Saturday, December 19, 2015

එවන් ගුරුවරු වෙත් නම්...!

දරුවන් ඉලක්ක කොට පවත්වනු ලබන නමුදු ශිෂ්‍යත්ව විභාගය මවුපියන්ගේ සිහිනයකි. බහුතරයක් දරුවන්ට එය උසුලාගත නොහැකි තරමේ පීඩනයකි.මවුපියන් මේ සිහිනය දකින්නේ දරුවන් වෙනුවෙනි. දරුවාට ජනප්‍රිය පාසලකට ඇතුළු වීමේ වරම ලබාදී ඒ මඟින් ඔහුගේ අනාගතයට මහඟු සහතිකයක් ලබාදීමේ අරමුණ වෙනුවෙනි. මේ අරමුණට ළඟාවීම සඳහා දරුවන් උසුලන බර ඔවුන් දකින්නේ දරුවන් වෙනුවෙන් තමා ඉටුකරන යුතුකමක් ලෙසිනි.

දරුවන් ඉලක්ක කොට පවත්වනු ලබන නමුදු ශිෂ්‍යත්ව විභාගය මවුපියන්ගේ සිහිනයකි. බහුතරයක් දරුවන්ට එය උසුලාගත නොහැකි තරමේ පීඩනයකි.මවුපියන් මේ සිහිනය දකින්නේ දරුවන් වෙනුවෙනි. දරුවාට ජනප්‍රිය පාසලකට ඇතුළු වීමේ වරම ලබාදී ඒ මඟින් ඔහුගේ අනාගතයට මහඟු සහතිකයක් ලබාදීමේ අරමුණ වෙනුවෙනි. මේ අරමුණට ළඟාවීම සඳහා දරුවන් උසුලන බර ඔවුන් දකින්නේ දරුවන් වෙනුවෙන් තමා ඉටුකරන යුතුකමක් ලෙසිනි. දරුවන්ගේ අනාගත සුබසිද්ධිය වෙනුවෙන් සිහින දකින මවුපියන්ට ‍ෙදාස් පැවරිය නොහැකිය. එහෙත් දරුවන් විඳින ගැහැටද නොතකා හැරීම කළ නොහැකිය.
දරුවන්ට ඉසිලිය නොහැකි, පීඩනයක් නොදැනෙන සේ ඔවුන්ගේ ජීවිතය සැලැසුම් කිරීමෙන් මේ අභියෝගය දිනා ගැනීමේ සූදානම ලබාදිය හැකි ගුරුවරු අප අතර වෙත් නම්...!
අලුත් ගුරුතුමිය එවැන්නියක දැයි විමසන්නට මම ඔබට ඇරයුම් කරමි.
මහනුවර කිංස්වුඩ් විදුහලේ හිටපු ආචාරිනි,
ළමා නාට්‍ය අනුමණ්ඩලයේ හිටපු සභාපතිනි,
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘතික කේන්ද්‍රයේ හා රන්වල පදනමේ නාට්‍ය උපදේශිකා කලාභූෂණ
ශාස්ත්‍රපති අමිතා රබ්බිඩිගල 

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි