සඳහා වාර්ෂිකව රුපියල් මිලියන855ක මුදලක් රජය වියදම් කරයි.ශ්‍රී ලංකාව තුළ ළමා හා යෞවන පිරිස් මුහුණ දෙන මේ අනතුරු ප්‍රජා සෞඛ්‍යමය අවධානයට ලක්ව තිබේ. එයට හේතුව ආබාධිත තත්ත්ව හා අකල් මරණ සෞඛ්‍ය ක්ෂේත්‍රයට බෙහෙවින් බලපාන නිසා ය.මේ නිසා ම පමණක් නොව, අප අපගේ දරුවන්ට ඇති අවදානම් තේරුම් ගෙන කටයුතු කිරීම මඟින් මේ මරණ බොහොමයක් ම වළක්වා ගත හැනීමට පුළුවන.ඒ ඒ වයස් මට්ටම හා ජීවත්වන පරිසරය අනුව අවදානම වෙනස්වන බැවින්,මවුපිය වැඩිහිටි සැම පහත කරුණු කෙරෙහි සැළකිලිමත්වීම අත්‍යවශ්‍ය ය.

උපතේ සිට මාස 06 දක්වා දරුවන්

මොවුන් ශාරීරිකව සහ මානසිකව වර්ධනය අඩු පිරිසකි. මොවුන් 100%ක්ම මවුපිය වැඩිහිටි ආරක්ෂාව මත ජීවත්වේ.මෙවන් දරුවන්ට බොහෝවිට බලපාන්නේ හුස්ම හිරවීම,කිරි ඉස්මොල්ලේ යෑමවැනි හේතු ය. මේ නිසා මවුකිරි වේලකට පසු ගුඩුස් යැවීම,මෙවැනි වයසේ දරුවන් සුරක්ෂිත කර ගැනීම සඳහා භාවිත කළ හැකි ආරක්ෂිත පියවරකි.දරුවා අවුරුදු දෙකක් යනතෙක් මෝටර් බයිසිකල්වල රැගෙන යාමෙන් වැළකී සිටිය යුතු ය.ඇඳන් වැනි උස් ස්ථානවල දරුවා තනිව දමා යෑම ද නුවනට හුරු නොවේ. සෑම විටෙකම වැඩිහිටියන් දරුවාගේ ආරක්ෂකයකු ලෙස ඔවුනතර රැඳී සිටීම මෙහිදී අත්‍යවශ්‍ය ය.එසේ ම නෑවීමේදී දරුවා වතුර බේසමේ තබා කිසිවිටෙකත් නොයා යුතු ය. ඔබගේ අවධානය ගිළිහෙන එම තත්පරය,ඔබට දරුවා අහිමි වන මොහොත වීමට පිළිවන.අඟල් දෙක තුනක් වැනි වතුර මට්ටමක ගිලී ,ඔබේ දරුවාට අනතුරක් වේයැයි ඔබ කිසි විටෙකත් නොසිතනු ඇත.එහෙත් මෙවැනි වයසක දරුවකු මිය යෑමට මේ ජල ප්‍රමාණය ප්‍රමාණවත් බව ඔබ නිතර සිතට ගත යුතු ය.අප දියේ ගිලෙන්න යන මොහොතක ඔළුව උස්සා මරණයෙන් බේරිය හැකි වුවත්,කුඩා අයට එසේ කළ නොහැකිවීම මීට හේතුවයි. මේ නිසා මවුවරුන් ලෙස තම දරුවාගේ ආරක්ෂාව කෙරෙහි නිරන්තර අවධානයෙන් සිටිය යුතු ය.

මාස 06 සිට වසර 1 දක්වා දරුවන්

ලෝකයේ බොහෝ රටවල් අනුගමනය කරන ක්‍රමය වන්නේ, කුඩා දරුවකු මෝටර් රථයක රැගෙන යනවානම් ,ඒ සඳහා ආරක්ෂිත අසුනක් භාවිත කරයි.එහෙත් අප රටවල මෙවැනි තත්ත්වයක් දැකිය නොහැකි ය. මේ නිසා අනතුරක් වුවහොත් ඉදිරි අසුනේ යන දරුවාගේ ජීවිතය අහිමි විය හැකි ය.අනතුරකදී ප්‍රථමයෙන් ම සිහියට නැගෙන්නේ තම ජීවිතය බේරා ගැනීම කෙරෙහි ය.දරුවාගේ ජීවිතය ගැන සිහි වන්නේ දෙවැනියට ය.මේ නිසා දරුවා ආරක්ෂිත අසුනක පිටුපස අසුනක හිඳුවාගෙන යෑම අත්‍යවශ්‍ය ය. එම පියවර අනුගමනය කළහොත් ළමා මරණවලින් 100%ක් ම වළක්වා ගත හැකි ය.
එසේ ම පියගැටපෙළ තිබේනම් ගේට්ටුවක් දමා ඔවුනට යාමට නොහැකිවන සේ එම ස්ථාන ආවරණය කළ යුතු ය.විදුලි පේනු ආවරණය කිරීමත්,විශාල වතුර භාජන තිබේනම් ඒවා ඉවත් කිරීමත් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කළයුතු දේ ය.

වයස අවුරුදු 1 සිට 2 දක්වා දරුවන්

බිම වැටී ඇති දේ ක්ෂණයකින් කටේ දමා ගැනීමට මොවුන් රුසියන් ය.ඇට වර්ග,ඇණ,මදුරු දඟර කැබැලි වැනි මොවුන්ට අතට හසුවන ඕනෑම දෙයක් මුවේ රුවා ගන්නා නිසා, වැඩිහිටියන් ඒ පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවිය යුතු ය.එසේ ම දරුවා මෝටර් රථයක ගෙන යෑමේදී මවගේ උකුල මත තබා නොයෑ යුතු ය. දරුවා ආරක්ෂිත අසුනේ තබාගෙන යාම මෙහිදී අත්‍යවශ්‍ය ය.අනාරක්ෂිත ළිං තිබේනම් වසා දැමිය යුතු ය. එසේම මුළුතැන්ගෙයි ඇති ගින්දර, කැපෙන ආයුධ,උණු වතුර,ලිස්සන හා බර දේවල් අල්ලා අනතුරු සිදුකර ගැනීමට ඉඩ ඇති බැවින් මුළුතැන්ගෙට යා නොහැකි පරිදි ආරක්ෂිත ගේට්ටුවක් දැමීමට වගබලාගත යුතු ය.

අවුරුදු 2 සිට 3 දක්වා දරුවන්

මොවුන් තමන් කරමින් සිටින කාර්යය ක්ෂණයකින් නවතා වෙනත් වැඩකට යාමට රුසියන් ය.ඔවුන් සෙල්ලම් කරන්නේ පාරක් අද්දරනම්, ආරක්ෂිත ගේට්ටුවක් යෙදීම නුවණට හුරු ය.එසේ නොමැතිනම් මවුපිය ආරක්ෂාව මධ්‍යයේ එය කළ යුතු ය.මේසය උඩ ඇති උණු වතුර බඳුන් හෝ වෙනත් දේ මොවුන් ඇදීමට ඉඩ ඇති නිසා ඔවුන්ගේ අතට හසු නොවන පරිදි ඒවා තැබීමට කටයුතු කළ යුතු ය.එසේ ම වාහන පසුපසට ගැනීමේදීද වැඩිහිටියන් ප්‍රවේශම් වීම අත්‍යවශ්‍ය දෙයකි. මොවුන් ජනෙල් වැනි උස් ස්ථානවලට නැගීමට තැත් කරන නිසා,මවුපිය වැඩිහිටි සැම ඔවුන්ගේ රැකවරණය කෙරෙහි විමසිලිමත් විය යුතු ය.

අවුරුදු 3 සිට 5 දක්වා දරුවන්

මොවුන් වේගවත් ය. සෑම දෙයක් පිළිබඳවම කුතුහලයෙන් යුක්ත ය.මේ අය සතුන් සමඟ සෙල්ලම් කරනවිට එය හරිම අවදානම් ය.මේ නිසා ක්‍රීඩා කිරීමේදී වැඩිහිටියන් ඔවුන් පිළිබඳ අවධානයෙන් සිටිය යුතු ය.පාරේ ගමන් කරනවිට දරුවා අවධානයෙන් යුතුව රැගෙන යාමට මව වගබලාගත යුතු ය.සමහර මවුවරු දරුවා අතින් අල්ලාගෙන ගියත් ,ඔහු රැගෙන යන්නේ පාර පැත්තෙන් ය.එමහරවිට දුරකථනය කනේ ගසාගෙන හෝ අනෙකුත් දරුවන්ගේ මවුවරුන් සමඟ කතාකරමින් යයි.මෙය දරුවාට අනතුරු කැන්දන මොහොත වීමට ඉඩ ඇති හෙයින් ඔබේ අවධානය අත්‍යවශ්‍ය ම ය.
දරුවාට කවදාම හෝ දිනක ජීවිතය සුරක්ෂිත කර ගැනීමට පිහිනීමේ හැකියාව පිටිවහලක් විය හැකි බැවින්,කුඩා කල සිටම පිහිනීම ඔහුට හුරු කරවීම ද නුවනට හුරු ය.
මේ ආකාරයට ඔබ කටයුතු කළහොත් කිසිම දිනක අනතුරු නිසා දරුවන් අකාලයේ මිලිනවයාවියැයි අසන්නට නොලැබෙනු ඇත.දෙයක් වූවාට පසු හඬා වැටී පලක් නැති බැවින්,දරුවාගේ ආරක්ෂාව කෙරෙහි සෑම තත්ත්පරයකම අවධානය යොමු කිරීමට උනන්දු විය යුතු ය.අනතුරු යනු වළක්වාගත හැකි දේ ය.ඒ සඳහා අවශ්‍ය වන්නේ අවධානය හා අවබෝධය පමණකි.
(සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති දේශනයක් ඇසුරින් සකස් කෙරිණි)

http://www.dinamina.lk/

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ නවක නර්තන ශිල්පීන්ගේ වෙස් පැළැඳවීමේ මංගල්‍යය දා

මහනුවර ත්‍රිත්ව විද්‍යලයේ නවක නර්තන ශිල්පීන් විසි දෙදෙනකුට වෙස් පැළඳවීමේ මංගල්‍ය පසුගියදා සුබ මොහොතින් නාථ දේවාල භූමියේ දී සිදු කෙරිණි.
අනතුරුව ත්‍රිත්ව විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී කළ එලි මංගල්‍ය පැවැත්වූ අතර ප්‍රවීණ නර්තනාචාර්යය රවිබන්දු විද්‍යාපති, විදුහල්පති කොලින් රත්නායක, උප විදුහල්පති ආනන්ද මාරසිංහ, නර්තන ආචාර්ය සුනිල් චන්ද්‍රසිරි සහ නන්දසේන තල්ගහගොඩ මහත්වරු ද නර්තන ශිල්පී සිසුන්ගේ මවුපියෝද එම අවස්ථාවට සහභාගී වූහ. ඡායාරූපය-@ සුනිල් ගුණවර්ධන-කුණ්ඩසාලේ සමූහ
 

http://www.dinamina.lk/

Lama Pitiya

SLBC nurtured a bygone generation
UNDYING VALUES
The timbre of the children’s programmes of yesteryear still remain evergreen, though sadly ‘heard’ by lesser numbers in a backdrop of dominant visual media. With rapidly accelerating commercialisation of every sphere, children’s world being no exception, the call for programmes of the calibre of Lama theeraya, Lama Pitiya, Saraswathi Mandapaya, Handa Mama, is direly felt.
Whilst harnessing youthful talent and launching numerous prime names in an array of spheres, creators of such programmes heralded truly a Sri Lankan identity fusing creativity with strongly upheld values. The Nation relives the golden era of children’s programmes untarnished by the forces of the modern consumer world
By Randima Attygalle
Young Dileepa Abeysekera sent several child drawings of his to Sumana Jayatillake’s much acclaimed children’s programme Handa Mama of SLBC, through his celebrated father, Karunaratna Abeysekera, fondly called ‘Karu aiya.’ Alas, to Dileepa’s disappointment none found their way to Handa Mama until one fine day he managed to send an illustration through one of his father’s colleagues at SLBC!
The principles of Karu aiya were such that unless the ‘general procedure’ was followed by ‘everyone,’ children of SLBC presenters being no exception, no drawings found their way through ‘back door’!
“This little anecdote speaks volumes of the mettle of my father which was true in the case of most of his contemporaries who pioneered several milestones in the history of broadcasting including children’s shows,” recalled Dileepa Abeysekera who is gifted with his father’s creative faculties. Dileepa, who identifies Lama Pitiya and its contemporary programmes as ‘tools of human resource development,’ perceives their inherently unspoilt child-like nature as a unique facet.
Hinehewi bonikka es natawa bala bala
Nelaweela mawu thurule
Doi doi doi doi baba….
Den niwadu kale hinda ne iskole
Aai aai aapi onna sellam kale…
Lowa ganaduru duru karanna
Guna nuwanata maga penenna
Punchi ayata denuma denna
Handa mamata sawan denna…..
“It was my father’s predecessor U.A.S. Perera, better known as Siri aiya who left the first foot print in the field of youth programmes with his breakthrough Siri aiyage Lama theeraya which he co-hosted with the late Trilicia Gunawardene as Somi akka. Siri aiya was a lawyer and a teacher at Nalanda College and my father, who later succeeded him, my uncle Daya Abeysekera, Henry Jayasena, Chithrananda Abeysekera, Gunadasa Amarasekera to name a few, passed through his hands,” explained Dileepa.
Creative labour
Predominantly comprising ‘live shows,’ Lama Pitiya was designed to enrich imagination in an era where radio was the sole medium of entertainment. According to Dileepa, self confidence was one imperative skill inculcated by Lama Pitiya as children were expected to participate in live shows. “Whether it was singing or narrating a story or any other endeavour, presenters of these shows made every child participant feel appreciated and treasured and most importantly they retained the ‘child-like’ nature of the programmes, a trait which we sadly don’t witness today where children too have become pawns of so-called talent shows where money and short-lived publicity hold sway and children are aping adult artistes,” added Dileepa.
Needless to say that Siri aiyage Lama theeraya which launched eminent figures in the country, kept its legacy alive in the hands of his successor Karu aiya. Household names such as Nanda Malini, Premakeerthi de Alwis, Angeline Gunatilaka, Indrani Wijebandara and eminent civil servants and professionals came into limelight via this creative labour. Reminiscing the fond memories of Lama Pitiya with The Nation, artiste Indrani Wijebandara stated, “discipline was a cardinal rule in Karu aiya’s Lama Pitiya. I remember how one day all of us who were awaiting the arrival of Karu aiya for Lama Pitiya, gate-crashed one of the studios of SLBC where Rukmani Devi was present. She was quite a heartthrob and we youngsters were so eager to see her in person and created quite a din to the annoyance of late Thevis Guruge who was then Director, National Service! Guruge complained about us to Karu aiya who severely reprimanded us. Despite the fact that he was part of the Commercial Service of SLBC, Karu aiya ensured that Lama Pitiya was not blemished by commercialisation which was a far cry to modern day reality shows where children are exploited for monetary gains.”
Remembering other stalwarts of SLBC fame of 50s and 60s such as Sarath Wimalaweera Chithrananda Abeysekera, she further said, “these personalities moulded youngsters in such way, so much so a whole generation of artistes and scholars with multi-faceted personas came into being. Apart from a whole array of artistes, eminent figures such as Dr. Upul Wijewardene, Dr. Buddhadasa Bodinayake, Sunil Sarath Perera and Dr. Sunanda Mahendra had their wealth of experience reaped at Lama Pitiya.”
Harnessing talent
Humming mokata gohuru made pipune nelum uyane nopipiee, eminent media personality and sibling of Karu aiya, Daya Abeysekera walked down memory lane of Siri aiyage Lama theeraya of Radio Ceylon where he earned Rs.4 per month as a regular participant!
“As for Siri aiya, he was generous enough to distribute the larger proportion of his earnings among the participants of Lama theeraya. Since all programmes were ‘live’ shows which were aired every Saturday, we used to rehearse on Thursdays at Siri aiya’s residence in Wellampitiya,” recalled Abeysekera. Later, when his elder brother Karu aiya took over the show and relaunched it as Lama Pitiya, young Daya Abeysekera continued to be part of it with his contemporaries Indrani Wijebandara, Chandani Gunawardene, S. Liyanage, Premakeerthi de Alwis etc. Shedding light upon his ‘loku aiya’s’ unparalleled creative faculties, Abeysekera opined, “children’s songs which are so popular even today were composed by loku aiya within a matter of few minutes and he was a good judge of characters with the knack to assign the right person for the right task. For instance, when Premakeerthi aspired to be a vocalist initially for which he did not show much aptitude, it was loku aiya who inspired him to be a lyricist and a narrator to which he did justice. Similarly, identifying the potential of an eminent physician in the making, he assigned Upul Wijewardene for the science feature of the show.”
Vehicle of values
Variety and quality being the hallmarks of Lama Pitiya, Karu aiya also assured discipline and safety of all participants of the show.
“Loku aiya’s mandate extended beyond the air time of Lama Pitiya. He had to ensure that all participants were safely dropped and picked, a responsibility which weighed heavily on his shoulders,” recalled Abeysekera adding that money occupied the last place in the agenda of his legendary brother. “For sarala gee my brother did not charge a cent from any artiste. He would have composed hundreds of evergreen hits for no payment. Such attitudes, values have eroded today, values which he took immense pains to impart to the younger generation through his programmes. I think he was also fortunate to have worked with a generation of children who were children in every sense and had leisure time not to indulge in internet surfing but to engage in fruitful creative efforts,” the concluding words of Abeysekera seemed to offer a timely message to ponder over.
Handa mama fame
Baptised as Handa Mama by K.A.W. Perera, the much sought after children’s programme of 60s presented by Sumana Jayatillake is on the threshold of celebrating its 50 years in existence. The theme song Lowa ganaduru duru karanna… composed by young Sumana was sung by Milton Perera in harmony with the musical touch of P. L. A. Somapala. Handa Mama proved to be a watershed in the 60s as the first medium to fuse art with mass media, the brainchild of Sumana Jayatillake fondly called ‘Sumana nenda’ by several generations. Delving into the winds of change that have blown across Handa Mama, Ms. Jayatillake said, “with the advent of television, only a handful of children are exposed to the radio medium and it’s indeed a challenging effort to sustain a children’s programme on this audio media.”
Jaathaka stories which came alive through children’s illustrations, folk tales which enriched the creativity of young minds whilst cultivating values and cultural norms are today have dwindled in the shadows of ‘viable’ media campaigns, believes Ms. Jayatillake.
“Irrespective of the language of presentation, we were taught the correct rudiments of articulation, grammar by our gurus and seniors, a trend which is on the decline today. Our mother tongue is insulted by most of the TV and radio presenters who tragically believe in mixing English and Sinhala, thereby conveying the wrong impression of language handling to the young listeners,” she added.
For Sumana Jayatillake, walking through the gates of SLBC as a young presenter was a rejuvenating experience, drawing inspiration not only from celebrated artistes and scholars who frequented the place but from the ‘revered premises’ as well.
“Radio as the State media was a responsible medium which was not merely a source of entertainment but education as well. For us, it was not merely a vocation but a passion,” elaborated Ms. Jayatillake who strongly believes that modern technological know-how should be positively exploited whilst being firmly rooted on local soil.
“It’s very saddening to see children being robbed of their true potential, they are moulded into not sensitive human beings but mini-adults, largely as a result of the electronic media. With Spartan technology, through pioneering children’s programmes in the country, we took great efforts to guide the future generation along the correct path but today, we only see electronic media exploiting them as marketing tools,” concluded Ms. Jayatillake.

http://www.nation.lk/2010/10/31/eyefea1.htm

Friday, June 12, 2015

කාම අපරාධ පින්තාරු නොකරමු

උතුරේ දියණියක් ඝාතනයට ලක්වූවාය. පුරවැසියෝ වීදි බැස්සාහ. දේශපාලකයෝ අවස්ථාවාදී වූහ. සිවිල් සංවිධාන සාමාජිකයෝ පුරුදු පරිදි සිය හඬ අවදි කළහ. ජනමාධ්‍ය එය සිය ප්‍රධාන ශීර්ෂ පාඨය කර ගත්තේය. ඒ අතර රට කැළඹූ කොටකෙතන ඝාතනයේ නඩු තීන්දුව ද ප්‍රකාශයට පත්විය.
එම තීන්දුවෙන් චුදිතයෝ නිදොස් වී නිදහස් වූහ. එකී නිදහස්වීම අලුත් ගැටලු කීපයක් මතු කර තිබේ.
එසේ නම් මෙතෙක් කාලයක් පොලිසියත්, පැමිණිලිකරුවනුත්, ඔවුන්ගේ නීතිඥයනුත් හඹා ගොස් ඇත්තේ නිර්දෝෂී පුද්ගලයන් පසුපසද? එය එසේ නම් සැබෑ ඝාතකයන් සැඟව සිටින්නේ නීතියේ ඇස්වලට වැලි ගසමින් ද? ඔවුන් සෙවීමට පොලිසිය යළි ක්‍රියාත්මක වන්නේද? නැතිනම් මේ තීන්දුවෙන් කොටකෙතන ඝාතන සිදුවීම කෙළවර වන්නේද?
කොටකෙතන ඝාතනයේ නඩු තීන්දුව සමඟ එවැනි ගැටලු මතුවීම ඉතා සාධාරණය. එහෙත් මේ ලිපියේ අරමුණ එකී ගැටලුවලට විසැඳුම් සෙවීම නොවේ. එවැනි ඝාතන නොහොත් ළමා අපයෝජන, ස්ත්‍රී දූෂණ සිදුවීමෙහි ප්‍රාථමික අවස්ථාව පිළිබඳ යම්කිසි කරුණු සොයා බැලීමකි.
මෙවැනි සිදුවීමක් වූ වහාම ජන සමාජයද ජනමාධ්‍යය ද ඊළඟට සිය විමැසුම් ඇස හෙළනුයේ නීතිය දෙසට ය. පොලිසිය හා අධිකරණය ඊට ලබා දෙන සාධාරණ තීන්දුව හා විසැඳුම දෙසටය. එකී ක්‍රියාපිළිවෙත හා තීන්දුව පිළිබඳ වැඩි වශයෙන් ඇත්තේ විවේචන ය. දෝෂාරෝපණ ය. එහෙත් වරදකරුවන්ට ලැබෙන දඬුවම දෙස දත් නියවමින් බලා සිටිනවාට වඩා වැරැදි වැළැක්වීමේ රාජකාරි පැවරී ඇති නිලධාරින් සම්බන්ධයෙන් සමාජයේ ඇති මතය කුමක්ද? අවම තරමේ එවැනි පිරිසක් රාජකාරිවල නියැලෙන බවට හෝ ජනතාව දැනුම්වත්ද? ජනතාව තබා එකී නිලධරයන් භාරව සිටින ප්‍රධානියා වන ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවම්වත්ද? තමාට සිටින නිලධාරින් සංඛ්‍යාව ගැන හෝ ඔවුන්ගේ රාජකාරිය ගැන ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුම්වත්ද?
ගමක ජනතාව තමන් වෙනුවෙන් සිටින නිලධරයන් ලෙස හඳුනාගෙන ඇත්තේ කීයෙන් කී දෙනාද? ග්‍රාම සේවා නිලධාරි, සමෘද්ධි නිලධාරි, ගොවිජන නිලධාරි යනාදී අතලොස්සක් වූ නිලධාරින් පිරිසක් හැරුණු විට සෙසු නිලධාරින් ගැන ජනතාවට හැඟීමක් නැත. එකී නිලධාරින්ට ජනතාව ගැන හැඟීමක්ද නැත. පහත දැක්වෙන්නේ එකී නිලධාරින් කිහිපදෙනෙකුගේ තනතුරු පමණි.
පවුල් සෞඛ්‍ය නිලධාරිනි
පුර්ව ළමාවිය සංවර්ධන නිලධාරි
ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි
තරුණ සේවා කටයුතු නිලධාරි
වනිතා කටයුතු නිලධාරි
මානව සම්පත් නිලධාරි
සමාජ සේවා නිලධාරි
ජාතික ඒකාබද්ධතා නිලධාරි
මේ ආදී වශයෙන් තනතුරු තිහකට අධික සංඛ්‍යාවක් එක් ගමක් වෙනුවෙන් රාජකාරි ඉටුකරන බව එක් ප්‍රාදේශීය ලේකම්වරයකු අප හා පවසා සිටියේය. නිශ්චිත වශයෙන්ම සිය නිලධාරි සංඛ්‍යාව ගැන පැවසීමට ඔහු එ‍ෙවලෙහි දැනුම්වත් වී සිටියේ නැත.
කෙසේ වූවද ඔහු කියා සිටියේ ගම සම්බන්ධයෙන් වු ඔවුන්ගේ වගකීම් හරිහැටි ඉටුනොවන බවය. බලපෑම් මඟින් එකී කාර්යයන් ඉටුකරගත නොහැකි බවත් අවශ්‍ය වන්නේ ආකල්පමය වෙනස්වීම බවත් ඔහු කියා සිටියේය. සිය තනතුර වෙනුවෙන් මාසිකව වැටුප ලබා ගන්නා මෙකී නිලධාරින්ගේ ආකල්පමය වෙනස ඇති කරන්නේ කවුද? කවදාද?
ගමක් වෙනුවෙන් තිහකට අධික නිලධාරින් පිරිසක් සේවයට අනුයුක්ත කර තිබුණද ඉහත සඳහන් කළ නිලධාරින් කිහිපදෙනාට වුවද ළමා අපයෝජන ස්ත්‍රී දූෂණ අවම කිරීම උදෙසා සක්‍රීයව දායකවීමේ හැකියාව ඇත. දරුවන් හා ස්ත්‍රීන් ඒ පිළිබඳ දැනුම්වත් කිරීමට ඔවුන්ට තරම් අවස්ථාව ලැබෙන පිරිසක් වෙන නැති තරම් ය. එහෙත් මෙවැන්නෝ ගමකට අනුයුක්ත කර තිබේද යන්න පිළිබඳ හෝ ජනතාව දැනුම්වත් වී නොතිබීම ඛේදනීය තත්ත්වයකි.
ළමා අපයෝජන හා ස්ත්‍රි දූෂණ සම්බන්ධයෙන් මාධ්‍යයේ හැසිරීම කෙබඳුද යන්න විමසා බැලීම එකී නිලධාරින් පිළිබඳ විමසා බැලීම හා සමාන වැදගත්කමක් ඇත්තේය. මේ පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යනාංශයේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සිය අදහස් දැක්වූයේ මෙසේය.
“ළමා අපයෝජනයකදී හෝ ස්ත්‍රී දූෂණයකදී හෝ එවැනි අවස්ථාවක සිදුවන ඝාතනයක දී වර්තමාන ජනමාධ්‍ය හැසිරෙන ආකාරය පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්වන්න බැහැ. මීට පෙර ඉන්දියාවේ වෛද්‍ය සිසුවියක සමූහ දුෂණයට ලක්ව මියගියා. එහිදී ඉන්දියාවේ ජනමාධ්‍යය හැසිරුණේ දැඩි වගකීමෙන්. ඉන්දීය ජනමාධ්‍ය සියල්ල ජනමාධ්‍ය ආචාර ධර්ම ඉහළින්ම සුරැකි අවස්ථාවක් ලෙසයි මා ඒ අවස්ථාව දකින්නේ. ඔවුන් කිසිවිටෙක ඒ සිසුවියගේ සැබෑ නම භාවිතා කළේ නෑ. ඡායාරූපය පළ කළේ නෑ. මවුපියන්ගේ හෝ ඥාතීන්ගේ හෝ හිතවතුන්ගේ ඡායාරූප පළ කළේ නෑ. අධිකරණ කටයුතු පවා ඔවුන් වාර්තා කළේ දැඩි හික්මීමකින්. ඉන්දියානු ජනමාධ්‍ය වාර්තාකරණයෙන් කිසිවිටෙක එම සිසුවිය නැවත අගතියට පත්වුණේ නැහැ.
එහෙත් පසුගියදා සමූහ දූෂණයකින් ඝාතනය වූ උතුරේ සිසුවියට කළ හැකි උපරිම නිග්‍රහය අපේ රටේ ජනමාධ්‍ය විසින් කරනු ලැබිණ. ඇයගේ මරණය හා අධිකරණ වාර්තා සම්බන්ධයෙන් පළ කර තිබූ වාර්තාවලින් පැහැදිලි වූයේ උගත්, ශිෂ්ටසම්පන්න මාධ්‍යවේදීන් හා මාධ්‍ය ප්‍රධානීන් ශ්‍රී ලංකාවේ නැති බවයි. මේ සිදුවීමේදී ඇතැම් තොරතුරුවල කර තිබූ ශීර්ෂපාඨ පවා අතිශයින් ග්‍රාම්‍යයය. මෙරට මාධ්‍ය හැසිරුණේ මේ භාවිතා කරනුයේ වල්බූරු නිදහසක් දැයි සිතෙන තරමට මිය ගිය සිසුවියට නැවත නැවත අපහාස කරමිනි.
එසේම මේ සිද්ධිය දේශපාලන සංසිද්ධියක් දක්වා දුර දිග ගියේය. එකී සමාජ ක්‍රියාවලිය ඇතුළත නැවත ජාතිවාදය කරා ගෙන යෑමේ උත්සාහයකුත් තිබිණ. මේ සියලු කාරණා හෙළා දැකිය යුතුය. මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා වැඩිදුරටත් කියමින් සිටියේ ළමා අපයෝජන හා ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යයේ හැසිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි. ඔහු පවසා සිටියේ දුර්ජන සමාජ කණ්ඩායමක් හෝ පුද්ගලයකු අතින් විපතට පත්වන දරුවකුගේ හෝ කාන්තාවකගේ මානව අයිතීන් නැවත සිය දහස් වාරයක් ජනමාධ්‍ය විසින් කඩකරනු ලබන බවය.
ස්ත්‍රී දූෂණ හා ළමා අපයෝජන පිළිබඳ මෑතකාලීන වාර්තා දෙස බලන කල සැබැවින්ම මෙකී විවේච‍නයේ දෝෂයක් නැතැයි සිතේ. මේ සිදුවීම් පිටුදැකීමේ අරමුණ උදෙසාම ලියන ඇතැම් ලිපි මාලාවන් පවා සකස් වී ඇත්තේ විටෙක තවත් ස්ත්‍රී දුෂණයකට රුකුල් දෙන අයුරිනි.
ජනමාධ්‍යයට වර්තමානයේ ඇත්තේ දැඩි තරගකාරිත්වයක් බව සැබෑවකි. එහෙත් එකී තරගකාරිත්වය ජය ගත යුත්තේ සමාජ වගකීම් ආරක්ෂා කර ගනිමින් මිස තවදුරටත් සමාජ ව්‍යසනයට මඟපාදමින් නොවේ.
මෙහිදී අවධානය යොමු කළ අනෙක් කරුණ වූයේ වින්දිතයන් හා චූදිතයන්ගේ ස්වභාවයයි. මේ සම්බන්ධයෙන් හරස්කඩට අදහස් දක්වා සිටි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී නිරංජි විජේවර්ධන මහත්මිය හා එම විශ්වවිද්‍යාලයේම අපරාධ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පවසා සිටියේ අපරාධ සිදුකරන බහුතරය වින්දිතයා හොඳින් දන්නා හඳුනන්නකු බවය. අමරසිංහ මහතා පවසා සිටියේ සීයට අනූනවයක්ම දරුවන් අතවරයට පත්වන්නේ දන්නා හඳුනන පිරිස අතින් බවය. එබැවින් ඇතැම් අවස්ථාවල මේ සිද්ධීන් වාර්තා නොවන බව ද හෙතෙම පවසයි.
මෙහිදී දන්නා පිරිස කවුරුන්ද යන්න විග්‍රහයක යෙදීම වැදගත්ය. ලේ ඥාතීන්, ඥාතීන්, හිතවතුන්, ගුරුවරුන්, දේශපාලනඥයන්, පොලිස් නිලධාරින් යනාදී කී නොකී සමාජ ස්ථර නියෝජනය කරන්නන් මීට ඇතුළත්ය. නිරංජි විජේවර්ධන මහත්මිය මෙහිදී පවසන්නේ වින්දිතයන් බවට ගැහැනු හා පිරිමි දරුවන් යන දෙකොට්ඨාසයම ඇතුළත් වූවද බහුතරයක් මෙකී අවදානමට ගොදුරු වන්නේ ගැහැනු දරුවන් බවය. ඇය වැඩිදුරටත් පවසා සිටියේ අතීතයේදී බොහෝවිට මේ ඉරණමට ගොදුරු වූයේ බිදුණු පවුල්වල දරුවන් වුව මෙකල එසේ නොවන පවුල්වල දරුවන් පවා අතවරවලට ලක්වන බවය. මෙකී වරදකරුවන්ට මරණීය දණ්ඩනය නියම කළ යුතු බව ඇගේ අදහසය.
ජන සමාජයේ ලිංගිකත්වය පිළිබඳ ඇති දැනුමෙහි අල්ප බවද මෙකී අපරාධවලට තවත් හේතුවක් බවයි අමරසිංහ මහතා ප්‍රකාශ කළේ. මේ ඒ පිළිබඳ ඔහු හරස්කඩට දැක්වූ අදහස්ය.
“ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය දරුවන්ට ලිංගික අධ්‍යාපනයට ලබාදෙන ඉඩ ප්‍රස්ථාව සීමිතයි. මවුපියන්, වැඩිහිටියන් සිතන්නේ ඒ පිළිබඳ දරුවන්ගෙන් වසන් කළ යුතු බවයි. ලිංගික අතවරවලට දරුවන් පත්වීමට මෙයත් එක් හේතුවක්. අවම තරමින් තම ශරීරය ස්පර්ශ කිරීමට වෙනත් අයකුට ඉඩ නොතබන ලෙසට හෝ දරුවන් සරල දැනුවත් කිරීමක් හෝ වැඩිහිටියන් කළ යුතුයි. එහිදී ඊට විරුද්ධවීමට, එතැනින් වහා ඉවත්ව යාමට හෝ සිය මවුපියන්ට හෝ භාරකරුවකුට ඒ පිළිබඳ දැනුම්දීමටවත් දරුවන් දැනුම්වත් කර තිබීම ඉතා වැදගත්.
ඒ වගේම මෙවැනි අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීමේදී එහි ප්‍රායෝගික අඬුලුහුඬුකම් තිබෙනවා. මෙවැනි පැමිණිලිවලින් සියයට හතළිහක්ම සැකකරුවන් සොයාගෙන නැති පැමිණිලි ලෙස අහක යනවා. තවත් සීයට තිහක් පමණ නඩු නිශ්චිත සාක්ෂි නැති නිසා අවසන් වෙනවා. ඊළඟට සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ නොහැකි බව පවසමින් තවත් සීයට විස්සක් විතර නඩු අහෝසි වෙනවා. මේ අයුරින් බලන විට වැරදිකරුවන් වී දඬුවම් ලබන්නේ සීමිත පිරිසක්.
එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීමෙන් මේ අපරාධ නැවැත්විය හැකි යැයි සිතීම අමාරුයි. පවතින නීතිය හරිහැටි ක්‍රියාත්මක වනවා නම් තිබෙන නීති ප්‍රමාණවත්. මේ අපරාධ නැවැත්වීම සඳහා ප්‍රායෝගික ජාතික ප්‍රතිපත්ති ගොඩනැඟීම අත්‍යවශ්‍ය යි. ”
ළමා අපචාර සහ ස්ත්‍රි දූෂණය යනු ශිෂ්ටසම්පන්න සමාජයක් අනුමත කරන දේ නොවේ. ඓතිහාසික උරුමය සංස්කෘතිය පිළිබඳ උස් හඬින් කතා කරන මිනිසුන් සිටින මෙසිරිලකෙහි දිනෙන් දින නැගෙන අපරාධ රැල්ල මැඩීම නීතිය ක්‍රියාවේ යොදවන උදවියගේත් නීති පනවනු ලබන ව්‍යවස්ථාදායකයේත් කාරියකි. එහෙත්, එකී පිරිස ලවා නීතිය ක්‍රියාවේ යොදවා ගැනීමේ පරම අයිතිය ඇත්තේ පොදු මහජනතාවටය. ඔවුන් ඒ අයිතිය පිළිබඳ අවදියෙන් නොසිටීම බරපතළ ප්‍රශ්නයකි.

සුමේධා නවරත්න

http://www.dinamina.lk/

විභාගේ අභාගේ දරුවන්ට කියූ සෝමලතා සුබසිංහ

විභාගෙ විභාගේ
එහෙ බැලුවත් විභාගේ
මෙහෙ බැලුවත් විභාගේ
විභාගේ තමයි අපේ අභාගේ
මේ ජනප්‍රිය නාට්‍ය ගීයක මුල් කොටස යි. අසූව දශකයේ පමණ මේ ගීය අපොස උසස් මට්ටමේ සිසු සිසුවියන් මුවග නිතර රැව් දුන් එකක් විය. ඊට හේතුව මේ ගීය ඇතුළත් ‘විකෘති’ නම් වු වේදිකා නාට්‍යය එකල අසීමිත ප්‍රසාදයක් දිනා ගනිමින් වේදිකා ගත වීම ය. තමන් අසහනයට පත් කරන විභාග පීඩාවෙන් මොහොතකට මිදී ජීවිතයේ සැහැල්ලු බව විඳ ගැනීමේ අවස්ථාවක් ද යෞවන යෞවනියන්ට එම ගී‍ෙතන් උදා කර දුන්නේ ය. විකෘති නාට්‍යය වත්මන දක්වාම විවිධ අවස්ථාවල වේදිකා ගත වෙයි. 80 දශකයෙහි සිසුන් සමඟ පොරකමින් ශාලාවට ඇතුළු වි විකෘති නැරඹූ මම මෑත කාලයෙහි මැදිවියෙහි ජීවත් වන රසිකයකු හැටියට එම නාට්‍ය නරඹා ඉමහත් ආස්වාදයක් ලැබුවෙමි. කතා තේමාව අතින් එය එදාටද වඩා අදට ගැළපෙයි. හෙටටද ගැළපෙනු ඇත. කිසියම් වේදිකා නාට්‍යයක් තේමාත්මක අතින් පිළුණු නොවී දශක කිහිපයක් රසික ප්‍රසාදය දිනාගැනීම ම එහි ඇති විශිෂ්ට බව පිළිබඳ නොවරදින සාක්ෂියකි.
නිදහස් අධ්‍යාපනයේ මහා නිදහස මරාගෙන විකෘති අධ්‍යාපනයක් බිහිවීමත් ලොව කිසිදු රටක නොමැති පරිදි ටියුෂන් අධ්‍යාපනය සිසුන්ගේ ජීවිත බිලි ගැනීමත් අධ්‍යාපනය යුද්ධයක් බවට පත්වීම නිසා යොවුන් විය අසහනකාරී අන්දමින් ගෙවන්නට සිදුවීමත් විකෘති නාට්‍යයෙන් ප්‍රශ්න කිරීමට ලක් වේ. රටේ අධ්‍යාපනඥයන්ගෙන් කී දෙනකු විකෘති නරඹා තිබේ දැයි මම නොදනිමි. එසේ නරඹා තිබුණා නම්, නිදහස් අධ්‍යාපනය කුණුවීමේ වේගය මේ තරමින් වැඩි දියුණු වන්නට ද ඉඩක් නැත.
විකෘති නාට්‍යයේ නිර්මාතෘවරිය වූ සෝමලතා සුබසිංහ දැයෙන් සමුගෙන ගතවී ඇත්තේ දින කිහිපයකි. අනූව දශකයේ දිනෙක සාහිත්‍ය මිතුරන් රැසක් ද සමඟ කුලියාපිටිය ප්‍රදේශයෙහි ඔවුන් පදිංචි නිවසට ගිය මම, විකෘති නාට්‍ය පිළිබඳ බොහෝ දේවල් කතා කළෙමි. ම‍ෙග් මතකයේ හැටියට ඇගේ සැමියා වන ලයනල් ප්‍රනාන්දුගේ ගම කුලියාපිටිය විය යුතුය.
සෝමලතා සුබසිංහ 1950 දශකයෙහි මෙරට සාහිත්‍ය හා ශාස්ත්‍රීය ප්‍රබෝධයෙහි පුනරුදයක් පැවති සමයේ පේරාදෙණිය සරසවියෙන් උසස් අධ්‍යානය ලැබීමේ මහඟු වරම හිමිකර ගත්තා ය. සෝමලතා මෙන්ම පසු ව ඇගේ සැමියා බවට පත්වූ නිහාල් ප්‍රනාන්දු ඇතුළු ඉහළම ගණයේ රසිකත්වයක් හිමි වූ ශාස්ත්‍රවන්තයෝ විශාල පිරිසක් එවක පේරාදෙණිය සරසවියෙහි අධ්‍යාපන ලැබූහ. මහාචාර්ය සරච්චන්ද්‍රයන් ගේ වේදිකා නාට්‍ය, චිත්‍රසේනයන්ගේ මුද්‍රා නාට්‍ය යනාදිය ඔවුන්ගේ කුසලතා වර්ධනය කරගැනීම කෙරෙහි බලපෑවේය.
සෝමලතා සුබසිංහ අති දක්ෂ රංගන ශිල්පිනියකි. වේදිකා නාට්‍ය හා චිත්‍රපටි රැසක් ඔස්සේ ඇය තම ප්‍රතිභාව විශද කොට ඇත. එමෙන් ම රටවල් ගණනාවක ළමා නාට්‍ය කලාව පිළිබඳ කළ අධ්‍යයන ඔස්සේ ඇය පිහිටු වූ ළමා හා යොවුන් රංග පීඨය දරුවන්ගේ කලා කුසලතා වර්ධනය කර ගැනීමේ තෝතැන්නක් බවට පත්විය. ඇය විසින් නිර්මාණය කරන ලද ළමා නාට්‍ය ගණනාවක්, ඉංග්‍රීසි බසින් විදෙස් රටවල ද ප්‍රදර්ශනය කර ඇත. ප්‍රාදේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඇය ඇගයුමට පත් වූ අවස්ථා ද රැසකි. කාන්තාවන් සහ දරුවන් උදෙසා නාට්‍ය අධ්‍යයනය සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඔස්සේ ඇය විසල් මෙහෙවරක් සිදු කර ඇත.
සෝමලතා සුබසිංහ, නාට්‍ය නිර්මාණය නාට්‍ය අධ්‍යාපනය, රංගනය යනාදී ක්ෂේත්‍ර ගණනාවක එක විට යෙදුණු විශිෂ්ටතම ශ්‍රී ලාංකීය කලාකාරිණිය හැටියට සම්භාවනාවට පත් වෙයි.
එහෙයින් ඇගේ වියෝවෙන් අපේ රටට සිදු වූ අඩුව අන් කිසිවකු හට පිරවිය නොහැක්කක් වන බව සටහන් කරනුයේ ශෝකයෙනි.

තිඹිරියාගම බණ්ඩාර

http://www.dinamina.lk/

ළමයින් රකින්නන්ගේ අවධානය පිණිසයි

 මරණ දණ්ඩනය නොහොත් එල්ලුම් ගහ යළි ක්‍රියාත්මක කරන්නැයි සමාජය වරින්වර යෝජනා කරයි. මෑත කාලයේ එම යෝජනාව නැවත පණ ලැබුවේ ප්‍රධාන අපරාධ දෙකක් අරභයාය. ඉන් එකක් නම් මත් ජාවාරමයි. ළමා අපයෝජන සහ ස්ත්‍රී දූෂණ අනෙක් අපරාධ ලෙස නම් කෙරිණි.
මෙකී අපරාධකරුවන්ට දිය හැකි උපරිම දඬුවම් ලබාදිය යුතු බව අමුතුවෙන් කිව යුතු නැත. එමෙන්ම වින්දිතයන්ට සාධාරණය ඉෂ්ට කිරීම වගකිවයුතු අංශවල මෙන්ම මුළුමහත් සමාජයේම වගකීමය. ඒ අතරතුර කළ යුතු වැදගත්ම කාර්යයට තවමත් සමාජය හෝ වගකිව යුතු අංශ නිසි අවධානය යොමු කර නැති වග ඒ පිළිබඳ විමසන කල පැහැදිලි වන කරුණකි.
දරුවන් හෝ ස්ත්‍රීන් මෙකී අපරාධයට ‍ගොදුරු නොවන ලෙස රැකබලා ගන්නේ කෙසේද යන්න මෙහි ඇති වැදගත්ම ගැටලුවය. එකී ගැටලුව විසඳීම අරභයා ආණ්ඩුව විවිධ පිළියම් ‍යොදා ඇත. එහෙත් ඒවායෙහි විධිමත් භාවය හා ප්‍රායෝගිකත්වය පිළිබඳ ගැටලු පවතී.
විශේෂයෙන්ම මෙරට දරුවන්ට රැකවරණය හා ආරක්ෂාව සැපයීම, ඔවුන්ගේ පැවැත්ම හා සංවර්ධනය යනාදී කරුණු රැසක් සම්බන්ධව රාජකාරි කරනු ලබන ආයතන රැසකි. ඒ අතර ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය, ප්‍රමුඛතම ආයතනය වේ. ඒ යටතේ ක්‍රියාත්මක වන තවත් ආයතන තුනකි. එනම් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමාරක්ෂණ අධිකාරිය හා ළමා ලේකම් කාර්යාලයයි. ඊට අමතරව ද දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන ආයතන රැසකි. පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශ, අධ්‍යාපන අමාත්‍යාංශය, සමාජ සේවා අමාත්‍යාංශය, කාන්තා කටයුතු අමාත්‍යාංශය, කම්කරු අමාත්‍යාංශය යනාදී ප්‍රමුඛතම ආයතන රැසක් ද රාජ්‍ය නොවන සංවිධාන රාශියක් ද දරුවන් සම්බන්ධයෙන් කටයුතු කරයි. ලෝක ළමා දිනය ලෝක ළමා ප්‍රඥප්තිය යනාදී ජාත්‍යන්තර ළමා කටයුතුවලට මෙකී ආයතන දෙන දායකත්වය ද කැපී පෙනේ. එහෙත් අපරාධකරුට නීතිය ක්‍රියාත්මක කිරීම, දඬුවම් දීම, වින්දිතයාට උපරිම සාධාරණය ඉටුකිරීම පිළිබඳ මෙන්ම එකී අපරාධ වළක්වා ගැනීම පිළිබඳ පුළුල් කථිකාවක් ගොඩනැඟීම අද දවසේ අත්‍යවශ්‍ය කාරණාවකි.
එහිදී පෙර කී ආයතන, ජනමාධ්‍යයේ හා සමාජයේ දැඩි දෝෂදර්ශනයට ලක්වී ඇත. එසේ වුවද ඒ වගකීමෙන් මිදීමට මාධ්‍යයට හෝ සමාජයට නුපුළුවන. මාධ්‍ය හා සමාජය එකී කාරණාවට සමාන පංගුකාරයන් විය යුතුවා සේම අදාළ ආයතනවල කාර්යය භාරය නිරන්තරයෙන් ප්‍රශ්න කරමින් එහි කාර්ය භාරය සක්‍රීය කිරීමට කටයුතු කළ යුතුය.
ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනවල කාර්ය භාරය විමසන කළ පෙනී යන්නේ දරුවන්ට රැකවරණය මෙන්ම දරුවන්ගේ සංවර්ධනය උදෙසා එම ආයතනවල කාර්ය භාරය වුවද සෑහෙන බවය. එහෙත් විධිමත් හා කාර්යක්ෂම ලෙස සමස්ත ජනගහනය වෙතම එම සේවාවන් ලැබේද යන්න ගැටලුවකි. එමෙන්ම වෙනත් ආයතනවල ප්‍රශ්නකාරී පිළිවෙත් නිසා ද ඊට ඇතැම් බාධා ඇතිවන බව පෙනේ.
1979 වසරේදී සමාජ සේවා අමාත්‍යාංශය යටතේ ආරම්භ වූ ළමා ලේකම් කාර්යාලයට මේ වන විට වසර තිස් හයකි. මෙකී තිස් හය වසර ඇතුළත ළමා ලේකම් කාර්යාලය දරුවන් වෙනුවෙන් ඉලක්කගත කළ වැඩසටහන් මොනවාදැයි හරස්කඩ විමසා සිටියේ එහි අධ්‍යක්ෂිකා චන්දිමා සිගේරා මහත්මියගෙනි. ඇය පවසන පරිදි වයස බිංදුවේ සිට වසර පහක් යනතුරු දරුවා සම්බන්ධ වගකීම් රාශියක් පැවරී ඇත්තේ මේ ආයතනයටය.
ළමා ලේකම් කාර්යාලයේ ප්‍රධාන වගකීම වන්නේ ළමා ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම, යාවත්කාලීන කිරීම හා ක්‍රියාත්මක කිරීමය. දරුවන් සම්බන්ධයෙන් මවුපියන්, වැඩිහිටියන් හා පෙර පාසල් ගුරුවරුන් දැනුම්වත් කිරීම, මාර්ගෝපදේශන කටයුතු මෙන්ම දරුවන් වෙනුවෙන් සංවර්ධන ප්‍රමිතීන් සකස් කිරීම තවත් කටයුත්තකි. වසර පහකට වරක් මුල් ළමාවිය පිළිබඳ සංඝණන සමීක්ෂණයක් කර ‍වාර්තාවක් සැකසීම තවත් කාර්යය භාරයකි. දරුවන්ට අවශ්‍ය පෙර පාසල් උපකරණ ලබාදීම පෙර පාසල් ඉදිකිරීමට අවශ්‍ය විවිධ උපකාර ලබාදීම ද දරුවන්ට කිරි වීදුරුවක් දීමට කටයුතු කිරීම ද ඒ අතර ඇති තවත් සේවාවන්ය. ගර්භණී මවුවරුන්ට පෝෂණ දීමනාව ලබාදීම ළමා ලේකම් කාර්යාලයට පැවරුණු අලුත් කාර්යයයි.
මෙකී කාරණා ඉටුකිරීම පිණිස ළමා ලේකම් කාර්යාලයේ නිලධාරි ජාලයක් ලංකාව පුරා විසිරී සිටිති. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එක් නිලධරයකු බැගින් ද, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකට එක් නිලධාරියකු බැගින් ද සිටින අතර ඔවුන්ගේ සහයට පළාත් සභාවෙන් ද නිලධාරියකු පත් කර සිටී. ළමුන්ගේ මුල් ළමාවිය ආරක්ෂාව සංවර්ධනය වෙනුවෙන් රට පුරා ළමා ලේකම් කාර්යාල‍ෙයන් පමණක් අනුයුක්ත කර ඇති නිලධාරීන් ගණන 297 කි.
මේ නිලධාරීන් පිරිස වසරකට මවුවරුන් හා ගුරුවරුන් කෙතරම් සංඛ්‍යාවක් දැනුම්වත් කිරීමට සමත්ද? එම ප්‍රශ්නය අප යොමු කළේ ළමා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරිය වෙතය.
“වසරකට මවුවරු 33,500 කට පමණ දරුවන් ගැන දැනුම්වත් කිරීම් කරනවා. ප්‍රතිශතයක් හැටියට සියයට 5 ත් 10 ත් අතර පිරිසකට තමයි අපට මේ දැනුම්වත් කිරීම කළ හැකි වන්නේ. ඉතිරි සීයට 90 ක් මග හැරෙනවා. පෙර පාසල් ගුරුවරුන් දැනුම්වත් කිරීමත් එහෙමයි. අපට වසරකට රුපියල් මිලියන 450 ක් ලැබෙනවා. මේ මුදලින් අප සියලුම කටයුතු කරන්න ඕනෙ. මීට වඩා ප්‍රතිපාදන ලැබුණොත් මීට වඩා සේවයක් කරන්න පුළුවන් වෙයි.”
‍ළමා ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ වගකීම මවුවරුන් සියයට දහයකට හෝ නිසි අයුරින් ලැබෙනවාද යන්න පිළිබඳව ඒ ගැන ලබාගන්නා සහතිකය කුමක්ද යන්න ගැනත් අපි ඇයගෙන් විමසුවෙමු.
දිස්ත්‍රික් ලේකම් නිලධාරීන් ඉදිරිපත් කරන වාර්තා මඟින් ඔවුන්ගේ සේවය වාර්තා වන බවයි ඇය පැවසුවේ.
නිලධාරීන්ගේ ඇගයීම් වාර්තා මත පමණක් ඔවුන්ගේ සේවය ගැන සෑහීමකට පත්විය හැකිද යන්න ගැටලුවකි. විවෘත අර්ථ ක්‍රමයක් යටතේ බිහිවූ එම ආයතනයේ පරමාර්ථය උතුම්ය. එහෙත් එහි ප්‍රතිලාභ ගම් මට්ටමට බෙදී යන කල එහි උපරිම කාර්ය භාරය ගැන සතුටට පත්විය හැකි ද යන්න ගැටලුවකි.
පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව ද අධිකාරිය ද දරුවන් සම්බන්ධ ගැටලුකාරී අවස්ථාවලදී බොහෝ විට ‍විවේචනයට ලක්වන ආයතනයකි.
1956 දී බිහිවූ මේ ආයතනයේ දැක්ම වනුයේ ළමුන්ගේ අයිතීන් තහවුරු කරමින් ඔවුනට සංවේදී වූ හිතකර සමාජයක් බිහිකිරීමය. ළමුන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට හා ප්‍රමිතීන්වලට අනුකූලව අනාථ, අත්හල හා අසරණ ළමයින් ද නීතිමය ගැටලුවලට බඳුන් වූ ළමුන් ද සුවිශේෂී කර ගනිමින් සියලු ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ඔවුන්ට සමාන අවස්ථා උදාකර දීම මේ ආයතනයේ මෙහෙවර හැටියට සඳහන් වෙයි.
මේ මෙහෙවරෙහි ප්‍රායෝගික තත්ත්වය පිළිබඳ අප විමසා සිටියේ ප්‍රායෝගිකව එම කටයුතුවල නිරත වී සිටින වසර ගණනාවක අත්දැකීම් ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට අනුයුක්තව කටයුතු කරන නිලධාරි මහතකුගෙනි. ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි ලෙස සේවයේ නිරත ඔහු පවසා සිටි එක් වැදගත් කරුණක් වූයේ ළමා හිමිකම් පිළිබඳ දරුවන් හා මවුපියන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් අකමැතිම පිරිස වන්නේ ගුරුවරුන් බවය. සුළු ප්‍රතිශතයක් ඒ ගැන පැහැදීමෙන් කටයුතු කළද බහුතර ප්‍රතිශතය තමන් හෝ ඒ පිළිබඳ දැනුම්වත් වීමට අකමැති බව ද ඔහු කියා සිටියේය.
හැඳි නොගා හදන හොද්දත්, දඬුවම් නොකර හදන දරුවත් පිළිබඳ පැරණි කියමනේ සිටිමින් ඔවුහු ඒ දැනුවත් වීම හෝ කිරීම ප්‍රතික්ෂේප කරති. සමාජය ගොඩනැඟීමට සමාජයේ පෙරගමන්කරුවන් ලෙස මහත් වගකීම් සම්භාරයක් පැවරී ඇති ගුරුවරුන්ගේ මෙකී හැසිරීම පැහැදිලි ලෙස රටක අවාසනාවකි. මන්දයත් ගුරුවරු යනු ළමුන්ට පමණක් නොව මවුපියන් ද ඇතුළු මුළුමහත් සමාජයටම බලපෑම් කළ හැකි ප්‍රබල කණ්ඩායමක් වන බැවිනි.
ළමා අපයෝජන වැළැක්වීමේදී ද තමන් මහත් දුෂ්කරතාවට පත්වෙන බවක් ද ඔහු පැවසුවේය. වසර 18 තෙක් දැරියකට විවාහ විය නොහැකි වුවද ඊට පෙර නීත්‍යානුකූල නොවන ලෙස විවාහ සබඳතා පැවැත්වූ වයස 16 ට වැඩි දැරියන් සම්බන්ධයෙන් පවතින නීති, ගැටලු සහගත බව ඔහු පැවසීය.
“වසර 18 අඩු ගැහැනු දරුවන් නීත්‍යානුකූල නොවන විවාහවලට එළැඹුණාම ඔවුන්ට විවාහ වීම තහනම්. ඒ වගේම පාසල් යාමටත් තහනම්. එහෙත් ලිංගික සබඳතා පැවැත්වීමට තහනමක් නෑ. ඒ වෙනුවෙන් පවුල් සෞඛ්‍ය නිලධාරිනිය ඇයට වරස 18 වන තෙක් පවුල් සැලසුම් ක්‍රම අනුගමනය කිරීමට උපදෙස් දෙනවා. එමෙන්ම ඒ පෙති වර්ගත් ලබා දෙනවා. එය නීත්‍යානුකූලයි. විවාහ වීමට අවසර නැති දරුවකට ලිංගික කටයුතුවල හැසිරීම අනුමත කිරීමෙන් ළමා අපයෝජන නැවැත්වීමේ කටයුතුවලට සිදුවන්නේ බාධාවක්. අනෙක් පැත්තෙන් බොහෝ විට ඔවුන්ගේ සැමියන් ඔවුන්ට වසර 18 වන විට ඔවුන්ව මඟහැර ගිහින්. ඇතැම් විට ඔවුන්ට දරුවනුත් සිටිනවා.
එලෙස සිය අදහස් හරස්කඩට දැක්වූයේ නැ‍ඟෙනහිර පළාත නියෝජනය කරන ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධරයෙකි. ඔහු පවසන පරිදි උප්පැන්න සහතිකයේ සිට වයස අවුරුදු 18 තෙක් සියලුම අයිතිවාසිකම් කඩවීම්, ළමුන්ගේ ප්‍රවර්ධන කටයුතු, ළමා අයිතීන් ගැන දරුවන්, මවුපියන්, වැඩිහිටියන් හා ගුරුවරුන් දැනුම්වත් කිරීම, ඒ පිළිබඳ වූ ග්‍රාමීය ළමාරක්ෂක කමිටු පිහිටුවීම හා ඒවා ක්‍රියාත්මක කිරීම ආදී වගකීම් රාශියක් මෙකී නිලධාරීන් මඟින් ඉටුවෙයි.
එහිදී ග්‍රාමීය ළමාරක්ෂක කමිටු ඉතා වැදගත් යැයි හැ‍ඟෙන්නේ ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් එක් ගමකින් නියෝජිතයන් 25 දෙනකු පමණ ඊට ඇතුළත් බැවිනි. ඒ අතර මෙකී නිලධරයා ද දරුවන් ශ්‍රම සූරාකෑමට ලක්ව ඇතිද යන්න පිළිබඳ සොයා බැලීමට හා ඒ වෙනුවෙන් කටයුතු කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත කර ඇති කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු නිලධරයා ද ඇතුළත්ය. ඒ හැරුණුවිට ග්‍රාම නිලධාරි, සමාදාන විනිශ්චයකරුවකු, පාසලේ විදුහල්පති, හිමිවරුන් හා පූජකවරුන් වැඩිහිටියන් ඇතුළු 25 දෙනෙක් පමණ මෙකී කමිටුව නියෝජනය කරති. ඉහත නිලධරියා පැවසූ ආකාරයට මේ රැස්වීම්වලට විදුහල්පතිවරුන් කැඳවා ගැනීම ඉතා අසීරු ය.
මේ තොරතුරු අනුව බලන කල ළමා ආරක්ෂාව පිළිබඳ වගකීම් දැරීම සඳහා නිලධාරීන් පිරිසක් ආණ්ඩුවෙන් පත්කර සිටිති. එහෙත් නිරන්තරයෙන් ජනමාධ්‍ය ඔස්සේ වාර්තා වන්නේ දරුවන් සම්බන්ධ අභාග්‍යසම්පන්න තොරතුරු ය.
දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මවුපියන්ගේ වගකීම කෙබඳු ද යන ගැටලුවට ඉහත නිලධරයා ලබා දුන් පිළිතුරු මෙසේය.
“මවුපියවරු කොටසක් හැමදාම සිය දරුවන්ගේ ආරක්ෂාව ගැන සැළකිළිමත් වෙනවා. එහෙත් එහෙම කරන්නේ සීමිත පිරිසක්. විශේෂයෙන්ම දිළිඳු පවුල්වල මවුපියන් බහුතරයක් දරුවන් ගැන කිසිදු තැකීමක් කරන්නේ නෑ. ඔවුන්ට මොන තරම් පැහැදිලි කළත් ඔවුන් හිතන්නේ එදා දවස ගැන විතරමයි.”
මෙකී ප්‍රකාශය සමඟ හෙළිවන සමාජ තත්ත්වය තේරුම් ගැනීම අපහසු නැත. දරිද්‍රතාවය සමඟ දරුවන්ගේ ආරක්ෂාව, සංවර්ධනය හා අයිතීන් පිළිබඳ පරමාර්ථ හා අරමුණු කඩාකප්පල් වන්නේ එලෙසය.
ළමුන්ගේ ආරක්ෂාව එතැනින් කෙළවර වන්නේ නැත. 1998 වසරේදී අංක 50 ජාතික ළමාරක්ෂක අධිකාරි පනත යටතේ ජාතික ළමාරක්ෂක අධිකාරිය පිහිටුවන්නේ ද ළමා ආරක්ෂාව උදෙසා ය. ඒ ළමා අපයෝජන වළක්වා ගැනීම, වින්දිත ළමයා නැවත සමාජගත කිරීම, ඔවුන්ගේ අනාගතය නියාමනය කිරීම යනාදී අරමුණු ඉටුකර ගැනීම සඳහා ය. ළමාරක්ෂක අධිකාරිය ද, කාන්තා කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, පොලිසිය හා අධිකරණය යනාදී ආයතන රාශියක් සමඟ සහයෝගයෙන් කටයුතු කරයි. එහිදී ළමාරක්ෂක අධිකාරිය සිය ළමාරක්ෂක නිලධාරීන් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ද, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට ද එකී අනුයුක්ත කර ඇත. සියලුම පොලිසිවල පිහිටුවා ඇති ළමා හා කාන්තා කටයුතු කාර්යාංශ සමඟ ද සම්බන්ධ වෙමින් ඔවුහු ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරති.
පෙර පාසල් ගුරුවරුන්, ගුරුවරුන් හා මවුපියන් ද, දරුවන් ද ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම මෙහි ඇති එක් වැඩසටහනකි. එහිදී පාසල් කමිටු පිහිටුවීම එක් පියවරක් වුවද සියලුම පාසල්වල මෙකී කමිටු පිහිටුවා නැත.
මේ අනුව බලන කල ගම් මට්ටමේ සිට ජනතා පරමාධිපත්‍ය නියෝජනය වන පාර්ලිමේන්තුව දක්වා ළමුන් වෙනුවෙන් කරන මෙහෙය අතිවිශාල බව පෙනී යයි. ඒ වෙනුවෙන් සෘජුව හා වක්‍රව සම්බන්ධ වෙන ආයතන රැසකි. නිලධාරීන් සංඛ්‍යාව ද අති මහත් ය. කමිටු, රැස්වීම් හා උත්සවවලද අවසානයක් නැත. එහෙත් දරුවෝ නිරන්තරයෙන් අනාරක්ෂිත වෙති. පීඩනයට හා හිංසනයට ලක්වෙති. සමාජ අසහනයේ ගොදුරු බවට පත්වෙති.
මෙකී අර්බුදයට එක් ආයතනයකට හෝ එක් නිලධාරින් පිරිසකට හෝ වගකීම පවරා නිහඬ වීමට හෝ අත සෝදාගැනීමට සමාජයේ කිසිම ක්ෂේත්‍රයකට නොහැකිය. සියලුම සමාජ ස්ථරයන් හා ක්ෂේත්‍ර දරුවන්ගේ අයිතීන්, ආරක්ෂාව හා සංවර්ධනයේ වගකීම භාරගත යුතුය. විශේෂයෙන්ම රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතුය. දරුවන්ගේ පොත් බෑගය තුළ පිරී ඇති බරෙහි දැනුම, දරුවන්ගේ ජීවිත අවබෝධයට හා ශාස්ත්‍රීය දැනුමට කෙතරම් ඉවහල් වන්නේ ද යන්න මෙහිදී සැලකිල්ලට ගත යුතුය. එකම විෂය කරුණු පිළිබඳ පෙළපොත් කීපයකින් එකම සටහන් ඇසුරින් දැනුම දෙන අධ්‍යාපන ක්‍රමයකි අපට ඇත්තේ. එකම ප්‍රශ්න ඇති ප්‍රශ්න පත්‍ර රැසකි. එහෙත් ලිංගික අධ්‍යාපනය විධිමත් ලෙස දරුවාට හඳුන්වා දෙන විෂය නිර්දේශයක් කුමන ග්‍රන්ථයක හෝ නැත. සිය ආරක්ෂාව හා අයිතීන් පිළිබඳ වඩා හොඳින් දැනුම්වත් වී සිටිය යුත්තේ දරුවාය. එහෙත් එකී දැනුම්වත් කිරීම නැත්තේ ද දරුවාටය. එබැවින් අදාළ ආයතන හා අධ්‍යාපන විශේෂඥයෝ දැනුමෙන් හා ආකල්පවලින් දරුවන් සන්නද්ධ කිරීමට දැන්වත් අවධානය යොමු කිරීම කෙටි කාලීනව මෙන්ම දීර්ඝ කාලීනව ද මෙකී ගැටලුවට ලබාදිය හැකි ප්‍රධානතම විසඳුමකි.


http://www.dinamina.lk/