තායිලන්තයේ පැතුම්තානි නුවර පැවැත්වුණු අන්තර්ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේදී
රටවල් 20ක තරගකරුවන් 367ක් පරදවා දකුණු පළාතේ දරුවෝ තිදෙනෙක්
රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගත්හ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විද්‍යා අංශයෙන් දරුවන් 12ක් තරගාවලියට සහභාගි වූ අතර
හොඳම ලිඛිත පරීක්ෂණයේදී ද රන් පදක්කම අප රටට හිමි වී ඇත.
දකුණු පළාත නියෝජනය කරමින් විද්‍යා අංශයෙන් ගාල්ල මහින්ද විදුහලේ සදලු තත්සර 6න් පදක්කම දිනාගත් අතර රිදී පදක්කම මාතර සුජාතා විදුහලේ මින්දි රෙබෙකා කළුආරච්චි දිනා ගත්තාය. ලෝකඩ පදක්කම ගාල්ල රිච්මන්ඩ් විදුහලේ කවීෂ දිව්‍යාංග දිනා ගත්තේය.
ඡායාරූපයේ වමේ සිට මින්දි රෙබෙකා කළුආරච්චි (රිදී පදක්කම) සදලු තත්සර (රන් පදක්කම) කවීෂ දිව්‍යාංග (ලෝකඩ පදක්කම) යන දරුවෝ තම පදක්කම් අතැතිව.
http://www.silumina.lk/2015/12/13/_art.asp?fn=au151213
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි