Saturday, December 19, 2015

සීතල නත්තල

සීතල නත්තල පැමි­ණී­මත් සමඟ ජේසු­තු­මන්ගේ උත්ප­ත්තිය සිහි­යට එයි. සෑම වස­ර­කම දෙසැ­ම්බර් 25 වැනි දින නත්තල සැමරේ. පුංචි ළමෝ නත්ත­ලට බෙහෙ­වින් ප්‍රිය කරති. ඒ නත්තල් සීයා අත හිත පිරෙන්න තෑගි බෝග ගෙනැ­විත් දෙන බැවිනි.
මේ කාලයේ නත්තල් ගස් ඇතුළු නොයෙක් සැර­සි­ලි­ව­ලින් නිවෙස් හැඩ වෙයි. ජේසු තුමා ඉප­දුණු බෙත්ලෙ­හෙමේ ගව ඔරුව සිහි­පත් කර­මින් මඩුවේ අනු­රු­වක් ද සාදති. නත්තල් කාලය ළඟා වන­විට නත්තල් සැර­සි­ලි­ව­ලින් කඩ සාප්පු ද අලං­කා­ර­වත් වෙයි. නත්තල් සාප්පු සවාරි යන්න­න්ගෙන් කඩ සාප්පු පිරී ඉතිරී යයි. මඟ දිග­ටම ඇති වෙන්නේ ජනා­කීර්ණ බවකි.
නත්තල ක්‍රිස්තු භක්ති­ක­යන් ගේ පම­ණක් නොව අන්‍ය ආග­මි­ක­ය­න්ගේද සතු­ටට හේතු­වකි. ඔවුහු ද නත්තල සතු­ටින් ගත කරති. විනෝද වෙති. විශේ­ෂ­යෙන්ම පාසල් නිවා­ඩු­වත් සමඟ එන නත්තල අප සැමගේ සිතට සතු­ටක් ගෙන දෙයි.

සඳ­මිණි සමාඛ්‍යා ජය­බාහු
7 ශ්‍රේණිය,
සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක වි.,
කොළඹ 7

http://silumina.lk/2015/12/20/_art.asp?fn=au151220

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි