V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Saturday, January 31, 2015

අන්දරේගේ කතා - කැස්ස නැවැත්වීම




අන්දරේ කටකාරය බව අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. හැබැයි අන්දරේ තමන්ගෙ ගෞරවය ගැන මනාවට හිතපු කෙනෙක්. රජ්ජුරුවන්ට උසුළු විසුළු කිරීමට ඔහු කටයුතු කලාට ඔහුට විහිළුවක් කරන්න කාටවත් බැරිවුනා. ඒ අන්දරේ පරද්දන්න කාටවත්ම බැරි වුන හින්ද. විහිළු වගේම අන්දරේ වස් වදින්න ගණ පිහිටුවා කවි කියන්නත් දක්ෂයි කියල දන්නවනෙ.
ඉතින් මේ විදිහට තමන්ගෙ දක්ෂතාවයන් පෙන්වමින් ඉන්නකොට දවසක් අන්දරේට නඩුවක සාක්ෂියකට කැදවීමක් ලැබුන. අද වගෙම ඒ කාලෙත් අධිකරණය තිබුනෙ කොටස් කිහිපයකින් සමන්විත වෙලායි. බරපතල නඩු රජ්ජුරුවන් අහනකොට මහා අධිකාරම්වරු , නිලමේවරු හා ගම්මුලාදෑනීන් සුළු නඩු විසදන්න කටයුතු කලා. අන්දරේටත් කැදවීම ලැබුනෙ නිලමේවරයෙක් අසන ලද සුළු නඩුවක් සදහායි. අන්දරේ මෙයට සහභාගීවුනේ කැමැත්තකින් නොවෙයි. නොගිහින් බැරි නිසයි.
‘‘ සියල්ලොම නිෂ්ශබ්දවෙනු ‘‘ අධිකරණයෙ වැඩ ආරම්භ කලා. නමුත් නිශ්ශබ්දතාව කඩකරමින් අන්දරේට කැස්ස.
නිලමෙ නැවත වරක් ‘‘ සියල්ලොම නිෂ්ශබ්දවෙනු ‘‘ කියල කිව්වෙ අන්දරේගෙ කැස්ස කරදරයක් වුන නිසයි.
නමුත් අන්දරේ අත ඇරියෙ නෑ. දිගටම කැස්ස. මහ හයියෙන් කැස්ස. කහින ගමන් කෙදිරි ගෑව. වැඩේ කරගෙන යන්නම දුන්නෙ නෑ.
‘‘ යුෂ්මතාට සිංහල තේරෙන්නෙ නැද්ද ? ‘‘ නඩුකාර උන්නාන්සෙට කේන්ති ගිහින්. අන්දරේ ඇහුනෙ නෑ වගෙ ඉන්නව.
නැවත රාජකාරි ආරම්භකලා. පුදනකොටම කාපි යකා කියල අන්දරේ පෙරටත් වඩා හයියෙන් කහිනව.
මේකට මළ පැනල නඩුකාර උන්නාන්සෙ ‘‘ නිශ්ශබ්දතාව කඩකිරීමේ වරදට යුෂ්මතාට පතාග දහයක් දඩ ‘‘ යැයි නියමකරනව.
ඔන්න එතකොට අන්දරේට මළ පනිනව. ‘‘ ස්වාමිණි මම සාක්ෂි දීල ඉවරවෙනකම් මේ කැස්ස නතර කරල දෙන්න පුළුවන්ද ? ‘‘ නක්කලෙටයි අහන්නෙ. ‘‘ ඒක කරල දුන්නොත් මම ඔබ වහන්සෙට පතාග දහයට සීයක්ම ගෙවන්නම් ‘‘
නඩුකාර උන්නාන්සෙට තරු පේනව..
ඔන්න එතකො ඇවිත් ඉන්න ඔක්කොම හිනා වෙනව. තමන්ට දෙන්න උත්තරයක් නැති තැන නඩුකාර උන්නාන්සෙ දඩය අකුල ගන්නව.
http://andaremamas.blogspot.com 

හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියෝ



http://sithuwilisuwadakakulu.blogspot.com


1827 ජනවාරි 20 වන දින හික්කඩුවේදී උපන් ශ්‍රී සුමංගල හිමියන්ගේ ගිහි නම වූයේ දොන් නිකලස් අබේවීර ගුණවර්ධනයි. එතුමන් වයස අවුරුදු 13දී පමණ පැවිදි බිමට ඇතුලත්ව ලක් ඉතිහාසය තුල සිය නම රන් අකුරින් ලියවීය.  සුමංගල හිමියන් උපන් කාල වකවානුව ලක් වැසියන්ට හා සිරිලකට එතරම් සුභදායී කාලසීමාවක් වුනේ නැහැ.  සත්‍ය වසන් කල අන්‍යාගමිකයෝ බොරුවෙන් හා අයුක්තියෙන් තමන්ගේ උපරිමයෙන්ම බුදු දහම මෙලොවින් තුරන් කරන්නට උත්සාහ ගත්තා.  එවන් කාලයක තමයි සුමංගල හිමියන් පැවිදි බිමට ඇතුළු වුනේ.
ඒ කාලයේ ප්‍රසිද්ධව සිටි තොටගමුවේ විජයබා පිරිවෙනේ අධ්‍යාපනය හැදෑරු උන්වහන්සේ පාලි, සංස්කෘත, සිංහල, ඉංග්‍රීසි යන භාෂාවන්ගෙන් විශාල දැනුමක් ලබා පස්සේ කාලයේදී එවකට ශඩ්භාෂා පරමේෂ්වරව සිටි තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන් සමග සම තත්වයේලා සැලකිය හැකි වන ආකාරයට පොතපතේ දැනුමෙන් අගතැන්පත් වුනා.  මහනුවර යුගයේදී වැලිවිට සරණංකර හිමියන්ගේ ධර්ම ශ්‍රාස්ත්‍රයටත් විශාල ආලෝකයක් ලබා දීමට කටයුතු කලා.
බෞද්ධ භික්ෂූන් වහන්සේගේ අධ්‍යාපනය නිම වන්නේ උපසම්පදාව ලබාගත් පසුයි.  සුමංගල පොඩි හාමුදුරුවන් වහන්සේගේ ධර්ම ඥානය පරීක්ෂා කිරීමට එකල මහනුවර උපෝසථාගාරයේදී පරීක්ෂණයක් ආරම්භ කරන ලදී.  මහනුවර නායක ස්වාමීන් වහන්සේලාද එයට එක් විය.  ඒ අවස්ථාවේ සුමංගල සාමනේරයන් වහන්සේ විසින් දළදා වන්දනා ගාථා කිහිපයක් රචනා කරන ලදී.  ඒ දුටු සංඝ සභාව පුදුම වී එය නම් සුමංගල හාමුදුරුවන්ගේ නිර්මාණයක් වන්නට බැහැයි කතා වූහ.  නමුත් එවේලේම පුස්කොල පොත් හා පන්හිදක් ගෙන්වාගත් උන් වහන්සේ ඒ මොහොතේම පාලි ගාථා කිහිපයක්ද රචනා කලහ. මහත් විශ්මයට පත් මහා සංඝරත්නය  උන්වහන්සේට පිරිත් කියා සෙත් පැතුහ.  පිරිවෙන් අධ්‍යාපනයේ අවසාන භාගය වන විට උන්වහන්සේ ගැන නොදන්නා අයෙක් රට පුරා නැති තරම් විය.
සතර අත පැතිර ගිය උන්වහන්සේගේ කීර්ති නාමය කොළඹ සිටි ධනවත් අය අතරත් රැව් පිළිරැව් දෙන්නට විය.  එහිදී දොන් කරෝලිස් හේවාවිතාරන, ඈපා අප්පුහාමි, දොන් පිලිප්පු සිල්වා ඇතුළු ධනවතුන් 13න් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මුල්වී විද්‍යෝදය පිරිවෙන පටන් ගන්නැයි උන්වහන්සේට ආරාධනා කලහ. ඔවුන් ඒ සදහා මරදාන ප්‍රෙද්ශයෙන් ඉඩමක්ද මිලට ගෙන දුන්හ. 
පස්සෙ කාලෙක ලංකා ඉතිහාසයේ මහත් පෙරළියකට හේතුවූ විද්‍යෝදය විද්‍යා පීඨය ඒ අන්දමින් 1873 වසරේ දී සුමංගල හිමියන්ගේ මූලිකත්වයෙන් ආරම්භ විය. එසේම එමගින් ථේරවාදී බුදු දහම නැවතත් නගා සිටුවන්නට උන්වහන්සේ සමත්වුනා.
1873 දී පානදුරා වාදයේ මූලිකත්වය ගෙන ක්‍රියාකලේ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් වුවත්, වේදිකාවේ පිටුපස සිට උන්වහන්සේට අවශ්‍ය සියලුම තර්කානුකූල අදහස් සකස් කර දුන්නේ සුමංගල හිමියන්ය.  1864 බද්දේගම වාදය, 1866 උදම්විට වාදය, 1871 ගම්පොළ වාදය, හා 1899 ඔරුගොඩවත්ත වාදය, වැනි වාද වලදීත් බෞද්ධයන් කුලුගැන්වූ මහා යතිවරයාණෝ සුමංගල මාහිමියන්ය.
නොපසුබස්නා උත්සාහය හා අවස්ථාවට උචිත ලෙස කටයුතු කිරීම උන්වහන්සේගේ තිබූ මහගු ගුණයන්ය.  ඒ කාලයේ පැවති කතෝලික බෞද්ධ ගැටුමකදී බෞද්ධයන් පවත්වන්නට සිටි පෙරහැර එකල රජය විසින් නවත්වන්නට අණ කිරීම නිසා උන්වහන්සේ ගත් ක්‍රියා පිළිවෙතින් උන්වහන්සේගේ උත්සාහය, වීර්යය පිලිබදව මොනවට පැහැදිලි වෙයි.  උන්වහන්සේ රජයෙන් අවසර ඉල්ලා සිටි විට එයට අවසර නොලැබුනු අවස්ථාවේදී “කමක් නැහැ ඒක උඹලම තියාගනිල්ලා. මම කොහොම හරි පෙරහැර පවත්වනවා.  උඹලට පුළුවන් දෙයක් කරපල්ලා කියා පෙරහැර සංවිධානය කළහ. 
මෙය අසාගෙන සිටි අශ්වයෙක් පිටේ නැගුන පොලිස් නිලධාරියෙක් අවසර පතක් උන්වහන්සේට පිරිනැමුවා.  නමුත් උන්වහන්සේ එය ප්‍රතික්ෂේප කරමින් මෙසේ කීවා.
“ඒ අවසර පත ආපහු ගෙනියන්න.  මේ රටේ මේ අපේ සිංහල රටේ, මේ අපේ බෞද්ධ රටේ අපේ ආගමික කටයුත්තක් කරගන්න පොලීසියට ගිහින් අවසර ඉල්ලන්නත් සිද්ධ වෙලා.  මම මගේ බෞද්ධයන් ලවා පෙරහැර කරවනවා....(ශ්‍රී සුමංගල චරිතය)
උන්වහන්සේගේ චරිතය දෙස බලනකොට මෙවන් සිදුවීම් තවත් ගණනාවක්ම වාර්තාවේ.  එක්තරා අවස්ථාවෙක කොළඹ කොටුවෙන් පිටත්වූ දුම්රියකට ගොඩවූයේ භික්ෂූන් වහන්සේ නමකි.  එවකට පළමු පන්තියේ මැදිරි තුල බොහෝ දුරට ගමන් ගත්තේ සුදු ජාතිකයන්ය.  භික්ෂූන් වහන්සේ දුම්රිය මැරිදිරියට ගොඩවනවිටත් සුදු ජාතිකයන් දෙදෙනෙක් අසුන් ගෙන සිටියහ.  භික්ෂූන් වහන්සේ දැකීමෙන් කෝපයට පත්වූ ඔවුන් දෙදෙනා ඉංග්‍රීසි බසින් අසභ්‍ය වචනයෙන් බැන වදිමින් ගමන් කලහ.  භික්ෂූන් වහන්සේද මේ කිසිවක් නොදත්තාක් මෙන් ගමන් කලහ.  කෙසේ හෝ මේ දුම්රිය අඹේපුස්ස දුම්රිය ස්ථානයේ නතර කරන ලදී.  එවේලේ නුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක්ද එතැන නතර විය.  ගල් අගුරු හා ජලය පුරවා ගැනීම සදහායි අනෙක් දුම්රිය එම ස්ථානයේ නතර කරන ලද්දේ.  එවකට අප රටේ ආණ්ඩුකාරවරයාද එම දුම්රියෙන් කොළඹ බලා ගමන් ගත්තේය.  ඔහු සිටි දුම්රිය මැදිරිය මේ භික්ෂූන් වහන්සේගේ දුම්රිය මැදිරියට සමාන්තරව විය.  භික්ෂූන් වහන්සේ දුටු ආණ්ඩුකාරවරයා දුම්රිය ගමන මදකට පමා කරන්නැයි කියා උන්වහන්සේ වෙත පැමිණ වැද නමස්කාර කොට බොහෝ වේලාවක් සාකච්ඡා කරන ලදී.  පසුව නැවතත් වැද යන්නට ගියේය. 
මෙතෙක් වේලා භික්ෂූන් වහන්සේට බැන වදිමින් සිටි සුද්දෝ දෙදෙන භික්ෂූන් වහන්සේගේ චතුර භාෂා හැකියාව දැක වික්ෂිප්තව “ඔබ වහන්සේ ඔතරම් හොදට භාෂාව දැනගෙනත් නොදන්නවා වාගේ සිටියේ මන්දැයි ඇසීය. 
“නුඹලා එංගලන්තෙන් ගෙනත් තියෙන්නේ ඉංග්‍රීසි භාෂාව විතරයි, එහේ හොද සිරිත් විරිත් උඹලා ගාව නැහැ.  මට උඹලා දෙන්නව පේන්නේ නොදරුවන් වගෙයි.  උඹලාට වඩා උගත්කමිනුත් බලයෙනුත් වැඩි උදවියයි මම ආශ්‍රය කරන්නේ යයි කීහ.
ඒ කාලයේ පවත්වාගෙන ගිය පුවත්පත් වලට අමුතුම ආලෝකයක් ලබා දෙමින් උන්වහන්සේ රට, ජාතිය, ආගම ගැන ඇති කළ සිතුවිලි සිංහල ජාතියට අනූපමේය සේවයක් කරන්නට තරම් බලවත් වුනා.  1880 දී “සරසවි සදරැස හා ක්‍රි.ව. 1873 “සමය යන පුවත්පත හා සගරාවෙන් ඒ බව හොදින්ම පැහැදිලි වෙනවා.“බ්‍රහ්ම ධර්මය, “මහා වංශයේ සිංහල පරිවර්තනය, සුබෝධිකා හා සිදත් සගරා සන්නය උන්වහන්සේගේ දැනුම පෙන්වන කැඩපතක් වැනියි.
1867දී උන්වහන්සේ ශ්‍රී පාදස්ථානයේ අධිපති පදවියට පත්විය.  එසේම සුමංගල හිමියෝ තෙලිතුඩ සුනන්දාරාමය, ගල්පොත්තේ විහාරය, හික්කඩුවේ තිලකරත්නාරාමය, හබරකඩ විහාරය යන ස්ථානයන්හි වැඩ වසමින් ඒ ඒ ජනතාවන්ට ධර්ම ඥානය ලබා දුන්හ.  1899 දී සුමංගල හිමියන්ට ත්‍රිපිටක වාගීෂ්වර යන උපාධිය පිරිනමන ලදී.  එසේම කොළඹ නව කෝරළයේ නායක පදවියටත් උන්වහන්සේ පත්විය.  එම පදවිය උන්වහන්සේට පිරිනමන ලද්දේ යුරෝපීය රටවල උගතුන්ගේ සංගමයක් විසිනි.
අවුරුදු 80කට නොඅඩු කාලයක් පරදෙස් රජයන්ගෙන් ලක්දිව මුදාගැනීම සදහා උන්වහන්සේ ගෙන ගිය සටන වීරෝදාර ක්‍රියාවලියකි.  මෙලෙස රටට ආගමික හා සමාජිය වශයෙන් විශාල සේවාවක් කල හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිපාණන් වහන්සේ 1911 අප්‍රේල් මස 29 වන දින අපවත් විය.
 
http://sithuwilisuwadakakulu.blogspot.com

අන්දරේගේ කතා - ගොරකා මුලේ කතාව

http://sithuwilisuwadakakulu.blogspot.com




රජ ගෙදර මුළුතැන්ගෙයි එදා ගොරකා ඉවර වෙලා. ඉතින් ගොරකා ඉවර වුනාම
හැමදාම රජ බිසව කරන්නේ ගමේ කවුරු හෝ ගෙන්නගෙන ගොරකා
මුලක් ගෙන්වා ගැනීමයි. ඔන්න ඉතිං බිසව ඒ වැඩේ පවරන්න කෙනෙක්
ගැන සිතමින් ඉන්න කොට අන්දරේ මාලිගාවේ මුළුතැන්ගේ
පැත්තට ආවා. ඉතිං අන්දරේට කතා කරපු බිසව
“අන්දරේ මට උදව්වක් ඕනෑ....කියලා කිව්වා.
“කියන්න බිසවුන් වහන්ස, ඕනෑ දෙයක් කියන්ට....අපි නිතරම බැදී සිටින්නේ
ඔබතුමියට හා රජතුමාට සේවය කිරීමටයි....අන්දරේ කිවුවා.
“එහෙනම් අන්දරේ මට ගොරකා මුලක් ගෙනැත් දෙන්න...බිසව කිව්වා.

අන්දරේ ඒ එක්කම රජවාසලින් පිටත් වුණේ බිසවුන් වහන්සේගේ ඉල්ලීම ගැන සිතමින්.  
අන්දරේගේ ඉඩමට කිට්ටුව ඉඩමේ ලොකු ගොරකා ගහක් තිබුණා.
හැබැයි මේ ගොරකා ගහ අන්දරේට පුදුම කරදරයක් වෙලයි තිබුණේ.
ඇයි ඉතින් ගහේ අතු ඔක්කෝම අන්දරේගේ වත්තට පාත්වෙලා.
මේ ගහේ කොළ සේරම අන්දරේගේ වත්තේ.
ඒත් අනුන්ගේ ඉඩමක ගහ තිබුණ නිසා
ගහේ අතු කපන්නත් බැහැනේ.
ඉතින්....මේ අවස්ථාව අන්දරේගේ අදහස ඉටු කරගන්න 
හොදම වෙලාව.  අන්දරේ කෙලින්ම ගියේ 
ගහේ අයිතිකාරයාගේ ගෙදරට.
“ගෙදර කවුරුත් නැද්දෝ......??????
ආ....ලොකු උන්නැහේ මම ආවේ රජ ගෙදර ඉදන් රාජ ආඥාවක් අරගෙන.
වහාම මේ ගොරකා ගහ කපලා ඒකේ මුල රජ ගෙදරට අරගෙන එන්න කියලා රාජ ආඥාවක්
නිකුත් කරලා තියෙනවා.....අන්දරේ කිව්වා.
රාජ ආඥාවකට පිටුපෑම මරණය පවා අත්වන්නට පුළුවන් කාරණාවක්.  ඒ හින්දම ගොරකා ගහේ අයිතිකාරයා තවත් දහපහලොස් දෙනෙක් එකතු කරගෙන ගොරකා ගහ කපලා ගැලෙව්වා.  
එයින් මුල වෙන්කරගන්ත කට්ටිය  මුලත් කරතියාගෙන රජ ගෙදරට ගියා.  
අන්දරේ තමයි ඉස්සරහින්ම ගියේ.
විශාල ගොරකා මුලක් මිදුලේ තබනු දුටු රජතුමා..
“මොකද අන්දරේ මේ.......??කියාලා පුදුම වුණා.
“කුමන කාරණාවකට ගේන්න කිව්වද කියලා මම නම් දන්නේ නැහැ දේවයන් වහන්ස.
ඔබ වහන්සේගේ අග බිසවුන් වහන්සේ තමයි මට ගොරකා මුලක් 
ගේන්න කියලා කිව්වේ. අන්දරේ කිව්වා.  
බිසවුන් වහන්සේගෙන් කාරණාව විමසූ රජතුමාට හොදටම හිනා.
බිසවට මේකට ටිකක් කේන්ති ගියත් ඇය අන්දරේගේ තරම
දන්නා නිසා මොනවත් කියන්නට ගියේ නැහැ. 

http://sithuwilisuwadakakulu.blogspot.com

අන්දරේගේ කතා - තිත්තයන් මැල්ලුමයි - කුරක්කන් පිට්ටුයි

අන්දරේ ඉතිං මුඵ දවස පුරාම ඉන්නේ රජ වාසලේනේ. ඒ හින්දාම රජවාසල අන්දරේට අමුතු තැනක් නෙමෙයි.  අනෙක් අතට බලනකොට රජ වාසලේ ඇත්තන්ට අන්දරේ කියන්නේ අමුතු පුද්ගලයෙකුත් නෙමෙයි. නිතර දකින කෙනා නේ.  අන්දරේ එක්ක කතා බහ කරන්න විහිළුවක් කියන්න, ඒ විතරක් නෙමෙයි ඕනෑම රහසක් කියන්නත් රජ වාසලේ කිසිම කෙනෙක් බය උනේම නැහැ.

ඔන්න ඉතිං එක දවසක් රජ බිසව අන්දරේට කතා කලා.  හොදට වටපිට බලලා කවුරුත් නැති බව තහවුරු කරගත්තා.

“අන්දරේ....මම උඹට එන්න කිවුවේ රහසක් කියන්නයි...හැබැයි මේ වගක් කාටවත් කියන්නෙ එහෙම නැහැ.  මේ කතාව රජතුමාවත් දන්නේ නැහැ. දන්නේ අපි දෙන්නා විතරමයි... බිසව එහෙම කිවුවා.

“හොදයි බිසවුන් වහන්ස, මම සියලුම රහස් රකින්නම්.  මා හට පවසනු මැනවි.  කියලා අන්දරේ රජ බිසවට කිවුවා.

“මට ආසයි අන්දරේ කුරක්කන් පිට්ටුත් එක්ක තිත්තයන් මැල්ලුමක් කන්න.  උඹට පුළුවන්නේ ඇඹේනියට කියලා මට ටිකක් හදවලා දෙන්න.  අග බිසව ඇහුවා.

“අපොයි ඕක සුළු දෙයක්නේ.  මම හදවලා ගෙනැත් දෙන්නම්....අන්දරේ කිව්වා.

රජවාසලින් එළියට ආපු අන්දරේ ගමේ තිබුණ හැම ගෙදරකටම ගියා.  

“අපේ රජ්ජුරුවන් වහන්සේගේ බිසවුන් වහන්සේට කුරක්කන් පිට්ටුයි, තිත්තයන් මැල්ලුමකුයි කන්න ආස හිතිලා.  තම තමන්ට හැකි ආකාරයට කුරක්කන් පිට්ටුයි, තිත්තයන් මැල්ලුමකුයි හදාගෙන කද බැදගෙන හෙට දවල්ට ආවොත් හොදයි.....අන්දරේ හැමෝටම පණිවුඩේ කිවුවා.  ආයේ ඉතිං රජ නියෝගයක් කිසිම කෙනෙක් කඩන්නේ නැහැනේ.  ඇයි ඉතිං රාජ උදහසට ලක්වෙනවා නොවැ.  කොයිතරම්ම වැඩ තිබුනත් පහුවදා ඒ හැමදේම පැත්තකට දාලා කුරක්කන් පිට්ටුයි, තිත්තයන් මැල්ලුමයි හදන්න ගත්තා.

ඉතිං ඔන්න එදා රජ තුමායි දේවියයි සදලු තලේ කතා බහ කරමින් ඉන්නකොට රජමාලිගාවේ ප්‍රධාන දොරටුව පැත්තෙන් ලොකු ගාලගෝට්ටියක හඩක් ඇහුනා.  බැලින්නම් විශාල පිරිසක් දොරටුව ලග රැස් වෙලා ඉන්නවා.  හැම කෙනාගෙම කරේ බරට බරේ දන් කදක්.  දන් කදවල් තියාගත්තු මිනිස්සු වැල නොකැඩි රජවාසල පැත්තට එනවා.  

රජ්ජුරුවන්ට හරිම පුදුමයි මේ වැඩේට. මේ තරම් පුද පඩුරු අරන් එන්න තරම් කාරණාවක් ගැන රජතුමා කල්පනා කලා. එහෙම හේතුවක් එතුමාට නිකමටවත් මතක් වෙන්නේම නැහැ.  රජතුමා සේවකයෙකු යැවුවා විස්තර දැනගෙන එන්න කියලා.  ටික වෙලාවකින් රජු ලගට පැමිණි සේවකයා නමස්කාර කරලා මේ විදියට කිවුවා.

“අවසර දේවයන් වහන්ස, බිසවුන් වහන්සේට කන්න ආසයි කී කුරක්කන්  පිට්ටුයි, තිත්තයන් මැල්ලුමයි කද බැදගෙනයි මිනිස්සු ඇවිත් තියෙන්නේ.....

රජු ලග හිටපු බිසව ලැජ්ජාවෙන් මුහුණ රතු කරගත්තා.  බිසවගෙන් විස්තර දැනගත් රජතුමා මේකත් මේ අන්දරේගේ විහිළුවක්ම බව තේරුම් ගත්තා. එතුමාටත් හොදටම හිනා වෙච්ච වැඩේට. 
 
http://sithuwilisuwadakakulu.blogspot.com

අකුරට යනවයි කියලා



අකුරට යනවයි කියලා 

අකුරට යනවයි කියලා
ටිකිරි අයියා බැදි වලමයි
ඉන්නකො මම ගුරු ගෙදරට
ගිහින් කියන්නම්
ගිහින් කියලා පොඩි නැන්දට
අල්ලල දෙන්නම්

මාළු ඇඹුල් තියල් කරල
පොල් සම්බල රහට හදල
ඇල් හාලේ බතුත් එක්ක
අනල කවන්නම්
කවන ගමන් මමත් කවන
තරමට කන්නම්

කරුවල ඇති වැහි දවසට
මහ රෑ මැද ලගින් ඉදන්
පල් හොරු ගැන හොල්මන් ගැන
කතා කියන්නම්
කතා කියලා බය ඇරෙන්න
විහිළු කරන්නම්


(ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහතා)
 
මේ ගීතය ගායනා කරලා තියෙන්නේ කමලනි පෙරේරා සහ එස්.කරුනාදාස විසිනි

Tuesday, January 27, 2015

දේවතා එළි විතරක් නොවේ තාරකාත් මා දුටුවෙ එදා.

ප්‍රින්සිපල්ගේ කනේ පාරෙන් මං එදා දේවතා එළිත් දැක්කා

ප්‍රවීණ නාට්‍යවේදී ජයලත් මනෝරත්න
අද පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලෙ
නිදහස කියන එකේ නියම අරුත හීන් එකා කාලෙදි මං දන්නෙ නෑ. අපේ ගමේ මිනිස්සු බොහොමයක් එහෙමයි. නුවරඑළියෙ සීතල මීදුම් වළල්ලේ එතිලා අපේ ගම්වලටත් ආවා. දෙහිපෙ ගමේ අපිත් ඒ හිරිගඩු නංවන සීතල දරාගන්ඩ පුරුදුයි. උදේ ඉඳන් පොළොව කොටලා හරි හම්බ කරන්ඩ මහන්සි වෙන ඇත්තො මේ ගම්වල හිටියෙ. අදත් ඉන්නවා. හීන් ඇඳිරිය වැටෙනකම් වැඩකරලා අස්වැන්න පූදින කාලෙට ඒ එකතු කළ අස්වැන්න ඊළඟ දවසෙ උදේ පාන්දරම ඒ අය ලොරිවලට පැටෙව්වා. සීතලට හිසේ තලප්පාවක් බැඳගෙන මේ ලොරිවලට ගෝවා, තක්කාලි, මාළු මිරිස් ගෝනි පුරවලා පැටෙව්වෙ නාට්ටාමිලා නොවෙයි. අපේ දුප්පත් අම්මලා.
අරුණැල්ලත් එක්කම අපේ ගොවිබිම්වලට ඇදුණු ලොරි තට්ටුවකට මුවහ වෙලා මාත් මේ මිනිස්සුන්ගෙ නිදහස පැතුවා. පුදුමය කියන්නෙ ඒ නිදහස අප ළඟම තිබුණත් ඒක අල්ලන්ඩ අපට වරම් නොතිබුණු එක. මාත් ඉපදුණේ 1948 අවුරුද්දෙ.
හරියටම කිව්වොත් ලංකාවට නිදහස ලැබිලා මාස හතරකට පස්සෙ. අම්මලාගෙන් පස්සෙ පරම්පරාව අපේ පරම්පරාව නිදහස් කරලා අපේ මහා සමාජයට එව්වෙ නිදහස් අධ්‍යාපනය කිව්වොත් වැරැදි නෑ. ඒ ගැන පුරෝගාමීව කැප වෙමින් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහත්මයා ලංකාව පුරා ඇතිකළ මුල්ම මධ්‍ය විද්‍යාල අතරින් අපේ ඉස්කෝලෙත් එකක්. නුවරඑළිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත කොට්ඨාසයේ පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයය කියලයි ඒක නම්වර ලැබුවෙ.
ප්‍රවීණ රංගධර කෘතහස්ත නාට්‍යවේදී ජයලත් මනෝරත්නයන්ගේ අධ්‍යාත්මය ඇතුළු හද පුරා හෝරා කීපයක් කළ කතාවේ සමුදයාර්ථය මට වැටහුණේ එලෙසය. ඒ අධ්‍යාත්මය නිහඬව කී දේ වචනවලට නැඟීම මම නොමසුරුව කළෙමි. එහෙත් ඒ මුවමඬල මට කී ඉතිරිය ද කියන්නට අවසර.
මං මුලකුරට ගියේ ගමේ ඉස්කෝලෙ. දෙහිපෙ ප්‍රාථමික මිශ්‍ර පාසලට. දුප්පත් දරුවන්ට ඉහළට නඟින හිණිමඟ එදාත් ශිෂ්‍යත්වෙ. අව්කාෂ්ටකේ පොළොවත් එක්ක ඔට්ටු වන අපේ අම්මලා හා නෑදෑයො සියල්ලටම එකම ප්‍රාර්ථනයයි තිබුණේ. ඒ ශිෂ්‍යත්වෙන් දරුවන් මොන දහිරියක් දාලා හරි පාස් කරවන්ඩ. මාත් ඒ විදියටම දෙහිපේ ප්‍රාථමිකයෙන් 1959 දි ශිෂ්‍යත්වෙ පාස් වුණා. අපේ ජීවිතය පුරා ගුලිවෙච්ච ඒ සෞන්දර්යාත්මක කලාත්මක චින්තනය පෝෂණය කරගන්ඩ තරමක් හෝ පහසුකමක් හොයාගන්නා සිහිනයක් අනෙක් අයට වගේම මටත් තිබුණා. මාත් ශි්‍යෂ්‍යත්වය පාස්වෙලා පොරමඩුල්ල සෙන්ට්‍රල් එකට ආවා.
මේ ඉස්කෝලෙ විවිධප්‍රසංග, සමිතිවල යම්බඳු ක්‍රියාකාරකම් දැකලා මටත් හැඟීමක් ආවා. සාමාන්‍යයෙන් සෙන්ට්‍රල්වලට උරුමව තිබුණු වේදිකාවක් අපේ ස්කෝලේ තිබුණා. පාසලේ අනෙකුත් ගොඩනැඟිලිවලට වඩා මගේ සිත් ගත් තැන පුංචි දවසෙදිත් ඒ වේදිකාව.
එදා ශිෂ්‍යත්වය දීමනාවට රජයෙන් ලැබුණු රුපියල් 32යි ශත 50යි. කෑම බීමත් එක්ක නේවාසිකාගාර පහසුකම ලබන්නයි ඒ මුදල ලැබුණෙ. යමක් කමක් තිබූ දරුවො අරමුදල ගෙවලා ගෙවීමේ පදනමටත් නේවාසිකාගාරගත වුණා. මං ගමේ ඉඳන් ලොකු ඇඳුම් පෙට්ටියක් කරගහගෙන නේවාසිකාගාරයට ආවත් මුල්ම දවස් ටිකේ මං ගත කළේ පුදුමාකාර දුක්බර ජීවිතයක්. වීරයා වගෙ ආවාට මොකද? හැමදාම අඬන එකයි කළේ. සාමාන්‍යයෙන් පාසල් වෙලාව පසුවුණාම ළමයින් නිදහස් වෙනවා. ඔවුන් හිතුමතේට වැඩකරනවා. එහෙත් නේවාසිකාගාරයේ ඒවා බෑ. උදේ 5ට අවදි වෙන්ඩ ඕනෑ.
5.30 ඉඳන් 6.30 වෙනකම් පාඩම් කරන්නම ඕනෑ. ඊළඟට ස්කෝලෙට යන්ඩ ඕනෑ. හවසටත් එහෙමයි. හැන්දෑවෙ පහත් හයත් අතර පමණයි ක්‍රීඩාකරන වෙලාව. ඊට පස්සෙ ආයිත් පාඩම් වැඩ. දැඩි විනය නීති පද්ධතියක් තිබුණා. වෙලාවට වැඩකිරීම, පිළිවෙළට කටයුතු කිරීම, පිරිසුදුව සිටීම මේ හැමදේම මගේ ජීවිතයට කාන්දු කළේ පාසල් නේවාසිකාගාරෙ. සපත්තු පොලිස් කරගන්ඩ, ඇඳුම් පිරිසුදුව අඳින්ඩ, කොණ්ඩය වෙලාවට කොටට කපා තියාගන්ඩ, අනවශ්‍ය වචන කතා නොකරන්ඩ, කල්ලි නොවැටෙන විදියට ළමයින් තබාගන්න අපේ කෘත්‍යාධිකාරිතුමා නිතරම මහන්සි ගත්තා. එතුමාගේ නම ඩී.වික්ටර් ඊ.පීරිස්. නුවර පළාතෙන් ආපු වැදගත් මහත්මයෙක්. අන්තර් වැඩ මෙන්ම බාහිර ක්‍රියාකාරකම්වලටත් එතුමා ළමයින් යොමු කළේ විශේෂ අවධානයෙන්.
අපේ ගම්වල සොකරි, කිඳුරු කමතේ පන්සල් මඩුවෙ පෙන්වන අවස්ථා තිබුණත් අපි සමාජ නාට්‍ය දැකලා තිබුණෙම නෑ. කුවේණි, ජනේලය, ඉබිකට්ට, මුහුදු පුත්තු වගෙ නාට්‍ය කොලොම්තොට පෙන්වන බව අසා තිබුණත් දැක තිබුණෙ නෑ. මං මුලින්ම නාට්‍ය උගත්තෙ පොත්වල පෙළ කියවලා. මෙහෙම යනකොට වැඩිහිටි නේවාසික ශිෂ්‍යයෙක් ගමට ගියාම ‘දේවතා එළි’ නාට්‍යය දැකලා තියෙනව. ඔහු ඒ අනුව අපේ දුප්පත් ස්ටේජ් එකේ ගුණසේන ගලප්පත්තිගේ ‘දේවතා එළි’ ළමයින් සම්බන්ධ කරගන හදලා පෙන්වන්ඩ තීන්දු කළා. ඉංග්‍රිසි සර් වික්ටර් මහත්මයත් අපට උදව් කළා. මං කළේ ‘මනෝශිල’ චරිතය.
අර සමිතියේදී අපි නොයෙක් නිර්මාණාත්මක ක්‍රියාකාරකම් කරන්ඩ ඕනෑ. එතැනදි පෙන්වූ යම්බඳු කුසලතාවක් තේරුම් ගෙනයි ගුරුතුමා මා ‘මනෝශිල’ චරිතෙට ගත්තෙ.
අපේ විදුහල්පතිතුමාත් හරිම අපූරු පුද්ගලයෙක්. එතුමා තමයි ස්කෝලෙ හුඟාක් දියුණු කළේ. කන්දක් උඩ තියෙන මේ ස්කෝලෙට කාලයකදි කන්ද උඩරට පුංචි සරසවිය කියලා නමකුත් පටබැඳුණා ඒ මහත්මයගෙ කාලෙ. එතුමා පිය සෙනෙහසින් හැම දරුවෙක් දෙසම බැලුවෙ. සුනිල් ශ්‍රියානන්ද සංගීත ගුරුතුමා මගේ ජීවිතයට එළියක් වුණා. ජන ගායනා නාද රටා ගැන මා උනන්දු කළේ එතුමාගේ සංගීත දැනුමයි.
අපේ පාසලේ සමිතිය සිංහල සාහිත්‍ය සමිතිය වශයෙන් මුල්කාලෙ තිබුණේ. ඒක රංග සභාව ලෙස වෙනස් වුණේ මගේ සභාපතිත්වයෙන්. අවුරුද්දකට සැරයක් අපි ප්‍රසංගයක් කරනවා. මේ ප්‍රසංගයේදී තමයි අපි අපේ ‘කලර්’ පෙන්වන්නෙ. අනෙක බෝයිස් හොස්ටල් ඩේ. හරිම අපූරු සුන්දර අත්දැකුම් ගෙනාපු දවස.
මේ නේවාසික දිනයේදී අපි මොකක් හරි අලුත් නිර්මාණාත්මක වැඩ කරනවා. එදා බ‍්‍රහස්පතින්දා දවසක් වුණත් මං අසනීප වෙන්නෙ නෑ. ඇයිද? දන්නවද එහෙම කීවෙ. බොහෝ වෙලාවට මං බඩ අල්ලගෙන බ්‍රහස්පතින්දාට හොස්ටල් එකේ ඉන්නවා. වැඩිහිටි ළමයින් ඇවිත් මට බඩේරුදාවට බෙහෙත් අරන් දීලා ගමට යවනවා. ඒ නිසාම සිකුරාදා සෙනසුරාදා ඉරිදා ඔක්කොම ගමේ සෙල්ලම් කරන්ඩ පුළුවන්නෙ. ඒ නිසා බොහෝ බ්‍රහස්පතින්දාට බඩේ අමාරුව. ටිකක් ගැටවරයා වෙනකොට එහෙම පැනලා ගිහින් තමයි සමහර විට නුවරටත් ඇවිත් නාට්‍ය චිත්‍රපට බැලුවෙ. අපේ ඉස්කෝලෙ නේවාසික සිසුවියන් ද වෙනම ගොඩනැඟිල්ලක ඉන්නා නිසා ‘ගර්ල්ස් හොස්ටල් ඩේ’ එකකුත් තියෙනවා. එදාට අපේ එකටත් වඩා හරිම රසවත් අත්දැකීම්.
ජයලත් පාසලේදී මිතුරන් සමඟ...
අපට වගාකරන්ඩ, උයන්ඩ පවා ගුරුවරු උගැන්නුවා. නේවාසිකාගාරයේ උඩහ පැත්තෙ ගොම පොහොර අහුලන්ඩ යන විදියට අපි පේර කඩන්ඩත් යනවා. වැඩිය පරක්කු වුණොත් කෘත්‍යාධිකාරිතුමා එනවා. මං ඉගෙනීමට මහත් දක්ෂකම් නොපෑවාට වැඩ ටික කරගන්නවා. ශිෂ්‍ය නායක වගේ තනතුරුත් තියෙනවා. කොල්ලොත් එක්ක හරි හරියට ගහගෙන කකුල් තුවාල වෙලා ගමට වෙලා ඉන්න වෙලාවක් තිබුණා. සෙනරත් සර් කියන්නෙ ඒකයි, මේකා හැම වැඩේම කරනවා. පාඩම් කරනවා, ගහගන්නවා, සෞන්දර්ය වැඩ කරනවා, රඟපානවා, ඒ වගේම මෙයා තරම් කෑම ටිකේ ලුණු ඇඹුල් බලන්ඩ දක්ෂයෙකුත් නෑ කියලා. මට අවශ්‍ය නම් අදත් උයාගන්ඩ වුණත් පුළුවන්.
එක් වතාවක් ශ්‍රියානන්ද සර් හම්බවෙන්ඩ කොළඹින් තරු ටිකක් කඩා වැටුණා. ශ්‍රියානන්ද සර් කොළඹ හේවුඩ් එකටත් ගියා කාලයක්. සංගීත විද්‍යාලයට. උපාලි අත්තනායක, නවනන්දන විජේසිංහ (අභිරූපනයට අතිදක්ෂයෙක්) අනුලා කරුණාතිලක වගේ අය. තරු අතින් අල්ලන්ඩ බෑ. ඈත ඉඳන් එළිය විඳින්ඩ පුළුවන්. ඉතින්! පේන මානයේ ඉඳලා සිහින මැව්වා. කොහොමද මේ වගේ කෙනෙක් වෙන්නෙ කියලා. මේ හීනයත් එක්ක රංග සභාවේ බොහෝ කටයුතු අපි ආසාවෙන් කළා.
ගොම පොහොර අහුලලා පැළ තවාන සකස් කරන්ඩ මාත් ලොකු වුණාම අර කන්ද නඟිනවා. වැස්සියො දිගේලි කරලා තිබුණු නිසා ගොම පොහොර හිඟ නෑ. ඒත් පේර කැඩිල්ලට වඩා ලොකු වෙනකොට මගෙ හිත ගියේ අයියලා පුංචි දවසෙ අප තනිකරලා පැන්න මාවත් හොයන්ඩ. බලනකොට ඒකෙන් රිකිල්ලගස්කඩ හන්දියට හොර පාරක් තියෙනවා. මාත් ඕකෙ රූටා ගිහින් ටික වෙලාවක් ඉඳලා ඇවිල්ලා හොරෙන්ම නේවාසිකාගාරයට යනවා.
ඒ කාලෙ හැම සඳුදාම ප්‍රින්සිපල් සෙනරත් සර්ගේ රැස්වීම. රැස්වීම පැවැත්වෙද්දි මං තවත් ළමයෙක් එක්ක මොනවදෝ කීවා. ටිකක් හයියෙන් සද්දෙ ආවා. සෙනරත් සර් දෙතුන් සීයක් ඉදිරිපිට දුන්නා මට කනේ පාරක්. ‘දේවතා එළි’ නාට්‍යයේ කලින් රඟපෑවට හැබෑවටම දේවතා එළි විතරක් නොවේ තාරකාත් මා දුටුවෙ එදා. එදා ගුරුවරයා මා හික්මවන්නට ගැසූ පහර නිසා අදත් මං විනය රකිනවා.
මං වගේම මගෙ පොඩි අක්කත් ශිෂ්‍යත්වෙ පාස්වෙලා මේ ඉස්කෝලෙ කාන්තා නේවාසිකාගාරයට ආවා. ලොකු අක්කා ගෙදර ඉඳන් ආවෙ. අම්මා හදලා එවන රසකැවිලි කොල්ලොත් එක්ක බෙදාහදාගෙන කන්ඩ අපි පුරුදු වුණා.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ මීටර 100, 200 ජවන හා පිටිය ක්‍රීඩාවලට ඉදිරිපත් වෙලා මාත් නිතර දිනලා තියෙනවා. ඇත්තටම මං ක්‍රීඩකයෙක් වෙයි කියලයි ගුරුවරුන් හිතුවෙ.
එක් වතාවක් ‘ගර්ල්ස් හොස්ටල් ඩේ’ එකට අපට ආරාධනා කරපු වෙලාවෙ හරි වැඩක් වුණා. සාමාන්‍යයෙන් එදාට ප්‍රණීත ආහාර බෙදන්නෙ ගැහැනු ළමයි. ඒ අය එදාට උයන්නෙ. අපේ හොස්ටල් ඩේ එකට අපි. එක මුඛරි ළමයෙක් දවසක් කියලා තිබුණා, අද අපි කොල්ලන්ට බලුකපුටු දානයක් දෙන්ඩ ලෑස්ති කළා කියලා. මේක දෙබරයට ගල් ගැසීමක්ම වුණා. මේකට කොල්ලො තරහ වෙලා කෑම වර්ජනය කළා. කොච්චර ගුරුවරු කීවත් පිරිමි ළමයි තමන්ගෙ අභිමානෙ ගැන හිතලා කන්ඩ ගියේම නෑ. මට අක්කා ගැන දුකත් හිතුණා.
අපට උඩරට නැටුම් ඉගැන්වුවෙ අමුණුගම ගුණසේන ගුරුතුමා. පසු කාලයක ඉස්කොලෙට ආපු ජී.බී.රාසිංගොල්ල විදුහල්පතිතුමාත් වේරගම සර් ආදීන් ද මතකයට නැඟෙනවා. වේරගම සර් ලී වැඩවලදි අපිට කැටයම්වල චමත්කාරය මවා පෙන්වූ කෙනෙක්. රේණුකා හේරත් හිටපු ඇමැතිනී, එස්.බී.දිසානායක ඇමැතිතුමා අපේ පාසලේමයි උගත්තේ. ඩොක්ටර් අරංකේබණ්ඩාර වගෙ අය තවත් ගොඩක් හිටියා. 1966 දි අපේ ස්කොලෙන් සරසවියට පාස් වෙච්චි 18 දෙනා අතර මාත් හිටියා. නේවාසිකාගාරෙ නීති නිසා නාට්‍ය බලන්ඩ ඈත යන්න බැරි වුණත් මං නුවරදි චිත්‍රපට නම් ඕනෑතරම් බලා තිබෙනවා. ඒ කාලෙ අපේ සිනමා වීරයා ගාමිණී ෆොන්සේකා.
පේරාදෙණිය කැම්පස් එකේදි පළමු වසරෙදිම මං චිත්‍රපටයක් රූගත කරනවා දැක්කා. ඒ හන්තානේ කතාව. ටෝනි රණසිංහ, මගේ සිත්ගත් නළුවා. ඒ කාලෙ කොල්ලො අතර ‘ටෝනි කට්’, ‘ටෝනි වෝක්’ ජනප්‍රිය වෙලා තිබුණා. පසුකාලයක ‘දෙලොවක් අතර’, ‘රන්සළු’ එනකොට ඒක වසංගතයක් වගෙ කැම්පස් එක පුරාම පැතිරුණා.
සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය අතරට මා පිවිසෙන්නෙ අර සිහිනය දිනාගන්ඩ. මං කොහොම හරි ඒ සිහිනය දිගේ ගමන් කළා. ඒත් ඒකට අවශ්‍ය විනය, වෙලාවට වැඩ කිරීම, දරා ගැනීම, බාධක ජයගැනීම මේ හැමදේම මට ආවෙ ස්කෝලෙන්. ඒ කාලෙ නුවර ඇසළ පෙරහර හඟුරන්කෙත පෙරහර, පොත්ගුල් විහාරය, අප අත්හරින්නේ නෑ. ඊටත් වඩා ඒ කාලෙට පොත්ගුල් විහාරය ළඟ සවිකරන ටෙන්ට් එකේ මාස 3ක් චිත්‍රපට පෙන්වනවා. මං හිතන්නෙ ස්කෝලෙ සරසවි පිවිසුම් පෙළ කාලෙත් අප ‘දෛව විපාකය’ ‘කැලෑහඳ’ වගේ ඒවා බැලුවෙ ඒ ටෙන්ට් එක යට.
මොන තරම් ජය කෙහෙළි නැංවුවත් අපිට පාසල් මතකය තරම් සුන්දර දෙයක් නෑ. අද අවුරුදු හැට පහකට ළංවෙලත් ඒ මතකය මා ජීවත් කරවනවා. පසුකාලයක සත්‍යය හා රමණීයත්වය පිළිබඳ පාඩම කලා ලෝකෙ නොයෙක් ඉසව්වලින් උගත්තත් පොරමඩුල්ල ස්කෝලෙ මට උගැන්වූ දේ ප්‍රබලයි. දැනට අවුරුදු 10කට පෙරත් අපි ආදි ශිෂ්‍යයො ටිකක් විනෝදෙට ඉස්කෝලෙට ගිහින් තරගයට දිව්වා. මා පුංචි කාලෙ දක්ෂ මීටර 100 ධාවකයෙක්. ඒත් එදා මම දිනාගත්තේ තුන්වැනි ස්ථානය. දෙවැනි ස්ථානය ගත්තෙ අද විදුලි ඉංජිනේරුවෙක් වන මුරමුදලිගේ. පළමුවැනි ස්ථානය දිනාගත්තෙ කවුද දන්නවද? එස්.බී.දිසානායක මැතිතුමා. තරගයට කී දෙනෙක් සහභාගි වුණාද? මම හදිසියෙන් මනෝගෙන් ඇසුවෙමි. පුදුමය කියන්නේ සහභාගි වුණේ 3 දෙනයි. මං තුන්වැන්නා. ඔහු හිනැහෙමින් කීවේය.