Friday, December 18, 2015

දරුවන් රකින්න දරුවෝ බඹර කපති (වීඩියෝ සහිතයි)

මහනුවර ඔගස්ටා වත්ත ‘ටිකිරි ළමා සෙවණ‘ ළමා නිවාසය ඉදිරිපස අඹ ගසේ  මිටර් එකහමාරක් පමණ විශාල බඹරයක් බැඳ තිබීම හේතුවෙන් එහි සිටින කුඩා දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ සලකා එම බඹරය බිඟු සම්පත සුරැකීමේ සංවිධානය විසින් කපා ඉවත් කැරිණි.
මෙම ළමා නිවාසයේ කුඩා දරුවන් 44 දෙනකු වෙසෙන බව එහි ප්‍රධාන පාලිකාව කියන්නීය.
බිඟු සම්පත සුරැකීමේ සංවිධානයේ ලේකම් බණ්ඩාර තඹවිට ප්‍රකාශ කළේ එය විශාල බඹරයක් බවත් ලක්ෂයකට ආසන්න බඹරුන් සිටිය හැකි බැවින් මෙම ළමා  නිවාසයේ දරුවන් ගැන හා අසල්වාසීන් ගැන සිතා මෙය ඉවත් කළ බවයි.
බඹර කැපීමේ හසල අත්දැකීමක් ඇති පාසැල් සිසු සිසුවියන් වන මෙගා සමාධී, කළණි ආලෝකා, සදෙවූ රශ්මික යන තිදෙනා ද බඹරය කැපීමට දායක වූහ.
babara_2015121742 babara_2015121743 babara_2015121745 vlcsnap-2015-12-17-06h03m39s140

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි