Monday, December 21, 2015

ලොව වටා නත්තල් ~ රෝද සපත්තුවලින් පල්ලියට



නත්තල අත ළඟ හින්දා අද කියන්න යන්නෙ නත්තල හා සම්බන්ධ සිදුවීම කිහිපයක්. සිදුවීම් කිව්වට මේවා විවිධ රටවල නත්තල් චාරිත්‍ර. මෙම චාරිත්‍ර ඔබ සාමාන්‍යයෙන් අසා තිබෙන ඒවාට වඩා තරමක් වෙනස්. ඉතින් දැන් අපි බලමු මේ අපූර්ව චාරිත්‍ර මොනව ද කියලා.

රෝද සපත්තුවලින් පල්ලියට

වෙනිසියුලාවේ කරකාස් නගරයේ සෑම වසරකම දෙසැම්බර් 16 වැනිදා සිට 24 වැනිදා දක්වා උදෑසන 8 සිට සියලු පාරවල් රථවාහන සඳහා වසා දමනවා. මෙසේ කරන්නේ රෝද සපත්තු පලඳින්නන් හට මාර්ගයේ ඉඩ ලබා ගැනීමටයි.
මේ නිසා උදෑසන දිව්‍ය පූජා මෙහෙයන් සඳහා තදබදයකින් තොරව සියලු දෙනාටම සහභාගි විය හැකියි. එම නගර වැසියන් මේ දිනවල රෝද සපත්තු පැළඳ උදෑසනින්ම පල්ලි වෙත ගමන් කරනු දකින්නට පුළුවන්

http://www.silumina.lk/2015/12/20/_art.asp?fn=av15122015

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි