Friday, February 14, 2014

ගංගාරාමයේ නවම් පෙරහැර අද සහ හෙට

ගංගාරාමයේ නවම් පෙරහැර අද සහ හෙට

කොළඹ හුණුපිටිය ගංගාරාම මහා විහාරස්‌ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර අද (14 දා) හා හෙට (15 දා) දෙදින රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිතය.

ගංගාරාමාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ගලබොඩ ඥානිස්‌සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙවර පෙරහැර පවත්වනුයේ 35 වැනි වරටය.

බුදුන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය මුල්කර ගනිමින් මුල් කාලයේ පැවැති ඇසළ පෙරහැර කාලයක්‌ තිස්‌සේ ඇනහිට තිබූ අතර 1979 දී එවකට අගමැති වූ ආර්. ප්‍රේමදාස මහතාගේ අනුග්‍රහය මත සැරියුත් මුගලන් මහරහත් වහන්සේලාගේ අග්‍රශ්‍රාවක පදවි ප්‍රාප්තිය නිමිතිකොට ගනිමින් කොළඹ නවම් මහා පෙරහැර නමින් නැවත ආරම්භ කෙරිණි.

උඩරට, පහතරට, සබරගමු, නැටුම් සම්ප්‍රදායන්ගෙන් හා අලි ඇතුන් රාශියකගෙන් සමන්විත ගංගාරාමයේ නවම් මහා පෙරහැර කොළඹ නගරයේ අසිරිමත් බොදු මංගල්‍ය ලෙසින් දැක්‌විය හැක.


http://www.divaina.com/2014/02/14/news09.html

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි