Friday, December 18, 2015

රෝස මල


අපේ ගෙදර මිදුලේ තියෙන
රෝස ගහේ දව­සක් දා
හරි ලස්සන මල් පොකු­රක්
පිපිලා තිබුණා
මී මැස්සන් සම­න­ලුන්
පියා­ඹා­විත් ඒ රෝස මලින්
රොන් අර­ගෙන රැඟුම් රඟා
යන්නට ආවා
ලස්සන තිබු­ණත් කෙත­රම්
එය නෑ සැමදා ඇත්තේ
ලස්සන නැති වූ දිනයේ
නැත කිසි­වකු පැමි­ණෙන්නේ
අප­ටත් කවදා හෝ මෙය
සිදු­වන බව රෝස පොකුර
මනාව පව­සයි අප හට
තේරුම් ගත යුතු­මයි එය
හිරු­දිනී කුමාරි විජේ­ති­ලක
10 ශ්‍රේණිය ‘කිව්’,
ඩඩ්ලි සේනා­නා­යක මධ්‍ය විද්‍යා­ලය,
තෝලං­ග­මුව.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි